.

.

Nov 21, 2020

ප්‍රී බජට් ඩිබේට් හා බුද්ධික පතිරණ



මහින්ද මහත්තයා විසින් බජට් එක ඉදිරිපත් කරපු ගමන් මාතලන් බුකියේ ලීවේ… මේක පතෝල අයවැයක් කියලාය… ඒ එහි ඇති ගුණයක් මෙන්ම අගුණයක්ද නැති නිසාය..

ඉන් පස්සේ ලිව්වේ… අයවැය ගැන විශ්ලේශණ, සාකච්ඡා හා වාද විවාද තියනා හැම එකෙක්ම ගන්නේ අමු ගොන් ආතල් එකක් කියලාය…

සාමාන්‍යයෙන්.., මාතලන් ඔය අයවැය, මැතිවරණ ප්‍රකාෂණ මෙන්ම මහ බැංකු වාර්ථාවවත් පිලිගන්නේ නැතිය…

ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වලට වඩා රසවත්ය… මන්ද.., එයාගේ කතාවලින් ආතල් ගන්නේ පොඩි උන් පමණක්ම උනාට… මේවායෙන් ආතල් ගන්නේ රටේ ඉන්නා මහා ලොකු බිස්නස් කාරයෝ, ඉකොනොමිස්ට්ලා හා ආර්ථික උස්තාද්ලා නිසාය….

(මෙවර බජට්ටුව ගැනත්… දෙරණ චැනල් 24 එකේ ඉන්ගිරිසියෙන් ගිය මේ වාගේ ගොන් “ෆෝරම්” එකක් බලා මාතලන් නම් පට්ටම ආතල් එකක් ගත්තේය…)

මොකෝ ඒවායේ කියනා විදියට අපේ රට හැදුනා නම්…, අද වෙනකොට එංගලන්තේ රජ පවුල රෙසිඩන්ස් විසා අරගෙන ඉන්නේ මෙහේය… බෲනේයි වල සුල්තාන් ඉන්නේ මෙහේ එපාර්ට්මන්ට් එකකය… පැරදිලා කෙලවෙච්චි ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝල්ෆ් ගහන්නේ බොරැල්ලේ කනත්ත පිටිපස්සේය…. අරාබියේ සුල්තාන්ලා අපේ ඩැයිවර්ලාය… බෙවර්ලි හිල්ස් වල සුද්දියෝ මෙහේ හවුස් මේඩ්ලාය…

ඊයේ මාතලන්ගේ මේ අදහස් ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ සභාගත වූයේය… ඒ බුද්ධික පතිරණගේ අයවැය කතාවත් එක්කය.. (අනෙක් හැම එකාම කලේ සුපුරුදු පරිදි කුණුහබ්බ හා මඩ ගසා ගැනීම් පමණමය…)

උන්නැහේ මේ ටික යස අපූරුවට කීවා පමණක් නොව…, කතානායක මේසේ තියෙන ඉස්ටොප් වොච් එකත් බොරු බව කීවේය..

ඒ උන්නැහේගේ කතාව මැද්දේ… “යූ හෑව් ටූ මෝ මිනිට්ස්…” කියූ කතානායක අසුනේ ඉන්නා ටයිම් කීපර්ටය.

අයවැය විවාද කිසිම තේරුමක් නැති දෙයක් බවත්… මේක නිකන් ගොන් ආතල් එකක් බවත්… මේ ටිකේ මැති ඇමතිවරු.. ආර්ථික උස්තාද්ලා මෙන්ම මාජ්ජකාරයෝද අමු ගොන් ආතල් එකක් ගන්නා බවත්… මේකෙන් පස්සේ පාර්ලිමේන්තුවට නිවාඩු දෙන බවත්… ඊට පස්සේ බජ්ට් එකේ එවා…, එකෙක්ටවත් මතක නැති බවත් ඉතා වදගත් ආකාරයෙන් සරළව හා පැහැදිලිව උන්නැහේ පෙන්වා දුන්නේය….

මේ සැමට වඩා ඉතා අපූරූ යෝජනාවක්ද උන්නැහේ කලේය… ඒ ලෝකයේ දියුණු රටවල කරනවාක් මෙන් ප්‍රී බජට් ඩිබේට් (Pre – Budget Debate) එකක් තියන්න ඕනෑ කියාය…

ඒ කියන්නේ ගිය වසරේ බජට් එකෙන් කියු සුරංගනා කතා කොච්චර්ක් ඉටු වෙලා තියෙනවාද…? කොච්චරක් අමු පචද යන්න ගැන කතා කිරීමය…. (හැබයි ඉතින් එහෙම ඉකක් තිබ්බොත් නම් ආන්ඩු පක්ෂේ ඒවුන්ට පාර්ලිමේන්තු එන්න වෙන්නේ නිර්වස්තරෙන්ය…)

ඇත්තටම සිස්ටම් චේන්ජ් කියා විය යුත්තේ මේවාය… මේ ආන්ඩුව උනත් පට්ට ෆේල් කියා ප්‍රොපගැන්ඩාවක් යන්නේ නිකන්ම නෙමේය…

මිනිසුන්ට දැනෙනා වැඩක් කරනා මැති ඇමතිවරුන් ඉන්නේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු පිරිසක්ය…

මේ බජට් යෝජනා… යෝජනා ලෙස නොව ටාගට් ලෙස හැම එකාටම දිය යුතුය… ඒවා දීර්ඝ කාලින හා කෙටි කාලීන විය යුතුය… දීර්ඝ කාලීන කීවේ වසරක ටාගට් එකය… කෙටි කාලීන කීවේ මාසිකව අත්කර ගන්නා ප්‍රගතියය.. සෑම මාසයකම ඒවායේ ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් සොයා බැලිය යුතුය… ටාගට් කවර් කරන්න බැරි මීමුන් එලවා දැමිය යුතුය…

මේ රටට කෙලවෙලා තියෙන්නේ මෙන්න මේ සුළු කාරනය හරියට මැනේජ් කරගන්න පුළුවන් නායකයෙක් ආපු නැති නිසාය….

