.

.

Jul 12, 2021

15 හැවිරිදි දැරිය කරේ තබාගෙන නටන චූටී බබාලාට..


මුලින්ම කියන්න තියෙන්නේ, රටක නීතියක් තියෙනවා නම් අපි ඒක පිලිගත යුතුයි. ඊට අවනත විය යුතුයි.

දැන දැන ඊට එරෙහිව කටයුතු කරනවා නම්, නීතියට අදාල දඬුවම් විදින්න රෙඩි වෙලා ඒ රිස්ක් එක ගන්න ඕන.

මම දන්න තරමින් ගනිකා වෘත්තියේ යෙදිලා අහුවුනොත් උසාවියෙන් ගහන දඩය රුපියල් සීයයි.. ඒ වගේම ගනිකා නිවාස හෙවත් බ්‍රොතල්ස් ගැනත් තියෙන්නේ මහා ලොකු දඩ නෙමෙයි...

ඊට අමතරව සමාජ රෝග තියෙනවද බලලා වාර්ථා කිරීමට රෝහල් ගත කරලා, යහමගට ගන්න පරිවාස බාරයට යවනවා.

ලංකාවේ කිසිම දෙයක කාර්‍යක්ෂමතාවටක් නැතෙයි කිව්වට, මේ ක්‍රියාවලිය නම් ඉතා සීඝ්‍රගාමීව සිඳුවෙනවා...

යහමග කෙසේ වෙතත් දවස් දෙක තුනකින් ආයෙත් මහමග, නැත්නම් චිරප්‍රසිද්ධ තැන්වල.

අනික කවදාවත් ගනිකාව උසාවී දැම්මට, සේවා දායකයා උසාවී ගෙනියන්නේ නෑ.

මොකද ගනිකා වෘත්තිය කියන්නේ ලෝකයේ පළමු රැකියාව වගේම ලෝකය පවතින තුරා පවතින රැකියාවක්. මෙතනදි ගොඩක් අය හිතන්නේ කාන්තාව පමණක් මේ රැකියාවේ නිරත වෙනවා කියලා. අද ලෝකයේ එහෙම නෑ.

අද කාන්තාව වගේම පුරුෂයින් මෙන්ම වෙනත් ලිංගික අනන්‍යතාවයන් සහිත සියල්ලන්ම. ගනිකා වෘත්තියේ යෙදෙනවා.

ඊට අමතරව වයස 13 ට වැඩි දරුවන් මෙන්ම වැඩිවියට පත් නොවූ දරුවන් පවා ලෝකයේ බොහෝ රටවල මේ සේවයේ යෙදෙනවා. වියට්නාමය, කාම්බෝජය වගේම තායිලන්තයත් ඒ සඳහා ප්‍රසිද්ධයි.

මෙහේ මෙ බාල දරුවන් සේවනයට හේතු වෙන්න ඇත්තෙත්, කලින් ඔය වැඩේට ඔය රටවලට ගිය අයට දැන් ඒ රටවලට යන්න බැරි වීම.

බාල වයසේ දරුවන් හා ලිංගිකව එක්වීම  ලෝකයේ සභ්‍යත්ව පිලිගැනීම් අනුව සැලකෙන්නේ අපචාරයක් ලෙස. එමෙන්ම එය මානසික රෝගී තත්වයක් ලෙසත් සැලකෙනවා. (Phedopile )

කාළයක් ලංකාව බාල වයස්කාර පිරිමි දරුවන් හා ලිංගිකව එක්විය හැකි පාරාදීසයක් ලෙසත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. හික්කඩුව, බේරුවල, අළුත්ගම, මීගමුව කියන පෙදෙස්වල සිද්ද වූ මේ දේවල් අපේ ඇස් දෙකින් දැකලා තියෙනවා.

වාසනාවකට අද ඒක ඇත්තෙම නැති තත්වටකට පත්වෙලා තියෙනවා.

ලංකාවේ නෙමේ බොහෝ රටවල ගනිකා වෘත්තිය නීතියෙන් තහනම් වුනාට වැඩේ අප්‍රසිද්දියේ යනවා. හැම ආන්ඩුවක්ම ඊට එරෙහිව තදබල නීතී රීතී ගේන්න යන්නේ නෑ වගේම පොලීසියත් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ලොව පිලිගත් සාමාජීය තත්වයන් උඩ. කොළඹ නඟරයේ ඕනෑම මට්ටමක ගනිකාවක් සොයා ගැන්ම ඉතා සුළු දෙයක්. ඒ ක්‍රම පාරිභෝගිකයන් දන්නවා. 

මේවා නැවැත්තුවොත් වෙන්නේ මහා සමාජ ව්‍යසනයක්. ආන්ඩුව ස්පා (Spa) විවෘත  කරන්න තීරණය කරන්නෙත් ඒ හේතුවෙන්. එහෙම නැත්නම් වෙන්නේ ලිංගික අසහනයෙන් පිරි සමාජයක් හා ස්ත්‍රී දූෂණ ළමා අපචාර පිරි විනාශකාරී සමාජයක් බිහි වීම.

යුද්ධය පැවති සමයේ නිවාඩූ යන සොල්දාදුවන්ට උපත් පාලන කොපු ලබා දෙන්නෙත්, අනුරාජපුරය අනුලා දේවිලාගෙන් පිරී යන්නේත්, මේ මිනිස් අවශ්‍යතාවයන් මත.

මිනිස් සිත කියන්නේ ආශාවන්ගෙන් පිරුණු තැනක්. එක එක පුද්ගලයගෙ ආශාවන් විවිධයි විශමයි. ඒ සිත විවාහය කියන ශිෂ්ඨාචාර බැම්මෙන් හිර කරලා පෙට්ටියක දාලා. ඒක තමයි නිවන කියලා නීතියෙන් ආගමෙන් සංස්කෘති තුලින් හිරකරලා තියෙන්නේ. (හිත හීලෑ නෑ.. හරිම මුරන්ඩුයි.. තැන තැන ඇවිදිනවා.. හිතෙන හිතෙන තැන නවතිනවා..)

එහෙත් නියම නිදහස හොයන, විඳින රටවල්, අද ලිංගික නිදහසටත් ඉඩ දීලා තියෙන්නේ. ලිංගිකත්වය අද හොඳ වෙළදාමක්. 

නීත්‍යානූකූල සඟරා, පත්තර, ටී වී චැනල් වගේම වෙබ් අඩවී විතරක් නෙමෙයි ඔන් ලයින් බිස්නස් පවා උපරිම ලාබ ලබමින් පවත්වාගෙන යනවා. 

(ලංකාවේ ගොබ්බයො නම් මේවා තහනම් කරන්න තම දත කන්නේ. කොටින්ම උන් ලිංගිකත්වය පාසලේ උගන්වනවටත් විරුද්ධයි, සමහර විට දහම් පාසලේ ප්‍රායෝගික අජ්ජාපනය ලබා දෙන නිසාද දන්නේ නෑ.)

ඔය අන්තර්ජාලයේ තියෙන පෝන් චැනල් ((Porn) ඔව් ඔව් අනේ එකසිය ගානට ඇඹරෙන්න ඕන නෑ.. අර Sex කියලා හොයලා ලෝක වාර්තාවකුත් තිබ්බේ.. කෝමද අසහනේ.. ආන් ඒවා.)) වල පෙන්වන්නේ පෝන් විතරක් නෙමේ. 

