.

.

Nov 19, 2021

ලංකාවේ දාගැබ් හා එහි හැඩයන්

 



අර සුද්දන්ට ගනිකාවන් සප්ලයි කරපු රියැදුරු රැකියාවක් කරපු කාළේ...

ලංකාවේ දාගැබ් හෙවත් ස්ථූප ගැන සුද්දන්ට බයිලා ගහන්න අපිව පුරුදු කරන කොට...

ලංකාවේ දාගැබ් ගැනත් විශාල හැඳින්වීමක් කරනවා... මම ඉතින් ඕවට ආරළු බූරලූ තුන පහ එහෙම වැඩියෙනුත් දාලා දෙන්නේ...

ඒ ජොබ් එකේ රසමුසු තැන් අලලා කවදා හෝ පොතක්ම ලියන්න හිතේ තියෙනවා..

ඒ රැකියාව ඒ තරම් රසවත්....


දාගබ්වල ඉතිහාසය එහි එක එක කොටස් වලින් සංකේතවත් වන දේ දාගබ අවට පරිසරය හා වෙනත් දේ ලියන්න ගියොත් මේක ලොකු වෙන නිසා දාගැබ් වල හැඩය ගැන විතරයි මේ..

ලංකාවේ තියෙන දාගැබ් වර්ග කීපයක් තියෙනවා...

ඕවට දාගැබ් කියනවට වඩා වෙහෙර කියන වචනෙ අපට හුරු වචනය..

මෙයින් සමහර හැඩයන් වල වෙහෙර ලංකාවේ නැති උනත්, ධාතු කරඬු නම් හැම වර්ගයෙන්ම හමුවෙලා තියෙනවා... මොකෝ ඒවත් හදන්නේ වෙහෙරෙ හැඩේට...

අපි මුලින්ම ගමු ඊයේ පෙරේදා සසුනට පූජා කළ සඳ හිරු සෑය... ඒක 


බුබුලාකාර - Bubble Shaped

--------------------------------------------

ඒ කියන්නේ දිය බුබුලක හැඩය එහෙම නැත්නම් වෘත්තයකින් හරි අඩක හැඩය...

උදා -  රුවන්වැලිසෑය, පොලොන්නරුව කිරි වෙහෙර, තිස්සමහාරාම වෙහෙර..


ඝංඨාකාර - Bell Shaped

-------------------------------------

ඒ කියන්නේ සීණුවක හැඩයට... සයිකල් සීණූ නෙමේ යකෝ.. ඔය ඉස්කෝලේ කෝවිලේ ටාං ටාං කියලා ගහන්නේ... ආන් ඒ හැඩේ.. 

ලංකාවේ පළමුවන චෛත්‍ය වෙන අනුරාධපුරයේ ථූපාරාමය හා ලංකාවේ ජනප්‍රියම හැඩය ඒක..

උදා - මයියංගන වෙහෙර


ඝඨාකාර - Pot Shaped 

-----------------------------------

කළයක හැඩය.. මේ හැඩේ ඒවයි බබල් ෂේප් එකෙයි තියෙන්නේ පොඩි වෙනසක් බුබුලාකාර එකේ උඩ කොටසේ රවුම් හැඩය අඩුයි...

උදා - සිතුල්පව්ව වෙහෙර, සෝමාවතී වෙහෙර,  මඟුල් මහා වෙහෙර


ධාන්‍යාකාර - Paddy Heap Shaped -

---------- ----------------

ඕකේ හරි තේරුම ඉන්ගිරිස් වලින් ගත්තම ලේසියි... ඒ කියන්නේ ගොයම් කපලා ගොඩ ගහන හැඩය..

උදා - කැළණිය වෙහෙර, අභයගිරි වෙහෙර, ඡේතවනාරාම වෙහෙර


පද්මාකාර - Lotus Shaped

 ----------------------------------- ----

මේක මට  උගන්වද්දි මෙන්ම උදාහරණ පෙන්වද්දිත් මට නම් ගැටළු තිබුනා.. මේකට උදාහරණයකට උගන්වන වෙහෙර දැන් දකින්න නෑ. හැබයි පින්තුරෙට උගන්වන එකත් මට නම් පිලිගන්න බෑ.. නමුත් නෙළුම් මලේ හැඩේට හදපු වෙහෙර ලෝකයේ වගේම ලංකාවෙත් එක තැනක තියෙනවා... 

ඔය මහින්ද මහත්තයට ඇඹුල් තියාල් ගේන්න හදපු පාරේ මහින්ද මහත්තයගෙ ගෙවල් පැත්තට යනකොට කළුතර එක්සිට් එක ළඟම  වම් පැත්තේ වෙලේ තියෙනවා..


උදා ලෙස උගන්වන්නේ - පොලොන්නරුවේ දෙමළ මහා සෑය... ඒක ගඩොල් ගොඩක් විතරයි... තිවංක පිලිම ගෙට යන පාරේ තියෙන්නේ...


