.

.

Dec 28, 2021

සජිත්, මත්තල , රනිල් හා දේශපාලනයේ තුච්ඡ කුල බේදය...

 


ජාති බේද ආගම් බේද නැතයි කියා පඩ ෂෝ දමනා උන් පවා තවමත් කුල බේදය හිස් මුදුනින්ම පිලිගන්නා උන් බවට හොඳම උදාහරණය මංගල සමරවීරය ..

එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි....

කුල බේදය සෑම පක්ෂයක් තුලම පවතිනවාක් මෙන්ම සංඝ සමාජය තුල විශේෂයෙන්ද, ඇකඩමික් හා ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිස අතර සංවිධාන ලෙසද, පාසල් පන්ති ඉයර් ගෲප් මෙන්ම ප්‍රසිද්ධියේ නොව රහසේ ක්‍රියාත්මක වන්නේය.

ප්‍රභූ පන්තියට සීමා වී තිබු දේශපාලනයේ ඉහළ තනතුරු සුපිරි පන්තියට හා ඉහළ කුලයට දැනෙන සේ කුඩුකර දමන්නේ රණසිංහ ප්‍රේමදාසය.

දැන් ඔහුගේ පුත්‍රයා හෙවත් පුතානෝ හෙවත් සජිත් ප්‍රේමදාස මතු කරන්නේද මේ ගැටළුවේම එක් සිඳුවීමක්‍මය.

සජිත් කියන්නේ, රනිල් මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කළේ සජිත්ට කෙලින්නටෙයි කියලාය. මෙය සජිත් මතු කරනා තෙක් කිසිඳු දේශපාලන විචාරකයකුගේ සෙන්ස් එකට අහු නොවූ කාරනයක්‍ය.

කතාව ඇත්තය. සජිත් උන්නේ හම්බන්තොටය. රනිල් හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලිය මුලුමනින්ම නවතා දැමුවා පමණක් නොව, හම්බන්තොට වරාය චීනයට විකුණා දමා ඒ ආශ්‍රිතව බිහිවීමට තිබූ දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියටද තිත තැබුවේය.

එය යහපාලන යුගයේ සාර්ථකව නිමා වූවානම් හයිලයිට් වෙන්නේ, සිරිසේනවත්, රනිල්වත් නොව සජිත් ප්‍රේමදාසය.

මේවා බොහෝ විට රනිල්ගේ හොඳම යාලුවා වූ මහින්දගේ ආශිර්වාදය මෙන්ම අනු දැණුම මත සිඳු වූ දෑ වීමටද බොහෝ ඉඩ තිබෙනවාය.

එපමණක් නොව පක්ෂයේ ඉහළම පුද්ගලයින් කොතෙක් ඉල්ලා සිටියද සජිත්ට එජාපයේ නායකත්වයද ලබා දුන්නේ නැතිය. අවසානයේ  සිඳුවූයේ රනිල්ට මෙන්ම එජාපයටද ඇපත් නැති වීමය.

රනිල්ලා ගේම එතනින් නවතා නැත. දැන් අංචිය අදින්නේ සජිත් රටේ නායකයා ලෙස පත්වීම කෙසේ හෝ නවතා දැමීමටය.

කිසියම් දිනෙක සජිත් බලයට පත් වුවහොත් ඒ බලයට එන්නේ රණසිංහ ප්‍රේමදාසටත් එහා ගිය ඒකාධිපති පාලකයෙක් බව දැනටමත් ඔහුගේ දේශපාලන භූමිකාව තුල පෙන්වා අවසානය.

ඉහළ කුලවල උන්ට ඉන්න වෙන්නේ පිලේ බංකුවේය. මෙය අවබෝධ කරගෙන ඇති රනිල්ලා චන්ද්‍රිකාලා පාඨලීලා සජිත්ගේ චන්ද කැඩීමට සිරිසේන වැනි අපතයන් සමඟ පමණක් නොව, ජෙප්පන් හා එක්වීමට වුවද සූදානම් බව දැන් පැහැදිලිවම පෙනේ..

සජිත්ගේ ශ්‍රී මුඛයෙන් පිටවූයේ ඒ අවබෝධයේ වේදනාවය..


ඒ වගත් මෙසේය...

30 comments:

  1. වපුරා විසබීජ පොඩි කාලයෙ ඉඳලා
    අපේ උදවියගෙ මොළ ඇත හෝදාලා
    එහෙව් එව්වො ලද බලයෙන් මත්වීලා
    අගාධයට පාර කපති හිටු කියලා

    ReplyDelete
  2. ඇත්තටම මාතලන් ලංකාවේ දේශපාලනේ ඇතුළේ වැඩිය පේන්න නැති වුණාට කුලය කියන සාධකයට දේශපාලනයේදී අති විශාල අවධානයක් ලැබෙනවා. මංගල වගේම රන්ජන් රාමනායකගේ හඬපට වල ඩී කාස්ට් එක ගැන කියපු කතන්දර, එතකොට මංගල විමුක්ති ගේන්න හැඩුවේ විමුක්ති කියන්නේ මංගල ලා විජය කේ ලා රන්ජන්ලා විතරක් නෙවෙයි මර්වින්ලා මලික් සමරවික්‍රමලා ඇතුළු ඉහළ බලවතුන් ගොඩක් අයත් වන ඩී කාස්ට් රැහේ ලේ ධාතුව ඔහු නිසා මාතලන්.

    1848 කැරැල්ලට නායකත්වය දුන්නේ ලංකාවේ රදලයන් නෙවෙයි, වෙනත් කුලවල අය, විශේශයෙන් මොරටුව ප්‍රදේශයේ උයන ග්‍රාමයේ විසූ සන්නද්ධ වීර බල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳි වීරහැන්නදිගේ කැලිස්තෝරු ප්‍රනාන්දු හා වර්ණමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහ විදානලාගේ හෙලේනා නෝනිස් හාමිනේ යුවළට දාව 1812 නොවැම්බර් 07 දා උපන් වීර හැන්නදිගේ ෆ‍්‍රැන්සිස්කු ප්‍රනාන්දු හෙවත් පුරන් විසින් සේනා මෙහෙයවමින් පෑලියගොඩ වර්ණපුර දේවගේ ඩේවිඩ් හෙවත් ගොන්ගාලේ ගොඩ බණ්ඩා, දිනෙස් ඇතුළු විශාල පිරිසක් සමග අරගල කල අතර හාරිස්පත්තුවේ බණ්ඩාර මැණිකේ ඔහුගේ හදවත දිනා ගත් තැනැත්තිය වූවාය. ඇය හා විවාහ වූ ඔහු දියණියකගේ පියකු වූයේ 1846/47 පමන වන විට ලෝක වෙළෙඳ පොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් අඩු වී ලංකාවේ රජයේ ආදායම් අඩු වී ආර්ථිකය ද කඩා වැටෙන්නට වූ හෙයින් 1847 දී මෙරට ආණ්ඩුකාර පදවියට පත් ටොරිංටන් සාමිවරයා නමැති උඩඟු ඉංග්‍රීසි රදලයා 1848 දී ආණ්ඩුවේ භාණ්ඩාගාරය පුරවා ගනු පිණිස කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සාමාන්ය ගැමි ජනතාව වෙත අලුත් බදු හතක් පැටවීමට නියෝග කළේ බලු බද්ද, ඉස්තෝප්පු බද්ද, ඔරු බද්ද, කරත්ත බද්ද, කඩ බද්ද, තුවක්කු බද්ද හා ඇඟ බද්ද ලෙස අලුතෙන් පැන වූ බදු වූ අතර ඇඟ බද්ද ජනතාවට වඩාත් හානිකර බද්ද වූයේය. සිලිං තුනක් ආණ්ඩුවට නොගෙවන අය සියලු වැඩ නවත්වා පැමිණ දින හයක් ආණ්ඩුව කෝපි ප්‍රවාහනයට තැනවූ නව මාවත්වල අනිවාර්යයෑන්ම බර වැඩ කළ යුතු විය. බෞද්ධ භික්ෂූන් පවා එම බද්දෙන් නිදහස් විය නොහැකි වූ නිසා මේ අලුත් බදු බර නිසා ජනතාව අතර ඇති වූයේ නොසන්සුන් බවකි. අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැඟී සිටින්නට ඔහුට තමන් වෙසෙන ප්‍රදේශය බලපෑවේ නැත.

    ReplyDelete
    Replies
    1. එහෙයින් ඔහු ගිය ගිය තැන සුදු පාලකයන් සමඟ ආරවුල් ඇති කර ගත්තේය. ඩෝසන් නමැති පොලිස් මහේස්ත්‍රාත්වරයාගෙන් වරක් දුප්පතකු වෙනුවෙන් පුරන් අප්පු ආයාචනා කළේය. එම ආයාචනය ප්‍රතික්ෂේප කෙරිණි. ඊට පළිගනු පිණිස ඔහු ඩෝසන් නමැති සුදු ජාතිකයාගේ නිවෙස කොල්ල කෑවේය. අත් අඩංගුවට පත් පුරන් අප්පුට සිර දඬුවම් නියම වුණත් ඔහු හිරෙන් පැන ගියේ තවත් සිරකරුවන් කිහිප දෙනකු සමඟිනි. යළි අත් අඩංගුවට පත් වුව ද ඔහු එවර ද බන්ධනාගාරයෙන් පැන ගියේය. ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් පුරන් අප්පු රාජ ද්‍රෝහියකු ලෙස නම් කළේ එවිටය.එසේ නම් කිරීම පුරන් අප්පුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළීමක් ද වූයේය.

      නීති විරෝධීන් කණ්ඩායමක් සමඟ එක් වූ ඔහු කණ්ඩායමේ නායකත්වයට පත්ව වතු හිමි සුදු ජාතිකයන්ට, සුදු ජාතික සෙබළුන්ට හා ඌව ප්‍රදේශයේ සුදු නිලධාරීන්ට එරෙහිව විවිධ ක්‍රියාවන්හි නිරත වූයේය. ක්‍රමයෙන් පුරන් අප්පු යන නාමය පීඩිත සිංහල ජනතාව අතර ප්‍රකට වූයේය. ජනතාව ඔහුට වීරයකුට මෙන් සැලකුම් කළේය.

      එමෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි දේශීය ජනතාවට විමුක්තිය ලැබිය හැක්කේ ඔවුන් මෙරටින් පළවා හැරීමෙන් පමණක් බව අවබෝධ කර ගත් පුරන් අප්පු 1847 වසරේදී මහියංගන හා මුතියංගන විහාරයන්හි ස්වාමීන් වහන්සේලා බැහැ දැක නිදහස් අරගලයට උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය. එම ජනතාවගේ නායකත්වය පුරන් අප්පුට පිරිනැමිණි.

      එමෙන්ම නූතන ඉතිහාසය ගත්තොත් හැමෝම දන්න ප්‍රකට කරුනක් තමයි 1911දී විතර (එතකොට යටත් විජිත පාලකයන් ලංකාවට ව්‍යවස්ථාදායක සභාව කියලා අද පාර්ලිමේන්තුවට සමාන ඒ වුණාට සීමිත බලතල තියෙන ආයතනයක් ලෙස නිර්මාණය කරලා තිබ්බ) ව්‍යවස්ථාදායක සභාවට සභිකයන් තෝරන්න ඡන්ද බලයත් තිබ්බේ සීමිත පිරිසක් අතර. ඒ කාලෙදි ව්‍යවස්ථාදායක සභාවේ “උගත් ලාංකිකයන්” වෙනුවෙන් ආසනයක් වෙන් කරනවා. මේ ආසනය වෙනුවෙන් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ශ්‍රීමත් මාර්ක්ස් ප්‍රනාන්දු තරග වදිනවා. ගොවිගම සිංහල ඡන්ද හිමියන් සියල්ලම වගේ රාමනාදන් වෙනුවෙන් ඡන්දය දෙනවා. හේතුව මාර්ක්ස් ප්‍රනාන්දු මහත්තයා කෞරව වාංශිකයෙක් (කරාව කුලයට අයත්) වීම. 2010 ජනපතිවරණයේදී ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා අම්බලන්ගොඩ ගිහින් බෝට්ටු පැද්දේ ඔරු පැද්දේ නිකන් නෙවෙයි. කපටි මරා සරත්ට එරෙහිව කරන්නාගොඩ මැනවින් යූස් කළ බවත් රහසක් නෙවෙයි.

      ඒ වගේම ලංකාවේ ඉතිහාසය ගත්තම ජනතා විමුක්ති පෙරමුණ ඇති කරපු කැරලි දෙකම සමාජ විද්‍යාඥයෝ නම් දකින්නේ දේශපාලනික කැරලි විදිහටම නෙමෙයි. ඒ කැරැල්ලේ හිටපු ප්‍රධාන නායකයන් සියල්ලම වගේ කරාව කුලයට අයිති අය. ඒ නිසා මේ අය කළේ ගොවිගම ආධිපත්‍යයට විරුද්ධව කැරලි ගැහීමක්.

      ජවිපෙ හිටපු නායක සෝමවංස අමරසිංහ, වත්මන් (සැබෑ) නායක ටිල්වින් සිල්වා වගේම ඊලඟ අනුප්‍රාප්තිකයන් වීමට නියමිත හරිනි අමරසූරිය ඉතා හොඳ කෞරව වංශිකයින්. බහුතර බලය හිමි කෞරව සැබෑ නායකත්ව මණ්ඩලය මගින් එය නිසි පරිදි තීරණය කරාවි.

      ගාල්ලේ සුප්‍රකට අමරසූරිය පරපුරේ කෝටි ප්‍රකෝටි ගණනින් දේපල ඇති උගත්කමක්ද ඇති හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයට එක්වීමත් සමගම ජවිපෙ විජිත හේරත්ගේ මුදල් බලය බිඳ දමා ගැනීමට සූක්ෂ්මව ටිල්වින් කටයුතු කලා. එදා සර් හෙන්රි අමරසූරිය ගාල්ලේ සල්ලි ගහ හෙලෙව්වා වගේ මෙදා දීපාල් අමරසූරියගේ දියණිය හරිනි නිසි පරිදි කටයුතු කරාවි.

      උවිඳු විජේවීරත් පිය උරුමය මෙන්ම ලේ උරුමයෙන්ද ජවිපෙට අයිතියක් තියෙන කෙනෙක්, ඉදිරියේ ඔහුත් ජා.ජ.බ සමග එක්වුණොත් විශාල අවස්ථාවක් තියෙනවා.

      Delete
    2. ඒ වගේම උතුරේ ප්‍රභාකරන් අයිති වෙන්නෙත් ධීවර රැකියාවේ නියුතු කරෙයිවර් කියන කුලයට. එල් ටී ටී ලොක්කෝ සේරම වගේ කරෙයිවර් සහ වෙනත් පීඩිත කුලහීන පදනමකින් ආපු අය. ඒ වගෙම එම අරගලයට දැඩිව සම්බන්ධ වූ උතුරේ තුරෙයියර් කුලයට අයත් අය දකුණේ ඩී කාස්ට් එක සමග ඉතාම සමීපයි, මංගලලා අල්ලන්න එල් ටී ටී එක යූස් කරේ මේ සමීප සබඳතාවයි. ප්‍රභාකරන් එල්. ටී. ටී. ඊ ය හදන්න එක හේතුවක් වුණෙත් ඔහු ඇතුලු බහුතර තරුණ පරපුරට වෙල්ලාලර්/ අයියර් නම්බියාර් ආධී ඉඩම් හිමි බලවත් දෙමළ සමාජයෙන් එල්ල වුණු කුල පීඩනය නිසා, විශේශයෙන්ම උතුරේ දේශපාලන බලය හොබවපු වෙල්ලාලර්ලා විශේශයි, ඔහු මේ නිසා අමෘතල්ංගම් ගේ ඉඳන් වෙල්ලාල කුලයේ ප්‍රධානීන් රාශියක් ඝාතනය කරන්නත් හේතු වුණා වරින් වර විවිධ හේතු බොරුවට දක්වමින්. ෆොන්සේකා සහ ප්‍රභාකරන් දෙදෙනාම එකම කුල සම්භවයකින් පැමිණ ජාති දෙකක් වෙනුවෙන් සටන් කිරීමත් දෛවෝපගතයි.

      ඇත්තටම සිංහල සමාජයට සාපේක්ෂව දෙමළ සමාජය ඇතුළේ කුල භේදය දරුණුවටම තියෙනවා. විශේෂයෙන් ඒ කාලේ යාපනේ පහත් යැයි සම්මත කුලයක කෙනෙක්ට උසස් කුලයක ගේක ළිඳකින් වතුර ගන්නවත් අවස්ථාව තිබ්බෙ නෑ. ඔබ දන්නවා ඇති ලංකාවේ වීරයෙක් වෙන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් කුල ක්‍රමය නීතී මගින් සම්මත කරන්න ඕන කියලත් අදහස් දක්වලා තියෙනවා.

      කෙසේ හෝ බණ්ඩාරනායක යුගයේ 1957 අප්‍රේල් මස අංක 21 දරන සමාජ දුබලතා වැළැක්වීමේ පනත කුල පීඩනයෙන් බැට කමින් හිටපු දෙමළ ජනතාව ඉන් මුදාගන්න සමත් වුණා. මේ පනත නිසා පහත් කුලයේ යැයි සම්මත දෙමළ දරුවන්ට පාසල්වල ඉගෙනීමට අවස්ථාව වගේම එම කුලවල බැතිමතුන්ට කෝවිල්වලට ඇතුළු වීමේ අවස්ථාව ලැබුණා. මේ පනතට දෙමළ ප්‍රභූ සමාජයෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. සී. සුන්දරලිංගම් කියන ඒ කාලේ උතුරු පළාත නියෝජනය කරපු මන්ත්‍රීවරයා පහළ කුලවල අයට කෝවිල්වලට ඇතුළුවීම වැළැක්වීමේ ව්‍යාපාරයක් ගෙනගියා. ඒ නිසා ඔහුට නඩු පැවරීමෙන් අනතුරුව රුපියල් සීයක දඩයක් ගෙවන්න නියම කළා. ඔහු ඊට විරුද්ධව එංගලන්‍තයට පවා අභියාචනා ඉදිරිපත් කළත් වැඩක් වුණේ නෑ.

      ඉන් අනතුරුව 1958 උතුරේ ප්‍රභූවරුන් සැලසුම් සහගතව දමිල ජන මනස හැඟීම්බර කරමින් වාහන වල අංක වල ආපු සිංහල ශ්‍රී අකුර සහ සිංහල නාම පුවරු වගේ දේවල් දඩමීමා කරගනිමින් සිංහලයින්ට එරෙහිව ජාතිවාදී කෝලාහල ඇවිලවූ අතර එහි ප්‍රතිඵල කවුරුත් දන්නවා.

      දැනටත් ලංකාවේ ගොඩක් ආසනවලට අපේක්ෂකයන් තෝරද්දි ඒ ආසනේ කුල පදනම ගැනත් ඒ ඒ පක්ෂ ගොඩක් තදට හිතනවා.ඒ වගේම සමහර ආසන නිර්මාණය කරලා තියෙන්නෙත් කුලය මත පදනම් වෙලා. උදාහරණයක් ගත්තොත් කරන්දෙණිය ආසනය, මේ ආසනය නිර්මාණය වෙන්නේ වහුම්පුර නැමැති කුලයේ ජනතාවට පාර්ලිමේන්තුව ඇතුළේ නියෝජනයක් ලබාදෙන්න. එතකොට ගීතා කුමාරසිංහ ඇල්පිටිය දිනන්නේත් ඇය බමුණුකුලයට එරෙහිම පීඩිත ජනතාව වෙනුවෙන් බය නැතුව කතා කරන නිසා. මංගල සමරවීර බුද්ධිකලා වෙනුවට හඳුන්නෙත්තිව දිනවන්න කටයුතු කලා පක්ෂ බේධයෙන් තොරව. ඒ වගේම කලින් සමහර ආසන බහු ආසන විදිහට හඳුන්වලා තිබ්බේ විවිධ කුලවල අයට අවස්ථාව ලබා දෙන්න.

