.

.

Nov 10, 2022

රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව ඕල්ඩ් ජෙනරේසොන්

 


රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව

ඕල්ඩ් ජෙනරේසොන්

➖➖➖➖➖😁➖

.

දකුණු පලාතේ ටුවරිසම් ඒරියා එකක කෝටිපති වයසක මුත්තා කෙනෙක්ට විශාල ඉඩමකුත් එක්ක මහා පත වලව්වක් තියෙනවා. මේකේ නැති දෙයක් නෑ. උද්‍යාන, පොකුණු, පොඩි ගොල්ෆ් කෝට් එකක් වගේම විශාල ජලාශයකුත් තියෙනවා මුත්තා ස්විම් එකක් එහෙම දාන්නේ මේකේ... වත්තේ සීමා මායිම් නෑ වගේම මුත්තගෙ වලත්ත කමෙත් සීමාවක් නෑ.. මිනිහා තනිකඩයා...


එක්තරා මාසයක... 9 වැනි දිනෙක... මුත්තා වලව්වේ ආලින්දයේ ටැබ් එකක ඩේටින් සයිට් එකක සැරිසරමින්නාතරේ මුරකාරයා කලබලයෙන් ...


ස.....ර්.... ස....ර්..... ආන් අරෙහෙ පොන්ඩ් එකේ කෙල්ලෝ වගයක්.... ඇඳුම් ඔක්කෝම ගලෝලා... නිර්වර්ස්තරෙන් පොන්ඩ් එකට බැහැලා...


උන්ව එලවන්න හැදුවට යන්නේ නෑ... මේවා උන්ගේ මුත්තලාගෙන් කොල්ලාකාපු දේය... ජනතාවගේ දේය ... උන්ටත් ඒවා අයිතිය... උන්ගේ අරගලේ කරන්නේ ඒකටය කියලා... තෝ හාමුලට කඹුරන වහල්ලුය ... ඩෝන්ට් ට්‍රයි ටු මෙසප් විත් ද රෝන්ග් ජෙනරේෂන්  කියලා මාව එලෙව්වා ස...ර්......


හහ්... එව්වා කොහෙද මාත්තෙක්ක.... උගෙ අම්මගෙ ජෙනරේෂන් ... වරකො යන්න මාත්තෙක්ක ඕකුන්ගේ අම්මලට හමන්නලා ගන්න.. ආවා මාත් එක්ක හැමිනෙන්න...


මුත්තා පොන්ඩ් එක දිහාට එනවා දැකපු කෙල්ලන්ගෙන්... කැම්පස් ලුක්කෙක තියෙන කෙල්ලෙක් හඬ අවදි කලා....


ආ නාකී වලත්තයා තෝ ආවද මෙතන කෙල්ලෝ හෙළුවෙන් නානෝ බලන්න... දැන් ඉතින් මොකා ආවත් තොපි දෙන්නා මෙතනින් යනකන් අපි ගොඩ එන්නේ නෑ.. වනචරයා ආස ඇති නේ ගෑණූ හෙලිවැල්ලෙන් නානෝ බලන්න... ගැට බලන්න....


අනේ පලයන්‍ ගොබ්බ කෙල්ලනේ යන්න.. මට තොපේ නෑමයි... හෙලුවැල්ලයි.... ලොට තනුයි බලන්නෝන නෑ... මම මේ ආවේ ඕකේ ඉන්න කිඹුලන්ට කෑම දෙන්න....


⭕ මොරාල් ඔප් ද ඉස්ටෝරී..


නාකී මයිනන්ගේ නුවන එක්ස්පීරියන්ස් හා වලත්ත කම ළඟ රෝන්ග් ජෙනරේෂන් එක හුජ්ජා කොල්ලෝ හා කෙල්ලෝය...


▪️සුද්දන්ගේ එකක් අපේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පල කලේ මහාචාර්‍ය මාතලන් යකා වන මා විසිනි.


.

28 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ පවු අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික හොඳටම අන්දවලා කඩේ යවා ගත්තා ඒත් දැන් නම් ගොඩක් උන්ට තේරිලා තියෙන්නේ

    ReplyDelete
  2. තොපි දැනගනියව්
    හම්බයො, මරක්කලයො, බෝරා කාරයෝ දෙමෙල්ලු ජන අරගලේ හයිජැක් කරනවා. එදාට තොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියවා නියවා ඉන්න

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයි ජගත් ඔය ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන ජෙරමියස් ප්‍රනාන්දු කියන කම්බහොරා වගේ කාලකන්නි ඊටත් වඩා විනාශයක් රටට කරනවානේ ඔය මල සමයන් මූසල බෝන් එගේන් පාස්ටර්ල කියන්නේ අමු තක්කඩි කුපාඩි හොර හැත්තක්. වලේ පයයි ගොඩපයයි ඉන්න 80 පැනපු විකටර් රත්නායක කියන ගොන් තඩියා උගේ කාලකන්නි බෝන් එගෙන් ආගමට හරවල තියෙනවා කියලා දන්නවනෙ ඉතින් ඔය කියන කාලකන්නි ජෙරමි හොරා සතියකට සැරයක් යාච්නාවට කියල ඇවිත් වික්ටර්ගෙ බැංකු හොරාකාපු ගෑනිට ගහල යනව. නිවස අසල සියලු දෙනා මේ බව දන්නව.

      ඒවගේම තමා අර පහුගිය දවසක ජීවිතයෙන් සමුගත් විසිදැල වගේ සිනමා නිර්මාණ වලින් රටපුරා ජනප්‍රිය වී සිටි අනුශා සොනාලි කියන නිලිය අවසන් කාලයේ දැඩි ලෙස රෝගාතුර වී රෝදපුටුවෙ ඉන්න ගෑනි සනීප කරන්න පුළුවන්යා කියලා යාඤා දේව මෙහෙයන් සඳහා ඇවිත් පුතාව පිටට යවල අර රෝදපුටුවේ දන්වා ලෙඩ ගානේ ඉන්න අසරණ ගෑනිට කටට දෙනවලු. අන්තිමට ගෑනි මැරුනේ ඔය බල්ලාගේ උපදෙස් මත බෙහෙත් ගැනීම අඩු කරලා නිසා කියලා කියන්නේ. මේවගේ හොර තක්කඩින්ට තමයි ලංකාවේ මෝඩ හරක් අහුවෙන්නෙ. ක්‍රිකට් වලට කරන්නෙත් මේ දේමයි. ලංකා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න තක්කඩි හැත්ත වහාම පන්න දැමිය යුතුයි නැතිව ක්‍රිකට් ගොඩගන්න බෑ වගේ ලංකාආණ්ඩුවේ පාලනය ගැනත් ලියන්න තියෙන්නේ එච්චර තමයි.

      Delete
  3. අඩෝ මාතලන් අංකල් අපේ පරම්පරාවේ සෙට් එකට කිණ්ඩිය දාන්න එපා, හරිද?

