.

.

Jan 18, 2023

මිලේච්ඡත්වය වන්දනා කරනා රෝන්ග් ජෙනරේෂන් එක

 


මිලේච්ඡත්වය වන්දනා කරනා

රෝන්ග් ජෙනරේෂන් එක

➖➖➖➖➖➖➖🔴➖


රිට්ටා මුණිවරයා ( Ritigala Jayasena ) (ඔව් එයා එයාගේ දේවාලේ මහ කපුවා කිව්වට.. ඇත්තටම එයාලා ඔවුන්ගෙම අනුගාමිකයින් ඉන්න මුණිවරු) මරු පෝස්ට් එකක් දාලා තිබුනා.


ඒකේ තියෙන්නේ බුකියේ ඉන්න එකෙක් පෝස්ට් එකක් දැම්මාම, බුකි නොදරුවෝ කරන්නේ පෝස්ට් එකේ face value එක ගන්නේ නැතිව, ලියපු එකාගේ පැටිකිරිය දිග අරින එකය කියලා. 


ඒ කියන්නේ අදාල ප්‍රස්තුතය පැත්තක තියෙද්දි ලියපු එකාගේ පෞද්ගලිකත්වයට ගහන එක කරන්නේ. සම 🐄 එතනින් නවත්තන්නේ නැතිව බ්ලොක් කරලා රිපෝට් කරලා දානවා. ඒ විතරක් නෙමේ උන්ට පුලුවන්නම් උන් ලියපු එකා වැලිගම්පිටි යවන්න තරම් විශම මානසිකත්වයෙන් හෙබි ජෙනරේෂන් එකක් ඉන්නේ.


ඒකේදී උගත් උන්ද නූගතුන්ද කියන දේ අදාලා නෑ.මහා ලොකු පොරවල් කියන ජොස්තරලා ඉන්ජිනියැර්ලා අතරෙත් චීත්ත අඳින අය ඕන තරම්. මේවට වග කියන්න ඕන වම කිව්වොත් ඒක අසාධාරණයි.


මොකෝ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පටන් ගත්තේ සුද්දගෙ කාළේ ඉහළ පන්තියට ගිය ඔක්ස්වර්ඩ් ක්‍රේම්බිජ් උගත් වැදගත් ඉංග්‍රීසි දන්න බුද්ධිමත් පිරිස්. ඔවුන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්. ලේ හලන විප්ලව කලේ නෑ.


ඒත් 1965 බිහිවන ජවිපය කියන්නේ පීඩිත කුල හීන පන්තියෙන් බිහි වූ, වෛරය හා විනාශය වපුරපු මානසික රෝගීන් පිරි දේශපාලන ව්‍යාපාරයක්. 


දැන් තියෙන වමේ සියලුම පක්ෂ එහෙමයි. සියළුම කැම්පස් වල බලයත් උන් අරගෙන ඉවරයි. අචාර්‍ය මණ්ඩලවල බහුතරයත් මේ පෞර්ෂවය අහිමි හීනමාන පිරිසක්. රාජ්‍ය නිළධාරී පැලැන්තියත් එසේමයි. උන්ගේ එකම පැතුම රුධිරය දැකීම හා විනාශය. ඒකේදී සෙන්ට්‍රල් බෑන්ක් ගවනර්ද, උපකුලපතිද කියන දේ අදාල නෑ.


එයාලට මේක තේරෙන්නේ පේරාදෙනියේ වගේ ප්‍රශ්ණය තමන්ගේම වෙලා මිලේච්ඡත්වය තමන් කරා පැමිණිය පසුයි.


මේ ළඟදි හරිනි නෝනා කියලා තිබ්බා එයා නේස් නෝනා කෙනෙක් නූනේ, ලේ දකින්න බය නිසා කියලා. හැබයි දැන් එයා ඉන්නේ අමරවීර අතුකෝරාල මිලේච්ඡ විදියට ඝාතනය කල පිරිස සමඟ බව එයාට අමතකයි.. 


පාතාලයයි මුනුයි අතරේ වෙනස උගත්කම පමණයි.


ඇත්තටම දැන් ඉන්නේ රෝන්ග් ජෙනරේෂන් එකක් තමා....