පෞද්ගලික අංශයේ සාර්ථකත්වයටත්…. ආන්ඩුවල අසාර්ථකත්වයටත් හේතුව මෙම කාරනය සිඳු නොවීම මිස.. වෙන කිසිඳු හේතුවක් නොවේ…

කොටින්ම ෆේල් ඒවුන්ට ඊළඟ වාරයේදි නොමිනේසොන් නොදී අළුත් එකෙක්ට අවස්ථාවක් දීමෙන් වැඩ කරන්නේ නැති එකාත් වැඩ කරන්න පටන් ගන්නේය…

මේ ආන්ඩුවේද ඉන්නා සම හරක් ඇමතිවරු 1994 ඉඳන් ඇමතිකම් වල ඉන්නා උන්ය.. උන් කලේ මක්කාද කියා ඇසුවොත් කියන්නට කිසිම දෙයක් ඇත්තේ නැතිය… ඒත් සිනියෝරොටි නිසා උගේ ඇමතිකම නාමල්ගේ ආන්ඩුව යටතේද තහවුරුය…

ජනතාව මළ විකාර කියන්නේ මේවාටය… ජෙප්පෝ අවුරුදු 72 ක් ගැන විවේචනයක් ගෙන එන්නේ මේ විසූක දස්සන නිසාය… මේවා දැන් ජනතාවට අරහංය…

සිස්ටම් චෙන්ජ් කියා…. මේ මළහෝන්තු සමඟ පුරුදු ලබ්බේ තොයිලේ දිගටම නටන්නේ නම්…

මේ ආන්ඩුවටත් අබ සරණමය…..!!!


ඒ වගත් මෙසේය……….


21 comments:

  1. කතාව ඇත්ත මාතලන්, කෙනෙකුට මොනවා හරි ගෝල් එකක් තියෙන්න ඕන. දැන් මම හිතන් හිටියොත් මේ කොවිඩ් දහනමය වසංගතය ලබන අවුරුදු දහයේම තියෙනවා කියලා මාත හිතනවාද මාව වුණත් ඔරොත්තු දෙයි කියලා. එහෙනම් එදාට කරන්න ඕනේ වැඩ ටික අද කරන්නට වෙනවා. දැන් බලන්න ක්‍රීඩා පිටියක දුවන්න සියලුදෙනා ලැස්තිවෙලා ඉන්නකොට වහිනවා. දැන් දුවන්න පුළුවන්ද? හැමෝටම ඉවසීම තියෙන්න ඕනේ වැහැලා ඉවර වෙන තුරු. වැහැලා අවසන් වුණාට පස්සේ පිට්ටනියේ වතුර නම් ඒත් දුවන්න බැහැ. අපි කියමුකෝ මැලේසියාව වගේ රටක් වහනවා. දැන් මාස දෙකක් වැහුවාට පස්සේ අමෙරිකාවෙන් ඒ කොම්පැනියෙන් බඩු ගන්න මිනිහාට ඉන්න පුළුවන්ද? ඊළඟට බලනවා ලෝකේ ඇරලා තියෙන්නේ කවුද කියලා. අපි වගේ එක්කෙනෙක් නම් ඇරලා තියෙන්නේ ඒ බඩු ටික ඒ අයට දෙන්න කැමති වෙනවාද? නැහැ. ඔයාට බඩු ගන්න කැමති නම් ලබන අවුරුදු තුනකට ගිවිසුම ගහන්න. එතකොට අපි බඩු දෙන්නේ, එක බඩුවක් ඉල්ලුවා කියලා එහෙම දෙන අය නෙමෙයි අපි. එතකොට අර මැලේසියාවේ තියෙන ඕඩර් එක කැඩිලා ලංකාවට එනවා. දැන් මාස දෙකකින් පස්සේ අපි ඕපන් කරනවා. ඒයාට ඕඩර් එක තියෙනවාද? මම ඒකයි කියන්නේ, වහන එකට සම්පූර්ණ විරුද්ධ ඒකයි. එදිනෙදා වැඩ කරලා ජීවත්වෙන මිනිහෙක් ඉන්නවා. දැන් ඒ මනුස්සයා ගෙදර ඇතුළටවෙලා හිටියොත්, ජීවත්වෙන්නේ කොහොමද? ඔයාට හොඳටම බලන්න පුළුවන් පළමු කාර්තුවේ. රජයේ ආදායම 456යි. ඒක අර වහපු ගමන් අඩුවෙනවා 250ට. ඒ වගේම රට වහලා ජනතාව සුරකින බව කියන්නේ. ඒත් ඒ සුරක්ෂිතභාවයත් සමඟ මේ මිනිස්සු කන්න නැතුව මියයනවා නම් එතකොට මොකක්ද කරන්නේ? දැන් වුණාත් මේ තැන් තැන් වහලා තියෙන්නේ අයි? ඒකේ තියෙනවා නම් ස්ප්‍රේඩ්වෙයි කියලා බයට පාලනය කරන්න වහලා තියෙනවා. එතකොට ඉකොනොමි එකට ඉම්පැක්ට් එකක් වෙනවා. හැබැයි ඉකොනොමි එක නැති නොවෙන්න ඕන.

    දැන් මාතම හිතන්න බලන්න රටම වහනවා, ආදායමක් නැහැ. දැන් අර බැංකු ටික අය සල්ලි දෙයිද අපිට? එතකොට ජීවත් කිරීමත් එක්ක තමයි. මේ රට මේ විදිහට හරි දුවාගෙන ජීවත් කරවන එකනේ මේ කරන්නේ. ඇයි බොරුද?

    ReplyDelete
    Replies
    1. ධම්මික පෙරේරගෙ ඉන්ටර්වීව් එක

      Delete
  2. හොඳ පෝස්ට් එකක් මාතේ, ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන විග්‍රහයක් ඉදිරිපත් කරද්දී මම හිතන්නෙ ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ සංවර්ධනය පිළිබඳ ප්‍ර‍ශ්නයකටත් වඩා විනය පිළිබඳ ප්‍ර‍ශ්නයක්.

