.

.

May 14, 2022

මහින්දලා රනිල්ලා ටැක්ටිකල් පොලිටික්කෝ නොවේ.

 


මාතලන් මුල සිටම කීවේ, ලන්ඩනයේ හයිඩ්පාක් පිටිය මෙන්, "ගෝටාගෝගම" සැමදා තියෙන්නට ඕනා කියාය. "නයිට් ඉවෙන්ට්ස්" නැති ලංකාවේ, සංචාරක ව්‍යාපාරයට අත්‍යාවශ්‍යම අංගයක් වන, "නයිට් ලයිෆ් කල්ට්" එක ආරම්බ කළ හැකි අපූරූ ස්ථානයක් හෙයින්, මෙය වැඩි දියුණු කර, සීගිරිය මෙන් "Must Visit Place in Sri Lanka" ගොඩට එක් කර ගත යුතුය.

ඇත්තටම ඔතන පටන් ගත්තේ පොලිටික්කන් හෝ පාක්ෂිකයින් පිරිසක් නොව, දේශපාලන ලැදියාවන් තිබූ, "රැස" පත්තරේ වැඩ කළ, "මංගල මඩ බලකායේ" උන් හා විකල්ප පත්තර යැයි කියනා, එහෙත් වෙනත් දේශපාලන ඇජෙන්ඩා වලට වැඩ කරන මාජ්ජකාරයෝ සෙට් එකක්‍ය, මොවුන් වැඩි පිරිසක් මගේ හිතවතුන් නිසා මම ඒ බව හොඳින් දන්නවාය.

එතන සිටිනා පිරිසද, ඔවුන්ගේ කලාවද, අදහස්ද, ජනප්‍රිය ප්‍රධාන ධාරවෙන් වෙනස් වූ, දියුණු යැයි ඔවුන් විසින්ම හදුන්වා ගන්නා, සාම්ප්‍රදායෙන් එහා ගිය නිර්මාණයන්‍ය. කූඩාරම් ඉඳිවෙමින් ගෝටාගෝගම නිර්මාණය වෙන්නේ ඒ අනුවය. 

ඇත්තටම මොවුන් සන්නස්ගලගේ හා රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ අනුගාමිකයෝය. මා ඔවුන්ගේ අනුගාමිකයකු නොවූවද, ඔවුන්ගේ බොහෝ දේ ප්‍රියකරනා පුද්ගලයකු බැවින් මමද නිතර එහි ආ ගියෙමි.

එහිදි කතාබහ කළ සියල්ලන් සමග කීවේ, ඕවා කලා කියා කිසි දිනෙක රාජපක්ෂලා යන්නේ නැත කියාය. ඇත්තටම මෝඩ බයියන් 9 වනදා අරලිය ගහ මන්දිරයට රැස් කරවා කළ අමණ ක්‍රියාදාමය නොවන්නට, අදටත් අගමැති මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙක් නොවේමය. තමන්ගේ ගේ අසල් උද්ඝෝෂණයක් කොට බස් ගිනි තබුවාම කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වන්න කියනා අය නායකයෝ නෙමේය.

මහින්ද රාජපක්ෂ එලවන්නට මාස ගානක් ගියත්, මේ ටික්ටොක් පරපුරට බැරි වුවද, උන්ගේ බලාපොරොත්තුව ඉටු කලේ, බේරේ වැවෙන් නා තමන්ගේම ගෙවල් ගිනි තබාගෙන මහපාරේ මියගිය මෝඩ බයියෝය.

ඒ අස්සේ ගෝටාගෝගම සංවර්ධනය කිරීමට නව අගමැති රනිල් විසින්, රුවන් විජේවර්ධනගේ හා රෝසි සේනානායකගේ නායකත්වයෙන් යුතු ග්‍රාම සංවර්ධන කමිටුවක් පත්කරලා තියෙනවාය.

එනයින් බැලූ කල මෙයින් පැහැදිලි වන්නේ, මහින්දවත් රනිල්වත් ටැක්ටිකල් පොලිටික්කෝ නොවනා බවය. මා එදා ඉඳන් කියන්නේ, මහින්ද දේශපාලනය කරන්නේ, තම PR එකෙන් හා ඇඟේ හයියෙන් බවත්, රනිල් කරන්නේ කාගේ හෝ පොතක තිබෙනා දේ බවත්‍ය.

