.

.

Nov 21, 2022

සාරිය වෙනුවට මිනිහගෙ කමිසය ඇඳීම

 


සාරිය වෙනුවට
මිනිහගෙ කමිසය ඇඳීම
➖➖➖➖➖➖😁➖▪️

මෑතක සිට ගැරහුම් ලැබ ගන්............ නේ
සැහැල්ලු ඇඳුමකි රී ප්ලෙස් වන්......... නේ
නේක දනා එහි අගේ කියන්................ නේ
සාධු සාධු සා රිය නමදින්..................... නේ

ජංගිය බැසියර් මුලින් අඳින්................ නේ
යට සායක් ඉන වටේ රැඳෙන්.............. නේ
ඉන් පසු හැට් ටේ හක්ක දාන්............. නේ
හංසයෝ කොහොමෙයි බ්‍රීත් කරන්..... නේ

මේ ලෙස සැරසී ජෝගී නටන්............. නේ
කැඩපත කැඩපත ඇත්ත කියන්........ නේ
ලෝකෙම ලස්සන කව්ද කියන්.......... නේ
මළ කෝලං කැඩපත පවසන්............. නේ

ඇද මත තිබු සාරිය අර ගන්.............. නේ
කෙලවර ගෙන යට සායේ ඔබන්....... නේ
වටයක් කැරකි රැලි සාදන්................. නේ
බුරිය යටින් පූසටයි ඔබන්................. නේ

ආයෙත් එක රවුමක් කැරකෙන්........ නේ
යලිත් රැලි තබා පොට සාදන්............ නේ
ඒ පොට තණ බිම් වසමින් යන්........ .නේ
ඉහළට ගොස් කර මතයි රැදෙන්...... නේ

හැඩයක් නැත ඔය ලෙස එය ඇන්ද...... ට
දැණුයි අගය බොල හරනල් කට්ට........ ට
අන්තිම එක පිටි පස්සෙන් හැට්ටෙ....... ට
මල පනිනවා බං අම්මපා නැට්ට........... ට

සුර ලෝව සිට බට සුර අඟනක්....... දෝ
බොලිවුඩ් තිරයේ පුර අඟනක්......... දෝ
මිහිබට පුරඟන ගෙට වැඩියා.......... දෝ
රෑ වෙනකන් රන්දික ඉවසා.............. දෝ

දඹදිව් තලයෙන් වැඩි ඒ සාරි............... ය
කැන්ඩියන් ළමයි අඳින්නේ ඔසරි........  ය
පාත්තයෝ ඇඳගෙන යති ඉන්දි........... ය
පේන්නේ නැත්නම් මොකටද ඉඟටි..... ය

හෑන්ලූම් ලිනන් කොට්න්ද මනිපු........... රි
ජෝජට් බර ණසි කාන්ච්යේ පු............... රි
ෂිෆෝන් සැටින් සිලික් දැක්කම සුමිහි.... රි
දිය ඇලි වාගේ නිතඹෙන් පෙරි පෙ......... රි

සෙක්සිම ඇඳුමකි ඇන්ඳම ලෙසට....... ම
රෝසිලා නිරපමා හෙම ඇන්ද.............. ම
හිරුණිකා දුවයි අරගෙන පන්ද............ ම
පොලීසියත් කොර හංසයෝ දැක්ක...... ම

නෙක නෙක අයුරින් ඇඳි ඒ සාරි........ ය
ජෝසප්පුවාට පේන්න බැරි වි............ ය
මොකටද බං උඹ ඇද්දේ ගෝරි.......... ය
මෙලෝ රහක් නෑ ගලවලා සාරි......... ය

සාරිය වෙනුවට ඇඳුමක් සැහැල්............ ලු
ඇඳගෙන ඇවිදින් අරගල වහල්...........  ලු
මිනිහගෙ කමීසේ හොයන්න නැහැල්.... ලු
වාගෙයි කම්බියෙ එල්ලුනු වවුල්........... ලු

එකෙක් උන්නේ නෑ ගින්දර වා........ ගේ
අරගලේ වගේම ගැලවෙයි වා........ ගේ
ජොකත් ගලවලා ජෝසප් පුවා....... ගේ
එල්ලයි ජංගිය එල්ලුවා වා............. ගේ

සැහැල්ලු කිව්වම ගලවා සාරි.......... ය
ඇඳගෙන ආවේ මිනිහගෙ කමිස..... ය
වස් වැදි තරමට වෙන දැන් හානි..... ය
පුදුමයි නාවේ ඇඳගෙන නයිටි......... ය

-  කාව්ව සිරෝමනී මාතලන් -

#කුප්පකවි
.


37 comments:

  1. හහ් හහ් හා ලස්සන කවි සිතුවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. රසික සූරියරච්චි සාරියක් ඇදගෙන කොලුකාරයෙක්ට කියලා පුකේ ඇරගෙන කියනවනේ රෂිනි ඉස්සරහදී

      Delete
    2. සිපිපියා cross-dressing කරලා පුරුෂ ලිඟු සමග මුඛ සහ ගුද සංසර්ගය කිරීමට කැමති අයෙකි.

      Delete
  2. ඇත්තටම ඔය සාරි පොටේ එල්ලිලා ගොන් ආතල් දෙන එක අරගලය ඉවර වීමත් සමග ජොබ් නැතිවුණ සෙට් එක අලුත් ආදායම් මාර්ගයක් හදා ගන්න අඹරපු ගුලියක් නේද?

    ReplyDelete
  3. සාරි විරෝධී කැම්පේන් එක ගැන මීට වඩා විස්තර සහිත පෝස්ට් එකක් ඕනේ ඔයාගෙන් මාතලන්, සාරි අරගලයේ ඇත්ත ප්‍රශ්නය ඔය සම්ප්‍රදාය අනුව නිල ඇඳුම සාරිය වෙලා තිබුණු ගුරුවරියන් නියෝජනය කරමින් ඉතාමත් සුළු පිරිසක් ඉදිරිපත් වෙලා කිහිපදෙනෙක් කරන සාරි ගැලවීම කියන එකම නෙවෙයි.

    මම හිතන්නේ පුද්ගලිකව ඕන කෙනෙක් ඕන ඇඳුමක් ඇදගත්තම අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට අදාළ රැකියාව කරන්න වඩාත් පහසු සහ සුදුසු බව පොදුවේ අදාළ ක්ෂේත්‍රයේ අයට එකඟතාවයකට එන්න පුළුවන් නම් එහෙම කැමති ඇඳුමක් ඒ අයගෙන් තීරණය වුණාවේ අපට නම් මෙය ප්‍රශ්නයක් නොවේ ඇත්තටමකිසිම අවුලක් නැහැ.

    ඒක අපිට අදාල දෙයකුත් නෙවෙයි.

    හැබැයි ලොක්කා ඔය සිනාරියො එක කියවන්න ඕන මෙහෙමයි. ඔතන තියෙන්නේ ඔය සාරි ගලවලා තමන්ට ඕන ඇඳුමක් ඇද ගැනීම ඇත්තටම ගුරුවරියන් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි.

    පොදුවේ ගත් කල ලංකාවේ පවතින සම්ප්‍රදායික නීති රීති රෙගුලාසි සහ සම්මත වගේම සංස්කෘතික අදහස් සහ රටේ නීතිත් එක්ක අම්බ ඇරියස් එකක් තියෙන පිරිසක් නීති රීති කඩලා, සමස්ත රෙගියුලාසි වලට අභියෝග කරලා නීතිය අතට ගැනීමට උත්සාහ කිරීමේ විකාරයක්.

    ඒ ඔස්සේ සිදු කරන ඇරියස් කවර් කරගැනීමේ සහ මං පොර වීමේ කැම්පේන් එකක්.

    මොවුන් රටේ නීති පද්ධතිය බිද දැමීමත්, ඉන්පසුව තමන්ට ඕනෑ විදියට ඕනෑ ඕනෑ දෙයක් කිරීම පුද්ගල නිදහසයැයි සිතනා ඇරියස්කාරයන් පිරිසක්.

    මොවුන් වවුලන්ගේ නිවෙසට ගොස් උගේ ගෙදර පෙරලා දමා ඒකේ තීන්දු තීරණ ගැනීමේ බලය බලහත්කාරයෙන් අල්ලාගෙන වවුලාත් තමන් මෙන් සිටිය යුතු යැයි සිතනා ඇරියස්කාරයන් පිරිසක්.

