.

.

May 26, 2022

පෝලිමේ සිට තෙල් ලබා ගැනීමේදී

 


පෝලිමේ සිට තෙල් ලබා ගැනීමේදී
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
                                      
"මහත්වරුන්"
රෝද හතරේ වාහන සඳහා
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

1. ඉන්ධන පෝලිම වෙත පැමිනීමට පෙර වාහනයේ ඉන්ධන කවුලුව විවෘත කරන්න.

2. මීලඟට ඉන්නේ ඔබ බව සඳහන් කර ෆොටෝවක් සමඟ බුකි පෝස්ටුවක් දමන්න.

3. ඉන්ධන පොම්පය අසල වාහනය නවත්වන්න.

4. වාහනයේ විදුරුව පහත් කරන්න.

5. කලින් සැලසුම් කරගත් මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල හෝ කාඩ්පත පොම්පකරුට ලබා දෙන්න.

6. රියැදුරු අසුනේම සිට නියමිත ලෙස ඉන්ධන ලැබුනේද බලන්න.

7. අවශ්‍ය නම් පමණක් රිසීට් පතක් හා ක්‍රෙඩිට් කාඩ් පත ඉල්ලා ගන්න.

8. වීදුරුව පහත් කර වාහනය මදක් ඉදිරියට ගන්න.

9. ඉන්ධන ලබා ගත් බවට බුකි පෝස්ට් එකක් දමන්න.

10. පිටව යන්න.

ස්තූතියි.. 

නැවත එන්න..


නෝනාවරුන්ට
➖➖➖➖➖▪️ 

1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න

2. ඉන්ධන කවුළුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.

3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.

4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත හෝ මුදල්  සොයගන්න.

5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.

6. පොම්පකරු සමඟ සිනහා වී ෆුල් ටෑන්ක් ගැසීමට බැරිදයි අසන්න.

7. වාහනයේ ඇන්ජිම ක්‍රියා විරහිත කරන්න.

8. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න.

9. වාහනයෙන් බැස පොම්පකරු වෙතට ගොස් ඔහු සමඟ සෙල්ෆියක් ගන්න. ෆුල් ටෑන්ක් බැරිදයි නැවතත් අසන්න.

10. අවට ෆොටෝ දෙක තුනක් ගෙන ෆේස්බුක් දමන්න.

11. දැන් තෙල් ලබා ගන්නා බව මිතුරියකට කියන්න.

12. ඉන්ධන ටැංකිය නියමිත පරිදි වැසී ඇතිදැයි බලා පොම්පකරුට ස්තූතී කරන්න.

13. වාහනයට ගොඩ වී එය පනගන්වන්න.

14. ලබාගත් ඉන්ධන ප්‍රමාණය හා මුදල දිනපොතේ සඳහන් කරන්න.

15. වාහනය මදක් ඉදිරියට ගෙන තෙල් ලබා ගත් බවට සෙල්ෆියක් සමඟ පෝස්ට් එකක් අප්ඩේට් කොට මිතුරියන්ට ඒ බව පවසන්න.

16. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.

17. කොන්ඩය සකසා ගන්න..

18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.

19. පසුපස වාහනයේ නලාව හඬවන්නා වෙත රුදුරු බැල්මක් හෙලන්න. 

20. පිටවන බව පවසා නැවතත් කෝල් එකක් ගන්න.

21. කිමි 2-3 වාහනය ධාවනය කරන්න.

22. හෑන්ඩ් බ්‍රේක් ලිවරය පහත දමන්න.

23. ගෙවීම් සිඳුකලේ කාඩ් පතකින් නම්, නැවත එන්න.

ස්තූතියි...!





15 comments:

  1. 21. කිමි 2-3 වාහනය ධාවනය කරන්න.

    22. හෑන්ඩ් බ්‍රේක් ලිවරය පහත දමන්න.

    +++++++++++++++++

    ReplyDelete
    Replies
    1. @ ඉයන්

      අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවකයන්ට වැටුප් තව දුරටත් වැඩි කිරීම සඳහා තීරණය කරලා තියෙන්නේ මේක මේ වෙලාවේ විශාල වශයෙන් ආර්ථිකයට හානිකරන දෙයක් නේද,

      මේ බලන්න


      //ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

      අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා ය.

      2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

      මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.//

      මූලාශ්‍රය: https://bit.ly/3wSZER7

      (https://www.lankadeepa.lk/)


      මගේ ලංකාවේ සිටින දෙමාපියන් සහ ඇතැම් ඥාතීන් ද රජයේ සේවකයන් වන නමුත් කියන්න වෙන්නේ මේ තීරණය නිසා රට තවතවත් වලපල්ලට යන බවයි. 2015 වුණෙත් ඒක. අද අපි ගෙවන්නේ 2019න් පස්සේ ඇතිවුණු අර්බුදවල ප්‍රතිඵල පමණක්ම නෙවෙයි. 1977න් පස්සේ ගත් මුග්ධ දේශපාලන තීන්දු තීරණ වල අග්‍රඵලයයි.

      මොකද ඊයේ ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව කිව්වා ඔවුන්ටත් මුදල් අච්චුගහන මැෂින් දෙන්න කියලා අපනයනය අඩුවෙලා සංචාරකයින් පැමිණීමත් ඉතාමත් පහළ ගිහිල්ලා විදේශ ශ්‍රමිකයින් ඩොලර් එවීමත් සෑහෙන අඩුයි කියලා මහබැංකු වාර්තා වල හැටියට ඉතාමත් පැහැදිලියි. ඒ නිසා එහෙම භයානක තත්ත්වයක් ආර්ථිකය ගැන තියෙද්දී රටේ නිෂ්පාදනයට සම්බන්ධ නැති බහුතර සේවා සපයන්නන් වන රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට නොවෙයි අත්‍යාවශ්‍යම ආහාර, බෙහෙත්, ඉන්ධන වැනිදේ පහසුවෙන් ගැනීමට ක්‍රමයක් සකසා අපනයනය වැඩිකිරීමට ආයෝජන කරමින් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට දිරිගැන්වීම කරන්න ඕන.. එහෙම නැතුව හැමදාම වැටුප් වැඩිකර රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. රනිල් වික්‍රමසිංහ යහපාලන රජය සමයේ සහ ඊටත් කලින් ජේ ආර් ප්‍රේමදාස යුගවලදී කලා වගේ නිගන්ඨනාථ පුත්තගේ ක්‍රමය නතර කර බුදුන් දේශනා කළ ආකාරයට උපයන ධනය ආයෝජනය කරන්න කටයුතු කළ යුතුයි නැතුව මේ වගේ දේවල් වලින් රජයට බදු ගෙවන පෞද්ගලික අංශය කඩාවැටිලා ඊළඟට වෙන්නේ දැන් රටේ තිබෙන සීමිත රැකියා ටිකත් නැතිවෙලා යන එක...

