.

.

Jun 30, 2020

පොල් රොටි හා පෝක් කරි සමඟ පශ්චාත් කොරෝනා ආර්ථිකය




පෝක්දල ජයන්ත ආයේ හත්පොලේ ගාගෙන නාගෙන ඇත. මෙයාලා ඉපදිලා තියෙන්නේම ඇදගෙන නාන්නම විය යුතුය. මේ මාධ්‍ය උස්තාද්ලා කියපු වාහේලාය. අද උන් ඉල්ලගෙන කන්නේ සමාජ මාධ්‍යවල ඉන්නා, මාධ්‍ය උස්තාද්ලා විසින් දෙකයි පනහේ කොල්ලන් හා කෙල්ලන් කියා හැදින්වූ පිරිසගෙන්ය. දැන් ලියාපු ළිපි අන්තරස්දාන වෙලාය. මාධ්‍ය චන්ඩි නිකන්ම නෝන්ඩි වෙලාය. කලින් කෑවේ ෆේස්බුක් එකේ පොඩි කෙල්ලෙක් දාපූ පෝක් කරියක පොටෝ එකකට කෙලින්න ගිහිල්ලාය. මේ සැරේ කැවේ ප්‍රසිද්ධ චරිතයක් වන නිහතමානී ගායිකා උරේෂා රවිහාරිගේ පවුල් ජීවීතෙට උපදෙස් දෙන්න ගිහිල්ලාය.


ආර්ථිකය ගැන ලියන්න ගිහිල්ලා පෝක්දලයා මතක් උනේ මෙහි මාතෘකාවට පාදක වන පෝක් කරි හා පොල් රොටි වැඩේ පටන් ගත්තේ පෝක්දල මහත්තයාට පින් අත් වෙන්න බිහිවූ, අද සමාජිකත්වය ලක්ෂයක්ද ඉක්මවූ, බුකියේ ඉතා ජනප්‍රිය ලංකා “ඌරු මස් සංසදය” නිසාමය. ඌරූ මස් කෑම කල්ට් එකක් උනේ මේ සංගමය හරහාය. පොල් රොටි සමඟ පෝක් කරි බිස්නස් කන්සෙප්ට් එකේ පියානෝ හෙවත් සමාරම්භකයා වන්නේ එහි සමාජිකයකු වන ප්‍රවීණ ඡායාරූප ශිල්පි ඉන්ද්‍රනාථ තේනුවර මහතාය.

Image may contain: 1 person, outdoor


අද මෙය ලංකාව පුරා ව්‍යාප්ත වී අවසානය. පොල් රොටි හා ඌරූ මස් කෑම කෙසේ වෙතත් ඉන්ද්‍රනාථ තේනුවර හා අරගෙන බුකියේ දැමීමත් කල්ට් එකක් වෙලා තියෙනවාය. දැන් තියෙන්නේ බයියන්ගේ ආන්ඩුවක් වීම නිසාවෙන්දෝ උන්නැහේ බිසිනොස් එක පටන් ගන්නේ පිලියන්දල “බයි පාස්” රෝඩ් එකේය.

උන්නැහෙත් බයියෙක්ද කියන්න මාතලන් හරියට දන්නේ නැතිය එහෙත් කොරෝනාවෙන් කෙල උන කෙලවීමෙන් නම් වෙන්න ටොයියන් පවා බයියන් බවට පත්වී අවසානය. වෙන්න ටොයියෝ කියා කිව්වේ, ඔය ටොයියෝ කියා සිතා සිටිනා පිරිස උනුත් එසේ යැයි කියා සිතුවාට, හාල් ටිකක් ගනන් ගියත් පොලොවේ පස් කන සයිස්සෙකෙන් අඬනා අමු බයියන් පිරිසක් නිසාමය. කොරෝනා තියා මොන මළදානේ හැදිලා ලෝකෙටම කෙල උනත්, අඟහරු වල ගිහින් පදිංචි වෙන්න තරම් සල්ලි තියෙන රියල් ටොයියන්ට මේවා පයිසෙකටවත් ගානක් නැති දේවල්ය.

