.

.

May 12, 2022

රනිල්ට ජේ ආර් වැහේවා !


 රනිල්ට ජේ ආර් වැහේවා !
➖➖➖➖➖➖➖➖➖

රනිල් වික්‍රමසිංහ කියන්නේ ජේ ආර් ජයවර්ධනගේ බෑනාය. ජේ ආර්ට කිව්වේ ඕල්ඩ් ෆොක්ස් කියලාය. අදටත් හැමෝම සෙල්ලම් දාන්නේ ජේ ආර්ගේ ව්‍යවස්ථාවෙන්‍ය. එක එක පැලැස්තර දැම්මත් වැඩේ යන්නේ ඒකෙන්මය.

ජේ ආර් ටත් හම්බ වුනේ ඝෝඨා කෙලියා වගේ දේශිය වලිප්පුව හැදි, සිරිමාවෝ කාලා විනාශ කළ රටක්‍ය. 5/6 ක බලයක් තිබුනත් අද මෙන්ම එදාත් ජේ ආර්ටත් කොක්ක අදින්න උන්නේ වමේ 1/4 කන්නින් හා යූනියන් හූනියන් කාරයෝය. 

77 සිට ආ සීඝ්‍ර ආර්ථික වර්ධනය දැක ඇහේ කටු ඇනුන හූනියන් කාරයෝ, මහා වැඩ වර්ජනයක් අරඹන්නේ ඒ අතරය. ඊට හේතු වූයේ පිනට කන උන්ට ඕපන් ඉකොනමි තුල ඉඩක් නොමැති වීමය. පිනට කෑම තම උරුමය කර ගත් 1/4 කන්නින්ට මෙය උහුලන්නට බැරිම විය.එහෙත් ඒවා මැඩලන්නට උන්දෑ සමත් උනේය. ඒවා මැඩලූයේ කෙසේද කියා රනිල් දැක්කේය.

ජේ ආර් ඇනගත්ත තැනක්ද ඇත. ඒ 83 කළු ජූලියයි. එය තනිකර රාජ්‍ය අනුග්‍රහයෙන් ඉතා සැලසුම් සහගතව කළ රාජ්‍ය ත්‍රස්තවාදයකි.
මේ අමණකම්ද රනිල් දැක්කේය.

ඔහු බලය අතහැර යන මොහොතේ මුළු රට එකම ගිනි ගොඩක් වී තිබුනද, මිනිසුන්ට හෝ රටට ආර්ථික අහේනියක් තිබ්බේ නැතිය.
ඒ බවත් රනිල් දන්නේය.

ඉන් පසු පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ  ප්‍රේමදාස දකුණේ ත්‍රස්තවාදයට තිත තබා උතුරේ ත්‍රස්තවාදයෙන් නිවන් පුර වැඩියද, එතෙක් පැවති සාම්ප්‍රදායික තේ පොල් රබර් ආර්තිකය වෙනුවට ඇඟළුම් කර්මාන්තයෙන් රටේ විශාල පෙරලියක් කලේය. රනිල් ඒවාත් දැක්කේය. 

මේ සියල්ලන් සමඟ උන් රනිල්ට තම කැමැත්ත අනුව වැඩ කිරීමට කිසිදා ඉඩක් ලැබුනේ නැතිය. ඔහු අගමැති කම බාරගෙන තියෙන්නේ ඝෝඨා කිසිම අයුරකින් බලපෑම් නොකරනා බවට සහතික වීමෙන් අනතුරුවය.

ඝෝඨාටත් අපට කීමට ඇත්තේ අනුන්ගේ ගුලි කකා රට අගාදයටම ඇද දැමු ඔබ, දැන්වත් තනතුරේ ගෞරවය රැකගෙන, කරන්න බාරගත් කෙනාට බාර දී, දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා ලෙසය.

රනිල්ට ඇත්තේ රෙඩ් කාපට් ඇතිරු සිනිදු සේද මාවතක් නම් නොවේ. සියල්ලෝම ඔහුට විරුද්ධව අවි අමෝරාගෙන අවසානය. ඒ අතර සියළුම ප්‍රධාන පෙලේ මාධ්‍යයන් හා ජඩමාජ්ජවේදීන්ද සිටීමද විශාල අවාසියක්ම වන්නේය .