එහෙම නොවේනම් මෙතරම් මිලේච්ඡ ඝාතනයක් සාධාරණීකරණය කරපු සමාජයක් මෙතුවක් කාළයකට මේ රටේ තිබුනේ නෑ.


හැම එකාම ජාති ආගම් කුල මල පන්ති බේද පැත්තක තියලා දින ගනනක් කම්පා වුනා. මේ මෑතක වේල්ල වීදියේ දාලා ගිය කාන්තා හිසසුන් මළකද තියෙන බෑග් එක දැකපු වෙලෙත් එහෙමයි.


මේ සියල්ල වෙනස් කළේ අරගලය. දැන් කියයි උන් ඒක පටන් ගත්තේ පාතාල බයියෝ නිසයි කියලා. එහෙම කියන අයට මට කියන්න තියෙන්නේ.. 


උඹලා ඊටත් එහා මිලේච්ඡ වනචාරීන් පිරිසක් කියලා විතරමයි...

.

23 comments:

  1. අරගල සම්බන්ධයකට වඩා මං දකින්නේ මේ මිනීමරුවගේ සමාජ පසුබිමේ අවුලක් විදිහටයි.
    අනෙක සමස්ථ සරසවි සිසුන්ට ලඝු කිරීමෙනුත් වෙන්නෙ ප්‍රශ්නය වෙන පැත්තකට යන එක.
    මෙතරම් මිලේච්ඡ ඝාතනයක් සාධාරණීකරණය කරන එකාලත් මිනිමරුවට හපන් තිරිසන්නු.

    ReplyDelete
    Replies
    1. @ සෙරන්ඩිබ්,

      අරගලය ඇතිවුනේ සාමාන්‍ය මහ ජනතාව අතරින්. සමාජයෙ හැම ජාතියෙම මිනිස්සු ඉන්නව. විශේෂයෙන් ලංකාවේ දේශපාලන පක්ෂ වලත් එහෙම තමයි

      ප්‍රධාන දේශපාලන පක්ෂ වල පිරිස ඉතා වැඩි නිසා ඒවායේ මේක ලොකුවට දකින්න පුළුවන් ජවිපෙ කුඩා පක්ෂයක් ලෙස කටයුතු කරන විට ඉතා සුළු පිරිසක් පමණක් වූ සාමාජිකයන් පිරිස ඔවුන්ට අවශ්‍ය පරිදි පාලනය කරගන්න යම් තරමකින් හෝ පුළුවන් වුණා නමුත් ඔවුන් expand වෙනකොට තත්ත්වය මීට වඩා ගොඩාක් වෙනස් වෙනවා දැනටමත් ඇතැම් ප්‍රාදේශීය සභා වලට ජවිපෙන් දේශපාලනය කරන කසිප්පු කාරයෝ වගේම රජයේ ආයතන වල විවිධ වර්ගයේ දූෂණ වංචා වලට සම්බන්ධ වෘත්තීය සමිති කාරයෝ නාමයෝජනා ඉදිරිපත් කරන බව පේනවා

      ඒ නිසා සමස්ත සමාජය තුළ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින විට ඔබට හොඳටම හොඳ 100% පර්ෆෙක්ට් මිනිස්සු හොයා ගන්න පුළුවන්වෙයි කියලා හිතෙනවා නම් ඒක ලොකු මායාවක් විතරයි.

      මේ ප්‍රශ්නය ගැන කතා කළොත් ඇත්ත ජීවිතේ කිසිම ප්‍රශ්නයකට මුහුන දෙන්න බැරි පොත සහ ෆෝන් එකේ දවසෙම ඉන්න ප්‍රායෝගිකව මහපොළොවේ ජීවත් වෙන්න නොදන්න මෙවැනි නොමිනිස් ගුණ ඇති දරුවන් හැදුවේ වැඩිහිටි අපි. අපේ දරුවො හදපු හැටි වැරදක් තීන්නෙ මෙතන. මමත් අවුරුදු අටක සහ තුන හමාරක පුතුන් දෙදෙනකුගේ වයස අවුරුදු තිස් අටක් වන පියෙක් ලෙස මේක දිහා බලන්නේ වෙනස් කෝණයකින් මම ඔබටත් යෝජනා කරන්නේ මේ දෙස පුළුල් ලෙස බලන්න කියලා

      Delete
  2. පව් බං උඹත් ඉතින් ගෙවීමට හරියන්න ලියන්න එපායැ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉයන් අංකල්,

      මම ඕක කෙටියෙන් මෙහෙම කියන්නම්

      'අප්පට හුඩු කපා කපා කෑලි කපා කියකිය පෙරමුනේම පෙලපාලිගිය අරගලකාර අපතයෙක්නේද මේ ගෑණු ලමයගෙ බෙල්ලට පිහියෙන්
      ඇන ඝාතනය කර තියෙන්නෙ.'