      Delete
    2. ඔබ කියන දේට එකගයි. ඒ මුදල් යෙදවිය යුත්තේ එදිනෙදා ගාණක් හොයාගන්නා සමාජයේ පහලම මට්ටමේ ඉන්න අය වෙනුවෙන්. සමෘද්ධි සහනාධාර වැඩි කිරීම වෙනුවෙන්.

      Delete
    3. උඩ ඇනෝ සහ ඉයන් සමග එකඟයි. ඒ වගේම ඉයන් තව කාරණයක් තිබෙනවා ලංකාවේ මේ ප්‍රශ්න සේරටම හේතුව ලංකාවේ විදේශ විනිමය හිඟය නිසා කියලා කියන්නේ නමුත් ලංකාවේ අපනයන කරුවන් කරන අපනයන වල ආදායම් නියම ගානට වඩා අඩුවෙන් පෙන්වන බව මට හිතෙනවා මොකද දැන් බලන්න ඕනම රටක් දෙයක් අපනයනය කරන්න ඕනෙ අදාල රටේ පාවිච්චියට හානියක් නොවෙන අතිරික්ත හදල අපනයනයට යොදවන්න ඕනෙ එහෙම නේද?

      නමුත් ලංකාවෙ මිනිස්සුන්ගෙ පෙරේත කමට ලංකාවේ පරිභෝජනයට වත් නැතුව ඔක්කොම රට පටෝනව ලොකු මුදලක් ගන්න පුලුවන් නිසා මේ දවස්වල ඩොලර් රේට් එක සෑහෙන උඩ තියෙන හින්දා පැලවත්ත හයිලන්ඩ් තේ කොල කෙලවල්ලො තලපත් මාලු මෙච්චර හිග වෙන්නත් ගනන් යන්නත් හේතු ඒකයි ලංකාවේ. මම පහුගිය මාර්තු මාසේ මැද හරියේ ලංකාවේ හිටපු කාලේ දැකපු දෙයක් දැන් තත්ත්වය මීටත් වඩා ගොඩාක් සීරියස් ඇති. නමුත් මෙච්චර දේවල් රට පටවලත් රටට විදේශ විනිමය ආදායම් මදි.

      අනික් කාරණය තමයි ලංකාවේ අපනයනකරුවන්ට නිකන් තියෙන වතුර ටික රට යවා ගන්න බැරි උනාට ශ්‍රී ලංකන් කේටරින් එකට වතුර ගන්නෙ ඩුබායි වලින් ලු නේද?

      ඉයන් පුළුවන් නම් චෙක් කරල බලන්න පසුගිය වසරවල රේගුවේ ආනයනික භාණ්ඩ. වතුරත් පිටරටින් ගෙන්නලා තියෙනවා.

      කෙසේ නමුත් මේ ගැන මගේ අදහස ලාංකීය නියමයන්ට අනුව ඇසුරුම් කල ජලය අපනයන කිරීමක් සඳහා නිශ්පාදනය සදහා යොදා ගත හැක්කේ භූගත සහ උල්පත් ජලය පමණක් බවත් මතුපිට ජලය ඇසුරුම් කිරීමට යොදා ගැනීමේ ගැටලු පවතින නිසා (එමෙන්ම ඇසුරුම් කිරීම සදහා යොදා ගැනෙන අමුදුවය (imports) වල තත්ත්වය පිලිබදවත් ගැටලු පවතී. එමෙන්ම ආනයනය කල බෝතල් ජලයද ලංකාවේ ඇත.) බොහෝ ගැටළු සහගත තත්වයක් ඇති නමුත් නිසි ක්‍රියාමාර්ග ගත්තොත් සියල්ලම විසදාගෙන ජලය අපනයනය කිරීමට ඉඩහසර ඇති බව.

      Delete

  2. මාතා මේ කතාව ගැන මොකද හිතන්නේ?


    Malinda Dias සහෝදරයාගේ ගිණුමෙන් උපුටා ගන්නා ලදි..

    හිටපු මැකෝ දෙබිඩ්ඩාගේ කලිසම ඔලුවෙන් ගලවන අභියෝගය..👇

    මැකෝගේ කිඹුල් කඳුළු!
    මැතිවරණ කොමසාරිස් විදියටත්, මැතිවරණ කොමිසමේ සභාපති විදියටත් තරුණ ප්‍රජාවට පක්ෂයක් ලියාපදිංචි කරන්න කිසිම අවස්ථාවක් නොදුන්න මහින්ද දේශප්‍රිය අද තරුණ තරුණියන් ගේ අරගලයට ඇවිල්ලා කිඹුල් කඳුළු හෙළනවා. මෙයාට බලය තිබුණු කාලෙ මෙයා ලියාපදිංචිය දුන්නෙ ඒ ඒ කාල වල බලයේ හිටපු පක්ෂ වල හෙංචයියන්ට විතරයි. මැතිවරණ පනතට අනුව සියලු සුදුසුකම් සපුරලා හිටපු තරුණ කණ්ඩායම් කීපයක්ම කිහිප වතාවක්ම තරුණ ප්‍රජාව උනන්දු ප්‍රශ්න වෙනුවෙන් දේශපාලනිකව ක්‍රියාත්මක වෙන්න පක්ෂ ලියාපදිංචිය ඉල්ලුවා. ඒ හැම ඉල්ලීමක්ම ඉතාම උද්ධච්ච සහ තුච්ච විදියට ප්‍රතික්ෂේප කළා.