    රැල්ලට අහුවෙන, එහෙම අහුවෙලා එක එකාගේ බිලි බෝයිස්ලා වෙන එක, එහෙම වෙලා තමන්ගේ හැමදේම ජීවිතේ පවා නැතිවෙන එක හැම පරම්පරාවකටම පොදුවේ අත්දකින්නට සිදු වෙන දෙයක්

    දැන් බලන්න මාතලන් අංකල් ඔයාලගේ හැටේ දශකයේ මුල් භාගයේ උපන් ජෙනරේෂන් එකේ හැටදාහක් ද කොහෙද 80 දශකයේ අගභාගයේ තරුණ කැරලිකරුවන්ට සෙට් වෙලා පාරවල් වල බාබකියු වෙලා ගියා කියලා කියන්නේ? ඇයි ඒ ජෙනරේෂන් එකේ උන් අහුවුණේ නැද්ද? අපිටත් ඔය පරපරම්පරාවේ අයමයි කියන්නේ ඒ ගැන

    වත්මන් තරුණ පරපුර තුලත් නුවණින් විමසා බලා ක්‍රියා කරන ගොඩක් කට්ටිය රැලිවලට අහු නොවී වෙලාවෙන් ප්‍රයෝජන අරන් ස්කොල් එහෙම හදාගෙන පිටරටවලටපැන ගත්තා ලංකාවේ හිටියා වුණත් බේරිලා ෂේප් එකේ පෝස්ට් එකක් දාගෙන මගෑරලා හිටපු කට්ටිය ගොඩක් වැඩියි

    අරගලේ උනත් උඩ හිටපු සෙට් එක අතිවිශාල වශයෙන් මුදල් හොයාගත්ත අය වගේම තමයි රස්සා නැතිව චාටර් වෙලා හිටපු සෙට් එකක් නොමිලේ කෑම් බීම් ආදිය විතරක් නෙවෙයි දෛනික හා සතිපතා වාර්ථා ලබා දී ආදායම් ලබාගැනීම සහ රැල්ලට ෆෝම් වෙච්ච මෝඩ කෙල්ලො සෙට් කරගෙනම ආතල් ගැනීම වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් වුණා

    හැබැයි මේ පරම්පරාවේ බිලි බෝයිලා වුණත් පහුගිය පරම්පරාවල තරම් චාටර් විදියට විනාශ වුණේ නැහැ නේ ඒකත් ලොකු දෙයක්

    මාතලන් අංකල්ලගේ පරම්පරාවට පහළ පරපුරට අයත් සංගා 2014 T20 World Cup එක පුරාම fail වෙලා final එකේ click උනා. සංගත් එදා ආපු ගමන් එකක් උඩ ගැහුවා, වෙලාවට කවුරුත් හිටියේ නෑ. අන්තිමට මාලි කුලේ අයියලාගේ හමගිය නමුත් "සංගා ලංකාවට world cup එකක් අරන් දීලා retire උනේ" කියවා ගෙන නමකුත් හදාගෙන තමයි ඩීසන්ට් පිට ගෙදර ගියේ

    අපේ පරම්පරාව හා සමීප අනූ ගණන් වල මැද භාගයේදී එහෙම නැත්නම් 1994 දී උපත ලද පකිස්තානු තරුණ පරපුරේ සුපිරි තාරකාව බාබර් අසාම් ගැන කියනවා නම් බාබර් මේ පාර ටී 20 ලෝක කුසලාන tournament එකේම fail, මිනිස්සු කියන්න ඕන සේරම කිව්වා. පලු යන්න බැන වැදුනා ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේ උනුත් චොර කරලා දැම්මා ඒත් ඉතින් අන්තිමට මොකද වුණේ?

    සෙමි එකේදී අම්බානක pressure situation එකක ඇවිත් පළවෙනි ඕවරේම catch එකක් දීලා ඒක බාපු එකේ වාසිය අරන් රිස්වාන් එක්ක එකතුවෙලා පකිස්තානේ final අරන් ගියා. සංගට වගේ නෙවේ බාබර්ට තව එක පඩියක් නගින්න තියෙනවා,

    බාබර් click උනේ ඕනම වෙලාවෙදි වෙන්න පුළුවන්, අපි බලමු ඒක final එක දවසට.

    අර කියන්නේ කතාවට "When the Going Gets Tough, the Tough Get Going"

    ඔන්න හොඳම උදාහරණ!

    ඒ වගේම බට්ලර් සහ හේල්ස් අසූ ගණන් වල අග ඉපදුන දක්ෂයින් දෙන්නෙක් අද ඉන්දියන් කණ්ඩායමට දුවන්න නෙළුවානේ... ඒ වගේම තමයි අන්තිම තරගය නම් ලේසි වෙන එකක් නෑ ඔන්න බලන්න මම දැන් කියන්නේ හරිද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous 10.00

      Nicely presented the facts to bust the myths

      But I think that we are a Sad generation indeed. Everyday , We are entertained by scandals, gossip, rumors and quarrels. ... bla bla & very little to rejoice & keep the homes higher

      Delete
  4. ඔය කියන්නෙ මොන ජෙනරේෂන් දෙක අතර ගැටුමක් ගැනද මාතලන්?

    සාමාන්‍යයෙන් මේ දවස් වල සමච්චලයට ලක් වී ඇති රෝන්ග් ජෙනරේෂන් ලෙස හැඳින්වෙන්නේ පහුගිය මාස කීපයක් තුළ ලංකාවේ පැවති 2022 ඇන්ටි ගවර්න්මන්ට් ප්‍රොටෙස්ට් සඳහා එතරම් අත්දැකීම් නැති ලාබාල අලුත් පරපුරට අයත් තරුණ තරුණියන් තමන්ගේ දේශපාලනික ගේම් වල අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම සඳහා ඒ කට්ටිය රවටා ගැනීමට gota you mess with the wrong generation යන මාකටින් වැකියක් යොදා ගත්තා, ඒක ඇතැම් තරුණ තරුණියන් නොදැනුවත්ව යම් යම් පිරිස් විසින් ඉතා පුළුල් ලෙස භාවිතා කළා සමාජ ජාල වල නමුත් සැබවින්ම ඔය ජෙනරේෂන් කියන සංකල්පය ඊට වඩා ගොඩාක් සීරියස් විදියට සමාජ විද්‍යාත්මක සහ සාමාජීය විද්‍යා හා තුලනාත්මක දාර්ශනික අර්ථයෙන් සාකච්ඡා කිරීමට පුළුවන් නමුත් දැනට කෙටියෙන් කියනවනම් ඔය කියන ජෙනරේෂන් වලින් දැනටමත් ජීවත් වන සුළුතරයක් වූ සයිලන්ට් පරපුර ගැන කෙටියෙන් කියන්නම්

    1. The Silent Generation (1925 – 1945)

    දැනට ඉතා කුඩා පිරිසක් වන නමුත් මේ පරම්පරාවේ දරුවෝ ඉපදුනේ බටහිර රටවල 1929 ග්‍රේට් ඩිප්රෙෂන් මහා අවපාතය කියලා හඳුන්වපු ලෝක මට්ටමේ ආර්ථික අවපාතයක් තිබුණු කාලේ. මේ ආර්ථික අවපාතය ඇත්තටම පටන් ගත්තේ ඇමරිකන් එක්සත් ජනපදයෙන්. මේ පරම්පරාවේ දරුවෝ ඉපදුනේම බොහොම අසීරු, දුෂ්කර ජීවිතයකට. බොහොම අසීරුවෙන් ජීවිතය පවත්වාගෙන යන්න පුහුණුවක් තිබීම මේ පරම්පරාවෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුණු දෙයක්. හැබැයි මේ පරම්පරාව “නිහඬ පරම්පරාව” කියලා හඳුන්වන්නේ මේ අය පරම්පරාවක් විදියට බොහොම නිහඬ වුණු නිසා. විශේෂයෙන්ම විරෝධතා දැක්වීම් විතරක් නෙවෙයි, විශේෂයෙන් අදහස් දැක්වීම් පවා මේ පරම්පරාවේ දකින්නට ලැබුණේ නැහැ.