      ආගමික සංස්ථා ගත්තම ලංකාවේ හාමුදුරුවරු අතර තියෙන නිකාය භේදයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ කුල භේදය කියන එක රහසක් නෙමෙයි. වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සියම් දේශයේ ඉඳන් උපසම්පදාව ගෙනල්ලා සියලු දෙනාටම උපසම්පදාව ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. ඒත් කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා ගොවිගම කුලයේ අයට විතරක් උපසම්පදාව ලබා දෙන්න කියලා නියෝගයක් පනවනවා. මේ නිසා වෙනත් කුලවල අයට උපසම්පදාව ලැබීමේ අයිතිය අහිමි වෙනවා. මේ නිසා සලාගම කුලයේ සාමණේර පිරිසක් බුරුමයට ගිහින් උපසම්පදාව ලබාගෙන අමරපුර නිකාය ඇති කරනවා. ඊට පස්සේ කරාව, දුරාව වගේ කුලවල සාමණේරවරුන් උපසම්පදාව ලබා ගන්න බුරුමයට යාමත් එක්ක අමරපුර නිකායේ පාර්ශව කීපයක් ඇති වෙනවා.

      තවත් ප්‍රකට කරුණක් තමයි හික්කඩුවේ සුමංගල හාමුදුරුවොයි වැලිගම සුමංගල හාමුදුරුවොයි කියන්නේ අපේ රටට, බුද්ධ ශාසනයට සුවිශාල මෙහෙවරක් කරපු ස්වාමීන්වහන්සේලා දෙනමක්. ඒ වගේම නමින් විතරක් නෙමෙයි, මේ හාමුදුරුවරු දෙනම රූපයෙනුත් සමානයි. ඒ වගේම හොඳ මිත්‍රයෝ දෙනමක්. නමුත් මේ මිත්‍රකම මැද්දටත් කුල ප්‍රශ්නය එනවා. වැලිගම සුමංගල හාමුදුරුවෝ පොතක් ලියනවා ” ඉතිහාසය” කියලා. මේ පොතෙන් කරාව කුලය ඉතා ඉහළින් වර්ණනා කරලා තියෙනවා. මේ පොතට පිළිතුරු විදිහට කතුවරයාගේ නම සඳහන් නොවුණ “කේවට්ට ඉතිහාසය” කියලා පොතක් පිටවෙනවා. මේ පොත ලිව්වේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ කියලා පස්සේ ආරංචි වෙනවා. මේක ගැනත් බොට ලියන්න පුළුවන් මාතේ.

      Delete
    3. @ Ano 10.10 + 10.27

      Very well explained. A highly skilled writer and what a comprehensive article? Well detailed facts. Thank you very nuch.

      Delete
  3. කුල ප්‍රශ්නය වගේම මේ දවස්වල තියෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ලංකාවේ මේ වන විටත් මතුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. වත්මන් ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇති පසුබිමක මෙහි ඉතිහාසය විමසීමේදී එවකට 2015 - 19 පැවැති යහපාලන යැයි කියාගත් රජ්ය මගින් රට තල්ලු කර තිබුණේද අතිශයින්ම කනගාටුදායක තැනකට. ඒ වැරදි පාලනයෙන් මතුවූ ක්ෂේත්‍ර 03 අලුතින් වෙනස් කරන්නට අවශ්‍ය යැයි රට තුළ බරපතළ සංවාදයක් මතු විය. ඒ ක්ෂේත්‍ර 03 වන්නේ ආර්ථිකය (Economy), ආරක්ෂාව (Security) සහ ප්‍රතිසංස්කරණ (Reforms) යන ඒවා. යහපාලන කාලයේ ආර්ථිකය ගැන විශාල විවේචනයක් මතු වුණේ 2015 මහ බැංකු බැඳුම්කර සිද්ධියත් සමග. ආරක්ෂාව පිළිබඳව විශාලතම විවේචනයක් මතු වූයේ පාස්කු ඉරිදා පහරදීමත් සමගය. ඒ ආණ්ඩුකාලයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සමාජයේ අවිශ්වාසය මතු වුණේ ජයම්පතිලාගේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා හැදිල්ලත් සමග. කෙටියෙන්ම කිවහොත් මේ ක්ෂේත්‍ර 03 ම තිබුණේ ඉතාමත් ආරවුල් සහගත තැනක.

    මේ නිසා 2019 ගෝඨාභය පාලනයක් වෙතට මේ රටේ මධ්‍යස්ථ ඡන්දදායකයන්ගේ ප්‍රවණතාව ගමන් කළේ ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 බරපතළ වෙනස්කමක් අපේක්ෂාවෙන් බව ඉතාමත් පැහැදිලිය. එහෙත් 2020 වර්ෂයේ සිට මතුවූ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදුවූ එක් ප්‍රධාන දෙයක් වූයේ රජයේ අවධානය ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 ට වඩා වැඩි වශයෙන් කොවිඩ් 19 පරදවන්නට යොමු කරන්නට වීමය. විශේෂයෙන්ම රටේ අවධානය නොසිතූ දිසාවකට යොමු කරන්නට සිදුවීම පිළිබඳ කාරණය හේතුවෙන් හැම වැඩක්ම යම් ආකාරයෙන් පසුපසට තල්ලු වූ බව සැබෑවක්ය. එහෙත් ආරක්ෂාව පැත්තෙන් රජය මගින් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජයේ ශක්තිමත් පිළිගැනීමක් තිබෙන බවත් පැහැදිලිය.

    මේ නිසා ආර්ථිකය සහ ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍ර 02 තුළ මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව සමාජයේ බරපතළ සාකච්ඡාවක් පවතින බව මේ වන විට ඉතාමත් පැහැදිලිය. ආර්ථිකයේ ගැටලුකාරිත්වය විසඳීමේ උත්සාහය සමග 2022 වර්ෂය සඳහා අය වැය යෝජනාවලිය මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත. ඒ මගින් රට තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇත. රටේ දේශීය මූල්‍ය සංස්කරණය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ උත්සාහයක් ඒ තුළ ඇතත් සමහරුන්ගේ විවේචන මතුවී තිබෙන්නේ විදේශ මූල්‍ය සංචිත වර්ධනය කර ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව.

    මේ නිසා දේශපාලන වශයෙන් සහ නෛතික වශයෙන් මේ රටේ බරපතළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව 2019 ජනාධිපතිවරණයේ මතු වූ ප්‍රධාන යෝජනාවක් විය. ඇත්තටම මේ යෝජනාව 2015 ජනාධිපතිවරණයේ දීත් යහපාලනය යැයි නමකින් පැමිණියේය. එහෙත් ඒ ආණ්ඩුවට ඒ යහපාලන සිහිනය සැබෑ කරන්නට හැකියාවක් ලැබුණේ නැත. 2019 වියත් මග වැනි බලවේග හරහා සමාජයෙන් මතුවූ යෝජනාව වූයේත් බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ පද්ධතියක් මේ රටට අවශ්‍ය බවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් ආරම්භ වී සම්පූර්ණ පද්ධතියේ වෙනසක් (System change) අවශ්‍ය යැයි සිතන සමාජයක් සිටින බව පසුගිය ජනාධිපතිවරණයේදී කැපීපෙනෙන කාරණයක් විය. මේ වන විට සමාජයේ බරපතළ විවේචනයක් මතුවී තිබෙන්නේ බලාපොරොත්තු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අතපසු වී ඇතැයි ඒ අය සිතන නිසා.2019 ආරම්භ කළ නව දේශපාලන උත්සාහය හෙවත් පාරේ තාප්පවල චිත්‍ර අඳින තාරුණ්‍යයේ මැදිහත්වීම මේ වන විට තිබෙන්නේ නව තත්ත්වයක් තුළ බව මගේ අදහසය. කොවිඩ් වසංගතයට පසු තිබෙන රට කොවිඩ් වසංගතයට පෙර තිබුණු රටට වඩා ඉතාමත් වෙනස් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට සෑහෙන දුරට රටේ ප්‍රමුඛතා වෙනස් වී ඇතිවා පමණක් නොව 2015 සහ 2019 දේශපාලන වෙනස්කම්වලින් ජනතාව තැබූ බලාපොරොත්තු වෙනමම දිසාවකට යොමු කරමින් තිබෙන බවද පෙනෙන්නට තිබෙන කාරණයකි. අද අප අත්දකිමින් තිබෙන්නේ පශ්චාත් කොවිඩ් දේශපාලන තත්ත්වයකි. (Post Covid political Condition) මේ තත්ත්වය හඳුනා ගැනීමකින් තොරව 70 දශකයේ 90 දශකයේ හෝ විසඳුම් ලබා දෙන්නට ගිය විට සිදුවන්නේ බරපතළ දේශපාලන වියවුලකට තල්ලු වීමය. මේ වන විට සමාජයේ බරපතළ කොටසක් සක්‍රිය දේශපාලන ක්‍රියාකරුවන් හා විවේචකයන් බවට පත්වී සිටින්නේ මේ නව තත්ත්වය නිසාය. සංනිවේදන තාක්ෂණයේ නව දියුණුවක් සමගින් මේ තත්ත්වය තවත් සංකීර්ණ සහ ශක්තිමත් වී ඇත. රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියම ඡන්දයෙන් ඡන්දයට සිදුවන තත්ත්වයක් නොව සෑම මොහොතකම සිදුවන 24x7 දෙයක් බවට මේ වන විට පත්වී තිබෙන්නේ ඒ නිසාය.

      මේ නවීන සංනිවේදන තාක්ෂණයේ නව දියුණුව විසින් මතුකර ඇති මේ නව දේශපාලන අවකාශය තේරුම් ගන්නේ නැතිව දේශපාලනය කළහොත් ඉතාමත් භයානක තත්ත්වයක් වෙතට රට තල්ලුවීමේ ඉඩක් ඇති බව මගේ නිරීක්ෂණයයි. 2015 ආණ්‍ඩුවේ කඩාවැටීමෙන් ඉගෙන ගත හැකි පාඩමක් වන්නේ මේ නව තත්ත්වය තුළ රජයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ සෑම දත්තයක්ම (තීරණයක් අනුමැතියක් වැනි දේ) පොදු සමාජයේ තිබෙන දෙයක් මිස හුදු තමන්ගේ මේසය මත පමණක් තිබෙන දෙයක් නොවන බව.