    ඔවුන් සමාජයට වෛර කරනවා.

    පද්ධතියට වෛර කරනවා.

    දැඩි හීනමානයකින් සහ මවාගත් සෙල්ෆ් සෙන්ටර්ඩ් මානසිකත්වයකින් ජීවත් වෙනවා.

    තමන්ට නොලැබෙන අවදානය සහ ආදරය හේතුවෙන් සමාජයට අභියෝග කර බිඳ වැට්ටවීම ජීවිතයේ එකම අරමුණ කර ගත් පිරිසක්.

    මේක පහුගිය කාලෙ ලංකාවේ විගඩමක් බවට පත්ව කුජීත වී ගිය ගෝල්ෆේස් අරගලයේම තවත් අදිරයක්.

    මෙතනදී පවතින නීති කඩලා, මිනිස්සු ඉදිරියේ නීතියට ඇති ගෞරවය බිඳ දමලා, නීතිය අතට ගන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි.

    ඔය කැම්පේන් එක මෙහෙයවන, එකම කල්ලියේ, ට්‍රැක් අවුට්, මනෝ ව්‍යාධි වලින් පෙළෙන, මොකක් හරි අවුලක් නිසා සමාජයට වෛර කරන කිහිපදෙනෙක් තමයි මේ සිවිල් බලය තමන් වටේ හදාගන්නේ.

    මේ මොවුන්ට අලුත් දෙයක් නෙවෙයි.

    මොවුන් හොද අරමුණක් වගේ සමස්ත කැම්පේන් එක පෙන්නලා එතරම් දැනුම් තේරුම් නැති හැඟීම්බර අහිංසකයො කඩේ යවලා යූස් කරනවා.

    "සාරියේ ශාපය අවසන් කරමු" ටැග් ලයින් එක ලියන්නේ උපුල් ශාන්ත සන්නස්ගල.

    මේ කැම්පේන් එක මෙහෙයවන තිළිණි ශැල්වින්, ඔය අරගලයේ සිවිල් බලය හදාගත්තු බුකියේ ප්‍රචලිතව ඇති සෝ කෝල්ඩ් නිරාගමික, රැඩිකල්, ඇරියස් කල්ලියේ නියෝජිතවරියක්.

    (ඇයගේ මූන දිහා බැලුවොත් ඇත්ත හේතුව ඔබට තේරිය යුතුයි කියලා මම කියන්නෙ නැහැ)

    ගෝල්ෆේස් අරගලයේ ඉතිහාසය කියවල බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඒ මුලින්ම බෝර්ඩ් ඉස්සුවේ, dp මාරු කළේ, හට් ගැහුවේ, ඒ ඒ හට් වල ලීඩිං රෝල් කළේ කවුද කියලා හොයන්න..

    දැන් සාරියේ ශාපය අවසන් කරන්න ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න..

    දෙකේම පැහැදිළිවම පිළිඹිඹු වෙනවා දෙකටම සම්බන්ධ වී ඉන්නේ එකම පිරිසක්, එකම කල්ලියක්.

    මෙතන ඉම්ප්ලිමෙන්ට් වෙන්නෙත් ගෝල්ෆේස් අරගලයේම ෆෝමැට් එක.

    රටේ නීති කඩන්න, නීති මිනිස්සු අතට ගන්න, ඔතොරීටි එක අඩු කරන්න මිනිස්සු එන්කරේජ් කරනවා.

    ඊටපස්සේ ඒ කැම්පේන් එකේ ලීඩිං රෝල් එක වෙලා, බලය අතට අරන් ෂේප් එකේ හොර රහසේ තමන්ට පෞද්ගලික වශයෙන් විශාල වශයෙන් මුදල්ද සමග වෙනත් ආකාරයේ සියලුම වරප්‍රසාද හිමි කර ගන්නවා.

    ඒ වරප්‍රසාද වෙන්නේ තවතවත් මුදල් ඉපයීමේ ක්‍රම සහ එහෙම ඇතිකර ගන්නා සබඳතා හරහා දේශපාලනික බලය.

    ඒ වගේම තමන් වෛර කරන සමාජයේ තවත් එක් ඔතෝරිටි එකක් කැඩුවා කියලා ලබන මානසික වින්දනයත් මොවුන් ලබනවා.

    දැන් ලංකාවේ ඉන්න ඔය රැලිවලට අහුවෙලා ගහගෙන යන මේක නොතෙරෙන මිනිස්සුන්ටත්, මෙතන වෙන දේ තේරෙන්න මාස තුන හතරක් යයි. ශ්‍රී ලාංකිකයන්ගේ විදිය. අරගලය වගේම දේශපාලන ධාරාවේ කැම්පේන් වලත් වෙන්නෙ ඒකම තමයි, රටින් පිට ඉඳලා පැරණි අත්දැකීම් වලින් ඉගෙනගත් මැදහත් මිනිසුන්ට මේක පැහැදිලි ලෙස දකින්න සහ ලේසියෙන් තේරුම් ගැනීමට පුළුවන් මොකද අපි ලංකාවේ දේශපාලනයටඍජුව සම්බන්ධ නැති නිසා සහ ඔය පාර්ශව වලින් කාටවත් විශේෂ බැඳීමක් නැති නිසා.

    හැබැයි ඔතන තියෙන ප්‍රශ්නේ විකෘතියක් නිසා සමාජයට වෛර කරන ට්‍රැක් අවුට්, වෛරයෙන් පිරුණු කාටවත් තමන්ගේ පුද්ගලික ඇරියස්, ඇජෙන්ඩා වෙනුවෙන් සාමාන්‍ය ජනතාව මිස්යූස් කරන එක ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා මාතාවන් වගේ අය පෙරමුණ ගත යුත්තේ "එසේ ඔබ පාවිච්චි වෙන්න එපා, රටක ගුරුවරයො කියන්නේ සමාජයට වඩා බුද්ධිමත් ලෙස පෙන්වා ගෙන තරුණ පරපුරට නුවණැසින් ලොව දැකීමට නිදහස් අදහස් දායාද කළ යුතු වැදගත් පිරිසක්" කියන මතය තදින් සමාජ ගත කිරීමට අවශ්‍ය සමාජ ජාල ක්‍රියාකාරකම් සඳහායි.

    ReplyDelete
    Replies
    1. Nicely written. I had to agree to most of the facts that you stated, it's another kinda political campaign by bunch of goons whom conducting professional protesting ventures as a business enterprises.

      Delete
  4. අඩෝ ළමාතං එහෙම කියන්න එපා ඩෝ යකෝ තොට තේරෙන්නේ නැද්ද ගොන් මෝලෝ මීට පස්සේ ඉස්කෝලේ යන ළමයින්ට ගුරු පඬුරු දෙන කොට ඉනේ සයිස් එක ඇගේ මිම්ම ගන්න වෙනවා.

    ඒ වගේම තමයි ගුරුවරියන් ට චූ කරන්න ලෙහෙසි වෙනවා.

    වැදගත්ම දේ තමයි ගුරුවරියන්ට හදිසි වෙලාවට උස්සන්න හෝ ගලවන්න ලේසී නිසා මුල් ගුරුතුමාට අල්ලන්න ලෙහෙසි වෙනවා ඒවා ගැනත් ලියපිය ඩෝ කවියකින්

    ReplyDelete
  5. සාරිය ප්‍රතික්ශේප කර වෙනත් ඇදුමක් බාවිතා කල ගුරුවරියන්ට විනය පරීක්ශණයක් අවස්‍ය නෑ
    මොහුන් ඕමාන් රටට යවා වෙන්දේසියේ දමා ගනිකා නිවාසවලට අලෙවිකල යුතුයි. ඔහුන්ට සුදුසුම රැකියාව ඒක .ඔතන හිටපු ඇදුම මාරුකල ගුරුවරියන් කීප දෙනෙක් දැන්ටමත් කරන්නේ ඔය ජොබ් එක. ඔහුන් සාරියට අකමැතිවීමට හේතුවත් රූම් එකකට ගියවිට ඕක ගලවන්ඩත් නැවත අදින්ඩත් අපහසුයි. දැන් ගවුම උස්සපුවම හිටගෙන හරි වැඩේ කරන්ඩ පුලුවන් .

