.

.

Jan 26, 2025

සහෝදරයා ෆේල් වුනාට මරිසි කොටා ෆේල් නැත.


අනුර කුමාර ජනාධිපති වූ විට අප ඔහු කෙරේ බලාපොරොත්තු සහගතව ධනාත්මකව බලා සිටින පිලිවෙතක් අනුගමනය කළේ.... ඕනෑම තනතුරක ප්‍රොබේසොන් පීරියඩ් එකක් තිබෙනා නිසාය. 


පර්මනන්ට් කරන්නේ.... පර්ෆෝමන්ස් බලලාය. මුලදී පොඩි ප්‍රෝග්‍රෙස් එකක් පෙන්නුවත්... ඉන්නේ පරණ මරිසි කොටාම බව කළුතර ගවගාලේ රැස්සීමෙන් පස්සේ සුපිරියටම ඔප්පු වුනේය. ඔරිජිනල් සතා ඉන්නේ... ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පුටුව මත නොව, රැස්සීම්වල මයික් එක පිටිපස්සේය.


ජනා වෙන්න කලින් ජූලී චාන්ගේ සල්ලි වලින් කළ රැස්සීම් වල තිබූ සුපිරි ලකේ නැතත්.. පුනක්කු කන හාල්පාරුවෝ ටිකක් කොහෙන් හෝ ගෙනත්... පරණ පුරුදු හිටිවන පච සියල්ල එලෙසින්ම ඇද බෑවේ කිසිඳු හිරිකිතයක් නැතිවමය.


මේ... හන්දියක් හන්දියක් ගානේ තෙල් බේත් විකුණන උන් කියන තරමක් කියන්නේ පට්ට පල් කෙබර බවත්, ඔය තෙල් ඔක්කොම නිකන්ම නිකං පොල්තෙල් බවත් අපි දහ අතේ කිවත් ඒවා පිලිනොගත් අම්බරුවෝ අපි දැක්කාම නොදැක්කා වගේ මාරු වෙන කොට අපිට ඇඬෙන්නේ තනි ඇහැටය. 


උන්ගේ එකම වෙනස එක එකාගෙන් ඉල්ලාගෙන ඇන්ද හිල් ජොක්කු වෙනුවට..... දැන් තෙල බෙදන්නේ... ටේලර් ෂොප් වලින් ඉල්ලාගෙන අදිනා අවුට් ඔෆ් ෆැෂන් ටයි කෝට් කෑලි එල්ලාගෙන වීමය. ටයි නොට් එක දැක්කාම සුද්දොත් කොර වෙනවාය.


එක පෑන් පාරින්, පැය 24 න් කරනවා කීවත්... එහෙත් ඒ මැද, පැහැදිලිවම පෙනී ගිය කරුණ වූයේ ඔවුන්ට රටේ පාලන බලය ලැබේ යැයි ඔවුන් සිහිණයකින් නොසිතු බවත්, බලය ලැබුනහොත් පාලනය ගෙන යන්නේ කෙසේද? 

අදාල තනතුරු ලබා දෙන්නේ කාටද? 

සිස්ටම් එක චේන්ජ් කරන්නේ කෙසේද? 

අලුත් සිස්ටම් එක කුමක්ද? 

යන්න පිළිබඳව කිසිඳු සැලස්මක් හා වැඩපිලිවලක් තබා පවතින සිස්ටම් එක පිලිබඳව හෝ ඔවුන්ට කිසිඳු දැණීමක් නොතිබූ බවය.


මේ රට ගොඩදැමීමට නොහැකි ප්‍රධානම හේතුව අන්ත දූෂිත රාජ්‍ය සේවය බව අප සැමදා ලියා ඇත්තෙමූ. එම මාෆියාව කුඩු කරනා තෙක් ලී කුවාන් යූ, ඩොනල්ඩ් ට්‍රම්ප් තබා පුටින් හෝ සී ජී පින් උන්නැහේ ආවත් මේ රට ගොඩ ගැනීම බොරු බවත් අප ලියා ඇත්තෙමු.


හාල්, කුඩු (පොලීසිය) හා වරාය මාෆියාව ඊට හොඳම නිදසුන්‍ය. අද වන තෙක් වී මිළට සහතික මිළක් දීමට නොහැකිව මහ එකාගේ සිට කෘෂිකර්ම ඇමතියාත් නියෝජ්ජ පුරුක් පණුවාත් සොයා ගැන්මට නැතිය. වී ගබඩා හෙවිල්ලත් ඉවරය. වී අලෙවි මණ්ඩලයෙන් ගැනිල්ලත් ඉවරය. ඩඩ්ලි බඩු ටික ගන්නකන් මුන් ටික සොයා ගන්න හම්බ වෙන්නේ නැතිය.