මේ ලද මහගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විදේශයන් හා ඇති සබඳතා ප්‍රයෝජනයට ගෙන රට ගොඩ දැමීමේ විශාල වගකීම තනිකරම ඇත්තේ ඔබ අතේය. දේශීය ආර්ථික මළදාන වලින් මේ රට ගොඩදැමිය හැකි යයි සිතන්නෝ සිටිය යුත්තේ, පාර්ලිමේන්තුවේ, පලාත් සභාවේ, නගර සභාවේ හෝ ප්‍රාදේශීයේ නොව පිස්සන් කොටුවේය.

රිගේනින් සිරි ලංකා වැඩ පිලිවල ක්‍රියාත්මක කිරිමේ අනගිතම අවස්ථාව මෙයය.

ඒ සියල්ලම අතර මේ ඔබේ ලෑස්ට් චෑන්ස් එක බවත් අනිවාර්‍යයෙන් මතක තබා ගත යුතුය.

වාසනා වේවා....!

.

23 comments:

  1. මේ වෙලාවේ කවුරු අගමැති/ජනාධිපති උනත් ඉදිරි කාලය ඉතාම දුෂ්කර කාලයක් වෙනවා. මේ වගේ දුවන කෝච්චියකට බෙල්ල තියන්න රනිල් කැමති උනාට, එයාගෙත් බලාපොරොත්තුව රට ගොඩ දාන එකද එහෙම නැතිනම් එජාපය ගොඩ දා ගැනීම (සජිත් සහ එයාගේ පක්ෂය නැත්තටම නැති කරලා)ද කියන එක දැනගන්න වෙන්නේ කාලයක් ගියාමයි.

    කොහොම උනත් අපට පාලකයන් තෝරා ගන්න සිද්ද වෙලා තියෙන්නේ ඉතාම හොඳ සහ හොඳ දේශපාලකයන් අතරින් නොවෙයි. නරක සහ ඉතාම නරක දේශපාලකයන් අතරිනුයි. ඒ නිසා මොන අඩුපාඩු තිබුනත්, මේ වෙලාවේ හැටියට මේකට කර ගහන්න රනිල් ට වඩා සුදුසු කෙනෙක් නැති බවයි මට හිතෙන්නේ!

    ReplyDelete
  2. සමහරක් හිතාගෙන ඉන්නවා ජාතිභේද ආගම් භේද අතහැරලා හැමෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතල ජන අරගලය කරනවා කියලා.
    නමුත් රනිල් අගමැති වුනාට පස්සේ
    මුස්ලිම් සහෝදරවරු හිමීට බුරියානි සැපයීම නවත්වයි.
    චාල්ස් සහෝදර තුමා දැන් ඇති නේද පුතේ කියයි.
    අන්තිමට ජන අරගලය අලවෙයි.

    ReplyDelete
  3. මාතෙගෙ බ්ලොග් එක හැක් කරලද?

    ReplyDelete
  4. ඉතිරිව තියෙන්නේ වෙන දේ නැරඹීම
    කෙරුණු දේවලට හොඳ හැටි ගැරහීම
    පාඩම් ඉගෙන ගෙන නැත අප හැමදාම
    මෙදා සැරේවත් උගනිමු තරයේම

    ReplyDelete
    Replies
    1. ජී, පඩ, හුජ්ජ ගැන ෆෙටිෂක් ඇතිවීම
      ගූ ගඳ ගහන ගොන් ආතල් සැපයීම
      ඇනෝ ඇවිත් බ්ලොග් කරුවන් කෙටවීම
      බ්ලොග් ලොව පොන්නයගෙ ගතියකි පුක දීම

      Delete
    2. බ්ලොග් පොන්නයා ලෙස මා හට ගැරහීම
      යන යන හැම තැනම කලිසම ගැලවීම
      ගූ, සහ හුජ්ජා ගිල දමනා හැමදාම
      ඒ ගැන නොලිය ඉන්නේ මේ මං කොහොම?

      -බ්ලොග් ලොව පොන්නයා හෙවත් තට්ට හූරි ආරච්චි

      Delete
    3. කරුණාකර ඔවැනි කතාබහ මගේ බ්ලොගයට විත් කරන්න!
      -හූරිදේව තට්ටයා

      Delete
    4. ඔබේ ප්‍රතිචාරය හොරෙන් ඇවිත් කියවීම මට සතුටකි!. Your comments are most welcome!
      සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.
      - ගලි බවුසර් තට්ටයා

      Delete
  5. මහ බැංකු හොරු අල්ලනවයි කිව්වනේ. ඔන්න දැන් අගමැති පුටුවෙම!