එසේ නොවූයේ නම්, මහින්ද කිසි දිනෙක විමල් වාගේ ගුණමකු අපතයෙක් තමන්ගේ දකුණු අත කර ගන්නේ නැතිය. රනිල් කිසිදා සජිත්ට යන්න දෙන්නේ නැතිය. ඒ ගැන පසුව ලියන්නේය.

ඇත්තටම ගෝටාගෝගමට එරෙහිව මහින්දලාට හා බයියන්ට කරන්න තිබුනේ, පාර්ලිමේන්තුව ඉස්සරහා පිට්ටනියේ "ඕනෑගම" හෝ #wewantgota ගමක් දානා එකය. ඒක මීට වඩා නැගලාම යන්නත් ඉඩ තිබුනේය.

මොකෝ, ඝෝඨා ජනපති කරන්න සමස්ත ලංකා කට්ටඩියන්ගේ සංගමය මෙන්ම, රටේම ඉන්නා තක්කඩින්ගේ සංවිධානද බැහැලාම වැඩ කළ නිසාය. එහෙම නැත්නම් "කහඳගම" කියා නම් කොට, ලී කෙලි සංදර්ශණ විතරක්ම පෙන්නන්න තිබුනේය.

රනිල්ට දැන් තියෙන්නේ කොල්ලන්ට කරගන්නා ගමක් කර ගන්නට දී, ඒ ගම කන්නේ නැතිව. අළුත්කඩේ කොඩිගහ අසළ සිටිනා ප්‍රේමදාසගේ පිළිරුව අසල පිට්ටනියේ "පුතාNoගම" කියා ගමක් පටන් ගන්නා එකය. 

රනිල් කියන්නේ ඝෝඨා මෙන් නොව ලක්ෂ 71.1 මැන්ඩේට් එකක් තිබෙනා නායකයෙක් නිසා, එම ගම ඔය ස්ථානයේ කිරීමෙන් ආන්ඩුවට පාට් දානා කළු කෝට් කාරයන්ද මෙල්ල කර ගතහැකි වනු ඇත්තේය.


ඒ වගත් මෙසේය....

16 comments:

  1. මීට දවස් දාසයකට ඉස්සෙල්ලා

    //මහින්ද මහත්තයා මොකා කිව්වත් අගමැති කමෙන් යන්නේ නෑ කියා අවසානය.

    ඝෝඨා ජනපති කමෙන් යන්නේ නෑ කීවේ ඊට පෙරය.

    ඒ කියන්නේ මේ ආන්ඩුව හා අගමැති එලවන්න නම් අනිවාර්‍යයෙන් විවිශ්වාසභංගයකුත්,
    ජනාධිපති ගෝ හෝම් කරන්න දෝෂාභියෝගයකුත් ගෙන ආ යුතුය.

    මහානායක හිමිවරුන්ගේ අත්සන හොරට ගැසූ ඕමල්පේ සෝභිත පාදිලියා දැන් මහින්දට කෙලීමට සංඝ ආඥාවක් ගේනවා යැයි කියයි.

    සංඝ ආඥා ව්‍යවස්ථාවට අදාලදැයි නීතීඥ සංගමය හෝ නීතීඥ සංගමයේ සභාපති රටට කිව යුතුය.//

    //උන්ට අබ මල් රේණුවක හානියක් නොකරන බවට ජනාධිපතිතුමා සියල්ලන්ටම උපදෙස් දී අවසානය.

    පුලුවන්නම් ඕකත් ටුවරිසම් ඇට්ට්‍රෑක්සොන් එකක් කර අම්මට සිරි ලංකාවේ හා රාජපක්ෂලාගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ලොවට ප්‍රදර්ශනය කළ යුතුය.//


    කියාපු මාතලන් ගේ බ්ලොග් එක (ඉයන් කියාපු විදියට) හැක් කරලද?

    එහෙම නැතිනම් ගෝටාගෝගමට ගහන්න ගිහිල්ලා ඔළුවට පාරක් වැදුනද කියලා හිතාගන්න බැරුවයි මම ඉන්නේ.