      මේක හොඳයි නේද ඊට වඩා?

      Delete
  4. එල් ටී ටී යී එකයි, ජේ වී පී එකයි ඇරුණම හැම රජයක්මත් ප්‍රචන්ඩත්වය සමාජයට මුදා හැරලා තියෙනවා. ඒ රජයේ පාර්ශව බලයේ නැතිකොට එහෙම කරල නැහැ. බලය නැතිව ප්‍රචන්ඩත්වය සමාජයට මුදාහැරිය අය බලයට පත්වුනාම හැසිරීම කියුබාවෙ වගේම සිම්බාබ්වේ වලදි දැක්කා. ඒකට මූණ දෙන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් සහ ඉයන්

      ජවිපෙ ජාතික ජන බලවේගයේ පදනම කැරලිකාරී මර්දනකාරී යන්ත්‍රයකින් සමන්විත බව ඇත්ත නමුත් ඊට වඩා තවත් වැදගත් කරුණක් තියෙනවා නේද ඔය මාතලන් කියලා තියන විදිහටම අරගලයට නායකත්වය ලබා දුන් “රෝන් ජෙනරේශන්” එකේ කොහොමත් මානසික ව්යාධියක් තියෙනවා.

      ජවිපෙ බැතිමතුන් දැනට පිලිනොගත්තට ඔය වගේ ම්ලේච්ඡ කාලකන්නි සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන ජාතික ජන බලවේගයේ නැත්නම් ඇත්ත පක්ෂය වන ජේවීපී එකේ ආණ්ඩුවක් ඇවිත්, ඒ ආණ්ඩුවට විරුද්දවත් රෝන් ජෙනරේශන් එක කැරලි ගහන්න පටන්ගත්තම උන් ඕක පිලිගනියි.

      එතකන් ඔය පරපුරෙන් ගුටි කකා, ඝාතනය වෙවී, ෆේස්බුක් එකේ කුණුහරප අහගෙන ඉමු.

      Delete
  5. මිනිහත් සතෙකි දෙපයින් ඇවිදීම හුරු
    යට කරගෙන සිටී ගති විලසින් සුහුරු
    එනමුදු විටෙක මතු වෙයි උගෙ ගති නපුරු
    වැඩි දෙන රකිති, පරකාසෙට සීලෙ බොරු!

    ReplyDelete
    Replies
    1. කුණුහරප කවි දාන සයිකෝ නිමල්

      Delete
    2. @ නිදි

      මෙහෙමයි ඔය අහිංසක තරුණිය ඝාතනය කළ අමන තකතීරු ජඩ මිනීමරු කාලකන්නියා ඒ මිනීමැරුම කළේ ඇයි කියලා අහපුවාම මොකක්ද ඒකට දෙන්න තියෙන පිලිතුර?

      ඇහුවොත් කියයි පෙම්වතිය මැරුවේ පාලකයෝ හොරකම් කල නිසා කියලා. ඒ වගේ කිසි දෙයක වගකීමක් තමන්ට ගන්න දන්නේ නැති, තමන් ජීවත් කරවීම ආණ්ඩුවේ වගකීමක් ලෙස හිතන අමුතු මානසිකත්වයක් ඇති අමනෝඥ පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ පිරිස ඉතින් අරගලයේ හිටියා කියලා අරගල කොරපු හැමෝමත් එහෙම නෑ. ඒ ගැනත් විස්තර කරලා ලියන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිමි.

      Delete
    3. නිදිමත පංච තන්තුරේ... මිතුරේ....