    මමත් 2017 සහ 2020 වසර වලදී ඒවැනි පක්ෂ ලියාපදිංචිය සදහා පැවති සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වෙලා තියෙනවා පරිසර ප්‍රශ්න වෙනුවෙන් දේශපාලනිකව ක්‍රියාත්මක වෙන්න මේ රටේ තරුණ තරුණියන්ට හරිත පක්ෂයක් ලියාපදිංචි කරගන්න. 2017 දී මහින්ද දේශප්‍රිය ගෙ පම්පෝරි සහ වාචාල කතා අහගෙන ඉඳලා ආව. අපි හරිත වාදය ගැන මතවාදීමය, ප්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කළා. අපි වසර 4 කට ආසන්න කාලයක් පරිසර දේශපාලනය සඳහා කරපු ක්‍රියාකාරකම්, විගණනය කරපු ගිණුම් වාර්තා, ඇතුළු සුදුසුකම් ඉදිරිපත් කළා. ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න වචන 5-6 ක් කතා කරද්දිම මහින්ද දේශප්‍රිය මැදින් පැනලා වචන 1500 ක් විතර පම්පෝරියක් ගහන්න ගන්නවා. මිනිහ ආශ්‍රය කරපු මිනිස්සු දන්නවා මේ වාචාලකම ගැන. කිසිම මිනිහෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ. මැදින් පැනලා අර ගෙඹි කට දෙපැත්තෙන් කෙල පනිනකං කියවනවා මහ හයියෙන්. කොමිසමේ අනිත් සාමාජිකයො දෙන්නා ඉතාමත් වැදගත් විදියට සාවධානව සහ වෘත්තීමය විදියට අපිට සවන් දුන්නා. කොහොමහරි අන්තිමේදී සුදුසුකම් සපුරලා නෑ කියලා ලියුමක් එව්වා. මම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ගිහින් බැලුවා ලියාපදිංචිය දීල තියෙන පක්ෂ මොනවද කියලා. 6 කට වගේ අලුතෙන් ලියාපදිංචිය දීල තිබ්බ 2017දි. මම බැලුවා ඒ පක්ෂ 6 යේ ලේකම්වරුන්ගෙ නම් ලිස්ට් එක අරගෙන කවුද මේ කට්ටිය කියලා. ඒ හැමෝම වගේ ඒ දවස්වල තිබූණ යහපාලන රජයේ පාර්ශවකරුවන්. ඒ පක්ෂ වල නම් ගූගල් වල ගහල බැලුවා මුන්ට අවුරුදු 4 ක ඉතිහාසයක් තියද කියලා. අඩුම ගානේ ඒ නම් වලට සර්ච් රිසාල්ට් එකක් තිබ්බේ නෑ. ඒ හයදෙනා තමයි මෛත්‍රී ගුණරත්න, ලාල් විජේනායක, වතුකරයේ එජාප මන්ත්‍රී තිලකරාජා, අසාත් සාලි, මොහොමඩ් නජා, මහින්ද දේවගේ. හයදෙනාම යහපාලන රජය ගේන්න මුක්කු ගහපු, අවුරුදු 50වත් පැනපු නාකි පඩංගු!

    ReplyDelete
    Replies
    1. 2020 ආයෙත් අපි ගියා මේ සැරේ නම් මැතිවරණ පනතේ අකුරක් ගානේ කියවලා ගිණුම් වාර්තා හදල, විගණනය කරල, අවුරුදු 4ක දේශපාලන ක්‍රියාකාරකම් වලට සාක්ෂි සම්පිණ්ඩනය කරගෙන, ව්‍යවස්ථාව, ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළු සියලු අවශ්‍යතා අකුරක් නෑර සම්පූර්ණ කරගෙන සම්මුඛ පරීක්ෂණයට අපි කණ්ඩායමක් ගියා. සුපුරුදු ප්‍රතිඵලයම තමයි. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දෙන්නෙම නෑ. මහින්ද දේශප්‍රිය මිනිහගේ දැනුම අපිට ප්‍රදර්ශනය කරනවා. සම්මුඛ පරීක්ෂණයට අදාල නැති කෙලකෝටියක් දේවල් කියවනවා. අන්තිමට බොහොම අමාරුවෙන් ඉවසාගෙන අහපු හැම ප්‍රශ්නෙකටම අපි සාර්ථකව උත්තර දුන්නා. මහින්ද ගොයියට හෙන අවුල් කියලා තේරුණා. "ඔව් ඔයාල සියලු සුදුසුකම් සපුරලා කියලා පේනවා හැබැයි ඔයාල කරල තියෙන්නෙ දේශපාලන ක්‍රියාකාරකම් නෙමෙයි... පරිසර වැඩ කලාට ඒව දේශපාලන ක්‍රියාකාරකම් කියලා පිළිගන්න බෑ" කියලා කිව්ව ඒ පාර. මගේ ඇඟේ මාළු ගඟේ නටන්න ගත්තා ඒ කතාවට. විනාඩි දෙක තුනකට කලින් සියලු සුදුසුකම් සපුරලා තියෙනවා කියලා කියපු කටින්ම මේ යකා කියනවා දැන් අලුත් කතාවක්. අපි ඒකටත් සාර්ථකව අපි අවුරුදු 5කට කලින් පරිසර දේශපාලනය ගැන කළ සාකච්ඡා, වැඩසටහන් ගැන සාක්ෂි ඉදිරිපත් කළා. ඒ පාර අහනවා කවද්ද ඔය කියන පළවෙනි පරිසර දේශපාලන ක්‍රියාකාරකම කරපු දවස කියලා. අපි දවසත් කිව්වා. මෙන්න ඒපාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන මැතිවරණ පනත පෙරලනවා. පෙරලලා දැන් පොයින්ට් එකක් හොයනවා. ඊට පස්සෙ ගණන් හදලා අර අපි කිව්ව දිනේට අවුරුදු 4ක් තියෙනවද කියලා ගණන් හදනවා මහ හයියෙන් කියව කියව. අන්තිමට කිව්වා "ඔයාල 99.9න් ඒකෙනුත් බේරුනා. අදට හරියටම අවුරුදු 4 යි දවස් තුනයි කියලා. ඊට පස්සේ තවත් මොකක්ද කුණුහරුපයක් කියාගෙන එනකොට මගේ රතු කට්ට පැන්නා. කිසිම දෙයක් පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. වාචාලකමයි උද්ධච්චකමයි ඉස්සරහට දාගෙන අපිව පාච්චල් කරලා මහ හයියෙන් පිස්සු විකාර කියවනවා. මමත් බැරිමතැන මිනිහගේ කටේ සද්දෙට වැඩිය හයියෙන් කෑගහල කිව්වා "අපි මෙතෙන්ට ආවෙ වෘත්තීමය සම්මුඛ පරීක්ෂණයක් බලාපොරොත්තුවෙන්. ඔබතුමා අපිට අපේ සුදුසුකම් ඉදිරිපත් කරන්න කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ මහ හයියෙන් කෑ ගහනවා. අපි ආවේ ඔයාගේ පම්පෝරි අහන්න නෙමෙයි. මේ බලන්නකෝ මේ අනිත් මහත්තුරු දෙන්නා (අධිනීතිඥ නිමල් පුංචිහේවා මහතා සහ අනිත් සාමාජික ජනාධිපති නීතිඥ තුමා පෙන්නලා) බොහොම වැදගත් විදියට අපිට සවන් දෙනවා. තාම ඒ දෙන්නටවත් එක වචනයක් කියන්න අවස්ථාව ඔබතුමා දුන්නේ නෑ." කියලා. එතකොට කියනවා "ඔහොම සද්දෙන් කෑගහගෙන එන්න එපා! ඒවට මම බය නෑ" කියලා. මම කිව්වා "ඔයාව බය කරගන්න අවශ්‍යතාවක් මට නැහැ. මම සද්දෙන් කතා කරන්නේ ඔබතුමාගෙ සද්දේ යටපත් කරගෙන ඔබතුමාගෙ ස්ටයිල් එකෙන් උත්තර දෙන්න. අපි ගිය සැරෙත් ඇවිල්ලා ඔයාගේ පම්පෝරි අහල ගෙදර ගියා. අපිට ඔය පම්පෝරි අහල ඇතිවෙලා තියෙන්නේ.