    මොකකින් උනත්, ප්‍රතිඵලය නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස එක්ක නම් එකඟ වෙන්න බෑ . රනිල් කොහොමත් සාකච්චාවට සංවාදයට කැමති කෙනෙක්. ඔහු සුක්ෂම නිසා ඔහු හා වාද කිරීම තරමක් අපහසුයි. අරගලය බලපාන්නේ සෘජුවම ජනාධිපතිට. ඔය නිසා අරගලය සාර්ථක වුනොත් තාවකාලිකව හරි වාසිය ලැබෙන්නේ රනිල්ට. රාජපක්ෂ පවුල දැන් සරෙන්ඩර් වෙලා ඉවරයි.

      අරගලය කිරීමෙන් අපි ඉක්මනින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ආර්ථිකය හැකි ඉක්මනින් පණ ගැන්වීම. දීර්ඝ කාලීන වෙනස්වීම, ප්‍රතිසංස්කරණ .... සියල්ලම හොඳයි. නමුත් වහාම ආර්ථිකය පණ ගැන්වුයේ නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා. දැනටමත් රැකියා නැතිවුණු විශාල පිරිසක් ඉන්නවා. ඔහු අමාරුම අවස්ථාවේ විපක්ෂයේ කිසිම සහයක් නැතුව මේ අභියෝගයට මුහුණ දෙනවා. විපක්ෂයේ සජිත් ප්‍රේමදාස කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ පිස්සෙක් ඔහු ගැන කතා කරලත් වැඩක් නැහැ කාලය නාස්ති වීමක්. ජවිපෙ ජාතික ජන බලවේගය කිසිම වගකීමක් ගන්නේ නෑ පැත්තක ඉඳන් බැන බැන ඉන්නවා අරූ අච්චර හොරකම් කළා මූ මෙච්චර හොරකම් කරලා කියලා කියවමින් පයිල් වගයක් තියෙනවා කියලා සර්කස් පෙන්න පෙන්න කාලය කන කට්ටියක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කට්ටියත් උද්ඝෝෂණ ව්‍යාපාර වලට හොද වුණත් වෙන කිසිම දෙයකට වැඩක් නැහැ.

      ඒ වගේම සමාජ ජාල වල සහ පිටරට ඉන්න උන් බොරු කයිවාරු ගසමින් ආතල් දෙන එක විතරයි.
      ඔය විචාර දෙන කවුරුවත් හරියට අභෝයෝගය බාර ගත්තේ නෑ. අපි මෙවෙලාවේ තලියේ කිඹුලන් දකිනවා වෙනුවට ඔහුට සහය වෙන්න ඕන. ආර්ථිකය පණ ගහල ඇවිල්ල හුස්මක් ගන්න පුළුවන් වුනාට පස්සේ අපේ දේශපාලන දර්ශන එක්ක විවාද කරමු. රටට ආදායම් ලබන විදිය නැවත යථා තත්වයට පත් කිරීමට ඕනෑ . හිතනවා ඔබට තවම ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති කියල. නමුත් ලංකාවේ ඉන්න මිතුරන් රාශියක් සහ පවුලේ ඥාතීන් වැනි අය සමග කතා කරනවා නම් රට වටේ සිටි ගොඩක් දෙනා මේ වනවිට අසරණ වෙලා කියල මම දන්නවා. එක නිසා පළමුව මේ බරපතළ ආර්ථික ප්‍රශ්නය විසඳන් ඉන්න ඕන. ඒකට සහය දෙන්න ඕන මුලින්ම.

      Delete
    2. //.....මාතලන් ගේ බ්ලොග් එක (ඉයන් කියාපු විදියට) හැක් කරලද?//

      හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම ටුවරිස් ගයිඩ් කෙනෙක්. ආර්ථික විශේෂඥයෙක් කියා සිතා සිටින රජ අම්බරුවෙක්.

      එකාතකට නාථදෙවි වරම් ලැබූ, නලින්ද සිල්වා තානාපතිකමකට, හෝදන හේදිල්ල බැලුවාම, කමක් නෑ වගේ නේද?