ඒවයෙන් ඒ ඒ රටවල් හා සමාජය ගැනත්, මිනිසුන් සිතන පතන ආකාරයත්, ඒ ඒ රටවල සංස්කෘතීන් ගැනත්, විශාල දැණුම් සම්බාරයක් ලබා ගන්න පුලුවන්. මෙවන් එක් වැඩ සටහනක් තමා චෙක් ස්ට්‍රීට් (Czech Street) වැඩ සටහන. ඒ හැර ප්ලේබෝයි චැනල් වගේ චැනල්වලත්, යූ බටෙත් (youtube) තියෙනවා.

දැන් ලංකාවේ අපචාරයට පත් වුනේ මේ දැරිවි විතරද?

ඊයේ පෙරේදා රූපවාහිනි නිව්ස් එකක පෙන්නුවා, ළමා නිවාසෙක පාලිකාවක් විසින් තමන් බාරයේ ඉන්න පිරිමි දරුවන් දෙන්නෙක් බේකරියකට දෙනවා. බේකරියේ මුදලාලියි. එතන පාලිකාවයි මේ දරුවෝ දෙන්නම අපචාරයට ලක්කරනවා. එකෙක් පැනලා ගිහින් අනෙක් දරුවගෙ පියාට කියලා ඒ දරුවත් බේරා ගන්නවා. කෝ කවුද ඒවා ගැන කතා කලේ?

අඩු ගානේ ළමා ආරක්ෂක අධිකාරියේ උන්වත් මේ ගැන දැණුම්වත්ද? ඔය ළමා නිවාස වල කොයිතරම් අපචාර සිඳු වෙනවද?  අර අනුරාධපුර ළමා නිවාසෙක උන අපචාරවලට එකෙක්වත් හිරේ ගියාද? මැති ඇමතිවරු ඔක්කොම රිංගලා වැඩේ වහලා දැම්මා.

එතකොට පූජනීය ස්ථානවල තත්වය. පන්සලේ සෙල්ලම. ඒ අහිංසක දරුවෝ, දරුවෝ නෙමෙයිද? ඒ දරුවන්ට චීවරයක් ලෝගුවක් පෙරෙව්වාම, දරුවෝ කෙලින්ම වැඩිහිටි වෙනවද? ලිංගික අවයව ඔරොත්තු දෙන තත්වයට පත් වෙනවද?

අද 15 හැවිරිදි දැරියක් ගාවට ගිය භික්ෂුවක් වළඳන්න හැම එකාම වලි කනවා. එහෙනම් දහම් පාසල් තියෙන පන්සල්වල පොඩි කෙල්ලෝ එක්ක සෙල්මුවා කැටයම් දාන ඔක්කොම හාන්දුරුවරුන්ට වැඩ වාසය කරන්න වෙන්නේ වැලිකඩ. පතිවත යාන්තම් බේරලා එවන්නේ අපේ රැඩිකල් උන් පවා හනීමුන් යනකොට එස් අයි බෑග්ගෙකේ සුදු රෙද්දක් දාගෙන යන නිසා. නැත්නම් ඒකත් සඝසතු කොරන්න වෙන්නේ.

අනෙක විශේෂයෙන් නැගෙනහිර පලාතේ ජාතී බේදයකින් තොරව සිඳුවන බාල වයස්කාර විවාහ, පිලිසිඳගැනිම්, බාලවයස්කාර අම්මාවරුන්, මොකාද ඔවුන් ගැන කතා කරන්නේ? 

තවත් එක දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි..

ඒ මේ සේවාදායකයන් පිළිබඳව, ඔවුන් ඇය බාලවයස්කාර දැරියක් බව දැන දැනම ඇය හා සේවනයේ යෙදුනා නම් ඒක වැරද්දක්. 

ඒත් දෙකක් දාගත්තයින් පස්සෙ යං මචං බඩුවක් ගහන්න කිව්වම, එතන ඉන්න හොඳම එකක් අරගෙන වැඩේ කරගෙන එනවා මිසක්, ඇයගේ නම, ගම, වයස, ආගම, කුළය, වත්කම්, බැරකම්, හොයන්නෙ මොකෝ පෙලවහට ගන්නෙයි කියලයි. අනික ඇහුවත් කියන්නේ අමු කෙප්ප. සමහර උන්  කෙලින්ම කියන්නේ ආපූ වැඩේ කරගෙන යනවා ඕයි/මහත්තයා/අයියේ/සෑර් යන්න කියලා.

ඔය අමරසිරි පීරිස්ගේ ළඳුනේ ගීය අහලා මාර සංවේදි උනාට, මූණට හම්බ උනොත් කෙළ ගගලා යන්නේ. මේ මෑතකදි කවි ලියන එකෙක් මා එක්ක කිව්වා ළඳුනේට ඇඬුවට, හැම ඩේසිටම අඩන්න ඕන නෑ කියලා හිටන්. ඒ අරයා දළඳා වඳින නිසාවෙන් වෙන්ටෑ.

අනික් උනුත් ඕක ඇහුවට, අහලා වැලපුනාට, අර පට්ට කවි ලියන ටිම්‍රාන් කියනවා වගේ,  ඊට පස්සෙ ඇහැට කනට පේන ඕන එකක් සතා කියන රටක් මේක. 

ඔය දැරිවිය ගැන ඇඬුවට, ඔය දැරිවිටත් මොන තරම් දේ කිව්වද ගෑණුත්. එතකොට අර මහින්ද මහත්තයා සම්බන්ධිකාරක ලේඛම් කමක් දුන්න කාන්තාව සතා කරලා, අපයෝජනේ යොදන්නේ, කාන්තා අයිතිවාසිකම් ගැන පාරම්බාන මහා සිවිල් පොරවල්, ජනමාජ්ජවේදියෝ, ඒ විතරක් නෙමේ නීතීවේදියෝ වගේම කැත ගෑණුත් ගොඩාක් උන්නා (මූණේ ලස්සන හදවතෙත් ඇත්නම්)

ඒ අස්සෙ වෙබ් ඔක්කොම තහනම් කරන්නෙයි කියලා උසාවියෙනුත් කියලා. කරන්න තියෙන්නේ ඕවා තහනම් කරනෙක නෙමෙයි. ඒවා ලීගලයිස් හෙවත් නීතීගත කරනෙක. එමෙන්ම නීතියට එරෙහිව කටයුතු කළ උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.

ඕවා වහලා දාලා තහනම් කිරිල්ල අපේ ගැමි වහරෙන්ම කියනවා නම් පුච මහලා බඩ යන්න දෙනවා වගේ වැඩක්. අනික මේ දැරිවිය නැවත නැවත අපචාරයේ යෙදීමක් හැම එකාම කරන්නේ.

බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන තමා මේ ටික ලිව්වේ.. මේකත් දැරිය අපචාරකිරීමක් ලෙස ගන්න නොගන්න එක කියවන එකාගේ බුද්ධි මට්ටම අනුව ගන්න තීරණයක්..


ඒ වගත් මෙසේය....


34 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ,

    ලංකාවේ නීතියට පිටින් ගජරාමෙට ඔය වැඩ ඕනතරම් වෙනවා.