    ReplyDelete
  6. කවි ටික නම් පංකාදු පහයි බං සාරි සීන් එකේත් දෙපැත්තක් තියනවා ඔහොම බලන් යනකොට හැබැයි ඔය කවුරුවත්ම නොකියන තවත් පැත්තක් මම දැක්ක ඇත්තටම සාරි නැතිව කැෂුවල් වැඩට එන ගුරුවරු පවසන්නේ ශිෂ්‍යන්ට ද කැෂුවල් ඇඳලා පාසැලට එන්න ඉඩ දිය යුතු බවද?

    එහෙම නැතිනම් ගුරුවරුන්ට ඩ්‍රෙස්කෝඩ් ඕනේ නෑ; හැබැයි ළමයි විතරක් යුනිෆොර්ම් ඇඳලා එන්න ඕනේ කියලා ද?

    ඇයි වදේ ළමයින්ටත් කැමති ඇඳුමක් ඇඳලා එන්න ඉඩ දීම අවශ්‍යයි නේද? එහෙම කළාම හෙන ගහනවද?

    ReplyDelete
    Replies
    1. හොඳ තර්කයකි මේ මහතා ගෙන එන්නේ
      නොදනිමි පිළිතුරක්, කවුදෝ එය දන්නේ

      Delete
  7. ඔබේ තීරය ගැන ලියලා නෑ වගේ නේද පේන්නේ මේ කවියේ? මම දන්න විදිහට කලකට ඉහත අපේ සීයලා තරුණ කාලේ තිබුණ සිලෝන් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් නැත්නම් හැමෝම දන්න කියන ලංකා ගුවන් විදුලි සේවයේ (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙන්න කලින්) තිබුන, අසන්නන් විසින් තැපැල්පත් මගින් ගීත ඉල්ලා එවන, අතිශයින් ජනප්‍රිය වැඩසටහනේ නම තමයි 'ඔබේ තීරය' නමින් හැඳින්වුණ බවයි අපේ සීයා නාඹර කෙළිලොල් වයසේ හිටපු මට ඒ කාලේ කියලා තියෙන්නේ.

    ඔය කාලෙදි කාන්තාවන්, (ඒ කාලේ විශේෂයෙන් පාසල් ගුරුවරියන්) ඔවුන්ගේ හැට්ටයේ පහල සීමාව සහ සාරියේ ඉහල සීමාව කැපී පෙනෙන ලෙස පළල් කිරීම නිසා තමයි මේකට ඔබේ තීරය කියලා නම වැටුනේ කියලා තමයි සීයා කියලා තියෙන්නේ. 'ඔබට බලන්නට තබා ඇති තීරය' කියන අදහසින් සමාජය විසින් මේ නම පටබැන්ද බවයි අපේ සීයා ඔය ගැන රසවත් තොරතුරු පවසා ඇත්තේ දැනට අසූ දෙවෙනි වියේ පසුවන මගේ සීයාටත් අසූ හැව්රිදි අත්තම්මාටත් දීර්ඝායු වේවා කියලා ප්‍රර්ථනා කරනවා මගේ ළමා කාලය රසවත් ව විවිධ ආකාරයේ රසවත් දේවල් විස්තර කර විවෘතව කතා කර ජීවිතයේ සුන්දර මතකයන් ගොඩක් ලබා දුන්නාට....

    ReplyDelete
  8. සමහර ගෑණු උදවිය සාරි හදියි... බුරියත් පෙනෙය්.. කොල්ලෙක් දැක්කොත් බොරුවට පල්ලහාට අදී... හරියට වෙන කෙනෙක් ගේ උවමනාවට ඇන්දා වගේය. සමහරු සාරිය ඇන්දාම පිට එළියේයග බලන්ඩ කැතයග උන්ට ගානක් නැත වමනය යන්නේ පේන අපිටය. කොහොමත් ඔය සාරි ඇදන් රජයේ කාර්යාල වල වැඩ කරන උන් නං මට පේන්න බැරිය. වැඩ කරන්නේද නැත උන් ඉන්නේ අපේ උවමනාවට රස්සාවට ගියා වගේය. දැක්කාම මළ පනිනවාය

    ReplyDelete
  9. අසහන කාරයො තමන්ගේ ඇරියස් පිට කරගෙන. කාලෙකින් පස්සේ අර ඩෑන් ප්‍රියසාද් කියන හාල් පාරුවත් එලියට බැහැලා තිබුණනේ. මාතලන් තමන්ගේ මතය කෙලින්ම නොකියා පයිය හංගගෙන ඇට දෙකෙන් කෙලල.

    ReplyDelete
  10. මෙතනදී ගුරුවරු අඳින්නේ සාරිද ගවොම් ද හෝ නැත්නම් ළමයින්ගේ ඇඳුම යුනිෆෝර්ම් ද කැෂුවල් ද කියන එකට වඩා මෙතන ප්‍රශ්නයක් වන්නේ පාසැල් විශේෂයෙන්ම නාගරික පාසැල් ෆැෂන් ශෝ බවට පත් වීමයි. මේ විකාර වලින් තැලෙන්නේ නැති බැරි ගුරුවරියයි.

    කාන්තාවන් අලංකාරෙට අඳින්න කැමති බව රහසක් නොවේ. එහි වරදක් නැතත් හැමෝටම නවීන විලාසිතා සඳහා වියදම් කිරීමේ හැකියාවක් නැත. ඇති හැකි ගුරුවරියන් පොෂ් විදියටත් නැති බැරි ගුරුවරියන් පරණ ගොඩේ තාලෙටත් අඳින්න ගත්තාම මේ දෙපිරිස දෙස ළමයින් දෙවිදියකින් බලන්න පටන් ගැනීම වැලැක්විය හැකි නොවේ. මෙය ගුරුවරයා සම්බන්ධව සිසුවා තුල පැවතිය යුතු ආකල්පය කෙරෙහි ඇති කරන්නේ ඍණාත්මක බලපෑමකි.

    මෙයින් සිදුවිය හැකි තවත් නරක ප්‍රතිඵලයක් නම් ගුරුවරියන් ළමයින් ගෙන් තෑගිබෝග ගැනීමට පෙළඹීමයි. මෙය දැනටමත් ඇතැම් පාසැල් වල වසංගතයක් ලෙස පැතිරී ඇති ප්‍රශ්නයකි. ගුරුවරියන් ට පාසැලේදී ෆැෂන් ශෝ කිරීමට සිදු වූ කල මේ ප්‍රශ්නය තවත් ඔඩු දිවීම නතර කළ නොහැක. ගුරුවරියන්ට පාසැලේදී ෆැෂන් ශෝ කිරීමට ඇඳුම් ආයිත්තම් ගෙන එන සිසුන්ට පංති කාමරය තුල තැන ලැබීමත්, එසේ කිරීමට බැරි සිසුන් පංතියේදී කොන් වීමත් ඉදිරියේදී දැකිය හැකි වනු ඇත. ලෝකල් ස්ටාලින් ට වත් ගුරුවරියන්ට කලිසම් අඳවන්නට හදන බොරු සමාජවාදී රැඩිකලුන්ටවත් මේවා ප්‍රශ්න නොවේ. ආණ්ඩුව මෙහිදී තදින් සිටිය යුත්තේ එබැවිනි.

    - තිළිණි ෂැල්වින්

    ReplyDelete
  11. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ආසන්න පිටිසරබද ගමක වාසය කරන මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ, ඒකම මෙතැන් යොදා ගන්නවා.) මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්න කොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.

    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේම නෑ. මට සෑහෙන කාලයක් තරහ ගියා කට්ටියඑක්ක වලින් දාගෙන ගුටි කන්න වුණා තනියම ඇඬුවා ඊරියක වගේ අඬ අඬා හිටි වෙලාවල් ගොඩක් තියෙනවා ඔහොම සෑහෙන කාලයක් මම ඕක නිසා විඳෙව්වා.

    ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත රජයට 100% ක් ම අයිති පිටිසරබද සවුත් වේල්සයේ අපජලය පිරිපහදු කිරීම සඳහා පිහිටුවා ඇති රජයේ ආයතනයක ඉතාමත් නිදහස් වැඩ හෙම අඩු රැකියාවකුත් කරනවා ලංකාවේ වගේ හිඟන කාලකන්නි පාදඩ රටක නෙවෙයි සංවර්ධිත ලෝකේ පිළිගත්තු වැදගත් උසස් රටක... ඒ වගේ ලංකාවේ ඉන්න අයටත් ගොඩක් උත්සාහ කළොත් මම තරමට නැතත් ඔය ඉන්න තැනින් ටිකක් හරි ඉහළට යන්න පුළුවන් වේවි

    ReplyDelete
  12. පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.

    සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු ණය මාසිකව තුලනය කර ගන්නනේ ඉදිරි මාසයටද හිග ශේෂයක් ඇති කරගෙනය.

    ආදායම් අතිරික්තයක් නොමැති සමාජ ස්ථර අතිරේක ව්‍යාපෘති සිහිනයක් බවට පත් කරගෙන ඇති බැවින් එදිනෙදා රැකියාවක් කර මුදල් උපයා ගන්නා කම්කරු ,ගොඩනැගිලි ඉදිකිරීම් කේෂත්‍රයේ ,වැනි රැකියා කරන අයට අද රැකියා නැත.

    අවුරුද්ද ඉවර වෙමින් අළුත් පාසල් වාරයක් ආරම්භ වෙමින් ඇත. පාසල් යන වයසේ දූ දරුවන් ඇති දෙමව්පියන් අනිවාර්යෙන්ම පාසල් ලිපි ද්‍රව්‍ය සදහා මුදල් වැය කල යුතුය. වැය කිරීමට අයක් නැති බාවින් දෙමව්පියන් අසරන තත්වයකට පත්වී ඇති බව රහසක් විය නොහැකිය.

    ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයට අවබෝධයක් නැද්ද ?. අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යවරයාට මේ ගැන සංවේදිත බවක් නැද්ද ?.

    පාසල් ලිපි ද්‍රව්‍ය . සහ උපකරරන සදහා පමනක් සෙස් බද්දවත් අඩුකිරීමට නුවනක් නොමැති නම් කුමට මෙවන් රජයක් ?

    ReplyDelete
  13. If teachers can ware any dress they want to school for their own convenience, would it not be right for student's to be allowed to dress what they want to school?

    If the dress of the teacher does not have an impact on the quality of teaching, the dress of the student's should not have an impact on the ability to learn, isn't it?

    ReplyDelete
  14. කකාගේ පුක හරීම ගඳයි

    ReplyDelete
  15. පෙර ඉතා ගරු කටයුතු සේවයක් වූ ගුරු සේවය පසුව පාසලේ නිකන් ඉඳ හවස සල්ලි වලට උගන්වන නිකම්ම රස්සාවක් බවටත් මේ වන විට ස්ටාලින් වැනි තම නිල රැකියාවට අදාළව කිසිම වැඩක් නොකර එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යාම හා විවිධ සංවිධාන වල උද්ඝෝෂණ ව්‍යාපාර වලට යාම පමණක් කරමින් මහජන මුදල් කාබාසිනියා කරමින් බලෙන් පින් පඩි ගන්නා NGO අපතයන් නටවන ගුරු හොරු කල්ලියක් බවටත් පත්ව ඇත.

    මුන් පාස්කු ප්‍රහාර සමය කොවිඩ් වසංගතය ආදී හේතු නිසා එක දිගටම පාසල් වසා තැබීමට රජයන්ට දැඩි ලෙස බලපෑම් කළ අතර ඒ නිසා අවශ්‍ය කාලයටත් වඩා වැඩි කාලයක් අවුරුදු දෙකක් විතර කාලයක් තිස්සේ වසා තැබීම සමග ලංකාවේ ළමුන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම කඩා වැටී බංකොලොත් වී ඇති අතර එසේ අවුරුදු ගානක් ගෙදර ඉඳන් පින් පඩි අරන් ඉන්න ගමන්ම නැවත වතාවක් අසරණ ළමුන් පලිහට අරන් ලක්ෂ ගණන් පඩි වැඩි කර ගත් අමු කාලකන්නි මළපෙරේත පින්ගුත්තරයන්ට මෙවැනි දේ ඉතා සුළු වැඩකි…. මුන්ට හෙණ ගහලා මකබෑවිලා පලයන් කාලකන්නි හැත්ත කියා ලංකාවේ මිලියන ගණනක් වූ අහිංසක දෙමාපියන් කරන ශාපය ළඟ දීම පලදෙනු නිසැකවම දකින්නට පුළුවන් වේවි.

    ReplyDelete
  16. ලංකාව අසමත් රාජ්ජයක් වෙන්න හේතුව මේ කමෙන්ට් වලින්ම තේරුම් ගන්න පුළුවන්.. වැඩි ප්‍රමාණයක් කියල තියෙන්නේ සම්ප්‍රදායික සාරිය හොදයි කියල.. ස්මර්ට්ෆෝන් පාවිච්චි කලට මුන් ඉන්නේ ගල් යුගේ, ටීචර්ලා විතරක් නෙවෙයි ලමයිටත් යුනිෆෝර්ම් නැති කරන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. මහත්තයා සමලිංගික ද

      Delete
  17. ටීචලා විතරක් නෙවෙයි ඩෝ ලංකාවේ ගොඩක් ගෝතයින්ට ගෝතියන්ට ඔය කතන්දරේ අදාලයිනේ ඕයි බොරුවට පොශ් විදියට හිටියට ගොඩක් උන් තඹ දොයිතුවක් තරමක වැඩක් නෑ කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම එක හා සමාන මට්ටමේ ගෙදර වැඩ ටික කර ගන්න බෑ... රසට කෑම උයන්න දන්නේ නෑ ... ඉතින් ඒ වගේ එකෙක්ගෙන් හරි එකියකගෙන් ඇති වැඩෙ මොකක්ද ?.. පොශ් වෙන්න නම් දගලනෝ පොශ් එක ගහගනින් ඉතින් 🤮😂😂😂😂😂 ## 😂👍 අනේ ඉතින් පව් ඉතින් 😂🙏😂

    ReplyDelete
  18. මම හිතන්නේ මේ වගේ දේවල් ගැන තවත් පැත්තකින් කල්පනා කරලා බලන්න ඕන කියලා මොකද අදට අවුරුදු දෙකකට උඩ දි මගේ පලමු ප්‍රේම සම්බන්ධතාවය අතරමග නැවතුනා. නැවතුනා නෙමෙයි නවතන්න සිදු වුනා. තව දුරටත් අපි දෙන්නට 'අපි' විදිහට එකට ඉන්න බැරි බව තේරුම් අරගෙන ඇයට අවශ්‍ය උනා මගෙන් ඈත්වෙන්න..

    එවෙලෙ වෙන කරන්න දෙයක් නැති කමට මම ඇයගෙ ඉල්ලිමට ඉඩ දීලා පැත්තකට උනා..

    කාලයක් ගත වෙලත් අපි අතරෙ කිසිම තරහක්, අමනාපයක් ඇතිවෙන දෙයක් කිසිවිටෙක සිද්ද වෙලා නැ. ඉද හිට පාරෙදි හමුවෙලා අපි දෙන්නා දුක සැප විමසලා හදවතින් හිනාවෙන්න තරම් අපි දෙන්නගෙම හිතේ ආදරේ ඉතිරිවෙලා තිබුනා.

    තරහ වෙන්න තරම් හේතුවක් අපි දෙන්නටම තිබුනෙ නැ.. තවමත් නැහැ...

    අදටත් සමහර වෙලාවට මම කල්පනා කරන දෙයක් තමයි මම එවෙලෙ ඇයට යන්න ඉඩ දීපු එක මම මගෙ ජිවිතේ ගත්ත හොඳම වැදගත්ම තිරණයක් කියල.. ඇය දැන් හුඟක් සතුටින් ඉන්නවා දකිනකොට චූටි ඉරිසියාවක් හිතෙ ඇති උනත් ඊට වඩා ගරුත්වයක් මගෙ හිතේ ඇය ගැන තියෙනවා..

    මීට ටික කාලෙකට කලින් දවසක් මම ඇය හමුවුන වෙලාවක ඇගෙන් ඇහුවා 'අපි දෙන්නගෙ සම්බන්ධය නැවතුන එක ගැන ඔයාට දැන් මොකද හිතෙන්නෙ?' කියලා.

    ඇයගේ උත්තරය උනේ 'ඔයා මට ඉඩදීලා පැත්තකට වෙලා මගේ ජිවිතේට බලපෑම් නොකර, කරදර නොකර ඉඳපු එකට හුඟක් ස්තූතියි ඔයාට' කියලා. ඇත්තටම ඒ උත්තරය මට සෑහෙන්න ප්‍රමාණවත් කියල මම දන්නවා.

