.

.

Mar 8, 2021

කොවිඩ් විකාර මෙන්ම ආනයන විකාරද ඉවත් කළ යුතුය.


 

පළමු කොවිඩ් රැල්ල වෙලේ මාස දෙකක් නිස්කාරනේ රට වසා ඇදගෙනම ස්නානය කළ බව අද ආන්ඩුවේ හැම එකාම පිලිගනිමින් තිබෙන්නේය. අඩු ගානේ තමන් කළ වැරදි ගැන පසුතැවීම හා ඒවා පිලිගැනීම අප අගය කළ යුතුය.

රට දවස් දෙකක්ට වහපු වෙලේම මාතලන් කියා සිටියේ ගොම සංගමයේ ගුලි කාලා මේ කරන්න යන්නේ අමු ගොබ්බ වැඩක් කියලාය. අපේ රටේ තිබෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට නම් සෙනසුරාදා ඉරිදා ඉතරක් නොව, වැඩ මුරය පැය දොළහක් කලත් අවුලක් නැතිය. පෞද්ගලික අංශය අතිකාළ දීමනා පවා ගෙවමින් පැය 24 ම වැඩ කරන්නේ ඒ නිසාය.

චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව දියුණු වූයේ නිකන් නොවේ, වෙලාවක් කලාවක් නොබල වැඩ කළ නිළධාරින් හා සේවකයින් උන් නිසාය. එහෙත් බංකොලොත් රටක් මාස දෙකක්ම වහලා දාලා තිබ්බාම වෙන දේ අපට තේරුන නිසා අප වෙන්නට යන දේ, ඒ කාළයෙම කියා සිටියේය.

එසේ රට වහන්න කිව්වේ ආන්ඩුවෙන් පින් පඩි කන කාළකන්නින්ය. මන්ද රට වැසුවා කියා උන්ගේ පඩි හා දීමනා නොලැබී යන්නේ නැතිය. එසේ රට වසන්නට කියපු කාළකන්නින් වසා තිබූ කාළයේ ඉන්ධන දීමනාද ලබාගෙන තිබිනි.

මාස දෙකක් රට සම්පූර්ණයෙන් වසා දැමූ කාළකන්නින් ඉන් නැවතුනේ නැත. උන් දෙවනි රැල්ල ආපු වෙලාවේ ආයෙත් රට වසන්නට කීවේය.

විශේෂයෙන් ගොම සංගමයේ උන් හා PHI මහ එකා දිනපතා ඇස් ලොකු කරමින්, ටී වී වොයිස් කට් දෙමින් ජනතාව බය කළේ, රට මිනී කඳු වලින් පිරෙනවා කියලාය. දැන් ගොම සංගමයේ පිස්සෝ ටික පේන්න නැති උනත්, PHI මහ එකා තාමත් භූතාවේසයෙන් විත් ජනතාව බය කරමින් සිටි. මුල සිටම පොර උන්නේ ආන්ඩුවේ වැඩපිලිවලට එරෙහිවය. අද කියාද වෙනසක් ඇත්තේ නැතිය.

අනෙක් ගොන්කම, මුස්ලිම් මරණ ආදාහනය කිරීමය. අද ඒ තීන්දු ගත් උන්ම සෑම දිස්ත්‍රික්කයකම භූමදාන සඳහා භූමී සොයනවා දැකීම මාර ලොල් සහගතය.

එහෙත් ඇත්ත කතාව නම් කොරෝනා වලට වඩා රිය අනතුරු හා ඩෙංගුවලින් මිය යන පිරිස වැඩි බවය. ඒ නිසා මේ කෝරෝනා මරණ හා රෝගීන් නිව්ස් වලින් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත. එන්නත්කරණය ගැන නිව්ස් දුන්නාම හොඳටෝම ඇතිය.

දැන් කියන්නට යන්නේ ආනයන තහනම ගැනය. මේ විකාර තීරණය නිසා රැකියා අහිමි වූ පිරිස ඉතා විශාලය. වැසී ගිය ව්‍යාපාර බොහෝය. වාහන අමතර කොටස් වල මිළ 100% ඉහළ ගොස් ඇත. කියනවා නම් තව බොහෝ දේ ලිවිය හැක.

ඒ නිසා අප කියන්නේ වාහන ආනයන සීමාව පවා ඉවත් කළ යුතු බවය.

මේවා මොකා ගත්තත් අමු ගොන් තීරණය. එවත් තීන්දු තීරණ ගන්නේ නම්, ඒවා කළ යුත්තේ පියවරෙන් පියවරය. හරියට ආන්ඩු හාල් පිටි පාන් කවන්න ගියා වගේය. අපේ උන් පාන් කියන්නේ තිරිඟු පිටිවලින් හදන කේක් වලටය. හාල් වලින් හදන කේක් කවදාවත් පාන් වෙන්නේ නැතිය. බත් කන උන්ට එක පාරට බත් කන්න එපා කිව්වොත් වැඩේ හබක්ය.

දැන් ආන්ඩුව ඉන්නේ පුක මහලා බඩ යන්න බේත් බීපූ උන් වගේය. දැන් මැහුම් කැපීමේ කාළය පැමිණ ඇත.

මේ ගොබ්බ තීරණය නිසා ආර්ථිකයට වැදුන මරු පහරෙන් ගොඩ ඒමට දැන් නෝට්ටු අච්චු ගසමින් සිටී. ආන්ඩුව දිගටම දුවන්න ඉන්නෙ නෝට්ටු අච්චු ගසමින් නම්,

අපට කියන්න තියෙන්නේ ආන්ඩුවට සම්මා සම්බුදු සරණයි කියා පමණය..