    මේ සීන් එක හිට් වෙන්න මූලිකම හේතුව තමයි මුලින්ම වගේ මේකට සම්බන්ධ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේසපාලුවකු මේකට සම්බන්ධ බව කියන නිව්ස් එක. ඒ නිසා සමාජ ජාල වල බලය අත්පත් කරගෙන ඉන්න කොළ රතු කුර සහිත වහල් ජීවිත ඔය සීන් එක උඩ දාගෙන වැඩේ මාකට් කළා. සාටක වහල්ලුන්ට මේකට උත්තර නැති නිසා වැඩේ තවත් ලේසි උනා. මතකයි නේද අර 2015 අග සේයා දැරියගේ කේස් එක සහ යාපනයේ විද්‍යා දැරිය වගේ සමාජ ජාල වල තොරොම්බල් කළා විතරයි මේ රට පුරා පැතිර පවතින සංකීර්ණ ප්‍රශ්නයට සාධනීය විසඳුමක් හොයන්න කවුරුවත් උවමනා බවක් පෙන්නුවේ නෑ ඒක පිට දාල පවතින ආණ්ඩුවට මඩ ගහන එක තමයි කරන්න ඕන එහෙම නේද? (ඒ කාලේ අපි යහපාලන රජයට ඡන්දෙ දාලා ඒ රජයට සහය දුන් කාලේ විපක්ෂයේ හිටපු මරාවාදීන් 'දැන් සැප.. ද...?' කියලා ඇහුවා මතකයි නේද? දැන් ඒවාට රිටන් එක තමයි මේ)

    ඒ වගේම ලංකාවේ අන්ත දූෂිත දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් ගත්විට මහින්ද හොරා කෑවද, රනිල් බැංකු මංකොල්ල කෑවද, සජිත් නිදන් හෑරුවද, ගෝටා පේල් උනාද මේ මොන දේ වුනත් කිසිම දිනක jvp යට නම් ඡන්දයක් නොදෙමි. මක්නිසාදයත් එහි සිටිනා පාක්ශිකයන් සහ නායකයන් සියල්ල මානසික ලෙඩ්ඩුන් බැවිනි.

    මක් නිසාද යත් හොරු පාලනය කරන විට පවා මොන තරම් ප්‍රශ්න ආවත් රටක ජීවත් විය හැකියි, නමුත් මානසික රෝගී අමනයන් සමග රටේ සිටින්නටවත් නොහැක. ඒ වගත් මෙසේය.

    ReplyDelete
  2. මාතලන් සහෝදරයා ඇතුළු සහෝදරවරු සැමට සිතීමට වැදගත් කාරණයක් පවසමි,

    ඔය වගේ සිල්ලර සිදුවීම් වලට වඩා ඉතාමත් බරපතල විදිහට මේ රටේ පරම්පරා ගණනාවකට බලපාන දැවැන්ත ප්‍රශ්න ඇති වී තිබෙන බව පෙනේ.

    මේ වන විට ලංකාවේ බලය අත්පත් කරගෙන සිටින ඇමරිකන් පුරවැසි බැසිල් සහ නන්දේ විසින් ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරමින් මේ ගෙන යන තුප්පහි පාලනයට එරෙහිව දිවි හිමියෙන් සටන් කිරීමට මේ රටේ සිටින සියලුම වාමාංශික මතවාද දරන කණ්ඩායම් මෙන්ම සියලුම ප්‍රගතිශීලී ජනකොටස් එක්සත් කරගෙන සංවිධානාත්මක ලෙස සටන් කිරීමට අවශ්‍යයි.

    ඒ වගේම මේ රජය විසින් ගෙන එන "නව කොතලාවල පනත" සහ " කොතලාවල විශ්වවිද්‍යාලය" කියන්නෙ එකක් නෙවෙයි දෙකක්.

    නව කොතලාවල පනතින් සිද්ධ වෙන්නෙ උපාධි ප්‍රදානය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබෙන බලතල සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින්, වෙන විදියකට කිව්වොත් විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුණත් එය නොතකා වෙනත් මණඩලයක් යටතේ නව විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීම.

    තවදුරටත් කියනව නම් ඒ මණ්ඩලය හැදෙන්නේ ආරක්ෂක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, උපකුලපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරයෙකු යන බහුතර මිලිටරිමය හමුදාකාරයන් පිරිසකගේ එකතුවෙන්. විශ්වවිද්‍යාලය ගැන තීරණ ගැනීමේ සම්පූර්ණ බලතල මේ මිලිටරිවාදී මණ්ඩලයට හිමි වෙනවා.

    සරලවම කිව්වොත් කාටද උපාධිය දෙන්නෙ, මොනවද දෙන උපාධි, මුදලට උපාධි විකුණනවාද නැද්ද යන්න වග, එලෙස විකුණනවා නම් ඒවාට අය කරන මිල ගණන් එකී නොකී සියල්ල තීරණය කරන්න බලතල මේ මණ්ඩලය සතුයි. ඒ විතරක් නෙවෙයි මේ පනත මගින් ආරක්ෂක අමාත්‍යාවරයාට මෙම මණ්ඩලයට විධාන නිකුත් කිරීමේ සම්පූර්ණ බලතල හිමි වෙනව.

    මේ විදියට පනත සම්මත වුණොත් අනාගතේ දී පාලකයන්ට කැමති පිරිසකට, කැමති උපාධියක් කැමති මුදලක් ගෙවා ලබාගන්න හැකියාව ලබෙනවවා වන්නට පුළුවන්.

    මේ දිහා බැලුවම බොහොම පැහැදිලිව පේන දේ තමයි අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට සහ පෞද්ගලීකරණය කිරිමේ මූලික පියවර තමයි මේ සටහන් කරන්න සූදානම් වෙන්නෙ.

    මේ ගැන කතා කරන මීට විරුද්ධව මතයක් දරන අපගේ කිසිම පාර්ශවයකට වර්තමාන කොතලාවල විශ්වවිද්‍යාලය සමඟ ගැටලුවක් නෑ. කොතලාවල විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් දැන ගත යුතු කාරණාව තමයි මෙහි ගැටලුව ඇත්තේ ඔබ සමඟ නොව මේ අලුත් පනත මගින් ඔබ මම අපි සියලුදෙනා ප්‍රතිලාභ ලැබූ ,තවමත් ලබන නිදහස් අධ්‍යාපනය විනාශ මුඛයට ඇදගෙන යාමේ මේ දූෂිත ආණ්ඩුවේ ජඩ වැඩසටහන පිළිබඳව බව.

    අනෙක් කාරණාව තමයි මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙවත් මීට විරුද්ධ මතයක් දරන වෙනත් සමාජ දේශපාලන ව්‍යාපාර වල විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. මේක රටේ අතිබහුතරයක් වුණ පොදු මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.

    ලංකාවේ මිනිස්සුන්ට මේ වනවනවිට ඉතිරි වෙලා තිබෙන "නිදහස්" දේවල් වලින් අවසානම දෙක තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය. කන හාල් ඇටේ සිට, පරිප්පු ඇටේ සිට බදු ගෙවන අහිංසක දුප්පත් ජනතාවට ඉතිරි වෙලා තිබෙන එකම පිළිසරණ ත් මෙවැනි පනත් සම්මත කරගැනීම තුළින් නැති වී යන බව ඉතාම පැහැදිලි කාරණයක්. මාළබේ සයිටම් හොර උපාධි කඩය වැනි නිදහස් අධ්‍යාපනය ට වින කරන, නිදහස් සෞඛ්‍යය සේවය භුක්ති විඳින ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන, ජනතා විරෝධය නිසා නවතා දමන්නට සිදු වුණු ව්‍යාපෘති නැවත වටයකින් ගෙන ඒමට දරන උත්සහයක් ලෙසත් මේ නව කොතලාවල පණත දකින්න පුළුවන්.

