.

.

Dec 18, 2021

ගමෙන් පටන් ගෙන "මොනෙක්" වෙත යාම - Lets Build a Monarch with JVP

 


ඉස්සෙල්ලම බලමු Monarch හෝ Monarchy කියනෙකේ තේරුම.. සරළව කාටත් තේරෙන බසින් කියනවා නම් ඒකාධිපතියෙක් විසින් පාලනය කරන අධිරාජ්‍යය යන සරළ තේරුමය.. උදාහරණයක් ලෙස මොන්ටිකාලෝ රාජ්‍ය සඳහන් කළ හැකිය...

ඇත්තටම ජාතික ජන බලවේගයේ රැස්වීම තියන තලවතුගොඩ මොනෙක් අධිරාජ්‍යය විවෘත කලෙත් එහෙම අධිරාජ්‍යයෙක්ය. ඒ බැසිල් රාජපක්ෂ උන්නැහේය..

ගමෙන් පටන් ගමු කියපු ජවිපේ, ඒක පැත්තකට තියලා ජාතික ජන බලවේගය එක්ක මොනෙක් එකේ සෙට් වෙන්නේ ඇයි?

ආන්ඩුවේ පිස්සු කෙලීම් එක්ක බහුතර ජනතාව ඉන්නේ ආන්ඩුව එක්ක කළකිරීමෙන්ය, කොරෝනා මැද්දෙත් ආන්ඩුව බොහෝ දේ කළත්, ඊට ප්‍රචාරණයක් ලබා දෙන්න ආන්ඩුවේ මාධ්‍යකාරයෝ සියල්ලම අසමත්ය.

ඒ වගේම කැබිනට් ඇමතිවරුන්ගෙනුත්  අති බහුතරේ අසමත්ය, වී මාෆියාවට කෙලින්න දාපු බන්ධුල හොරා කාලා අතේ මාට්ටුය. අලගියවන්න කියන්නේ පට්ට හොරෙක්ය. පච වෙන්නේ ෆේල් වෙන්නේ ඝෝඨාය

කාබනික වගාව බාරදීපූ දෙන්නා ඒකා හෑවා මදිවාට චීන ගූ නැවකින් හොරා කාලා එකවුන්ට්ස් දෙක පුරව ගත්තේය. පච වෙන්නේ  ෆේල් වෙන්නේ ඝෝඨාය.

හරියට ගියේ වැක්සින් වැඩේ විතරයිය.. ඒකෙන් හොරා කන්න ගිය පවිත්‍රට කෙලවෙලාම ගියා වගේම කෙහෙලියටත් ගරු රඟපෑම් දාන්න බැරි ව්දියට වියත්මගේ බඩු දෙක එතනදි පාස්ය.

මාධ්‍ය ඇමතිකම දීලා තියෙන්නේ තවත් සිරිසේන කෙනෙකුටය. පොරද  කන පතේම අඩු නැතිව රෙන්නේය. ඝෝඨගෙ දකුණු අත වගේ උන්න දිලිත් දැන් ඉන්නේ මල පැනලාය. දුමින්ද එලියට දැම්මත් රෙණෝගේ හිරුත් නිකං මළහිරු වගේය.

මේ සියල්ලට ඝෝඨා වගකියන්න ඕනාය. එයා 2025 ආයේ ඉල්ලන්න ඉන්නවා නම් දැන්වත් එයා පොලිටීෂියන් කෙනෙක් වෙන්න ඕනෑමය.

ආන්ඩුවට විරුද්ධව උසාවි ගිය කැබිනට් ඇමතිවරු එලවලා දාලා තමන් ඝෝඨා බව ජනතාවට පෙන්විය යුතුය..

මෙන්න මේ හේතුත් නිසාත්, සජිත්, පාඨලි, රනිල් කියන පට්ට ෆේල් ජෝකර්ලාගෙන් වැඩක් නෑ කියලා දන්න හේතුව නිසාත්, දැන් මිනිස්සු විකල්ප නායකයෙක් හොයනවාය...  විකල්ප බලවේගයක් හොයනවාය..

අනුර කුමාර කෙරේ මෙන්ම ජෙප්පන් කෙරෙහි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ, වෙනත් විකල්ප නැති නිසාය.. (ඇත්තම නායකයා අනුර කුමාර නොව ටිල්වින් උන්නැහේය)

ජෙප්පන්ටත් මෙය අවබෝධ වූවද, ඔවුන් ඉන්නේ මෝහෙන් මුලාවෙලාය. සිහිණය බලය ලබා ගැන්ම පමණය. එයාලා කියනා ක්‍රමවලින් රටවල් හදන්නට බැරිය.. පුත්තලම් ගඩොලින් හා මනම්පිටියේ වැලිවලින් මූලස්ථාන ගොඩ නැගුවාට, ඔය බයිලා වලින් රට හදන්නට බැරිය..  

අමතර එවනා ඩොලර් 500 කින් ඩොලර් සංචිතය මේන්ටේන් කළ නොහැකිය.

පොල්මුඩේ ඉල්මනයිට් වලින් කැළණියේ මැටි වලින් රට ගොඩ දාන්න බැරිය. වී වගා කරනා පන් ගොයියෝ එක්ක රට ගොඩ නගන්නට බැරිය. කොටින්ම විදෙස් ආයෝජකයෝ නොමැතිව මේ රට ගොඩගැනීම විහිළුවාක්ම පමණය.

ඒ නිසා මුලින්ම ඔවුන් රට ගොඩ දමනා කෙටි කාළීන හා දිගු කාළීන වැඩපිලිවලක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය. මන්ද විවේචනය පහසු වූවාට, වැඩේට බැස්සාම එයාලත් නාගත්තා මිස වෙන වැඩක් නොකල නිසාය.

