.

.

Sep 27, 2022

රනිල්ට අත්වන්නේද ඝෝඨාට අත්වූ ඉරණමය.



රනිල්ට අත්වන්නේද 
ඝෝඨාට අත්වූ ඉරණමය.
➖➖➖➖➖➖➖➖▪️

ඝෝඨා රට පාලනය කරන සමයේ, රාජ්‍ය නිළධාරීන් ඝෝඨාට දිරච්ච ලණු දුන් ආකාරයද, ඒවා ඔහු රස කර කර කෑ අයුරුද, ඉන් සිඳුවන්නේ 1970-77 සත් අවුරුදු සාපයටත් එහා යුගටකට රට ඇඳ දමන බවද, අප අනන්තවත් ලියා සිටියෙමු.

එසේම රට ඒ තත්වයට අප හිතුවාටත් වඩා කලින්ම පත් වූයේය. 

ඉන්පසු ඊට එරෙහිව එන විරෝධතා මැඩ පැවැත්විය යුත්තේ කෙසේද? බංකොලොත් රට නැවත ගොඩ ගත යුත්තේ කෙසේද යන්නත් අප අනන්තවත් ලිව්වාට, ඝෝඨා කළේ තව දුරටත් හැම එකාගේම ගුලි ඉල්ලාගෙනම කමින්, ඉසරුජාවට කොට්ට මාරු කරනවාක් මෙන් ඇමතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් මාරු කිරීමය.

අවසන් වරට ඔහුට අඹරා දුන් ගුලිය වූයේ මහින්ද රාජපක්ෂට හා පෝට්ටු බයියන්ට කෙලවුවහොත්, ඔහුට නැවතත් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලැබ ගත හැකි බවත්, බටහිර කුමණ්ත්‍රණකරුවන්ගේ ආදරය හා අශීර්වාදය ඇතිව දිගටම ජනාධිපති කමේ සිටිය හැකි බවත්‍ය.

ඝෝඨා ඒ ගුලියද නියමෙටම කෑ අතර, අතුකෝරාල මැරුණ එකටවත්, අම්මාගේ තාත්තාගේ සොහොන් හා පිලිම කැඩුවාටවත්, තමා පත්කල ජනතා නියෝජිතයන් හා පාක්ෂිකයන්ගේ නිවාස වාහන දේපල විනාශ කිරීමටත් එරෙහිව කටේ කෙල පිඩක් බිම් නොහෙලීමට තරම් ඔහු පරෙස්සම් වූ අතර, අඩුම තරමේ බේරේ සිටී පාක්ෂිකයන් එලිවන තෙක් මුදාගැනීමටවත් ඔහූට අවශ්‍යතාවයක් නොවූයේ, එය ඔහුගේත් පරම පැතුම වූ නිසාවෙන්මය.

ඔහු ඉන් නොනැවතුනේය. ඔස්ට්‍රේලියාවේ සිටී මහ බැංකුව පිස්සු කෙලින කාළයේම උන් නියෝජ්‍ය එකෙක් ගෙනැවිත් රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාෂ කළේ, ඉන් පසු රටටවත් ජනතාවටවත් ඩයස්පෝරාවටවත් අත්වන ලැජ්ජාව ගැන සත පහක දැණීමක් ඇතිව නොවේ. 

ඔහු තබා බංකොලොත් බවට ප්‍රකාෂ කළ එකාවත් ඊට පසු කන්නට වෙන පරිප්පුව ගැන මෙලෝ අලබෝලයක් නොදැන උන් බව, අද ඔහුගේ මෙන්ම ඊට උඩ ගෙඩි දුන් අමණයන්ගේ ප්‍රකාෂ තුලින් ඉතා හොඳින් පෙනෙන්නේය.

නන්දෙලා දෙදෙනා හා රාජ්‍ය නිළධාරී මාෆියාව එක්ව ඇද දැමූ මේ නරාවලෙන් රට ගොඩගැනීමට ඇති එකම බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහම පමණි. 

අනෙක් උන්ට මේ ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට තබා, ප්‍රශ්ණය කුමක්දැයි කියන්නටවත් දැණීමක් නැති, අමු හාල්පාරුවෝම බව අටෝරාසියක් ටී වී චැනල් වල යන නරිවාදම් වලින් ඉතා පැහැදිලිව පෙනේ. එහිදි නන්දලාල් වීරසිංහලා මෙන්ම රැට්ටා සහ දමිතලාද ඉන්නේ එකම බෝට්ටුවේය.

එහෙත් රනිල්ට රට ගොඩ ගැන්මට පවතින නිළධාරී මාෆියාව හා හූනියන් මාෆියාව ඉඩ දෙයිද?

මාතලන් යකා ට අනුව නම් රනිල්ට අත්වන්නේත් ඝෝඨාට අත් වූ ඉරණමමය. ඝෝඨා වසර දෙකහමාරක් පමණ අල්ලාගෙන සිටියද, රනිල්ට එතරම් කාලයක් හෝ සැහැල්ලුවෙන් බලය ගෙනයාමට කිසිඳු ඉඩක් මේ මාෆියාවන් ලබා දෙන්නේ නැත. ඔහුට බලයේ රැදී සිටමට නම්, දරුණු ඝනයේ සංහාරයකට යාමට අනිවාර්‍යයෙන්ම සිඳු වන්නේය.

මහ බැංකුවේ අධිපති මෙන්ම මාෆියාවන්ද කටයුතු කරමින් සිටින්නේ ඒ වෙනුවෙන්‍ය, අධිකරණය හා ජඩමාධ්‍ය සියල්ලම සිටින්නේ රනිල්ට එරෙහිවය. 

වැඩක් කළ හැකියයි සිතූ කංචනට අද අරින්නේ බටර් නැතිවය. වැඩක් කරන්නට අදහසක් හෝ ඇති ඩයනා ගමගේ ජඩමාජ්ජවේදීන් විසින් රාත්‍රියේ ගංජා ගසමින් සැරිසරන ගනිකාවක් කර අවසානය. 

උන් ටුවරිසම් ගොඩ ගන්න යන්නේ දියත උයනේ සිට කොටුවට සයිකල් පැදලාය. දියත උයන පැත්තේ ඉන්න සුද්දෝ මෙහේ සංචාරයට ආ උන් නොව, ඒ පැත්තේ පදිංචි උන් බවවත් නොදන්නා නිළධාරින් හා සමඟ එක්ව සුද්දන්ට සයිකල් පදින්න දීලා මේ රට ටුවරිසම් වලින් ගොඩ ගන්න හිතනවා නම්, ඩයනාට තියෙන්නේ අංගොඩ ඉස්පිරිතාලේ ඇඳක් වෙන්කර ගන්නා එකය.

නොරොච්චෝලේ කරච්චලේ ආයෙත් කැඩිලාය. ඒ කාළේ කතාවුනේ ඕක බ්‍රැන්ඩ් නිව් එකක් නොව, කොහේ හෝ සවිකරලා තිබ්බ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කියලාය. රාජපක්ෂලා හා ඒ උන් හොරු කණ්ඩායමේ වැඩකිඩ අනුව කතාව ඇත්ත වෙන්නත් ඇතිය. ඉතින් ඒක හැමදාම කැඩිලාය. හැමදාම හදනවාය. දිගටම වැඩ කරනවාට වඩා කැඩුනාම හැම එකාටම වාසිය. මේවාට යන මේන්ටේනන්ස් කොස්ට් ගැන එකෙක්ටවත් වගේ වගක් නැතිය.

හැමදාම නොරොච්චෝලේ කැඩුනාට, ජලාශවල වතුර ටික හෝල්සේල් ඇරියාට, ලයිට් කපන්නට වෙන්නේ නැතිය. ඒ කොළඹට අවශ්‍ය සප්ලැයි එක දෙන්නට විදුලි ඉංජිනේරුවන් හා හූනියන් කාරයන්ගේ කොම්පැණි සතුව ඩීසල් විදුලි බලාගාර තිබෙනා නිසාය. දැන් ඒවායෙන් විදුලිය ලබා ගැන්මට කංචන අයියාටත් සිඳුවී අවසානය. අයියා කිව්වේ එයා අයියා පාට් එකෙන් උන් නිසාත්, රටේ සැවොම ඊට කැමැත්තෙන් සිටී නිසාත්‍ය.

එහෙත් ඒ සටනින් මාෆියාව ජයගෙන අවසානය. ඇත්තටම කංචන ගැනත්, රනිල් ගැනත් අපට මාරම දුකය. එයාලා මේ මාෆියාව ගැන වගේ වගක් නොදැන උන් බව ඉතා පැහැදිලිය. විදුලි බල මණ්ඩලයේ මෙන්ම තෙල් සංස්ථාවේ අකටයුතුකම් බොහෝ හෙලිදරව් කලද මාෆියාව අද ජයගෙන අවසානය. දෙන්නාටම ඇරියේ කරකවලාය.

▪️පුනර්ජනනීය බලශක්තිය ගැන කිසි කතාවක් නැත. අදානි එනවාද නැද්ද කියා එකෙක්කත් දන්නේ නැතිය.

▪️සාම්පූර් සැමට අමතකව ඇත. ඒකට යහපාලනය කෙලියේය.

▪️කෙරවලපිටියේ පටන් ගන්නට ගිය LNG බලාගාරයට ඝෝඨා කෙලියේය. ඔවුන් නොමිළේ තවත් බලාගාරයක් සපුගස්කන්දේ ඉඳිකිරීමට යෝජනා කර තිබින. සපුගස්කන්ද බෙරගනියෝ කියා ඒකට කෙලලා ගොම්මන්පිලයා අන්තිමේ සපුගස්කන්ද වහලාම දැම්මේය.

▪️දැන් ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම් විදුලි මාෆියාව හා ඉන්ධන මාෆියාව එකම මාෆියාවක් බවය.

බොරතෙල් හෝ ඉන්ධන ඕඩර් කරන්නේ ඇමතිවරයා නොවේ, ඒවා ගෙන්වීමට පෙර පරීක්ෂණ පවත්වා අන්මැතිය දෙණු ලබන්නේ ඇමතිවරයා නොවේ. ඒ සියල්ල කරනුයේ නිළධාරීන් විසිනි. එහෙත් දැන්.... 