    රටක අධ්‍යාපනය කියන්නෙ පරම මානව අයිතියක්. මුදල් ඇති නැති, ඉහල පාංතික, මධ්‍යම පාන්තික , පහල පාංතික , සිංහල ,දෙමළ ,මුස්ලිම් සෑම සියලු දෙනාටම එකසේ හිමි විය යුතු අයිතියක්.

    ඒ නිසා මෙවැනි ජඩ පනත් මගින් අධ්‍යාපනය යම් වරප්‍රසාද ලත් බලය සහ මුදල් සහිත පිරිසකට පමණක් සීමා වන සුඛෝපභෝගී මෙවලමක් බවට පත් වීම නොවැළැක්විය හැකි දෙයක්.

    ඉතින් සිතා බැලීම ඔබට බාරයි. පොල් කඩන තාත්තාගෙ දරුවාට අකුරු වෙනුවට පොල් වල්ලලත්, ගොවිතැන් කරන තාත්තාගේ දරුවාට පැන්සල වෙනුවට උදැල්ලත්, පතල් කම්කරුවාගේ දරුවාට පාසල වෙනුවට පතල් වලකුත් හිමි කර දීමට වැඩ සලස්වන මෙවැනි අශිෂ්ට පනත් වලට විරුද්ධ නොවෙනවාද?

    එසේත් නැත්නම් කිසිවක් සිදු නොවූ අයුරින් රටේ සියදහස් ගණනක් දරුවන්ට යහපත් අනාගතයක් කරා යාමට ඇති "එකම මාර්ගය" වන නිදහස් අධ්‍යාපනය ,හමුදා පාලකයන්ගේ උවමනා එපා කම් වලට අනුව විනාශ කරන තුරු බලා සිටිනවාද?

    මේ සටනට නුඹගේ සහයෝගයත් අත්‍යවශ්‍යවන බව පෙන්වා දීමට කැමැත්තෙමි.

    ReplyDelete
  3. අඩෝ ළමාතං,

    ඉස්සර කාලේ ලංකාවේ මිනිස්සු කියනවානේ පවුලක් පන්සලක් වෙයන්, රැහේ බිහි කරපියව් බොලව් වගේ කතන්දර...

    ඒ කාලේ පවුලක් වෙන්න කියන්නේ කසාදයක් බැඳගන්න කියන එකයි. එහෙම නැතිනම් පන්සලකට ගිහිල්ලා මහණවෙන්න කියන එකයි අනෙක් පදයෙන් අදහස් කරන්නේ ...
    මේවා හොද නිර්මාණ වෙන්න පුළුවන් ,
    නමුත් භාෂාව වගේම ජීව විද්‍යාත්මකව ලිංගිකව පරිපූර්ණ වූ මිනිස්සු අතර තියෙන ඇත්ත අවශ්‍යතා ගැන අප ඉගෙන ගත යුතුයි. (එදා මරා: පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද ඩාන් වෙනවා ඩූන් වෙනවා)

    ReplyDelete
  4. බෝ මේකට කලබල වෙන්ඩෝනෑ.
    කොහොමත් සම්මානලාභී බ්ලොග් රචකයෙක් හා සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙකුත් මේ අතර ඉන්නවා කියල ප්‍රවුර්ති තාම නෑනේ.
    එදාට බැසිල් ස'ට කියල මක්කහරි කරගන්ටත් බැරිය මෙච්චර කඩේ යන එකේ.
    කෝකටත් ලංකට් ටික බෑග් එකකට දාල සරත් ස'ගේ පුතාට ඒක තියෙන තැන කිව්වනම් ඇඟට ගුණයි මචන්.

    ReplyDelete
  5. අකුරක් නෑර හැම හිතකට රස ගේනා
    බ්ලොග ලෝකේ රැඳි ලියවිලි හැඩ පානා
    පිටපත දෙවෙනි නොමවන රූ රස සේනා
    ගෙන එන නුඹට පැසසුම් දෙන්නම ඕනා

    බොරු ආටෝප නැති හරවත් දේ මානා
    හසරැලි මවන අරුමය තම්දෙන තානා
    රස විඳ නහර මිහිරෙන් ලේ පණ ගහනා
    මාතලන්ට සමවෙන වෙන බ්ලොග වානා

    - මිස්කින් -

    ReplyDelete
    Replies
    1. ලියවිල්ලට දෙවෙනි නැත මේ කමෙන්ටුව
      තම්දෙන තාන තාලෙත් ඇත අඩු නැතිව
      ලියයි දැනුම් තේරුම් කාරණ ඇතිව
      මාතලන්ට ජය පතනෙමි හිත ඇතිව!

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  6. මේක වගේම තමයි අන්තිමේදී "ගුරුදෙවියන් සහ සුවවිරුවන්" කියන දෙකම "ගුරුමරුවන් සහ සුවමරුවන්" කියලා වෙනස් වෙයිද?

    අපේ කාලේ ලංකාවේ හිටපු සැබෑ ගුරු දෙවි දේවතාවන්ගේ අධික උනන්දුව නිසා සාමාන්‍ය පාසැල් වේලාවෙන් බාහිරව නොමිලේ කල අමතර පන්ති ආදිය නිසා ශිෂ්ශත්වය පාස්වී ගමේ ප්‍රාථමික පාසැල් වලින් අගනුවර උසස් තත්ත්වයේ පහසුකම් සහිත පාසැල් වලට ආපු අපි අලුත් ලෝකයක් දැක්කෙමු. ජීවිතය ජයගත්තෙමු. ඉතින් අර ගුරු දෙවිවරු නොහිටින්න අද අපි කොහෙද? නමුත් පසුගිය කාලය පුරා ඔය පෙලපාලි යන වර්ජන කරන ගුරුපිලිකා පාසැල් තුලට ඒමට ප්‍රධාන හේතුව රැකියා විරහිත උපාධිධාරීන්ට පෙලපාලි ගියවිට නිකම්ම රජයේ රස්සා පිරිනැමීමේ පිලිවෙතයි.