      Delete
  2. බැඳුම් කරේ චුදිතයා
    අගමැති පුටුවේ තබාන
    නන්දලාල් අධිපති තැන
    වැඩකරනා විලාසේ
    බලාඉන්න වටින වැඩක්

    ReplyDelete

  3. අනේ මේ බයිල ගහන් නැතුව හිටහන් මාතේ, ලෝකය දිහා හොඳට ඇස් ඇරලා බලපන් ඔය ලංකාවෙ වගේ අතිබහුතරය නොදියුණු ගෝත්‍රික මනස් ඇති පිරිස් වැඩිපුරම ඉන්න ආකාරයේ සමාජ තත්ත්වයන් තිබුණ කොයි රටෙත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කලහම වෙන්නේ ඕකයි , ලංකාවේ විතරක් නෙමේ. නීත්‍යානුකූලව ඡන්දය දිනල ආපු සමාජවාදී අගමැති එලවලා අටවපු ඇමරින් රූකඩ ෂා පාලනයට එරෙහිව ආපු අයතොල්ලාහ්ගේ 1979 ඉරානයේ සිදුවීම්, ඇෆ්ගනිස්ථානය නීත්‍යානුකූල අගමැති නජිබුල්ලාට එරෙහිව ඇමරිකානු මුජහිදීන් කල්ලි වගේම පස්සේ ඊට හපන් තලේබාන් කාලකන්නි, තව මෑත කාලීන සිදුවීම් හා අවස්ථා ගැන කියනවනම් ලිබියාව, සිරියාව , ඉරාකය ඔය හැම එකේම වුනේ ඕකයි . මුලින්ම හැදුනේ සුන්දර අරගල භූමි . පස්සේ ඒවා ඇතුළෙන්ම රටට ගිණි තිබ්බා ඒ රටවල් වල මිනිස්සුත්

    ReplyDelete
  4. Mathalan,

    I've been noticed that many Sri Lankans leaving SL seeking foreign employment opportunities from the recent past up to date. Due to higher depreciation of SL rupee against states dollar, a substantial increase of foreign employment means it should result more foreign remittance during the next couple of months onwards isn't it? Even the president GR worked hard since early 2021 to increase the number of foreign employment figures & now the numbers exceeded substantially again 2018/19 figures as well.

    It has been further noticed that despite the extensive fuel prices and long queues due to fuel shortage in gas stations, there is no reduction in vehicle on the SL roads. Many people observed this and even there are many people whom purchases fuel for the black market prices which are much higher than official prices. Thus I assume that further increase in gasoline prices will not make any difference but not the diesel price which seems linked with many daily wage workers. By the way, how could I verify this fact ? Do you know any data source?

    ReplyDelete
    Replies
    1. Hello Anonymous, Thank you for the inquiry. Mr. Mathalan has a lot of work to do and hence very busy. I request you to kindly direct your questions to the Central Bank of Sri Lanka, Treasury and Petroleum corporation. Thank you

      Delete
  5. ගහන පදේ අනුවයි කැරකිලා නටන්නේ
    පණ නැති නම් කොහොමද ඔය දෙපා තබන්නේ
    තිරේ එහා පැත්තෙන් තව කෙනෙක් ඉන්නවා
    එයා නූල නටවනකොට මෙයත් නටනවා//
    (ෆ්‍රෙඩී සිල්වා)

    ReplyDelete
    Replies
    1. මෙවන් පතුලක් නොපෙනෙන ඉතාමත්ම බරපතල භයානක අර්බුදයක් ඇති අවස්ථාවක අතිගෞරවාර්හ ගරු පූජනීය වන්දනීය අති උතුම් ගෞරවණීය රනිල් වික්‍රමසිංහයන් වන් උතුමාණන් කෙනෙක් ජීවතුන් අතර සිටීමත් එතුමාණන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වී සිටීමත් මම හිතන්නේ ලංකාවේ සමස්ත රටවැසියන්ගේ වගේම රට ජාතියේම වාසනාවක් ❤️

      Delete
    2. ඉල්ලග සැරේ චන්දෙ දිනන කන්ඩායමත් ගන්නේ ආසන 90ක් විතර. ඉතුරු චන්ද ටික පිණට ඉල්ලගෙන තමා පනතක්, අය වැයක් පාස් කරගන්න වෙන්නේ.