2015 දී යහපාලනයට කෙලවෙලාම ගියේත්, මේ ආන්ඩුව දැන් හත්පොලේ ගාගෙන නාන්නේත් ඒ හේතුවෙන්මය. 

ඇත්තටම "මොනෙක්" මානසිකත්වය ඉතා හොඳය. ජවිපේ ඉදිරියට යා යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ  ලෙස මිස වෙනත් පෙරමුණු හෝ බලවේග ලෙස නොවේය.

එනිසා ජාතික ජන බලවේගයේ සිටිනා සියල්ලන්ටම ජවිපේ සාමාජිකත්වය ගෙන ඔවුන් හා එක්වන ලෙස ඉල්ලා සිටිය යුතුය. 

එසේ එක් නොවනා උන් අමු බොරුකාරයෝය. මන්ද කෙල වූ පසු අනේ අපි නම් ජවිපේ නෙමේ කියා දිරාමාරු වන්නේ ඒ පිරිසය.

1994 සිට හවුලේ කැඳත් සමඟ කැඳහැලිවල බැහැලා ආතල් ගත්තා හොඳටෝම ඇතිය.

ජනතාව දැන් බැහැලා නාන්නේද එවන් කැඳ හැලියකය. 

කැඳ හැලියක් සමඟ හිට්ලර් තියා මහා ඇලැක්සැන්ඩර් බලයට ආවාට මෙලෝ රහක් නැතැයි කියා, 2/3 ක් සමඟ 20 ත් සම්මත කරගෙන ඇදගෙනම නානා ඝෝඨාභය රාජපක්ෂ ඔප්පු කරලා අවසන්‍ ය.

ඒ නිසා "මොනෙක්" වලින් ආරම්බ වන වැඩපිලිවල ජවිපේ අධිරාජ්‍යයකින් නිමාකර ගැන්මට සෑම ජෙප්පෙක්ම සිහි තබා ගත යුතුය..

හවුලේ කැඳ තියා ජෙප්පෝත් එපාමය..


ඒ වගත් මෙසේය...

3 comments:

  1. ජාතික ජන බලවේගයේ සිටිනා සියල්ලන්ටම ජවිපේ සාමාජිකත්වය ගෙන ඔවුන් හා එක්වන්න - වෙන්නෙ නෑනෙ කවදාවත්ම.
    ටිල්වින්ටත් වඩා ලාල්කාන්තට මිනිසුන් අතරට යන්න හැකියාව තියෙනව

    ReplyDelete
  2. රජෙකුට පුලුවනිය නිස්සන් තෝරන්න
    තෝරාගෙන ඔවුන් නිසි ලෙස යොදවන්න
    යොදවන ගමන් පසු විපරම් කරමින්න
    හිටිනා එක නේද සිදු විය යුතු ඔන්න

    මාතෙත් කරයි හිටු කියලා විවේචන
    නැහැනේ පාට කාගේවත් කන වැටෙන
    මේවා විතරක්ද ආතල් අපි ගන්න
    රටේ නීතියක් නැත'පට පිළිසරණ

    ReplyDelete
  3. මාතා, මේ දවස්වල කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය හා සමග කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව පිළිබඳ දැඩි විරෝධයක් එල්ල වන සිද්ධිය දකින්නට ඇති. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද? හැබැයි මගේ අදහස් ටිකක් වෙනස් මේ සම්බන්ධයෙන්. මොකද තමන් අකමැති දෙයකට “විරෝධය“ දැක්වීම කලයුතුම දෙයක්. හැබැයි “විරෝධය“ දක්වන්න ඕනේ ඇමරිකන් එක්සත් ජනපදයේදී කලකට පෙර මාලන් බ්‍රැන්ඩෝ වගේ ආදරේ හිතෙන විදියට. ලෝකයම තමන් වෙත අවදානය දිනාගන්නා විදියට. විරෝධය දැක්වීම හරහා අපි කරන්නේ සමාජයට පණ්ඩිඩයක් දීමයි, ඔවුන් කරනා දෙයට අපේ අකමැත්ත ප්‍රකාශ කිරිමයි, සමාජයේ මේ ගැන කතාකිරිමට අවස්ථාවක් හදාගැනීමයි. හැබැයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි, එහි කුලපති හිමියන්ට විරෝධය දක්වපු විදිය ගැන මම කිසිසේත්ම එකග නැහැ. එයින් වුනේ, විරෝධය දක්වපු අයට විරෝධයක් සමාජයෙන් ආපු එකයි. ඇත්තටම ඒ දක්වපු විරෝධයෙන් වුනේ ඒ කුලපති හිමියන් ගැන සමාජයේ තිබුණු විරෝධය නැතිවීමයි. ඒක කිසිසේත්ම සිදුනොවිය යුතු දෙයක්. යම් දෙයකට විරෝධය දැක්වීමට ඉගෙනගැනීමත් කලාවක්. ඒක දන්නේ නැතිනම් විරෝධය පාන්නේ නැතුව ඉන්න එක විරෝධය පාලා ඇනගන්න එකට වඩා ඉතාමත් හොදයි.

    එදා මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔහුට ලැබුණු “ඔස්කාර්“ සම්මානය ප්‍රතික්ශේප කිරීම හා ඔහුගේ විරෝධය පෙන්වූ විදියෙන්, ඔහු අපි හැමෝටම දෙන්නේ හොද ආදර්ශයක්. මේක ගැන හිතන්නේ මොකද?

    https://www.youtube.com/watch?v=2QUacU0I4yU

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න