      මේ නිසා මේ නව තත්ත්වය හේතුවෙන් දේශපාලන තීරණ ගැනීම හුදු හිතේ සෝදිසියෙන් කරන පරණ තත්ත්වයෙන් ගැලවී ගොස් ඇති බවද ඉතාමත් පැහැදිලිය. දේශපාලනයේ ගනු ලබන තීරණ ඉතාමත් බරපතළ නිරීක්ෂණයකින් පසුව මිස සිතට එන පලියට ගැනීමේ කිසිදු ඉඩක් මේ වන විට නැති පිළිගැනීමට බලකර තිබෙන්නේ මේ තත්ත්වය නිසා.

      මේ නිසා විශේෂයෙන්ම මෙහිදී අවධානයට ගත යුතු කාරණය වන්නේ දියුණු රටවල දේශපාලන තීරණ ගන්නාක් මෙන් ප්‍රතිපත්ති සම්බන්ධව ශක්තිමත් උපදේශයක් (Policy Advice) නොමැතිව අමාත්‍යාංශ වැනි දේ පාලනය කරන්නට ඉතාමත් අපහසු තත්ත්වයකට සංවාද අවකාශය පත්වී ඇති බවය. මේ සඳහා නිදර්ශන අවශ්‍ය තරම් පසුගිය කාලයේ අපට දක්නට ලැබුණු බව මගේ අදහසය. එක් තීරණයක් මුලින් ගැනීමටත් ඒ තීරණය සමාජ සංවාදය තුළ තාර්කිකව සහ විධිමත්ව ස්ථාපිත කිරීමට නොහැකි වීමත් පසුව ඒ තීරණය වෙනස් කිරීමට තෙරපුමක් ඇති වීමත් මගින් පෙන්නුම් කරන්නේ මා කියන මේ කාරණයේ තිබෙන බරපතළ භාවයයි. මේ ගැන ඔබේ අදහස විස්තර කළ හැකිද?

      Delete
    2. මේ වගේ ගොඩක් දේවල් නිසා මේ වැනි අභියෝගාත්මක කාලයක අවධානයට කරුණු කිහිපයක් තිබෙන බව අදහසය. පළමු කාරණය වන්නේ ආණ්‍ඩුවේ ප්‍රතිපත්ති වෙනස්කම් හා නව තීරණ සඳහා ශක්තිමත් තාර්කික පදනමක් නිර්මාණය කිරීමය. ශක්තිමත් තාර්කික පදනමක් නොමැති ක්ෂණික තීරණ (Adhock decisions) ගැනීම දේශපාලන වශයෙන් මේ නව තත්ත්වය තුළ සාධාරණීකරණය කිරීමට නොහැකි වනවා පමණක් නොව එවැනි තීරණ සමාජයේ බරපතළ විවේචනයට ලක්වීම නොවැළැක්විය හැකි කාරණයක් බවට පත්වීම අනිවාර්යය.

      එමෙන්ම දෙවනුව මේ යුගයේ දේශපාලනයේ ඇති අනෙක් වැදගත් පිළිගැනීම විය යුත්තේ සඟවා කළ හැකි කිසිවක් නැති බවයි. කරන කියන සියල්ලම මුලු සමාජයම ඉදිරියේ පේන්නට හැකි සන්නිවේදන අවකාශයක් ගොඩනැගී අවසන් නිසා සියල්ලම සියලු දෙනාට පේන බව දේශපාලනයේදී පිළිගත යුතුම සිල්පදය බවට පත්වී හමාරය. 2015 ආණ්‍ඩුවේ පරාජයට පත් විශාල හේතුවක් වූයේ මේ තත්ත්වය නොසලකා හැරීම බව මගේ අදහසය.

      එමෙන්ම තුන්වෙනුව අරාජිකත්වය සටහන් කිරීමේ උපායමාර්ගය වන්නේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය බුද්ධිමත්ව සහ විධිමත්ව පාවිච්චි කරමින් තාර්කික ප්‍රතිපත්ති මූලික තීරණ ගැනීමේ ක්‍රියාවලියත් (Rational Policy base decision making process හරහා ආර්ථික ආරක්ෂක සහ ප්‍රතිසංස්කරණ අභියෝග සඳහා මැදිහත් වීමක් නිර්මාණය කිරීමයි. එමෙන්ම ඔබ මේ ගැන කරන යෝජනා මොනවාද?

      Delete
  4. ඉන්දියාවේ බ්‍රාහ්මණයන් බඳු නැතත් යම් ආකාරයක වරප්‍රසාදිත බලගතු සමාජ පංතියක් වූ ලංකාවේ එහළයැයි සම්මත පැලැන්තිය කොලෝනියල් යුගයේ ඉංගී්‍රසීන්ගේ නිර්මාණයක්. කොටින්ම ඉංගී්‍රසීන්ගේ අධ්‍යාපනයෙන් හා සංස්කෘතියෙන් පෝෂණය වී ඉංගී්‍රසි ආර්ථිකය හා ඉංගී්‍රසි දේශපාලන ව්‍යුහ පදනම් කරගෙන ලාංකීය බමුණු කුලය නිර්මාණය විය.

    කෙසේ වෙතත් 1956 දේශපාලන පෙරළිය පදනම් කරගෙන මාටින් වික්‍රමසිංහයන් කල්පනා කළේ ඒ බමුණු කුලය බිඳ වැටුණු බවයි. එහෙත් වර්තමාන දේශපාලන සන්දර්භය දෙස බැලීමේදී පෙනී යන්නේ දේශපාලන බමුණු කුලය තවමත් බිඳ වැටී නැති බවයි.

    අතීතයේ සුද්දාගෙන් නිදහස ලැබුණු දා පටන් බමුණු කුලය සහ බමුණු නොවන කුලය ලංකාවේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් නොනවතින දේශපාලන අරගලයක අද දක්වාම යෙදී සිටින අතරම රටේ සමස්ත ජනගහනයෙන් සියයට විස්සක් පමණ වෙතැයි අනුමාන කළ හැකි මෙකී බමුණු කුලයත්, සියයට අසූවක් පමණ වෙතැයි අනුමාන කළ හැකි බමුණු නොවන කුලයත් විවිධ පක්‍ෂ, පාට, ජාති, ආගම් තුළට ගොනු වී සිටිති. එහෙත් වැඩිදුර කල්පනා කරන්නේ නම්, දේශපාලන බලය සඳහා වූ අරගලය තුළ බමුණු කුලයටත්, බමුණු නොවන කුලයටත් පක්‍ෂ, පාට, ජාති, ආගම් පදනම් වලංගු නැති බව ඒත්තු යා යුතුය.

    ලංකාවේ බහුතර සැබෑ පරමාධිපත්‍යය පවතින බමුණු නොවන බලය අමතක නොකල යුතුයි. ලංකා බමුණු කුලය සෑම විට බලයට පැමිණියේ බමුණු නොවන කුලයේ ඡන්දයෙනි. බණ්ඩාරනායක 1956දී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියා ආමන්ත්‍රණය කර පෙළ ගැස්වූයේද, 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් ආර්. ප්‍රේමදාස ඉදිරියට දමා එක්කාසු කර ගත්තේද, විජය කුමාරතුංගට සහ බහුජන දේශපාලන ව්‍යාපාරවලට තුරුල් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා 1994දී රැලි නැඟුණේද, කුරහන් සාටකයක් සහ උඩු රැවුලක් පැලඳ මහින්ද රාජපක්‍ෂ දිනාගත්තේද ඒ බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයයි.

    විපක්ෂයේ වාමවාදීන් ගැන කිව්වොත් එසේම ලංකාවේ සාම්ප්‍රදායික වාම බලවේග මෙන්ම රෝහණ විජේවීර විසින් ජවිපේ අරගලය සහ කැරලි වටා ගොනු කරවූයේද එකී බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයි.

    අනෙක් අතට උතුරේ සන්නද්ධ අරගලයේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් වටා එකතු වූයේද, දෙමළ බමුණු කුලයේ ටී.එන්.ඒ. සංවිධානයට දේශපාලන බලය ලබා දෙන්නේද මාක්ස්වාදය හොඳින් කියවූ ඒ එහ් එම් අෂ්රොෆ් පොදු මුස්ලිම් නායකයකු ලෙස මතු කරවූයේද එකී බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයයි.

    කලකට පෙර 2015 මහින්ද රාජපක්‍ෂ පරද්දන්නට එම කුලයේම මෛත්‍රිපාල සිරිසේන ඉදිරියට දමා රනිල් - චන්ද්‍රිකා - මංගල විසින් යහපාලනයක් වෙනුවෙන් පෙළ ගැස්වූයේද, රනිල් වික්‍රමසිංහට රාජ්‍ය නායකයා වෙන්නට ඉඩ නොදෙන්නේද එම බමුණු නොවන කුලයේ දේශපාලන බලවේගයයි.

    ලංකාව මෙහෙයවන බමුණුකුල ප්‍රධානීන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හරහා නැටවෙමින් බමුණු කුලයට කොටු වුණු චම්පිකලාත්, අනුරලාත් මෙරට දේශපාලනයේ පන්ති සටන පිළිබඳ සවිඤාණිකත්වයට පැමිණ නැත. එයට රාජපක්‍ෂලාගෙ ඇතැම් අතීත කියුම්, කෙරුම් බාධාවක් බව ඔවුන් සිතන බවක් පෙනේ. එබැවින් බමුණු කුලයට එරෙහි සටනට චම්පිකලා, අනුරලා එකතු වන්නට නම් බමුණු කුලයේ සහ බමුණු නොවන කුලය අතර දේශපාලන අරගලය පුද්ගල සාධකවලට වඩා තීරණාත්මක බව ඔවුන්ට වැටහී යා යුතුව තිබේ.