    ප්‍රේම සම්බන්ධතාවයක් අතරමැද නැවතුනම දුක හිතෙනවා කියල අපි හැමෝම දන්නවා.. ඒත් අපි එයාලට දෙන ගරුත්වය හින්ද ඒ දුක නිවිල යනවා..

    ඒ වගේම තමයි මේ සිදුවීම ගැනත් මම හිතන්නේ ගුරුවරියන් සඳහා මේ කරුණේදී තෝරාගත් පාසල් කීපයකට පයිලට් එකක් විදිහට නිදහස ලබා දිය යුතුයි ඊට පස්සෙ සිදුවන දේවල් නිරීක්ෂණය කරමින් මේ ගැන වඩාත් සාධනීය හැදෑරීමක් කර අවසන් තීරණය කරා යන්න පුළුවන් වෙයි එහෙම නැතුව එක පාරටම සාරි ඕන නෑ කියලා කියන්නේ එක වගේම අනිවාර්යයෙන්ම සාරි ඕනේ කියලා කියන්නේ දෙකම සීමාරහිත අන්තවාදී අමන අදහස්, ඒ නිසා මම හිතන්නේ කළ හැකි හොඳම දේ අදාල පාසල් වල කාර්යමණ්ඩලය එකතු වෙලා පාසලේ කටයුතු සඳහා ඇඳිය යුතු ඇඳුම් පැළඳුම් ගැන තීරණය කරන්න පුළුවන් විදියට නිදහස් දෙන එක බවත් තවදුරටත් කියන්න පුළුවන්

    ReplyDelete
  19. සේරටම කලින් තේරුම් ගන්න ඕනේ දේශපාලකයා පන්සල පල්ලිය පූජකයා, කලාකරුවා ක්‍රීඩකයා, ශිෂ්‍යයා වෘතිකයා, නඩුකාරයා පොලිස්කාරයා මේ සියල්ලන්ම කුණු වෙලා ගඳ පතුරවමින් ඕජස් ගලනවා.

    රටට හුදු ආණ්ඩු වෙනසක් නොව සමාජ පරිවර්තනයක් විප්ලවයක් අවශ්‍යයි. මේ පක්‍ෂ මේ දේශපාලකයා නැති, මේ පන්සල පල්ලිය මෙබඳු භික්ෂූ/ පූජකවරුන් නැති, මේ කලාකරුවා ක්‍රීඩකයා නැති, මේ අධ්‍යාපනය මේ ශිෂ්‍යයන් නැති, මේ නඩුකාරයා මේ පොලිස්කාරයා නැති අලුත් රටක්..

    ReplyDelete
  20. අයන් කරන්න යන කාලය
    අයන් කරන්න වැඩි වේලාවක් යන නිසා වැයවන විදුලිය නිවසේ වියදමට මේ අමාරු කාලයේ වන බර.
    විදුලිය කපන, විදුලිය පිරිමහන්න යය් රටට මේ අමාරු කාලයේ එයින් රටේ ආර්තිකයට වන positive දායකත්වය.
    මේ පතන්ග රෙදි රෝල් හෝදන්න යන කාලය/විදුලිය ජලය හා ඒ වියදම.
    මේ ඇදුමේ මිල හා ගුරු පඩිය.
    වැස්සකදී , සෙනගපිරි බස් වලට නැගීමේදී වන අපහසුකම් .
    ඇදීමට යන කාලය හා වැඩ අධ්ක උදය කාලයේ එම කාලයේ ප්‍රායෝගික බව.
    වැනි නොයෙකුත් කාලීන ප්‍රශ්නත් කල්පනා කරන්න ඕන ස්න්ස්කෘතිය කබල් ගාන ගමන්.
    ප්‍රශ්නය තමන්ගෙ නොවීමය් ප්‍රශ්නය

    ReplyDelete
  21. මේ සේරටම මූලික හේතුව ඉන්දියාවෙන් ලංකාවට ආපු ලක්බේ සාරි මගුලක් නෙවෙයි, ඊට වඩා ගැඹුරින් දකින්න පුරුදු වෙන්න්න උවමනායි, මුලින්ම ශ්‍රී ලංකාව තුල ඉංගිරිසි අධ්‍යාපනයෙන් හීනමානයක් ක්‍රමානුකූල ව ඇති කළා. අපට ඔවුන් අනුකරණය කිරීම අනිවාර්ය දෙයක් බවට පත් කෙරුණා. බටහිර හැම දෙයක් ම උසස් ලෙස සලකන්න පුරුදු කෙරුණා. අධ්‍යාපනයෙ ද දැනුමෙ ද සංස්කෘතියෙ ද ආදී වශයෙන් හැම තැනක ම මිනුම් දණ්ඩ බවට බටහිර දේ පත් කෙරුණා. බටහිරයන් හොඳයි කිවුවොත් තමයි අපටත් හොඳ වුණෙ. කොටින් ම ලන්ඩන් නිවුයෝක් පැරිස් තමයි අපේ සංස්කෘතික ත්‍රිකෝණය වුණෙ. අපේ වැවු පවා ඉංගිරිසින් මවිතයට පත් කරන බව කියා අප උදම් වුණා.

    මා හිතන විධියට අප සමස්තයක් හැටියට අනුකරණය නොකළෙ ඉංගිරිසින් පස්ස පැත්ත පිහදාන එක පමණය කියා. අප පස්ස පැත්ත සම්බන්ධයෙන් ඉංගිරිසින්ට වඩා උසස් ද? මා එ ගැන සමීක්‍ෂණයක් කරල නැහැ. සමහර උදවිය ඇති එයත් අනුකරණය කරණ. නරක ද විශ්වවිද්‍යාලයක සමාජවිද්‍යා අධ්‍යනංශයකින් ඒ ගැන සමීක්‍ෂණයක් කළොත්. අඩු ගණනෙ ඒකවත් රටට ප්‍රයෝජනවත් වේවි. මට අමතක වුණා සමීක්‍ෂණයත් කරන්න වෙන්නෙ ඉංගිරිසින් කියා දුන්න විධික්‍රමය ද මොකක් ද එක අනුව.

    සමහරු බොහොම මහන්සි අරගෙන තියනවා අපට ඉංගිරිසින් වගේ වැඩ කරන්න උගන්නන්න. ඒ අය හිතල තියෙන්නෙ තම වගකීම තමයි අපට ඉංගිරිසින් වැඩ කරන හැටි ඒ ඒ උපකරණ ස්ථාන පාවිච්චි කරණ හැටි කියා දීම කියල. ලන්ඩන් තමයි ගිහින් ඉන්න බැරි වුණත් සංස්කෘතියේ සංකේතය. මා ලන්ඩන් පැරිස් නිවුයෝක් නගර තුන ම දන්නවා. නිවුයෝක් තමයි මා දැක ඇති අවලස්සන ම නගරය. ලන්ඩන් පැරිස් ඊට වඩා ටිකක් හොඳයි.

    ඉංගිරිසි අධ්‍යාපනයෙන් මාධ්‍යය මොකක් වුණත් අපට අපේ පියවරු ගැන ලජ්ජ වෙන්න කියා දුන්න. ඔවුන් ඉංගිරිසි නොදැනීම, රෙද්ද බැනියම ඇඳීම ගැන අපට හීනමානයක් ඇති කෙරුණා. මා රාජකීය විදුහලේ තෑගි දිනාගන්න විට අපේ තාත්තා රෙද්ද බැනියම ඇඳගෙන ශාලාවේ වාඩි වී සිටියා. සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අනුව තැගි දෙන්නේ අග්‍රාණ්ඩුකාරයා. ඔහු අර විකට ඇඳුමෙන් සැරසී පැමිණෙන්නෙ. වතාවක් ඔහු වෙනුවට අගමැති ලෙස බණ්ඩාරනායක මහතා පැමිණියා. එදා ඒ ශාලාවේ රෙදි බැනියම් ඇඳි දෙදෙනකු හිටියා. මට තාත්තා ගැන තිබුණේ ආඩම්බරයක්. අසනීප වී පාසල් නොගියොත් ලියුමක් ගෙනි යන්න ඕන, තාත්තා ඒ ලියුම ලිවුවේ සිංහලෙන්.