ඒවාට කළ ගුණ සලකන්න ඩඩ්ලිලා දන්නවාය. සිස්‍ටම් එක කියන්නේ ඒකටය. වෙනස් කරනවාට වඩා අනුගත වීම ලේසී බව දැන් අවබෝධ වී ඇති සැටියක්‍ය.


කන්ටේනරෙකක් දෙකක් වෙනුවට කන්ටේනර් 300 ක්ම එලියට යන්නේ සිස්ටම් එක නියමෙටම අවබෝධ වී ඇති නිසාය.


දැන් සිඳුවෙමින් පවතින්නේද එයමය. අනුර කුමාරට විධායක ජනාධිපති තනතුරෙහි කාර්‍යභාරය හා චරිතයට පිවිසීමට නොහැකි බව ඔහු පැහැදිලිවම පෙන්වා අවසානය. එම තනතුරෙහි ගෞරවය ඔහු බව්වා මාක් එකට දමා අවසානය. මූලිකවම ඇඳුමෙනි.


ඒ ඔහු තුල ඇති හීනමානයයි. ඔහු අනුර කුමාර කාළයේ දුන්නේ දහසක් බොරු පොරොන්දු බව අප ලිව්වේ නිකන් නොවේය. ඒ රාජ්‍ය සේවය හා සිස්ටම් එක ගැන ජෙප්පන්ට වඩා අපට අවබෝධයක් තිබූ නිසාවෙන්මය.


දැන් ඒ දුන් පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව හත්පොලේ ගා ගනිමින් සිටිද්දි... රට ගොඩගැනීම පැත්තකින් තබා තමාට හුරු පුරුදු මරිසි කොටාගේ චරිතයට පන පොවමින් නැවතත් වේදිකා නාට්ටිය පෙන්වන වැඩේ ආරම්බ කර ඇත්තේ ඒ නිසාවෙනි.


රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්මට නොහැකි හේතුව මහින්ද රාජපක්ෂ කොළඹ 7, විජේරාමේ අක්කර 1 යි රූඩ් 22 යි පර්චස් 3 ක මහා මන්දිරයක සිට වර්චස් කිරීම බව මරිසි කොටාගේ ආරක්ෂ උපදේශකයින් හා විශේෂඥයින් විසිනි ඔහුට පෙන්වා දී ඇත්තේය.


විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සහිත තක්සේරුවක් නොකොට... මරිසි කොටා, කාගෙවත් උපදෙස් අනවශ්‍ය හරිනි දත්, පොලිස් ඇමතියා නියෝජ්‍ය ඇමතියා හා ජවිපේ දේශපාලන බල මණ්ඩලය විසින් ගන්නා තීන්දූ තීරණ අනුව නීතිය ක්‍රියාත්මක කරනා බවට.... විරුද්ධවාදීන් විසිනි ගෙනයන චෝදනා සියල්ල බොරු බව මරිසි කොටා වේදිකාවල දෙන ටෝක්ස් වලින් ඉතා පැහැදිලි වන්නේය.


ඔවුන් විජේරාම ඉඩමේ ප්‍රමාණය, නිවසේ වර්ගඵලය, සම්පූර්ණ වටිනාකම, අළුත්වැඩියා හා නඩත්තු වියදම් පමණක් නොව.... මහින්දගේ හා ශිරන්තිගේ බෙට්ටක දිග පලල, අරය හා පරිධියද සොයා... ඒ පිළිබඳ වාර්ථාව ජූලී චන්ග් හරහා පෙන්ටනගනයට යවා.... ඇමරිකානූ රහස් ඔත්තු සේවා මගින් ලද වාර්තා අනුව.... මේ තීරණයන්ට එළඹ ඇති බව ඉතා පැහැදිලිය.


මහින්ද විජේරාමේ සිටිනා තෙක් මරිසි කොටාට විධායක ජනාධිපති ධූරයේ චරිතය රඟපෑමට නොහැකි වී ඇත්තේ එනිසාය. 