▪️බොරතෙල් වල සල්ෆර් ප්‍රතිශතය වැඩි යැයිද,

▪️ඒ නිසා ඒවා කැළණිතිස්සටවත් කොහේටවත් වැඩක් නැති යැයිද, 

▪️ඔක්ටේන් ප්‍රමාණය අඩු බැරල් මහා ප්‍රමාණයක් නිකරුනේ යැයිද, 

▪️ඒවා නෝමල් කිරීමට ඔක්ටේන් 95 ගේන්නට ඕනෑ යැයිද්,

▪️බැරල් එකකින් ඩොලර් 30 ක ලාබයක් ලැබුවා යැයිද, 

▪️වංචාව කෝටි ගානක් යැයිද, 

▪️ගෙන්වූ සමාගම දී ඇත්තේ බාල බොරතෙල් තොගයක් යැයිද කියා....

චෝදනාව එන්නේ ඇමතිවරයාටය.

මීටාමතරව ගල් අඟුරු ආනයන ක්‍රියාවලියටද ගේම ඇද අවසානය. 

ඒ වෙනුවෙන් උසාවියට ගිය වුන් හා විදුලි මාෆියාව අතර ඇති සංසර්ගික සම්බන්ධතාවය ගැන නොදන්නා උන් පොලිටික්ස් වල ඉන්නවා නම්, උන් මේ ගේමෙන් දැන්ම ඉවත්ව යනවා නම් ඒක රටටත් ජනතාවටත් කරනා විශාල සේවයක් වෙනවාය. මන්ද උන් උගුරට හොරා බෙහෙත් ගිලිනා කම්බා හොරු නිසාය. උන් මේවා ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කිරිීමට තරම් කෂේරුකාවන් නැති අමු ගොබ්බයෝය.

⭕ බොරතෙල් වල තත්වය එසේ නම්, පිරිපහදුවට පෙර ලැබෙන්නේ මෙවන් නිශ්පාදන බව කීමට ඕවායේ ඉන්න උන්ට කීමට නොහැකි වූයේ කෙසේද?

⭕ ගෙන්වන විටම මේවා පිරිපහදුවට නොගැලපෙන බොරතෙල් බව නොකීවේඇයි?

⭕ කරුමය කියන්නේ ඇමතිවරයා මේ පිළිබඳව කිසිවක් නොදන්නා මුත්, මේ සියල්ල ගැන ඉතා හොඳ අවබෝධයක් මෙන්ම සියළු දත්තයන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සතුව පවතිනුයේ  ඔහුද මාෆියාවේ ගොඳුරක් වී ඇති නිසාවෙන්ද?

ඔහුගේ ඉතිහාසය අනුව ඔහු එසේ නොවී සිටිමට කිසිඳු හේතුවක් ඇත්තේද නැති බව කියා සිටිය යුතුමය. පෞද්ගලික ඩීසල් බලාගාර ගැන උන්නැහේට තිබුනේ ලේසී පාසු අමාරුවක් නොවේය.

කෙසේ හෝ මෙවන් නිළධාරීන් හා මාෆියාවන් සමඟ මේ රටට කිසිඳු අනාගතයක් නොමැති බවත්, සිංගප්පූරුවේ කලාක් මේ රාජ්‍ය නිළධාරී මාෆියාවට කෙලිය හැකි එකම ක්‍රමය මේ හොරකම දූෂණය වංචාව පිරි රටේ ධනය කබාසීනියා කරණ ආයතන සියල්ල වහාම පෞද්ගලීකරණය කිරීම බවත්, මේ ආන්ඩුවත් ඒවා කිරීමට තබා සිතීමටවත් කොන්දක් නැති පාන්ඩුවක් බවත්,

රනිල්ලා, කංචනලා, ඩයනලා එලවා දමන්නේ අරගලකාරයෝ නොව, මේ මාෆියාවන් විසින් බවත් ලියා තබා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.
.
.
ඒ වගත් මෙසේය.... 
.
© Priyantha Hewage Maathalan

33 comments:

  1. Saumyata diwa danna Asayi

    ReplyDelete
  2. ඩයනගෙ ගංජා-ගනිකා නිතිගත කිරීම සාර්ථක වැඩක්. දියවන්නා කුහක පරයෝ මේ වැඩේ කෝචෝක් කරල කෙලවනවා ෂූවර්.
    එක ගෑණියකගෙ
    ගට්ස් නැති පිරිමි 215 ක්

    ReplyDelete
  3. රටට වරද්දන විට දඬුවම් නැතිය
    සද්ද වහං හිටියම අමතක වෙතිය
    නැවත වටේකින් ආවම උන් ගොඩය
    පුරවැසි අපි ඒ තරමේ මෝඩයොය

    ReplyDelete
    Replies
    1. නිමල් අයියා ඕකේ තව පැත්තක් තියෙනවා ඇත්ත කතාව තමයි මේ හාදය කිව්ව කතාවෙ හොදම හරිය එයා දන්නෙ නෑ. මාඕ සේතුංට මේ ලණුව දුන්නෙ බටහිර ඇමරිකානු එංගලන්ත යුරෝපීය බහු ජාතික සමාගම් වල උවමනාවට එම බටහිර රටවල්.

      ඔවුන් උපදෙස් දුන්නා චීනය පුරා විශාල වශයෙන් ඉහළ ප්‍රමාණයක් සිටින ගේ කුරුල්ලන් මරා දැම්මම විශාල ධාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් කියල කිව්වේ. අනේ මෝඩ මාඕ ලණුව කෑව.

      අන්තිමට චීනය ෆුල් ඩම් දාලා රට පුරාම හිටපු ගේ කුරුල්ලෝ ඇතුලු සතුන් විනාශ කරපු එකෙන් කුරුල්ලන් නැත්තටම නැතිවුණා. විවිධ පළිබෝධ චීනය පුරා පැතිරුණා. ගොවිතැන මස්ත බාල්දුවෙලා ගියා. බන්ධුල ගුණවර්දන ගොන්තඩියා කියනව වගේ චප්ප චපිරි උණා. ඔන්න බටහිර ඇමෙරිකානු යුරෝපීය සැලසුම් කරුවන් ක්‍රියාත්මක උණා. දුන්නා පළිබෝධ නාශක චීනට සුපිරියට.ඇල්ලුවා පළිබෝධ නාශක සදහා චීන වෙළදපොල. එදා සිට චීනා ඒ උගුලෙ පැටලුණා. හැබැයි චීනා ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා හවු ටු ඩීල් විත් ද වෙස්ටර්නර්ස් කියලා මේ හාදය ඒ ටිකත් කිව්වනම් වටිනවා.

      Delete
    2. අවලස්සන ඇමෙරිකානුවා (පරිවර්තනය) කියවලා තියෙද?

      Delete
  4. Drinking higher amounts of alcoholic beer can cause, blackouts, drowsiness, low blood sugar, vomiting, and other serious problems. Drinking large amounts of alcoholic beer long-term can cause many serious health problems including dependence, liver problems, and certain types of cancer.

    Source;
    https://www.webmd.com › vitamins
    BEER - Uses, Side Effects, and More - WebMD

    ReplyDelete
  5. අහෝ ඤාණේණ පුඤ්ඤේණ
    ඒක හස්තං භවිස්සතී
    පාප කාරේන පුරුෂේන
    දෙමිටං චතුරෝ මිටහ්!

    ඤාණවන්ත ස්ත්රිය එක අත්ලෙන් (නිමිත්ත) වසා ගන්නා නමුත් පාපකාරී පුරුෂයාට අත් දෙකෙන් වසා ගත්තත් ස්වල්පයක් පෙනෙන්නේය!

    ReplyDelete
    Replies
    1. ඩයනා මහත්මිය සහ පුරුෂ රැල ගැනයි.

      Delete
  6. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ලංකාවේ මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය මත හිතාගන්න බැරි පවුල්වල තරුණියන් ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග පැවසූ බවයි

    නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල " දැන් බලන්න එක් අතකින් කුඩු ජාවාරම බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ජාවාරම මර්දනය සඳහා ආණ්ඩුව ශක්තිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නැහැ. ඒ වගේම හිතන්නවත් බැරි විදියට ධනවත් වැදගත් පවුල්වල ගැහැනු දරුවො ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් අප සමග පවසනවා. මේ රට මෙහෙම ගිහින් හිටං කොහාට ද යන්නේ. එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්. අනෙක් පැත්තෙන් සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. මේ ආකාරයට ගියොත් හිටං ලංකාවේ ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් පමණක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි හිටං’ කියලා කියන්නේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට මාතලන්?

    ReplyDelete
  7. අඩෝ මාතලනෝ ඇත්ත කතාව තමයි ලංකාවේ බහුතරයක් මුග්ධ ජනතාව බලං ඉන්නව ආන්ඩුව කොරනකං. නැත්තං අරගලයක් කොරල අලුත් එවුන් ගෙනැත් ඒ ගේන එවුන් මැජික් පෙන්නලා රන් රිදී මුතු මැණික් මවලා ඒවායින් රට සුරපුරයක් කොරනකං.

    ඒ අතරෙ රට කොරන උන් සුපුරුදු ගේමෙ යහමින් හම්බකරං වැදි බන දෙසමින් සැපේ ඉන්නවා. ඔය මෝඩ මිනිසුන්ට තේරෙන්නෙ නෑ තමං ගොඩයනගේම තමන්ම ගහන්න ඕනෑ බව.රට නිදහස් ලබල අව්75ක් උනත් කෙලවිලා ඉන්නෙ ඒකයි. බුදුනුත් කියලා තියෙන්නෙ අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරොසියා කියලාවත් දන්නෙ නැහැ නේද කවුරුවත් මහලොකුවට බෞද්ධ රටක් කියලා ලේබල් ගහගෙන ඉන්නවා එච්චරයි හොඳම දේ තමයි අපි වගේ පිටරටකට යන එක

    ReplyDelete
  8. ඉන්කමින්
    වෝ හෙඩ්
    සිස්ට් පිකප්

    ReplyDelete
  9. මාතලං

    ලංකාවේ මහ බැංකු වාර්තා වල විදියට පසුගිය අගෝස්තු මාසයේ උද්ධමනය 70.2% ක්. ඒ කියන්නේ මීට පෙර වසරේ අගෝස්තු මාසයේ තිබුන භාන්ඩ හා සේවා වල මිලට වඩා අද මිල 70% කට වඩා වැඩියි.

    මේක පටලවාගෙන හර්ෂ ද සිල්වා ගොන් වාහේ කියන්නේ කලින් 100 කට ගත්ත බඩු වලින් 70 ක් ගන්න බැරිද මොකක්ද බයිලාවක් ඒ ගොනා කියන විදිහට ලංකාවේ උද්ධමනය 100% ක් වුණොත් මිනිස්සුන්ට බඩු ගන්නම බැරි වෙනවා මෙහෙම ගොන්නු තමයි ලංකාවේ ආර්ථික විශේෂඥයින් කියලා පෙන්නගෙන ඉන්නේ ඉතින් ආර්ථිකය මෙහෙම නොවේද?