      ඒක අස්සේ රාජ්ය් විරෝධී කන්ඩායම් ජනාධිපතිදූරය අහෝසි කරන්න හදනවා. ජනාධිපතිකෙනෙක් නැති පාර්ලිමේන්තු බහුතරයක් නැති ආණ්ඩුවකින් කොහොමද සින්ගප්පූරුව වගේ රටක් හදන්නේ. ඔය රාජ්ය විරෝධී කන්ඩායම් වලටන් ඕනෙ සියරා ලියොන් වගේ රටක් හදන්න.

      Delete
  6. මාතා මම හිතන්නේ රටේ පොදු ජනතාවගේ සහ නවීන පන්නයේ සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමවේදයක් ඉල්ලා සිටින තරුණ තරුණියන්ගේ ලංකාවේ සැබෑ අරගලයේ වර්තමාන සතුරා සිටින්ගේ අරගලයට පිටින් නොව අරගලය තුලමයි. එනම් යල්පැනගිය හණමිටි අදහස් සමාජවාදී වඳුරු කුණුහරුප මනස්ගාත ලෝකවල සිටීන ජවිපෙ, පෙරටුගාමින් සහ ජාතිවාදී හිංගල බෞද්ධ භික්ෂුවයි. මේ කණ්ඩායම් තුනම කොටස් තුනක් ලෙස පෙනුනත් ඇත්ත වශයෙන්ම දේශපාලනික වශයෙන් එකම අදහස් ඇති තනි කණ්ඩායමක් ලෙස සැලකිය හැකියි. මේ ජාතිවාදී සහ පිළුනු වු වාමාංශික අදහස් දරන කොටස් ගෝල් පේස් පෙරමුණේ බලවත් විම ඉදිරියේදී මෙහි සිටින ලිබරල්වාදින් මෙන්ම නවීන නිදහස් වෙළඳපොළ ක්‍රමය පිළිබඳව නිසි අවබෝධයක් සහිත නවීන තාක්ෂණය භාවිතා කරන දියුණු සංවර්ධිත රටවල් වල ආකාරයේ වඩාත් සාධනීය අදහස් දරන ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනයක් අපේක්ෂා කරන ආයතන ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ගැන සහ යුක්තිසහගත සාධාරණ සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කරන සැබෑ අරගලකරුවන් එම දැඩි මතධාරී තකතීරු කණ්ඩායම් ගැන අප්‍රසාදය පළ කරමින් එම අරගල භූමි යෙන් ඉවත් වීමට හේතු වේවි. මේක ඉදිරි කාලයේදී ලංකාවේ පැහැදිලිව දැකගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  7. කල්පිටියේ උච්චමුණෛ වෙරළ තීරය අඩංගු වන දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී.

    නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා ඇති බවට විවිධ මාධ්‍ය හෙළිදරව් කිරීම් සහ වාර්තා ප්‍රසිද්ධියේ සාවද්‍ය තොරතුරුවලට තුඩු දෙයි. එබැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

    අදාළ උච්චමුණෛ වෙරළ සහිත දූපත විකුණා නොමැති අතර, අවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDIs) ගෙන ඒමේ උත්සාහයක් ලෙස විදේශීය ආයෝජකයෙකුට වසර 30 ක කාලයක් සඳහා බදු ගිවිසුමක් අත්සන් කරන ලදී. SLTDA සඳහා ආදායම වන්නේ බදු කුලියයි. බදු කුලිය පදනම් වී ඇත්තේ ගිවිසුම අවසන් කරන ලද 2020 ඔක්තෝම්බර් මාසයේදී සිදු කරන ලද රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන ලද වටිනාකම මතය. ප්‍රකාශිත ඩොලර් මිලියන 417.5 ක් යනු අදියරෙන් අදියර ක්‍රියාත්මක කෙරෙන සංචාරක ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයා විසින් ඇස්තමේන්තු කර ඇති ව්‍යාපෘති පිරිවැයයි. ව්‍යාපෘතිය ආරම්භ කළ හැක්කේ වෙරළ සංරක්ෂණය, පරිසර අධිකාරිය ඇතුළු රේඛීය ආයතනවලින් අවශ්‍ය සියලුම අනුමැතියන් ක්‍රියාත්මක වූ විට පමණි.

