.

.

Jan 1, 2021

නාමල් රාජපක්ෂගෙන් කරනා ඉල්ලීමක්…

 


කොරෝනා මළ හත්තිලව්ව ගැනම කියන නිසා රූප පෙට්ටිය බලන්නවත් හිතෙන්නේ නෑ… බැලුවොත් බලන්නේ ඉස්පෝට් චැනල් එකක්.. නැහ්නන් සුද්දන්නේ සත්තු වත්ත හෙවත් “ඇනිමල් ප්ලැනට්”…. එහෙම නැත්නම් සුද්දෝ සුද්දියෝ උයන ඉවුම් පිහුම්. නැහ්නන් සුද්දන්ගේ හරි ජපනුන්ගෙ නිව්ස් චැනල් එකක්…

ඒ අස්සේ එහෙන් මෙහෙන් කරකවාගෙන යද්දි… අපූරූ සංගීත වැඩසටහන්ක් දැක්කා “පවුලේ නාලිකාව” හෙවත් නයි ටී ඇන් එකේ… වැඩ සටහන යන අතරේම මේක ලියලා දාන්න හිතුනා… පුලුවන්නම් හොයාගෙන බලන්න උදේ 11 ට ගියපු “ශනිදා සාදය”… අපූරූ සින්දු ගොන්නක්…. ඉදිරිපත් කලේ “ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායම…

මේක දැක්ක ගම හිත දිවගියේ අතීතයට… රූපවාහිනී ආපු දවස්වල ජාතික එකෙයි… ස්වාධීනෙයි… මේ තරුණ සේවා සභාව යටතෙ රන් වෙච්චි බෙල්වුඩ් රූපවාහිණී ගම්මානය කියන එකේ තිබුන සංස්කෘතික අංශයෙන්… ඉදිරිපත් කල වැඩ සටහන් බොහෝමයක් තිබුනා… මට මතක විදියට ඔවුන්ටම වෙන්වූ වැඩ සටහනුත් පෙන්නුවා…

එතකොට රට පාලනය කලේ ජේ ආර් උන්නැහේ … එයැයි මේක බාර දුන්නා රනිල් වික්‍රමසිංහට… රනිල් මේක බාර දුන්නා චරිත රත්වත්තෙට…

ඒ නිසා මේ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන් යන්න ඕන චරිත රත්වත්තෙට…. මොකද රනිල් වික්‍රමසිංහගේ කාලයේම 2017 වගේ ඕය සුන්ද්‍ර ස්ථානය කඩලා කුඩු පට්ටම් කරලා දැම්මෙත් රනිල් වික්‍රමසිංහලගෙ පාලනයකින්….

ඔතනින් අති දක්ෂ ගායන… වාදන… නර්තන වගේම රූපවාහිනී ක්ෂේශ්ත්‍රයේ සෑම අංශයකම දක්ෂයින් රාශියක් බිහි වුනා…

ගායන තරු රාශියක් බිහි කිරීමේ ගෞරවය යන්න ශර්ලි වෛජයන්තටයි…නිහාල් ගම්හේවටයි…. නර්තන අංශයේ ගෞරවය යන්න ඕන කුලසිරි බුදවත්තට…

බිහි වූ ගායක ගායිකාවන් අතර… ඉදිරියෙන්ම ඉන්නේ චන්ද්‍රලේඛා හා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි… ඊට අමතරව සෝමසිරි මැදගෙදර…, විජේබන්ඩාර වැලිතුඩුව…, චන්දන ලියනාරච්චි… ප්‍රින්ස් උදය ප්‍රියන්ත වගේම නාමල් උඩුගමත් මේ ආයතයේ සාඩම්බර සොයාගැනීම්….

ඔය චන්ද්‍රලේඛලාගේ කාලේ උන්න සැට් එකම කියන “ගැල් පුරවාගෙන … හනි හනි හනිකට… කියන ගීයට මාතලන් පට්ට මනාපයි….