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කොවිඩ් 19 වසංගතය ලංකාවේ භාහිර සමාජයේ අති සාර්ථකව මැඩ පැවැත්වුවද, ලෝකය පුරා ව්‍යාප්තවීමේ කිසිඳු අඩුවක් ඇත්තේ නැති අතර බොහෝ රටවල දෙවන රැල්ලක්ද පටන් ගෙන ඇත්තේය. දැන් ඒ රටවල් කේරලය දෙස බලන්නේ නැතිය. අපිත් කේරලය දෙස බැලුවා නම් වෙන්නේ හොම්බෙන් යන්නය. කේරලය අද ඇදගෙනම නානවාය. එහෙත් දැන් ලෝක නායකයින් බලන්නේ ලංකාව දෙසත් නොව ඝෝඨාභය දෙසය. නවසීලන්තයේ ජසින්ඩා ආර්ඩන් නෝනා, ඔට්ටේලියාවේ ඉස්කොට් මොරිසන් මහත්තයා ඉතරක් නොව පකිස්ථානයේ ඉම්රාන් ඛාන් මහත්තයාද ඒ අතරේ ඉන්නවාය. අනෙක් උන්ටද වෙන්නේ අපේ සිස්ටම් එකට යන්නය.

ජනාධිපති තුමා එම කාර්යයේදි සාර්ථක වන්නේ ඊට සම්බන්ධ වූ පිරිසගේ අති මහත් කැපවීම නිසාම බව කොයි කවුරුත් දන්නවාය. දිවා රෑ නොබලා ඔවුන් කල කැපවීම නොවන්නට අපටත් වෙන්නේ ඇමරිකාවට වූ දෙයමය. එම නිසා ඒ සමස්ත පිරිසටම ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුමය. එහෙත් පශ්චාත් කොරෝනා සමයේ ආර්ථිකය ගොඩ ගැනීම සම්බන්ධයෙන් නම් ඒ සාර්ථකත්වය පේන තෙක් මානයක ඇත්තේ නැතිය.

මහ බැංකුවේ උන් රෙද්දේ රෙවෙන්නම ඉල්ලාගෙන කන්නේ මේ හේතුවෙන්මය. එහෙත් අද වන තෙක් ආර්ථිකය ගොඩ දැමීමට කිසිඳු යෝජනාවක් හෝ වැඩපිලිවෙලක් උන්ට ඇත්තේ නැතිය. ඒ උන් පුරුදු විදියය. “ද ෆිනෑන්ස් සමාගම” මහ බැංකුවට පවරා ගැනීමේදී තිබූ තත්වයත් එය බංකොලොත් වන විට පැවති තත්වයත් නිරීක්ෂණය කරන්නේ නම්, එම සමාගම විනාශ කළේ මහ බැංකුව බව ඕනෑම එකෙකුට පහසුවෙන් සොයා ගත හැක.

ජනාධිපති තුමා මේ කාරනයේදි අසාර්ථක බව කනගාටුවෙන් වුනත් ලියන්නම වෙනවාය. එතුමා නිතර කියනා… “මට වෙච්ච දේවල් වැඩක් නෑ….” කියන එක…. කම්බා හොරුන්ට ඉබ්බා දියට දැම්මා වගේ චෑන්ස් එකක්ය. ඔය හොරු ටිකත් එක්ක උන්නැහේ මේ රට ගොඩ ගන්නට යනවා නම් ඒක හීනයක් විතරය.

උන්නැහේ කළ යුත්තේ ඕවා හොයන්නම තියෙනා රාජ්‍ය ආයතනයන් වන විගණක දෙපාර්තමේන්තුව. අල්ලස් හා දූෂණ කොමිසම මෙන්ම, පොලීසිය හා අධිකරණයටද වහාම මොවුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස දැන්වීම පමණය. අනිවාර්යයෙන් උන්ට දඩුවම් කළ යුතුමය. නැත්නම් උන්ගේ මාෆියාව කුඩු කර දැමිය නොහැකි අතර උන් ඝෝඨා තියා පුටීන් ආවත්, මේ රට සංසාරේදි ගොඩ ගන්න නම් දෙන්නේ නැතිය.