      Delete
    2. අපිට වෘත්තීමය සම්මුඛ පරීක්ෂණයක් දෙන්න. නිකං වාචාල කතා අහගෙන ඉන්න වෙන්නේ නැති!" කියලා. මෙන්න ඒපාර ආලවක දමනය උනා වගේ මට ඇන්ග්‍රි ෆේස් එකක් දාලා අධිනීතිඥ නිමල් පුංචිහේවා මහත්තයාට කියනවා "නිමල් අයියා, එහෙනම් ඔයා මෙයාලගෙන් ප්‍රශ්න අහන්න. මම සද්ද නැතුව ඉන්නම්" කියලා අත්දෙකත් බොඳගෙන තරහ වෙලා හිටියා විනාඩි පහක් විතර. නිමල් පුංචිහේවා මහත්තයයි අනිත් සාමාජික ජනාධිපති නීතිඥ තුමායි ඊට පස්සේ ඉතාමත් වැදගත් විදියට අපෙන් ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ අර පොඩි ළමයෙක් වගේ තරහ වෙලා හිටපු මහින්ද මහත්තයා අපිත් එක්ක හරිම සුහදශීලී විදියට කතා බහ කරලා, අපේ වැඩ අගය කරලා, අපිට අදහස් යෝජනා කීපයකුත් දීල කොමිසමේ අනිත් සාමාජිකයින් දෙන්න දිහා බලල කිව්වා "අපි අර සස්පෙන්ඩ් කරලා තියෙන හරිත පක්ෂෙ වෙනුවට මෙයාලට ලියාපදිංචිය දෙමුද?" කියලා. අපේ ආනන්ද හාමුදුරුවෝ කිව්වා අනේ මහත්තයෝ අපිට මොන විදියට හරි මේක දෙන්න, අපිට එපා වෙලා තියෙන්නේ මේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය. අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑ, අපේ කොල්ලො කෙල්ලො ටිකක් ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට යවලා මේ රටේ පරිසරය, ජාතික සම්පත් රැකගන්න වැඩපිළිවෙළක් රටට මේ වෙලාවේ ඕන කියලා. කොහොමහරි අපි අන්තිමට කෑගහපු එකට සමාවත් ඉල්ලලා තමයි අපි නැගිටලා ආවෙ. (මේව ඔක්කොම වීඩියෝ රෙකෝඩ් මැතිවරණ කොමිසමේ තියනවා.)

      Delete
    3. හැබැයි ලියාපදිංචිය දුන්නෙ නෑ. ආයෙත් අර සුදුසුකම් සපුරලා නෑ කියලා සුපුරුදු ලියුම එවලා තිබ්බා. ආයෙත් මම ගිහිං බැලුව කාටද මේ සැරේ ලියාපදිංචිය දීල තියෙන්නේ කියලා. 7 ක් ලියාපදිංචි කරල තිබ්බා. ඒ හතම පොහොට්ටුවේ පාර්ශවකරුවන්! ජාතිවාදී පදනමින් පක්ෂ එපා කියලා කටින් කියන ගමන් අක්මීමන දයාරතන හිමිට සිංහල රාවය කියලා පක්ෂයක් ලියාපදිංචි කරල දෙන්න අත්සන ගහනවා! මම අභියෝග කරනවා මහින්ද දේශප්‍රිය මහත්තයාට, පුලුවන් නම් ඒ පක්ෂ 7 දේශපාලන ක්‍රියාකාරකම් අවුරුදු 4 ක් තිස්සේ අඛණ්ඩව කළා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි පෙන්නන්න කියලා. අඩුමගානේ ගූගල් සර්ච් රිසාල්ට් එකක්?

      ඔන්න ඔහොමයි මහින්ද දේශප්‍රිය මේ රට අලුත් මාවතකට හරවන්න තමන්ගේ බලය පාවිච්චි කරන්න පුළුවන්කම තිබියදී, රටම තරුණ පරපුරට දේශපාලනයේ දොරටු විවෘත කරල දෙන්න හැකියාව තිබියදීත් පවතින ක්‍රමය ආරක්ෂා කරන බහිරවයෙක් වගේ හැසිරුණේ!

      අන්තිමට අලුත් දේශපාලන මාවතක යන්න උත්සාහ කරපු මිනිස්සු චන්දයක් ආවම පවතින සාම්ප්‍රදායික පක්ෂ වලටම බෙදිලා ගිහින් දේශපාලන කරන්න ගත්තා. මොකද උන්ට විකල්පයක් හදාගන්න ඉඩක් දුන්නේ නෑ.

      දැන් මේ මහින්ද දේශප්‍රිය අරගලයට ආව එකට ආදරෙයි ගගා ප්‍රශස්ති ලියන්නේ මෙයාට බලය තියනකොට කෙරුවාව ගැන අඹමල් රේණුවක් නොදන්න අපේ කොල්ලො කෙල්ලො...! උන් පව්! උන් දන්නේ නෑ මේ මනුස්සයාගේ කෙරුවාව... අද තරුණ තරුණියෝ පාරට බැහැලා අරගල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මහින්ද දේශප්‍රියලා කරපු වැරදි නිසා.