    ඔය කරුණු කාරණා නිසාමදෝ කොහේදෝ ඔය නිහඬ පරම්පරාවේ දරුවන් බොහෝම විටක සාම්ප්‍රදායිකවාදීන් වුනා. සම්ප්‍රදායට ගරු කරන මේ අය බොහොම වෙහෙස මහන්සියෙන්, දැඩි කැපවීමෙන් වැඩ කරන්නන්. ඒ වගේම මේ අය තමන්ගේ රටවල තියෙන අධිකාරී බලයන්ට ගරු කරන, බොහොම පක්ෂපාතී සහ ලෙන්ගතු සේවකයින් විදියටත් දක්වන්න පුලුවන්. හැබැයි තාක්ෂණය එක්ක ලොකු දැනුමක් නම් මේ අයට තියෙන්න විදියක් නැහැ

    Source: Which generation are you
    Source – pinterest.co.uk.

    ඊළඟට

    2. Baby Boomer Generation (1946 – 1964)

    අප සාකච්ඡා කළ 1929 මහා ආර්ථික අවපාතයෙන් සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ එක පාරටම විශාල ජනගහණයක් ඇති කරපු පරම්පරාව තමයි මේ බේබි බූමර්ස් කියන්නේ. මේ අය තමන්ගේ දෙමාපියන් වගේ නෙවෙයි. මේ අය හැදී වැඩුනේ වඩාත් ස්වාධීනව. ඒ වගේම තමන්ගේ දෙමාපියන් වගේ සකසුරුවම් කම් නැති, ලෝස් නැතුව වියදම් කරන්න හුරුවුණු පරම්පරාවක් විදියටත් මේ අය ප්‍රසිද්ධයි. මේ අයගේ පරම්පරාවේදී ලෝකේ වඩාත් සමෘද්ධිමත් වීමත් ඒකට හේතුවක්. මේ අය දෙමාපියන්ට වඩා විවෘතව අදහස් පළ කරන අය වුනා. උදාහරණයක් විදියට සිවිල් අයිතිවාසිකම් වලට පක්ෂව වගේම වියට්නාම යුද්ධයට විරුද්ධවත් මේ පරම්පරාවෙන් මහා හඬක් නැඟුනා.

    මේ සෝ කෝල්ඩ් බේබි බූමර්ස් පරම්පරාවේ දරුවනුත් වැඩ කරන්න ගියහම බොහොම වැඩටම ඇලුණු, ඒත් ස්වාධීන, ඉලක්කයන් හඹා යන්නට හුරු වුණු. තරගකාරී පිරිසක් කියන්න පුලුවන්. උදාහරණයක් විදියට ලංකාවේ දේශපාලන පක්ෂ වල ප්‍රධාන නායකයෝ ගොඩක් මේ පරපුරේ කට්ටිය මහින්ද වගේම රනිල් ගෝඨාභය බැසිල් කබ්රාල් මේ වගේ ගොඩක් ලංකාවේ රාජ්‍ය ආයතන වල සහ දේශපාලන අධිකාරියේ ඉහළ තනතුරු දරන්නේ මේ කට්ටිය තමයි

    Cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd

      3. Generation X (1965 – 1975)

      ලංකාවේ තවමත් ගොඩක් බලවත් ශක්තිමත් ධනවත් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් වගේ ගොඩක් දේවල් මෙහෙයවන දේශපාලනය තුලත් සැබවින්ම බලවත්ම කණ්ඩායම තමයි මේ ජෙනරේෂන් එක්ස් කියන්නේ ගොඩක් වෙලාවට ජෙනරේෂන් ගැන කතාබහ කලනකොට සාමාන්‍යයෙන් සෑහෙන්න කථාබහේදී අහන්නට ලැබෙන පරම්පරාවක්. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සමාජය සහ සමාජ හරයන් වෙනස් වෙමින් තිබුණු යුගයක ඉපදුණු මේ දරුවෝ ගොඩක් වෙලාවට හැදී වැඩුනේ කලින් පරම්පරාවන්ට සාපේක්ෂව අඩු වැඩිහිටි අවධානයක් මැද්දේ.

      මේ නිසාම වගේ මේ අය තාක්ෂණය සහ සංස්කෘතිය අතර බැඳීම වඩාත් හොඳින් අත්දැකපු පරම්පරාව කියන්න පුලුවන්. උදාහරණයක් විදියට කිවුවොත් බටහිර රටවල හිටපු ජෙනරේෂන් එක්ස් අය තමයි මුලින්ම එම්.ටී.වී සහ මියුසික් වීඩියෝස් එක්ක හැදී වැඩුනේ. ඒ වගේම ඔය ග්‍රන්ජ් වගේ විකල්ප රොක් සංගීත ෂානර වලට වගකියන්න ඕනැත් එක්ස් පරපුර තමයි.

      පවුලේ පසුබිම අනුව ගත්තමත් ගොඩක් වෙලාවට අම්මා සහ තාත්තා දෙන්නම ‍රැකියා කරන පසුබිමක ඉපදුණු එක්ස් පරම්පරාවේ දරුවන්ගේ දෙමාපියෝ වැඩි වැඩියෙන් දික්කසාද වෙන්නත් නැඹුරුවක් තිබුණා. කොහොම වුනත් ජෙනරේෂන් එක්ස් කියන්නේ බොහොම ස්වාධීන, උපාය දක්ෂ, අනුන්ගේ උදවුවක් අවශ්‍ය නොවෙන පිරිසක්. මේ අය ‍රැකියා කරනකොට වුනත් තමන්ගේ වගකීමත්, පුද්ගලික නිදහසත් ඉහළින්ම සැලකුවා.

      හැබැයි මේ අය තමන්ට ඉහළින් තියෙන අධිකාරීන්ට, ‍රැකියාවේ බොස්ලාට වැඳගෙන හිටපු පරම්පරාවක් නෙවෙයි. තමන් වැඩකරනකොට ඉතාම සුළු දෙයක් වුනත් බොස්ලා හසුරුවන්න එනවට මේ අය කැමති වුනේ නෑ. ඒක තමයි වටිනාම කාරණය මේ කට්ටිය ගැන

      4. Xennials (1975 – 1979)

      කැටගරි කරද්දී සමහරු මේ කණ්ඩායම වෙනත් ප්‍රධානතම කණ්ඩායම් වලටම එකතු කරනවා නමුත් මේ අය ඇත්තටම ප්‍රධාන පරම්පරා දෙකක මැද්දේ ඉපදුණු සුළු පරම්පරාවක් කියන්න පුලුවන්. මේ අය එක්ස් පරම්පරාව සහ වයි පරම්පරාව අතර ඉපදුණු අය. එහෙම වුනත් මේ අයගේ ගති ලක්ෂණයන් වඩාත්ම කිට්‍ටු වුනේ එක්ස් පරම්පරාවට තමයි. හැබැයි එක්ස් පරම්පරාවට වඩා මේ අය තාක්ෂණයට අනුහුරු වුනා කියලා කියන්නත් පුලුවන්. මේ අය තමයි ලෑන්ඩ්ලයින් ෆෝන් වලින් මල් කඩපු අවසන් කණ්ඩායම කියලා කියන්න පුළුවන්

      Cont'd...