ඒ වගත් මේසේය…


24 comments:

  1. මෙහෙමයි මාතා 1980 ගණන් වල වගේ ඉඳන් ලංකාවෙ බිහි වුණා අලුත් සංස්කෘතියක්. පිට රට දේ සිරි සැප දේ. භාණ්ඩයක් ගත්ත ගමන් බලන්නේ “මේඩ් ඉන්” (Made in xxx) කොහෙද කියලයි. මේඩ් ඉන් ජර්මනි, ඉංග්ලන්ඩ්, ජ'පෑන් එහෙම නැත්නම් අපට නොතේරෙන අකුරු ටිකක් ගහලා තියෙනවා නම් අපිට හරිම සන්තෝෂයි. මේක අහවල් රටේ හදලා තියෙන්නේ කියලා අපි පෙන්නනවා, කියනවා. සමහර විට කෝප්පෙන් තේ එක දෙන්නෙත් මේඩ් ඉන්.. කියන එක පේන්න. ඕක මේ අපේ රටේ එකක් නෙවෙයි, ජපානෙ. මේක ජර්මන් මැෂිමක්. අපි හරි ආඩම්බරයෙන් කිව්වේ. ඒ ආඩම්බරය කොච්චර ඔළුවට ගැහුවා ද කියනවනම් 1990 ගණන් වල අග භාගයේ සහ දෙදාස් ගණන් වල මුල අපි පාසල් යන කාලේ ඇමරිකානු කොඩිය සහ බ්‍රිතාන්‍ය කොඩිය එකට තියන බෑග් තමයි පාසල් යන දරුවන්ගේ බෑග් අතර ජනප්‍රියම වුණේ. අපි හරි ආඩම්බරයි අපේ ජාතික කොඩියට වඩා ඇමරිකානු ජාතික කොඩියක් අපේ පිටේ එල්ලිලා තියෙනවා දකින්න. අපිව යටකරගෙන පාගගෙන හිටිය සුද්දගෙ ජාතික කොඩිය අපි හරි ආඩම්බරයෙන් තමයි ගහගෙන හිටියෙ. ඒකට තමයි පිට රට දේ සිරි සැප දේ කියන්න. 1998 අපි පුංචිම කාලෙ පණස් වසරක් පිරුණ නිදහස් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වුණේ එංගලන්ත රජ කුමාරයා.

    මෙහෙම දීර්ඝ කාලයක් පැමිණී නිසා අද කුණු කාණුවේ හැදිච්ච කංකුං ටිකත් ගේන්නේ පිටරටින්. වතුර ටිකත් පිටරටින් ගේන තත්වෙට ලංකාව ඇදගෙන වැටිලා තියෙනවා. මෑතකදී අභිමානවත් ලෙස අපේ නිදහස් උත්සවය සැමරුවා. අභිමානවත් ලෙස අපි නිදහස සමරද් දී ගුවනේ ලෙළ දෙන්නේ නම් චීනයේ හදපු ජාතික කොඩිය. වෙසක් උත්සවයට අපි එල්ලන්නෙත් චීනයේ හදපු වෙසක් කූඩු. අපි අපි ගැනම ලැජ්ජා හිතෙන මට්ටමට පිට රට දේ සිරි සැප දේ කියන තැනට පත්වුණා.

    ඒ නිසා අද අපි ලොකු ආර්ථික අර්බුදයකට පත් වෙලා. 2019 වර්ෂය දී අප පිටරට බඩු විකුණලා හම්බ කරල තියෙන්නේ ආසන්න වශයෙන් ඩොලර් බිලියන 12 යි. නමුත් පිටරටින් බඩු ගෙන ඒමට අප වියදම් කරලා තියෙනවා ඩොලර් බිලියන 20ක්. ඩොලර් බිලියන 8 ක පරතරයක් තියෙනවා. කොහොමද අප මේක පියවා ගන්නේ. අපේ රටට සංචාරකයින් ආවා. විදේශ ආයෝජන ආවා. බුරුතු පිටින් ණයත් ගත්තා. පිටරට ඉන්න අය අපට වසරකට ඩොලර් බිලියන හයක් අටක් අතර ගණනක් එව්ව. ඒවායින් තමයි අප මේ පරතරය පියවා ගත්තේ. ඊට අමතරව ඩොලර් බිලියන 6ක විතර ණය අපට ආපසු ගෙවන්නත් තියෙනවා. නමුත් 2020 වසරේදියි වසන්ගතය නිසාම පිටරටව ඉන්න අයගේ රැකියා අහිමි වෙලා දස දහස් ගණනින් ලංකාවට එන්න පටන් ගත්තා. මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් පැමිණ ඒ වගේම පැමිණෙන්නන් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා කියන්නේ. සංචාරකයන්ගේ ගේ පැමිණීම විදේශ ආයෝජන බිංදුවට වැටුණා.

    අන්න එතකොට තමයි අපට මතක් වුනේ සිරිලක දේ සිරි සැප දේ කිව්වා නම් මීට වඩා හොඳයි නේද කියලා. පිටරටින් ගේන එක සීමා කරන්න ආණ්ඩු ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මුලින්ම තීරණය කළා අනවශ්‍ය දේවල් පිටරටින් ගේන එක නතර කරන්න. අපේ රටේ හදන්න පුළුවන් සෑම දෙයක්ම පිටරටින් ගේන එක අප සීමා කළා. අපේ රටේ නිෂ්පාදනයට අප යොමු වෙන්නට ඕනෑ. නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්න අපේ අය හිතන්නට පටන් ගත්තා. අපට එහෙම සිතිය යුතු යැයි බල කරන්නට කොරෝනා පැමිණ පණිවුඩයක් දුන්නා.

    දැන් අපේ කට්ටියගෙ ලොකු මැසිවිල්ලක් තියෙනවා අලුත් වාහනයක් දැක්ක කාලයක් මතක නෑ කියලා. වසරකින් විතර පිටරටින් වාහන ගෙනල්ල නෑ නේද කියලා. තවත් නොයෙකුත් භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කරලා. සමහරු අහනවා තව කොතරම් කාලයක් අලුත් වාහනයක් නොගෙන ඉන්න වෙයිද ? වෙළෙඳපොළට ගිහිල්ලා පිටරටින් එන ඇතැම් භාණ්ඩ ගන්න තව කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා. අවාසනාවට තවත් සෑහෙන කාලයක් බලා ඉන්න නම් සිද්ධ වෙනවා. පිටරටින් බඩු ගේන එක සඳහා පනවා ඇති සීමා නුදුරු අනාගතයේ ඉවත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. පසුගිය වර්ෂයේ ආනයන සීමා කරලා ඩොලර් බිලියන 20 සිට ඩොලර් බිලියන 16 දක්වා පමණයි අඩු වෙලා තියෙන්නේ. ඉතුරු කරල තියෙන්නෙ ඩොලර් බිලියන 4යි. අපනයන ආදායම ලොව බිලියන 10 දක්වා ඇදගෙන වැටිලා තියෙනවා. මේ අනුව තවත් ඩොලර් බිලියන 6ක පරතරයක් තියනවා. ණය ගෙවා දැමීමට තවත් ඩොලර් බිලියන 7ක් අවශ්‍යයි. දැන් මේ ඩොලර් බිලියන 13 හොයා ගන්නේ කොහොමද?