    උදාහරණයක් විදියට ලංකාවේ මිනිසුන් පාරේ පයින් ගමන් කළ යුතු පැත්ත හෝ දන්නෙ නැහැ. තුන්මුල්ල හංදියේ කහ ඉර ගාව සිටි පොලිස් නිලධාරියා ඊයේ උදේ මා එතන සිටගෙන සිටි විනාඩියක විතර කාලය තුළ මාස්ක් එක පහත් කර හතර වතාවක් පේමන්ට් එකට කෙළ ගැහුවා. ගෙදර යනකොට ඒසී බස් වල මාස්ක් වැරදි විදිහට දාලා වායුගෝලයට කිඹුහුම් මුදා හරිනවා. වාහන පදවන්නේ රියදුරන්ට වඩා චණ්ඩි. බොහෝ රජයේ කාර්යාලවල විතරක් නෙමෙයි, ඇතැම් පෞද්ගලික සමාගමකින් පවා අදාළ නිලධාරියකුගෙන් තොරතුරක් ඇහුවත් ඒගොල්ලන් උත්තර දෙන්නෙ තරහින්. කෑම විකුණන කඩවල වැඩ කරන අය පස්ස කහ කහා කෑම අතගානවා.

    හැබැයි මේ මිනිසුන්ම වුණත් හොඳින් විනයක් සහිත රටකට ගිහින් දැම්මොත් හොඳට හැසිරෙන්නට දන්නවා. අපේ මිනිසුන්ට එහෙම වෙලා තියෙන්නෙ ඇයි?

    මේ මිනිසුන්ගෙන්ම ඇහුවොත් කියයි රටේ නීතිය ක්‍රියාත්මක නො වෙන එක තමයි හේතු කියලා. හැබැයි, නීති කඩනවා ද බලන්න හැම මිනිහෙකු ම පිටුපසින් පොලිස් නිලධාරියකු දමන්නට රජයකට පුළුවන්කමක් නැහැ. ඇයි අපේ මිනිසුන්ට බැරි තම තමන් නීති ගරුක වන්නට?

    ස ෆේල් කියලා සියල්ලට වගකිව යුතු ආණ්ඩුවය කියන අදහසත්, හැම දෙයකට ම ආණ්ඩුවට බැනීමත් හරිම සුලබව දැකිය හැකි තත්වයක්. හැබැයි, මේ බොහෝ දෙනෙකු ආණ්ඩුවයි, රජයයි අතර වෙනසවත් දන්නෙ නැහැ. ආණ්ඩුව පුද්ගලයන් වශයෙන් ගත්තොත් දාහක් දෙදාහක්ට අඩු පිරිසක්. රජය එහෙම නෙමෙයි. විශ්‍රාමිකයිනුත් එක්ක ලක්ෂ 20ක් පනිනවා.

    අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ප්‍ර‍ශ්නය ගනිමු. මේ තෙල් ටැංකි අවුරුදු පනහකට වඩා කාලයක් මළකඩ කමින් තිබුණා. ආණ්ඩුවේ විතරක් නෙමෙයි, තෙල් සංස්ථාවේ, වරාය අධිකාරියේ මහජන මුදලින් වැටුප් ගත් රජයේ නිලධාරීන්, සේවකයන්, වෘත්තීය සමිති මොනවද කළේ?

    සියල්ල රජයෙන් නොමිළේ දිය යුතුයි කියන අදහස ලංකාවේ ස්ථාපිත වුණේ මාක්ස්වාදී බලවේගවල බලපෑමෙන්, විවිධ ආණ්ඩු යටතේයි. උදාහරණයක් ලෙස, උසස් අධ්‍යාපනයත් නොමිළේ දීලා, එයින් බිහි වන කුසලතා රහිත උපාධිධාරීන්ට රැකියාත් රජයෙන් ම දිය යුතුයි කියා තමයි ලංකාවේ මිනිසුන් හිතන්නේ.

    තව මෙවැනි පිරිසක් තමයි බහුතර වගාකරුවන්. ඔවුන් ආහාර නිෂ්පාදනයේ යෙදෙන නිසා උපාධිධාරී රජයේ සේවකයන්ට වඩා වැදගත් පිරිසක් බවට කිසිදු තර්කයක් නැහැ. හැබැයි, වතුර, පොහොර, බිත්තර වී ආදිය නිකම් දීලා, අස්වැන්නත් රජයෙන් ම වැඩි මිළට මිළ දී ගත යුතුයි කියායි ලංකාවේ වගාකරුවන් සාමාන්‍යයෙන් සිතන්නෙ.

    හැබැයි, මේ රජය කියන්නේ මොකක්ද කියා රජයේ සේවකයන්ගෙන් ඇහුවොත් ඔවුන් හැසිරෙන්නේ තමන් රජය නෙමෙයි වගේ. ඔවුන් ද ආණ්ඩුවට කැතට බනිනවා. රජයට බනිනවා. උදාහරණයක් විදියට රජයේ ආයතනවල වෘත්තීය සමිති නායකයන් අරගෙන බලන්න. ඒවායේ හැමදාම වගේ නායකත්වයේ ඉන්නේ එකම පිරිසක්. මේ අය වැඩ කරන්නේ ම නැහැ. රජයෙන් පඩි ගනිමින්, රජයට ම බනිමින්, කඩාකප්පල් ක්‍රියා සංවිධානය කරන ආකාරය ගැන කල්පනා කරමින් කාලකණ්ණි වෙනවා.