      තෝපා දුඹුටුලු එරබදු වැවාණෝ...
      එක් කළ හෙලේ මහ පැරකුම් රජාණෝ...
      සැදුවේ මහා පැරකුම් සමුදුරාණෝ...
      ලක් මව සරු කළේ ඒ දිය කඳාණෝ...

      ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ…
      හැට දාහක් සොහොනට ගෙන ගියානෝ…
      විරු සෙනෙවියන්ටත් බෝම්බ තියාණෝ…
      කොටින්ට අවි ආයුධ ගෙන ගියානෝ..

      උස සිකුරිටි මිටි කම්කරු කියානෝ…
      ප්ලැකනිල් බී ඒ දණ්ඩේ ගියානෝ…
      යාල ගියත් එලවන් අලි ඇතාණෝ..
      කල මඟුලක් නැත මේ ගොං පුතාණෝ…

      මේකට පිළිතුරු කවියක් ලියන්න බලන්න

      Delete
  6. JVP මද්දුමබංඩාරJanuary 19, 2023 at 9:12 PM

    71>>>88/89>>>23/24
    ලංකාවේ ආර්ථික හා සමාජ හා දේශපාලන ගැටළු උත්සන්න වන විට ජවිපෙ තම පීඩීත (ආර්ථික, පාංතික සහ මානසික) සමාජිකයින් දහස් ගනනක බිලි පූජාවක් දී
    අන්ත දූෂිත කපටි පලකයෙකුට දොරට වඩින්න සුදුසු වාතාවරණයක් සකසයි.
    *71- JR. 88,89- චන්ද්රිකා. 23,24- සජිත්, නාමල්, විමුක්ති?

    ReplyDelete
    Replies
    1. ජෙප්පො කියන්නේ අමු මිනීමරුවෝ. උන්ට ලේ විතරමයි ඕන. බල්ලෝ ඡන්දෙ දෙයි මිනීමරුවන්ට. උන් හොද සමුපකාර මුරකරන්න.

      Delete
  7. කිසුරිගේ චුටි චුවා උරන්න ආසයි

    ReplyDelete
  8. අරගල කළේ මේ පසිදු ද කවුද කියන පෙම්වතිය මරා දැමූ උගත් රාක්ෂස මනසකින් යුතු තරුණයා වගේම එම පරපුරේ නූගත් කුණුහරුප වපුරන මානසික රොගී පාදඩයන් බව මෙයින් සමාජගත වෙනවා. එයයි අවුල තියෙන්නෙ නේද?

    ඇත්තටම මේ රටේ තියෙන ගිනි තියන, ගහන, බනින, මරන ත්‍රාඩ මානසිකත්වය ගැන කතා නොකර මේ රට හදන්න බෑ බන්. රට හදන්නනම් මිනිස්සු හදන්න වෙනවා. පහුගිය වසර දෙක තුන ඇතුලත ලංකාවේ සමාජ ජාල වල ඇතුළු මාධ්‍ය හරහා පවා වාචිකව, රූපිතව graphic violence & hate speeches හරහා පැවති ත්‍රස්තවාදී දේශපාලනය නීසා ලංකාවේ සමාජ ජාල වල නිතරම සැරිසරන සමාජ ජාල එක්ක හැදුන පොඩි එවුන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් හැසිරෙන්නේ තනිකර සත්තු වගේ. මේ කණ්ඩායම් ශිෂ්ට සම්පන්න සමාජයක් බවටත් ආදරයෙන් සහ සහකම්පනයෙන් (empathy) යුතු වැදගත් මානුෂීය ගුණයෙන්යුක්ත පිරිසක් බවට පත් කිරීම සඳහා වෙනමම කැම්පේන් එකක් කරන්න වෙනවා හැබැයි ඒක එච්චරම ලේසි නෑ ඉතින්

    ReplyDelete
  9. ඇත්තටම මාතලන් දකින්න ඇති අනූ ගණන් වල මුලදී 1990 දී විතර ආර් ප්‍රේමදාස විසින් කොටින්ට ආයුධ දීපු එකෙන් හමුදාවට වුනු හානිය ගැන සරත් ෆොන්සේකා වෙනම මාධ්ය සාකච්චාවක් අරන් කිව්වා 2019 ජනාධිපතිවරනෙට සජිත් ඉල්ලන්න යන බව දැන ගත්තම සජ්ජාව කපල දාන්න.