    ඒ අනුව රටින් පරණ පුරුදු විදිහට බඩු ගෙන ඒමට අවස්ථාවක් ලබාදීමට හැකියාවක් නෑ. ඒ තමයි තිත්ත ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ලෝකයම ගම්මානයක් වෙලා තියෙන කළයක...

      සිරිලක දේ සිරිසැපදේ කියලා අපේ රටේ ඉන්න උන්ට වැඩි මිළට ජරාවල් දෙන එක නෙමේ කරන්න ඕන...

      සිරිලක දේ ලෝ සැප දේ කියලා අපේ නිශ්පාදනයන් ලෝකයේ අනෙක් ඒවා සමඟ තරඟයක් දෙන්න පුලුවන් විදියට හදන එකයි කරන්න ඕන...

      Delete
    2. අද ලoකාවේ ප්‍රසිද්ධ කුඩ නිශ්පාදනය කරන සමාගමක් 80 ගනන් වල වෙළඳපල අල්ලාගත්තේ Made in Sri Lanka වචන ජපන් අකුරුවලින් ලියලා කුඩවල ගහලා කියලා කතාවක් ඒ දවස්වල කියනවා මතකයි.

      Delete
  2. මාතා බලනවා ඇති ලෙජන්ඩ්ලා ක්‍රිකට් ගහන අර රෝඩ් සේෆ්ටි ටූනමන්ට් එක.

    ඒක බලන කොට මතක් වුණේ අපි පුංචි කාලෙ අනූ අටේ විතර ලෝඩ්ස් වල මුරලි බෝල් කල හැටි,
    සනා කකුල් දෙකම උඩ තියාන උඩ පැනල හොලිඕක්ට හයේ ශොට් එක ගහපු හැටි,
    අර්ජුන ඇවිද ඇවිද ළකුනු ගත්ත හැටි,
    කුමාර ධර්මේ උනන්දුවා අඩ අඩා බෝල ඇහිදපු හැටි,
    ඇටකිච් උපුල් චන්දනයා බෝල අඹරපු හැටි,
    පුප්පයා වයිඩ් දානකොට හුප් කියවුන හැටි,
    රොශාන් ක්‍රෑම්ප් වුන හැටි,
    දුවන්න හොර ගුරා ඇස් පිහ පිහා ගාඩ් එක ඉල්ලපු හැටි,
    ඩැරල් හෙයාර් මුරලිට ගේම ඉල්ලනකොට අපි අම්පයර්ගෙ අම්මට බැනපු හැටි,
    අර්ජුන ඒ වෙනුවෙන් ගේම ඉල්ලනකොට කදුලු පුරවන් ලංකාව ගැන හැගීමෙන් බලන් හිටිය හැටි,
    ඒ මැච් එකේ අන්තිම ලකුන මුරලියා ගහලා මැච් එක දිනනකොට දත්මිටි කමින් මාර ගැම්මෙන් ඒක විදපු හැටි,
    අරවින්දයාගේ ශොට් වලින් පිටිය වර්ණවත් වූ හැටි,
    හශාන්ගේ පස්ස වැනිල්ල අලංකාර වූ හැටි,
    කලක් බිංදුවට අවුට් වූ අතපත්තුවා ලෑලි දානකොට ඌව පතුරු ගහපු හැටි,
    ප්‍රමෝද්‍යගෙ දිවිල්ලට ආස කරපු හැටි,
    වාස් කුරුසය ඇදලා දාපු පලවෙනි බෝලෙන්ම පොරවල් අවුට් වුන හැටි,
    සිංගප්පුරුවෙදි සනා ෆාස්ටස්ට් ෆිෆ්ටිය දාපු හැටි,
    ලිට්ල් කලූ ස්කෝර් ඩයිනමෝ එක වුන හැටි,
    මුල් ඕවර දහය යනකං හාට් ඇටෑක් හැදේවිද කියල බයෙන් හිටිය හැටි,
    අපේ කොල්ලො මෑන් ඔෆ් ද සීරිස් වෙලා උන් ග්‍රවුන්ඩ් එක වටේ කාර් පැදපු හැටි,
    ටෝනි ග්‍රේග් ලංකාවේ අන්නාසි වට්ටියද රස කරමින් වර්ණනා කල හැටි,
    දැන් පිටිය හරහා මද සුළගක් හමා යන බව පවසමින් පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ රේඩියෝවෙන් අපිව ක්‍රීඩා පිටියට අරන් ගිය හැටි,
    ස්ටීව් බක්නර් හිතල මතල පරක්කු වෙලා අවුට් එක දුන්න හැටි,
    බිලී බවුඩ්න් නට නටා අම්පයරින් කල හැටි,
    ප්‍රතාපවත් ඩේවිඩ් ශෙපර්ඩ් නෙල්සන් ආවම තනි කලුලෙන් හිටිය හැටි,

    ඊට කලින් පරම්පරාවේ අයට නම් මැච් එකක් තියෙනකොට ටී වී බලන්න බැට්‍රිය චාජ් කරල දෙන්න කියල තාත්තාට කරදර කල හැටි, ඒ වෙනුවෙන් අම්මාගෙන් බැනුම් අහපු හැටි,
    මැච් බලන්න හන්දියේ පතිරත්න මල්ලිලාගේ ගෙදරට බඩගාපු හැටි,
    දවස් පහම ටෙස්ට් මැච් බලන්න කාලෙ ගත කල හැටි,
    ටෙස්ට් මැච් එකේ රෙස්ට් ඩේ එක ඉවර වෙනකං නිනව්වක් නොතිබුන හැටි වගේ දේවල් පවා මතක ඇති.

    එතකොට කැම්පස් කාලෙදි හොස්ටල් එකේ හූ කිය කිය මැච් බලපු හැටි,
    තම්බියො පක්කන්ට අදිනකොට අපි රවපු හැටි,
    රොශානුයි සනායි ටෙස්ට් මැච් වර්ල්ඩ් රෙකෝඩ් එක තියන දවසෙ කැම්පස් එකේ එග්සැමිනර්ලගෙන් ස්කොර් එක අහපු හැටි,
    2007 වර්ල්ඩ් කප් ෆයිනල් එක බල බල ඉන්නකොට අලපලාදෙනියෙ යාලුව ගේ ගෙදර ලයිට් ගියාම ඉතුරු ටික බලන්න මහ වැස්සේ අල්ලපු ගමට වෙනකං දුවපු හැටි,
    මැච් එක දින්නම නොදන්න උන් එක්ක සහෝදරකමින් හුරේ දාපු හැටි,
    මැච් දවසට කොළඹ පාරවල් වල ට්‍රැෆික් අඩු වුන හැටි,
    ලෙජන්ඩ්ලා රිටයර් වෙනකොට අහැට කදුලු උනපු හැටි.....

