.

.

Sep 10, 2020

හරක් මස් ආනයනය කර හොරෙන් කහ ගමු

 


අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළයේය.

(දැන් එන්න යන්නේත් ඒ වගේ එකක්දෝ කියා සැක හිතෙනා තරමට ජීවන වියදම ඉහළ ගිහින් තියෙනා බව ඝෝඨාභය සර්ට කියන්න එකෙක්කත් ඇත්තේ නැද්දෝ කියා වෙලාවකට හිතෙනවාය… කොහොමත් බලේ තියෙනා කොට මොළේ නැතිවෙනවා කියන කතාව නම් ඇත්ත බව නැවතත් ඔප්පු කරමින් පවතිනවාය.)

ඒ කාළේ හාල් පොලු දමා, බත් කන එකත්, දවස් දෙකකට නවතා දමා තිබුනත්.

“මන්දපෝෂණය” කියා එකක් තිබුන බවක් නම් මතක ඇත්තේ නැතිය.

කෙසේ හෝ එහෙම එකක් තිබ්බා නම්, ඇමරිකාණු රජයෙන් ඉස්කෝලේදි නොමිලේ ලබා දුන් ඇඳිහස ඉස්කෝතු හයෙන් බඩගින්නේ ඉන්න උන් ගොඩ ගියේය.

මට ලැබුන ඉස්කෝතු හය, දිනෙන් දින වෙනත් වෙනත් හය දෙනෙකුන් අතරේ බෙදා දුන්නේ, එකක්, දන් දී ලබනා ඉහ වහා යන ප්‍රීතියය. අනෙක ක්‍රෂ් එකක් තිබුන මල් වාගේ කෙල්ලෝ මගෙම කර ගැනීමය.

කෙසේ හෝ ඒ කාළයේ සෑම නගරයකම හරක් මස් වෙළඳ සැලක් තිබුනේය. මේ කඩයද ඕනෑම ප්‍රදේශයකදි ලේසියෙන්ම හඳුනා ගත හැකි ආකාරයට සෑම කඩයක්ම එකම ඉට්ටැයිල් එකකට සාදා තිබුනි.. කඩය තුල කොක්කේ එල්ලා තිබූ මස් පිටතට පෙනුනේ වෙළඳ සල ඉදිරියේ ඇති ඉඩසැක් තබා හරහට දමා තිබූ රීප්ප පටි අතරින්ය. කුකුල් මස් මිළ අධික කෑමක් වූ අතර ගෙරි මස් ඉතා ලාබයට ගත හැකි විය.

ගහල කොල වල ඔතා ගෙනෙනා මස් කුට්ටිය, කුඩා කෑලීවලට කපා, තුනපහ මිරිස් දමා හදනා හොද්ද, දිව්‍ය භෝජනයක්ම විය. ඔනෑම හෝටලයක හරක් මස් දීසීයක් වැරදුනේ නැත.

කුකුල් මස් ඒ කාළයේ ලක්සිරි කෑමක් වූ අතර, චිකන් ගෙවල් වලට ආවේ සුළු හෝ මහා පරිමානයේ උස්සව අවස්ථාවකදී ඉතරය.

අපේ රට දිගා බලාගෙන මැරෙන්නේවත් නැතයි කී ධර්මපාල නම් උත්තමයෙක් සුද්දාගෙ කාළයේ ගෙරි මස් කන්න එපා කිය කියා රට වටේ ගියද, ඉන් පලක් නොවූයේ, ඒ උන්නැහේ ආමන්ත්‍රණය කල විදියට හරකා මොකාද කියා මිනිස්සුන්ට තේරුම ගන්න බැරි උන නිසා වෙන්න ඇතිය.


අද අපේ රට මන්ද්පෝෂනයෙන් පෙලෙනා රටක් බව නොදන්නා එකෙක් නැතිය.

හින්දු ආගමේ ඇති විගඩමක්, අපේ උන්ට ආවේ කෙසේදෝ කියා මතකයක් නැතත්, බොහෝ අය කියන්නේ කාළයකට පෙර ආ ඊශ්වර විංසතිය නම් පට්ට පල් බොරුවකට රැවටුන සිංහළ බෞද්ධයෝ අමු ගුලියක් ගිලලා තියෙනා බවය.