    ලංකාවේ ආහාර , ප්‍රවාහන වගේ ක්ෂේත්‍ර වල මිල ගණන් වෙන වෙනම ගත්තහම මිල ඊටත් වඩා වැඩිවෙලා. මේ මෑතදී හඳුන්වාදුන් අධික විදුලි මිල ඉහල දැමීම් හා සමාජ අරක්ෂක බද්ද වැනි අළුත් බදු වල බලපෑම නැතුව. ඒවත් එකතු උනාම සැප්තැම්බර්, ඔක්තෝබර් උද්ධමනය ඊටත් වඩා වැඩි වෙනවා.

    රටේම අධික ලෙස මිල ඉහල ගියාට ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. පවුලට වෙනදා ගත් ආහාර ප්‍රමාණයවත් ගන්න නැතුව දරුවන්ට පාසැල් යන්න ඇඳුම් පොත්පත් සපත්තු අරන්දෙන්න බැරුව ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නේ මේ නිසායි.

    මේ උද්ධමන ප්‍රශ්නෙට විසඳුම් හොයන්න නම් අපි මුලින්ම උද්ධමනයට හේතුව වටහා ගන්න ඕනේ. පහුගිය කාලේ සමහර ආර්ථික විශේෂඥයෝ උත්සාහ කලා අර්ථකතනය කරන්න මේ උද්ධමනය ඇතිවෙලා තිබෙන්නේ මුදල් සංසරණය වැඩිවෙලා ඉල්ලුම හා සැපයුම අතර සමතුලනය නැතිවෙලා කියලා. ඒකට පිළිතුරක් ලෙස මහ බැංකුව පොලී අනුපාතයන් අධික ලෙස ඉහල දැම්මා. නමුත් එය ප්‍රශ්ණය හරියාකාරව හඳුනාගෙන දුන් විසඳුමක් නොවන නිසා ඒ තීන්දුව පවා අද උද්ධමනයට වක්‍රාකාරව බලපාලා තිබෙනවා.

    ඇත්තෙන්ම කියනවා නම් ලංකාවෙ මේ දවස්වල උද්ධමනය වැඩිවෙලා තිබෙන්නේ මූලිකවම නිශ්පාදන පිරිවැය වැඩි වෙලා නිසායි. නිශ්පාදන පිරිවැය වැඩි වෙලා තිබෙන්නේ මූලිකවම ආනයනික භාන්ඩ වල මිල ඉහල යාම හා අධික පොලී අනුපාත නිසා ව්‍යාපාර කර ගෙන යාමේ වියදම වැඩි වීම වැනි කරුණු නිසායි.

    ඒ වගේම මේ කියපු කරුණු වලට හේතුව වෙලා තිබෙන්නේ රුපියල අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වන්නට හේතුව නන්දසේන රාජපක්ෂ රෙජීමය පසුගිය කාලයේ අයවැය පරතරය පියවන්නට විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමයි.

    ඒ විදියට එම රජය මුදල් අච්චු ගසන්නට හේතුව 2019 පමණ වනවිට රටේ විදේශ ණයබර ඩොලර් බිලියන පණස් හය දක්වා අධික ලෙස ඉහල ගොස් තව දුරටත් ලංකාවට විදේශ ණය ගැනීම අපහසු වීමයි. ඒ වගේම රුපියල බලෙන් පාලනය කිරීමට උත්සාහ කල සමයේ රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවී විදේශ සංචිත ක්ෂය වීමයි.

    ඔන්න ඔය නිසා ආර්ථික විද්‍යත්මකව මේ ගැන කල්පනාවෙන් බැලුවාම මේ සියල්ල එකිනෙකට බැඳුණු ආර්ථික ගැටලු. මෙය සමස්ථයක් ලෙස සලකා විසඳුම් සෙව්වේ නැත්නම් මේ අර්බූදයෙන් ගොඩ එන්නට බෑ. එහෙනම් රජය මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අපේ අයවැය පරතරය අඩු කර ගැනීමට හා විදේශ ආදායම් වැඩි කර ගැනීමටයි.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ රජයේ හෝ විපක්ෂයේ කිසිවෙකුට එවැනි වැඩ පිලිවෙලක් තිබෙනා බවක් අපට පෙනෙන්නට නෑ.

    මේ වෙලාවේ රජයේ වියදම අඩුකරගැනීමට ප්‍රමුඛතාව දිය යුතු වුනත් ආන්ඩුව කරන්නේ තවත් වියදම් වැඩි කරගැනීමයි. නිශ්චිත වගකීම් නැති රාජ්‍ය ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් පත් කරලා. තව කැබිනට් ඇමති වරුත් පත් කරනවාලු. මේකද මේ වෙලාවේ රජය කල යුත්තේ.

    ජනතාවට ඕන කුඩා කැබිනට් මන්ඩලයකින් සමන්විත අන්තර් කාලීන රජයක් සියළු පක්ෂවල සහභාගීත්වයෙන් පිහිටුවල ආර්ථිකය හසුරවන්න වුනත් අද වෙලා තියෙන්නේ ඇමති වරු විශාල ප්‍රමාණයක් පත් කරගෙන කිසිදු සැලස්මක් නැතුව කාලය කා දැමීමයි.

    ගිය අගෝස්තු 30 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් අපි බලාපොරොත්තු වුනා වියදම් පාලනයට යම් ආදර්ශයක් දෙයි කියලා. නමුත් සිද්ධ වුනේ 2022 ට මුලින් ඇස්තමේන්තු කරලා තිබුන රුපියල් බිලියන 3851 ක වියදම අතුරු අයවැයෙන් රුපියල් බිලියන 4427 කින් වැඩි කර ගැනීමයි. රුපියල් බිලියන 576 කින් වියදම වැඩි වෙලා මේ ඇසතමේන්තුවේ. මේකද ආන්ඩුවේ විසඳුම?

    ReplyDelete
    Replies
    1. ඔය වගේම අනිත් පැත්තෙන් වර්තමාන වික්‍රමසිංහ ආන්ඩුව ගන්නා තීන්දු තීරණ වලිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි. දැන් බලන්න පොලී අනුපාත වැඩි වුනාම එක පැත්තකින් ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඔවුන්ගේ වැඩි වෙන පිරිවැයත් ජනතාවට පැටවෙනවා. ණයට බඩු ගත්තොත් අධික පොලියක් ගෙවන්න වෙනවා. ඊලගට රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ විශාල වශයෙන් බදු අය කිරීමට බදු වැඩි කලා. මේ බදු වලින් බහුතරය වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගිකයා විසින් දැරිය යුතු බදු. එයිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි.

      රජයේ මුදල්වලින් වෙන නාස්තිය අඩු කරගෙන ආදායම් වැඩි කරගන්න ක්‍රම හොයන්නේ නැතුව ආන්ඩුව උදේ ඉදන් රෑ වෙනකන් කතා කරන්නේ අලුතින් ණය ගන්න එක ගැනයි.

      මේ දවස්වල IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ලැබෙනවලු . හැබැයි ඒකට අවුරුදු 4 ක් ගත වෙනවා. මේ අය උත්සාහ කරන්නේ ඒ ණය පෙන්නලා ජපානය වැනි රටවලින් තවත් ණය ගන්නටයි. හැබැයි ඔය ගන්න ණය ගෙවන්න හෝ ආදායම් වැඩි කර ගැනීම සඳහා කිසිම සැලස්මක් රටට කියන්නේ නෑ.

      ඒ වගේම මෙතන තියන භයානක කම මේකයි අද මේ රටේ ආර්ථිකය කලමණාකරනය කරන්නේ 2015-2019 කාලේ රටේ ආර්ථිකය කලමණාකරනය කරපු අයමයි. ඒ අය තමයි අද මේ රටට ගෙවා ගන්න බැරුව දඟලන ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 අයි එස් බී වගේම ඩිවෙලප්මන්ට් බොන්ඩ් ආදී බැඳුම්කර වැඩිම ප්‍රමාණයක් ගත්තේ. පසුගියදා රටේ වර්තමාන විදේශ ණය ගැන වාර්ථාවක් එලියට ඇවිල්ලා තිබුනා ඒ අනුව අපිට ගෙවන්න තිබෙනවා ඇමෙරිකාණු ඩොලර් බිලියන 46.6 ක් ණය. ඉන් ඩොලර් බිලියන 37.9 ඍජුවම මධ්‍යම රජය ගත් ණය,ඩොලර් බිලියන 5.5 ක් රාජ්‍ය ආයතන විසින් ගත් ගෙවීමට රජය බැඳී සිටින ණය, ඩොලර් බිලියන 3.2 ක් මහ බංකුව ගත් ණය. එතකොට ඩොලර් බිලියන 12.5 ක ISB ස්වෛරී බැඳුමකර කියන්නේ ආන්ඩුව ගත් ණය වලින් 32% පමන ඇරන් තිබෙන්නේ යහපාලන ආන්ඩුව කාලේ. ඒකෙත් වැදගත්ම කාරනය තමයි ඉන් බිලියන 6.5 ක් ම ලබාගෙන තිබෙන්නේ. ආන්ඩුවේ අවසාන අවුරුදු දෙකේ. ඒ කියන්නේ 2018,2019 කාලේ. එහෙනම් අපි අද මේ දුක් විඳින්නේ මේ අය ගත් ණය ගෙවා ගන්න බැරුව.

      ඒ වගේම දැන් ඒ මුග්ධ ආර්ථික තීන්දු ගත් අය ආයෙත් බලයට ඇවිත් තවත් රට ණය කරන්න කතා කරනවා. අද වන විට ඊයේ ඉපදිච්ච කිරි දරුවත් රුපියල් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලෝකයට ණයයි.

      ලංකාවේ ජනතාව තවදුරටත් ණය කරුවන් කරනා හැටි කියවන්නේ නැතුව ඒ ණය බරින් මුදවන හැටි දැන් වත් කල්පනා කරන්න ඕන නැද්ද?

      Delete
  10. මෙහෙමයි වැඩේ මාතලන්, එහෙම නෙවෙයි, ලංකාවේ ආර්ථිකය තුළ සැපයුම් වැඩි අත්‍යවශ්‍ය සේවා හෝ භාණ්ඩ නිෂ්පාදනය නොකරන ක්ෂේත්‍ර වල පුද්ගලයන් ට එක්කෝ ජීවන තත්ත්වය පහළ දමාගෙන ඉන්න වෙනවා නැතිනම් තම ශ්‍රමය ඉල්ලුම වැඩි ක්ෂේත්‍රය කට විතැන් කරන්න වෙනවා.