    ලෙජන්ඩ්ලා ආයෙත් ග්‍රවුන්ඩ් එකට බැහැල ගේම දෙනකොට ආයෙත් මතක් වෙනව බං.

    ක්‍රිකට් ක්‍රීඩාවේ මෙලෝ මගුලක් අදටත් නොදන්නා ගං කබර අපේ ඉපනැල්ලට ක්‍රිකට් පිච් ගෙනාව ලෙජන්ඩ්ලා නම් ඉතින් පොරවල්ම තමයි.

    එතෙක් වේදිකාවට, සිනමාවට සීමා වී තිබු සීනිබෝල පාටැති යව්වන සිහින කුමාරත්වයට පයින් ගසා ආකර්ශනීයත්වය උඩු යටිකුරු කළ බඩ තඩි අර්ජුනලා, කලු අරවින්දලා, මිටි කලූලා, තට්ට සනාලා ලංකාවේ ක්‍රිකට් මෙන්ම හැන්ඩ්සම්කමේද බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ලා.

    ඇර සනා ඇර.... පර්සි අයියේ කටේ ඇගිලි දෙකම ඔබල විසිල් ගහන්න කොඩිය අරන් වරෝ.... ඇඩෙනවා අම්මපා...

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ රිකැට් වගේම පට්ට ලිවිල්ලක්

      Delete
  3. මෙහෙම දේකුත් තියෙනවා මාතා, රට වසා දමන්නේ නැතුව කොරෝනා පාලනය කිරීම කියලා කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඇත්තටම මාතාට කියන්න රට වැඩ කරන ගමන් කොරෝනා පාලනය අතිශයින්ම අභියෝගාත්මක කටයුත්තක්. මෑතකදී ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් කියනවා කොරෝනා දෙවන රැල්ලට හොඳින්ම මුහුණදුන් රටවල් අතුරෙන් ශ්‍රී ලංකාවට 10 වන තැන ලැබෙන බව. ඒ රටවල් 203ක් අතරින්.

    අපි අද අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් අද අපි 2020 / 21 වසරවල් සංසන්දනය කරන්න අවශ්‍ය 2019 වසරක් එක්ක නෙවෙයි. 2020 ලෝකයේ අනිත් රටවල් එක්ක. ගිය අවුරුද්දේ අපේ ආර්ථිකය -4% දක්වා හැකිලුණා. නමුත් මහා බලවත් අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය -10% ට පහළ බැහැලා.

    ලෝකයේ අනෙක් රටවල් සමඟ බලද්දී ලංකාව මේ වසංගතයට හොඳින් මුහුණ දුන්නා කියලා ජාත්‍යන්තර විශේෂඥයන් පවසන්නේ ඒ නිසයි. අපටත් අමාරුයි තමයි. නමුත් මේ වසංගතයට මුහුණ දුන් වෙන රටවල් සමඟ බලද්දී අප තවමත් හොඳ ජීවිතයක් ගත කරනවා.

    කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් බිලියන හතරක් කොරෝනා නිසා වසා දැමූ ප්‍රදේශ වල ජනතාවට සහන දෙන්න 2020 වර්ෂයේ වියදම් කරලා තියෙනවා. අනෙක් දිස්ත්‍රික්ක වල එලෙස කටයුතු කරල තියනවා. පී.සී.ආර් පරීක්ෂණ සඳහා, නිරෝධායනය කටයුතු ආදී කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 100 කට අධික මුදලක් වියදම් කර තියෙනවා. ජනතාවට ලබාදුන් සහන සමඟ ගත්තොත් රුපියල් බිලියන පන්සීයකට අධික මුදලක් ලංකාවෙ රජය මේ කොරෝනා වෛරසය වෙනුවෙන් සිදු කරන සටනට වියදම් කරලා තියෙනවා.

    කොරෝනා වයිරසය නිසා සිදුවූ මේ හානිය රුපියල් බිලියන පන්සීයක් ගොඩගහලා ගිනි තිබ්බා හා සමානයි. ඒ වියදම් හරහා රටේ ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැහැ.

    අද ලෝකයේ ධනවත් රටවල් වත් නිරෝධායනය වනු කියල කිව්වට නිරෝදායනය වන විට කන්නේ කොහොමද බොන්නෙ කොහොමද බලා හොයලා බලලා බඩු ගෙදරට ගෙනත් දීමේ සංස්කෘතියක නැහැ. ලංකාවෙ වගේ මුදල් දීමේ සංස්කෘතියක් නැහැ.

    පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ආර්ථිකය කඩා වට්ටපු විපක්ෂ කණ්ඩායම්ය වන සජබ ජවිපේ හා ටී එන් ඒ දැන් මේ ආණ්ඩුව මේ ආකාරයෙන් හරි ආර්ථිකය කළමනාකරණය කරගෙන ජනතාවට සහන ලබා දෙන එකත් විවේචනයට ලක් කරනවා. මදි කියලා කියනවා. ඇත්තටම ඒ කට්ටිය පහුගිය වසර පහ රට පාලනය කලේ නැත්නම් ඊටත් වඩා දෙන්න තිබ්බා.

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් හත් දෙනෙකුට ම කොරෝනා හැදුනා. මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව හමුවනවා. එමගින් වැඩිදෙනෙකුට බෝවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම පළමු ආශ්‍රිතයන් විශාල පිරිසක් ඇති වෙනවා. ඔවුන්වත් නිරෝධාන කරන්නට සිදු වෙනවා. ජන ජීවිතය කඩා වැටෙනවා සමාජ අර්බුද ඇති වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගහන්න කියලා ඉල්ලුවේ නැතත් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දීමට තීරණය කළේ ජනතාවගෙන් මන්ත්‍රීවරුන් බේරාගැනීමට නෙවෙයි. මන්ත්‍රීවරුන්ගෙන් ජනතාව බේරා ගැනීමටයි. සෞඛ්‍ය අංශ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත තීරණයක්.