    ReplyDelete
    Replies
    1. මේසෙ යටින් අතදාලා අල්ලනව ඇති සාගලයගෙ බිජ්ජ

      Delete
  6. මොන තරම් කඩේ ගියත් පලක් නැත. අලුත් අගමැතිට වැඩි ආයුෂ නැත. මැතිසබයේ බහුතරය සිහිනයකි. ගෝටා දමල ගහල යන්නත් ඉඩ තියෙනවා. තානාපතිවරු ගෙන්නලා විජ්ජාවල් කලාට මහපොළොව නොපිළිගනී. වජිරලා සාගලලා ගැන කියනුම කවරේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම දැනට වල පයයි ගොඩ පයයි හූරිදේව අචිචියා කියන තලිසෙන දිට්ඨ නැකත්පති නාකි මයිනාට එච්චරවත් ආයුෂ නැත. ලංකාවේ අලුත් අගමැති රනිල්ගේ ධූර කාලය අවසන් වීමටත් පෙර ගලි බවුසර් තට්ට කබ්බා කියන මන්ද මානසික ගැරඬියා වලකජු ගහන බවට අපද අනාවැකියක් පවසමි.

      ඕන #ත්තක් වේවා.

      Delete
    2. ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
      සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.

      Delete
    3. සුතනඹුවන් කරා යාමට පෙර යළි දවසක ගෝටාගෝගම වෙත යාමට අදහස් කරමි.

      -රසික සූරියආරච්චි, #gotagohome2022, #gohomegota2022

      Delete
    4. කොහොම මොනවා කිව්වත් තමුසේ දෙපිටකාට්ටුවෙකි. අනුන්ගේ බ්ලොග් වල දියුණුවට අකුල් හෙළන්නෙකි. අනුන්ගේ බ්ලොග් එකකට හිට්ස් වැඩිවෙන බව දැක්කම එතැනට ගොස් ඇනෝ ගහන්න පුලුවන්නම් ඇනෝ ගැහීම හෝ බ්ලොග් පෝස්ට් එකට අදාළ නැති පඬි කතාවක් කියා අවුලක් ඇතිකරන්නෙකි. තමුසෙගෙ අඩවියේ තමුසේ ලියන පෝස්ට් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් විවේචනය කරන අයට ඇනෝ කමෙන්ට් වලින් අපහාස කරන්නෙකි. තමුසේ මේ ධර්මිෂ්ඨ පාට් දැම්මට වැඩක් නැත. තමුසේ කවුද කියන එක මෙතෙක් කල් හැංගිලා තිබුනත් දැන් ඔක්කොම එලිවී හමාරයි. තමුසෙට පාහරයා කියන එකත් නම්බුවකි.

      Delete
    5. මම කවද්ද අදාල දේවල් ලිව්වෙ බොලව්?

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    6. 1. 'දෙබිඩ්ඩා' කියන්නේ කවුද? (උදාහරණයක් දෙන්න - රසික හැර )
      2. රසික දෙබිඩ්ඩෙක් කියන්නේ ඇයි?

      Delete
    7. මාතලන් රසිකගෙ කලිසම ගලවලම දැම්මා...දැන් රසිකට තියෙන්නෙ ඕපු ගැන කෙසේ වෙතත් තපු ගැන වැඩිදුර ලිවීමයි. හැබැයි අර 56න් මැරෙන කතාවනම් නිකන් බොරුවට බයකරන්න ලියපු එකක් වගේ.

      Delete
    8. මොකද්ද මේ මාතලන් කියන්නේ රාජ් සහ රසික ගැන. අපිටත් අවබෝද වෙන්න තව පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
  7. මාතලන් බත් කන කටින් ගූත් කන්න එපා. ඔයා ටික කාලෙකට කලින් කිව්වා මතකයි කේන්දර කාරයො හොරු කියලා. ඒකෙදි ඉන්දිකගේ නමත් කියලා තිබුනා.

    අනිත් එක සුරංගයා උදව්වක් ඉල්ලගෙන ලියපු පෝස්ට් එක උඹ ගූ කරා. අන්තිමට ඒක විකාරයක් වෙලයි නැවතුනේ.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ රසිකය...

      Delete
  8. මේ අවසන් ඇනෝ රසිකය...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න