    ReplyDelete
  5. දකුණේ දේශපාලනය විතරක් නෙවෙයි, සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන, වික්‍රමසිංහල, බණ්ඩාරනායක, රාජපක්ෂ පවුල් ගස් වල පවුල් පාලනය වගේම ලංකාවේ උතුරු නැගෙනහිර දේශපාලනය ගත්විට විසුවලිංගම් විග්නේස්වරන්, රාජාවරෝදියම් සම්බන්ධන්, ඒබ්‍රහම් සුමන්දිරන්ගේ සිට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් දක්වාත් අනන්දි සසීදරන් දක්වාත් දමිළ සමාජයේ තියෙන්නේත් මේ වගේම තත්වයක් තමයි, අපිට නම් ඔය කියන තරම් ජාති භෙද කුල භෙද නැ - එකයි අපි තාමත් කියන්නෙ ලක්ෂ්මන් කදිරගාමර් අදටත් අගමැති උනා නම් හොඳයි කියලා, මාතලන් ඔබ හිතන්න දමිළ මුස්ලිම් කෙනෙක් වුනත් ඔය මතයේ දිගටම ඉන්නවා නම් ලංකාවේ ජනාධිපති උනත් වෙන්න පුලුවන් සිංහලයන්ගේම චන්ද වලින්. උතුරේ දෙමළ මිනිස්සු සහ ඇතැම් අන්තවාදී මුස්ලිම් අය සහ කොළඹ රැකේ පුඩිකල් ගෝත්‍රික මීහරක් හිතන විදියේ ගොත්‍රික මනසක් බහුතර සිංහල මිනිස්සුන්ට නැ, මම ඉතාම පැහැදිලිව කියනවා ලංකාවේ සිංහල-දෙමළ ඊනියා ගැටලු ඔක්කොම නිර්මාණය කලේ ලංකාවේ අවස්ථාවාදි දෙශපාලුවෝ සහ ජඩ මාධ්‍යවේදියෝ එම යුගය අවසාන කරන්න අලුත් තරුණයින්ට ලොකු වගකිමක් තියනවා.

    ඒ සඳහා තරුණයින් සමාජ මාධ්‍ය හරහා පෙළගැස්විය යුතුයි.

    ReplyDelete
  6. දැන් නම් උඹේ සන්ලයිට් මදි බන් හෝදන්න

    ReplyDelete
    Replies
    1. ළින්තොට උන්නැහේ නම් රජක වාංශිකයෙක් නේද? නුඹ සේදීම ගැන මෙතරම් හොඳින් දන්නේ එනිසාම නේද බං ලින් තොට?

      Delete
  7. hewage kiyanne paddanta mathalana uge padu gathiya hodata pennana ekek padda paddamai

    ReplyDelete
  8. ඉන්දියාවේ ජනාධිපති භාරතීය ජනතා පක්ෂයේ රාම් නාත් කෝවින්ද් (Ram Nath Kovind) සහ පහුගිය ඉන්දීය ජනපති අපේක්ෂක ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන මීරා කුමාර් (Meira Kumar) ඉන්දියාවේ 'දලිත්' කුල පීඩිත ප්‍රජාව අතරින් මතු වූ නියෝජිතයන් දෙදෙනකු වන අතරම හැත්තෑ හය වියැති රාම් නාත් කෝවින්ද් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරමින් පෙරට පැමිණි නායකයෙක් වෙයි. 'බිහාර්' ප්‍රාන්තයේ ආණ්ඩුකරු ලෙස ද කටයුතු කර ඇති රාම් නාත් කෝවින්ද් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ දෙකක් ජයගෙන ඇත. රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ ජනාධිපති පදවියට පත් දෙවැනි දලිත් පුරවැසියා වන අතරම කොන්ග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන 77 හැවිරිදි මීරා කුමාර් පස් වරක් ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර ලෝක් සභාවේ කාතානායකවරිය ලෙසත් කටයුතු කර ඇත. ඇය ඉන්දියාවේ නියෝජ්‍ය අගමැතිවරයකු ලෙස ක්‍රියාකර ඇති 'දලිත්' නායකයකු වූ ජග්ජිවන් රාම් ගේ (Babu Jagjivan Ram) දියණියකි.

    දශක කිහිපයකට පෙර ලංකාව තුළ කුල භේදය තදින්ම දක්නට ලැබුණමුත් වර්තමානය වන විට එම තත්ත්වය අඩුවෙමින් පවතින්නේ නූතන පරම්පරාවේ සැලකිය යුතු පිරිසක් කුල භේදය පිළිබඳව තැකීමක් නොකරන නිසයි. එනිසා අද ලාංකීය සමාජය තුළ කිසිම කුලයකට අයත් මිනිසුන්ව පහත් කොට සැලකීම සිදු නොවුණත්, උතුරුකරය තුළ තවමත් කුල භේදය තදින් දක්නට ලැබෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල කුල භේදය දක්නට නොලැබුණත්, අප අසල්වැසි ඉන්දියාව තුළ තවමත් එය තදින්ම ක්‍රියාත්මක වනවා.

    ඉන්දියාව තුළ තවමත් පහත් බව කියන සම්මත කුලවලට අයත් වන ඉන්දියානුවන් විවිධ තාඩන පීඩනවලට ලක්වන ආකාරය පිළිබඳව නිතරම අසන්නට ලැබෙනවා. එලෙස සුලභවම කුලවතුන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වන්නේ දාලිත් නම් කුලයට අයත් ජනයා යි. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පාහේ දාලිත් තරුණියන් කීපදෙනෙකු හෝ සමූහ දූෂණයකට ලක් කර මරණයට පත් කරන අතරම දාලිත්වරුන් සෑහෙන පිරිසක්ට මරණය උරුම වනවා.

    ඓතිහාසිකව ඉන්දියාවේ කුල බෙදීම ගැන කියද්දි අතීතයේ භාරත ජන සමාජය තුළ බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර, සහ පංචම වශයෙන් කුල හතරක් තිබුණු බව ඔබ අසා ඇති. එම කුල වර්ග අතුරින් පහත්ම කුලය ලෙසින් සැලකුණේ පංචම කුල යි. ඒ අනුව එම කුලයේ මිනිසුන්ට පැවරුණු රාජකාරිය වුණේ කසල ශෝධක කටයුතු ආදිය යි. පහත්යැ යි සැලකූ කුලවලට අයත් වුණු ඉතාම පහත් පහත් තත්ත්වයේ කුලයන් කිහිපයක් තිබුණා. එවැනි කුලවල ජනයා එකල ජන සමාජයෙන් කොන් කර තිබුණා. ඉන්දියාවේ අදටත් එවැනි පහත් කුලවලට අයත් ජනතාව ජීවත් වනවා. දාලිත්වරුන් ලෙසින් හඳුන්වනු ලබන එම ජනතාව සමග උසස් කුලවල අය කිසිදු සබඳතාවයක් පවත්වන්නේ නැහැ. ඒ ඔවුන්ව ඉන්දීය ජන සමාජය තුළ පහත් කොට සැලකීම නිසයි.

    ReplyDelete
    Replies
    1. අවසන් වරට ඉන්දියාව තුළ ජන සංගණනයක් පැවැත්වුණ 2011 වන විට එරට සිටි දාලිත්වරුන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 167ක් ලෙසින් සටහන් වුණා. නමුත් පසුගිය වසර 9 තුළ ඉන්දියාවේ දාලිත් ජනගහනය මිලියන 200 ඉක්මවා ගියා. 2011 වසරේ දී කළ ජන සංගණනයට අනුව වැඩිම දාලිත්වරුන් ප්‍රමාණයක් ජීවත් වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ යි.

      දාලිත්වරුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රාන්ත දක්වා ඇත්තේ 2011 වසර වන විට වැඩිම දාලිත් ජනගහනයක් වාර්තා වුණු ඉන්දියාවේ ප්‍රාන්ත පිළිබඳව යි.

      1) උත්තර් ප්‍රදේශ්- 35 million +

      2) බටහිර බෙංගාලය- 18.5 million

      3) බිහාර්- 13 million +

      4) ආන්ද්‍රා ප්‍රදේශ්- 12.5 million

      5) තමිල්නාඩු- 12 million

      ඉන්දීය සමාජයේ ඉතා පහත් බව සැලකෙන දාලිත්වරු ඉන්දීය සමාජය තුළ ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. ඉන්දියාව තුළ සාමාන්‍යයෙන් දාලිත්වරයෙකු ඇල්ලූ උපකරණයක් පරිහරණය කිරීමට පවා කුලයෙන් උසස් අය මැලිකමක් දක්වනවා. ඔවුන් විශ්වාස කරන්නේ දාලිත්වරයෙකු භාවිතා කළ උපකරණයක් පරිහරණය කළ විට පවා අශුද්ධ භාවයට පත්වන බව. සමහර අවස්ථාවල හෝටල්වලින් ආහාරගන්නා දාලිත්වරුන්ට තමන් පරිහරණය කළ පිඟන් කෝප්ප පවා සෝදා පිරිසිදු කරදීමට සිදු වනවා.

      දාලිත්වරුන් පීඩා විඳින/ නිතරම හිරිහැරවලට ලක් වන දාලිත්වරුන්ට බොහෝ විට නීතියෙන් පිළිසරණක් ලැබෙන්නේ නැහැ. කුලවතුන් දාලිත් ජනයාට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා අතරට මිනී මැරුම්, තුවාල සිදුකිරීම්, පහරදීම්, දේපළ ගිනිතැබීම්, සහ විවිධ හිංසන ක්‍රියාවන් ඇතුළත් වනවා. කුලවතුන් දාලිත් වැසියෙකු ස්පර්ශ කිරීමට පවා අකමැති වුණත්, ඔවුන් දාලිත් තරුණියන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට පසුබට වන්නේ නැහැ. සෑම සතියකටම වරක් අවම වශයෙන් දාලිත් තරුණියන් 20ක් වත් කුලවතුන්ගේ ගොදුරු බවට පත්වනවා. පසුගිය කාල සමයේ දී එවැනි සිදුවීම් පිළිබඳව නිතරම මාධ්‍යය තුළින් අසන්නට ලැබුණා. දාලිත්වරුන්ට සිදුවන සමාජ අසාධාරණකම් නිසා ඔවුන්ට රජයේ රැකියාවලින් වෙනම ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා.

      ඉන්දීය රජය මැතිවරණවල දී ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් එවැනි දෙයක් කළ බවට නිගමනයකට එළඹිය හැකියි. රජයෙන් දාලිත්වරුන්ට එවැනි සහනයක් ලැබුණත් ඔවුන්ට සිදුවන සමාජ අසාධාරණකම්වලට නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් නිතරම කුලවතුන් සමග ගැටුම් ඇතිකර ගන්නවා.