නමුත් මොකක් හෝ කරුමයකට ඔය වැඩේ නැවතිලාම ගියා… එවන් තත්වයක අද ස්වාධීන රූපවාහිනිය කල මේ වැඩේ දැක්කාම නාමල් රාජපක්ෂ ඇමති තුමාගෙන් මේ ඉල්ලීම කරන්නම හිතුනා….

තරුණ සේවා සභාවට එන්නේ රටේ අවම වරප්‍රසාද ලත් පන්තියක දරු දැරියෝ… යමක් කමක් තියෙන…. ක්ෂේශ්ත්‍රයේ සම්බන්දතා තියෙන දරුවෝ නෙමෙයි…

කලා මාෆියාව…

අද කලා ක්ෂේස්ත්‍රයම ගිලගෙන ඉන්නේ මාෆියාවක්… සාමාන්‍ය පන්තියේ ගායක ගායිකාවකට නෙමෙයි… ගීත රචකයකුටවත් ඉදිරියට එන්න බෑ… හැම දේම මුදලට හා මාෆියාවට යටයි… රූපවාහිනි චැනල් වගේම… රේඩියෝ චැනල් වල ඉන්න උන්… මේවට අරක්ගත් යක්කු වගේ… උන්ට දොළ පිදේනී මෙන්ම ස්ත්‍රී මාංශ නොදී කිසිම දෙයක් කර ගන්න බෑ….

එවන් තත්වයක මේ දරුවන්ට ස්වාධීන රූපවාහිනියේ හා රූපවාහිනි සංස්ථාවේ මෙන්ම ආන්ඩුවේ රේඩියෝ චනල් වලත් වැඩ සටහන් ලබා දෙන්න පුලුවන්… ආන්ඩුවේ උත්සව සඳහා මේ දරුවන්ට අවස්ථාව දෙන්න පුලුවන්….

මේ දරුවන් අතරෙත් චන්ද්‍රලේඛලා… චන්ද්‍රසේන හෙට්ටිආරච්චිලා අනන්තවත් ඇති….

මේක නාමල් රාජපක්ෂට සුළු දෙයක්… ඒ වගේම කාර්මික අංශය උනත් ජර්මන් ටෙක් සහතිකය මට්ටමට ගේන එකත් සුළු දෙයක්….

ඒත් කලා ක්ෂේශ්ත්‍රයේ විශාල පිම්මක්….

නාමල් ජනාධිපති කමට ඉල්ලන කොට මේකෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ ප්‍රොෆෙෂන්ල් පොරවල් වෙලා ඒ වේදිකාවේ ගීත ගායනා කරන කොට… මියුසික් දෙන කොට.... 

කාටද ආඩම්බර….!!!!


14 comments:

  1. හොඳ අදහසක් මාතේ //. මොකද රනිල් වික්‍රමසිංහගේ කාලයේම 2017 වගේ ඕය සුන්ද්‍ර ස්ථානය කඩලා කුඩු පට්ටම් කරලා දැම්මෙත් රනිල් වික්‍රමසිංහලගෙ පාලනයකින්….// මොකද්ද වුනේ

    ReplyDelete
    Replies
    1. ඕක පොලොවට සමතලා කරන්න ගියේ.... කලාද නැතිද දන්නේ නෑ...

      http://www.deshaya.lk/article/43/features/6033/බෙල්වුඩ්-යෝධයා-ළඟදීම-බිම

      Delete
  2. හොඳ යෝජනාවක් සහ රසවත් සිදුවීම් පෙළක් එකතු කර ලියල තියෙනවා මාතේ. වෙරි ගුඩ්... ඒත් ඉතින් ඊළඟ පාරත් රාජ පක්ස කෙනෙක් නැතුව එජාපයේ සජබ කණ්ඩායමේ කෙනෙක් පමණක් රටේ නායකත්වයට පත්කර ගැනීමට සුදුස්සෙක් වන බව පැහැදිලියි නේද ඒ නිසා සජබ එජාප ජවිපෙ සහ වෙනත්විකල්ප කණ්ඩායම් ඒකාබද්ධ පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට ඇති ප්‍රධාන බාධක පිළිබඳව කතා කරන්න අත්‍යවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් සියල්ලෝම පට්ට ෆේල් කියා ඔප්පු කලා නේද?