      Delete
    2. 5. Generation Y (1980 – 1994)

      ඉතාමත්ම බලවත් සහ ලෝකයේ සෑම රටකම පාහේ වඩාත් බලවත් සහ ශක්තිමත් අත්දැකීම් සහ තරුණ ජවය යන දෙකම කැටි වුණ බලගතුම පරම්පරාව මෙයයි ලොව පුරා සෑම රටකම වගේ ආර්ථිකය ධාවනය කරන එන්ජින් එක මේ පරපුරයි, ඉතින් වැදගත්ම පරම්පරාව
      වර්තමානයේ ඉන්න වැඩිහිටි තරුණ පරම්පරාව සමන්විත වෙන්නේ මේ ජෙනෙරේෂන් වයි හෙවත් මිලේනියල්ස්ලා හෙවත් සහශ්‍රකයේ දරුවන්ගෙන් නිසා. මේ දරුවෝ ඉපදෙන කොට බොහෝමයක් විට ගෙදර ටීවී එකක් තිබුණා. ඉක්මනටම මේ දරුවන්ගේ ගෙවල් වලට පරිගණක සහ අන්තර්ජාලය ආවා. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වගේ පරිසර ගැටළු ගැන වඩාත් අවධානයක් යොමුවෙන්න පටන් ගත්තා. ඇත්තටම මේ පොත් පත් වලින් දැනුම හොයපු පරම්පරාවක් සහ තාක්ෂණයෙන්ම දැනුම හොයන පරම්පරාවක් අතර මැද තියෙන ප්‍රධාන පරම්පරාව. ඒ නිසාම මේ වයි පරම්පරාවේ දරුවෝ පොත් පත් එක්ක හැදී වැඩුනා වගේම, තාක්ෂණය එක්කත් හොඳ සම්බන්ධතාවයක් එක්ක තමයි උස්මහත් වුණේ. ඔය ‘කුරුම්බැට්ටි මැෂින් කරකවපු සුන්දර ළමා කාලයක් තිබුණු අන්තිම පරම්පරාව අපි නේද යාලුවනේ’ කියලා ස්මාට්ෆෝන් එකකින්, කම්පියුටර් එකකින් සෝෂල් මීඩියා වල පෝස්ට් දාන්නේ මේ පරම්පරාව තමයි.

      වෘත්තීය ව්‍යාපාර කටයුතු වගේම රැකියා කරනකොට වුනත් මේ වයි පරම්පරාව වඩාත් හොඳින් තාක්ෂණයත් එක්ක අනුහුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ස්මාට්ෆෝන්, ලැප්ටොප් සහ අනෙක් ගැජට් බැජට් එක්ක හොඳින් වැඩ කරන්න වගේම, ඒවලින් ලැබෙන සහාය අගය කරන්නත් මේ අයට පුලුවන්. හැබැයි හැබැවින් සිද්ධ වෙන සමාජ සම්බන්ධතා අඩුවෙලා, සයිබර් සමාජ සම්බන්ධතා වලට යොමු වුණු පළමු පරම්පරාවත් මේ අය තමයි. මේ පරම්පරාවේ අයත් බොහොම ස්වාධීනයි. ඒ වගේම සාම්ප්‍රදායික අට-පහ ‍රැකියා වෙනස් කරන්න උත්සාහ ගන්නෙත් මේ පරම්පරාව තමයි.

      6. Gen Z (1995 – 2012)
      Which generation are you
      Source – mccrindle.com.au

      තාමත් පාසැල් යන දරුවන්ගේ
      සිට සරසවි සිසුන් සහ නව යෞවනයින් අයිති වෙන්නේ මේ ජෙනරේෂන් සී, Gen Z නැතිනම් iGen කියලා හඳුන්වන පරම්පරාවට තමයි. මේ පරම්පරාවේ වඩාත්ම වයස දරුවෝ මේ වෙනකොට එක්කෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න ආසන්න වෙලා ඉන්නවා. එහෙම නැතිනම් අලුතෙන්ම ‍රැකියා කරන්න පටන් අරගෙන ඉන්නවා. සී පරම්පරාවේ දරුවෝ විවිධ සංස්කෘතීන්, විවිධ ලිංගික නැඹුරුතා, විවිධ ජාතීන් තිබීම ගැන ප්‍රශ්නයක් නැතිව ඉන්න පුරුදු වෙලා ඉන්නවා කියන්න පුලුවන්. හැබැයි මේ පරම්පරාවේම සුළුතරයක් -විශේෂයෙන්ම ලංකාව වගේ රටක- අතීතයේ සිද්ධ වුණු වාර්ගික අරගලයන් ගැන ලොකු අදහසක් නැතුව උපන්න නිසාම බොහොම පහසුවෙන් අන්තවාදී අදහස් වලට නැඹුරු කරවන්නත් පුලුවන්.

      මේ පරම්පරාවේ අය අවදානම් ගන්නවට වඩා ප්‍රවේසම් සහිතව ජීවිතේ ගෙනියන්න හිතන අය. ඒ වගේම තාක්ෂණයත් එක්ක විශාල වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න මේ දරුවෝ පාසැල් කාලයේදීම ස්මාට්ෆෝන් වලට හුරුවුණු අය. එතකොට රජය, තමන්ට ඉහළින් තියෙන අධිකාරීන් ගැන කිසිම විශ්වාසයක් නැතිව ජීවත් වෙන පරම්පරාවක් වුණු මේ අයගෙන් වැඩිහරියක් “අයි හේට් පොලිටික්ස්” කියන අය.

      ඒ වගේමයි මේ පරම්පරාව විශාල වශයෙන්ම අන්තර්ජාලය, ස්මාට්ෆෝන් සහ පොදුවේ තාක්ෂණය එක්ක සම්බන්ධ වෙලා හිඳීම නිසාම, මේ අය තාක්ෂණය ආශ්‍රයෙන් ලබාගන්නා විනෝදයට වැඩිබරක් දීලා තියෙන අය වෙන්න තියෙන ඉඩ වැඩියි.

      අවසානයේ දී

      Cont'd...