    ලංකාවේ තත්ත්වය අවුල් කරන තවත් පිරිසක් තමයි මාධ්‍යකරුවෝ. ලංකාවේ මාකට් එකේ හැටියට මාධ්‍ය ප්‍රමාණය හරිම වැඩියි. එච්චර මාධ්‍ය පරිහරණය කරන්නට මිනිසුන්ට වෙලාවත් නැහැ. ඒ නිසා හොර රේටිං දමාගෙන, දැන්වීම් හිඟාගෙන මේ කරන කුණු රස්සාව වෙනුවෙන් ඕනෑම බාල දෙයක් විකුණන්නට ඔවුන්ට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිරිසගේ මුළු කාලයම යෙදවෙන්නේ නැති අවුල් ඇති කිරීමටයි. තම පුද්ගලික ප්‍ර‍තිරූප ගොඩනගා ගැනීම වෙනුවෙන් මේ පාන්වලට හොදි වෙන්න සූදානම් දේශපාලකයන්, වෘත්තීය සමිති නායකයන්, වෙනත් සිවිල් සමාජ කයිවාරු පොරවල් හා කලාරිටවල් හෙවත් කලාකරුවන් වැනි අයත් ඉන්නවා.

    වැඩ කරන මිනිසුන් සවසට රූපවාහිනිය ඉදිරිපිට වාඩි වුණාම මේ පොල් බූරුවන් ඇවිත් ඒ මිනිසුන්ගේ ඔලු කුරුවල් කරනවා. විනයක් නැතිකම බෝ වෙන්නෙ එහෙමයි.

    මේ දවස්වල ලංකාවේ රජය ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදු කරන්නට දරණ උත්සාහය සම්බන්ධයෙන් දේශපාලකයන්ගෙ, වෘත්තීය සමිතිකාරයන්ගෙ, මාධ්‍යකාරයන්ගෙ හා වෙනත් සිවිල් සමාජ පොරවල චර්යාවත් ඔය වගේ ම තමයි.

    ඒ වෙනුවෙන් නිර්මානය කරපු භාෂා ප්‍රයෝග තිබෙනවා. නිදහස් අරක, නිදහස් මේක, විකිණීම, ලාභ ලැබීම, වෙළඳපොළකරනය, නව ලිබරල්වාදය වැනි සංකල්ප කිසිදු ගැඹුරකින් තොරව මිනිසුන්ගේ ඔලු මත දමා ගසන ආකාරය දැකිය හැකියි. වෙළඳපොළ වැරදිද, සාධාරණ ලාභය කියන එකේ වරද මොකක්ද, නිදහස්ය කියන ඒවට කවුරුද ගෙවන්නෙ, නවලිබරල්වාදය කියල දෙයක් තියෙනව ද වගේ ප්‍ර‍ශ්න නැගුවාම මේ වචන භාවිතා කරන අයට ඒවාට පිළිතුරු නැහැ.

    මේ සියල්ල පවතින්නෙ විනයක් නැති සමස්තයක් ඇතුළෙ. දේශපාලකයන්ටත් විනයක් නැති බව ඇත්ත. හැබැයි පුරවැසියා කියන්නෙ දේශපාලකයාට වඩා ඉදිරියෙන් සිටිය යුතු කෙනෙක් මේ ට'සිරි ලංකාවෙ හැටියට. ඇයි මේ කතාවට එකඟ වෙන්න බැරිද?

    ReplyDelete
  3. මාතේ මම දැක්කා ඊයෙ රෑ ලංකාවේ ප්‍රතිරූප වන්දනාමාන කරන ෆෑන් බේස් එකට වට තුනක් විතර කැරකිලා තරු දාහක් විතර ඔලුව වටේ කැරකෙන්න කනේ පාරක් වැදුනා..��

    "අද අඩනව හිමියනි යශෝදරා" කියල බොහෝම ලයාන්විතව ගිනිගත්ත පිරිමි අවයව ආයි කෙලින් වෙන්නැති වෙන්නම නිවල දාල .. තමන්ගෙ පිරිමිය හැරෙන්න වෙන කිසිම පිරිමියෙක්ගෙ සරාගී බැල්මකටවත් හසු වුනොත් ගෙල වැළලාගෙන මියැදෙන්න ගෑනුන්ව හිතිං ගිවිසුං ගහල..තමන්ගෙ නිවිල ආයි නිවිච්ච හඩිං සහ රුවිං මෙන්ම පවිත්‍රතාවයේ සහ විනීතභාවයේ අගතැන්පත් සශිකා, ඊයේ රෑ සිරස ස්ටයින්ස් සූටූඩියෝ එක ඇතුලෙ හොද ජෝගියක් නැටුවා..��

    එයා කොල්ලො සිංදු කියනකොට තම්බ්ස් අප් පෙන්නුවා,නැගිටල හයි ෆයි ගැහුවා,මූනෙන් අමුතු කෝලං කර කර සිංදු කියන උංව උත්තේජනය කරා..හම්මේ...අපේ සශිකා ෆෑන් බේස් එක අන්න කොරොස් ��

    බය වෙන්න එපා බං ..ෆෑන් බේස් එකට බනින්නෑ.. නෑ නෑ..සශිකට ලොවෙත් බනින්නෑ..��

    කාටවත් බැනල වැඩක්ම නෑ..

    මේ අපේ ඒ කියන්නෙ දකුණු ආසියාතික ෆෑන් බේස් එකේ ඇටිටියුඩ් එක..

    ඉංදියාව එක්ක බලද්දි අපේ උං හොදයි..
    දැං මාස තුනකට විතර කලිං සුශ්න්ත් සිං කියන නළුවා සිය දිවිහානි කර ගන්නවා.

    ඒත් ඒක මිනිමැරුමක් කියල එයාගෙ පෙම්වතිය රියා චක්‍රබෝර්තිගෙන් CIDඑක ප්‍රශ්න කරනවා..

    ඒ අස්සෙ මේ ගෑනි drugs පෙඩ්ලිං කරල කියල ෆෝන් චැට් වලිං CID එක හොයා ගෙන.

    එතකොට මේ drugs මිලදී අරං තියෙන්නෙ කවුද?