    නමුත් මෙවැනි වෙනසක් ඇති වෙන්න ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තව දුරටත් මේ විදියට යන්න බෑ කියලා තේරෙන්න අවශ්‍යයි නේද?

    දැන් පේන විදියට රනිල් වාදීන් සජබ පාක්ෂිකයන් විතරක් නෙමෙයි සමහර පොදුජන පෙරමුණේ කට්ටිය පවා හිතන් ඉන්නේ IMF ණය මුදල ලැබුණ ගමන් පෙර හිටපු ලාබ අධිපාරිභෝජන ජීවන ක්‍රමයට යන්න පුළුවන් කියලා.

    අනිත් පැත්තෙන් ජවිපෙ ජාතික ජන බලවේගයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ වීරවංසලා වාසුලා ඇතුළු ජාතික සභාව සහ ඩලස්ලගේ පක්ෂය යනාදී වාමාංශික පක්ෂ සම්ප්‍රදායික මතවාද මත පදනම්ව අයි එම් එෆ් එකට විරුද්ධව කතා කරනවා නමුත් තව අවුරුද්දකින් විතර අයි එම් එෆ් වැඩපිළිවෙල යටතේ තවත් බරපතල ලෙස අවුල් වී ආර්ථිකය කඩා බිඳ වැටීම සමගින් නැවත වතාවක් එම යල් පැන ගිය වාමාංශික මතවාද වලට සුජාත භාවයක් එකතු වෙලා ඔවුන් බලවත් වීමෙන් රට නැවතත් වල පල්ලට යන්න පුළුවන්

    ඒ නිසා අප ක්‍රියාත්මක වී රජයට පරිබාහිරව විදේශ විනිමය ලබාගැනීමට හැකි සේවා අංශයේ ව්‍යවසායයන් ඔන්ලයින් ව්‍යාපාර හා ව්‍යවසායයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපදේශන සේවා අපනයන ආදී විවිධ අංශ සමග නැවත සංචාරක ව්‍යාපාරය බලගැන්වීම සඳහා උපරිම වශයෙන් කටයුතු කළ යුතුයි ඒ වගේම රජයට දැඩි බලපෑමක් එල්ල කර ඒ සඳහා අවශ්‍ය රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරවිය යුතුයි

    ඔය කසිකබල් අයි එම් එෆ් මගුල් කල් යන තරමට හොඳයි නැත්තම් ආයේ වතාවක් දිගටම ණය අරන් තව වසර දෙකකින් විතර විදේශ ණය බර ඩොලර් බිලියන සීයත් පන්නාවි රනිලා ණය බර දෙගුණයක් කරලා ෂේප් එකේ මාරු වෙයි ආයේ නන්දසේන වගේ ආර්ථිකය ගැන මුකුත් නොදන්න හාදයෙක් බලයට ඇවිත් ඊළඟ ආර්ථික අර්බුදයේදී රටටම හොම්බෙන් යන්න පුළුවන් වෙයි

    රටේ ආදායම් වැඩි කර නොගෙන ඔහේ ණය වෙලා ණයට කකා බිබී රටවල් ගොඩ දාගන්න බැරි බව පොඩි එකෙකුට උනත් තේරෙනවා මේ වෙලාවේ මිනිස්සු උනන්දු කරලා මිනිස්සුන්ට තේරුම් කරලා දීලා විදේශ විනිමය උපයන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන් තව ආනයන ආදේශක හැකි උපරිමයෙන් රට පුරාම නිෂ්පාදනය කිරීමට දේශීය තරුණ තරුණියන් ඇතුළු ව්‍යවසායකයන් පුරුදු පුහුණු කර උනන්දු කළ යුතුයි තව තවත් ණය වෙලා කරන්න පුළුවන් ලබ්බක් නැහැ

    ReplyDelete
  11. කොහොමද යකෝ මේ රටට තාක්ෂණික දැනුම සහ අවශ්‍ය විදේශ විනිමය ප්‍රාග්ධනය, විදේශ වෙළඳ පොළේ සියලු සබඳතා සහිත ආයෝජකයෝ එන්නේ, ලංකාවේ ඉන්න ව්‍යපාරික ක්ශේත්‍රයේ දැවන්තයෙක් වුණ ධම්මික පෙරේර කැබිනට් එකෙන් ඉවත් කරල අටපාස් ගොබ්බයින්ට වැදගත්ම ඇමතිකම් දෙද්දී.

    කවුරු මොනවා කිව්වත් රනිල්ට ඕනෑ තමන්ගේ ගජමිතුරු කල්ලියේ ආර්ථිකය සවිමත් කරන ගමන් මහින්ද සහ මහින්දගෙ පට්ට හොරු සෙට් එක සතුටුකරමින් බලයේ ඉන්න එක විතරයි අයි එම් එෆ් ණය අරන් තව ටිකක් ඇදගෙන යයි රට තවත් ණය කරලා .මුලු ලෝකෙම දන්නව මීලග සිම්බාබේ ලංකාව කියල .රනිල් ආන්ඩුව බලයේ සිටින තාක් මොලේ ඇති කිසිම ලාංකිකකයෙක් මේ රටට මුදල් එවන්නේ නෑ .මහින්ද පවුලේ බලය නාමිකව නැති උනාට උන්ගේ ගෝලයෝ සහ රනිල්ගේ ගෝල බාල සමූහය සියලුම හොරාකෑම් දිගටම කරගෙන යනව. වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් වෙච්ච කාන්චන පබයෙක් වගේ තියාගෙන තෙල්වලින් ගල් අගුරුවලින් ගෑස් වලින් ගහන කොමිස් ඩොලර් බිලියන ගනන් යන්නේ රනිල්ගේ කට්ටියත් මහිද සහ පුත්‍ර සමාගමටත්, ඉස්සර රට කරපු ගෝට ඉද්දිවවත් මහින්දලාට මෙච්චර හොරාකන්න ලැබුනේ නෑ .ගෝට පැන්නීම මහින්ද රනිල් කල්ලියට ස්විප් එකක් ඇදුන සමානයි. මේව ගැන ලියපන් බන්

    ReplyDelete
  12. අයියෝ සල්ලි කිව්වලු බං මාතලන්,

    ලංකාවේ ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ටෙලිපෝන් සජ්ජලා ජෙප්පන් පෙරටුවන් අන්තරයන් රාජපක්ෂලා සහ රනිල්ලාගේ සැබෑ නායිකාව ඇමරිකන් තානාපති ජුලි චං විතරයි අනික් ඔක්කොම එකයි නූල් රූකඩ ටිකක් විතරයි ඒ ගෑනිට ඕන හැටියට නැටවෙන රනිල් ඇතුළු විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ඡන්ද වැඩ සඳහා සාගලලා, වජිරලා යටතේ හිටු කියලා කොමිස් ගහනවා, ඒ වගේම
    රනිල් දන්නවා මේවා. හැම ප්‍රෝජෙක්ට් එකකින්ම මේ අය කොමිස් ගහන බව ජූලි චං ගෑනිත් දන්නවා. ඒකයි ඒ ගෑනි කියන්නේ ලංකා රජය තීරණ ගැනීමේදී ස්ථාවර අන්දමින් සහ විනිවිදභාවයෙන් කටයුතු නොකිරීම මෙන්ම වඩා වැදගත් ලෙස නිශ්චිත ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි වීම ලංකාවට සෘජු විදේශ ආයෝජන සීඝ්‍රයෙන් නොපැමිණීමට හේතු ලෙස අමෙරිකානු ව්‍යාපාරිකයන් තමන්ට පැවසූ බව, ලංකාවට අත්‍යවශ්‍ය මොහොතක විදේශ ප්‍රාග්ධනය රැගෙන එන ආයෝජකයන් තවදුරටත් හේතු රහිතව බාධාවන්ට ලක් විය යුතු නැති බව ඇත්ත තමයි

    ඒත් ආයෝජන මණ්ඩලය ප්‍රමුඛව නිවැරදි නියාමන යාන්ත්‍රණයක් මෙන්ම විදේශීය ආයෝජන කොන්ත‍්‍රාත් සඳහා ගරු කරන බවට විශ්වාසයක් ද සහිතව ශක්තිමත් ආයෝජන පරිසරයක් ගොඩ නගන්නේ නම් විදේශ සමාගම් අවශ්‍ය තරම් මුදල් තාක්ෂණය කළමනාකරණය සහ වෙළඳ පොළ සබඳතා අරන් ලංකාවට පැමිණීමට උනන්දු වනු ඇති ඒ නිසා ඒ ගැනත් ගැඹුරින් කල්පනා කරලා ව්‍යාපාර පරිසරය සහ ආයෝජන යාන්ත‍්‍රණයේ වටපිටාව වැඩි දියුණු කළ යුතු නමුත් ලංකාවේ ඒ දේ කරන්න මොළයක් ඇති මිනිස්සු පොලිටිකල් සීන් එකේ නෑනේ ඉන්නේ එක්කෝ කෙටි කාලීනව බලය අවභාවිත කරමින් ඉක්මනට පෝසත් වෙන්න බලන ආණ්ඩුවේ හොර රැල සහ විපක්ෂයේ හැම එකක්ම විවේචනය කරමින් දොස් කියන්න කියලා කාලේ කන කාලකන්නි හැත්ත විතරයි රටට ප්‍රයෝජනවත් පරිදි හරියට වැඩක් කරන්න පුළුවන් එකෙක් වත් පේන තෙක් මානයක නෑ නේ ඒකනේ මේ සේරම දේවල් වලට හේතුව

    මේක බලපං වැඩි විස්තර සඳහා

    https://www.chamber.lk/index.php/news/9-media-releases/1224-us-ambassador-hails-ceylon-chamber-s-slusabc-as-primary-trade-and-investment-engine

    ඒ වගේම මෙතනත් කියන්නේ ඒ වගේ දේවල් තමයි

    https://lk.usembassy.gov/our-relationship/our-ambassador/

    ReplyDelete
  13. ළමාතං ලංකාවේ ලොකුම අවුල තමයි දන්නැති දෙවල් ගැන පංඩිත ටොක් දෙන එක උබලා වගේ උන්.😂😂

    ලංකාවට හිගන සුද්දෝ එන්නෙ ඒක තමයි...මාලදිවයින් ඉන්න එකෙන්ගෙන් අහලා බලපන් එහේ රිසෝට් වල තත්ත්වය... ඒවට එන සුද්දෝ දවසට යුරෝ දාහා දෙදාහ වියදම් කරනවා...ලංකාවට එන උන් දවසට ඩොලර් 50යි වියදම් කරන්නේ...

    සිගිරිය බලලා පු$ දෙන්නද?