දැන් කලකට පෙර චීවරයක් ඇඳි බුදු පුතෙක් දළඳා මාලිගාව ඉදිරිපිට සෙල්ෆ් බාබේකිව් එකක් දමා, උන්ගේ මස් කන්නට එපා කියා අපායට වැඩි සේක.

මා නම් හිතන්නේ,

හරක් මස් වලට කෙලින්න යන්නේ, නම සඳහන් කළහොත් බුකියේ මාසයකට තහනම් වන ප්‍රජාවේ ප්‍රධානම ආහරයක් හා වෙළඳාමක් වන නිසාමය.

මන්ද හරක් මස් වලට විරුද්ධව කතා කරනා අය සියල්ලම වාගේ ඒ ජන කොට්ඨාශයට විරෝධි කඳවුරේද මුල් පෙලේ සිටිනා උන්නැහේලාය.

චීවරයට මුවා වී මේ බුදු පුතුන් කරනුයේ නිර්මළ බුදු දහමද කාබාසීනියා කර දැමීමය.

එ ප්‍රජාවේ උන් හරක් මස් කොටාබා ජෝර් එක වැඩි වී. පෝලිමේ පැටව් දමා, ජනම් එක වැඩි කර ගන්නවා නම්,

අපි කළ යුත්තේ, චිකන් කකා පුස් බට්ටෝ වෙන්නේ නැතිව, ඒ සෙට් එක වාගේම හරක් මස් ඇදලා අරින එකය. ඒ වෙනුවට බීෆ් ෆ්ලේවර් සෝයා හෝ පිඳුරු වාගේ දඩයම් බට්ටෝ කෑවා කියා ජෝර් එක නගින්නේ නැතිය.

මොකෝ මරන්නේත් එයාලාම නිසා, අපිට පව් ඇත්තේත් නැතිය.

නමුත් පෝෂණය ලැබෙනවාය.

පොඩි උන්ට හරක් පීකුදු කියන්නේ.., ලේ හා බුද්ධිය වඩනා ආහාරයක්මය.

අප පොඩි කාළයේ පීකුදු වෙනම රැගෙනාතර, ඒවා විවිධාකරයට සකසා කන්න දුන්නේ, පොඩි උන්ට ඉතරමය.

හාන්දුරවන්ගේ පද වලට නටනා පාලයකයන්ද මේවාට සපෝට් එක දීම විහිළු සහගතය.

ලංකාව නැවුම් එළකිරි වලින් පෝෂණය කළ යුතු නම්,

අනිවාර්යයෙන් හරක් මස් වෙළඳාමද ප්‍රවර්ධනය කළ යුතුමය.

එවිට දැනට ඉහළ අගයක තිබෙනා හරක් මස් මිළද, පහළ යනු ඇත.

කුඩා දරුවන්ගේ මන්ද පෝෂණයද නැති වෙලාම යනවා ඇතිය.

බෞද්ධ ගම් වල ගවයින් ඇති කිරීමේ මොකක් හෝ එතිකල් මෙව්වා එකක් තියෙනවා නම්,මහා පරිමානයෙන් අර විශේෂ ප්‍රජාව බහුලව වෙසෙන ප්‍රදේශවල හෝ එළකිරි කර්මාන්තය හා ඒ හා අනුබද්ධිත ගව මස් වෙළඳාම ප්‍රවර්ධනය කල යුතුය.

එහෙම නැතිව

එක එක පිරිස් සතුටු කිරීමට මේ ප්‍රෝටීන් බහුල ආහාරය තහනම් කිරීම හෝ පාරිභෝගිකයා වැඩි මිළක් දී මිළදී ගන්නා තත්වයකට පත් කරන්නේ නම් ඉන් සිඳුවන්නේ අප රටේ මන්දපෝෂණය තව තවත් ඉහළ යන එකම පමණි.