    මේ A/L විබහගේ කට උඩ තියාගෙන පැවැත්වෙමින් තිබ්බ අවසාන වාර විබාග තියන එක නතර කරල ගුරුවරු...මේ අවුරුද්දටම තිබ්බ එකම වාර විබාගෙ මන් දන්න විදියට ඔය ඒකත් දැන් නතර කරල...ඉස්සරත් අනාගතේ පොඩි උන් වෙනුවෙන් කියල උද්ගෝශන කරපු ,කෑගහපු, පෙලපාලි ගියපු උන්ම නේද මේ දැන් ගුරුවරුවෙල මෙහෙම කරන්නෙ කියල පේනකොට හරි හිනහයි නූපන් දූපුතුන්ට තියන ආදරේ..�� දැනුත් පරන හෑල්ලම ගහගෙන නූපන් ලමයි වෙනුවෙන් කියල අරගල කරනකොට ඔය උද්‍යෝගය ඇත්තටම මේ නූපන් ලමයි වෙනුවෙන්මද නැත්තන් මෙහෙයවන පිරිසගෙ අරමුනු නිසාද කියල හොඳින් තේරෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. @ Ano 1.55 PM

      ඔව් බොහොම නිවැරදියි. අපේ ගුරුවරුත් ඕනෑ තරම් ඔය විදිහට තමන්ගේ වියදමින් දරුවන්ට ඉගැන්නුවා. මම දන්නවා සමහර ගුරුවරු ඇඳුම් අරන් දුන්නා, පොත් කට්ටලය අරන් දුන්නා, හවස නවත්වාගෙන ඉගැන්නුවා. මේවා අලුත් දේවල් නොවෙයි. ඒවා කළාට ඒ ගුරුවරු ප්‍රතිලාභයක් ඉල්ලුවෙ නැහැ. අද ගුරුවරු හිතන්නෙ එහෙම කරන එකට ඒ අයට වරප්‍රසාද ලැබිය යුතුය කියායි. කෙතරම් පහත් සිතිවිල්ලක්ද? මම මගේ මුල්ම වෘත්තීය ලෙස ලංකාවේ ගුරුවරයෙකු ලෙස උගන්වන කාලයේ හවස 4.30 වෙනකල් පාසලේ සිටියා... පන්තියේ පාඩම නොතේරුණ සිසුන් ඇවිත් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න කියනවා. මම ටියුෂන් කළේ නැහැ. ඒ තමයි අපේ ගුරුවරුන්ගෙන් අපිට ලැබුණ ආභාෂය. ගුරුකම කියන්නෙ ගෞරවයක්.

      තම සිසුන් වූ ළමයින්ගේ ජීවිත වෙනස් කලේ එවැනි කැපවීමකින් උගැන්වීම කල ගුරු දෙවිවරුන් මිස තමාට ලැබෙන දේවල් ගැනම සිතමින් ලෝකය දෙස වෛරයෙන් බලන නූතන කුහක දේශපාලන අතකොලු ගුරු වුර්තිකයන් නිසා නොවේ.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  7. අපි ආ‍වේ උඹලාට ආරස්සාව දෙන්නයි. ඒ හින්දා අපට නවාතැන් සපයපල්ලා! අපේ අශ්වයන්ට කෑම දීපල්ලා! අපට කෑම සූදානම් කරපල්ලා!’ හමුදා නායකයා අණ දුන්නා.

    ජනතාවට ඒ ගැන නියම අදහසක් තිබුණේ නෑ. ඔවුන් ආගන්තුක සාත්කාරය ගැන දන්නා නිසා ඔවුන්ට නවාතැන් සැපයුවා. අශ්වයන්ට කෑම දුන්නා. ඉල්ලන ඉල්ලන දේවල් ගෙනත් දුන්නා.

    ‘ඉස්සර නුඹලාට ආරක්ෂාවක් තිබුණේ නෑ. අපි ඇවිත් නුඹලාට ආරක්ෂාව දුන්නා. දැන් නුඹලාගේ ආරක්ෂාව අපි සම්පූර්ණයෙන් ම සහතික කරලයි තියෙන්නෙ.’ හමුදා නායකයා කිව්වා.

    මාස කීපයක් ගතවුණා. හමුදාව සියලු පහසුකම් භුක්තිවිඳිමින් එහි වාසය කළා. වැඩිහිටි අයට තේරුම් ගියා මේ වැඩේ දිගටම කර ගෙන යන්න තරම් ඔවුන්ට හැකියාවක් නැති බව. ඒ හින්දා ඔවුන් කීප දෙනෙක් එකතු වෙලා ගිහිල්ලා හමුදා නායකයා හමුවුණා.

    ‘ඔබතුමාගේ හමුදා භට පිරිස දිගට මෙහි රැඳී ඉන්නද අදහස් කර ගෙන ඉන්නෙ?’ ඔවුන් බොහොම බය පක්ෂපාතකමින් ඇහුවා.

    ‘නැතුව, අපි ගිහින් කොහොමද නුඹලට ආරක්ෂාව දෙන්නේ?’ හමුදා නායකයා කිව්වා.

    වැඩිහිටියන් මේ ගැන තවදුරටත් කතාබහ කළා. ඔවුන්ගේ අස්වැන්න මදි හමුදාවට කන්න දෙන්න. තවත් කල්ගියොත් ආගන්තුකයන්ට කන්න දීලා ඔවුන්ට බඩගින්න‍ෙයි ඉන්න වෙන්නෙ. ඒ හින්ද ගිහින් නස්රුදින්ට කිව්වා මොනව හරි කරන්න කියලා.

    නස්රුදින් කෙළින් ම හමුදා නායකයා හමුවන්නට ගියා. ගිහින් ඒ වැසියන්ගේ ප්‍රශ්නය ගැන කතා කළා.

    හමුදා නායකයා ඔහුට සවන් දී හිඳ අවසානයේ මෙහෙම කිව්වා. ‘අපි මෙහෙන් යන්නේ නෑ. අපි මෙහෙට එනකොට මෙහෙ ජනතාවට නිසි ආරක්ෂාවක් තිබුණේ නෑ. ඉතින් අපි ඇවිත් ආරක්ෂාව තහවුරු කළා. දැන් අපි ගිහින් කොහොමද ජනතාවට ආරක්ෂාව දෙන්නේ?’

    ‘එතකොට ඔහෙ කියන්නේ ඔහේ ඔහේගෙ හමුදාවත් අරන් මෙහෙන් යන්නේ නෑ කියලද?’ නස්රුදින් උස් ස්වරයකින් ඇහුවා.

    ‘ඔව්! ඇයි නොගියොත් තමුසෙ මට මොනව කරන්නද?’

    ‘මොනව කරන්නද? එහෙනම් මං මේ ජනතාවත් අරන් වෙන කොහේ හරි යනවා’ නස්රුදින් ගත් කටට ම කීවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නස්රුදීන් කියලා කියන්නේ අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවූ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටම දේශපාලන නායකයා වූ ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා වගේ බුද්ධිමත් නායකයෙක්. ඒ වගේම නස්රුදීන් මහතාටත් රනිල් මහතාට හිටපු සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර සහෝදරයා යන ගෝලයන් වගේ හරිම ඥානවන්ත දක්ෂ ක්‍රියාශීලී නායක ගෝලයන් දෙදෙනෙක් හිටියා. ඒ දෙදෙනාම ඉතාමත් ශක්තිමත් නැණවත් මැදි වියේ සිටි විචක්ෂණශීලී බූරුවන් දෙදෙනෙක්. මම හිතන්නේ මේ වගේ බුද්ධිමත් දක්ෂ පිළිතුරක් ලබා දීමට ඔහුට අවශ්‍ය ඥානය හා කුසලතා පහළ වන්නට හේතුවන්නට ඇත්තේ එම නුවණැති ගෝලයන් දෙදෙනා විය යුතුයි.

      Delete
    2. 😜😜😜😜😜😜😜😜😜

      Delete
  8. සංස්කෘතිකයි.. එකඟයි..
    සැබෑ මාතලන් ලියැවිල්ලක් කාලෙකින්! 