      7. Gen Alpha (2013 – 2025)
      ලෝකයේ අනාගතය තියෙන්නේ මේ කට්ටියගේ අතේ තමයි මාතලන් ඇත්තටම මේ අය තවමත් අතදරුවන් නැතිනම් පුංචි ළමයි. අලුත්ම පරම්පරාවක් තාමත් මේ අය ගැන කාටවත් කියන්න තේරෙන්නේ නැහැ මත පලකරන පලකරනව විතරයි

      හැබැයි ඉතින් මේ අයගේ දෙමාපියන් තමයි වයි පරම්පරාවේ උදවිය නැතිනම් මිලේනියල්ස්ලා. අපිට හිතන්න පුලුවන් මේ දරුවනුත් ඊට කලින් පරම්පරාවල පරිභෝජනවාදී ජීවන රටාවන් තවත් ඉදිරියට ගෙනියන අය වෙයි කියලා. හැබැයි අනෙක් පරම්පරාවන්ට සාපේක්ෂව මේ දරුවන් තමන්ගේ දෙමාපියන්ගේ පූර්ණ අවධානය මැද්දේ හැදෙන්න වැඩෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි.

      කොහොම වුනත් මේ දරුවෝ ගැන විස්තරාත්මක අදහස් පළ කරන්න දැන්ම වේලාසන වැඩියිකියලාතමයි බොහෝ දෙනෙක් පවසන්නේ, ඒ නිසා මේ ගැන පස්සේ කතා කරමු එහෙම නම්

      Delete
  5. අයිසේ මාතලං ටසිරිලක ජැනරේසොං සේරම එක වගේ එකකට එකක් නොදෙවෙනි වන පරිදි ගොන්කමින් නම් සෑහෙන්න පොහොසත් එවුන් තමයි ඔය රටේ ඔක්කොම ඉන්නේ. (අර කතාවක් තියෙනවානේ රටකට ලැබෙන්නේ ඒ රටට ගැලපෙන නායකයෝ කියලා. ටසිරිලකටත් ඒ අතින් නම් අපරාදේ කියන්න බෑ ලැබිලා තියෙන්නේ හරිම ෂෝක් සෙට් එකක් ඔය බුකියේ මේ දවස්වල හිට් එකක් වෙලා තියෙන අර ගොන් පාස්ටර හොරා වගේ එවුන් ඉන්න රටකට ලැබෙන්න ඕන ඔය ජාතියේ ගොබ්බම නායකයෝ තමයි.) ඔය රටේ ඔක්කොම ඉන්නේ ඒ පාස්ටර හොරා වගේ එවුන් ම තමයි. ඒ නිසා ඒ වගේ හාල් පාරුවන්ට කියලා අමුතුවෙන් බනින එකෙත් තේරුමක් නෑ. බොරුවෙන් ජීවත් වෙන එක තමයි ඔය රටේ හැම එකාම කරන්නේ.

    කහකඩ හොර හැත්ත වගේම ආගමික පූජකවරු කියලාත් වෙනසක් නෑ. වැඩක් හරි ගියොත් ලකුණු දා ගන්නවා. වැරදුනොත් මොත්තයක් දා ගෙන මාරු වෙනවා. මතකනේ නීල් ආර්ම්ස්ට්‍රෝන් මයිකල් කොලින්ස් එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුලූ කණ්ඩායම හඳට ගිය වෙලේ රිචර්ඩ් නික්සන් ගේ කතා ලියන්නා කතා දෙකක් ලිව්වනේ එකක් නීල් ආර්ම්ස්ට්‍රෝන්ලා සාර්ථකව නැවත මහ පොළවට ආවොත් පවත්වන කතාව. අනික එහෙම නොවුනොත් පවත්වන කතාව. නීල් ආර්ම්ස්ට්‍රෝන්ලා සඳ ගමන නිම කරලා ආපහු ආවට පස්සේ රිචර්ඩ් නික්සන් හරි කතාව තෝරලා අරගෙන ඒක කියෙව්වා වගේ ඔය හොර පාස්ටර කපටි හොරා කරන්නෙත් ඒකම තමයි. සිද්ධියකට කලින් වීඩියෝ දෙකක් හදනවා. සිද්ධිය වුනාට පස්සේ ගැලපෙන වීඩියෝ තෝරලා අරගෙන ඒක එළියට දානවා. ලංකාව ලෝක කුසලාන දිනුවත් උන් දිනුම්. පැරදුනත් උන් දිනුම්. නොදකින් හොඳටම ඇති නේද ලංකාවේ ඔය ගොන් පාට් ඒ නිසා අපි වගේ මොන ජාතියෙන් ඔය රටින් මාරු වෙලා වරෙන් එහෙම වුණොත් අනාගතයක් තියෙයි

    ReplyDelete
  6. තවමත් නිමා නැත සිදු වුණු අරගලය
    දැල්වෙන ගිනි පුපුරු ඇත්තේ අළු යටය
    වෙනසක් වෙලා නැද්දැයි විමසිය යුතුය
    ගඟක ආරම්භෙ පොඩි දිය දහරක්ය!

    ReplyDelete
    Replies
    1. ආයේ අරගල ගේමක් දෙයිද දන්නේ නැහැ නේද නිදි? ඒත් ඊළඟට ස්පොන්සර් කරන්නේ කවුද නිදි?

      ගියපාර නම් ඇමරිකන් ඉන්දියන් ඇජෙන්ඩා එක වෙනුවෙන් එංගලන්තය ඇමරිකන් එක්සත් ජනපදය සහ ඉන්දියාව යන රාජ්‍යයන් විසින් අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය වගේම කලු කබා සෙට් එක සහ පෝලෝ සීයලා වගේ කට්ටිය නවලා අවශ්‍ය පරිදි ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා ගන්න පුලුවන්නම් ආයෙත් පාරක් ගේම් එකක් දෙන්න පුලුවන්

      ඒත් මම හිතන්නේ රනිල් එක්කම යන්න තමයි ඇමරිකන් ඉන්දියන් ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන කට්ටිය හිතන්නේ එහෙම නේද පේන්නේ

      හැබැයි ඉතින් චීනය හා රුසියාව වගේ රටවල් ලංකාවේ ගේම් එකක් දෙන්න ප්ලෑන් කළොත් නම් හරි රනිලවත් අයින් කරන්න ඇමරිකන් බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුවේ කට්ටිය කල්පනා කළොත් ආයේ පාරක් අරගල නාඩගමක් ලංකාවේ දැක ගැනීමට පුළුවන් වෙයි

      Delete
  7. කටවල් වල ගඳ පුකවල් වල සුවඳ

    ReplyDelete
  8. ඇට මගේ නෑ සමුගෙන ගියේ

    ReplyDelete
  9. ඔය ජෙනරේශන ප්‍රශ්න මොනවා උනත් ලංකාවේ මිනිස්සු දිගටම ඉල්ලූවේ සිස්ටම් වෙනසක් මිස ආණ්ඩු පෙරළියක් නෙවෙයි. ඒක වැරදියට පටලවගෙන තියෙන්නෙ. ඉස්සෙල්ලාම අරගලය පටන් ගත්තේ සාමකාමී අරගලයක් විදිහටයි. ඒක ලංකාවේ රජය වෙනස් කිරීමට කටයුතු කළ පිටරටවල තානාපති කාර්යාල සහ බුද්ධි අංශ සහයෝගය ඇතුව කරපු දෙයක් බවත් හැමෝම හොඳින් දන්නවා ඒත් එහෙම කටයුතු කරගෙන යනකොට ප්‍රජාතන්ත්‍රවාදි විදිහට බලයට එන්න බැරි සමහර පක්ෂ අරගල කරුවන්ව පාවිච්චි කරලා කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට සහ ඒ හරහා තමන්ගේ ප්ලෑන් සාර්ථක කරගෙන ඉදිරියට එන්න උත්සාහ කලා. ඒක තමයි පහුගිය කාලෙ සිද්ද උනේ. දැන් ජනතාව ඇත්ත තත්ත්වය තේරුම් ගෙන තිබෙනවා. තවමත් අපි නම් උත්සහ කරන්නේ සිස්ටම් එක වෙනස් කරන්නයි.