අඩු ගානේ චෝදනා එල්ල වූ නිළධාරින් පූල් එකට හෝ දැම්මේ නැත්නම් සෞභාග්‍යයේ දැක්ම කෙසේ වෙතත්, මහා අභාග්‍යසම්පන්න ආර්ථික අවපාතයකට ගමන් කරනා එක නම් ඉර හඳ මෙන් විස්වාශය. අජිත් නිවාඩ් කබ් රාල් උන්නැහේ කියන්නාක් මෙන් ආර්ථික වර්ධන වේගය 1% කර ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්ය.

ළිපිය දිග වැඩි නිසා ලෝක ආර්ථික තත්වය හා විය යුත්තේ කුමක්ද යන්න තවත් ළිපියකින් දෙනවාමය…



ඒ වගත් මෙසේය….

10 comments:

  1. //අඩු ගානේ චෝදනා එල්ල වූ නිළධාරින් පූල් එකට හෝ දැම්මේ නැත්නම් සෞභාග්‍යයේ දැක්ම කෙසේ වෙතත්, මහා අභාග්‍යසම්පන්න ආර්ථික අවපාතයකට ගමන් කරනා එක නම් ඉර හඳ මෙන් විස්වාශය.//
    "චෝදනා එල්ල වූ නිලධාරීන්ගේ" කෙරුවාව ගැන ඔය තරම් විශ්වාස නම්, චෝදනා ඔප්පු වී රාජ්‍ය සේවයට නුසුදුසු දුෂිත පුද්ගලයෙකු යැයි උසාවිය මගින් සැකයකින් තොරව ඔප්පු වී, දඬුවම් ලැබූ පුද්ගලයාගේ කෙරුවාව කොහොම වෙන්න පුලුවන්ද ??

    ReplyDelete
    Replies
    1. සැකයකින් තොරව ඔප්පු වීම හා නොවීම අතරේ තියෙන්නේ ටෙලිෆොන් කොල් එකක තරම් සුළු වෙනසක් හෝ මහාදිකරනයෙන් අභියාචනාදිකරනයට උසස් වීමක් ගැනීම තරම් විශාල වෙනසක් වෙන්ඩ පුළුවන්

      Delete
  2. Is this white van Jayantha? How come he is still in SL? US/EU will take these good for nothing people and give them dole, so that they can use their free education (using our money)to criticize SL left right and center.

    Govt service need overhaul if we need to succeed as country. Singapore is a good example, they work 5.5 days a week. Our public servants first need to learn to be in the desk on time. (Wijebahu)

    ReplyDelete
  3. නොහුකා හිටින් විජේ

    ReplyDelete
  4. වන්නාටය... තවද එකල්හි.....

    ReplyDelete
  5. ආයතන දුවන්න දාපු අයගේ කෙරුවාව නම් වරායේ අද තත්වෙන් පෙනෙනවා. මීහරක් වෙනුවට එල හරක් දාගෙන නානවා. එතුමා මේ පැත් ත හදා ගත්තා නම් රට ගොඩ.. බිසිනොස් දුවන්න බිසිනොස් දන්නා අය දාන්න සර්...

    ReplyDelete
    Replies
    1. නැතුව එජාපේ උන්න බූරුවෝ දාන්නය

      Delete
  6. එතකොට කඩුගන්නාවේ එහෙම තියෙන පෝක් එක්ක පොල් රොටි කන්න තියෙන කඩ පටන් ගත්තෙත් ඉන්ද්‍රනාතට පස්සෙද? ගොන් කතා නැතුව හිටපන් මාතලන්.

    ReplyDelete
    Replies
    1. කඩයක් ගැන කොහෙද මී හරකෝ කතා කරලා තියෙන්නේ. මේක මොකක්දවත් කියලා නොදන්න මීමෙක්

      Delete
    2. ගොනා උම්බෑ නොකිය මොනා කියට අය්යා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න