    ReplyDelete
  9. මාතා,

    ලංකාවේ මාධ්‍ය සහ ඒවායේ ඉන්න ලියන්නන්, කයිවාරු කාරයන්, ඒ නටන නාඩගම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

    උඹ දකින්නත් ඇති. අර චමුදිත සමරවික්‍රම කියන්නේ දැනට ලංකාවේ ඉන්න මී හරක්ම නිවේදකයන්ගෙන් එක්කෙනෙක්. ගිය සතියෙත් මේ යකා මහ පහත් වැඩක් කළා. Non disclosure agreement එකක් කියන්නේ මොකද්ද නොදැන.

    ඒත් ඊයේ තමයි පොර නැට්ටේ ඉඳන් නෑවේ. මුරලි නියමයි. එක විරාමයයි. චමුදිත ගොන් රිළවා කුක්ක උනා. Live chat එක බලන්න ඇති නැත්තං අනිවාර්යෙන් රේනෝ ගෙන් කෝල් ඒක එන්න ඇති අමු තිත්ත කුණුහරුප වලින් අමතලා 'බල්ලෝ කට වහපන්' කියලා.

    සැබැවින්ම මාධ්‍යවේදීන් කියන්නේ නීතිය යතාර්ථය නොතේරෙන පිස්සෝ නෙමේ මේ වගේ. මිනිහා අජිත් රෝහණ සිද්ධියෙන් පොඩ්ඩක් චුං වෙලා දැන් රඟපෑම සෑහෙන වැඩි. ඊයේ හොට පටලවගත්තා.

    හැබැයි ඒ වෙලාවේ ඉතාමත් වැදගත් අපි කාලෙක ඉඳන් කියන කාරණයක් මුරලිදරන් තහවුරු කළා.

    "කන්ට්‍රැක්ට් එක සයින් කරන්නෙ නැතුව ප්ලේයර්ස්ලා ස්ට්‍රයික් කළේ සීනියර්ස්ලා හතර දෙනෙක්ගේ බලපෑමට..

    ඒ සීනියර්ස්ලට අලුත් කන්ට්‍රැක්ට් සිස්ටම් එකෙන් සල්ලි අඩුයි කියලා. යංග්ස්ටර්ස්ලාටත් බලපෑම් කළා..

    ඒ හතර දෙනාගෙන් දෙන්නෙක් ඇන්ජලො මැතිවුස් සහ දිමුත් කරුණාරත්න"

    - මුරලිදරන් හිරු සළකුණේදි -

    අපි නම් ඔය නම් එක්කම මේ සීන් එක ගැන සමාජ ජාල වල කිව්වේ ඒ දවස් වලමයි.

    නමුත් අපි කිව්වම පිළිනොගන්නා අය ඕනතරම් ඉන්නවා. ඇන්ජෙලෝ ගේ කැම්පේන් මැනේජර්ලා. ඒ නිසා මුරලිලාම මේවා කියන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 3.29,

      මම හිතනව මේක වුණේ එහෙම නෙවෙයි කියල, හැබැයි එහෙම කරන්නත් ඒ සාකච්ඡාව පොඩ්ඩක් වෙනස් කරල පුළුවන්.

      හැබැයි ඒ භාවිතය මාධ්‍ය වේදියෙක් දැනගන්න ඕනෙ නමුත් චමුදිත නොදන්නේත් ඒක...

      මෙතනදි චමුදිත කිසියම් විෂයයක ප්‍රමාණිකයෙකු ගෙනල්ල ඔහුගෙන් ඒ විශේෂඥ දැනුම ජනතාවට උකහා නොදී ඒ විෂය සම්බන්ධයෙන් චමුදිත දන්නවා කියලා හිතන දේ ඒ යෝදයාට කියා දෙන්න යනව. එතකොට අහන බලන ප්‍රේක්ෂක ජනයා අතරේ ඔහු තමන් වැඩ්ඩා කියලා පෙන්වන්න සහ ඒ හරහා රටපුරා ලොකු පොරක් වීමට උත්සාහ කරනවා. නමුත් ඒක සෑහෙන්න අසාර්ථක බව පේනවා.

      ඔය වැඩේදි හරියටම හරි දේ කලේ වරක් රනිල් වික්‍රමසිංහ මහතා, ඔබ එම සාකච්ඡාව නරඹා ඇති කියල හිතනවා.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  10. රටවල් දෙකක්... අධ්‍යාපනය ගැන ආකල්ප දෙකක්...

    ■ පළවෙනි රට : ඔබේ වයස බාධාවක් නැහැ. ඔබ කිසිම විටෙක ප්‍රමාද නැහැ. ඔබගේ අතීතය වැදගත් නැහැ. ඔබ අසාර්ථක වුනාට කමක් නැහැ.

    ජීවිතයේ ඔබට හිතෙන තැනකදී ඔබට ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔබේ දුක්බර, අසාර්ථක අතීතය අමතක කරලා ඔබ කැමති විෂයක් ඉගෙන ගන්න පුලුවන්.. උපාධියක් ගන්න පුලුවන්..

    ඔබේ දෛවය ඔබට කැමති පරිදි ලියාගන්න පුලුවන්.. ඔබ කවදාවත් ප්‍රමාද නැහැ. ඔබ අසමතෙක් වෙන්නෙ යළිත් උත්සාහ නොකළොත් මිසෙක කිහිපවරක් අසමත් වුනාට නෙවෙයි.




    ■ දෙවෙනි රට : ජීවිතයේ සෙල්ලක්කාරම, පරිනත නැති වයසෙදි ඔබට අවස්තා තුනක් සහ සීමිත විෂය ටිකක් දෙන්නම්..

    එකක් තෝරගෙන සීමිත පිරිසක් අතරට එන්න අවශ්‍යයි. අවස්තා තුනෙන් , අවුරුදු 20ක් විතර වෙද්දි තෝරන පිරිසට තේරෙන්න බැරි නම් ඔබේ ජීවිතය අවසන්..

    අවස්තා තුනෙන්, වයස 20 වෙනතුරු සිමීත කුලකයකට තේරෙන්න බැරි නම් ඔබට ඉගෙන ගන්න තහනම්, ඔබට උපාධියක් තහනම්..

    අවුරුදු විස්සෙන්, අවස්තා තුනෙන් පස්සේ ඔබ ඉගෙන ගැනීම, උපාධියක් ගැනීම අනිත් අයගේ අයිතිවාසිකම් කඩ කිරීමක්.. නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක්..

    ඔබ ජීවිතයේ ඉතිරි කාලය ඔවුන්ට අවශ්‍ය පරිදි ගෙවාදැමිය යුතුයි. ඔබට උපාධි හිමි නැහැ. ඔබ අසමතෙක්.. ඔබට යළිත් උත්සාහ කිරීමට හෝ වරම් නැහැ..




    ✦ පළවෙනි රට -: ලොව විශාලතම ආර්ථිකය හිමි රට.. ලොව වැඩිම විශ්ව විද්‍යාල සහිත රට.. ලොව වැඩිම උපාධිධාරීන් පිරිසක් සිටිනා රට.. අලුත් වෙන්න කැමති මිනිසුන් සිටිනා රටක්.. ලංකාවට ජනාධිපති කෙනෙක් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයෙක් තෑගි දුන් රටක්



    ✦ දෙවෙනි රට -: සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ දුගී රටක්.. තවත් විශ්ව විද්‍යාල ඇති වනවාට, උපාධිධාරීන් බිහිවෙනවාට විරුද්ධව මරාගෙන මැරෙන සටන් කරන අරගලකාරී උපාධිධාරීන් පිරිසක් සිටිනා රට..
    අලුත් වීමට බය පැරනොයිඩ් මිනිසුන් සිටිනා රටක්.. ආණ්ඩුවෙං හැමදේම කරල දීපියව් කියලා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර බහුලව තියෙන රටක්


    ඒ නිසා අපට කියන්න තියෙන්නේ මෙච්චරයි...