    එතනදි ඊට අමතරව තව ආර් ප්‍රේමදාස විසින් ආරක්ෂක අංශ වලට සහ රටට කරපු තවත් විනාශයන් ගැනත් ඒ වෙලාවෙ ෆොන්සේකා කිව්වා. දැන් පාර්ලිමේන්තුවේ මේවාට අදාළ දේවල් කතා කරද්දී දැන් සජබ පක්ෂයට කඩේ යන ෆොන්සේකා කපටිකමට සද්දයක් නැතුව හිටියට

    ඒ දවස්වල මම අහල තියෙන විධියට 1987 දී ලංකාවට පැමිණ 1991 දක්වාම උතුරේ හිටපු බව පැවසෙන
    ඉන්දීය සාම සාධක හමුදාවට ගහන්න තමයි ආයුධ දුන්නේ කියලා ඒ කාලේ ප්‍රේමදාස පියාණෝ මේ චෝදනාවෙන් ගැලවෙන්න හැදුව කියල තමයි මගේ පියා ඇතුලු අයගෙන් මම අහල තියෙන කතාව. නමුත් දැන් සජිත් පුතානෝ විසින් තම පියෝණෝ වත් නොකියපු විදියේ කතාවක් ( අමු බොරුවක් ???) කියනවා නේද? එව් ටී ටී එක දෙකට කඩන්න මහේන්ද්‍ර රාජා (මහත්තයා) සහ යෝගී ඇතුළු පිරිසට ආයුධ දීලා ෆයිට් කෙරෙව්වා කියන්නේ මොකක්ද? කෙබරයක් නේද?

    ඒක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද ඒ කාලේ ලංකාවේ හිටපු අත්දැකීම් තියෙන කෙනෙක් විදියට?

    ReplyDelete
    Replies
    1. @ Ano 7.20 a.m.

      රටේ ආරක්ෂාවට ඉන්න Int එක ඔය වගේ සංවිධාන වලට ඇතුල් වෙලා ඒවා විනාශ කරන්නට මේ වගේ දේවල් කරනව.double agent ල ඕනේ තරම් ලෝකේ හැම බුද්ධි සේවයකම ඉන්නවා.

      මේ රටේ කාලකන්නි දේශපාලකයෝ බුද්ධි අංශ කරන වැඩ ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්න ගත්තම රටට කෙලවෙනවා කියල දන්නේ නැහැ.

      මම හිතන්නේ නැහැ ප්‍රේමදාසට කවදාවත් ප්‍රභා ට රට දෙන්න උනේ උනා කියල .මහින්දට ත් එහෙමයි even RW . පාස්කු ප්‍රහාරයේදිත් බුද්ධි අංශ බුද්ධි තොරතුරු ගන්න ඕනේ තරම් දේවල් කරන්න ඇති. හරියට කුඩු මුදලාලිලා අල්ලන්න narcotic එකෙන් කුඩු කාරයෝ වගේ ඇඳගෙන, හිඟන්නෝ වගේ ඇඳගෙන වෙස්වලාගෙන ඉන්නවා වගේ

      මේක මේ ලංකාවට විතරක් ආවේනික දෙයක් නොවේ.

      ඕනෙම රටක බුද්ධි අංශ කරන වැඩක්.

      පාස්කු ප්‍රහාර ය ගැන ෂහරාන්ට පඩි ගෙව්වා කියල මහින්දට බනින උනුත්, කොටින්ට ආයුද දුන්න කියල ප්‍රේමදාසට බනින උනුත් ඔක්කොම කාලකන්නි !!