මහින්ද මහත්තයා ඇත්තටම රටට ආදරේ ඇත්නම් දැන් කළ යුත්තේ..... කකුල් දෙකෙන් අල්ලා සරත් ෆොන්සේකා වගේ කුදලාගෙන ගොස් වැලිකඩ බෝඩිමේ දැමීමට පෙර..... රට ජාතිය වෙමුවෙන්... ඔතනින් චුත වෙලා යන එකය. ඒ යන්න කලින් මුන්ට කෙලවෙලාම යන්න කොඩිවිනයක් වලලලා යන නොයන එක උන්දෑගේ වැඩක්‍ය.


එසේ ගිය පසු...


වී වලට සහතික මිළක් ලැබෙනු ඇත.

වරායේ කන්ටේනර් ක්ලියර් වනු ඇත.

රිලව් පොල් කන එක නවතිනු ඇත.

ලුණු ලේවාවලින් ලුණු එනු ඇත.

හිඟුරානෙන් සීනී එනු ඇත.

වාලච්චනෙන් කරදාසි එනු ඇත.

කන්කසන්තුරෙන් සිමෙන්ති එනු ඇත.

කැළණියෙන් ටයර් එනු ඇත.

චීනෙන් සිනොපෙක් එනු ඇත.

ඉන්දියාවේ අදානි එනු ඇත.

ගස් වල මල් පිපෙනු ඇත.

කුරුල්ලන් ගී ගයනු ඇත.

ගර්භාෂ වලින් ඩිම්බ මෝචනය වනු ඇත.

වෘෂණකෝෂ වලින් ශුක්‍රාණු පිටවනු ඇත.

වීල් වල කෑලී ගැලවෙනු ඇත.

ලොරි බොඩි බස් සෙමින් යනු ඇත.

කුඩ්ඩෝ බීඩි බොනු ඇත.

පොඩි ලැසීලා රටින් යනු ඇත.


අපි මේක ගත්තේ ආයේ දෙන්න නෙමේ යකෝ කියා....

ආරක්ෂක නියෝජ්ජ ඇමතියා කියනු ඇත.


ස්වස්ති සිද්ධම්....!


#මාතලන් 

.

 

Jan 8, 2025

බොරුවෙන් හා අයියා පාට් වලින් රට පාලනය කළ නොහැක....


 

බොරුවෙන් හා අයියා පාට් වලින්

රට පාලනය කළ නොහැක....

➖➖➖➖➖➖➖➖⭕➖➖➖


එසේ කළ නායකයෙක්ද මේ රටේ සිටියේය. ඒ ප්‍රේමදාස මහත්තයාය. ඊටද හේතුවක් තිබුනේය. මිනිසුන් උන්නේ උතුරේ මෙන්ම දකුණේ ත්‍රස්තවාදයෙන් භීෂණයට පත් වෙලාය. මිනිසුන්ගේ ප්‍රධානම පරමාර්තය වූයේ හොඳින් හෝ නරකින් දකුණේ ජවිපේ ත්‍රස්තවාදය නිමා කිරීමය. පාරවල් අයිනේ මිනිසුන් මරා දමා තිබුනත් මිනිසුන් කම්පා නොවූයේ ඒ තරමටම ඔවුන් එපා වී තිබූ නිසාය.


මේ හේතුවෙන් පාලකයා බොහෝ සෙයින් බලවත් විය. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ප්‍රේමදාස ළඟ.... ආන්ඩුවේ නිළධාරින් පමණක් නොව, හූනියන් කාරයෝද බව්වන්ගේ තත්වයට පත් වූ බැවින්, ඔහුට පහසුවෙන් රාජ්‍ය පාලනය කරගෙන යා හැකි වුවත්, තම අභිමානයට කෙලවූ උන් සියල්ලෝම ඔහු එක්ක උන්නේ නයි වෛරයෙන්‍ය.


උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගියදා රටපුරා රතිඤ්ඤා දමමින් කිරිබත් කමින් රිලීස් කළේ... තිබුනා වූ ඒ වෛරයය.


සමාජයේ විවිධ ස්ථරයන් තුල ජීවත්වන විවිධ ජන කොටස්වල සිතුම් පැතුම් හා සංස්කෘතීන් ගැන නියම අවබෝධයක් ඇති පාලකයෙක් මේ රටේ මෙතෙක් බිහි නොවූ බවත්... ජහමනයාද සිටින්නේ ඒ මානසිකත්වයේම බවත් මා සැමදා ලියන්නේ, එවන් නායකයෙක් පැමිණෙන තුරු මේ රට ගොඩ යන්නේ නැති නිසාමය.