    2005 අංක 38 දරන සංචාරක පනතට අනුව, සැලසුම් සහගතව සහ තිරසාර ලෙස සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා SLTDA සතු ඉඩම් විභව ආයෝජකයින්ට බදු දීමට (විකුණුම් නොකිරීමට) SLTDA වෙත නියම කර ඇත. SLTDA අතීතයේ දී මෙන් විදේශීය හා දේශීය ආයෝජන ආකර්ශනය කර ගනිමින් එය අඛණ්ඩව සිදු කර ඇති අතර, දැනටමත් අනුමත කර ඇති ව්‍යාපෘති සඳහා බදු ගිවිසුම් අත්සන් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වෙත වගකීම දරයි.

    කල්පිටියේ උච්චමුනෙයි දූපත සම්බන්ධයෙන්, SLTDA විසින් 2019 ජූලි මාසයේදී භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් හරහා අනාගත ආයෝජකයින් කැඳවා ඇත. ව්‍යාපෘති යෝජනා ඇගයීම් කමිටුවේ ඇගයීම සහ අනුමැතියෙන් පසු, එය කර්මාන්ත පාර්ශවකරුවන් සහ රජයේ නියෝජිතයින් ඇතුළත් වන SLTDA මණ්ඩලය විසින් 2020 පෙබරවාරි මාසයේදී අනුමත කරන ලදී. 2020 අගෝස්තු මාසයේදී සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා සංචාරක අමාත්‍යවරයා බදු ගිවිසුමක් අත්සන් කිරීම අනුමත කළේය. තාක්ෂණික කරුණු අනුව බදු ගිවිසුම සඳහා කෙටුම්පත 2020 ඔක්තෝම්බර් මාසයේදී අවසන් කරන ලද අතර 2020 දෙසැම්බර් මාසයේදී ගිවිසුම් කෙටුම්පත අවසන් කරන ලදී. එය 2021 මාර්තු මාසයේදී අත්සන් කිරීමට සූදානම් විය.

    කෙසේ වෙතත්, වසංගත තත්ත්වය සහ ආයෝජකයාගේ අභ්‍යන්තර කටයුතු හේතුවෙන් ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද විය. 2022 අප්‍රේල් මාසයේදී, ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2022 මැයි 11 වැනි දින හෝ ඊට පෙර කල්බදු ගිවිසුම අත්සන් කිරීමට ආයෝජකයාට අවසාන නිවේදනයක් ලබා දුන් අතර, එය අසමත් වුවහොත් අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට සිදුවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, SLTDA සමඟ බදු ගිවිසුම අත්සන් කරන ලෙස ආයෝජකයා ඉල්ලා සිටියේ 2022 මැයි 9 හෝ 10 යන දිනවලය. කෙසේ වෙතත්, 2022 මැයි 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකාවේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් සහ ආයෝජන මණ්ඩලයේ මුල් ඉල්ලීම ලබා දී, SLTDA කළමනාකාරිත්වය විසින් ඉඩම් අන්සතු කිරීමේ ප්‍රතිපත්තියට අනුව වසර 30 ක බදු දීම සඳහා බදු ගිවිසුම අත්සන් කිරීමට 2022 මැයි 11 දින කටයුතු කරන ලදී.

    ජනප්‍රිය මතය තිබියදීත්, මෙම ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස SLTDA හෝ ශ්‍රී ලංකා රජය හෝ ඊට සම්බන්ධ කිසිදු පාර්ශවකරුවෙකු USD මිලියන 417.5ක් ලබා නොගන්නා බව SLTDA පැහැදිලි කිරීමට කැමතිය. ගිවිසුම සම්පූර්ණයෙන්ම වසර 30 කට ඉඩම් බදු දීමට අවසන් අයිතිය SLTDA සතු විය.