      දැන් සුදනා වගේ තරුණ අරගලයට සුබපතනවා... උදව් කරනවා... ඒ වෙනුවෙන් කතා පවත්වනවා... හැබැයි ඒ සියල්ල කිඹුල් කඳුළු!

      Mahinda Deshapriya පුළුවන් නම් ඔය උඩ කරල තියෙන අභියෝගය භාර ගන්න. අවශ්‍ය නම් මම ඔබතුමා එක්ක අරගල භූමියේ දි මූණට මූණ ඇවිල්ලා මේ කියපු කාරනා ඔප්පු කරලා පෙන්වන්නම්.

      Nilaksha Rathnayake ගේ සටහනකි..
      ......................

      පසු ලිවීම...

      මේ ලියුම්කරු මගේ වැඩිමහල් ඥාති සොයුරායි..නිලක්ෂ අයියා මටත් වඩා හදවතින්ම දේශපාලනික සහ මතවාදී අදහස් දරණ අවංකයෙක්..ඔහු කුඩාකල සිටම මගේ මතවාදී දේශපාලනික අදහස් පෝෂණය කලා.මම හැමදාමත් ඔහු පසුහැඹුවා.අපි අතර විවිධ මතගැටුම් ඇති වුනා යම් යම් අවස්ථාවලදි..අදටත් ඔහුගේ සමහර දේශපාලන එලඹීම් ගැන මම එකඟ නොවන තැන් තියෙනවා..නමුත් ඔහු විචක්ෂණශීලීයි..ඒ වගේම අවංකයි.. ඔහු ගැන මම හොඳින්ම දන්නවා..වෙන කිසිවෙකුටත් වඩා..ඒ නිසා මේ ලියා තිබෙන අකුරක් පාසා සත්‍යය බව මම දන්නවා..

      මහින්ද දේශප්‍රියලාගේ දෙබිඩි ගතිය මේ මොහොතේ සමාජයට විවර වීම ඉතා යහපත්..මම දුටුවා සමහරු කියනවා ඔහු ඊලඟ පොදු අපේක්ෂකයා කිරීමට සුදුස්සෙක් කියා..

      Delete
  3. මං පේරාදෙණිය කම්මලේ ඉන්න කාලෙ අප සිටි නේවාසිකාගාරයේ හිටිය ඉකොනෝමැට්ටා බ්ලොග් එක ලියන කෙනා. මිනිහට ඒ කාලේ කාඩ් දෙක තුනක් වැදිලා තිබ්බා. මිනිහගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගම්උදාව උත්සව වල පොඩි පොඩි කඩ දාගෙන වෙලදාම් කරලා තිබ්බා. අම්මා ස්වීව් විකුනලා තිබ්බා.

    ඉතිං ඔය කියන ඉකොනෝමැට්ටා ඒ කාලේ නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ

    ReplyDelete
  4. මාතා අද උදේ 8 සිට තෙල් පෝලිමේ සිට හවස 7 ට කාර් එකට පෙට්‍රෝල් ලබාගත්තේ ඊයෙත් පෙරේදාත් පෝලිම් වල සිට වූ අසාර්ථක උත්සාහයන් වලට පසුවයි. උදේ සිට කාර් පෝලිම පමණක් තිබු අතර හවස 6 ට පෙට්‍රෝල් බවුසරය පැමිණි විගසම අහලකවත් නොසිටි ත්‍රී වීල් පෝලිමක් ඇති විය. එම පෝලිමේ සිටි ත්‍රී වීල් රියදුරන් කිහිප දෙනෙකු මා සමග කථා කල අතර මා පෝලිමේ සිටින්නේ උදේ 8 සිට යයි කියුවිට ඔවුන් පුදුම වූ අතර එයින් එක් ත්‍රී වීල් රියදුරකු පැවසූ දෙයින් අප පුදුම විය. ඔහු ළඟ මේ දක්වා එකතු කල පෙට්‍රෝල් ලීටර 200 ක් පමණ ඇති බවත් ඉදිරියේදී රටේ තෙල් නැතිවන නිසා එසේ එකතු කරන බවත් පැවසීය. රටේ ෂෙඩ් වල තෙල් ඉක්මනින් ඉවර වන්නේ මේ නිසා බව ඉතා හොඳින් පැහැදිලි විය. රටේ දේශපාලකයාට බනිමින් අන්තිමට උන් කරන්නේත් එවැනි ජරා වැඩමය. මුන්ට කිසිම සමාජ වගකීමක් නැත.

    ReplyDelete
  5. මාතලන් අයියේ මට ලොකු කරදරයක් අනේ මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔයාට බැරිනම් මේක කියවන අයගෙන් පුලුවන් කෙනෙක් පිහිට වෙලා උපදෙසක් දෙන්න.

    මං මගේ කාර් එක ගිය අවුරුද්දෙ ( ලක්ෂ 38 ගත්තෙ ) ලක්ෂ 11 ක් මං අතින් දාලා ඉතුරු ලක්ෂ 28 ෆිනෑන්ස් දැම්මා ගත්තේ. ඒකෙන් ලීස් එකට ලක්ෂ 16 යි. Speed draft එකට ලක්ෂ 12 ගෙවන්න තිබ්බෙ..
    මං speed draft එක ගෙවලා තව ගෙවන්න තිබ්බෙ ලක්ෂ 10 වගෙ.
    එතකොට ලීස් එක 36,000 ගානෙ මාස 10 ක් ගෙවලා තිබ්බා. එතකොට 360,000 ක් ගෙවලා තිබ්බෙ.
    අපිට ලීස් එක දාලා දීපු කෙනා කිව්වෙ නැ අපිට speed draft එක අවුරුදු 2 ක් ඇතුලත ගෙවලා ඉවර කරන්න ඕනෙ කියලා . ඒක අපි දැනගත්තෙ ගිය මාසෙ. මාසෙට 12,000 ක් ඒකට පොලිය විතරක් ගෙව්වා.
    ඒක අපරාදයක් නිසා ලක්ෂ 10 ඉතුරු අවුරුද්දෙන් ගෙවන්න බැරි නිසා අපි එයාට කිව්වා අපිට ගෙවන්න පහසු විදියට අපිට ලීස් එකට හදලා දෙන්න කියලා . එයත් කිව්වා ඒක හොඳයි ඒක වාසි හොඳ විදියක් කරලා දෙන්නම් කියලා වහනේ අලුතින් වැලිවේෂන් එකක් කලා. අපිට හොදම විදිය කියලා