    ලංකාවට යන එන සංචාරකයට හෝටලේ බිල ගෙවලා සීගිරය දළඳා මාලිගාව වන්දවලා නතර උනාම ඇති කියලා මේ රනිල් හර්ෂ ද සිල්වා ප්‍රේමදාස අනුර කුමාර ඇතුළු බකපණ්ඩිත දේසපාලුවෝ හිතන්නේ

    නමුත් සංචාරක විදේශිකයන් ගත්තාම එයාලෙ අතේ අපි හිතනවට වඩා ගොඩාක් සල්ලි තියෙනවා ඒවා වියදම් කරන තැනට අපි එයාලව පත් කරවන්න ඔනී... හැබැයි ඉතින් උන් නිකන් සල්ලි නාස්ති කරන්නේ නෑ ඒකට වැලියු එකක් තියෙනවා නම් උන් වියදම් කරන්න ලොස් නෑ

    ලංකාවට ඇවිත් ඇවිත් සල්ලි ඉතුරු වෙන අයට ලංකාවෙන් වෙන රටකට ගියාම සල්ලි මදිත් වෙනවා....

    ReplyDelete
  14. මහත්තුරු සමලිංගිකද

    ReplyDelete
  15. 'අඩුපාඩු මැද දියත් කෙරුණු, අඩුපාඩු සිද්ධ උනු, පළමු අදියර සාර්ථකව ජයගත්තු ආදරයේ අරගලයේ ජයගෝෂා මාධවගේ හිතේ කොනක තාම රැව් දෙනවා!'

    ඔය කියන ඊනියා අරගලකාරයෝ (නලින්ද සිල්වා කියන විදියට නං පරගලකාරයෝ) ගිහින් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයෙක් මරලා, තවත් ගෙවල් ගෙවල් දොරවල් වාහන රාශියක් ගිනිබත් කරලා මංකොල්ල කාලා අන්තිමට ලබා ගත්තේ මොනවද? රනිල් ජනාධිපති කිරීමද? ආදරයේ අරගලයක් නං මිනිමරලා ගෙවල් ගිනිතියන වෛරීවැඩ කරේ ඇයි?

    එකම ලංකට් එක ඇදගෙන ගෝල්පේස් එකේ මාස තුනක් කුඩාරං ගහගෙන ඉදලා පරගලකරුවන් කරේ අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති කිරීමයි. ඊට අමතරව ගොඩක් පරගලකාරයොන්ට ප්‍රීතීකසානා හම්බුනා. දැන් කසා කසා ඉන්නවලු.

    අනික් මිනිස්සු අරක්කු ටිකක් බොනවා ඇති හැන්දෑවට. හැබැයි පරගලකාරයන් කරේ දවස තිස්සෙම ගංජා ගහලා හිටපු එක. රූපවහිනියට ගිය පරගලකරයෙක් කීවේ පෝය දවසේ විකාශය වූ ධර්ම දේශනාවත් නවත්තන්න කියලා. ඔන්න මේ අය සිංහල බුද්ධාගමට දෙන තැන. මේ පරගලය පිටිපස්සේ හිටියේ අන්‍යආගමික බලවේග. ඕවාට අපි ඉඩ දෙන්නේ නැහැ.

    -එමිල් මහේෂ් වලතර-

    ReplyDelete
  16. මාතේ, නැගනහිර අප්‍රිකාවේ කින්යා (කෙන්යා) වේ උපත ලැබූ න්ගුගි වා තියොං ඕ (Ngugi wa Thiong'o ) විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද A Grain of Wheat නම් අති ප්‍රබල නවකතාව මීට වසර විසි එකකට පෙර අප මිතුරු සේන තෝරදෙනිය විසින් "තිරිඟු ඇටයක්" නමින් සිංහලට පරිවර්තනය කර 1999 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරන ලද මේ නවකතාවේ නවතම මුද්‍රණයක් 2020 අගෝස්තු 29 දා දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශයට පත් කළේ, න්ගුගි, ඔහුගේ සාහිත්‍ය මෙහෙවර හා බ්‍රිතාන්‍ය යටත් විජිත විරෝධී මාව් මාව් ව්‍යාපාරය අළලා ලියන ලද දීර්ඝ ප්‍රස්තාවනාවක්ද ඇතුළත්වන පරිද්දෙන්

    ඒ වගේම මෙම පරිවර්තනය අප්‍රිකානු සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සිංහල පාඨකයාට හඳුන්වා දීමට සේන තෝරදෙනිය විසින් ගන්නා උත්සාහයේ තවත් පියවරක් වෙයි.

    පරිවර්තකයකු විසින් විශ්ව සාහිත්‍ය කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමේදී , එම කෘතිය ශ්‍රී ලංකාවේ අපට වැදගත්වන්නේ ඇයිද ,එය එසේ වැදගත් වන්නේ ද? යන්න මත පිහිටා කරන ලද මෙම පරිවර්තනය දේශපාලන සංසිද්ධිවල ඇති විශ්වමය සාම්‍ය මනා ලෙස පහදා දෙයි.

    මෙතනදී "න්ගුගි" නැගනහිර අප්‍රිකාවේ පහළ වූ ප්‍රධානම ලේඛකයා මෙන්ම අප්‍රිකාවේ සටන්කාමි හා විවාදයට තුඩු දුන් වැදගත් හා නිර්මාණාත්මක ලේඛකයන් අතුරින් කෙනෙක් වෙයි. වසර 21 කට පසුව ප්‍රති මුද්‍රණයක් ලෙස එන මෙම නවකතාව දයාවංශ පොත් හලෙන් හා BMICH පොත් ප්‍රදර්ශන භූමියෙන් 20% වට්ටම් සමග මිලදී ගන්න පුළුවන්.

    පිටු 400 යි |මිල.රු. 700 යි | වට්ටම 140

    ReplyDelete
  17. උද්ධමනය ඉහළයි කියා ඔබ කිව්වත් ඔබේ භාණ්ඩ හා සේවා සැපයුම් වලදී ඉහළ මිලක් අපේක්ෂා කරනවා නේද?

    ReplyDelete

  18. ඊයේ අපේ ගෙදරට බ්ලොක් ගල් වගයක් ගෙනාවා හරිද. ඉතිං ලොරියක ගඩොල් 250ක් දාගෙන driver කාරයයි ගෝලයයි ආවා. බ්ලොක් ගල් ටික ගෙනාපූ වෙලාවේ ඉඳන් වයිෆ් එලියේ මයි. හිනා වෙවී හොදට කතාව. වයිෆ් සාමාන්‍යෙන් එහෙම කතාවට යන්නේ නැහැ. බාසුන්නැහේ කෙනෙක් ගෙනාවත් එළියකට යන්නේ නැහැ තේ එකක් වත් දෙන්න. මම ඒ වෙලේ මීටින් එකක හිටපු නිසා මම එළියට ගියේ නැහැ. කොහොම හරි මීටින් එක ඉවර වෙලා එළියට යද්දී ගල් 20ක් විතර තාම තියෙනවා බාන්න. Driver ලොරියෙ ඉඳන් බාද්දි ගෝලයා අරං ගිහිං ගොඩ ගහනවා. Driver නම් අපි දන්න අංකල් කෙනෙක් හැබැයි ගෝලයා අලුත් කෙනෙක්. වයස 20-21 කොල්ලෙක්. මං ඇහුවම driver ගෙන් නංගිගේ පුතා කිව්වා. කොල්ලා තාම ඉගෙන ගන්නවලු මේ ටිකේ ලොරියෙ වැඩ වලට උදව් දෙනවලු. කොල්ලා ටිකක් ලස්සනයි. කොන්ඩේ එහෙම හොදට තියෙනවා. වැඩ කරළමද කොහෙදෝ අත් පයත් ලස්සනයි. අපේ භාෂාවෙන් කියනවා නං කෙල්ලෙක් දාගන්න එක ඌට කජු කනවා වගේ වැඩක්. ඌව දැක්කම පස්සේ තමා මට තේරුම් ගියේ වයිෆ් කුලප්පු වෙලා තියෙන්නේ ඇයි කියලා. කොහොම හරි ගල් 250ම බානකන් වයිෆ් එහෙට මෙහෙට කැරකී කැරකී හිටියේ. මල් පැල වලට හෝස් එක අල්ලන් ඉන්නවා ඉවරයක් නැහැ. ගස් ටික කුණු වෙලා යයිද දන්නේ නැහැ. කොහොම හරි ගල් බාලා ඉවර උනාම වයිෆ් ඔරෙන්ජ් ජූස් දෙකකුත් හදලා ගෙනත් දුන්නා.ඊට පස්සේ සල්ලිත් අරං දෙන්නා ගියා. යන්න කලිං වයිෆ්ගේ කීමට එයාලා ලොකු මල්පෝච්චි දෙකකුත් වෙන තැනකට තියලා දුන්නා.

    ඉතිං අර කොල්ලා ගිය වෙලේ ඉඳන් වයිගේ කටේ තියෙන්නේ ඌ ගැන. පව් පොඩි එකා මහන්සි වුණා හොඳටම. මල් පෝච්චි ටිකත් තියලා දුන්නා. බර වැඩ කරන්න තාම ළපටි වැඩි වගේ එක එක ඒවා කිව්වා.මං කල්පනා කරේ මම එහා ගෙදර නංගි මිදුල අතු ගාන විදිහේ ලස්සන ගැන එහෙම කිව්වා නං මට මොනවා වෙයිද කියලා. එලියේ තමා බුදීයන්න වෙන්නේ.

    කොහොම හරි අර කොල්ල නිසා වයිෆ් දවසම ඇවිස්සිලා හිටියෙ කියලා මට පෙනුනා. වයිෆ් බලං හිටියේ කොයි වෙලේද මගේ ඇගේ එල්ලෙන්නේ කියලා. කොහොම හරි රෑ ඊයේ එයාම වැඩේට එන්ටර් උනා. වෙනදා වගේ නෙවේ වයිෆ්ට කිසි හදිස්සියක් තිබ්බේ නැහැ. කිස් කරා පැයක් විතර. කොහොම හරි කාලේකට පස්සේ ඊයේ හොඳ ආතල් එකක් ගත්තා.මං දැන ගත්තා අර කොල්ලව මතක් කරන් තමා අද මෙච්චර විසයක් ආවේ කියලා. මට නම් ඒකේ ලොකු අවුලක් නැහැ. වයිෆ් මාව ගල් ඇදපු කොල්ලා විදිහට මවා ගද්දී මං වයිෆ්ව එහා ගෙදර නංගි වගේ මවා ගත්තා. බැදපු නැති අයට මේක තේරෙන්නේ නැහැ. ඔයාලා ඊය කියයි ඒ නිසා. බැදලා බලන්නකෝ.