ආම්ලාකාර - Nelli Fruit Shaped

-------------------------------------------------

මේවත් ලංකාවේ දකින්න නෑ... තිබ්බා කියලා උගන්වනවා...


අළුතෙන්ම ඔය පොෂ් පංසල්වල හදන එක තමා...


චතුරශ්‍රාකාර - Box Shaped ---

-------------------------------- ------

දඹදිව පිහිටි ස්තූපයේ හැඩය...

ඒක ගොඩාක් පොෂ්


මේ දහම් කරුණු ඔබ වෙත ගෙන ආවේ

පින්වත් මාතලන් උපාසක මහතාගේ පින්බර අනුග්‍රහයෙනි..


.

12 comments:

  1. චිත්‍ර වලට උගන්නලා තියෙනවා පොඩි කාලේ..

    ReplyDelete
    Replies
    1. අපේ රට අපි එකතු වී ගොඩ නගමු
      එසේ නම් මේ නරුම තුප්පහි කාලකන්නි පාලනය පලවා හරිමු
      දේශය ගොඩ ගැනීමට බුද්දිය හා
      ශරමය කැපවීම ට කැමති අය පමණක් එකතු වෙමු ආත්මාර්ථකාමී තමන්ට පමණක් යන මතය අත හැර එක්වමු පොදු
      මතයකට එකගවෙමු.

      https://www.youtube.com/watch?v=keYqNyznzFU&t=165s

      Delete
  2. හොඳ පෝස්ට් එකක් මාතා, මේ වගේ දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඒ කාලේ, ලංකාවේ කාලකන්නි සෞඛ්‍ය සේවා මාෆියාව නිසා මේ දවස්වල තරහෙන් ඉන්න නිසා ලියන්න හිතට විවේකයක් නෑ, සමහර දොස්තරලා ගැන කතා කරලා වැඩක් නෑ උණට බෙහෙත් ගන්න ගියාම කොරෝනා කියලා ඇන්ටිජන් කරන්න උනා පස්සේ ඒවා මුකුත් නෑ ආයේ දවස් තුනකින් ගියාම ආයේ ඇන්ටිජන් කරන්න කිව්වා ලේ එකක්වත් චෙක් කරන්න දුන්නේ නෑ පස්සේ එතනම දවස් 4ක් 5 වෙනි දවසේ මම සැකේට ලේ චෙක් කරන්න ගියා ඒකේ ප්ලේට්ලට් හොඳටම අඩු වෙලා පස්සේ IDH ගියා එහෙන් කිව්වා ඩෙංගු කියලා දෙයියනේ ගෙදර තියන් හිටියනම් අද ජීවතුන් අතර නෑ කලින් බෙහෙත් ගත්ත ඉස්පිරිතාලේ හිටිය ගෑණි කිව්වේම කොරෝනා කියලා එයාට කොරෝනා හැදුනලු අපිට බැන්නා හොඳටම මිනිස්සු ඉස්සරහා ඒ වගේ උන් කොරෝනා හැදිලා තමයි මැරෙන්නේ ලෙඩ්ඩුන්ට සලකන විදිහට ඒ අතින් IDH රෝහල ගැන කියන්න සතුටුයි ඇත්තටම හොඳයි හැමදෙයක්ම රෝහලේ ගේට්ටුව ළඟ ඉඳලා සේවය කරන හැම කෙනෙක්ම හුඟක් හොඳයි. මාතලන් සහ ආණ්ඩුවේ සමහරු රාජ්‍ය සේවය රටට බරක් කිවුවම ජවිපෙ සහ වෙනත් විපක්ෂ කණ්ඩායම් සමග එකට එකතු වෙලා ආණ්ඩුවට සහ ඇමතිවරුන්ට මිනිස්සු බැන්නා, නමුත් ඒක තමයි ඇත්ත. තමන්ට පැවරෙන වගකීම හරියට නොකරන රාජ්‍ය සේවකයන් කුමකටද? ඔබම හිතන්න මැති ඇමතිලාට බනිනවා හැමෝම නමුත් අහිංසක මිනිස්සු ගෙවන බදු මුදලෙන් යැපෙන තමන්ගේ සහෝදර ජනතාව වෙනුවෙන් සේවය නොකරයි නම් ඒ රාජ්‍ය සේවයට නිවන්සුව ලැබේවා කියලා පතනවා.

    ඒ වගේම මේ චෛත්‍යය වර්ග වගේ දේවල් ගැන පවා ගත්තාම ඉතිහාසය බෞද්ධ සංස්කෘතිය ගැන උපාධි ලබාගෙන ඇති පුරාවිද්‍යා ඇතුළු රජයේ සේවකයන් ගොඩක් දෙනෙක් හරියට කියන්න දන්නේ නෑ නේ ද බන් මාතේ?