    රාජකීය විදුහලට යෑම ගැන මා කිහිප ආකාරයකින් සතුටු වෙනවා. පරස්පරයක් ලෙස පෙනුණත් මට හීනමානයක් ඇති නොවීමටත් ආත්මාභිමානයක් හා ආත්ම විශ්වාසයක් ඇති වීමටත් ඒ හේතු වුණා. මට චක්‍රිය චින්තනය ගැන පළමුව අසන්න ලැබුණෙ රාජකීය විදුහලේ රසායන විද්‍යාව ඉගැන්වූ ක්‍රිස්තියානි ගුරුවරයකුගෙන් බව කියන්න ඕන. ඔහු ඒ කිවුවෙ එවැනි අර්ථයකින් නො වෙයි. එහෙත් දහහතරවැනි වියේ පසුවූවකු ලෙස එය මගේ හිතේ රැඳුනා. ශ්‍රී ලංකාව තුල සිංහලය වෙනුවන් සටන් කරන්නත් මා ඉගෙන ගත්තෙ රාජකීය විදුහලෙන්.

    ReplyDelete
    Replies

    1. ශ්‍රී ලංකාව තුල අපේ සිංහල/ දෙමළ සංස්කෘතිය ගැන මට ඇත්තේ අභිමානයක්. අනෙක් සංස්කෘතීන්ටත් මා ගරු කරණවා. දෙමළ හින්දු සංසකෘතියට වගේම තව මැදපෙරදිගටත් ඉන්දියාවටත් ගිණිකොණදිග ආසියාවටත් සම්බන්ධ ලාංකීය මුසල්මානු සංස්කෘතියටත්, ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියටත් මා ගරු කරණවා.

      අපේ සංස්කෘතියේ අඩුපාඩුකම් නැතුවා නොවෙයි. එහෙත් අප ඒ බැලිය යුත්තේ අපේ පැත්තෙන්. අප ලන්ඩන් පැත්තේ සිට එ දෙස බලා වැරදි හොයන එක වැරැද්දක්. ඊනියා සංස්කෘතික පොලීසියක් කියා කියන්නෙ බටහිර සංස්කෘතික අධිපත්‍යය අප වෙත පැටවීමට එන විට අපේ සංස්කෘතියෙන් දැක්වෙන විරුද්ධතාවට. හිතනවාද ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතිය සර්ව සම්පූර්ණ එකක් කියා?

      මා කැලණිය විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ එහි ඉංගිරිසි අධ්‍යනාංශයෙන් මට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුව සංස්කෘතික පොලීසියක් ගැන කියමින්. පොලීසිය නිකම් හිටියෙ නැහැ. පෝස්ටරවලින් ම උත්තර දුන්න. ඊට පස්සෙ සද්දයක් නැහැ. මා අහන්නෙ අපේ සංස්කෘතිය විවේචනය කරන අය ඒ සඳහා තමන්ගෙ අදහසක් ප්‍රයෝජනයට ගන්නවා ද? ඔවුන් කරන්නෙ බටහිර මොකක් හරි සංකල්පයක් අල්ල ගෙන විවේචනය කරන එක.

      ශ්‍රී ලංකාව තුල අපට කියා දෙන්නෙ බටහිර පොතපත ගැන. ශ්‍රී ලංකාව තුල දෙමළ හින්දුන්ට පණ දෙන්න කතා කරන අය කර්ණාටක සංගීතය අහන්න යනවා ද? නොතේරුණත් බටහිර සංගීතය අහන්න ගිහින් අත්පෙළොසන් නොදිය යුතු තැන්වල දී අත්පාළොසන් දී මහා ආඩම්බරයකින් ගෙදර යනවා. ඔවුන් භගවද්ගීතය කිසිවකුටවත් කියා දෙනවා ද? මා අද්වෛත නිර්ගුණ බ්‍රහ්මන් සංකල්පය අගය කරනවා. පැවැත්ම ගැන හොඳ ම වාද කෙරිල තියෙන්නෙ පෙරදිග. නාගර්ජුනපාදයන්ගෙ අහළකටවත් එන්න කාටවත් බැහැ. බුදුහාමුදුරුවන් කියපු දේ නම් නාගර්ජුනපාදයන්වත් තේරුම් ගත්තා කියා කියන්න බැහැ. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ මට විතර ද බුදුහාමුදුරුවන් තේරෙන්නෙ කියල. අපොයි නැහැ මා මොනවාද දන්නෙ?

      ශ්‍රී ලංකාව තුල බටහිර දැනුමේ උසස් බව තමයි අපට හැමදාමත් ඇහෙන්නෙ. එ විද්‍යාව හින්දා. ඒ නිසා ම අපට බටහිර විද්‍යාව ගැනත් හීනමානයක් තියෙනවා. බටහිර විද්‍යාව නොදැනීම පිළිබඳවත් අපට ඇත්තෙ හීනමානයක් අද බටහිර විද්‍යාව වෙනුවෙන් ඒ ඉගෙන නොගත් අයත් පෙනී ඉන්නවා. මට සකර්බර්ග් හමු වුණාය කියන එක තේරුම් නොගත් අය බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියන එක තේරුම් ගනීවියැ?

      ශ්‍රී ලංකාව තුල තව තව හීනමාන බටහිර අධ්‍යාපනයෙන් ඇති කරල තියෙනවා. පාසල් කුල ක්‍රමය නිසා ශ්‍රී ලංකාව තුල තදබල හීනමානයක් තියෙනවා. විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට නොහැකි වීම, ඇතුල්වීමට හැකි වුණු පීඨය, හදාරණ විෂය ආදී වශයෙන් අනේක විධ හීනමාන තියෙනවා. අවසානයේ දී මේ සියලු හීනමාන සිංහල බෞද්ධ සංස්කෘතිය පිටින් යවනවා.

      ශ්‍රී ලංකාව තුල සිංහල බෞද්ධ සංස්කෘතිය මිටි තැන බවට පත්කරලා... මිටි තැනින් වතුර ගලා බහිනවා.... !

      Delete
  22. කාවිය සිරෝමනී ගොයියාගෙන් හොඳ මරු කවිසැට් එකක්, ඕක ගැන කතා කරද්දි එක පැත්තකින් ගුරුවරුන්ගේ සාරිය නිසා සංස්කෘතිය විනාශවෙනවා. මොකද ඕක අඳින එවුනුත් පිට බඩ බුරිය පේන්න ඇඟ පේන විදියට නේ අඳින්නේ අනික් අතට මේ සාරිය ගලවන්න කාලකන්නි මලපෙරේත NGO කාරයෝ දඟලනවා. මම හිතන්නේ නැචුරලිම පෙනුම අඩු මොනවා ඇන්දත් ආකර්ෂණීය පෙනුමක් නැති සහ සමලිංගික ස්ත්‍රී වාදී ආදී අප්සෙට් සහ ට්‍රැක් ඩයල් වන වෙන රස්සාවක් හොයා ගන්න බැරුව ගුරු රස්සාව කරන්න ආපූ දෙකයි පණහේ ගුරුවරියෝ තමයි වැඩිපුර ඔය සාරි කේස් එකේ එල්ලිලා සාරි එපෝ අපට එපෝ කියලා විලාප හඬ නගමින් ගොන් පාට් දාල මෝඩ ආතල් දෙන්නේ ඒ අස්සේ අර සල්ලි වලට තමන්ගේ අම්මා තාත්තා හරි පාවා දෙන කාලකන්නි ඩෑන් වගේ පෙරේතයන් ආයි පාරක් එලියට ඇවිල්ලා ඉන්නවා. මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න අමතක කරලා රට ජාතිය බේරගන්න අන්තිම අවස්තාව උදාවෙන් සීන් එකක් වගේ එන්නේ.

    කෙසේ වෙතත් ක්‍රිකට් වල අර සංගාගේ ගෑනිගේ කතාවේ ගැඹුර බලන්නම වෙනවා. ඒ සම්බන්ධයෙන් යෙහාලි කියලා කියන වෙට්ට පාසි මලහෝන්තුවට අප ස්තූති වන්ත වෙන්න ඕනා...