    ◘ රටවල ඉරණම තීරණය කරන්නේ ඒ රටවල මිනිස්සුන්ගේ ආකල්ප... පුහු ආකල්ප සහිත වෙනස් වෙන්න අකමැති, එක තැන පල් වෙන මිනිසුන් සමග රටවල් ඉදිරියට යන්නේ නැහැ...

    ReplyDelete
  11. මොකක්ද මෙ රටට වෙලා තියෙන්නෙ හැම තැනම ලමයින්ට අසාදාරන අම්ම තාත්තගෙනුත් ලමයි පරිස්සම් කරන්න වෙලා තියෙන්නෙ වැරදි කරුවන්ට දෙපාරක් නොහිතා මරන දඩුවම දෙන්න අනිවාරෙන් ප්‍රසිද්දියෙ එල්ලා මැරිය යුතුයි නැත්තම් තව දුරටත් මිට වඩා අපරාද අනිවාරෙන් සිදු වෙයි අරාබි රටවල වගෙ නිතිය තද කර යුතුයි ඒ රටවල මෙවෙනි අපරාද අපිට ඇසෙන්නෙ නෑ.. මොකද මෙ අපෙ රටට උනේ? මෙහෙම උනොත් රටේ වැදගත් මිනිස්සු වෙනත් රටවල පදින්චියට යනව මෙ රට ඒ තරම් කුනු ගොඩක් දැන් පහුගිය යහපාලන කාලේ වෙච්ච නරක දේවල් සේරම ඒ විදිහටම දිගටම ක්‍රියාත්මක වෙන බව පේනවා ඒ පිරිහීම නවත්තලා දාන්න මේ රජයටත් බැරි උනා දැන් මොකද කරන්නේ?

    ReplyDelete
  12. මාතා මොකද හිතන්නේ බාබර් අසාම් ඉංග්ලිෂ් කන්ඩිෂන්ස් වල බෝල 139න් ලකුණු 158ක් ගහපු එක ගැන? මාර ඉනිං එකක් ගැහුවේ මුල අල්ලල බෝල ගානට පේනකම් ඉදල ගැහුවේ අපේ අයට හොද ඉනිං එකක් බලල ඉගෙන ගන්නව නම්. ඒ ශොට් මාර පවර් ෆුල්. සුපිරි වැඩ්ඩෙක්

    14 වෙනි එක්දින ශතකය.. ඉනිම් 83යි.

    කෝලි 14 වෙනි ශතකය ගහන්නෙ 103 වෙනි ඉනිමෙන්..

    අඩුම තරමේ සීයට ICC පේජ් එකෙන්වත් පෝස්ට් එකක් දාලා නෑ..

    කෝලි මේ ඉනිම ගැහුවා නම් මීඩියා, ICC ක්‍රිකට් ලොව කළඹලා..

    එහෙම නැතුව බාබර් අසාම් ඉන්දියාවේ වුනා නම්.. එහෙම නම් ඊට දෙවෙනි නැති හයිප් එකක් තියේවි..

    කතා දෙකක් නෑ.. බෙස්ට් බැට්ස්මන්..

    ReplyDelete
  13. මේ ජීවන රග මඩලේ අපිටත් හොඳට රගපාන්න පුළුවන් නම් අපිත් අද හොඳ නලු නිලියෝ තමයි, මොකෝ නැද්ද ඩෝ?

    ReplyDelete
  14. මාතෝ, යුනයිටඩ් කිංඩම් හෙවත් මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරමින් චීනය විසින් සකස් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට ලංකාවත් අත්සන් තබා තිබෙනවා කියල මේ දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    ඒ අනුව මේ ඒකාබද්ධ ප්‍රකාශය ජිනීවා වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට පැවැත්වෙන 47 වන සැසිවාරය හමුවට ඉදිරිපත් කරලා තියෙනවා.

    “රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම අපට මහත් ශක්තියක් සහ ගෞරවයක්. මේ බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය නමැති නොදියුණු ගෝත්‍රික රටේ තියෙන අශිෂ්ට පහත් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් පතුරවන ගෝත්‍රික වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව (Hate speech), භීතිකා රෝගී තත්ත්වය (Xenophobia) සහ ඒ හා සම්බන්ධ ගෝත්‍රික වර්ගවාදී ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පවත්වාගෙන යන ඉතාමත් අශික්ෂිත අශිෂ්ට පහත් සංස්කෘතික අංගයක්” බව ජිනීවා වල චීන දූත පිරිස ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව පවසා තිබුණේ.

    ඒ සමගම යටත් විජිතකරණය හරහා අන්තිම අශික්ෂිත වහල් මෙහෙය නිත්‍යානුකූලභාවයක තබාගෙන අප්‍රිකානුවන් මිනිස් වෙළඳාම් ජාවාරමේ සිටම එක්සත් රාජධානියේ ඉතිහාසය පුරා අද දක්වාම මේ වාර්ගික වෙනස්කොට සැලකීම් දක්නට ලැබෙන බවද චීන දූත පිරිස එහිදී අවධාරණය කරමින් ප්‍රකාශ කළා.

    මේ වගේම එක්සත් රාජධානියේ හමුදා සේවයේ නියුතු පිරිස් විදේශ රටවල් අත්පත් කරගැනීම සඳහා ආක්‍රමණශීලී මෙහෙයුම් වලදී නිරායුධ අහිංසක සිවිල් වැසියන් බුරුතු පිටින් විශාල වශයෙන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් නිසි වගවීමකින් තොරව අදාළ ඝාතකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට එක්සත් රාජධානියට චෝදනා එල්ල වී තිබෙන බවද මෙහිදී ඉතාමත්ම පැහැදිලි ලෙස සියලු සාධක සහිතව පෙන්වාදීලා තියෙනවා.

    මේ වගේම එක්සත් රාජධානිය තමන්ට කිසිසේත්ම අදාල නොවන වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමට මානව හිමිකම් යන වැදගත් අදහස කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මානව හිමිකම් ගණිකා වෘත්තියේ යෙදවීමට කටයුතු කරන බවටද චීනය වැඩිදුරටත් චෝදනා කර තිබෙන අතර මේ චෝදනා මීටත් වඩා ගොඩාක් බරපතළ ලෙස ඇමරිකානු එක්සත් ජනපදයට අදාළවන බව පේනවා නේද? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. එයාලව දැන් ගනන් ගන්නෙ නෑ

      Delete
  15. ගුණසිංහ මහත්තයා සහ මාතලන්,

    මේ වන විට ලංකාවෙ පාලනය මෙහෙයවන ඇමරිකානු ජාතිකයින් වන රාජපක්ෂ පවුලේ ආණ්ඩුව විදේශ මුදල් ඩොලර් අර්බුදයකට ලක්ව සිටින බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් ගෙවාගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ විස්තර කළා.

    ඒ නිසා ඩොලර් නොගෙව්වොත් ඒ කියපු තෙල් නැව තෙල් ටිකක් අරගෙන යන්න යාවි කියලා ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ අවධාරණය කර සිටියා.