    දීපිකා පදුකෝන්,සාරා අලි කාන්,සල්මාන්,කරන් ජෝහර් ,ශාරුක් කාන් වගේ අති ප්‍රබල මිනිස්සු වන්දනාමාන කරපු බොලිවුඩ් චරිත.��

    පැය 24 ක් ගියේ නෑ කට්ටිගෙම චිත්‍රපටි බෝයි කෝට් කරන්න..එක රැයක් ගියේ නෑ ෆෑන්ස්ලට ඉන්ස්ටා ,ට්විටර් ගිණුම් හරහා තමන්ගෙ ආදරණීය තරු වලට කෝපය වයිරය පෙන්වන්න..��

    මහින්ද මහත්තය දෙවියෙක් වෙච්ච අපේ අයට 2015 ජනවාරි 9 රෑ එළිවෙනකොට ඔහු 'මරා' වෙලා හිටියා��

    ගිය අවුරුද්දෙ අවසාන කාර්තුවේ රට රකින අපේ විරුවා මේ අවුරුද්ද අවසානය වෙනකොට 'ස' 'රී' ග නී..��

    හම්මේ අපේ උං තමන් වන්දනා මාන කරන ප්‍රතිරූප විනාශ කරන්න කොච්චර දක්ශද?

    හේතුව සරලයි..

    කවුරුහරි කෙනෙක් ප්‍රතිරූපයක් හදාගත්තම අපේ උන් ඒ ප්‍රතිරූපෙට දෙන්නෙ දේවත්වයක් ..

    ඉතිං මේ දෙවියා වැනි ප්‍රතිරූපෙට රහසිං වත් පවක් කරන්න බෑ.

    ඇත්තටම එහෙම පව් වැරදි නොකර ඉන්න පුලුවන් උං මේ ලෝකෙ නෑ..ඉතිං මොනා හරි සුට්ටි අවුලක් ගිය ගමං සමාජෙං වදින වැදිල්ල ප්‍රතිරූප මේන්ටේන් කරන උංට දරා ගන්න බෑ..��

    හොදම දේ image maintain කරන්න නොයෑම.ඒව හරි අමාරු වැඩ..

    පේනවනෙ අපි..

    කාල බීල අපි ආස විදිහට අග පසග පේන්න පිංතූරයක් දාල සමාජෙං කුණුහරුප අහං සනීපෙං ඉන්නවා��

    සෙලිබ්‍රෙටියොන්ට කියන්න තියෙන්නෙ ප්‍රතිරූප මේන්ටේන් කරන්න එපා බං..අපේ ෆෑන් බේස් එකට ඕව කඩල දාන්න යන්නෙ එක රැයයි..ඔව් එක රැයයි..��

    ගිහානි ~

    ReplyDelete
    Replies
    1. පර්සනැලටියක් නැති උන් අනුන්ගේ පර්සනලටියකින් මත් වෙනවා....

      Delete
  4. ඔය ගොං පාර්ලිමේන්තුව රටේ සල්ලි කන සුදු අලියෙක් කියලා කියන්නෙ ඕන නිසා තමා. ඕකුන් කරන් විවාද වලින සත පහක ප්‍රයෝජයක් නෑ.. උදාහරණයක් විදිහට, වෙනම දවසක් දාගන කොරෝනා වසංගතය ගැන මහා ලොකු විවාදයක් කළා. එකෙන් ගත්තු, ඊට කලින් පාර්ලිමේන්තුව නැතුව ජනාධිපතිතුමා කාර්‍යසාධක බළකායත් සමඟ කතා බහ කරලා ගත්තු නැති එක තීරණයක් කියන්න පුළුවන් ද? බොරුවට දෙපැත්තට බෑන අඬ ගහගෙන, බොරු බයිලා කියලා අන්තිමට විසිරිලා ගියා. දවසකට කෝටි දෙකක්ද තුනන්ක්ද යනවලු ඔය අට මගලෙ රැස් වෙන්න. හොඳම වැඩෙ කියන්නෙ විවාදෙ යනකොට විපක්ෂ නායකයා පර්ලිමේන්තුවෙත් නෑ..උන්දෑ කලින්ම නැගිටලා ගිහිං..
    එතකොට අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා අවශ්‍යම නිලධාරි ටික එක්ක කාර්‍යය සාධක බළකාය රැස් වෙලා තත්ත්වය සමාලෝචනය අරගෙන ගන්න ඕනා තීරණ කතාකරගෙන ඒවා ක්‍රියාත්මක කරණවා. වියදම අරකෙන් දාහෙන් එකක්වත් යන්නෑ මන් හිතන්නෙ..
    තවදුරටත් මේ ගොං පාර්ලිමේන්තුව අපිට ඕනද? අඩුම තරමෙ මෙච්චර විශාල එකක්? මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය අලුත් ව්‍යවස්ථාව සකසද්දි යොමු වෙයි කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථාවලින් රටවල් හදන්න බෑ....

      Delete
  5. Ise mathalan..

    you have sold your soul to devil .. now no turning back ..!! so long friend ..

    ReplyDelete
  6. මාත මේ බජට්, මහ බැංකු වාර්තා, රජයක කාර්යසාධනය (performance) විශ්ලේෂණය කර බැලීමේදි සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයන්, සාමාන්‍ය ජනතාවගේත් ඊනියා සිවිල් සමාජ ව්‍යාපාරික කල්ලි වලත්, මාධ්‍යවලත්, විවිධ විවේචකයන්ගේත් ප්‍රධාන ඉලක්ක බවට පත් වූවත් ලංකාවේ රජයේ නිලධාරින්, ඔවුන්ගේ ඉලක්ක බවට පත්වන්නේ ඉතාම කලාතුරකින්. හැබැයි රාජ්‍ය නිලධාරින් වැරදි නොකරන්නේ යැයි ඉන් කියැවෙන්​නේ නෑ. දේශපාලකයන් සේම කොමිස් ගන්නා, වෙනත් ප්‍රතිලාභ ලබා ගන්නා ජනතා මුදල් ගසා කන රාජ්‍ය නිලධාරින් කොතෙක් වේද? අල්ලස් දැලට හෝ මාධ්‍යයේ ඇසට ඉඳහිට හාල්මැස්සෙකු දෙන්නෙකු අසු වුවත් තෝරුන්, මෝරුන් හසුවන්නේ එහෙමත් අවස්ථාවක තමයි ඉතින්.