    කවුරු හරි ගිහිල්ලා බලහත්කාරයෙන් එන්නත් ලබාගෙන තියෙනවා නම්, තමන්ගේ පවුලේ අයට හිතමිත්‍ර අයට එන්නත් ලබා දීලා තියෙනවා නම් එයට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නිලධාරීන්ගේ කටයුතුවලට මැදිහත් වෙනවා නම් ඒ අයට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා නම් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ එන්නත විද ගත යුතුයි කියලා මට විදින්නට එපා කියලා චන්ඩි කතා කියමින් එන්නතට බයේ පසුබසින කවුරුහරි ඉන්නවනම් ඒ අයට ද රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    ReplyDelete
  4. මාතලන්ට ටික ටික මොළේ පෑදෙනවා නේද? ඕක තමයි අපි මෙච්චර කල් කියපු දේ. අපි කලින්ම කිව්වා ආණ්ඩුව සහ නන්දසේන පේල් බව. අපි පැහැදිලිව තේරුම් කලා ජවිපෙ ජාතික ජන බලවේගයේ අරමුණ ලංකාවේ කියුබාව හා සමාන ඉතා දියුණු තාක්ෂණයක් සහිත සංවර්ධිත සමාජවාදී ආර්ථිකයක් ඇති කිරීමයි. ඒ සඳහා ජවිපෙ ජාතික ජන බලවේගයේ නවීන සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. ලංකාවේ රාජ පක්ෂ චෞරයන් විසින් සොරකම් කළ ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් සහ මහ බැංකුවේ හොරකම අනුව මහේන්ද්‍රන් සොරකම් කල බිලියන පණස් ගණනක් පමණ වූ මුදල් ද නැවත රජයට අත්පත් කරගෙන ඒ මුදල් මගින් දිළිඳු ජනයා නගා සිටුවීම සහ බඩු මිල අඩු කිරීමට ඒවා වැය කළ හැකියි. ජීවන වියදම් අඩුකර නවීන සමාජවාදී දැනුමෙන් සන්නද්ධ නවීන පන්නයේ මිනිසුන් බිහි කළ විට ඉතා පහසුවෙන් රට සංවර්ධනය කළ හැකි වනු නිසැකයි.

    ජවිපෙ ජාතික බලවේගයට ඇති එකම චෝදනා 88/89 වගේ ජවිපෙ මිනී මැරුම් කරන බවට ගොන් මෝඩ මීහරක් අදහසක් තියෙන්නේ ලංකාවේ ඉන්න හැට නම ලක්ෂයක් තැරිදාර පුන්නක්කු සාඩිං ටින් ගැසට් රිවස් මීහරක් වහල් බයි කාලකන්නි හැත්තට විතරයි. ලංකාවේ බුද්ධිමත් ජනතාව ඔය වගේ ගොන් මෝඩ මීහරක් කතා කියන්නේ නැහැ.

    චොකා මල්ලි, පිල්ලයාන්, කරුණා, කේ.පී. ඇතුළු මිනීමරුවන්, හොරුන් මංකොල්ල කාරයෝ, යකඩ හොරු, මාල හොරු, කසිප්පු කාරයෝ, පරිසර විනාශය කරන කැලෑ හොරු අති බහුතරය ඉන්නේ පොහොට්ටු කම්බ හොර කල්ලියේ මිසක් ජවිපෙ නෙවෙයි.

    ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය ඉතාමත් උගත් අය වන අතර ඒ සියලු දෙනාම රටට ආදරය කරන බුද්ධිමතුන් පිරිසක්. ඉතින් ඔය ගොන් මී හරක් පස්සේ නොගිහින් ජවිපෙ ජාතික ජන බලවේගය සමග එකතු වී රට දියුණු කරන්න පුළුවන් ගොන් පාට් නවත්තල ජාතික ජන බලවේගය කියන දේ අහපන් මෝඩ පම්කෙක් නොවී.

    ReplyDelete
    Replies
    1. ජනතා කියන්නේ මී ගව රැලක්...

      උන්ට සංසාරෙදි ලංකාවේ බලය ලැබෙන්නේ නෑ...

      Delete
    2. උඹ කියුබාවට ගිහින් තියේද ? ඔය සමාජවාදෙ ගැන දෙසන්න ඉස්සෙල්ලා අඩුම ගානෙ වියට්නාමටවත් ගිහින් වරෙන් කෝවිඩ් ඉවර වෙච්ච දවසක. ඔය ගොන් සමාජවාදෙන් මිනිස්සු කොච්චර බැට කනවද කියල එතකොට බලාගන්න පුළුවන්. කියුබාවෙ තියෙන්නෙ අවුරුදු 50 පැනපු වාහන, ළමයින්ට බේත් නෑ, මිනිස්සු ගොඩක් දුප්පත්, ඒ නිසා දුප්පත්කමට ගොඩක් කාන්තාවො ඇඟ විකුණන තත්වෙට පත් වෙලා. රටක් ගැන තේරුම් ගන්න, ඒ රටට ගිහින් ටික කාලයක්වත් ජීවත් වෙන්න ඕනෙ. උඹලගෙ ඔය ගොන් සමාජවාදෙන් රටක් ගොඩ ගන්න බෑ. ඔය කියන සමාජවාදී රටවලට වඩා අපේ රට දියුණුයි. අපි බලන්න ඕනෙ සිංගප්පූරුව වගේ ධනවාදී විධියට දියුණු වෙන්න, ඒ නිසා සමාජවාදෙ කොහොම ඔතල දුන්නත් අසාර්ථක ක්‍රමයක්. ඒ නිසා ලංකාව වගේ රටක් ඉන්න මිනිස්සු කවදාවත් ජෙප්පන්ට රට භාර දෙන්නෙ නෑ, උඹ වගේ ගොන් හරකෙක් ඇරෙන්න

      Delete
    3. ඒක තමයි කියන්නෙ අලුත් සමාජවාදයකට යන්න ඕන කියන එක. දන් ජේවීපී එක පරන ජේවීපී එක නෙවෙයි කියන එක තාමත් උන්ට මහජනයාට හරියට වටහලා දීඉලා නෑ. චීනය, වියට්නාමය අලුත් වෙලා. හැබැයි තාම කොමියුනිස්ට්ස්ට් / සමාජවාදය අතහැරලා නෑ.