    මේ ගැන වැඩිදුරටත් ආචාර්ය වික‍්‍රමසිංහ කී දේවල්;

    "දැනට ලංකාව විදේශ විනිමය හිඟවීම ප‍්‍රධාන වූ අතිවිශාල ආර්ථික අර්බුදයක හිරවෙලා ඉන්නේ, මේ වෙද්දි අපේ රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130කුත් සිරවී තිබෙනවා."

    "ලංකාවේ පෞද්ගලික වාණිජ බැංකුවල අද ඩොලර් නෑ. ලංකාවේ පෞද්ගලික වාණිජ බැංකු විශාල වශයෙන් විදේශීය මූල්‍ය ආයතනවලට ණය වෙලා ඉන්නේ ආනයනය සඳහා ඩොලර් සැපයීමට ආදියට මුදල් වියදම් කරලා. ඒ සංඛ්‍යා ලේඛන නිවැරදිව තවම පිට කරලා නෑ. නමුත් ලැබෙන නිල නොවන ආරංචි අනුව එය ඩොලර් කෝටි 300ක පමණ මුදලක්."

    "මෙන්න මේ වගේ දේවල් අනුව දැනට අපට ගෙවන්න තියෙන මුළු ණය මුදල ඩොලර් කෝටි 430ක්. නමුත් අපි සතුව තිබෙන්නේ ඩොලර් කෝටි 300ක මුදලක් පමණයි. රට සතුව තිබෙන ඩොලර් කෝටි 300නුත් තව ඩොලර් කෝටි 100ට වඩා වසර අවසන්වීමට ප‍්‍රථම ණය වාරික ලෙස ගෙවුවහම රටේ භාණ්ඩාගාරයේ මොනවද ඉතිරි වෙන්නේ? රටේ දැන් මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙලා හමාරයි."

    "මේ කාරණා එසේ තිබියදී රටට භාණ්ඩ ආනයනය කරන්න මුදල් නැති නිසා ආණ්ඩුව ආනයන සීමා පැනවූවා. පොහොර ගේන්න මුදල් නැති නිසා කාබනික පොහොර ගන්න කියා ගොවියාට කිව්වා. ආණ්ඩුව ගොවියාට කාබනික පොහොරවලට යන්න කියන්නේ පොහොර ගේන්න මුදල් නැතිකම මත මිස වෙනත් හේතුවක් මත නොවෙයි."

    "මේ විදේශ ඩොලර් වලින් ගෙවා ගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙනවා. ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකත් අරන් යන්න යාවි. එම නිසා ආණ්ඩුව ඩොලර් සොයමින් සිටිනවා මේ තෙල් ටික නිදහස් කර ගන්න."

    "ඒ වගේම පහුගිය දවස් වල ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීම අවුරුදු 30ට වැඩි අයට පමණක් කියා නිර්දේශ කර ඇත්තේ හැම කෙනාටම එන්නත් ගෙනත් දෙන්න ආණ්ඩුවට මුදල් නැති නිසයි. මෙවැනි බරපතළ අර්බුදකාරී තැනක රට හිරවෙලා සිටිනවා."

    ReplyDelete
    Replies
    1. "මේ රාජපක්ෂ මිලිටරි රෙජීමයේ ආණ්ඩුව බොහෝ රටවලින් මුදල් ගන්න හැදුවත් ඒවා ලැබුණේ නැහැ. කෙටිකාලීනව සුළු මුදලක් සහන ණයක් ලෙස ලැබුණත් එය මේ අර්බුදයෙන් ගැලවෙන්න ප‍්‍රමාණවත් නැහැ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දිනක තීන්දු කළා ඩොලර් කෝටි 6,500 ක් ආධාර ලෙස තමන්ගේ සාමාජික රටවල් 190 අතර බෙදා දෙන්න. එමගින් අපටත් ඩොලර් කෝටි 80ක් පමණ SDR එකක් ලෙස ලැබෙනවා. ඒක ඇමරිකානු එක්සත් ජනපදය මිලදී ගැනීමට කැමති උනොත් ඒක මුදල් කරගන්න පුළුවන් වේවි. හැබැයි ඒ මුදල මදි අපේ රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන්න. ඒ නිසා තවත් මුදල් සොයන්න වෙනවා."

      "ඒ නිසා මේ දේට ආණ්ඩුවට මුදල් හොයා ගන්න විකල්ප ක‍්‍රම නැතිනම් මම යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් සොයා ගන්න කියලායි."

      "ඒ අනුව IMF ආයතනයේ අධීක්ෂණය යටතේ පසුගිය කාලයේ යහපාලන රජය විසින් අනුගමනය කළ රාජ්‍ය ආදායම් වැඩි කරගැනීමට බදු ඉහළ නැංවීම, අනවශ්‍ය සහනාධාර කපා හැර රජයේ වියදම් පාලනය කිරීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යහපත් පාලන ක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කර මානව හිමිකම් ශක්තිමත් කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින, උද්ඝෝෂණ ව්‍යාපාර වලට ඕනෑ තරම් ඉඩ ලබාදෙන, දේශපාලන සිරකරුවන් නිදහස් කරන, ජනතා හිතවාදී පාලන ක්‍රමයක් වැනි දැඩි කොන්දේසි රාශියක් රජය විසින් අනුගමනය කළ යුතු බවත් ඊට පසු සාමාන්‍යයෙන් මාස හයක් පමණ හොඳින් නිරීක්ෂණය කර සෑහීමකට පත්වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ සහතිකය ලබා දෙනු ඇති. එය ලැබුණාම ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවලිනුත් අපට තව දුරටත් අවශ්‍ය තරම් විශාල ප්‍රමාණයක් ණය මුදල් ලබා ගන්න පුළුවන් වේවි. අපට ඒ ආකාරයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බැවින් පහුගිය 2016 - 18 අතර කාලයේ ලෝකය පුරාම මූල්‍ය වෙළඳපොළවල් වලින් අතිවිශාල මුදලක් ණය ලෙස ලබා ගැනීමට පුළුවන් වුණා."

      "මේ ආකාරයට ණය ලබාගෙන රජයේ ආදායම වැඩි කරගන්නේ නැතිනම් ලබන වසර මැද භාගය පමණ වන විට අපේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව අපේ ජනතාවගේ බඩගින්න වැඩි වෙන්න පුළුවන්. මෙම බරපතළ ගැටලූව මුල් කර ගනිමින් පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින්න මම අපේක්ෂා කරනවා. මොකද රටේ මූල්‍ය කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුවෙන්. මහ බැංකුවත්, භාණ්ඩාගාරයත් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවට යටත්ව මිසක් ඊට ඉහළින් සිට නොවෙයි. එම නිසා පාර්ලිමේන්තුවට මේ ගැන ප‍්‍රශ්න කරන්න තිබෙන වරප‍්‍රසාදය අනුව මම මේ විවාදය ඉල්ලා සිටිනවා."

      මේ ගැන මොකද හිතන්නේ? ඔහු මේ කියන දේවල් කළොත් ලංකාවට මේ බරපතළ මූල්‍ය අර්බුදකාරී තත්ත්වය පාලනය කර ගෙන රට දියුණු සංවර්ධිත රටක් කරා වේගයෙන් ගෙන යා හැකි බව පේනවා නේද?

      Delete
    2. ඇපත් නැති රට කාපූ බූරුවෙක්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න