    පහුගිය දවස් වල එක එක හාල්පාරුවෝ සහ හොර ගණ මීහරකුන් කොළඹ නගරයේ හදවත බඳු ස්ථාන වල රීගෙන දඟලද්දී සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ඇවිල්ලා ආපහු අරගල කරන්න ආපු ඒ හොර රැල එලවපු හැටි මාධ්‍ය වල දැක්කා. සිස්ටම් චේන්ජ් එකකට සූදානම් වෙනවා මිස ආණ්ඩු පෙරළියකට අරගල කරනවට මිනිස්සු එකඟ නැහැ. ඒක තමයි ඇත්ත කතාව

    ReplyDelete
  10. අළමාථලන්, බොලාගේ මහා වීරයා ගෝඨාභය කරපු සිස්ටම් චේන්ජ් එක හොඳටම ඇති

    තවත් ඒ වගේ සිස්ටම් චේන්ජ් ඉල්ලනව නම් ඌ පිස්සෙක් වෙන්න ඔ්නෙ

    තිබුන සිස්ටම් එක ඒ විදිහට තියෙන්න දුන්න නම් අද මෙහෙම මිනිස්සු කන්නවත් නැතුව දුක් විඳින්නෙ නෑ අපේ හූ හූ කාපු ඔලමොට්ටල ගොබ්බ පුතාණෝගේ සජබයි වහල්ලු මීහරක් හැත්ත ෆෝම් කරල අපී හදනවා පුතාණෝගේ මනෝ රාජ්‍යය එතකොට ආපහු අපට පුළුවන් පරණ විදිහට නැවත වැඩ කරන්න

    ReplyDelete
  11. සේරටම කලින් තේරුම් ගන්න ඕනේ දේශපාලකයා පන්සල පල්ලිය පූජකයා, කලාකරුවා ක්‍රීඩකයා, ශිෂ්‍යයා වෘතිකයා, නඩුකාරයා පොලිස්කාරයා මේ සියල්ලන්ම කුණු වෙලා ගඳ පතුරවමින් ඕජස් ගලනවා.

    රටට හුදු ආණ්ඩු වෙනසක් නොව සමාජ පරිවර්තනයක් විප්ලවයක් අවශ්‍යයි. මේ පක්‍ෂ මේ දේශපාලකයා නැති, මේ පන්සල පල්ලිය භික්ෂූන්_
    / පූජකයා නැති, මේ කලාකරුවා ක්‍රීඩකයා නැති, මේ අධ්‍යාපනය මේ ශිෂ්‍යයන් නැති, මේ නඩුකාරයා මේ පොලිස්කාරයා නැති අලුත් රටක්..

    ReplyDelete
  12. විවිධාකාර මුහුණුවරින් දක්නට ලැබෙන විවිධ ආකාරයේ ගැටුම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන විට ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ රටේ සැබෑ පාලකයන් වන එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ඔවුන් විසින් සේවයේ යොදවා ඇති දේශපාලන සහ ආර්ථික සුපිරි පැලැන්තිය රටේ පාලනය ඉතාමත් සූක්ෂමව සහ කෘතහස්තව අත්නෑර තම ග්‍රහණයේම පවත්වාගෙන යන බව ඉතාමත්ම පැහැදිලි ලෙස දකින්නට පුළුවන්.

    ඒ අනුව අවස්ථානුකූලව ලාංකීය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය, මැතිවරණ, ලියාපදිංචි පක්‍ෂ, ව්‍යවස්ථා සංශෝදන, අරගල යන දේවල් වලින් ජනතාවගේ ඇස් බැඳ ඔවුන් චෙස් පෙතේ ඉත්තන් තමන්ම එහාට මෙහාට කරමින් බොර්ඩ් එකේ දෙපැත්තම ප්ලේ කරනවා.

    චීනයේ සහ ඉන්දියාවේ බලපෑම ලංකාව තුල වැඩි වෙනවා යන්නෙහි තේරුම චෙස් බෝර්ඩ් එකේ දෙපැත්තම ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති හැකියාව ගිලිහී යාමය. ඒ නිසා සංවේදී කාරණා ඔස්සේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයන්, වෘත්තිකයන්, සෙසු වැඩකරන ජනතාව අවුස්සා කුලප්පු කර බටහිර නොවන සියලු දේට එරෙහිව සතුරු ආකල්ප වෙත පොළඹවනවා. ඔවුන් විසින් පාලනය කරන සහ සේවයේ යොදවා ඇති ජනමාධ්‍යද ඊට අනගි සහයක් දැක්වීම මෙයට සාක්ෂි වේ. මෙය ඉතා මැනවින් සහ ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවශ්‍යයි දේශපාලනික වශයෙන් විශ්ලේෂණ ඉදිරිපත් කරන හැමෝම මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයාටම ඕක මැනවින් විශ්ලේශනය කරන්න පුළුවන්නෙ, කොන්ස්පිරසි බයිල ගහන එක නවත්තල

      Delete
  13. දනිෂ්ක ගුණතිලක සිදුවීම නිසා ලංකාවේ ගොඩක් කට්ටිය විමසන ඕස්ට්‍රේලියාවේ සෙස් කරන්නෙ කොහොමද?.......

    ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් එන අනවසර සංක්‍රමනිකයන්ව දැන් ඕස්ට්‍රේලියාවට ඇතුළු කරගන්නෙ නෑ. ඒ ගොල්ලො කෙලින්ම යවන්නෙ නාවුරු සහ පැපුවා නිව්ගිනියාවේ තියන කදවුරු වලට.

    ReplyDelete
    Replies
    1. ඒත් දැනට වසර කිහිපයකට කලින් ඕස්ට්‍රේලියාවට ලංකාවේ සහ ඉන්දුනීසියාවේ ඉදන් බෝට්ටු ආවේ පිටකොටුවෙ බස් හෝල්ට් එකට බස් එනවා වගේ. ඉන්දුනීසියාවේ ඉදලා ආවේ බංගලි පකිස්, ඇෆ්ගන්, මියන්මාර් වගේ උන්. එක දවසට බෝට්ටු 17 ක් ආව දවසුත් තිබුනා.

      2000 අවුරුදෙ අග වගේ තමයි ඕස්ට්‍රේලියාවට කට්ටිය බෝට්ටුවලින් දේශපාලන රැකවරනය පතාගෙන එන්න ගත්තෙ. මුලින් ආව එකක් දෙකක් වූ බෝට්ටුවල ආව අය ඔක්කොම රැදෙව්වෙ පර්ත් වලට කිට්ටුව ඇති ක්‍රිස්මස් අයිලන්ඩ් එකේ. පර්ත් වලට කිට්ටුයි කිව්වට කිට්ටුමත් නෑ. ක්‍රිස්මස් අයිලන්ඩ් ඕස්ට්‍රේලියාවට අයිති උනාට ඕස්ට්‍රේලියාවට වඩා කිට්ටු ලංකාවට.