      මෑත අතීතයේ 1976/ 78 කාලයේ චීනයේ ඉන්දිය තානාපති රාමන් නාරායනන් 1980/ 84 කාලය තුළ ඇමරිකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස රාජකාරියෙහි නිරත වුණ පසු ඉන්දිරා ගාන්ධි කළ ආරාධනයක් නිසා දේශපාලනයට පිවිසි නාරායනන් 1984-1992 කාල පරාසය තුළ ලෝක් සභාව නියෝජනය කළා. ලෝක් සභාව වසර 8ක් නියෝජනය කළ නාරායනන් 1992-1997 අතර කාලයේ දී ඉන්දියාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළා. උප ජනාධිපති තනතුරේ වසර 5ක් රාජකාරි කළ නාරායනන් ඉන්දියාවේ 10 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 1997. එය දාලිත්වරුන් ලැබූ විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. ඉන් අනතුරුව ජනාධිපති ධූරයේ කටයුතු කළ නාරායනන්ගේ ධූර කාලය අවසන් වුණේ 2002.

      ඉන්දියාවේ ජනාධිපති භාරතීය ජනතා පක්ෂයේ රාම් නාත් කෝවින්ද් ද දාලිත් කෙනෙක්, 1994/2006 කාලය තුළ ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කළ කෝවින්ද් 2015 බිහාරයේ ආණ්ඩුකාර ලෙස රාජකාරි කටයුතු ආරම්භ කළා. 2017 වන තුරු එම තනතුරේ රාජකාරි කළ කෝවින්ද් ඉන්දියාවේ 14 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ 2017 වසරේයි

      Delete
  9. //ඉහළ කුලවල උන්ට ඉන්න වෙන්නේ පිලේ බංකුවේය. මෙය අවබෝධ කරගෙන ඇති රනිල්ලා චන්ද්‍රිකාලා පාඨලීලා සජිත්ගේ චන්ද කැඩීමට සිරිසේන වැනි අපතයන් සමඟ පමණක් නොව, ජෙප්පන් හා එක්වීමට වුවද සූදානම් බව දැන් පැහැදිලිවම පෙනේ..//

    මෙකේ ඇත්තක් නැත්තේ නෑ ඒත් මම හිතන්නේ ලංකාවේ කුල පීඩනයෙන් වැඩියෙන්ම බැට කෑ නූතන පාර්ලිමේන්තුවේ සිටින දේසපාලුවා වන්නේ කටහැකර බූරුවන්ස වන බවයි.

    විශේශයෙන්ම රැඩිකල් ජාතිවාදී නොවන බව කියන බොහෝ දේශපාලන්ඥයින්/ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පවා විලිලැජ්ජා නැතුව වීරවංශගේ කුලය අදිමින් ඔහුට ඉතා අශිෂ්ට ලෙස අපහාස කළා.

    වීරවංශ නැවත ජවිපෙ ජාඅතික ජන බලවේගයට එක්වීමට යන මේ මොහොතේ ඔහුට සජිත් ප්‍රේමදාස කඳවුර වුවත් තෝරා ගැනීමට පුළුවන් නේද> මොකද සජිත් කියන්නේත් වීරවංස තරමට නැතත් ඉන් 10% ක් පමණවත් කුල පීඩනය නිසා යම් මට්ටමකට අසාධාරණයට ලවූ අයෙක්.

    මාත මොකද හිතන්නේ සජිත් සමග වීරවංසලාගේ එකතු වීමක් ගැන?

    ආර් ප්‍රේමදාස කරා කුල ජවිපෙට තමන් හා එක්වෙන ලෙස 1988 ඇරියුම් කළ අයුරින් සජිත්ටත් වීරවංසට විවෘතා ආරාධනාවක් කරමින් ඔහුගේත් ගම්මන්පිල ඇතුලු නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින පිරිස සමගින් සෑහෙන සහයක් ලබා ගත නොහැකිද?
    මාත මොකද හිතන්නේ සජිත් සමග වීරවංසලාගේ එකතු වීමක් ගැන?

    ReplyDelete
  10. මාතා, ඊළඟ පෝස්ට් එකටත් ටොපික් එකක් දෙන්න පුලුවන්, ඒ නිසා ලබන පෝස්ට් එකෙන් ලංකාවේ වේ ණය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    සාමන්‍යයෙන් ලංකාවේ මිනිස්සු සෑහෙන පිරිසක් ගෙවල් හදන්නේ, ඉඩම් ගන්නේ ණය අරන්. වාහන ගන්නේ ණය අරන්. (ෆිනෑන්ස් දාලා)

    එළියට ගියාම කන්නේ බොන්නේ ණයට.(ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්)

    අති බහුතරයක් ගානට ණය වාරිකේ දාලා ජීවිතේ මැනේජ් කරගන්නවා.

    ඔය ණය ගත්තේ නැත්නම් කවදාවත් වාහනයක් ගන්නවත්, ගෙයක් හදන්නවත් වෙන්නේ නෑ.

    සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි, ව්‍යාපාර පවා ණයයි.

    ඒකෙන් කියවෙන්නේ නෑ ඔවුන් දුප්පත්, බංකොලොත් කියලා.

    ණය කියන්නේ ආර්ථික චක්‍රයේ එක් අත්‍යවශ්‍ය කොටසක්. මුදල් සංසරණයේ එක් ප්‍රධාන අංගයක්.

    මොකද මාසෙක සැලරි එකකට වැඩ කරලා ඒක සැලරි එකම එකතු කළත් ලොකු කැපිටල් එකක් හදාගන්න බැරි නිසා.

    ණය දීම සහ ණය ගැනීම ආර්ථික චක්‍රයේම කොටසක්.

    මිනිස්සු ණය අරන් තමන්ට ඇසට් මිලට ගැනීම, ව්‍යාපාර ණය අරන් ව්‍යාපාර ආරම්භ කිරීම ආර්ථික චක්‍රයේ යහපත් දේවල්.

    මොකද සල්ලි කියන්නේ ප්‍රින්ට් කරන්න පුලුවන් දෙයක්. යාන්ත්‍රණයකින් නිෂ්පාදනය වෙන දෙයක්.

    ඒ යාන්ත්‍රණය මගින්ම අපිට ඉපැයිය හැකි දෙයක්.

    එම නිසා විශාල මුදලක් ලබාගෙන අපේ අවශ්‍යතා ඉටු කරගෙන, කොටස් බැගින් ගෙවීම ඉතාම වාසිදායක කරුණක්.

    මිනිහෙක් මම ණය වෙන්නේ නෑ කියලා ණය අරගෙන කරන්න පුලුවන් ගෙයක් හැදීම, වාහනයක් ගැනීම වගේ කරුණු නොකර ඉදීමෙන් ඔහු ශ්‍රේෂ්ඨ වෙන්නෙ නෑ. ඔහුගේ ජීවන තත්ත්වය ලෝකයත් එක්ක පහලට යනවා විතරයි.

    අවසානයේ ණය මිනිසාට වඩා ණය නැති ආඩම්බරකාර මිනිසාට වඩා ඔහුගේ ජීවන තත්ත්වය පහත්.

    රටවල් වුනත් එහෙමයි.

    ලෝකයේ හැම රටක්ම කාටහරි ණයයි.

    ලෝක බලවත්තු වෙන විශාලතම ආර්ථිකයන් තියෙන ඇමෙරිකාව ඩොලර් ට්‍රිලියන 29ක් ණයයි. ඇමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදනය ට්‍රිලියන 20යි.

    තවත් ලෝකයේ විශාලතම ආර්ථිකයක් තියෙන චීනය විදේශ රටවලට USD ට්‍රිලියන 2.4ක් ණයයි.

    ඉන්දියාව ඩොලර් බිලියන 570ක් ණයයි. ජපානය ඩොලර් ට්‍රිලියන 11ක් ණයයි.

    ඔය රටවල් සියල්ල අපිටත් ණය දෙන රටවල්.

    ණය නැති රටක් නෑ.

    මොකද ණය නැති රටක් කියලා දෙයක් පවතින්නත් බෑ. මොකද ඒ තමයි ආර්ථික චක්‍රයේ ස්වභාවය.

    ණය ගැනීම, ණය ගෙවීම, ණය දීම ආර්ථික චක්‍රයේ කොටස්.

    කවුරුහරි හිතනවා නම්, ශ්‍රී ලංකාවට ණය තිබීම අවුලක්, මේ ණය සියල්ල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ණය නැති රටක් ලෙස පැවතිය යුතුයි කියලා ඒක ඔවුන්ගේ නොදන්නාකම පමණයි.

    ලොව කිසිම රටකට එලෙස පවතින්න බැහැ. ණය ලබා ගෙන ව්‍යාපෘති සිදු කර ආදායම් ඉපැයීම, ඉන් පසු ණය ගෙවීම සිදු නොකර රටකට ලෝකය සමග ඉදිරියට යන්නත් බැහැ.

    සාමාන්‍යයෙන් සිංහල සංස්කෘතියේ ණය වීම කියන දේ ලැජ්ජාවක් ලෙස සැලකුනා. ඒක තමයි අපේ ජන සමාජයට මේ රාජ්‍යය ණය මහා විනාශයක් වගේ දැනෙන්නේ.

    දේශපාලකයන් ජනතාවගේ මේ නොදැනුවත්බාවය සහ සංස්කෘතික හැඟීම් පාවිච්චි කරලා දේශපාලන බලය වෙනුවෙන් ණය බිල්ලෙක් මවනවා.

    අපේ රටේ විදෙස් ණය ගැන මිනිස්සු බිය වීමට එය තවත් හේතුවක්.

    ශ්‍රී ලංකාවේ සමස්ත ණය USD බිලියන 60යි. අපේ දළ දේශීය නිෂ්පාදනය USD බිලියන 80යි.

    අපි බය වෙන්න අවශ්‍ය නෑ

    ණය ගැනීම නරක දෙයක් හෝ විනාශයක් නෙවෙයි. ණය ගැනීම දුප්පතුන්ට හෝ බංකොලොත්වූවන්ට අදාල දෙයක් නොවේ.

    නමුත් අපේ රටේ බහුතරය විදෙස් ණය කියන දේ බිල්ලෙක් වගේ දකිනවා. විදෙස් ණය ගත්තු පලියට අපේ රට ලෝකයේ වෙන රටවලට අයිති වෙනවා කියලා හිතනවා.

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කොච්චර අසාර්ථකද කියලා ඔප්පු වෙන්නේ මිනිස්සුන්ගේ මේ චින්තනය නිසා.