      Delete
    4. @ AnonymousMarch 10, 2021 at 12:13 AM

      @ AnonymousMarch 10, 2021 at 4:54 AM

      ගොන් මීහරක් කාලකන්නි වහල් බයියො නොදන්න මඟුල් කථා කරන්න එපා, ජවිපෙ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩලය කියන්නේ හොඳින් දුර දිග හිතා බලල මනා අවබෝධයක් තියෙන සැලසුමකට අනුව තීන්දු තීරණ අරන් වැඩ කරන ඉතාමත් බුද්ධිමත් කණ්ඩායමක්

      දැන් ඔය බොලා වගේ ගොන් වහල් හැත්ත කරන්නෙ නිකම්ම නිකම් හිස් මිනිස්සු වගේ දන්න දෙයයි, නොදන්නා දෙයයි එකට දාගෙන නිකම්ම චුළු බාන් වෙනවා
      මෙතන වැඩි දෙනෙක් මරා වාදී ගෝත්‍රික වහල් අදහස් වලින් පිරුණු ගොබ්බ වාහෙලා රොත්තක්
      මිදියල්ලා ඔය වහල් කමෙන් එතකොට තේරුම් ගන්න පුළුවන් සත්‍යය

      මේක කියවලා බලපියව් හරක් රැල උම්බෑ උම්බෑ කියන වෙලාවේ

      https://www.facebook.com/groups/campofjvp/permalink/2481111155341906/?app=fbl

      Delete
  5. නරකම වසත් ටික දුන් විට ඔසුවක් වෙයි
    එය කළ යුතු පමණ දන්නේ දොස්තරලයි
    ගිය වසරෙදිත් මඟ පෙන්නුවෙ ඔවුන් නෙවෙයි
    රජු වට කරන් ඉන්නෙත් කොන්දොස්තරලයි

    ReplyDelete
  6. මාත ගෝතයො, ආනයන සීමා (වාහන ඇතුළු ) ඉවත් කරන්න පුළුවන්. හැබැයි, මැද පෙරදිග ගෑණුන්ගෙනුයි, ජුකී කෑලිවලිනුයි එන ඩොලර් අඩුවෙලා හින්දා උඹවත් ඩොලර් ටිකක් නන්දසේන හෝතයට හොයලා දීපන්. කොච්චර කඩේ ගියත් උඹලවගේ හාල් කෑලිවලින් කිසිම ප්‍රයෝජනයක් නැති එකේ නරකද සුද්දන්ට පුකවත් විකුණලා ඩොලර් ටිකක් හෙව්වොත් ? බයවෙන්න එපා, අර උදයංග කොලූ ඉන්නවා, ඌට කිව්වොත් කෝවිඩ් නෙමෙයි, ඒඩ්ස් හැදිච්ච සුද්දො ටිකක් හරි පටවයි ලංකාවට.
    මීට මාතෙ නිසා පුක තලාගත් අකිල

    ReplyDelete
  7. මාතා මේ කතාව බලපන්, තිත්ත ඇත්ත මේකේ තියෙනවා;

    https://www.facebook.com/gossipkadee/videos/507949700179008/

    ReplyDelete
    Replies
    1. රන් ගොන්ජගෙ ගොබ්බ කථා මෙතන දාන්න එපා බන්

      Delete
  8. ඒකත් නිකං සංගක්කාරගෙ ප්‍රීමා නූඩ්ල්ස් එකයි මහේලගෙ ඇන්කර් එකයි අර මෙච්චර කුළු බඩු ගොඩක් තියෙන රටේ මුග්ධ තකතීරු මන්ද බුද්ධික චෙෆ් ගෑනියෙක් පරිප්පු වලට සුප් කැට දාන්න කියනවා වගේ අමු මැටි මීහරක් වැඩ. ඔක්කොම වස තමයි ඉතිං සල්ලි වලට මිනිස්සු ඕනෙ දෙයක් කරනවා. තමුන්ගේ ප්‍රසිද්ධිය විකුනලා හම්බ කරනවා. මිනිස්සුන්ට හෙන ගැහිලා ගියත් ඒගොල්ලන්ට කමක් නෑ ඒගොල්ලන්ගෙ වැඩේ වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. Ano,

      පරිප්පු වල චිකන් රහ? ඈක්කා..... නොදකින්

      හරි හමන් චෙෆ් කෙනෙක් නම්, කවදාවත් කිසිම කෑම එකකට සුප් කැටයක් දාන්නෙ නෑ...
      එයා ඒ රස ගන්නෙ ස්ටොක් එකෙන්..

      ස්ටොක් එක හරියට හදාගන්න බැරි ගෙදර බත් එකක් උයන්න දන්නේ නැති කාලකන්නි පම්කේ චෙෆ්ලා තමයි, සුප් කැටේ දාලා රසා...යි කියන්නෙ.. ආච්චි ගේ ඇම්ටේ රහ ... වමනේ යනවා

      Delete
  9. මාතා රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇතුළු සමගි ජන බලවේගයේ ඇතැම් පාර්ශ්ව විසින් පොදු අපේක්ෂකයා ලෙස කුමාර සංගක්කාර යෝජනා කරන එක ගැන නුඹ ඇතුළු පාඨක අදහස් දැනගන්න කැමතියි. කුමාර නැත්නම් සවේන්දර දෙන්නගෙන් හොඳම පොදු අපේක්ෂකයා ලෙස කුමාර සංගක්කාර වඩාත් සුදුසු බවයි පැවසෙන්නේ. 2024 ජනාධිපතිවරණය සඳහා ස.ජ.බ. ජවිපෙ ටී එන් ඒ, SLMC, ACMA, මලයනාඩු මක්කල් මුණ්ණණි ඇතුළු සියලුම රාජ පක්ෂ විරෝධීන් එකට එකතු කිරීම පිණිස කුමාර් මහත්තයා සුදුසු බව පේනවා නේද? මම හැමදාම කියනවා වගේ කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ බිහිවෙච්ච සූක්ෂම මොලයක් තියෙන, බුද්ධියක් තියෙන අතිදක්ෂ පුද්ගලයෙක්.

    ක්‍රිකට් ගහපු සංගක්කාරගේ PR හැකියාව ලංකාවේ ටොප් කියන ඇඩ්වර්ටයිසිං ඒජන්සීස් වල ක්‍රියේටිව් කරන මිනිස්සු ළඟවත් නෑ.

    අන්න ඒ හැකියාව, බුද්ධිය, දෙයක් කරද්දි හරියටම කරන ඩෙඩිකේෂන් එකමයි සංගක්කාර හොද වැඩ වලට වගේම තිරය පසුපස ඔහුගේ යටිකූට්ටු සටකපට තක්කඩි වැඩ වලටත් පාවිච්චි කරන්නේ..

    මෑතකදී වාර්තා වුණ අර ඉඩම් සංසිද්ධියත් සංගක්කාරගේ ඒ සුපිරි සටකපට බුද්ධියේ තරම දැනගැනීමට හොද උදාහරණයක්.