      Delete
    2. @ Anonymous January 20, 2023 at 7:20 AM & Anonymous January 20, 2023 at 9:00 AM

      2016 ජනාධිපතිවරණෙදි සහරාන්ලා මහින්ද රාජපක්ෂව පරද්දන්න ඔහුට විරුද්ධව තමයි දේශපාලන වැඩ කරල තිබෙන්නේ. මරාගෙන මැරෙන්න කලින් වසර 5ක් වගේ ඇතුලත සහරාන්ලා දැඩිව රාජපක්ෂලාට විරුද්ධව වැඩ කරලා තිබෙන්නේ. අනික සහරාන් එක්ක මාරගෙන මැරුනු දෙන්නෙක් ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඊබ්‍රහීම්ගේ පුතාල. ඊබ්‍රහීම්ගේ ගෙදරත් බෝම්බ තිබ්බනෙ. පාස්කු ප්‍රහාරෙ ගැන කලින් බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දිත් ඒක වලක්වා නොගත්තේ යහපාලන රජය. එතකොට පාස්කු ප්‍රහාරෙට මේ අහක ඉන්න රාජපක්ෂලාට බනින්නේ නම් මෝඩයො තමයි

      නමුත් සජිත්ගේ තාත්තා ආයුධ දුන්නේ ප්‍රභාකරන්ටනේ. ඒ ආයුධ වලින් කොටි අපේ හමුදාවටම ගැහුවා. අන්තිමට පොලීසියේ 600 ගාණකට කොටින්ට යටත් වෙන්න කියලා රජය පැත්තෙන් අණදුන්නෙත් ප්‍රේමදාසගෙ කාලෙ. කොටි විසින් පොලීසියේ ඒ 600 ගාණම මැරුවා. සජිත් ගේ තාත්ත හමුදාවට කරපු විනාශ ගැන ෆොන්සේකත් හොඳට පැහැදිලි කලා...

      Delete
  10. එක පැත්තකින් කැම්පස් වල මිනීමරුවන් පාදඩයන් රජ කරනවා, අනිත් පැත්තෙන් ආණ්ඩුවේ නිලධාරීන් ගජරාමෙට හොර ජාවාරම් කරලා කිසිම අවුලක් නැතුව ෂේප් වෙනවා ඒ කරලා හැමෝම බොරුවට අර පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ දේශපාලකයන්ට විතරක් හෙන ගහපිය කියලා දෙස් දෙවොල් තියමින් හතර අතේ සාප කරමින් නාඩගම් නටනවා

    රජයේ ආයතන හැම එකක්ම වගේ බිලියන ගණනක් පාඩුයි කියලා කියන්නේ ඒත් පහුගිය කාලේ පුරාම දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය වගේ ඒවායේ උන් කෝටි සිය ගණනක් බෝනස් ගත්තා ලැජ්ජා නැතිව

    රට වටේ කොවිඩ් වසංගතය පාලනය කරගන්න බැරි වෙලා වාත වෙලා අන්තිමට ආමි එකෙන් වැක්සීන් ගහලා ෂේප් කරල දුන්නේ ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙලෝ රසක් නැති අයිස් පප්පලා හොර ඇම්බියුලන්ස් ඩැයිවර හොරුන්ට නිකන් ඕටී කෝටි ගණන්

    තෙල් නැතුව ෂෙඩ් වහලා තිබුණ කාලයේත් උන්ට නිකන් බෝනස්

    පැය ගණනක් ලයිට් කපලා තියෙද්දී උන්ට බෝනස්

    ඒ වගේම තමයි RMV එකේ අල්ලස් කේස් එකකට මේ දවස් වල නඩු තීන්දුවක් දීලා තියෙනවා ඒ වාහනේකට අලුතෙන් ලබාලෙන ලියාපදිංචි සහතිකයක් ලබාදීම සදහා රුපියල් ලක්‍ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට රජයේ සේවකයකු නොවන පුද්ගලයකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්කි විභාගය අතරතුරදීම සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරපු කේස් එකක්

    පැමිණිලිකරුගේ සහ උපාය දූතයා වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියාගේ සාක්කි පමණක් මෙහෙයවූ අතර මෙම සාක්කිකරුවන් දෙදෙනාගේ සාක්කි දෙක අතර විශාල වශයෙන් පරස්පරතා ඇතැයි පෙන්වා දුන් විත්තියේ නීතීඥ ප්‍රදීප් ජයකොඩි තම සේවාදායකයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටි අතර විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තීරණය කළ විනිසුරුවරයා නඩු විභාගය අතරතුරදීම සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරලා තියෙනවා.