      පස්සෙ ක්‍රිස්මස් අයිලන්ඩ් එක අනවසර සංක්‍රමනිකයන්ගෙන් පිරී ඉතිරෙන්න ගියාම එයාලව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට ගන්න සිද්ද උනා. මුලින් ඕස්ට්‍රේලියාව පුරාම ඇති කෑම්ප්ස් වල තියාගෙන හිටියත් පස්සෙ ඒවත් පිරෙන්න ගත්තාම ප්‍රදාන භූමියේ තියන ප්‍රදාන නගර වලට එයාලව එව්වා.

      එයාලට නවතින්න දෙන්න ආන්ඩුවෙ තැන් හොයන එක ප්‍රශ්නයක් උනා. ඒ නිසා සති දෙකක් තරු හෝටල්වල තියලා ඉන්පස්සෙ සාමාන්‍ය මිනිස්සු නවතින ගෙයක් කුලියට හොයලා දුන්නා.

      ඒ ගෙදරට යන වියදම, ලයිට් වතුර බිල් ඔක්කොම ගෙව්වේ ආන්ඩුවෙන්. ටෙලිෆෝන් එකක් අරන් දුන්නා. ටෙලිෆෝන් බිලත් එක්තරා සීමාවකට ගෙව්වා. ඒ මදිවට කෑම බීමටත් ඩොලර් හාරසීයක් සති දෙකකට ගෙව්වා. මීට අමතරව ඒ ආපු අය හොරෙන් ජොබක් දෙකක් කරලා සාමාන්‍ය ඔසියන්ට වඩා ආතල් එකේ ජීවත් උනා.

      හැබැයි මුලින්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රදාන නගරයකට ගෙනත් අතෑරපු මේ හාදයන්ව ඕස්ට්‍රේලියානු සමාජයට හුරුකරන එකේ ලොකු වැඩ කොටසක් කරන්න මටත් පැවරුනා.

      කාඩ් එක ටැප් කරලා පොදු ප්‍රවාහන සේවාවල යන එක, කන බොන විදිහ, පොදු වැසිකිලියකට ගිහින් වතුර භාවිතයක් නැති ඕස්ට්‍රේලියාවේ ටොයිලට් වල ටොයිලට් පේපර් පාවිච්චි නොකරනවා නම් මෙගා බෝතලේකට වතුර අරන් ගිහින් පස්ස හෝදන හැටි පවා.... එතැන් සිට සියල්ල එක එක ගුරුවර ගුරුවරියො කියලා දෙනවා. ඒ ගුරුවර ගුරුවරියො ඔක්කොම වගේ සුද්දියො. ගුරුවරු හිටියෙම නැති තරම්. භාෂා පරිවර්තකයො මව් බසින් මෙන්ම අතින් පයින් පවා කියලා දෙනවා. මේක කෝඩිනේට් කරන්නෙ මං.

      මං මුලින් කිව්වනෙ සියලු දේම ආන්ඩුවෙන් නොමිලෙ ලැබිලා අතේ සල්ලිත් ගැවසෙනකොට එයාලට ලිංගික අවශ්‍යතාත් ඇතිවුනා. සමහරුන්ගෙ අඹු දරුවො උපන් රටවල. බොහොමයක් තරුණ මිනිස්සු. කලිසම් අස්සෙ තිබුනෙ ඉටිපන්දම් හදුන්කූරූත් නෙවෙයි හොදට ෆන්ක්ෂන් වෙන අවයව. මේ නිසා මෙයාලා ඒ අවශ්‍යතා හොයන්න ගත්තා. භාෂා ප්‍රශ්නෙ නිසා ගැටලුත් මතු උනා.

      Delete
    2. උඩ ලියපු චේදෙට කලින් ලිව්වේ මේ අනවසර සංක්‍රමනිකයො ඕස්ට්‍රේලියාවේ සමාජෙට හුරු කරන හැටිනෙ. එතකොට ලිංගික නිදහස උපරිම ඇති ඕස්ට්‍රේලියාවේ සෙක්ස් කරන හැටි කියලා දෙන්නෙ නැත්ද කියලා ප්‍රශ්නයක් මේක කියවන ඔයාලට එනවා ඇතිනෙ.

      පොඩි පොඩි ප්‍රශ්න එන්න ගත්තාම ඒකත් කියලා දෙන්න පටන් ගත්තා. කටකාර හැඩකාර අවුරුදු 26 ක් උන කෙලී තමයි මේ කොටස මේ ගොල්ලන්ට කියලා දෙන්නෙ. මේ සියල්ල ලාබාල කෙලී කිසිම ගේමක් නැතුව කියලා දෙනකොට අරුන් විතරක් නෙවෙයි මාත් අහන් උන්නෙ පුදුමෙන්.

      කෙලී ඒක කියන්නෙ මෙහෙම "ගනිකා වෘත්තිය නීත්‍යානුකූල ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 7 න් තුනක විතරයි. නීත්‍යානුකූල ප්‍රාන්ත තුන බ්‍රිස්බන් (ක්වීන්ස්ලන්ත) මෙල්බර්න් (වික්ටෝරියා) සිඩ්නි (නිව් සවුත් වේල්ස්) වල විතරයි. ඇඩිලේඩ්, පර්ත්, ටස්මේනියා, ඩාවින් වල ගනිකා වෘත්තිය තහනම්. "

      "නීත්‍යානුකූල ප්‍රාන්ත වලත් ආන්ඩුව දැඩි සීමා පනවනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තේ නීත්‍යානුකූල ගනිකා නිවාස 12 ක් තියනවා. සෑම සේවා සපයන්නියක්ම සති දෙකකට වරක් අනිවාර්‍යය සමාජරෝග වෛද්‍ පරීක්ෂනයකට යන්න ඕනා සහ ඒ සහතිකය ලග තබා ගන්න ඕන. කිසිම සේවා සපයන්නියක් බලෙන් රදවා ගන්න බෑ. ඒ වගේම එක සේවා මුරයක ඉන්න පුලුවන් උපරිම 8ක්. මේ කොන්දේසි කඩ කලොත් සේවා ආයතනයෙ ලොක්කට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් "

      "මේ ගනිකා නිවාසයකදි උනත් කොන්ඩමයක් නැතුව මොනම ලිංගික කටයුත්තක්වත් කරන්න සේවා සපයන්නියකට බෑ. "කොන්ඩමයක් නැතුව කරමුද" කියලා සේවාදායකයා සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ඇහුවොත්...... එයා බෑ කියනවා, එතන ඉදන් නැවත නැවත ඇහුවොත් හෝ කොන්ඩමයක් නැතුව මොකක් හෝ බලහත්කාරයෙන් කලොත් ඒක එතන ඉදන් ස්ත්‍රී දූෂනයක් වෙනවා." කෙලී ඔහොම කියනවා.