    ටික කලකට කලින් සීගිරිය පෙනෙන මානයේ සංචාරක හෝටලයකට ඉතා උචිත ප්‍රදේශයක ඉඩම් ගොවියන්ට ආණ්ඩුවෙන් නොමිලයේ දෙනවා. මේ බව ඉඩම් වලට ඇහැ ගහන් ඉන්න සංගක්කාර දැනගන්නවා.

    එහෙම රජයේ ඉඩමක් ගත්තු අහිංසක දුප්පත් පවුලක් හොයාගෙනම සංගක්කාර යනවා.

    ක්‍රිකට් ටීවි වලින් බලලා නැති ඒ මිනිස්සු හම්බ වෙන්න ගිහින් ජීවිත කාලෙම ඒ වයසක මිනිස්සු බලාගන්න පොරොන්දු වෙනවා. බෙහෙත් අරන් දෙනවා. හොඳට අත දිග ඇරලා වියදම් කරනවා, සල්ලිත් දෙනවා.

    ඊට පස්සේ ෂේප් එකේ ඒ ඉඩම ලියාගන්නවා.. ලියාගන්නේ 'යෙහාලි පීරිස්' කියන සංගාගේ බිරිඳගේ විවාහයට පෙර නමට. ඉතාමත් දක්ෂ විදියට සංගක්කාරගේ නමට හෝ යෙහාලි සංගක්කාර නම ඒ සඳහා යොදාගන්නේ නෑ.

    ඉන්පසුව නැවතත් කොළඹට පැමිණ සුදුසු වෙලාව එනකම් බලන් ඉන්නවා.

    ඔය අතරේ අහම්බෙන් මේ සිදුවීම සිලුමිණ කර්තෘට ආරංචි වෙනවා, මෑන් සිද්ධිය පස්සේ පන්නන්න ගන්නවා. පත්තිරු හොයාගෙන ඔෆිස් ගානේ යනවා. ඒ මිනිස්සු හම්බ වෙනවා.

    සංගක්කාර දැනගන්නවා තමන්ට වැඩේ පත්තු වෙන්න යන බව..

    ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා තමන්ම කම්ප්ලේන් එකක් දානවා ඉඩම් කොමසාරිස්ට. ඒකේ ඇත්ත කතාව හංගලා අර අසරණ මිනිස්සු තමන් රවට්ටලා ඉඩම විකුණ්නා කියලා..

    ඔන්න සිදුවීම මාධ්‍යයේ පළවෙනවා..

    එතකොටම ගල් කපටි කුමාර් සංගක්කාර තමන්ගේ FB පේජ් එකේ සටහනක් එක්ක පසුව දාපු පැමිණිල්ල සංගක්කාර රිලීස් කරනවා..

    සංගක්කාර සමාජ අපවාදයෙන් නිදොස් වෙනවා. හෙළිකරපු පත්තරේ සමාජය ඉදිරියේ වැරදිකරුවා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ක්ලාස් එකේ ඉඳලා ගේම් ක්ලෝස් කරන්න අති දක්ෂ ක්ලාස් සංගක්කාර රාජපක්ෂලා එක්ක ලස්සනට ඩීල් දාලා දේශපාලන සහ මිත්‍රත්ව සබඳතා සහ මුදල් භාවිතා කරලා ඉදිරී පරීක්ෂණත් යට ගහනවා. නිදොස් වී නිදහස් වෙනවා.

      මෙන්න මේ බුද්ධිය ගැනයි මම කලින් කිව්වේ.

      අනතුරක් පැමිණෙන විට එයින් ගැලවීමට පවා ක්ෂණිකවම උපායක් ඇටවීමට තරම් ඔහු ඉතාමත් බුද්ධිමත්..

      ඒ වගේම තමයි 2016 දී චාර්ලි ඔස්ටින් ගැන මාධ්‍ය වලින් එක්ස්පෝස් කරද්දි මම සංගක්කාරගේ බිස්නස් ගැන රීසර්ච් එකක් කළා..

      එතනදි මම දැක්කේ සංගක්කාර ප්ලේයර් මැනේජ්මන්ට් බිස්නස් විතරක් නෙවෙයි චාර්ලි ඔස්ටින් එක්ක කල්ටිවේෂන් / සෝලර් එනර්ජි / මයික්‍රෝ ෆයිනෑන්ස්/ ලෑන්ඩ් සේල් බිස්නස් පවා මහා පරිමාණයෙන් කරනවා.

      විශ්වාස කරන්න ලංකාවේ වල්ලපට්ටා (agarwood) ජවාරම පවා ඇරඹුවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන. ඒ කල්ටිවේෂන් නාමයෙන්. මහේල ඉන්වෙස්ටර් කෙනෙක් විදියට පාර්ට්නර් වුනත් ඔය පසුපස මහමොළය හැමදාම කුමාර් සංගක්කාර.

      2016 දී සංගක්කාර ජාතික වීරයෙක්. ඔහුට විරුද්ධව කතා කිරීම පවා ගුටි කන වැඩක් වුනා. නමුත් ටික දෙනෙක් බය නැතුව එය කළා. කොහොම හරි වැඩේ පත්තු වෙලා චාර්ලි ඔස්ටින් ලංකාවෙන් එළවා දැමූවා. ඒක කිරීමට හැකි වුනේ ඒ පිරිස නිවැරදිව අවශ්‍ය තරම් කරුණු රීසර්ච් කරලා, සාක්ෂි තියාගෙන, හරියටම හොයාගෙන රටට එළිකරපු නිසා.

      මම හොයා ගත්තු විදියට කුමාර් සංගක්කාර චරිතය අතිශය ධනවතෙක් වුනත් මුදල් ඉපැයීමෙන් සෑහිමකට පත්නොවෙන කෙනෙක්.

      ලංකාවේ විතරක් ගත්තොත් ඔහුට රටපුරාම විවිධ වටිනා ස්ථානයන්හි ඉඩම් පවතිනවා. නීත්‍යානූකුලව ලබා ගත් ඒවා මෙන්ම එසේ නොකර ලබාගත් ඒවා. මීට අමතරව ඉන්දියාවේ සහ තවත් ආසියාවේ රටවල ඔහු විවිධාකාර ආයෝජන කරල තියෙන්නෙ.

      මට කුමාර් සංගක්කාර දකිද්දි මතක් වෙන්නේ අපි පුංචි කාලේ ආසාවෙන් කියවපු ශර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන මහාචාර්ය මොරියාටි.