    මාසෙට 80,000 ගානෙ වාරික 59ක් ගෙවලා අන්තිම වාරිකෙ ලක්ෂ 10 ක් ගෙවන්න කිව්වා
    අපි ඒ වෙලෙත් ගොඩක් අසරණ වෙලා හිටියෙ අපි ගන්න හද හද හිටියෙ නැ. ඒ මිනිහා කිව්වා මේ විදිය අපිට ගොඩක් වාසි කියලා . අනේ අපි රැවටුනා 🥺 ගිය මාසෙ ඉතින් ඒ කියපු විදියට මාරු කලා.මං මේ මාසෙ ගොඩක් අමාරුවෙන් 80,000 ත් ගෙව්වා
    අපි අද කෝල් කරලා ඇහුවා අපිට වාහනෙ විකුණලා ෆිනෑන්ස් එක ඔක්කොම ගෙවලා දාන්න කීයක්ද ගෙවන්න තියෙන්නෙ කියලා .
    අනේ ලක්ෂ 56 ක් ගෙවන්නලු. අපි වාහනෙ වෙනුවෙන් ගත්තෙත් ලක්ෂ 28 එතනිනුත් ලක්ෂ 640,000 ක් විතර ගෙවලා ඉවරයි

    අපි මොකක්ද මේකට කරන්නෙ මොන අසාධාරණයක් දෙ මේ.
    අපි ගත්ත ලක්ෂ 28 ට ලක්ෂ 56 ක් ගෙවන්නෙ කොහොමද අපි.. ඒ මිනිහාට කතා කරල ඇහුවම කියනවා එයාට ගෙවලා ඉවර වෙනකොට එන ගාන කියන්න බැරි උනා තමයි ලු.

    මේකට මොකක්ද කරන්න තියෙන විසදුම . උදව් කරන්න . මට මැරෙන්න හිතිලා තියෙන්නෙ . දුක් මහන්සියෙන් ගත්ත වාහනෙ.

    ReplyDelete
  6. අමිිමෝහ් මාතේ ලියනවා නමිි ලියන්න පුළුවන් පිටු ගනං..❤ සමහර අයගේ අදහස් දැක්කම (මෙතන නෙවෙයි බුකියේ) මිනිස්සු ද කියලා හිතෙනවා..පුදුම කුහක ජාතියක්..අර අලි සබ්‍රි ලස්සන කතාවක් කලා පාර්ලිමේන්තු වෙිි..මොන තරමිි තිරිසන් සමාජය යකද අපි ඉන්නේ ,,අවිහිංසාවාදී බෞද්ධයන් නමට විතරයි .තව එකෙක් විපටත පත් කරලා හිනාවෙලා උඩ පනින ජාතියක් ,ඩොලර් එවලා රට ගොඩ ගියාම බලේ ගන්න බැ⁣නේ..ඉතිං මිනිස්සු ෆෝමිි කරනවා,එකකු වෙලා රට හදන්න උවමනාවක් නැ ..මුන්ට ඔිිනි රට විනාශ ම කරලා දාාන්න ..ඒකරලා ඊලගට හදාාගන්න වැකියකුත් තියෙනවා ,,ඒ තමා මුන් රට කෑවා,මුන් රට කෑවා..අපිත් සමහර දේවල් කරන්න ගිහින් ..අපිටත් කරගන්න බැරි වුන වෙලාවල් තියෙනවා ..ඒම කියලා අපි කරගන්න බරිවුනාම කියන වඳනත් පහලින් කොටාගෙනම යන්නමිි..😥😥🙏🙏👇

    කෝ දීපන් උබට ඔිික කරන්න බෑ මම කරලා පෙන්නන්නමිි,,(ඉට විනාඩියෙන් පසු ..)
    අයියෝ උබ මෙිික චාටර් කරලා අනලානේ දැන් ඉතිං අමාරුයි කකරන්න මුලින්ම දිලා තිබිිබ නමිි මන් ලස්සන ට හදනවා කියලා ..දමලා ගහලා අතාරිනවා ..ඔිිකයි ලංකාවේ රට හරක් දන්න එකම ක්‍රමය..

    "ටිකක් මැරෙනවා වගේ කැපකිරීම් කරන්න ඕනලු ආණ්ඩු පෙරලන්න නම්." මේක මම අහගත්තෙ අප්‍රේල් මාසෙ.

    ලංකාවේඉන්න පිස්සු මීහරක් හැත්ත කවදාවත් තව එකෙක් ගැන හිතන්නේ නෑ ලේසියකට උන්ට ඕනේ රට වලපල්ලට හරි පලයල්ලා හැබැයි අපි කඩේ යන පක්ෂය දිනන්න ඕනේ කිය එක..

    ගොඩ එන දවසක් පේන තෙක් මානයක නැ..ඒත් බලමු ටිකක් ඉවසීමෙන් .🙏🙏🙏😥😥❤❤

    ReplyDelete
  7. සුනාමි, සිරිලිය, රොකට් එක්ක ගෑවුණු රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්‍රසිද්ධ පවුලක් මුල් වූ, සුප්‍රසිද්ධ හොරකමක් මට මතක් වුණා...

    මේ කේස් එක, "ෆයිල් එක" ඇතුලෙන් එළියට ඇවිත්, 'අතේ කෝට්' වෙලා කෝට්ස් ගියත්, හොරකමට කෙළින්ම ගෑවුණු නැන්දම්මටව ත්, බෑණටවත් ලැබුණු දඬුවමක් නැහැ.

    ඉස්සර වෙලාම ඒ පවුල ගැන කියන්නම්කෝ.

    ඒ තමයි ප්‍රේමදාස පවුල.

    මේ සුප්‍රසිද්ධ හොරකම වෙන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපති වරයා ගේ පාලනයේ අවසාන කාලයේ දී.