    ලංකාවේ සෑම රාජ්‍ය නිලධාරියකුම හොරෙකු නොවන නමුත් සමස්තයක් ලෙස අපගේ රාජ්‍ය සේවයම අකාර්යක්ෂම බව කවුරුත් පිළිගන්නා කාරණයක්. මේ අකාර්යක්ෂමතාව රාජ්‍ය සේවය තුළ පවතින විනාශකාරී වෛරසයක් වගේ කොයිතරම් දක්ෂ, අවංක නිලධාරියකුට වුවත් එය ආසාදනය වීමට වැඩි කලක් ගත වන්නේ නැහැ. රාජ්‍ය සේවය මේ තරම් අකාර්යක්ෂම වන්නේ ඔවුන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තම වගකීමක් කර නොගන්නා නිසා. මේ නිලධාරින් නිසා රටේ වැඩ කොතරම් අතපසු වන්නේද? ප්‍රමාද වන්නේද? සොරකම, වංචාවට දඬුවම් කරන්නට මාර්ග ඇතත් මේ අකාර්යක්ෂමතාවට, නොසැලකිල්ලට, නොතකා හැරීමට, ඔවුන් ලබන දඬුවමක් තිබේද? රාජ්‍ය සේවය දිගින් දිගටම ඇල්මැරුණු, අකාර්යක්ෂම, හුදු බමුණු කුලයක් බවට පත්ව තිබෙන්නේ මේ නිසා නේද?

    ලංකාවේ ජනතාව ඇතැම් කුජීත දේශපාලකයන් ගෙදර යැවුවත් ඔවුන් සමග සම්බන්ධ වී ඒ කුජීත වැඩම සිදුකල රාජ්‍යය නිලධාරින් කොයිතරම් අකාර්යක්ෂම වුවත්, වංචනිකයන් වුවත් තම විශ්‍රාම වයසට එනතෙක් සුවසේ මහජන මුදලින් නඩත්තු වන්නට හැකියි. විශ්‍රාම ලබාගත් පසුද දැරූ තනතුරේ ආනුභාවයෙන් පෞද්ගලික අංශයේ උපදේශක වැනි ඉහළ තනතුරු ලබන්නට ඔවුහු වාසනාවන්ත වෙනවා. තවත් අය දේශපාලකයන් පසුපස ගොස් ආණ්ඩුවේම තවත් ඉහළ නිලතල ලබා ගන්නා බව පේනවා.

    ඇත්තටම ඔවුන්ගේ පරිපාලනයේ ප්‍රවීණත්වය ඇත්තේ මහජන සේවය සඳහා නොව තමන් ගේ පුද්ගලික අභිවෘද්ධියට පමණයි. පරිපාලන සේවය පමණක් නොව ලිපිකරු සේවය, වෛද්‍ය සේවය මේ ආදී ඕනෑම සේවයක් පැවතිය යුත්තේ එම සේවාවේ නිරත වූ සුළුතර පිරිසට සැප සම්පත් වරප්‍රසාද වරදාන ලබාදීම වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන්. එහෙත් යමෙකුගෙන් එම වගකීම ඉටු නොවන්නේ නම් ජනතාව පත් කළ ආණ්ඩුවකට කළ හැක්කේ කුමක්ද?

    තමන්ට ඡන්දය දුන් ජනතාවට වගකීම්, රාජකාරී ඉටු නොකිරීම නොතකා සිටීමද? නැතහොත් කළ හැකි අයකු ලවා ඒ වගකීම ඉටුකරවා ගැනීමද?

    ලංකාවේ තත්ත්වය අනුව රාජ්‍ය පරිපාලන සේවය හා අනෙකුත් බොහෝ රාජ්‍ය ආයතන අතර වෙනසක් නැහැ. රජයේ වෛද්‍යවරුන් සැලකිලිමත් වන්නේ රෝගීන්ගේ ප්‍රතිකාර සේවා ගැන නොව ඔවුන්ගේ වෘත්තීය මහන්තත්ත්වය ගැන, විදුලිබල මණ්ඩලය සොයන්නේ ජනතාවට විදුලිය සැපයුම ගැන නොව ආයතනය පවත්වාගැනීම හා තමන්ගේ දීමනා සහ විදුලි සැපයුම් උප කොන්ත්‍රාත් ව්‍යාපාර ගැන. බැංකු හැම විටම උත්සාහ කරන්නේ පොඩි මිනිසාගේ සල්ලි ටික ලබාගෙන ඔවුන්ට ණයක් නොදී ලාභ පෙන්වා තමන්ට බෝනස් ගන්න. මේ ආකාරයට පරිපාලන සේවයටත් අවශ්‍ය, ජනතාවට සේවය සැලසීම නොව නීති රෙගුලාසි රැක ගැනීමත් වරප්‍රසාද භුක්ති විදින්නටත්ය. පරිපාලන රෙගුලාසි හෙවත් ඒ. ආර්. හා මූල්‍ය රෙගුලාසි හෙවත් එෆ්. ආර්. දේව වාක්‍ය ලෙස සුරකිමින් නටන නාඩගම ඒකයි.