    අවුරුදු පහළොවක් විතර පරණ කතාවක් මේක, ඔය නාකි මයින ජනාධිපති කාලේ අරවින්ද යටතේ කණ්ඩායමේ තේරීම් කමිටුව හිටපු අසන්තා ද මැල් ඉඳලම ඔය ආගම්වාදය පුරවගත්ත උන් තමයි හිටියේ. යහපාලන රජය සමයේ අසන්තා ද සිල්වා සමග ඇෂ්ලී ද සිල්වා වගේ සෙට් එකක් බලෙන් මැතිව්ස් ලා සංගක්කාර මහේල හතුරුසිංහ කුසල් මෙන්ඩිස් වගේ බෝන් අගේන් පිස්සු ඩයල් එක්ක ක්‍රිකට් ටීම් එකේ බලය අත්පත් කරගෙන ආගමික අන්තවාදයේ ගොදුරක් කරගත් කතාව දැන් කවුරුත් දන්නවා

    අර සංගාගේ මොංගල් ගෑනිගේ කතාවේ හැටියටම පේනවා බෝනගේන් පිස්සු අන්තවාදී කාලකන්නි හැතිකරේ ක්‍රිකට් ඇතුලේ ලොකු ආගමික ගේමක් දීලා උන්ගේ ඒකාධිකාරයක් බලහත්කාරයෙන් පවත්වාගෙන යමින් තියනවා කියලා. හැබැයි සාමන්‍යයෙන් රාජපක්ෂලාගේ බලය දුර්වල වුනු වෙලාවට මේවා එලියට එනවා වැඩියි. ඒ ගැනත් ටිකක් හිතන්න ඕනා...

    ReplyDelete
  23. Saumyata diwa dala juice bonna thibba nam

    ReplyDelete
  24. ඔය ඇඳුමෙන් මිනිස්සු මනින එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වටේ ගොඩක් රටවල විඳින්න වෙන දෙයක් මටත් ඔහොම දේවල් ගොඩක් වෙලා තියෙනවා මුලින්ම වුණේ මේක මතක හැටියට,ඔන්න එක දවසක් Fort Station එකේ ඉඳලා Kandy යන්න 1st Class ටිකට් එකක් අරන් පෙට්ටියට නගින්න හැදුවම Train Guard කෙනෙක් මේ මේ කොහෙද නගින්න හදන්නෙ.යනවා ඉස්සරහ පෙට්ටි වලට.ඕව වල ඔයාට යන්න බෑ කිව්වා.මම නිකන් T Shirt and Denim ඇඳල ගියෙ.ඇඳුමෙන් මාව මැනල මට කෑ ගැහුව.මම එතකොට Ticket එක පෙන්නලා මේ Ticket එක තියෙන අය යන්න ඕන කොහෙද එතකොට ඇහුවා. ඊට පස්සෙ එන්න Sir කිය කිය හෙන සැලකිලි, හිකෙන් පුනා ඕයි...

    ReplyDelete
  25. මෙන්න ගුරුවරු (පීචන් ගුරු හොරු) සාරි ගලවලා ළමයින්ගේ ගවුම් ඇඳගෙන:

    https://www.youtube.com/watch?v=IPiowckrC3w

    ReplyDelete
  26. අපගේ පුකවල් රසිකට. ඔයාලගේ පුකවල් කාටද?

    රසික සුරියආරච්චි මැතිතුමාගේ පුකේ සුවඳ.

    සුවඳේ මට සීතල සුළග පවා
    අපේ රසිකගේ පුක්ක හිලාවේ

    ReplyDelete
  27. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මේකෙ ගෑණු ටික හරි කෙලින් නැති නිසා. තමන් අඳින්න ඕන විදිය, කන්න බොන්න ඕන විදිය, හැසිරෙන්න ඕන විදිය තීරණය කරන්න එන පිරිමින්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලලා, 'Ai whotto, thota mokada wenna ona?' කියලා ගැම්මට අහන්න තරම් හයිය තියෙන ගෑණු ටිකක් එනකං, ඒ හයිය ගෑණුන්ව එපා එපා කියලා යට ගහන අනික් ගෑණු ටික අඩු වෙනකං, මේ රටවල් දිගටම මෙහෙම තියේවි.

    අඩුම ගානේ අපේ පරම්පරාවේ වයස තිහට අඩු ගෑණු ළමයි හරි කෙලින් තීරණ ගන්න පටන් අරන් කවදා හරි දවසක ගෑණු තමන්ගෙ ඇත්ත බලය තේරුම් අරගෙන, ඒ බලයෙන් ප්‍රයෝජන ගන්න පටන් ගනිපු දවසක, මේ රටේ ප්‍රශ්න වලින් බාගෙට බාගයක් විසඳෙනවා. රටක විප්ලව සාරියක් නිසාත් පටන් ගන්න පුළුවන් මචං 👍 හරිද මාතලන්?

    - Erandi Kaushalya ♥️

    ReplyDelete
  28. ඇමෙරිකානු ඩොලර් බිලියන 220 ක්,
    ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය මෙන් 4 ගුණයක්, සරලව කිවහොත් ලංකාවට තෙල් නැව් 4400 ක්,

    තම අභිමානය පන්දුවක් තුලින් දකින, විශ්වාස කරන
    මහද්වීප 07 ක්,
    රටවල් 32 ක්.

    එතෙක් මෙතෙක් ලොව බිහි වූ සුපිරිතම ක්‍රීඩකයින්ගෙ ඇතුළු
    ලොව වටිනාම රක්ෂණයන්ට හිමිකම් කියන පාද යුගල් 352 ක් මිනිත්තු 90ක් තුල සිපගැනීමට සැරසී සිටින වායුසමීකරණය කරන ලද සුපිරි ක්‍රීඩාංගණ 08ක්,

    රජමැදුරේ සිට දුගී පැල්පත දක්වා හදගැස්ම පාපන්දුව කරගත් ප්‍රේක්ෂකයින් බිලියන ගණනක් ,

    දිනකට ගුවන්යානා 400 කින් කටාර් රාජ්‍යය වෙත ගොඩබසින සජීවී ප්‍රේක්ෂකයන් ලක්ෂ ගණනක්,

    ඔවුන්ගේ සත්කාරකත්වය වෙනුවෙන්ම ඉදිවුණු නොඉඳුල් තරු පන්තියේ හෝටල් 07ක් සහ පාවෙන හෝටල් 03 ක්,

    ඔව් මේ.....
    ලෝක බලවතාටත් ඇතුළුව මුළු ලොවටම The Power of Money පාඩම කියාදුන්,
    තනි ක්‍රීඩාවක් වෙනුවෙන්
    මේ විශ්වය මත පැවැත්වෙන
    දැවැන්තම,
    ජනප්‍රියම,
    ක්‍රීඩා සැණකෙළියයි.

    FIFA WORLD CUP 2022.

    මේ ගැන මාතලී ගොයියා මුකුත්ම ලියලා නැහැනේ, ඇයි ලියන්න අත පණ නැද්ද ඕයි?

    ReplyDelete
  29. නියමයි මාතලන් එළ . ජයවේවා

    ReplyDelete
  30. මගේ අදහසත් ඔය කේස් එක ගැන කියනවනම් මාතලන් මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට. මම ඉගෙනගත්ත බටහිර වෛද්‍ය විද්‍යාවෙ සංස්කෘතිය විසින්ම මම රැකියාවට ඇඳිය යුතු ඇඳුමත් තීරණය කරලයි තිබුණෙ. සපත්තු මේස් දාල, දිග කලිසමට අත්දිග ෂර්ට් එක ඇඳල, ටයි එක දාල, පින් එක ගැහුවම ඇත්තටම ලස්සනයි. ටයි එක දාගෙන ඉන්න එක ටිකක් අමාරුයි තමයි. ඒත් ඒ අපහසුතාවය මැඩගෙන ඒ ඇඳුම නිසා රාජකාරිය කරන්න අපිට පුදුම පහසුදායක පරිසරයක් හැදිල තිබුණ.

    රැකියාවට එන කාලෙ අපි දැන් වගේ නෙමෙයි. ඒ තනතුරේ තියෙන වගකීම් වල හැටියට අපි ටිකක් වයසින් පොඩි පාටයි. ඉත්න් රෝහලේ කොතනට ගියත් රෝගීන්, කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිත් වෛද්‍යවරු අපිව එසැනින් අඳුනගත්තෙ අපේ ඇඳුම් පැළඳුම් විලාශයෙන්. කිසි කෙනෙකුට හඳුන්වල දෙන්න අවශ්‍ය වුණේ නැහැ මම වෛද්‍යවරයෙක් කියල. ඒ වගේම බොහොමයක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ රෝගීන් ගැන විශේෂඥ වෛද්‍යවරයට present කරන්න ඒකෙන් අපිට ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා.