යම් කිසි තරමකින් ඔය තත්වයට ළඟා වුයේ.... බලයට පැමිනීමට පෙර සමාජයේ සෑම තරාතිරකම වුන් හා කා බී ආතල් එකේ වුන් මහින්ද රාජපක්ෂ පමණක් වුවද... දෙවන ධූර කාලයේදී ඔලුව ඉදිමුණ උන්නැහේටද... සියල්ල අමතක වී.... තම පවුල පමණක් ගොඩ ගියොත් ඇති යැයි සිතූ මානසිකත්වයට කෙලවූයේ මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලිලාය.


එතරම් බලයක් සහිත නායකයින්ටත් අත්වූයේ එවන් ඉරණම් නම්, බලයට පැමිණීමෙන් පසුත් පට්ට පල් කෙබරවලින් රට පාලනය කිරීමට යන මේ වැඩ බැරි ගං කබරුන්ට අත්වන ඉරණමේ තරම හිතා ගන්නටවත් නොහැකිය.


ජනාධිපතිවරයා කීවේ රජයේ වී ගබඩාවල එක වී ඇටයක් නැතෙයි කියාය.... එහෙත් දැන් රජයේ වී ගබඩාවක කීරී සම්බා තොගයක් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදීත්... අදත් වෙළඳ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ රජයේ ගබඩා වල වී ඇටයක් හෝ තිබුනේ නැතයි කියලාය.


බලය ගැන්මටත් අවිඳින බොරු කියු මුන්ට.... බොරු කියන්නට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැතිය.... කට ඇරියොත් කියන්නේ පට්ට පල් බොරුය.

ඒවා නමස්කාරය දී පිලිගන්නා ගොබ්බ වහලුන් තවමත් සිටිනා බව බුකියෙන් පේනවාය.


වී ඇටයක් නැති ළණුව ජනාධිපතිවරයාට දුන්නේ වසන්ත ඇමතිවරයාද.... නැතිනන් නිලධාරින්ද.... එසේ නැත්නම් ‍රටින් හාල් ගෙනැවිත් ජරාව සමසේ බෙදාගැන්ම සඳහා දේශපාලුවා හා නිළධාරීන් දෙගොල්ලොම එක්ව ඇඹරු ගුලියක්ද යන්න සොයාබැලීම අපේ වැඩක් නොව ජනධිපතිවරයාගේ වැඩකි. හේතුව වසන්ත මේ වන තෙක් රාජ්‍ය නිළධාරින්ට වචනයක් කියා නැති නිසාය. මේ අමාත්‍යාංශයට සම්බන්ධ තව තව ගේම් මේ වන විට එලියට එමින් තිබෙන්නේය.


අද බස් රථවල බොඩි පාට්ස් හා තොරම්බල් ගැලවීමත් අකුලාගෙන ඇත. ඕවා ගැලෙව්වා කියා ඇක්සිඩන්ට් අඩුවෙයි කියා සිතනා පාලකයින් මෙන්ම ජනතාවද කුර හා අං සහිත ජීවීන් මිස මිනිසුන් වීමට කිසිසේත් ඉඩ නැතිය.


ත්‍රී වීල් වල තත්වයද එසේමය.... මේවා කල්ට් පමණක් නොව කර්මාන්තයන් වී අවසානය.... බෙල්ල කපා දමනවාක් මෙන් මේවා එකවර නවතා දැමීමෙන් එයින් ජීවත් වූ මිනිසුන් ජීවත් වෙන්නේ කෙසේදැයි කියා සිහිකල්පනාවට නොඑනා උන් මිනිසුන් වීමට බැරිය.


බස් රථ සේවකයින්ගේ හා ත්‍රී රෝද රථ සේවකයින්ගේද ඒ හා බැඳුන අනෙක් සේවාවන්ගේද සමාජ තත්වය, පවුල් පසුබිම් මෙන්ම අධ්‍යාපන තත්වය මෙන්ම ඒ හා බැඳි කල්ට් එක දිරවන්නේ නැතයි කියා.. උන්ගේ ආතල් එක උන්ගේ සතුට අප අහිමි කරන්නේ නම්.... ඒ සමාජය කිසිඳු දිනෙක දියුණු සමාජයක් නොවන්නේය.