    ReplyDelete
  7. මම නම් හිතන්නෙ බජට් යෝජනා ක්‍රියාත්මක කරද්දී පොතේ හැටියට වැඩ කරනවට වඩා හිතේ හැටියටයි තීරණයක් අරන් වැඩ කරන්න ඕනෙ. Time frame එකයි පාලනය කරන්නේ. ඒ නිසා කාල වකවානුව Time frame එකයි. නීති රාමුව පොතයි. බොහෝ වෙලාවට අපේ අය ගොඩක් බයවෙලා ඉන්නේ ඔය දෙකටයි. බය න්‍යාය බජට් එක ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවයේ තිබෙනවා. ඒ කියන්නේ වැඩ කළොත් අමාරුවෙ වැටෙනවා කියන එක. අපේ ජීවිතයේ තරුණ, මැදි හා මහලු වැනි විවිධ අවධි පසු කරනවා. මුහුකුරා යනකොට less work less trouble වගේ විශ්‍රාම වැටුප තියාගන්න හිතනවා. එම නිසා ශ්‍රී ලංකා පරිපාලන සේවය දකින දෙය තමයි රාජ්‍ය සේවයේ උසස්වීම් පටිපාටිය, බදවාගැනීම් ක්‍රමවේදය, ස්ථානගත කිරීමේ ක්‍රමවේදය යන මේ සියල්ල කාලානුරූපීව අලුත් විය යුතුයි. නමුත් වර්තමානයේ සිදුවෙලා තිබෙන්නේ යෞවනය යල් පැන ගිය නීති රීති මත සිටීමයි.

    නීති ගැන කියද්දී මතක් වුනේ මේ දැන් ටිකකට කලින් අන්තර්ජාලෙදිම කියවපු කතාවක්. නීති කියන ඒවා කොච්චර සංකීරණද කියලා මේ කතාවෙන් වැටහෙනවා.

    http://cmgm.stanford.edu/~lkozar/suicide.html

    තව මම විදේශ රටකදි ලබපු අත් දැකීමක් කියන්නම්. අපි සුදු ඉර උඩින් පාර පැන්නා. හැබැයි වාහනත් නැහැ මාරු වෙන්න කොල පාට සංඥාවත් නැහැ.මාරු අනහම අනෙක පැත්තේ හිටපු මහත්මයෙක් ඇහුවා බොහෙමෙ කාරුනිකව ඇයි නිසි සංඥාව නැතිවෙලාවේ පාර මාරු උනේ කියලා. අපි කියුව වාහන නැහැනේ. ඔහුගේ පිළිතුර උනේ. "ඒක ඇත්ත නමුත් කුඩා දරැවන්ට ආදර්හයක් වන්න" කියා. මට පොලව පලා ගෙන යන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා ඔන්න ඔතනයි මූලිකම වැරැද්ද.
      ඔබට පොලව පලා ගෙන යන්න හිතුනට ගියේ නෑනේ.
      ඊළඟ වතාවෙවත් එහෙම හිතුනු වෙලාවට වහාම පොලව පලාගෙන යන්න..

      Delete
  8. කටෙන් බතල හිටවන වෙසරදල අපි
    ඇත්ත නෙවෙයි බොරුවම ඉඹගන්න අපි
    එදා පටන් පල්ලමකට යන්නෙ අපි
    ඉදිරිය ගැන හිතන්නේ කවදාද අපි?

    ReplyDelete
  9. මාතේ,

    මේ රට ආයෙ සුද්දට විකුණමුද?
    අපිට කෙසේ වෙතත් අපේ ළමයින්ට හොඳක් වෙයිද ඒකෙන්...

    මාතේගෙ අදහස කියන්න බලන්න.

    ReplyDelete
  10. Copied from Lanka Dawasa..