    1988 දී බලයට පැමිණි ජනාධිපති ප්‍රේමදාස 1993 දී, බාබු ගේ බෝම්බයට බිළි වී මිය යන තෙක් වාසය කළේ, 'දානපති' නලීම් හජ්ජියාර්, තම බර පැන වලින් සාදා දුන් කෙසෙල්වත්තේ සුචරිතය ට යාබද නිවසෙහි ය. යම් රාජ්‍ය හමුවකට හෝ උත්සවයකට මිස ඔහු කිසි දිනෙක ජනාධිපති මන්දිරයේ පදිංචියට ආවේ නැත.
    ප්‍රේමදාස ආර්‍යාව, දුව දුලංජලී, බෑණා රොහාන් ජයකොඩි සහ පුත්‍රයා සජිත් (ඒ කාලේ චිචී වගේ ) තම වාසස්ථානය ලෙස තෝරා ගත්තේ ජනාධිපති මන්දිරයයි. හේමා ප්‍රේමදාස කෙසෙල්වත්තේ නිවසට යාම ප්‍රතික්ෂේප කළ අතර, ජනාධිපති නිල නිවසේ ඉතා සුවපහසු දිවියක් ගත කළාය. නමුත්, 1993 මැයි 1 දා, බාබු ගේ බෝම්බය පිපිරීමෙන් ආමර් වීදියේ දී සිදුවුණු ජනාධිපති සැමියා ගේ මරණය, ඇය ගේ ඒ බලාපොරොත්තු සුන් කළා ය. ජනාධිපති ප්‍රේමදාස මිය ගොස් සුළු මොහොතකින්, ඒ පණිවුඩය ජනාධිපති ආර්‍යාව වෙත ගෙන ගිය එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා ගේ නිල ඇඳුමේ කොලරයෙන් ඇද, " අයි ජී තමුසෙටවත් බැරිවුණා නේද ජනාධිපති තුමා බේර ගන්නැ" ඇය ඇසුවේ ඒ මානසික කඩා වැටීම සනිටුහන් කරමින්.

    මා, ජනාධිපති මන්දිරය ගැන මෙතරම් කතා කළේ ඇයි දැයි ඔබ සිතනවා ඇති. දැන් තමයි කතාව ඇරඹෙන්නේ.

    ජනාධිපති ප්‍රේමදාස ගේ මරණයෙන් පසු තවත් කාලයක් වැන්දඹු ප්‍රේමදාස ආර්‍යාවටත්, දුවටත්, බෑණාටත්, පුත්‍රයාටත් ජනාධිපති නිල නිවසේ වාසය කරන්නට අවසර ලැබෙනවා. ඒ, ඉන්පසු පත්වන නව ජනාධිපති ඩී. බී. විජේතුංග එනතෙක්.

    ටික දිනකින් ජනාධිපති මන්දිරය අත හැර මේ සියලු දෙනා පිටව යන අතර, අභිනව ජනාධිපති නිල කටයුතු බාර ගන්නවා.

    ජනාධිපති නිල නිවස ට එන නව ජනාධිපති විජේතුංග එහි ඇති යම් වෙනසක් දකිනවා.

    කුමක්ද මේ වෙනස..?

    වසර 200ක පමණ සිට, එහි තිබූ අති පෞරාණික ගෘහ භාණ්ඩ අතුරුදහන්වී, ඒ වෙනුවට මිල අධික අලුත් පන්නයේ ගෘහ භාණ්ඩ වලින් ජනාධිපති මන්දිරය සැරසිලා..! (මෙම නව ගෘහ භාණ්ඩ, E. H. කුරේ සහ පුත්‍රයින් වෙතින් මිල දී ගත් බව එවකට පැවති ප්‍රසිද්ධ රහසක්)

    මෙහි කුමක් හෝ 'අවුලක්' සිද්ධවී ඇති බව වටහා ගන්නා විජේතුංග ජනාධිපති වරයාට තවත් සුවිශේෂී ස්ථානයක් ඇස ගැටෙනවා.
    ඒ ඉහළ මහල දක්වා දිවෙන පිය ගැට පෙළට ඉහළින් එල්ලා තිබූ තෙල් සායම් සිතුවමක් තිබූ තැන. ඒ සිතුවමත් අතුරුදහන්.

    කුමක්ද මේ සිතුවම..?

    එය හැඳින්වූයේ, "The Temple of Mulkirigala in South Ceylon" නමින්.

    බොහෝ දෙනෙක් දන්නා පරිදි "මුල්කිරිගල චිත්‍රය"

    ඒ වන විට වසර 180 ක් පැරණි මෙම මිල කළ නොහැකි සිතුවම නිර්මාණය කළේ, විලියම් ඩැනියෙල් (William Daniell) නැමැති ඉංගිරිසි ජාතික චිත්‍ර ශිල්පියා. ඔහු ගැන ඔබ නොදන්නවා නම්, අප රටේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ සහ බිසව වෙන් කත රංගම්මාල් ගේ ප්‍රසිද්ධ ආලේඛ්‍ය සිතුවම් දෙක සිහියට නඟා ගන්න. ඒ නිර්මාණ දෙක කළේ ඔහු තමා.

    මෙහි කුමක් හෝ බරපතල වංචාවක් සිදුව ඇති බව වටහා ගන්නා විජේතුංග ජනාධිපති වරයා, මේ ගැන ප්‍රේමදාස පවුලෙන් විමසනවා. ඔවුන් පවසන්නේ මේ ගැන තමා කිසිත් නොදන්නා බවයි....

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් මේ ගැන දීර්ඝ වශයෙන් විමර්ශනය කිරීමත් සමගම 1995 වන විට, ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු කෙමෙන් අඩපණ වෙමින් යද්දී, එංගලන්තයේ, ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරියකු ගේ නෙත ගැටෙන්නේ දුර්ලබ චිත්‍ර වෙන්දේසි කරුවකු නිකුත් කළ, විස්තර සහිත (brochure) පොත් පිංචක්.
      ලොව සුපතල ක්‍රිස්ටී' ස් (Christie's) චිත්‍ර වෙන්දේසි කරුවන් විසින්, නොබෝ දිනකින් වෙන්දේසි කිරීමට නියමිතව තිබූ දුර්ලබ සිතුවම් අතර මෙම "මුල්කිරිගල චිත්‍රය" තිබෙන බව දුටු මෙම නිලධාරියා ඇතුලු පිරිසක් වහාම එම සිතුවමෙහි අයිතිකරු ලෙස සඳහන් ස්පින්ක්ස් ලෙජර් (Spinks Ledger) නැමැති ව්‍යාපාරිකයා සොයා ගිය අතර, ඔහු ගෙන් දැනගන්නට ලැබුණේ මෙම සිතුවම රොහාන් ජයකොඩි නැමැත්තකුගෙන් තමා මිල දී ගත් බවයි.