    ReplyDelete
  3. හරවත් යමක් ලිව්වමද මන්ද, ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙ මේ ගැන කියෙව්වමයි, යමක් ඉගෙන ගත්තා, thank you for the good work. අර සුද්දන්ට බඩු සප්ලයි කතා නම් උඹට ඉරිසියාවට එක එකා කියන කතා, මොකද කඩ්ඩ පුළුවන් එකෙක්ට විතරයි ඔය රස්සාව කරන්න පුළුවන්. උඹගෙ යූ බටෙත් හොඳයි, බය නැතුව ජැකට් එකක් එහෙම දාල, මූණත් පෙන්නපන්. හරි ටීවී කරන ලහිරු, හසලක තුෂාර, කැලුම් විජේසූරිය වගේ හොඳ ලුක් එකක් එන විධියට වැඩේ ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. රජවරුයි රජවරුන්ගේ කෙරුවාවකුයි තමා ඉන්තිමට ඉතිරි වෙන්නේ. ඒ නිසා හොඳා ඒවා ගැන මෙහෙම මෙහෙම හරි දැනුවත්ව ඉන්නෙක.... අන්නේකයි!

    ReplyDelete
    Replies
    1. නිමල්,

      රජවරු ගැන කෙසේ වෙතත් අද්‍යතන දේශපාලන සන්දර්භය තුළ ඉතාමත්ම වැදගත් දෙයක් වන මහජන නියෝජිතයන්, රාජ්‍ය නායකයන් තෝරා ගැනීම ගැන කතා කරනවා නම් ඇත්තටම අපි නායකයන් වෙනස් කල යුතුද? යන ප්‍රශ්නය ගොඩක් අයගේ හිතේ තියෙන බව පේනවා මේ දවස්වල විශේෂයෙන්ම ලංකාවේ නිහඬ බහුතරය වන අප වැනි පක්ෂ පාට නොමැතිව පාවෙන ඡන්ද ලෙස කටයුතු කරන බහුතර ජනතාව තුළ.

      මීට මෑත කාලීනව උදාහරණයක් විදියට "සර් වෙනුවට පුතාණෝ ගෙන ආ යුතුද??" සර් වෙනුවට අනුර ගෙන ආ යුතුද??"

      මේ ගැන අපේ හිතවත් මිතුරන් සමුහයේ බහුතර පාවෙන ඡන්ද දායකයන් ලෙස කටයුතු කරන අපි බොහෝ දෙනෙක් මේ දවස් වල තීරණය කරලා තියෙන්නේ අපේ විවේචනය සර් ට නොවිය යුතු බවත් විවේචනය මේ සමස්ත සිස්ටම් එකට බවත්, එසේ නම් මෙම ක්‍රමය වෙනස් විය යුතු බව සහ මෙම ක්‍රමය වෙනස් කිරීමට සර් වෙනුවට පුතාණෝ වත්, සර් වෙනුවට අනුරවත්, එහෙම නැත්නම් වෙනත් මොකෙක් හෝ වෙනත් ඒකීය පුද්ගලයෙක් හෝ ගෙන ඒම කිසිම තේරුමක් නැති දෙයක් බවත් අපගේ අවංක අදහසයි.

      එසේ නම් අප සිස්ටම් එක වෙනස් කල යුතු වෙන්නේ පක්ශ වෙනුවට සිස්ටම් එක ගැන සිතිය යුතු බව සහ ජවිපෙ වුවද ජාජබ උවද විවේචනය සිස්ටම් එකට විය යුතු බවයි.

      මෑතකදී මගේ යාලුවෙක් වූ දිලීප, ගෝටා අයින් කලොත් අපි කාව පත් කරන්න ඕනද කියා අප මිතුරන් 250 ක් විතර සිටින වට්සැප් ගෘප් එකක ප්‍රශ්නයක් ඇසුවේය. ඊට මම කිව්වේ එම ප්‍රශ්නයම වැරදි බවය.. මෙය පුද්ගල ප්‍රශ්නයක් නොවේ. මෙය සමස්ත ප්‍රශ්නයකි. මගේ පිළිතුර වූයේ පාලනයට පත් විය යුත්තේ "අපි" ම බවයි. තවත් යාලුවෙකු වූ හසන්ති කීවේ "මම ආවත් මමත් මගේ නෑදෑ හිත මිතුරන්ට සලකන බවය"... එසේ නම් ගැටලුව අපි සිතනා සිස්ටම් එකේ නොවේද?... එනම් අපි සියලු දෙනාම මේ සිස්ටම් එක වෙනස් කල යුතුය.. එය පැහැදිලිය..

      සැ.යු. මේ සෙට් එක නම් රත්මලාන අවටය, අනෙක් පළාත් වල තොරතුරු කොහොම ද කියලා කියන්න පුළුවන් ද?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න