    RMV ගෝටා ලොක්කත් ගිහින් මට්ටු කරන්න හැදුවා, අන්තිමට එයත් පාඩමක් ඉගෙනගෙන ගියා. මේක හහදන්න අමාරු රටක් නෙවෙයි , හදන්නම බැරි රටක් 🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  11. කොළඹදී සිදුඋන
    මාර පිහි ඇනුමක
    පිහි මිටේ එල්ලන
    අරගලේ කොල්ලෙකි
    සිරගෙයක දිවිගෙවන

    ReplyDelete
  12. මාතා

    මේක ඇත්ත කතාවක්

    //මේ ළඟදි හරිනි නෝනා කියලා තිබ්බා එයා නේස් නෝනා කෙනෙක් නූනේ, ලේ දකින්න බය නිසා කියලා. හැබයි දැන් එයා ඉන්නේ අමරවීර අතුකෝරාල මිලේච්ඡ විදියට ඝාතනය කල පිරිස සමඟ බව එයාට අමතකයි.. //

    පොඩි නිවැරදි කිරීමක් කරන්න පුළුවන් ද? මේකේ අමරවීර අතුකෝරාළ නෙවෙයි නිවැරදි නම තමයි අමරකීර්ති අතුකෝරල

    ඒ වගේම ඒ මිනීමැරුමට චූදිත නීති ශිෂ්‍යයෙක් ඉන්නවා මේ වගේම හාදයෙක් 2023 වසරේ ජනවාරි මස 10 වනදා සිට 25 වනදා දක්වා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත අවසන් නීති විභාගයට සැකකාර ශිෂ්‍යයා පෙනී සිටිය යුතු බවත් රිමාන්ඩ් භාරයේ රඳවා සිටීම හේතුවෙන් එම විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඔහුගේ නීතිඥවරයා පහුගිය නඩු දවසේ පැවසූවේ.

    මේ තත්ත්වය සලකා එම සැකකාර ශිෂ්‍යයාට අවසන් නීති විභාගයට පෙනී සිටීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන් ද නීතීඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාහසික මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි අජිත් ගමගේ මේ ගැන කරුණු දක්වමින් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකතන නවයකට අදාළ වාර්තා මේ දක්වා ලැබී නොමැති බවත්, කරගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බවත් කියා සිටි නමුත් එම දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව රවිඳු ගුණවර්ධන නමැති සැකකාර නීති ශිෂ්‍යයා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත අවසන් නීති විභාගය සඳහා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ විවෘත විශ්වවිද්‍යාලයට රැගෙන යාමට පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා

    රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් ඊළඟ දිනයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතරම රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ද නියෝග කර තිබෙනවා

    ගිය අවුරුද්දෙ මැයි මස 09 ගෝල්පේස් ආරවුල සමග හවස් වරුවේ නිට්ටඹුව නගරයේදී හටගත් මහජන නොසන්සුන්තාවයන් අතරතුරදී කොළඹ සිට පොළොන්නරුව බලා නුවර පාරේ යමින් සිටි පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු වශයෙන් සිටි අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා මෙබඳු මිනීමරු මොබ් එකක් මගින් නවත්වා අමානුෂික ආකාරයේ යකඩ පොලු වලින් පහර දී පසුපස හඹා යාම සමග ජීවිතාරක්ෂාව පතා ඔවුන් දෙදෙනා අසල තිබූ රෙදි වෙළඳ සලක උඩු මහලට පලා ගිය අතර එයින්ද බේරීමට නොහැකි වූයේ එම ලේ පිපාසිත මිනීමරු සාහසිකයන් පිරිස නොනවත්වාම ඔවුන් පසුපස දිගටම ඇවිත් ආරක්ෂකයාගේ පිස්තෝලය ද උදුරා ගැනීමට තැත් කරන අතර පොරබැදීමේදී පිස්තෝලය පත්තු වී මන්ත්‍රීවරයාට යකඩ පොලු වලින් පොලු පහර එල්ල කළ එක් සාහසිකයකු ඉන් තුවාල ලැබූ අතර මෙවිට එම පිරිස ඔවුන්ට තවත් භයානක විදියට මාරාන්තික ලෙස පහර දී හිස් කබල් කුඩු කර ඇඳුම් ගලවා දමා නිරුවත් මළසිරුරු මහා මාර්ග දිගේ ඇදගෙන යමින් මළසිරුරු වලටද පහර දී මුත්‍ර සහ කෙළ ගසමින් අසභ්‍ය වචන වලින් බැණ වැදී සාප කර තිබෙනවා ඒ පිළිබඳ වීඩියෝ ගණනාවක් පහුගිය කාලේ වට්ස් ඇප් හරහා සංසරණය වී තිබුණී.