    ආයතන සංග්‍රහයෙ කිසිම තැනක අපේ ඩ්‍රෙස් කෝඩ් එකක් ඩිෆයින් කරල තිබුණෙ නැහැ. මට කැමතිනම් ඩෙනිමක් ගහල ටීෂර්ට් එක උඩින් දාල යන්නත් තිබුණ. ජාතික ඇඳුම අඳින්නත් තිබුණ. සරමට බැනියම අඳින්නත් තිබුණ. ඒත් එහෙම කරන්න මට කවදාවත් හිතුනෙත් නැහැ හිතුවෙත් නෑ. මම මගේ ජාතික ඇඳුමට ගොඩක් ගරු කරනව. එහෙම කියල කාලයක් තිස්සෙ තියෙන බොහොම පහසුවෙන් දුවන සම්ප්‍රදායට එරෙහි වෙන්න මට වුවමනාවක් ඇති වුනේ නැහැ. සමහර දවස් වලට උදේට දාන ටයි එක ගලවන්නෙ රෑට. දවස පුරාම මැරීගෙන වැඩ කළත් ඒ ඇඳුම තුළ තියෙන අපහසුවට වඩා පහසුව මම අත්වින්ද.

    සීමාවාසික පුහුණුවෙන් පස්සෙ මට දිගටම වැඩ කරන්න ලැබුණෙ සේවාමුර විදිහට වැඩ කරන තැන්වල. දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක වල අවුරුදු 14ක් වැඩ කළා. පැය හයේ එහෙම නැතිනම් 12 සේවා මුරයට unit එක ඇතුලට ගියාම ආයෙ එළියට එන්නෙ සේවා මුරය ඉවරවෙලා. ඒවයෙ අපි හොඳින්ම හඳුනන කාර්යමණ්ඩලයක් ඉන්නෙ. ඒ වගේම අපි ගැටෙන රෝගීන් ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා smart casual අඳින්න පුරුදු වුණා. ඒකත් හැබැයි බොහොම පිළිවෙලකට කලේ.

    රාත්‍රී සේවා මුර වලදී නිදාගන්න ලැබෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. රෝගීන්ගෙ වැඩ ඔක්කොම ඉවර කරල ළඟ තියෙන රෙස්ට් රූම් එකේ ඇඳට වැටිල ටිකක් නිදාගන්නව. පැය බාගෙකට පැයකට වගේ ඇහැ පියා ගන්න එක තමයි කරන්නෙ. ටික වෙලාවකට වුනත් සරමක් ඇඳගෙන ඒ වෙලාව ගත කරන්නෙ. හොඳට ventilate වෙන හින්ද 😂 පහසුවට නින්ද යනව. ඉතින් ඔහොම ඉන්නකොට කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරනව doctor patient කෙනෙක් ඇවිත්, එහෙම නැතිනම් ලෙඩාගෙ මොනවහරි ප්‍රශ්නයක් කියල.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔන්න ඔය වෙලාවට මට හිතිච්ච වාර අනන්තයි මේ සරම ඇඳගෙනම එලියට යන්න තියනව නම් නම් කියල😂. ඇත්තටම ඒ වෙලාවට යුනිට් එකේ ඉන්නෙ රෝගීන් කීප දෙනෙකුයි හෙද හෙදියො, කාර්යමණ්ඩලය දෙතුන් දෙනෙකුයි මමයි විතරයි. සරම ඇඳගෙන ගියත් අවුලක් නැති මට්ටමට එයාල ගොඩක් හිතවත්. ඒත් දඩි බිඩි ගාල ආයෙ කලිසමට මාරු වෙලා ටී ෂර්ට් එක දාගෙන තමයි වාට්ටුවට යන්නෙ.

      මොකද හදිසි ප්‍රතිකාර ඒකකයෙ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙ රෝගියෙකුට අමාරුවෙලා හාට් මසාජ් දෙනකොට ඇඳ උඩට නැගල දණිස් දෙක මෙට්ටෙ උඩ තියාගෙන තමයි පපු තෙරපුම දෙන්නෙ. ඉතින් මම ආසම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ වෙලාවට ඕක ගැලවෙලා බිම වැටුනොත් එහෙම ආයෙ ඇඳුම ඇඳගෙන එනකොට ලෙඩා ජීවතුන් අතර නැති වෙයි.

      ලෙඩා නම් ලෙඩා කියලවත් කියමුකො. ඒත් ඒක දැකල අර යසට ඉන්න මිසීලට හාට් ඇටෑක් එකක් වත් හැදුනොත් අපරාදෙනෙ. ඒක නිසා කැමති ඇඳුම සරම වුනත් ඒ වෙනුවට හිත හදාගෙන හරි සුදුසු ඇඳුම මම තාමත් අඳින්නෙ.

      විශේෂයෙන් මිනිස්සු ගරු කරන රැකියාවක තමන්ගේ ඇඳුම නිසා සේවාදායකයින් අපහසුතාවට පත් නොවිය යුතුමයි. මොකද මේ සමාජයේ කෙලෙස් ප්‍රහාණය කරපු අය අති දුර්ලභ නිසා. නීති පොත්වල කොහොම තිබුනත් සමාජයක ජීවත් වෙනකොට අපිට කැමති කැමති දේවල් කරන්න හැමවිටම බැහැ.

      ඊළඟට ගුරුතුමියන්ගෙ ඇඳුම ගැනත් මගේ හැඟීම පවසනවා නම් නම් මුලින්ම කියන්න ඕන ඔවුන් ඇඳිය යුතු ඇඳුම ගැන බලපෑම් කරන්න මට අයිතියක් නැති බව කියලම පටන් ගන්නම්. මට දැනෙන දේ විතරක් මම කියන්නම්.

      සරියක් ඔසරියක් ඇඳල එන ගුරුතුමියන්ට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි. ඒ ඇඳුම තුළම ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනව. පාසල අවට කොහේ හිටියත් අපි ඒ ඇඳුමෙන් ඔවුන්ව හඳුන ගන්නව. ඒ ඇඳුම තුළ ඔවුන් කෙරෙන් හොඳ පෞරුෂයක් මට පෙනෙනව. සමාජය තුළ බොහෝ කාලයක් මට තියෙන අත්දැකීම් අනුව මේ සාරියට ඔසරියට හැම මිනිහෙක්ම සාපේක්ෂව ගොඩක් ගරු කරනව. ඒ ගොඩනැගෙන පෞරුෂය ඉදිරියේ කාන්තාවකට සමාජයේ ලොකු රැකවරණයක් ආරක්ෂාවක් පවා තියෙනව.

      දැන් ඉතින් කියන්න එපා ඇඳුමෙන් මිනිස්සු මනින්න තරම් මේ සමාජය ගෝත්‍රික ද කියල. හේතුව අහන්න එපා. මම මේ කියන්නෙ ඔබ කැමති වුණත් නැති වුණත් මේ මහපොළොවෙ තියෙන යථාර්ථය. ඒක එහෙමම තමයි. ඉතින් ඒක දන්න කිසිම ගුරුවරියක් සාරියෙන් වෙන ඇඳුමකට මාරු වෙන එකක් නෑ. ඇත්තටම ලෝකෙ පහසුම ඇඳුමක් කියල එකක් නැහැ. ඒක තීරණය වෙන්නෙ ඇඳුම අඳින කෙනාගෙ අවශ්‍යතාවය, අපේ සංස්කෘතික සමාජ සහ ආගමික වටිනාකම්, වෘත්තීයමය ස්වභාවය වගේ සාධක බොහොමයක් එකතුවෙලා.

      ඒ වගේම තමයි system change කියන්නෙ මිනිසුන්ගෙ ඇතුල වෙනස් කරන්නෙ නැතුව පිටකවරය මාරු කරන එක නෙමෙයි. ඒ වගේම ඇතුලතින් පරිපූර්ණ කෙනා දැනට තියන කවරෙ වෙනස් කරන එක ගැන ඒතරම් වද වෙන්නෙ නෑ කියන එකත් ලියලම මම නවතින්නම්. 👍

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න