කළ යුත්තේ මේ දෙකයි පනහේ සිල්ලර වැඩ නොව.... මාර්ග අනතුරු අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැනීමය. (ඒ ගැන මම කලුන් ලීවෙමි) අලි ඉන්නා පැත්තේ යන බස් එකක ත්‍රීවිලර් හෝන් එකක් තිබිලා හරියන්නේ නැතිය.


කොහොමත් මේ ත්‍රී රෝද රථ කරුවන් සමඟ එම සේවය පටන් ගත් දා සිට සමාජයට වෛරයක් තියෙනවාය. ඒ ඔවුන් කිසිවකුටත් බරක් නොවී, හොඳින් කා බී ජීවත් වෙන නිසාය.


මාතලන් සිතනා පරිදි හදිසි අනතුරුවලදි ඔවුන්ගෙන් ඉටු වූ සේවාව පොලීසියට මෙන්ම සුවසැරියටත් වඩා වැඩි බවය. කුහකයන්ට ඒවා ගැන සිතීමට තරම් බුද්ධියක් ඇත්තේ නැතිය.


මාර්ග නීතී රීතී ක්‍රියාත්මක කිරීමට සිටිනා ට්‍රැෆික් පොලීසිය හා බස් රථවල නීතී රීතී ක්‍රියාත්මක කිරීමට ඉන්නා වුන් ජරා පප්පලාය. අධික වේගයෙන් ධාවනය කිරීමෙන් සිඳුවන මාරක රිය අනතුරු මෙන්ම... පෞද්ගලික බස් රථයේ මගියාට ටිකට් එකක් නැතිව යන්නට සිඳු වී ඇත්තේ ඒ නිසාය.


එබැවින් පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා කියා රෝගය කීයටවත් සුව වන්නේ නැතිය. කෙසේ හෝ මෙවන් ගොබ්බ වැඩ වලින් හා ගොබ්බ අයියා පාට් වලින් අනුර කුමාර පෞද්ගලිකව ලබා ගත් ජයග්‍රහණයට කෙලින්නේත් උන්නැහේගේ ගොබ්බ ඇමති මණ්ඩලයම බවත් නොකියා සිටිය නොහැකිය.


ඒ වගත් මෙසේය....


#මාතලන්

Jan 3, 2025

උද්දච්ඡ කුක්කුච්ඡලාගේ අමන කතා සාධාරනීකරණය කරනා තියොරොටිකල් ගොබ්බයෝ.

 


උද්දච්ඡ කුක්කුච්ඡලාගේ අමන කතා

සාධාරනීකරණය කරනා

තියොරොටිකල් ගොබ්බයෝ.

➖➖➖➖➖➖➖💀💀💀➖


සවුක්ක ඇමති ජොස්තර නහින්ඩ දනසිස්සගේ අමන කතාව දෙවැනි වන්නේ... මේ ජාතියේම උද්දච්ඡ අමනයකු වූ.... කෙහෙළියගේ මල් ශාලා කතාවට පමණමය....


ඒක සාධාරනීකරණය ගොබ්බයන්ගේ මානසිකත්වය ගැන මාතලන් අනේක වාරයක් ලියා ඇති මුත්.... නැවත නැවතත් ලියන්නේ මේවා කියවා හැදෙන හා ස්තූතී කරනා එකෙකු හෝ ඉන්නා නිසාය.....


ලෝකයේ තියෙන පිලිගත් සිස්ටම්..... 100% ඒ අයුරින්ම ක්‍රියාත්මක වන රටක් ලෝකයේ ඇත්තේ නැතිය. දියුණු වූ රාජ්‍යයන් දියුණු වී ඇත්තේ.... කුමන හෝ සිස්ටම් එකක් ඒ රටේ ජන ජීවිතය සිරිත් විරිත් හා සංස්කෘතියට අදාලව මුසුකර ගැනීමෙන්‍ය. 


අපේ රටේ මිනිස්සු තමන්ට කන්න නැතත් අනුන්ට කන්න බොන දෙන ජාතියක්මය. 3 - 4% ක් එසේ නොවනා අමු කුහක හැතිකරයක් බවත්.. එසේ නොවනා 65 - 66% ඔවුන්ට රැවටුන බවත් අපි දන්නවාය.


අපේ රටේ ඇඩ්වර්ටයිසින් කාරයන්ට හා නිර්මාණකාරයන් සුළු පිරිසකට මේ සංස්කෘතිය හා හැදියාවන් ගැන අවබෝධයක් ඇති  මුත්... මේ ගැන 100% ක අවබෝධයක් ඇති දේශපාලුවෙක් මෙතෙක් බිහි නොවීම.... අපේ රට සෑම අන්තයකින්ම දිළිඳු හා බංකොලොත් රටක් වීමට ප්‍රධානම හේතුවය.