      කොටුව ජනාධිපති මන්දිරයේ විස්සක් පමණ වූ සේවක පිරිසක් ද, ව්‍යාපාරික ලෙජර් ද, සාක්ෂි කරුවන් වූ මෙම සිද්ධිය ගැන දුලංජලී ප්‍රේමදාස ගේ සැමියා වන රොහාන් ජයකොඩි ගෙන් විමසන ලදුව, ඔහු පැවසුවේ තමා ලන්ඩන් නුවර සිතුවම් එකතු කරන්නෙකුගෙන් මෙම සිතුවම පවුම් 6000 ක ට මිල දී ගත් බවත්, එය පවුම් 25,000 ක ට ලෙජර් හට විකුණූ බවත් ය. එය කොටුව ජනාධිපති මන්දිරය සතු දේපළක් බව දන්නවා නම් කිසිසේත් එවැනි ගනුදෙනුවකට තමා නොගෑවෙන බවයි ඔහු රහස් පොලිසියට පැවසුවේ.

      උදේ හවා ජනාධිපති මන්දිරයේ පිය ගැට පෙළ නැග්ගද, මේ සිතුවම ගැන "නොදත්" රොහාන් ජයකොඩි කියූ බොරුව අධිකරණය පිළිගත්තේ නැත.

      2000 නොවැම්බර් 24 දා, රොහාන් ජයකොඩි අත් අඩංගුවට ගෙන සිරබාරයට පත් කළද, 'හදිසි පපුවේ අමාරුවක්' සාදා ගත් මේ ජනාධිපති බෑණා එයින් ගැළවුණි.
      කොටුව ජනාධිපති මන්දිරයේ මිල කළ නොහැකි ගෘහ භාණ්ඩ පමණක් නොව, වසර 200 ක් තිස්සේ එහි වාසය කොට ගත් ඉංගිරිසි ආණ්ඩුකාර වරුන් හට, අග්‍රාණ්ඩුකාරවරුන් හට සහ හිටපු ජනාධිපති වරුන් හට ත්‍යාග වශයෙන් ලැබුණු වටිනා මැණික්, රත්‍රන් සහ රිදී භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඒ වන විට අතුරුදහන් ව තිබූ අතර, මිල කළ නොහැකි මැණිකක්, ජනාධිපති වරයා ගේ නිදන කාමරයේ සයනය අසළ කැබිනෙට්ටුවෙන් අතුරුදහන් වී තිබුණි.

      මේ සම්බන්ධයෙන් කිසිවක්, තමා හෝ පවුලේ කිසිවෙකු නොදන්නා බවත්, මෙය තමා ගේ දේශපාලන ගමනට එරෙහිව ගසන මඩක් බවත් එවකට පාර්ලිමේන්තුවට තේරී සිටි තරුණ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේය.

      යන්තම් මාස එකොළහක් ජනාධිපති පුටුවේ වාඩිවී සිටිය ද, බලවත් යැයි කියූ ජනාධිපති වරුන්ට වඩා එවකට තිබූ වාතාවරණය තුල, (රටේ නිල නොලත් නායකයා ලෙස සිරිසේන කුරේ හැසිරෙන විට) මේ පිළිබඳව ඉතා නිර්භය හෙළිකිරීමක් සිදුකළ ඩී. බී. විජේතුංග ජනාධිපති වරයා හට මම ගරු කරමි.

      මේ හෙළි කිරීම සහ පැමිණිල්ල ඔහු විසින් ම කළ බවයි සඳහන්.

      අවසානයේ එක් දෙයක් පැහැදිලිය.

      එය නම් ලොකු හොරු එදත් සිටි බවත්, දැන් ඉන්නේ එසේ මෙසේ හොරු නොව සුපිරි හොරු බවත් ය.

      Vasantha Srinath Kurukulasuriyaගේ බිතක්කනයෙන් උපුටා ගතිමි.

      Delete
  8. මාතෝ ඔය තෙල් පෝලිම් නැති කරන්න අවශ්‍ය විදේශ මුදල් හොයාගත්ත කියමුකො ඒත් ඔය මොනවා කරන්නත් ලංකාවේ මිනිස්සු දේශපාලනය ගැන දැනුවත් වෙන එක තමයි වෙන්න ඕන, මාතලන් මීට කලින් ඉතාමත් නිවැරදිව කියුවා වගේ ලංකාවේ මිනිස්සු කරන සෝ කෝල්ඩ් ලබ්බේ අරගල (ඇත්තටම ලංකාවේ ඔය අරගල කිරීම කියලා කියන්නේ වලි වලට/ ගෝරි වලට) කියන විගඩම් වලට වැඩි වැඩියෙන් යොමු වෙලා නම් රටටම සමස්තයක් වශයෙන් විනාශයක් මිස කිසිම ආකාරයක යහපතක් වෙන්නේ නැහැ... දියව් දියව් කාලකන්නි සතුටු කරන්න රජයේ බදු ආදායම් නාස්ති කරලා තව දුරටත් විෂම චක්‍රයක හිර වෙලා කොර වෙලා නැත්තටම නැති වෙලා යනවා, ඒ වෙනුවට ලංකාවේ මිනිස්සු දේශපාලනය ගැන හරවත් යමක් කතා කරන්න , හොයන්න උනන්දු වෙන්න පටන් ගත්තාම ඔය දැනට ලංකාවේ කරගෙන යන රැල්ලට, පෝලිමට ජන්ද පොලට ගිහින් ඉස්සරහ ගෙදර ඇන්ටි ගහපු උන්ට ම ගහලා එන එකවත් අඩුම තරමේ නවතිනවා නම් ඒකත් ලොකු දෙයක් ....ඔලුවෙන් මනාප ජන්ද දෙන්න පටන් ගන්නවා නම් එතනින් එහාට වැඩේ පටන් ගන්න පුළුවන් වෙයි අපටත් ලංකාවට ඇවිත් ක්‍රියා කාරීව ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය සංවාදයක් ගොඩ නගන්න අවශ්‍ය මූලික පසුබිම සකස් කර ගැනීමට ඒ හරහා තව වසර පහ හයක් ඇතුලත වත් කරගන්න පුළුවන් වෙයි ඕක හරියට දැනට ලංකාවේ ඉන්න මාතලන් වගේ කට්ටිය ඇක්ටිව් ක්‍රියාත්මක වෙනවා නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න