    ණය ගෙවන්න බෑ කියලා කියලා ජනතාවට බොරු කියලා වරායක් වගේ රටේ ආදායම් උපදවාගෙන රට ගොඩ දාගන්න පුළුවන් වුණ ජාතික සම්පත් විකුණපු රනිල් වික්‍රමසිංහ වගේ මුග්ධ තකතීරු පාලකයන්ගේ ඇතැම් ක්‍රියාත් මේ චින්තනයට හේතුවක්.

    නමුත් ඒ සියලූ ණය වාරික වරාය අධිකාරිය පහසුවෙන් ගෙවමින් සිටියා. හම්බන්තොට වරාය යනු ඊට වැය වූ මුදල මෙන් දහස් ගුණයක් ආදායම් ඉපැයිය හැකිව තිබූ ඇසෙට් එකක්. එහි ණය වාරිකය ගෙවීමේ කිසිදු නොහැකියාවක් තිබුනේ නැහැ.

    කොහොමවුනත් මේක 21 වෙනි ශතවර්ෂය.

    ආර්ථිකය වැඩ කරන හැටි, සල්ලි වැඩ කරන හැටි කියලා දීලා අපේ රටේ මිනිස්සු එඩියුකේට් කරන්න අවශ්‍යයි.

    ඒ වැඩ පිළිවෙලට ආර්ථික විද්‍යාඥයො වගේම රටේ පක්ෂ, විපක්ෂ දේශපාලකයො සියලූම දෙනා එක්වීමට අවශ්‍යයි.

    මන්ද දිනෙක රට භාර වෙන්නේ වරක් විපක්ෂය නියෝජනය කරන පිරිසට. ඔවුන් සියලූම දෙනා මේ ජාතික වගකීම් වලට එක්විය යුතුයි.

    නමුත් දුර නොබලන, ලඟ බලන බලයට කෑදර දේශපාලකයන් සිටිනා රටක අවාසනාවනට නොවෙන්නෙත් එයයි.

    නොදන්න අයට;

    ගෝලීය ආර්ථික විද්‍යාවේ ණය සංකල්පය ක්‍රියාත්මක වන අයුරු..

    මේ වීඩියෝව බලන්න

    https://youtu.be/kSWT_1MtU8Y

    ගෝලීය නිදහස් වෙළඳ පොළ මත පදනම්ව නූතන ආර්ථික වර්ධන උපදේශනයේ පියා ලෙස සැලකෙන, සම්මානිත ආර්ථික විද්‍යා කතෘ රොබර්ට් ටී කියොසාකි ණය පිළිබඳ සිදුකරන විහ්‍රහය නරඹා සිටින්න

    https://youtu.be/dN5qHjnd_xk

    මේ ගැන මාතලන්ගේ අදහස් මොනවද?

    ReplyDelete
  11. මේ වැඩවසම් ඔලු සහිත ධනේෂ්වර සමාජය ගැන නියම විග්‍රහයක්.. මේකෙ ඉන්න බහුතරයක් තාම වැඩවසම් ෆැන්ටසිය ෆලෝ කරන්නෙ.... උඹලත් එහෙමද කියල බලන්න වැඩි විස්තර ඕනෙ නෑ... කාටහරි මොකකට හරි වඳිනවද ?... එහෙනම් උඹලත් ඒ ජාතියේ වැඩවසම් ෆැන්ටසිය ඔලුවෙ තියාගෙන ධනේෂ්වර සමාජයේ පයගහල ඉන්න ඩයල් තමයි....(දැන් ඉතින් අම්මට තාත්තට වඳින්නෙ ගෞරවයට ඩෝ... උඹ මොකෙක්ද වගේ ගොන් පාට් දාගෙන එන්න එපා... අනික බල්ලන් නාවන්ට ගෙනියනවා සේ ඕව කරන උන්ටද අදාලත්වයන් නැත....)

    ReplyDelete
  12. සඡිත් කියන්නෙ ඔල මොට්ටලයෙක්. ඔහු ගැන කථා කිරීම නිශ්ඵල වැඩක්.

    ReplyDelete
  13. සටහන් කර තැබුම මේ වගෙ කොන්ද කෙළින්-
    මිනිස්සු ගැන, අගයමි හද පිරුණු බැතින්
    කශේරුකා නැති ගැඩවිල් රජ පණුවන්
    වළට යනකොටම නම වීලා ‘වැනිෂින්’

    ReplyDelete
  14. මාතලන් කියපු දේ හරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් යුද්ධය දිනූදාට පහුවදා අංජන ඉන්ද්‍රජිත් ඇන්ද කාටූන් එක. ඒකෙ තිබ්බේ මෙහෙම දෙයක්.

    මහින්ද ජනාධිපතිවරයා: අපේ හමුදාව දැකලා ලෝකෙම පුදුම වෙනවා බං.

    පුරවැසියා (අවඥාවෙන්) කැබිනට් එක දැක්කනම්... ��

    මම මේකෙ වරදක් දකින්නේ නෑ. සමහරවිට ජනාධිපතිවරයාටත් හිනා යන්න ඇති. (කොහොමටත් ඒ විශාල කැබිනට් එක නැත්තං මහින්දට යුද්ධය දිනන්න දේශපාලන ස්ථාවරත්වය ලැබෙන්නේ නෑ.)

    3% එහෙම ජන මතය හසුරුවනවා කියන එකම විහිළුවක්. මෙතන ගැටලුව රජය PR කියන සබ්ජෙක්ට් එකට කිසිම අවධානයක් දෙන්න නෑ. 3 % ඔහොම බයිලා පෝස්ට් 10ක් දාද්දී ආණ්ඩුව තමන්ගේ පොයින්ට් එක PROVE කරන්න පෝස්ට් 100ක් දාන්න ඕනේ. ටීවී චැනල් වල මිනිස්සුන්ට දෙයක් තේරෙන්න කියන්න පුළුවන් මිනිස්සු අරන් මේවා කරන්න ඕනේ. තාම මේ ආණ්ඩු ඉන්නේ ගල් යුගයේ. ඒකනේ අර යොහානිට ඉඩම් දෙනවා වගේ සිල්ලර දේවල් කරමින් යන්නේ. එහෙම බෑ. ආන්ඩුවක් උනාම COMMUNICATION HANDLE කරන්න ඒවට සුදුසුකම් තියෙන භාෂාව හසුරුවන තර්කානුකූලව දෙයක් පැහැදිලි කරන්න පුළුවන් මිනිස්සු මේවාට යොදවන්න ඕනේ.

    එහෙම කිසිම දෙයක් නෑ. ඒ සියලු තනතුරු යන්නේ ගොට්ට අල්ලන් පස්සෙන් යන උන්ට. උන්ට වචන දෙකක් හරියට කතා කරගන්න බෑ. සබ්ජෙක්ට් එක දන්නේ නෑ. බ බ ගාල හත්පොලේ ගාගෙන එනවා. ඔහොම කීපයක් උනාම ඉතින් ආණ්ඩුව නානව තමයි.

    මේ දැන් වෙලා තියෙන්නේ ඒක. තමන් කරන දේ හරියට COMMUNICATE කරගන්න බැරි කම. විසදුමක් දෙන්නේ නැත්නම් 2015 ආයේ වෙන එක නවත්තන්න බැරි වෙයි.

    ReplyDelete
  15. අයිසේ මාතලන්, කතාවක් තියෙනවා ඒකේ හැටියට ඔන්න එක්තරා පූජකයෙක් සිය පව් සමා කර ගන්න කොලඹ අගරදගුරුතුමා ලඟට යාපනයේ වැල්වටිතුරේ ඉඳලා ආවා. මේ පූජකතුමා අගරදගුරුතුමා හමු වෙලා මෙහෙම අහනවා

    පූජකතුමා - "මම යුද්දය තියෙන කාලේ මහ පවක් කර ගත්තා. ඒක පාපොච්චාරණය කරලා සමා කර ගන්න ආවේ"

    අගරදගුරුතුමා - "ඒ මොකක්ද ඒ? හොඳයි එහෙම නම් කියමුකො බලන්න"

    පූජකතුමා - "මේකයි මීට වසර 15කට විතර කලින් කොටි සංවිධානයට බලෙන් අරන් ගිය කෙල්ලෝ 3 දෙනෙක් කොටින්ගෙන් පැනලා මගේ පල්ලියට ඇවිල්ලා කිව්වා ඒ ගොල්ලන්ව හංගා ගන්න. නැත්නම් කොටින් උන්ව මරයි කියලා.මම ඉතින් අනුකම්පා කරලා ඒ ගොල්ලෝ පල්ලියේ හංගාගෙන හිටියා"

    අගරදගුරුතුමා - "අය්යෝ, ඕක පවක් නෙවෙයි.පිනක්. දෙවියන් වහන්සේ හරිම සං‍තෝස වෙයි"

    පූජකතුමා - "නෑ.මම ඒ කෙල්ලෝ හැංගුවේ පල්ලියේ ගබඩා කාමරයේ. ඒ කෙල්ලෝ හංගන් ඉන්නකොට,ඒකට ගෙවීමක් වශයෙන් මගෙත් එක්ක ලිංගික ඇසුරක් තියා ගන්න ඕනී කියලා උන්ට කොන්දේසියක් දැම්මා. උන් එක පයින් ඒකට කැමති වුනා. මම උන්ගෙන් අයුතු ප්‍රයෝජන හුඟක් ගත්තා. මම මහ පව් කාරයෙක් ස්වාමීනී"

    අගරදගුරුතුමා - "නෑ, නෑ හලෝ. තමුසේ ලොකු අවධානමක් ගත්තේ.කොටින්ට අහු වුනා නම් ඕ ගොල්ලෝ 4 දෙනාම මැරුම් කනවා. ඔයාව පවා කොටි මරනවා. ඔයා කිසිම පවක් කරලා නෑ. ස්වර්ගෙට යන්න නියම පොයින්ට් එකක්"

    මේ පූජකතුමාට හරි සතු‍ටුයි. එතුමා අගරදගුරුතුමාගෙන් ආපහු අහනවා

    පූජකතුමා - "මට තව එක හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා"

    අගරදගුරුතුමා - "ඔව් මොකක්ද?"

    පූජකතුමා - "මම ඒ ගොල්ලන්ට කියන්නද දැන් කොටි නෑ, උන්ව මරලා අවුරුදු දොළහක් විතර වෙනවා කියලා?"