      Delete
  3. සුභ නව වසරක් මාතලන්,

    ඔබේ බ්ලොගය හරහා බොහෝ දේවල් ඉගෙන ගත්තා, ලියන දේට අමතරව ඇතැම් පාඨකයන් අහන වෙන ප්‍රශ්න වලටත් ඔබ පිලිතුරු දී තිබෙනවා, ඒ සියලු දේට බොහොම ස්තූති සහ මෙම බ්ලොගය දිගටම ලියන්න

    ReplyDelete
  4. ඔයාට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්.
    ඔය යෝජනාවේ තියෙන අනර්ථය පැහැදිලි කරන්නම්.

    රටකට දරාගන්න පුළුවන් කලා කරුවන් සංඛ්‍යාවක් තියෙනවා.
    ඔබ කියන විදියට කලාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත්. රටට දරාගන්න බැරි තරමේ කලා කරුවන් පිරිසක් බිහිවෙනවා.
    ගරු ඉකොනොමැට්ටා තුමා මේ ගැන පැහැදිලිකරන්න යොදාගත්ත උපමාව තමයි තට්ටු 5ක ගොඩනැගිල්ලක් සඳහා සකස්කල කොන්ක්‍රීට් ව්‍යුහය මත තට්ටු 10ක ගොඩනැගිල්ලක් තැනීම.

    තව දෙයක් තියෙනවා. ලංකාවේ සිංහල සංස්කෘතිය කේන්ද්‍රීය සංස්කෘතිය ලෙස පිලිගන්න අකමැති පිරිසකුත් සිටිනවා.
    ඉතින් මනෝ ගනේෂන් වගේ දෙමල ජාතිවාදී කොමියුනිස්ට් හැදියාවක් ඇත්තෙක් දෙමල බස කතා කරන ආධුනික කලා කරුවන් සඳහාත් 50ට 50 ඉල්ලන්න ඉඩ තියෙනවා. එයින් සිදුවන්නේ සූරිය කුමාර් මුත්තලගේ, චන්ද්‍රන් රත්නම් වැනි කලා කරුවන් බිහිවීම වැලකීමයි.

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා කියන්නේ නිකන්ද?..

      ඒ කාළේ ආවේ කී දෙනාද..

      මම යෝජනා කළේ අඩු වරප්‍ර්සාදිත දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න කියනදේ....

      හැමෝටම ඉස්ටාර්ලා වෙන්න බෑ
      බෑ

      5-6 ක් ආවත් ඇති..

      ඒ එන්නේ පහළම පන්තියෙන්...

      Delete
    2. ඉකොනොමැට්ටා කියන්නේ නිකන්ද?..

      ඒ කාළේ ආවේ කී දෙනාද..

      මම යෝජනා කළේ අඩු වරප්‍ර්සාදිත දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න කියනදේ....

      හැමෝටම ඉස්ටාර්ලා වෙන්න බෑ
      බෑ

      5-6 ක් ආවත් ඇති..

      ඒ එන්නේ පහළම පන්තියෙන්...

      Delete
  5. Happy new year Mr Maathalan (Wijebahu)

    ReplyDelete
  6. හැකියාව තිබ්බත්
    අවැසිය වාසනාවත්
    හිටියා ඉස්සරත්
    පැසසුම් ගයන්නොත්

    කොන්ද නැති එහෙයියෝ
    මොළයක් නොමැති ගොයියෝ
    මොන මඟුලටද දෙයියෝ
    නොපතන් එහෙම ගොයියෝ!

    ReplyDelete
  7. seems that you have already started going shopping for .... good for you but not for the country

    ReplyDelete
  8. හම්මට සිලි නෝමල් බේබි ද ඊලගත රජ්ජුරුවෝ වෙන්නේ,,,,

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න