    මේ ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක සහ සාහසික මනුෂ්‍ය ඝාතන හා වෙනත් සංවිධානාත්මක අපරාධ පිළිබඳ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වා අවස්ථා කිහිපයකදී සැකකරුවන් හතළිස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගෙන නොමැති තවත් සැකකරුවන් දෙදෙනෙකු නම් වශයෙන් නම් කර ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත. එම දෙදෙනා මේ වන වීට රටින් පලා ගොස් ඇති බව සැක කෙරේ, එමෙන්ම රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවන් හතළිස්දෙනා අතරින් එක් සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. තවත් සැකකරුවන් සිවුදෙනෙකු ඇප මත මුදාහැර සිටින අතර, අනෙක් සැකකරුවන් තිස්පස්දෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා සිටිති. මෙය ඊයේ 02 නැවත කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින සැකකරුවන් සිවුදෙනා ද අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස පැවසූ නමුත් ඇතැම් ආරංචි මාර්ග අනුව ඔවුන් සිවුදෙනා ද රටින් පලා ගොස් ඇති බව පැවසේ. මේ ගැන වැඩි විස්තර දන්නවා නම් කියන්න අපටත්.

    ස්තූතියි

    ReplyDelete
  13. ඔව්වා ඔහොම තමයි බන් ළමාතන් රෝන් ජෙනරේටර් එක විතරක් නෙවෙයි ඊට වඩා වැඩිමල් රෛට් ජෙනරේටර් එක ගත්තොත් අසූ ගණන් වල අග භාගයේ දස දහස් ගණනක් පාසල් සිසුන් සරසවි සිසු සිසුවියන් ඉතාමත් අමානුෂික ලෙස වධ බන්ධන පමුණුවා ගැහැණු ළමයි සමූහ දූෂණයට ලක් කරමින් විවිධ අතුරු හමුදා කල්ලි සහ නීත්‍යානුකූල හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් පවා ඝාතනයට ලක් කළ ළමයි වෙනුවෙන් සහ මූලික වශයෙන් මිය ගිය ජෙප්පො වෙනුවෙන් නඩු කතාකල ජාත්‍යන්තරයට කිව්ව මහින්ද රාජපක්ෂ නාකි මයිනා ජවිපෙ ප්‍රධාන සතුරා වෙනකොට..
    ඔය කාලේ ජවිපෙ මර්ධනය කරන්න ඉතා දැඩි ලෙස කටයුතු කල කුමාර් ගුණරත්නම් පවා අල්ලාගෙන වධ දුන්, ජවිපෙ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එලොව යැවූ දරුණු මිනීමරු හමුදා නිලධාරියෙක් වෙන ශරද් ෆොන්සේකව ජනාධිපති කරන්න ජවිපෙ රනිල් එජාප එක ස්ටේජ් එකට නැග්ගකොට..
    තමන්ගේ මිනිහට පොඩි ළමයි දෙන්නා ඉස්සරහාම ඔලුව කුඩු වෙන්න වෙඩි තියපු මල මිනියටත් වෙඩි තියපු ජෙප්පො එක්ක චන්ද්‍රිකා එකට දේශපාලනය කරපු එකට ගිවිසුම් අත්සන් කල එකට ආණ්ඩුවකුත් කරපු එකේ...

    මේවා හෙන සුළු සිද්ධි.
    දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ සදාකාලික මිතුරන් නෑ

    ඔය අරගලය කරපු උන් තව වසර දෙකකින් විතර පස්සේ ජවිපෙන් කැඩිලා වෙනම සංවිධානය වී නාමෝල් ගොයියා එක්ක ජෙප්පන්ගෙන් රට බේර ගන්න කියලා අරගල කළොත් ඒකටත් පුදුම වෙන්න එපා ඒක තමයි දේශපාලනයේ ස්වභාවය...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න