    ReplyDelete
  16. ඊනියා නලින් ද සිල්වා දේවාදිත්‍ය මේ සේ ලියයි

    1991 දෙසැම්බර් 26 වැනි දා තමයි ඊනියා සෝවියට් අධිරාජ්‍යය විසුරුවා හැරි දිනය. පසුගිය දා එයට වසර තිහක් සම්පූර්ණ වුණා. ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ තමයි ඊනියා සෝවියට් අධිරාජ්‍යය ගොඩ නැගුණෙ. ඊනියා බටහිරයන්ට සිද්ධ වුණ ඊනියා නැගෙනහිර යුරෝපය ඊනියා ස්ටැලින්ට පාවල දෙන්න ඊනියා හිට්ලර්ගෙ ඊනියා ජාතිකවාදය පරාජය කිරීමට දුන් උදවුවට හිලවුවක් ලෙස. ඊනියා දෙවැනි ලෝක යුද්ධෙ කියන්නෙ ඊනියා ජාතිකවාදීන් අතර කෙරුණු ඊනියා ගැටුමක්. එක පැත්තකින් ඊනියා ඉංගිරිසි ජාතිකවාදය. චර්චිල් තමයි ඊනියා එකෙ ලොක්කා. ඊනියා රූස්වෙල්ට් ඔහුට අනගි සහායක් සැපයුවා. තව පැත්තකින් හිට්ලර්ගෙ ඊනියා ජාතිකවාදය. ඊනියා මුසෝලිනි ඔහුට සහාය වුණා. තව පැත්තකින් ඊනියා ජපන් ජාතිකවාදය. හතරවැනුව ඊනියා රුසියන් ජාතිකවාදය.

    ReplyDelete
  17. Senior BJP party leader Indian politician, economist, academic, scholar and statistician Dr. Subramanian Swamy has castigated his Government for the failure to extend critical support to Sri Lanka at her neediest hour and the most usable hour to create another good friend with stronger bond & avoid evil powers eying on stabilizing within the subcontinent and Indian ocean.

    Dr Swamy has stated that “If India wants an ally for the Indian Ocean long term, then India must give deferred interest $ 10 billion loan to the SL Government now or face China getting one more junior partner,” in his official tweeter.

    “Accordingly, the current Modi Govt. which ruling India has severely failed in so many foreign policy issues. Let not Sri Lanka be another,” he added.

    Meanwhile the Asian Development Bank (ADB) will be reimbursing Sri Lanka to the tune of $ 85 million, money which the country had spent to purchase Sinopharm COVID-19 vaccines. According to Pharmaceutical Production, Supply and Regulation State Minister Prof. Channa Jayasumana, the ADB had agreed to reimburse the amount taking into consideration the transparency of the vaccine procurement process as well as the progress of the country’s COVID-19 immunisation program. The majority of the country’s vaccinated population received the Sinopharm vaccine, with 11.9 million persons receiving the first dose of Sinopharm and 10.9 million persons receiving the second dose.

    By the way, even though the Container volumes at Sri Lanka’s Colombo Port has surged 20.8 percent in November 2021 to 594,236 twenty foot equivalent units also taking the 11-month volumes past the pre-pandemic number, official data show where domestic container volume grew 18 percent to 99,382 in November, while transshipment containers grew 22.7 percent to 484,270 TEUS.

    So far within this year (up to November month end) Sri Lanka’s container volumes were up 4.8 percent to 6,596,167 TEUs, just exceeding the pre-pandemic number in 2019 of 6,589,498 while Sri Lanka kept Colombo Port open during the height of the pandemic in the first half of 2020 when many ports faced disruptions due to Coronavirus though the port faced some disruption as Coronavirus spread in the country after September 2021.

    ReplyDelete
  18. හූ .............................................................

    ReplyDelete
  19. මම ප්‍රේමදාසට චන්දෙ දීලා තියනවා, රනිල්ටත් දීලා තියනවා, මහින්දටත් දුන්නා, සිරිසෙනටත් දුන්නා අන්තිමට ගොටාටත් දුන්න. දැන් මට පෙනෙන්නෙ මුන් ඔක්කොම එකයි නීල හොරු. බොරුවට පෑති දෙකකට බෙදිලා අපිව ගොනාට අන්ඳනවා වගේ. මාරුවෙන් මාරුවට මුන් හොරා කනවා. විපක්ෂේ ඉන්නකොට පට්ට විදියට කෑගහල බලය ගන්නවා එත් එකෙක් වත් අනික් පැත්තේ උන්ව බලයට ආවම අල්ලනේ නෑ. මුන් පට්ට ඩීල් එකේ ඉන්නේ. අර රන්ජා විතරයි ටිකක් විතර ඩීල් අඩුවෙන් දාගෙන හිටියේ ඒත් මුන් දෙගොල්ලම එකතුවෙලා ඌවත් ඇතුලට දැම්මා. මේ සැරේ වීරවංශ ගම්මන්පිල වගේ ආණ්ඩුවේ ඉන්න රට ගැන හැඟීමක් තියෙන කට්ටිය ජවිපෙ බලවේග කණ්ඩායම එක්ක එකතු වෙලා ආවොත් නම් මමත් හොරා කාපිය කියලා හරි දෙනවා ජවිපෙ බලවේගේට. එකම කට්ටියක් හැමදාමත් කන්න ඕනේ නැනේ. අලුත් එවුනුත් ඇවිල්ලා කාපුදෙන්. කෙලවෙලාම යන්න. රෙද්ද. මොකෝ මුන්ට කාල ඇතිවීමක් නෑනේ. කලින් කාපු උන් ආයේ ඇවිත් කාගෙන කාගෙන කාගෙන යනවා හෙට දවස ගැන විස්වාසයක් තියන්න නම් බැහැ මෙහෙම ගියොත්.

    ReplyDelete
  20. ලංකාවේ නූතන දේශපාලනය තුළ දැනට සති කීපයකට පෙර 2022 අයවැයට පක්ෂව හකීම් හා බදියුදීන්ගේ පක්ෂ දෙකේ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිස පක්ෂව ඡන්දය ලබා දීම හේතු කරගෙන එම පක්ෂ විසින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඉන් කුපිත වී ගිය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.

    මේ සිදුවීම සමගම ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ නායකයන් වූ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා පමණක් නියෝජනය වනු ඇති අතර අනෙක් සියලුම මන්ත්‍රීවරු එම පක්ෂ වලින් පිට වෙනම පක්ෂයක් ලෙස එම මන්ත‍්‍රීවරුන් විසින් පිහිටුවනු ලබන නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ද දැනට සාකච්ඡා කරමින් සිටී. මේ අතර ආණ්ඩුවේ ඉහළම ලොක්කන් පිරිස මේ දවස් වල සාකච්ඡා වී ඇත්තේ වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී ඇතැයිද කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳ දැනුමක්, හැඟීමක් ඇති අය පත්කරගැනීම සිදුකළ යුතු බව ද නව කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යාම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද මෙහිදී තීරණය කර ඇත. ඇමරිකානු එක්සත් ජනපදයේදී ඇමරිකානු ආසියා ශාන්තිකර කලාපය භාර නිලධාරීන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් සමග බැසිල් රාජපක්ෂ කළ සංවාදවලදී සහ විවිධ සටකපට ඩීල් පිළිබඳ සාකච්ඡාවලදීද රාජපක්ෂ පවුල් ආධිපත්‍යය ගැන එම නියෝජිතයින් අතින් දැඩිව විවේචන එල්ල වී ඇති පසුබිමක ඇමරිකානු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කරන කණ්ඩායමක අය රජයේ ඉහළ තනතුරු රැසක් සඳහා පත් කිරීමට අවශ්‍ය බැවින් ඇතැම් අමාත්‍යාංශ ඇමතිවරු සහ ලේකම්වරු ද වෙනස් කිරීමට සිදු වන බව මේ ගැන වැඩිදුර සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉහළම ලොක්කන් පිරිසක් කතා කරල තියෙනවා කියලා කියන්නේ මේ ගැන ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම විස්තර හෙළිදරව් වේවි.

    ReplyDelete
  21. මාතලන්, ලංකාවේ සමාජ මාධ්‍ය වල කාලෙන් කාලෙට එක එක කෙටි කාලීන රැලි වලට අහුවෙලා ගහගෙන යන මිනිස්සු මේ දවස් වල ජවිපෙ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න කතා කරන බවක් පේනවා නේද? ඔය සමාජ ජාල වල ජවිපෙ ඉල්ලන මිනිස්සු කොයිතරම් පැහැදිලි අවබෝධයකින් එහෙම කරනවද කියන එක ගැන මාතලන්ට තක්සේරුවක් තියෙනවද? මොකද, කාලයක් ඔය මෝඩ මීහරක් වහන්සේලා ලංකාවේත් හමුදා පාලනයකුත් ඕනේ කියල සමාජ මාධ්‍ය ඔස්සේ උඩ පැන පැන තප්පු ලෑවා මාතලන්ට මතක නැත්නම් අවුරුදු දෙකකට විතර කලින් ඔය යක්කු පෝස්ට් කරපුවා බලන්න. එහෙම කියපු අයගෙන් කීප දෙනෙකුටවත් හමුදා පාලනයක් මොනවගේද කියල අඩුම තරමින් දළ අදහසක් තිබුනද මන්ද !!! ගොඩක් අය ඔහේ කියන්නම් වාලේ කියනවා මිසක් !! මළ ගෙවල් වල ඕමි ගහනකොට කොල නැතුව මොකුත් වෙන විදියක් පෙන්නේ නැති උනාම පරාදෙට ගහනවා වගේ; වැරදිලාවත් රෙපෝරු වුණොත් කියල :)

    මේ වගේ මෝඩ යක්කුන්ට හරියන්නේ ආණ්ඩුවේ බූරු රැල, පුතාණෝගේ ගොන් පාට් සහ අනුර කුමාර ඇතුළු කල්ලියේ සුරඟන කතා තමයි ඉතින්. කාලෙන් කාලෙට එක එක හාල් පාරුවෝ බලයට පත් කරලා උන් රට හදල කන්න බොන්න කටට දෙනකම් උඩ බලාගෙන ඉන්න මිනිස්සුන්ට එහෙම වුණේ නැති උන ගමන් ඔහේ බැන බැන ඉන්නවා ඊට පස්සෙ තව එකෙක් පස්සෙ යනවා ඔක්කොම එකයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න