    පන්සල් ගානේ ගොස් බුද්ධ චීවරය ගණිකා වෘත්තියේ යොදාගෙන වර්ජන එක පිට එක පවත්වා මළමිනි උඩින් බලය ලබාගත් රාජපක්ෂලා සෞභාග්‍යය උදා කරන්නේ උන්ට පමණි ජනතාව 5000/= නැතිව බඩගින්නේ සිටී. වීරවංශ 5000/= ජනතාවට මාසයක් ඉන්න කියනවා නමුත් ෂශීගේ අමාරු සනීප කරන කොල්ලන්ට සතියට වියාග්‍රා ගන්නත් ඒ ගාන මදි ඒ වගේම දුව ගේ විභාගය ඉවර වෙලා පාටියට ලක්ෂ 06 ක් එක පැය 4 ශ්‍රැන්ගිල්ලා එකට වියදම් කලා.
    හිට්ලර් ඉල්ලූව වෙඩරුවේ උපාලීට දැන් චීවරය හරහාම උත්තර දී ඇත. දැන් පන්සල් වලට CID එක පිරිකර අර්ගෙන කාලය පැමිණ ඇත. වර්ජන කර යකා නැටූ GMOA අද නකුට වනන බල්ලෙකි. උන්ට එක්කෝ කනත්ත පෙන්වා නැත්නම් කනපුරා දීලා බව ඕන බූරුවෙක්ට තේරුම් ගත හැකිය.
    පාර්ලිමේන්තුවේ කථානායක පිස්සු පූසා වැනිය. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුල මෙවැනි පාදඩයෙක් කථානායකවරයකු සිටියේම නැත. අලිසබ්‍රි ගේ සිට වඩේ විකුණපු තඩියා දක්වා වියත්මග සිට කසිප්පුකාරයා දක්වාම තත්වය පාර්ලිමේන්තු සජීවී විකාශය තුලින් බලාගත හැක.
    අධිකරණය අන්ත දූෂිතය. විනිසුරුවන්ගේ සිට නීතීඥවරුන් දක්වා ත් තෝල්කමුදලි ගේ සිට රෙජිස්ට්‍රාර් දක්වා මේ සමස්ත අධිකරණ දේහයම කුණු වී ඕජස් ගල තත්වයක ඇත. මීට හොදම උදාහරණ ඇති තරම් පෙනේ සිල් රෙද්දේ සිට බැසිල්, ජනක බණ්ඩාර , බැසිල් හරහා පිල්ලෙයාන් දක්වා දැන් ගමන පැමිණ ඇත. දැන් ඉන්නෙ අහිංසක දුමින්ද පමණි. ඉතාමත් නුදුරු අනාගතයේ ජනතාව අධිකරණයට ගල් ගසනු ඇත. අවසානයේදී අධිකරණය ගිනිබත් කරණු ඇත.
    රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඩයන් ගෝමස් සහ දීලිත් ජයවීර පත් කර ඇත. දිලිත් යනු රාජපක්ෂලාගේ පශ්චාත් බාගය හෝදන එකෙක් බව රටම දනී. රජයේ සේවකයාට දැන් දිලිත් ගෙන් සූස්තියක් මිලදීගෙන සේවයේ නිරත විය හැකිය.
    පොලිසිය පාදඩ කරනය වූයේ බොහෝ කලකට පෙරය. දැන් එය දෙගුණ තෙගුණ වී ඇත.
    කෙටියෙන් කිවහොත් මුලුමනින්ම රට විනාශය කරා ගමන් කරමින් සිටී. චන්දෙ දීපූ 69 ලක්ශයෙන් එකෙක් සොයා ගන්න නැත. ජනතාවට කිසිදු පිහිටක් නැත. 33 කෝටියක් දෙවියන් ගෙන් එකෙකුට වත් මේ පාදඩයන් නිවන් දක්කන්න බැරි ද ? එදාට ජනතාව රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ලංකාව දැන් මුහුණ දෙමින් සිටින්නේ ‍ගෝලීය අර්බුදයකට. ගිය අවුරුද්දෙ පාස්කු ප්‍රහාර සමග ලංකාවට ආපු ගෝලීය ත්‍රස්ත ක්‍රියාවන් නිමාවට කළත් ලංකාවේ ආර්ථිකය වගේ ම ලෝකයේ ආර්ථිකයත් කඩා වැටිලා. මේ වගේ අවස්ථාවක මේ ව්‍යවසනයට මුහුණ දෙමින් රටේ ආර්ථික ගොඩ නැඟීමට සක්‍රීයව දායක විය හැකි පුද්ගලයා වෙන්නේ ආසියාවේ පමණක් නොව මුළු ලොවටම මහත් ආශ්චර්යමත් මහා බුද්ධිමතාණන් වූ ආචාර්ය රනිල් වික්‍රමසිංහ උතුමාණන්. ඒ නිසා තමයි අපි ආචාර්ය රනිල් වික්‍රමසිංහ උතුමාණන්ගේ නම ජාතික ලැයිස්තු ධුරයට යෝජනා කළේ. ඒ සඳහා එතුමාගේ කැමැත්තක් නැහැ. නමුත් අපි බලෙන්ම එතුමාගේ නම ඒකමතිකව යෝජනා කරලා එජාපයේ හිටපු මන්ත්‍රීන්, අපේක්ෂකයන් සහ අප වැනි පාක්ෂික ජනයා සියලු දෙනාගේ ම අත්සන් සහිතව ලිඛිත ඉල්ලීමක් අද එතුමාගෙන් සිදු කළා.

      මේ අවස්ථාවේ රට බේරා ගැනීම කළ හැකි එකම කෙනා ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඔස්ට්‍රේලියාවේ ඩීකිං විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි හිමි ඔහු එජාපයේ නායකයින් සමග මෙන්ම සමගි ජන බලවේගයත් ජවිපෙ සහ බැසිල් සමග පොහොට්ටු කල්ලියේත් සහය අරගෙන ක්ෂණිකවම ලංකාව ආසියාවේ සංවර්ධිතම රට බවට නිතරගයෙන් පත් කර ඇමරිකාවට හොඳ ෆයිට් එකක් දෙන බව ඉතාම පැහැදිලියි.

      ආචාර්ය රනිල්, රාජිත මංගල අනුර බැසිල් සමග සම්බන්ධ වී ලංකාවේත් ඇමරිකන් යුරෝපියන් රටවලින් ආනයනය කරන දියුණු සිස්ටම් එකක් හඳුන්වල දී වහාම ලංකාව වේගයෙන් දියුණු කරනු නිසැකයි.

      Delete
  11. ප්‍රවීණ රංග ශිල්පී විල්සන් කරූ තමනට ඕනෑ තරම් සල්ලි ඇති බවත් තමන් හිඟන්නෙකු නොවන බවත් කිසිවෙකුගේ සත පහක උදව් උවමනා නැති බවත් ඉතා දැඩි ලෙස අවධාරණය කරයි.

    මෑතකදී තමුන් රුපියල් පන්දහක් ගෙන ඒම සඳහා කොරෝනා ආධාර පෝලිමට ගියේ තම උවමනාවකට නොව අසල සිටි වයසක අම්මා කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද ඔහු පවසයි.

    එම අවස්ථාවේදි සිදු වූයේ එක්තරා පොලිස්නිලධාරියෙක් තමන් තල්ලු කර දැමූ විට තමා විසින් ඔහු ද තල්ලු කිරීම පමණක් බවත් පහරදීමක් සිදු නොකළ බවත් ඔහු කියා සිටී.

    තමන් පොලිසයට ගෙන ගිය අවස්ථාවේ තමුන් සහය දක්වන සමගි ජන බලවේගයේවත් එක්සත් ජාතික පක්ෂයේවත් අවම වශයෙන් ජවිපෙවත් කිසිම අයෙකුවත් කලාවට සම්බන්ධ බල්ලෙක්වත් තමන් බලන්නට නොපැමිණි බවත් කතා කළේවත් නැති බවත් ඒ ගැන ඉතා දැඩි පසුතැවීමක් තමන්ට ඇතැයි ද ඔහු කියා සිටියා. නමුත් තමන්ගේ නම සහ එක ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි වල අපහරණය කරමින් පටු විදියට පෞද්ගලික දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම ඉතා කුජීත බවත් ඔහු මැසිවිලි නැගුවේය.

    ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේ;

    https://youtu.be/UWmNniOARkc

    මේක ගැන මොකද මාතලන් හිතන්නේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න