      "ඕස්ට්‍රේලියාවේදි ඕනෑම කාන්තාවක් සමග ලිංගික ක්‍රියාවක නියලේ නම් ඒ කාන්තාව no කියන මොකක්වත් කරන්න උඹලට බෑ. No කිව්වොත් ඒක no මයි. ඒක පස්සෙ ok වෙන්නෙ නෑ. No කියලා කිව්වට පස්සෙ කැමැත්තෙන් කාන්තාවක් ආවත් ඊට පස්සෙ එතැන් සිට මොකක් කලත් ඒකත් ස්ත්‍රී දූෂනයක්." කෙලි කියයි අපි අහයි.

      "තවත් එකක් තමන්ගේම බිරිඳ ඇතුළු ඕනෑම කාන්තාවක් සමග ලිංගිකව එක්වේ නම් ඒ කාන්තාව ඕනෑම මොහොතක ලිංගික ක්‍රියාව නතර කරන්න යැයි ඉල්ලුවොත් වහාම එය නවත්තන්න ඕන. දිගටම කලොත් ඒත් රේප්. තමන්ගෙ බිරිඳ එක්ක උනත් ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක් උනොත් ඒත් රේප්. එක් ක්‍රියාවකට පැමින වෙනත් ක්‍රියාවක් ඇගේ කැමැත්ත නැතුව කලොත් ඒත් රේප්. ඒ නිසා මැසේජ් වල කුමක් ඇතත් වාසිය ඇත්තේ කාන්තාවටයි. "

      "කුඩා දරුවන් සමග ලිංගිකව එක්වීම, ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබා ගැනීම, ඔවුන්ට නිරුවත් පින්තූර පෙන්වීම ජීවිතාන්තය තෙක් හිරේ යායුතු වැරදි."

      "පාටි පිල්ස්, එක්ස්ටසි කොකේන් වැනි මත්ද්‍රව්‍ය කාන්තාවකට ඇගේ අනුදැනුමක් නොමැතිව ලබාදීමට තැත්කිරීමක් පවා ඕස්ට්‍රේලියාවේදී ජීවිතාන්තය දක්වා හිරේ යාමට සිදුවන වරදක්."

      "ලිංගික ක්‍රියාවක නිරත වන එක් පාර්ශවයක් නොදැනුවත්ව වීඩියෝ කිරීම චායාරූප ලබා ගැනීම මෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබාගත් වීඩියෝ හෝ චායාරූප අන් අය අතර බෙදාහැරීමත් දැඩි දඩුවම් ලැබිය හැකි වැරදි."

      "අනික තමයි ඕස්ට්‍රේලියාවේදි ස්ත්‍රී දූෂනයක් හෝ අතවරයක් සම්බන්ද පැමිනිල්ලක් ගැන ඕස්ට්‍රේලියානු නීතිය ඉතාම දැඩිව කටයුතු කරනවා." කෙලී ඔහොම ඔහොම.... ඔහොම ඔහොම කියනවා.

      මේවා නොදැන ඕස්ට්‍රේලියාවට ඇවිත් කෙහෙල් ගහකට කොටලා හොට පටලව ගත්තොත් ඉතිං සොරිම තමයි.

      -හිරන්ත හේරත්-

      Delete
  14. gon ponnaya thama puka denava vage

    ReplyDelete
  15. යකෝ තොපි ජෙනරෙසන් බයිලා කියවනවා විතරයි. උන් මූණ දෙන ප්‍රශ්න ගැන වගේ වගක් නෑ බලපන් ලංකාව පුරාම පාසල් වලට ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල ඒවායේ 7-8 පන්තියේ දරුවන් රාශියක් විතරක් නෙමෙයි, දැරියන් පවා මත් කුඩු අයිස් වලට ඇබ්බැහි වෙලා.

    කුරුනෑගල, මහනුවර, කොළඹ පාසල් වල ළමුන් ගැන හොයල බලපල්ලා .

    අධ්‍යාපන ඇමතියා මේ ගැන හොයනවා කියල මාසයක් ගත වෙලා, පාසැල් ගේට්ටු වලට ,STF ,පොලිස් සුනකයින් දානවා කියල මාසගානක් ගත වෙලා. මොකුත් කරන්නේ නැහැ.

    බ්ලැක් මනී එකතු කරන්න විදේශ ගත ශ්‍රමිකයින් ගේ ලස්යිස්තුව විදේශ සේවා එකේ තියෙනවා, ඒ අයගේ පවුල් වල විස්තර හොයාගෙන තොපිට ඒ ගෙවල් වලට ගිහින් Audit එකක් කරල , මුදල් බැංකුවට එවන්න ,නැතිනම් නීති මගින් ක්‍රියාකරනවා කියන්න තොපිට බැරිද?

    රට අමාරුවේ වැටිලා තිබුණු මාස කීපයක් තිස්සෙම විපක්ෂ කණ්ඩායම් වල සමගි ජන බලවේගයේ සහ ජවිපෙ ජාතික ජනබලවේගයේ ලොක්කෝ ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් කියනවා ලංකාවට ඩොලර් එවන්න එපා කියලා. ආණ්ඩුවත් එක්ක අපිත් තරහක් තියෙනවා. හැබැයි මුහුණත් එක්ක තරහට නහය කපාගෙන හරියන්නේ නැහැ. දැන් ඩොලර් එවන්න එපා කියලා අපේ ඇතැම් පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල හාල්කෑලි පිටරට ඉන්න අයට කිව්වට ඒ අයගේ ලංකාවේ අයට ජීවත් වෙන්න සල්ලි නැතුව බැහැ. ඒ නිසා බැංකු හරහා වෙනුවට කළු කඩයෙන් වැඩි වැඩියෙන් ඩොලර් එවන්න මේ අය පෙළඹිලා තියෙනවා. ඒ නිසාම මේ මත්ද්‍රව්‍ය ජාවාරම වඩ වඩාත් ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිත් කාලයක් උන්ඩියල් ක්‍රමයට සල්ලි දැම්මා. දැන් දාන් නෑ, පාඩු උනත් බැංකුවට එවන්නේ. මොකද උන්ඩියල් ස්ලලි යන්නේ කලු ව්‍යාපාර කරන් උන් අතරට තමයි. කාලකන්නි……….කියව කියව ඉන්නේ නැතිව වැඩක් කරපියවූ.

    ReplyDelete
  16. වියට්නාමයේ වුන්ග් තාඕ වරායේ සිට නාවික සැතපුම් 258ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිලෙමින් පවතින Lady R3 යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙක් බේරා ගනු ලැබුවේ ජපානයට අයිති හෙලියෝස් ලීඩර් නම් වූ මෝටර් රථ ප්‍රවාහන නෞකාව විසිනි.

    මේ සියලුම දෙනා ආසන්නයේම ඇති වියට්නාමයට බාර දීමට කටයුතු කළ හෙලියෝස් ලීඩර් යළිත් තම ගමනාන්තය වෙත පිටත් විය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි ජපන් නෞකාව මෙම හපන් කම සිදුකලාය.

    ස්වකීය ගමන පරක්කු කරමින් කරදරයේ වැටුණු ශ්‍රී ලංකිකයන් සිය ගණනකගේ දිවි බේරාගත් ජපානයට අයිති හෙලියෝස් ලීඩර් නම් වූ මෝටර් රථ ප්‍රවාහන නෞකාවට අපගේ ආචාරය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න