ඊයේ පාර්ලිමේන්තුවේදි නළුවෙක් කියා ඇත්තේ බඩ ඉරිඟු කන්නය කියලාය.මිනිස්සු චන්ද දීලා එයාලා ඔය ගවගාලට එවන්නේ එයාලා කන බොන දේවල් අපිට කන්න උගන්වන්න නෙමේය. එයා හිතනවා ඇත්තේ කතානායක තුමා පාපිස්සකුත් ඔළුවේ දාගෙන ඔතන ඉඳගෙන ඉන්නේ එයා සිනමා පත්තරවලට කියනා ගොන් ආතල් අසන්නටෙයි කියලා වෙන්න ඇතිය.මිනිස්සු එයාලා එවන්නේ ඒවාට නොව මිනිස්සු කැමති දෙයක් කාලා බීලා හැමිනිලා නිවී සැනසිල්ලේ ඉන්නය.

ඔය කියනා බඩ ඉරිඟුවල තියෙන්නේ පරිප්පු වලටත් වඩා අඩු ප්‍රෝටීන ප්‍රමාණයක් බව ඒ උන්නැහේ දන්නේ නැතිව ඇතිය. ඒ වාගේම හරක් මස් වෙනුවට කුකුල් මස් කන්න ඒකෙත් ඒ ප්‍රෝටීන් ප්‍රමාණයම තියෙනවා කියා කෙනෙකු කියන්නට පුළුවන්ය.

එහෙත් කුකුල් මස් කියා අපට කවන්නේ ඔරිජිනල් කුකුල් මස්ද එහෙම නැත්නම් පිලිකා කාරක අඩංගු හෝමෝනද කියා එකෙක්වත් මේ වෙනතෙක් පරීක්ෂණයක් පවත්වා ඔප්පු කර නැතත් ජනතාව අතරේ එහෙම මතයක් තියෙනවාය.

ආන්ඩුව, රට කිරිවලින් ස්වයංපෝශිත කරන බව බැසිල් මහත්තයා කිව්වේ ඊයේ පෙරේදාය. ආනයනය කරනා ආහාර සියල්ලම මෙහේ හදන්නෙයි කියා ජනාධිපති තුමා හැමදාම කියනවාය. මිනිස්සු ඒ නිසා කහ ගන්න විදියක් නැතිව පුක කහ කහ ඉන්නවාය.

කිරි සඳහාම පමණක් ගවයින් ඇති කරනා රටක් මා නම් ලෝකයේ දන්නේ නැතිය. ගවයා ඉන්දියාවේ දෙවියා වූවද, ලෝකයේ ගවමස් අපනයන කරන රවල් අතර ඉන්නේ 3 වන ස්ථානයේය. එය ඒ රටේ ප්‍රධානම අපනයන්ගෙන් එකකි.

කිරි සඳහා ඇති කරනා හරක් අපනයනය සඳහා කටයුතු කරන්නේ නම් ආන්ඩුවේ වැඩ පිලිවල අප අගය කළ යුතුය. මන්ද දේශීය වෙළඳ පොලට වඩා ජපානය හා වෙනත් රටවල් ඉලක්ක කරගෙන බටර් හා කිරිපිටි නිශ්පාදනය කරනා බව පැලවත්ත සමාගම පැවසුවේ ඊයේ පෙරේදා නිසාය.

එහෙත් පැවති මිළට වඩා ගවමස් ප්‍රිය කරනා පාරිභෝගිකයාට මස් මිළදී ගැනීමට සිඳුවන්නේ නම් එය ආන්ඩුව අප්‍රසාදයට පත්වන කාරනයක් බව අමුතුවෙන් ලියන්නට ඕනා නැතිය.

අවසාන වශයෙන් කිය යුතුව ඇත්තේ, මේ රට බෞද්ධ රාජ්‍යක් වුවද සියල්ලෝ පරම විඥ්ඥාර්ථවාදී බෞද්ධයෝ නොවේය කියලාය.

22 comments:

  1. කොමෙන්ට් කරන්න එනකොට දැක්කේ.. නෝ කමෙන්ට්ස්! නිසාද මංදා. :/

    ReplyDelete
  2. ගව ඝාතනය වලක්වා කිරිනිෂ්පාදනය දෙගුන කිරීමට ක්‍රමයක් ඉදිරිපත්කරමි:
    ඉපදි දින කීපයකින් පිරිමි වසුපැටවුන්ගේ වෘෂණ ඉවත්කර ඒවා කොම්පෝස්ට් පොහොර සෑදීමට දමන්න.
    ඉන්පසු ඔවුන්ට සුදුදු මාත්‍රාවකින් ස්ත්‍රී හෝමෝන ලබා දෙන්න. මේ සඳහා යොදාගතහැකි අළුත්ම තාක්ෂණය වන්නේ හෝමෝන ගබඩාකර සුදුසු පරිදි මුදාහරින ඉලෙක්ට්‍රොනික චිපයක් වසුපැටවාතුල රෝපනය කිරීමයි.
    වසුපැටවා වැඩුනුපසු ඌට කිරි නිපදවීමට අවශ්‍යවන හෝමෝන ලබාදෙන්න.
    මේ ක්‍රමයෙන් සෑම වසු පැටවෙකුගෙන්ම කිරි ලබාගත හැක. එමගින් කිරි නිපදවීම දෙගුන වෙයි.

    ReplyDelete
  3. Respect Sir gaga idapan chande dunna nam

    ReplyDelete
  4. හරක් මස් කතා
    එනකොට ඉහළට
    ප්‍රේමලාල් කතා
    ගිලී ගිය සේක
    පතුලට


    ReplyDelete
    Replies
    1. හරක් කැමති නෑ උන්ගේ මස් කනවට

      Delete
  5. මොකෝ දේශද්‍රෝහියෙක් වෙන්න ඕන වෙලාද , හරක් මස් කන්න ඕනේ නම් වෙන රටකට යන්න අපි වගේ හේ හේ කන අය කාපු දෙන් නොකන අය නොකාපු දෙන් කියන එකයි මගේ ප්‍රතිපත්තිය , හැබැයි ස්ටේක් එකකට හරිම කැමතියි , පබ් ගියොත් කන්නේ ඒක විතරයි

    ReplyDelete
    Replies
    1. මම කාපු රසම ස්ටේක් එක කාලා තියෙන්නේ සෙලින්කෝ එකේ ඉද්දී ආකාස කඩේ රෙස්ටොරන්ට් එකේ.....

      Delete
  6. රනිල්ගේ ගූ කාපන් ගුතලන් පොන්නයා. තෝ UNP ලෝල්ලාට ඕනි දේවල් කරන්නේ නෑ. තෝත් රනිලා වගේම පොන්නයෙක් ගෑනිට හුකාගන්න බැරි.

    ReplyDelete
  7. ජයන්ත චන්ද්‍රසිරි එක්ක යන යම් සාපයක් තියෙනවා.
    බලන්න එයාගේ නිර්මාණවලට සම්බන්ධ වෙන අය හැමෝටම මොකක්හරි බාල්දියක් පෙරලෙනවා.
    තාම බේරිලා ඉන්නේ ජැක්සන් සහ ශ්‍රියන්ත විතරයි.
    දඬුබස්නාමානයේ කරාටි කාරයට මිනීමැරුම් නඩු වැටුනා.
    වෙද හාමිනේ අකාලේ මලා
    කමල් අද්දරආරච්චිට නඩු වැටුනා.
    දමිතා, යශෝධාට කසාද කරගන්න බැරිවුනා

    අන්තිමටම සමනල සංධ්වනියේ වයලීන් ගහපු එකත් අකාලේ මැරුනා.

    දැන් ඊලඟ කෙනාට සාපෙ වැදිලාද මන්දා?

    ඊලඟට කාවින්ධ්‍යා.

    ReplyDelete
  8. අනේ මන්දා බන්....පරිසරය ටත් කෙලවගෙන එනවද කොහෙද ගොන් හැත්ත මොනවා කරනවද මන්දා

    ReplyDelete
    Replies
    1. දැනට නම් නානවා කියලා තමයි කියන්න තියෙන්නේ

      Delete
  9. අපේ එකෙක් හිටියා ඌට කොලෙස්ටරෝල්.... ඒ වුනාට තම්බි එක්ක මලටම ඌ උන් ඉස්සරහ පෝක් කනවා. ඉතිං බලප'...

    ReplyDelete
  10. Awurudu gaanakata kaling maathalan blog aka aasawen kiyewwemi. Eth dan kaalekata passe kiyawanakota maathalan hondatama anti-Muslim welaya. Ay kiyala danne natha eth dukai. But good luck. Puluwannam me comment aka daala ahapu prasneta utthareth daana. Tharaha naha brother eth dan blog eka wenas. A muslim. Thanks.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න