    අදත් අනිවාර්යයෙන් වයිෆ් රෑට සුපිරි ආතල් එකක් දෙනවා. අර කොල්ලා ට පිං සිද්ද වෙන්න තව සතියක් වගේ වයිෆ්ට මේ අමාරුව තියෙයි

    ඉතිං මං කියන්නේ කෙල්ලොත් අපි වගේම ලස්සන එකෙක් දැක්කම බලනවා. ආතල් එකක් ගන්නවා. හැබැයි උන් අපි වගේ පේන්න කරන්නේ නැහැ. මේකේ වරදක් මං නම් දකින්නේ නැහැ. මොකද අපි ලස්සන කෙල්ලෙක් දැක්කම මතක් කරන් වැඩේ කරන්නේ නැත්ද. කෙල්ලොන්ව සමාජෙන් කොටු කරලා තියෙන්නේ සිල් මෑණියෝ විදිහට. හා නැත්ද

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 7.17 AM

      ඔවු ඉතින් ඒක නම් ඇත්ත මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා අපේ වයිෆ් එක්ක ඒත් එයා නම් කැමති රොමැන්ටික් ෆිල්ම් වල ඉන්න චරිතවලට අපි යාලු වෙලා හිටපු 2006-7 කාලේ එක්ස් ෆයිල්ස් මෝල්ඩර්ට මාර ආසාවෙන් හිටියේ ඒ වගේම තමයි දැනුත් වෙස්ටර්න් කොරියන් වගේ ලස්සන ආදර කතා වලට ආසයි ඒවා බලලා ෆෝම් උනාම බේරෙන්න බෑ පොඩි උනුත් මොන ජාතියෙන් හරි කලින්ම දොයි කරවලා දොරත් ලොක් කරලා එළි වෙනකම්ම හෙනට වද දෙනවා මට දැන් අවුරුදු තිස් අටක් නිසා විසි ගණන් වලදි දාපු සෙල්ලම් අමාරු වුණත් තාම එන්ජින් එක හොඳ නිසා ෂේප් මමත් ෆෝම් වෙලා මම බඳින්න කලින් යාලු වෙලා හිටපු කෙල්ලො නම දෙනාගෙන් කෙනෙක් ගේ නමක් කියවෙනවා සමහර වෙලාවට එහෙම උනොත් නම් ඉතින් බඩුම තමයි හැබැයි ඊට වඩා කේස් මම කැමති ඔෆිස් එකේ පොඩි කෑලි වල නමක් කියවුණොත් නමුත් එහෙම කියවෙන්න ගිහින් යන්තම් බේරුණා, ඒ වගේම තමයි ඔෆිස් එකේ කෑලි අදිනකොට උදේ පාන්දරම ඔෆිස් එකට ගිහින් ෆෝන් එක ඔෆිස් එකේ වයර්ලස් චාජර් එකට ගහලා තියලා වාහනේ හංගගෙන තියෙන වෙන හොර සිම් එකක් දාපු පොඩි ෆෝන් එකක් අරන් කෑල්ල පික් කරන්න යනවා නැත්නම් ලොකේෂන් මාට්ටු වුනොත් ලෝක ලෙඩක්

      Delete
  19. අයිසේ මාතලන් අපේ හිතමිතුරු දර්ශන් ධර්මරාජ් අපි හැමෝම අතහැර සමුගෙන යන්නට ගිහින් ඒ ගැන පෝස්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳද?

    සිරසේ ඒ නයින් කතාවේදී අපිට හම්බ වෙච්ච සිරා බුවෙක් වුණ දර්ශන් ධර්මරාජ් 1981 මාර්තු මස 02 දා සබරගමුව පළාතේ රක්වාන ප්‍රදේශයේ උපත ලබා අධ්‍යාපනය රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් ලැබ විවාහ වනු ලැබූවේ සුපාසිනී (සුභාෂිණී) නම් තරුණිය සමඟ වන අතර එක් දරු පියෙක්.

    කලාකරුවෙකු ලෙස ස්වකීය ගමනාරම්භ කරනු ලැබූවේ අප මිතුරු දිවංගත සිඩ්නි චන්ද්‍රසේකරයන් සිරසට නිර්මාණය කළ A-Nine රූපවාහිනී කතාමාලාවෙන් අප ඉතාමත් ලාබාල තරුණයන්ව සිටි 2008 දී,

    මට මතකයි ඔහු ඒ මොහොතේ සිංහල භාෂාව හසුරුවා නොතිබුණද, ඔහුම අපට ප්‍රකාශ කළ පරිදි මාස තුනක් ඇතුළත ඔහු භාෂාව ඉතා මැනවින් ඉගෙන ගත් අතර එකී කාල වකාවානුව තුලම “ප්‍රභාකරන්" සිනමා නිර්මාණය තුලින් ඔහු සිය මංගල සිනමා නිර්මාණය ලෙස රිදී තිරය තුල ස්වකීය අනන්‍යතාවය සලකුනු කිරීමේ මං පෙත් ආරම්භ කරන ලදී.

    මෙතෙක් තිරගත වූ සිනමා නිර්මාණ ලෙස,

    ප්‍රහාකරන් (2008)
    මචං(2008)
    ඉර හඳ යට(2009)
    ඉනි අවන්(2012)
    මාතා(2012)
    ඇඩ්‍රස් නෑ(2015)
    ස්පන්ධන(2015)
    උලත් එකයි පිලත් එකයි(2016)
    ආලෝකෝ උදපාදි(2017)
    කෝමාලි කිංග්ස්(2018)
    පෝරිසාදයා(2018)
    දැවෙන විහඟුන්(2018)
    සුනාමි(2020)
    සුපර්ණා(2020)
    කවුරුවත් දන්නේ නෑ (2021)

    මෙතෙක් තිරගත නොවූ සිනමා නිර්මාණ අතර,

    ආකර්ශා
    බාඳුරා
    Adventures of Rickey Deen
    මොණර විලක්
    ජීවා
    පාස්පෝර්ට්
    House of My Fathers
    මාරියා
    Case No:447
    ප්‍රාණ

    යන සියල්ලම ස්වකීය දායකත්වය ලංකීය සිනමාව වෙනුවෙන් ලබා දුන් අග්‍රගණය වූ ඔහුගේ රංගන කුසලතාවය එලි දැක්වූ සිනමා නිර්මාණයන් ය.

    මෙහි උපරිමය ලෙස අශෝක හඳගමගේ ඉනි අවන් (2012) චිත්‍රපටයේ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු ලෙස නිරූපණය කිරීම වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

    අද්මිරාල් සරත් වීරසේකර නිර්මාණය කළ ගාමණී සිනමා නිර්මාණය වෙනුවෙන් 2012 දී හොඳම නලුවා සම්මානය පලමු දෙරණ සිනමා සම්මානයෙන් සම්මානිත විය.

    ඉනි අවන් සිනමා නිර්මාණය වෙනුවෙන් හොඳම නලුවා
    ලෙස,
    දෙවන දෙරණ සිනමා සම්මාන
    පලමු හිරු ගෝල්ඩන් සම්මාන යන ද්විත්වයෙන් සම්මානිත විය.

    පෝරිසාදයා සිනමා නිර්මාණය වෙනුවෙන් හත් වන දෙරණ සිනමා සම්මානයෙන් සම්මානිත විය.

    2022 ඔක්තෝබර් මස 02 දින අලුයම ඇති වූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් සිනමාව
    තුල නව්‍යකරන වෙනසකට ස්වකීය දායකත්වය ලබා දුන් දර්ශන් ධර්මරාජ් නම් මෙකී කලාකරුවා වයස අවුරුදු 41 දී තම ප්‍රාණ භූමිකාව නිරූපණය අත් හැරීය.. ඔහුට නිවන් සුව පතමු සුබ ගමන් අයියේ

    ReplyDelete
    Replies
    1. @ Anonymous,

      දර්ශන්ගේ සමුගැනීම ලොකු පාඩුවක් තව අවුරුදු තුනක් ඉන්න පුළුවන් වුණා නම් මලයාලම් සහ දකුණු ඉන්දියාවේ සිනමාවේ ලොකු ජනප්‍රියත්වයක්ලබ
      ආ ගනීවි හොඳම සහාය නළුවෙක් විදියට

      https://fb.watch/fWzlsqBvv-/

      ඔහුට සුබ ගමන් පතනව

      Delete

  20. මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරොයක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තපපරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..
    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ..ලපි හැදෙමු අනුන් හදන්න කලින්..

    ReplyDelete
  21. I fear the day when people post the memes on the internet with quotes I've never said.

    - Albert Einstein

    මාතලන් සාමාන්‍යයෙන්ලංකාවේ භෞතික විද්‍යාවට ගහන්න ඕනි උනාම හැම එකාටම තියෙන තුරුම්පුවක් තමයි ඔය උඩ ලියලා තියෙන්නෙ. මං මේ කියන්න හදන්නේ දන්න නොදන්න හැමඑකාටම මොකක්ද අයින්ස්ටයින්ට වැරදුනේ කියලා (මිනිහට ගොඩක් වරදින්න ඇති, මං කියන්නේ ප්‍රසිද්ධම එක).

    අයින්ස්ටයින් සාමාන්‍ය සාපේක්ෂතාවාදෙ (General relativity) සමීකරණෙ හොයාගන්නවා.ඊට පස්සේ (මොකක් හෝ පුකේ ඇම්මකට) ඒක විශ්වයට (Universe) දාලා බලනවා.එතකොට මිනිහට එනවා උත්තරයක්.ඒකට කියන්නේ Einstein field equation කියලා. ඒක හරි උත්තරයක්. වැඩේ තියෙන්නෙ අයින්ස්ටයින් මේ උත්තරේට කැමති නෑ, හේතුව මේ උත්තරයට අනුව විශ්වය පරිණාමය වෙනවා (Not static). මේක අයින්ස්ටයින්ගේ චින්තනයට (Philosophy එකට) හරියන්නෙ නෑ. ඒ නිසා පොර මේකට පොරට ඕනි උත්තරේ ගන්න හොරගෙඩියෙක් වගේ සමීකරණෙ උත්තරේ පැත්තකට නියතයක් දානවා (Cosmological constant). එතකොට මිනිහට ඕනි වැඩේ වෙනවා (Universe is static).

    පසුකාලීනව අපි දැනගන්නවා විශ්වය ඇත්තටම වෙනස් වෙනවා කියලා, ඒ කියන්නෙ අයින්ස්ටයින් අතෙන් දාපු කෑල්ල වැරදී කියලා.හැබැයි මේක මිනිහා පිලිගන්නවා. අයින්ස්ටයින් මේක ගැන කිවුව quote එක සිංහලට පරිවර්තනය කරාම හරියටම එන්නේ "මං මහ බූරු වැඩක් කරා" වගේ එකක්. ඔන්න ඕකයි අයින්ස්ටයින්ගේ වැරැද්ද.

