.

.

Sep 26, 2022

අරගලයේ දෙවන නැගිටීම..

 


අරගලයේ දෙවන නැගිටීම..

➖➖➖➖➖➖➖➖➖▪️


ඒක අනුර සහෝදරයා පෙරට්ටන්ගෙන් බාර ගත්ත නිසා, දැන් රනිල්ටවත්, පෝට්ටු බයියන්ටවත්, පොඩ්ඩක්කත් බය වෙන්න ඕන නෑ.


එයාලගෙ හෙල්මට් බලකායත් දැන් ෆුල් නෝන්ඩි නිසා, ඒ වැඩේ ප්‍රමෝට් කිරිල්ල එයා අකුරැස්සෙ කතාවෙදි නවත්තලා, ඒක හරියන්නේ නෑ කියනවා.


ෂේප් එකේ කියන්නේ, ප්‍රචන්ඩත්වයෙන් මේ පෙරලිය කරන්න බැරියෙයි කියනෙක. මොකෝ පොර දැනගත්තා, යාලු මිත්‍ර කම් පැත්තක තියලා, ටූ නෝටී වෙන්න ගියොත්, රනිල් සිද්ධාලෙප අසමෝදගම්, සිද්ධාර්තේ ගාන්නම දෙනවා කියලා.


ෆොන්සේකා ඇමරිකන් බයිලා ගැහුවට, හමුදාවේ පොලීසියේ ලොක්කෝ දන්නවා උන් ගැන රනිල් බලාගන්නවා කියලා. ඒ නිසා දේශබන්ධුලා, කිරි බෙදන්න, ලී කෙලි නටන්න පොඩ්ඩක්කත් බය නෑ.


ඉතින් දැන් සඕදරයෝ ගේම දෙන්න යන්නේ සන්ධානගත වෙලාලූ. මේ තියෙන්නේ... සංධානගත වීම. ගෝල්ෆේස් එකම පුරවලත් ගත්තු ප්‍රමාණේ අපි දැක්කා නේ. ඔරිජිනල් ජෙප්පො ඕකෙන් හැලුනේ ජාතික ජන බලවේග විගඩම නිසා. 


ඒක අටව ගත්තේ ලුම්පන් පන්තියයි, නව මැද පන්තියයි අල්ලගන්න. ඒක එයාලට කරන්න ලැබෙන්නේ නෑ. උන්ව අන්දන එක සජිත් ප්‍රේමදාස ඉතා සාර්ථකව කරගෙන යනවා. ඒ නිසා දැන් සජිත්ටත් නැතිවෙන්න ගහනවා. එයත් හොරාලූ. යහපාලන කාළේ හොරා කෑවලු.


හදුන් කියන විදියට, දයාසාන්තලා එයාට කියනවලු, කා එක්ක එකතු වෙලා හරි බලය ඉස්මනට ගන්නෙයි කියලා. ඒ උනාට එහෙම බලේකින් එයාලට වැඩක් ඇත්තෙත් නැතෙයිලූ.


ඉදින් සංසාරෙදි එයාලට ආන්ඩු පිහිටන්නවත්, බලේ ගන්නවත් ලැබෙන්නේ නෑ. එහෙම ගන්න වුවමනාවකුත් නෑ. 


එයාලට අවශ්‍ය, එයාලගෙ වහල්ලුන්ගේ පුප ටියුන් කරලා, ඊළඟ චන්දෙනුත් එකෙක් දෙන්නෙක් ආයේ දියවන්නාවට දාගෙන, එයාලගෙ දේශපාලන ව්‍යාපාරය (බිස්නස්සෙක) දිගටම කරගෙන යන්න.


ඇයි ඕයි කිසිම දෙයක් නොකර, කරන්න හදන හැම දේටම කොක්ක ඇද ඇද, ඔහොම හොඳට කාලා බීලා කිසි වගකීමකුත් නැතුව, පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් කම තියෙද්දි,


බලේ අරගෙන ඝෝඨලා රනිල්ලා වගේ පුපේ ටින්කිරි ගාගෙන නහින්නෙ පිස්සුවටෙයි අම්මපා...


හා නැද්ද මං කියන්නේ...


.

5 comments:

  1. අරගල කරන්න තල්ලු කරද්දී කොහොමද නිහඬව පසු වෙන්නේ
    රට අස්වද්දන එකටද ඇමැතින් ඇමීබලා වගෙ බෝ වෙන්නේ
    බොරු නඩු පටවන- හොර නඩු බලවන උදවිය නීතිය සුරකින්නේ
    ආයෙත් මහින්ද රජයක් එනවලු! එවිටයි කිරි උතුරා යන්නේ

    ReplyDelete
  2. 1971 දී සහ 1988 දී දස දහස් ගනනක තරුණ තරුණියන් වල පල්ලට දක්කපු JVP සහ පෙරංගාමීන් (පෙරටුගාමී) කාලකණ්නි නැවතත් උත්සාහ කරන්නේ ථවත් ලේ වැගිරීමකටද, මාතලං?

    ReplyDelete
  3. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක දහය ශ්‍රේණියේ ශිෂ්‍ය නායිකාවක් පාසලට පොල් කෑලි එක්ක කඩල ගෙනල්ලා.. දෙයි හාමුදුරුවනේ මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ මුලු රටම ඉවරයි දෙයියනේ හපොයි සේරම විනාසයි ....

    ReplyDelete
  4. මේක රංඩු සරුවල් වෙන වෙලාවෙක් නෙවෙයි දරුවනේ. ඒකමුතු වෙලා රටක් විදිහට ගොඩ යන්නයි දැන් ඔ්න. තොපි පාර්ලිමේන්තු යවපු මිනිස්සුන්ට වග වෙයල්ලා. අවුරුදු 5කට වරක් චන්ද තියනවා කෝටි ගානක් මහජන මුදල් වියදම් කරලා. ඒහෙනම් ඒවට වග වෙයල්ලා. රට අනතුරක තියෙන වෙලාවක තොපි ඇන කොටාගෙන හරියන් නැ. මේක ගොඩගන්න දායකත්වයක් දිපල්ලා. උඹලා කරන්නේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න මිසක්කා රටක් විදිහට නැගිටින්න නෙවෙයි.ඉගෙන ගන්න වයසේ ඉන්න උනුයි බඩගින්නේ ඉන්න මිනිස්සුයි ඒකතු කරගෙන මොකක්ද මේ කරන්නේ.? මම කියන් නැ රාජපක්සලාට, හරි රනිල් උන්නැහේට හරි යලි පුබුදින්න අවස්තාව දෙනු කියලා. මම කියන්නේ ඒව්වට උත්තර ඊගාව ජන්දයෙන් දිහල්ලා. නැත්නම් පාර්ලිමේන්තුව ඇතුලෙන් විසදගනිල්ලා. හොරමැරකම් වෙනවනම් උසාවි පලයල්ලා. රටේ නිතිය පිටපොට යවනවට මම විරුද්ධයි. ඒකෙන් රට තවත් හාන්සි වෙනවා ඇරෙන්න වෙන අටමගලක් නැ. දැන් බුදිමතයි.

    ReplyDelete
  5. අහෝ ඤාණේණ පුඤ්ඤේණ
    ඒක හස්ථං භවිස්සතී
    පාපකාරේන පුරුෂේණ
    දෙමිටං චතුරෝ භවත්!
    පුණ්යවන්ත ස්ත්රී එක අතකින් වසා ගන්නා අතර පාපකාරී පුරුෂයා අත් දෙකෙන්ම වසා ගත්තත් කෙරවල පෙනෙන්නේය!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න