    SLTDA සඳහා, කලින් නැවත අවධාරණය කළ පරිදි, ආදායම් මාර්ගය වන්නේ කල්බදු කුලියට දීමයි. එහිදී ආයෝජකයා විසින් 2020 වසරේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද තක්සේරුව මත පදනම්ව වසර 30ක කාලයක් සඳහා ස්ථාවර කුලී ගාස්තුවක් මාසිකව ගෙවනු ලැබේ. USD මිලියන 417.5 ක මුළු පිරිවැය හුදෙක් ඉහත කී ආයෝජකයා විසින් කරන ලද ආයෝජනයේ මුළු වාණිජ වටිනාකම නියෝජනය කරයි.

    ශ්‍රී ලංකාවේ සංචාරක පාර්ශවකරුවන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ ප්‍රවේශම් වන ලෙසත් අසත්‍ය හා වැරදි තොරතුරුවලට නොරැවටෙනු කියායි.

    ReplyDelete
  8. කළු මැයි සංහාරයට මග පෑදූ නීතිඥයන්

    ම්ලේච්ඡ කළු මැයි සංහාරයට මග පෑදු ප්‍රධාන පාර්ශවයක් වන්නේ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ය. මිනිසුන් මහමග නිරුවත් කොට පහර දී කපාකොටා හෝ ජීවිතක්‍ෂයට හෝ පත් කර ඔවුන්ගේ නිවාස සහ වාහන ගිනිබත් කිරීමට හැකියාව ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට ලබා දුන්නේ එම නීතිඥයන් විසිනි.

    මිරිහානේ පුද්ගලික නිවසකට පහර දී දේපළ ගිනි තබා විනාශ කළ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් ආරක්ෂා කළේ එම නීතිඥයන්ය. එතැන් සිට දිවයින පුරා භීෂණකාරී ක්‍රියාවන් සිදුකළ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින බව කියමින් එම ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් නීතියේ රැහැනෙන් මුදා ගැනීමට කටයුතු කළේ එම නීතිඥයන්ය.

    අරගලයේ නාමයෙන් සිදුකළ බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා උත්කර්ෂයට නංවමින් ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට අත්පුඩි ගසමින් ප්‍රචණ්ඩත්වයට උසි ගැන්වීමෙන් සිදුවූයේ නීතිය හා සාමය රැකීමේ සිය රාජකාරිය පොලිස් නිලධාරීන්ට කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. 2022 මැයි 9 වැනිදා ඇති වූ ගැටුම් නැවැත්වීමට පොලීසියට නොහැකි වූයේ ඒ නිසාය.

    අනුන්ට කැමති දේශපාලන මතයක් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ මානව නිදහස අමුඅමුවේ උල්ලංඝනය කිරීමට ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට අනුබල දුන්නේ එම නීතිඥයන්ය. අරගලකරුවන්ට පමණක් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී අනෙකාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට මුල් වූයේ එම නීතිඥයන්ය.

    ලංකාවේ අහිංසක වැසියන් ප්‍රාණ බියට පත් කරමින් දියත් වූ ම්ලේච්ඡ කළු මැයි සංහාරයට වගකිව යුතු ප්‍රධාන පාර්ශවයක් වන්නේ එම නීතිඥයන්ය. හිංසනයට පත් සියලු දෙනා වෙනුවෙන්ද සාධාරණය ඉටු කිරීමට එම නීතිඥයන් නොමිලේ ඉදිරිපත් වෙන බව කීවේ නැත්තේ ඇයි! එයින් ඔප්පු වෙන්නේ ඔවුන් පැහැදිලිවම ප්‍රචණ්ඩත්වය මුදාහළ අරගලකරුවන්ට පක්ෂපාතී බවයි.

    මේ අසාධාරණය ලෝකයා ඉදිරියේ හඬගා කියමු! නීතිය රැකීමට සිටි නීතීඥයන් මේ ආකාරයෙන් කටයුතු කිරීමට පෙලඹවූ අදාළ නියමුවන් වහාම නීතිය ඉදිරියට පමුණවා විනිශ්චය කළ යුතුය! තම වෘත්තීය ආචාරධර්ම පාවා දී ප්‍රචණ්ඩත්වයට සහාය දුන් සියලු නීතිඥයන් නීතිය ඉදිරියට පමුණවා විනිශ්චය කළ යුතුය!