      ශර්ලොක් හෝම්ස්ට සමාන බුද්ධියක් තිබුණු මොරියාටි පතාල ලෝකයේ සියලු අපරාධ මෙහෙයවූවත් සමාජය ඉදිරියේ සත්ගුණවත්, කීර්තිමත් පුරවැසියෙක්.

      මොරියාටිට අපරාධකාරයා යැයි කිවහොත් අපහාස නඩුවක් දමා වන්දි ගෙවීමට වන ප්‍රතිරූපයක් මොරියාටි තියාගෙන හිටියා.

      කුමාර් සංගක්කාර වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ලෝකයේ මහාචාර්ය මොරියාටි.

      ඔහුගේ බුද්ධිය, කපටි මොළය, තීක්ෂණ නුවණ සහ දෙයක් කරද්දි පරිපූර්ණත්වයෙන් කරන්න කැපවීම ගැන මට හැමදාමත් තියෙන්නේ ගෞරවයක්. කෙසේ වෙතත් ඔහුගේ හේටර්ස්ලා (haters) ලාට විරෝධය තියෙන්නේ ඔහු ඒ බුද්ධිය මෙහෙයවමින් මිනිසුන් රවටමින් සිදුකරනා විවිධාකාර සටකපට ජාවාරම් වලට එරෙහිවයි. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිරූපය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඔහුව මීළඟ පොදු අපේක්ෂකයා කිරීම සුදුසු බව පේනවා නේද?

      Delete
  10. මාතා දන්නවා නේද සංගක්කාර කියලා අඳ ගොවියෙක්? මෑන්ගේ ගම මහගේ යෙහාළි සංගක්කාර රුපියල් 7,000ක මාසික ආදායමක් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවක්.

    හොරට හැඳුනුම්පතකුත් හදලා, පවරගෙන තියෙන්නෙ රෝගී වෙලා අරසණ වුණු යුවලකගෙ ඉඩමක්.

    අඩු ආදයම් ලාභී පවුල්වලට ජීවත්වෙන්න දෙන ඉඩම් කට්ටියත් කූට ලේඛණ හදලා කොල්ල කාලා. නඩු ඇහුවොත් ඇපත් නැතිව හිරේ.
    කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළිත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය.

    එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි. මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට ලියා ගැනීමට තරම් හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් සිළුමිණ පුවත්පත මේ කතාව තොරතුරු සහිතව හෙළිදරව් කර තිබුණේ තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලබාගත් තොතරතුරු ප්‍රකාරව වාර්තාකරණයක් සිදුකර මේ අශිෂ්ට ගනුදෙණුව ගැන ලෝකයට කියා තිබුණේය.

      අප කිසිවිටෙක ප්‍රාර්ථනා නොකළ සංගක්කාරගේ නිරුවත්වීම පෙළ ගැසෙන්නේ මෙසේය. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

      දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක් විය. සිද්ධිය ඉඩම් ගනුදෙණුවකි. මෙම ගනුදෙණුවේ සැකකටයුතු භාවය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් පැවතිනි. ඒ නිසා සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලිපියක් සපයන සීගිරිය විශේෂ වාර්තාකරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගනුදෙනුවේ සියලු ලේඛණ ලබාගෙන තිබුණේය.

      දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූවාය. ඇයත් ඇයගේ සැමියාත් සිටියේ ලෙඩ ගානේය. අන්ත අසරණ මේ යුවලට ඉඩම භුක්ති විඳිමින් එය නඩත්තු කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඒ නිසා තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිටියාය.

      මෙවන් හිමිකමක් පැවරීමට වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන්ම ඉඩම් නිලධාරීවරයා ද හිමිකම පරීක්ෂා කළ යුතුය. අනතුරුව සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතුය. අවසානයේ පැවරීම සනාථ කරන අත්සන ප්‍රාදේශිය ලේකම් විසින් තැබිය යුතුය.

      ඉඩම පවරා තිබුණේ ඇරුව්වල දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකටය. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය. ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇය අඩු ආදායම් ලාභීය. ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට මාසික ආදායම රුපියල් 7000ක් පමණය. සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගේ අත්සනින් යුතුව දෙසැම්බර් 14 දා ඉඩම ඉහත අඩු ආදායම් ලාභී කාන්තාවට පැවරීමට ප්‍රාදේශීය ලේකම් කටයුතු කළේය. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි.

      එහෙත් තොරුතුරු සොයගෙන යනවිට එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියේ නැත. ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුවම නිශ්චය කරගත හැකි විය.

      හෙළි වන්නේ අපි කිසිවිටෙකත් ඇසිය යුතු නැති අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය.

      සංගක්කාර බිරිය ඉඩම පවරා ගත් දුගී කාන්තාව තමා ඉඩම ලබා දුන්නේ කවරෙකුටදැයි දැන සිටියේ නැත. ඇය මෙසේ කීවාය.

      “ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“

      දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. සංගක්කාරගේ “බයෝ ග්‍රැෆිය“ ඉංග්‍රීසියෙන් ලියූ පසු එය සිංහලට නගන්නට බලා සිටින මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් මේ වග හිතන්නට නැත. ඔස්කාවයිල්ඩ් ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවූ සාහිත්‍යධර සංගක්කාරලා මේ රටේ මිනිස්සුන්ගේ පරඬැල් වැනි ජිවිතවලට ආදරය කර නැතිබව අමරකීර්ති ලියා තබනු ඇතිදැයි නොදනිමි.

      ඊයේ වනවිට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කර ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව වාර්තා විය. සිදුවෙමින් ඇත්තේ බරපතල ක්‍රියාවක් බව කීවේය. දුගී මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන මේ කටයුතුවලට වැට බැඳිය යුතු බව කීවේය. ඔහු කීවේ හොර ඔප්පු හැදූ ග්‍රාමසේවකගේ දරුවෙක් කුමාර් සංගක්කාර විසින් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් කර දී ඇති බවය.

      මේ පාදඩ වංචාවට නීතිය ක්‍රියාත්මක වුවහොත් ඇපත් නැත. හොර ඔප්පු පමණක් නොව හොර හැඳුනුම්පත් කූට ලේඛන ඉදිරිපත් වී තිබේ. එසේ කර වංචා කර ඇත්තේ එදාවේල හොයාගන්නට බැරි දුගී අසරණයන්ගේ වත්කම්ය.

      අප දැන් බලා සිටින්නේ රටේ නීතිය දෙසය.


      https://m.facebook.com/story.php?story_fbid=421734435725406&id=100036665594068

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න