    මේ කතාවෙන් මටනම් ගන්න තියෙන පණිවිඩේ මේකයි.අයින්ස්ටයින් වගේ පොරකට උනත් වැරදුනේ, මිනිහා facts වෙනුවට මිනිහගේ විශ්වාස මත යැපෙන්න ගිය එකෙන්.හරියට logically ආපු උත්තරේ පිලිගන්නෙ නැතුව, තමන්ගේ පුද්ගලික විශ්වාස (ඒක සංස්කෘතික,සමාජීය,ආගමික ඕනිම එකක් වෙන්න පුලුවන්) වලට මුල් තැන දෙන්න ගියාම අයින්ස්ටයින්ට නෙවේ අපිටත් වරදිනවා...

    ප.ලි. - මේකේ අතුරු කතා ගොඩක් තියෙනවා.මොකද අද අපි දන්නවා අයින්ස්ටයින් ඒ අතෙන් දාපු එක හරි කියලා, හැබැයි මිනිහා දාපු හේතුව වැරදී.ඒ නිසා අයින්ස්ටයින් තාමත් වැරදි තමයි.

    ReplyDelete
  22. ගෝඨාභය ඔබ යා යුතුමය...

    ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

    ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

    🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

    🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

    🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

    🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

    🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

    ඔව් ඔබ යා යුතුමය...

    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...

    ReplyDelete
  23. ඔයාලගේ පලවෙනි ක්‍රෂ් එක කවුද? මගේ නම් පුංචි. මම තුන වසරේ ඉදන් වගේ පුංචි මගේ ක්‍රෂ් එක. පුංචි ඉන්නේ නුවර ඒ නිසා අපි නුවර පුංචි කියලා කියනවා. තව සුදු පුංචි කියලත් කියනවා. සුදු පුංචි කිවුවට ඇත්තටම සුදු නැහැ හම රත්තරං පාටයි. සුද්දියෙක් වගේ. බාප්පා ආමි එකේ ඉන්නේ. පුංචිට ඉන්නවා මට වඩා අවුරුදු 3ක් බාල ගෑනු ළමයෙක්. ඉස්සර ඉස්කෝලේ නිවාඩුවට අපේ අම්මා පුන්චිලගේ ගෙදර මාව නවත්තලා යනවා. එහෙ ගියාම මම පුංචි අස්සෙමයි ඉන්නේ. පුංචි රසට බටුයි කුකුල් මසුයි එකට දාලා ව්‍යන්ජනයක් හදනවා. මේක කන්න මම හරි පෙරේතයි. කොහොම හරි 5 වසරේදී නාද්දී මම පුංචිගේ කුක්කුවක් ඇල්ලුවා. අම්මට කියනවා කියලා මාව බොරුවට බය කරා. :lol:

    ඊට දවස් කීපයකට පස්සේ මම පුංචිව කිස් කරන්න හැදුවා. ආ ෆිල්ම් බලලා ඕවද ඉගෙන ගන්නේ කියලා පුංචි හුරතෙලේට ඇහුවා. පුංචි දවල්ට නිතරම ඉංග්‍රීසි ෆිල්ම් බලනවා. එතකොට මාත් ඉතින් පැත්තෙන් ඉදන් බලනවා. ඇත්තටම මට පුංචිව කිස් කරන්න ආස හිතුනේ ඒ ෆිල්ම් එකක් බලලා. ඒත් කිස් කරන කැල්ලක් හරි සෙක්ස් කරන කැල්ලක් හරි යද්දී පුංචි මගේ ඇස් දෙක වහනවා. ඒත් මම පස්සේ හොරෙන් dvd එක දාලා ඒ කොටස බලනවා. පොඩි කාලේ කිසි දැනුමක් නැති නිසා මම නිකං පුංචිගේ තොල් දෙක ලෙව කෑවේ. ඊට පස්සේ පුංචි කෝ ඔහොම නෙවේ ඕක කරන්නේ කියලා මගේ මුනෙන් අල්ලලා ලිප් කිස් එකක් දුන්නා. මගේ දිවත් ඉරුවා. පුංචිගේ දිව මගේ කට ඇතුලටත් දැම්මා. මාත් පුංචිගේ දිව ඇති වෙනකල් ඉරුවා. ඒක තමා මගේ කුලුදුල් ලිප් කිස් එක. ඒක පුන්චිගෙන් ලැබෙන්න මම හුගක් වාසනාවන්ත උනා. පැය බාගයක් විතර පුංචිගේ තොල් උරපු මම නැවැත්තුවේ මට හෙන ලොකු චු බරක් ආපු නිසා. ඔය සිද්දියෙන් පස්සේ තව තව සිද්දි මායි නුවර පුංචියි අතර සිද්ද උනා. හැබැයි ඔයාලා හිතන ජාතියේ ඒවා නම් නෙවේ. එදා ඉදං මට ෆිල්ම් වල කිස් කරන කෑලි/ සෙක්ස් කෑලි බලන්නත් පුංචි මට ඉඩ දුන්නා. කොහොම හරි නිවාඩුව ඉවර වෙලා යද්දී පුංචි මට කිවුවා අම්මට එහෙම කියන්නේ නැහැ කියලා. එදා හැබැයි පුන්චි ඒක මට කිවුවේ ආදරෙන් නෙවේ බලකිරීමකින්. එදා තමා මම සුදු පුංචිට බය උණු පලවෙනි දවස.

    කොහොම හරි නිවාඩුව ඉවර වෙලා ගෙදර ගියාම මට නිතරම චු බර හැදෙන්න ගත්තා. විනාඩි 30න් 30ට වගේ මට චු දාන්න යන්න උනා. මේ නිසා අපේ අම්මට සැක හිතුනා. මට තව දුරටත් අම්මට ඇත්ත හංගන් ඉන්න බැරි උනා. මම නිවාඩු කාලේදී පුංචි මට කරපුවා ඔක්කොම කිවුවා. මගේ කතාව අහලා අම්මට තරහා ගියේවත් පුංචිට කෝල් කරේ වත් නැහැ. සාමාන්‍ය විදිහට හැසිරුනා. පහුවදා අම්මා මාව ඩොක්ටර් කෙනෙක් ලගට එක්කං ගියා. ඒ ඩොක්ටර් දුන්නු පෙති බිවුවම චු බර අඩු වෙලා ආයෙත් සාමාන්‍ය තත්වෙට ආවා. අපේ අම්මත් අය මගෙන් ඒ සිද්දිය ගැන හාර ඇවිස්සුවේ නැහැ. මම හිතුවේ ආයේ නම් මාව අම්මා පුන්චිලාගේ ගෙදර නවත්තන්නේ නැති වෙයි කියලා. ඒත් එහෙම උනේ නැහැ. අම්මා සාමන්‍ය විදිහටම මාව එහෙ එක්ක ගියා. හැබැයි මට කිවුවා පුන්චි නාවන්න හැදුවොත් එපා කියලා තනියම නා ගන්න කියලා. එහෙ ගියාම අම්ම එයාගේ නංගිටත් (සුදු පුංචි) කිසි වෙනසක් නැතුව කතා කරේ. කොහොම හරි අම්මා නැති අතරේ පුංචි ආයෙත් මට කලින් නිවාඩුවේ කරපු දේවල් කරා. නාවන්න එපා කිවුවත් එයා මාව නැවුවා. මගේ සබන් එහෙම ගෑවා. පුංචි මාව අත පත ගාන්න හරි ආසයි. හැබැයි එක දවසක් පුංචි මාව කෙනිත්තුවා. එදා මට රිදිලා කදුලුත් ආවා. හැබැයි සුදු පුංචි හිනා උනා. පුංචි නිවාඩු කාලේ ඇතුලත මාව කීප සැරයක්ම කෙනිත්තුවා. සමහර දවස් වලට මාව හැපුවා. හැබැයි නුවර පුංචි මේවා කරේ ආදරෙන්. හපපු කොනිත්තපු පාරට මගේ පපුව හරියේ රතු පැල්ලමුත් තිබුනා. කොහොම හරි ආයේ අම්මා මාව එක්කන් යන්න එද්දී පුංචි මාව බය කරා අම්මට කියන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ආයෙත් ගෙදර ගියාම ඉවසගෙන ඉන්න බැරි චු බර නිසා මට නිතරම චු දාන්න සිද්ද උනා. නමුත් මේ සැරේ අම්මා මුකුත් ඇහුවේ නැහැ. කෙලින්ම ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බෙහෙත් අරන් දුන්නා. මෙහෙම අවුරුදු 2ක්ම නිවාඩු වලදී පුංචි මට එක එක ඒවා කරා. අපේ අම්මත් මට චු බර අඩු වෙන්න බෙහෙත් අරන් දෙනවා විතරයි. එක දවසක් මගේ බෙල්ලේ රතු පැල්ලමක් තිබිලා අම්මා ඇයි ඇහුවා. මම කිවුවා පුංචි හැපුවා කියලා. ඒත් අම්මා මුකුත් කිවුවේ නැහැ. පුංචිට පිරිමි ළමයි නැති නිසා ආදරේට මිරිකන්න ඇති කිවුවා. කොහොම හරි 7 වසරෙන් පස්සේ මට නුවර යන එක එපා උනා. මගේ ක්‍රෂ් එක උණු සුදු පුංචි මට යකින්නක් වගේ පේන්න ගත්තා. හැබැයි ඒ වෙනකොට මම ලොකු නිසා පුංචිට ඕනේ විදිහට මාව අල්ලන්න මම ඉඩ දුන්නේ නැහැ. අපේ අම්මටත් තේරුනා මම ඒ වෙනකොට එහෙ වැඩිය ඉන්න කැමති නැති බව. ඒ නිසා 7 වසරෙන් වගේ පස්සේ අම්මයි මායි දෙන්නම එහෙ ගිහින් සතියක් වගේ ඉදලා එනවා. මාව ඉන් පස්සේ පුන්චිත් එක්ක තනි කරේම නැහැ. මම ටික ටික ලොකු වෙනකොට තමා තේරුනේ පුංචි මාව මොලෙස්ට් කරා කියලා. කතාව කියවපු ඔයාලට හිතෙන්න ඇති මම පට්ට ලක් කාරයෙක් කියලා. නැහැ එහෙම නැහැ. ඒ වයස ලිංගික අත් දැකීම් ලබන්න ඕනේ වයසක් නෙවේ. මේක මට ගොඩක් මානසික විදිහට බලපෑවා. දැන් නම් හොදයි. දැනුත් පුංචිව එහෙම මම හම්බෙනවා කතා කරනවා. මගේ හිතේ තරහක් නැහැ සුදු පුංචි ගැන. හැබැයි අපේ අම්මා පලවෙනි පාරම මේක උන වෙලේ පියවරක් ගත්තා නම් මට මේක මානසිකව බලපාන්න නොතිබෙන්න තිබ්බා. මම කියන්නේ පිරිමි ළමයි ගැන අම්මලා තාත්තලා මිට වඩා ටිකක් හොයලා බලන්න ඕනේ. පිරිමි ළමයෙක්නේ කියලා අත ඇරලා දාන්න එපා. සෙල්ලන් කරන්නේ කාත් එක්කද? යන්නේ එන්නේ හම්බෙන්නේ කාත් එක්කද කියලා බලන්න. නෑදෑයෝ එක්ක ළමයි මොකද කරන්නේ බලන්නේ. අනික ළමයෙක් මොනවා හරි දෙයක් කිවුවම ඒක විස්වාශ කරන්න බලන්න. මේ කතාව ටයිප් කරේ මම ඒ උපදේසේ දෙන්න. මුල ඉදලම දැම්මේ කතාව වෙනස් වෙන විදිහ පෙන්නන්න.