    The lawyers who caused the Black May massacre

    One of the main parties that caused the brutal Black May massacre were the lawyers who represented the perpetrators of violence. A group of lawyers gave the violent protesters the ability to strip people naked and beat them to death on the streets and burn their homes and vehicles to ashes.

    This group of lawyers defended the violent protesters who attacked a private house in Mirihana and set fire to public property. Since then, these lawyers acted to free the violent attackers from the law, claiming that they will represent the suspects free-of-charge.

    These lawyers applauded the violent protesters, glorifying the horrific acts of violence in the name of the #gohomegota protest; which made it impossible for the police to carry out their duty of maintaining law and order. Which is why the police were unable to stop the clashes on May 9, 2022.

    These lawyers encouraged the violent protesters to blatantly violate the freedom to express political views by all citizens. These lawyers protected only the freedoms of the protesters while letting the violent protesters take away the human rights of the others.

    These lawyers are one of the main culprits in the brutal Black May massacre that terrorized the innocent people of #SriLanka. Why did they not say that they will come forward free-of-charge to represent all victims! This proves that they are clearly loyal to those who unleashed violence.

    Let us speak this injustice before the world! The relevant leaders who persuaded the lawyers to act in this manner should be brought before the law! All lawyers who betrayed their professional ethics and supported violence must be brought to justice!

    - Avihimsa Vadiya

    https://www.facebook.com/108855728494961/posts/108868425160358/

    ReplyDelete
  9. අයිසේ මාතලන් හැමදාම රනිල් දිහා බලාගෙන ඉදලා හරි යන් නෑ ඕයි... ඔය හාදයා හැමදාම ජීවත්වෙලා ඉන්නවා කියලා අපේ මිනිස්සු හිතන්නේ.. අලුත් තරුණයෝ හදන්න ඕනී රටේ නායකත්වයට.... මැරෙනකම් දේශපාලනය කරන්නෙත් තරුණයන්ට ඉඩක් නොදෙන්නෙත් අපේ රටේ විතරයි ... බලන්න ලෝකයේ අනිත් රටවල් දිහා .. ලංකාවේ මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදය විසඳන්න නායකත්වය දිමට හැකියාව තියෙන අලුත් නායකයෙක් නෑනේ ඒ නිසා ඉදිරියට වත් එහෙම කෙනෙක් හොයා ගන්න ඕන දෙවැනි පෙළ නායකයන් කීප දෙනෙක්ම හදා ගන්න ඕන

    විපක්ෂ කණ්ඩායම් වල ඉන්න සජිත්ලා අනුරලා සහ සිරාගේ පොදුජන පෙරමුණේ ජාතික ජන බලවේගයේ කිසිම පක්ෂයක හරි හමන් වගකීමක් සහිතව කටයුතු කරලා රටට වැඩක් කරන්න පුළුවන් පණ ඇති නායකයෙක් නෑ කිසිම තේරුමක් නැති වැඩක් කරන්න දන්නේ නැති බොරුවට දොඩවන්න විතරක් දන්න ගෝතයින් වෙනුවට දේශපාලනික ක්ෂේත්‍රයටත් පිට ඉන්න කළමනාකරණ හැකියාව තියෙන දක්ෂ තරුණ තරුණියන් රටේ නායකත්වය සඳහා පුහුණු කරලා ගන්න ඕන ඒ ගැන කතා කරපන්, කතා කරන එකට වඩා ඒ වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරන්න ඕන අපි හැමෝම කයිවාරු 99% ක් විතර වෙනවා නමුත් ප්‍රතිඵල 1% ක් වත් නෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. AnonymousMay 16, 2022 at 7:41 AM

      සිරාවටම පට්ට ඇත්ත කතාවක් දැන්වත් හිතපල්ලා... මාතලන් උඹත් මේ ගැන ලියහන්

      Delete
  10. රනිල් වික්‍රමසිංහ යනු බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ 1951 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම නිවැරදි කළ දක්ෂ දේශපාලකයෙකි…!

    එදා අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයට ගත් ඔහු අද රාජපක්ෂ දරුවන්ට එක්සත් ජාතික පක්ෂයේ දොර විවෘත කරමින් සිටී….!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න