      Delete
  24. මාතේ මට ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා කියන්න විශේෂයෙන් ලංකාවේ බහුතරයක් චිත්‍රපටිවල ටෙලිනාට්‍ය වල දේශපාලකයාව නිරූපණය කරන විදිය වෙනස් කරන්න ඕනෙ....

    ලංකාවේ දේශපාලකයා කියලා ටෙලිනාට්‍ය වල චිත්‍රපට වල වේදිකා නාට්‍යය සහ සම්භාව්‍ය සිනමාව තුල පවා පෙන්නන්නෙම හොරකං කරන, මැර වැඩ කරන, ඒ හොර සල්ලි වලින් සැප විදින චරිතයක්....

    අවාසනාවට වගේ ඒකෙන් කරන්නෙ දේශපාලකයන් හැමෝම වගේ අනිවාර්යයෙන්ම තක්කඩි මජර ගති ඇති එවුන් බවත් ඒකත් අපිත් අනුමත කරනවා වගේ දෙයක්.... ඒ නිසා දේසපාලුවන්ටත් ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා ලැජ්ජාවක් බයක් නැතුව ඒ වගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ඒකට නොනිල වශයෙන් ලයිසන් එකක් දෙනව වගේ හරියට එහෙම නේද?

    ReplyDelete
  25. ඉදිරි 2023 වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙන බවත් ඉන් ලබන වසරේදී ලංකාවේ ආර්ථිකය දරුණු ම තත්ත්වයකට ඇද වැටිය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ අනාවරණය කරයි.

    රජයට වුවත් අවශ්‍ය අවස්ථාවල දත්ත, නිගමන ලබා දී පවතින අර්බුදයෙන් යන්තමින් හෝ ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය කැපවීම් කිරීමට සූදානම් බව ද ඔහු කියයි.

    “ආණ්ඩුව තවත් බදු වැඩි කිරීමට උත්සාහ කළොත් එය රටේ සමස්ත ජනතාවගේ ජන ජීවිතයට ඍජුව බලපානවා. දැනටමත් බදු වගේම ඉතාමත් ඉහළ මට්ටමක පවතින පොළී අනුපාත වැඩි කිරීමෙන් උද්ධමනය පාලනය කරන්න ආණ්ඩුව විසින් අසාර්ථක උත්සහයක් කරමින් තිබෙනවා. එය මෙබඳු තත්ත්වයක් යටතේ මහ බැංකුව විසින් කළ යුතු පියවරක්ව තිබුණත් එයින් ආර්ථිකයට දැඩි කම්පනයක් ඇති කරනවා."

    "මේ මගින් ආර්ථිකයට ඇතිකර තිබෙන කම්පනයෙන් අනෙකුත් විචල්‍යයන්ට බලපෑම් සිදුවී තිබෙනවා. ප්‍රධානම බලපෑම ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් මෙහෙයවන ව්‍යාපාරිකයන්ට අදාළයි. ඔවුන්ගේ ප්‍රාග්ධන සම්පාදනය කරන්නේ බැංකු ණය ගැනීමෙන්. බැංකු ණය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ට පිරිවැයක් දරන්න වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යාපාර ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ තුළ අඩංගු ලාභය තිබෙන්නේ මුළු පිරිවැයෙන් 10% – 15% අතර ප්‍රමාණයකයි."

    "ඒත් අද වන විට ණය පොළී අනුපාතිකය 25% - 26% ඉක්මවා තිබෙනවා. මේ තත්ත්වය මත බැංකුවලින් ණය ලබාගෙන ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභවල ලාභය ඔහුගේ බැංකු ණය පොළිය ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා ලංකාවේ සියලුම ආකාරයේ ව්‍යාපාර සියල්ල අස්ථාවර තත්ත්වයකට පත්වී තිබෙනවා."

    "මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොවෙයි මහා පරිමාණ ව්‍යාපාර පවා දැඩි ලෙස අස්ථාවර වී තිබෙනවා. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ කර තිබෙනවා. මේ නිසා ලංකාවේ ආර්ථිකය බරපතල ලෙස හැකිළෙමින් පවතිනවා."

    ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් කර තිබෙන පුරෝකථන අනුව ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට අනතුරු හඟවා තිබෙනවා. 2023 වර්ෂයේදී ලංකාවේ ආර්ථිකය අතිශය දරුණු තත්ත්වයකට ඇද වැටිය හැකි බව පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව අධික ලෙස දරා ගන්න බැරි තරමට බදු වැඩිකර ආදායම් වැඩි කර ගැනීම සඳහා යාම තුළ ආර්ථිකය බරපතල ලෙස හැකිළෙන වේගය තව තවත් තීව්‍ර වෙනවා. මේ නිසා දැනටමත් කෙසේ හෝ රැඳී සිටින ව්‍යාපාරවලට පවා විශාල තර්ජනයක් ඇති වෙන්න පුළුවන්.

    "රජය අයි එම් එෆ් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යාම තුළ ඒ සඳහා රජයට ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන කොන්දේසි යටතේ මූල්‍ය අරමුදල මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන ලෙස රජයට උපදෙස් දීමත් සමග දැනට ණය වාරික සහ පොළිය ගෙවීම් කළ නොහැකි තත්ත්වයකට ඇද වැටෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයකදී ආර්ථිකයක් ගොඩගැනීම සහ ආර්ථිකය ඉදිරියට තල්ලු කරන බැංකු ඇතුළු මූල්‍ය පද්ධතිය මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් ආයතනත් විශාල අවදානමකට යන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ ඉතාමත් පරෙස්සමෙන් අවදානම කළමනාකරණය කරන්න ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළහොත් අපේ සමස්ත මූල්‍ය පද්ධතිය ම දැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් නැවත නිවැරදි කර ගත නොහැකි ප්‍රතිවිපාකයක් ගෙන ඒවි.”

    "ඒ නිසා එක්කෝ මූල්‍ය අරමුදල වෙත නොයා අසීරු ක්‍රමයකින් හෝ වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට සිදු විය හැකියි. වඩා අඩු හානිකර විසඳුමක් සොයා ගැනීමට රටේ සියලුම ආකාරයේ ආර්ථික මූල්‍ය විශේෂඥයින් සහභාගී කරගෙන සාමූහිකව තීරණයක් ගත යුතුයි"

    ReplyDelete
  26. මාතලන්,

    ලංකාවේ ආර්ථිකය ඒකපුද්ගල ආදායම මත වූ ශ්‍රේණිගත කිරීම පහත හෙලීමක් සලකා බලන ලෙස පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම පරිදි රජය විසින් ලෝක බැංකුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය හරහා ප්‍රචාරය කරන කතාව ඇත්තක් ද?

    දැනටමත් ලංකාවේ රජය මේ වන විට ලෝක බැංකුවේ සහ ශ්‍රේණිගත කිරීමේ නියෝජිතයන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පවසයි. ලංකාවට විදේශ ණය දෙන ආයතන වන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් ණය ආධාර හා අඩු පොලී ණය ලබා ගැනීමේදී වර්ගීකරණයේ වෙනසක් සිදුකිරීම වැදගත් බවද අමාත්‍යවරයා විස්තර කළා.

    සාමාන්‍යයෙන් ලෝක බැංකුව විසින් පහළ ආදායම් කණ්ඩායම යටතේ වර්ගීකරණය කර ඇති රටවලට ජාත්‍යන්තරයෙන් නැවත නොගෙවන ප්‍රදාන යටතේ ආධාර මෙන්ම සෑහෙන අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමේ හැකියාවක් පවතී.

    ලංකාව අතීතයේ සිට 2017 වසර දක්වාම එම කාණ්ඩයේ සිටි අතර 2012 පමණ වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3500 - 4000 අතර ගණනක් දක්වා ඉහළ ගිය නමුත් ඒ බවක් නොපෙන්වා රජය 2016 පමණ වන තුරු මෙමගින් සහන පොළියට ණය ලබා ගත්තා

    ඩොලර් 4000 ඒක පුද්ගල ආදායම් සීමාව ඉක්මවා නොගිය නමුත් එවකට පැවති රජයේ දේශපාලනික උවමනාව මත අනවශ්‍ය ලෙස ප්‍රචාරාත්මක කටයුතු වෙනුවෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා සහ මංගල සමරවීර විදේශ ඇමතිවරයා මැදිහත් වී 2017 වසරේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකු වර්ගීකරණයට එකතු කළා. ලංකාවේ රජයේ මාධ්‍ය මගින් මේකට විශාල වශයෙන් ප්‍රචාරයක්ද ලබා දුන්නා, මැතිවරණ වෙනුවෙන් මේකත් යොදා ගත්තේ 2018 මුල පළාත් පාලන ආයතන මැතිවරණයේදී

    එනමුත් ඊට පෙර ශ්‍රී ලංකාව පැවතියේ දුගී රටවලට ණය ආධාර ලබා දීම සඳහා පවත්වාගෙන යනු ලබන කාණ්ඩය යටතේ බැවින් රජයට සහන පොළියට ණය ලබා ගැනීමට පුළුවන් වූ බැවින් නැවතත් ලංකාව යළිත් උත්සාහ කරන්නේ එම කාණ්ඩයට ඇතුලත් වීම සඳහා බවයි ඔහු පෙන්වා දෙන්නේ මේක ඇත්ත ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න