නහින්ඩ දනහිස්ස කියන්නේ.... අවංක හෝ ඇත්ත කතාවක් කියනා උන්ගෙන් මට අසන්නට ඇත්තේ..... ඔවුන් බලයේ නැති කාළයේ ඉස්පිරිතාලවල වාට්ටු හැදුවේ, පිරිසිඳු කළේ, සමාජ සේවා වැඩ කළේ.... අමාත්‍යංශවල අනුමැතිය හෝ ජාතික ප්‍රතිපත්තියට අනුව හෝ මධ්‍යගත ප්‍රතිපත්තිවලට අදාලවද කියලාය.


රජයේ රෝහල් රටේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබුනද..... සමහර ඒවා කාර්‍යක්ෂම ක්‍රියාශීලී පිරිසිඳු සුහදශීලී ඉස්පිරිතාල විමටත්.... සමහරක් ඒවා රාක්ෂයන් පිරි මිහිපිට අපායන් වීමටත් හේතුව මේ අම්බරුවන්ට තේරෙන්නේ නැතිය.


දනහිස්ස හා වටපඩත්තල වොෂින් මැෂින් කියනාකාරයට... තියොරටිකල් සිස්ටම් එකට වැඩ කටයුතු කළේ නම්.... අනෙක් ඉස්පිරිතාලවලටද අත් වන්නේ අර මිහිපිට නරකාදි වලට අත් වන ඉරණමමය.


එහෙත් සමහර විට රෝහල් වලට පත්වීම් ලැබ පැමිණෙන දෙවිවරුන් වැනිරෝහල් අධ්‍යක්ෂකවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ඩී ඇම් ඕ වරුන්ගේ කැපවීමෙන් හා මහන්සියෙන්..... පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරයෙන්.... රෝහල් සේවක මණ්ඩලයේ සහායෙන්.... දිවියලෝක බවට පත්කළ රෝහල් බොහෝමයක් ඇති බව..... මෙහිදි ලියා තබනුයේ ඔවුන්ට උපහාරයක් ලෙසමය.


කෙලින්ම දිවය ලෝකයේ ගිය අපේක්ෂා රෝහලේම දොස්තර වසන්ත දිසානායක.... අම්පාර රෝහලේ දොස්තර ලංකාතිලක ජයසිංහ මෙන්ම.....


බොරැල්ල කාසල් රෝහල දිවියලෝකයක් කළ විශේෂඥ වෛද්‍ය සිරිසේන... බදුල්ල මහ රෝහලේ දන්ත වෛද්‍ය එකකය මෙන්ම බදුල්ල මහ රෝහල මෙන්ම සමස්ත රෝහල් පද්දතියේම නිල ඇඳුම්වලත් විප්ලවටක් සිඳුකොට එම රෝහලද දිවියලෝක බවට පත් කළ විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර වැනි වෛද්‍යවරුන් ඕවා කලේ....


ජොස්තර දනහිස්ස වැනි අමු කුහක හීනමාන ඉරිසියාකාර අමාත්‍යංශ නිළධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම, සහෝදර වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්‍ය මණ්ඩල අපතයන්ගේ දහසක් කුඩුකේඩූ කම් පෙත්සම් මධ්‍යයේ.... සිස්ටම් එකට අනුගත නොවී... පටිසෝතගාමී මාර්ගයේ ගමන් ගත් සුපර් මෑන්ලා වූ නිසාවෙන්මය.


දැන් මුන් කියන්නේ මේ ගොඩනැගිලි යන්ත්‍රසූත්‍ර ලබා දුන්නාට ඒවා මේන්ටේන් කරන්නට වෙන්නේ රජයටය කියලාය.


නොමිළේ ලැබෙන ඒවාත් මේන්ටේන් කරගන්නටවත් බැරි නම් ඒවාට පිරිස් නැත්නම් ඊට වගකිව යුත්තේ පරිත්‍යාගශීලීන් නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙන මුදලටත් වඩා මුදල් වෙන් කරනවායැයි කටමැත දොඩවන කයිතන් ආන්ඩුව හා කයිතන් අමාත්‍යවරයාය.


එහෙත් මා දන්නා පරිද්දෙන් නම්... මේ පරිත්‍යාගශීලීන් සියල්ලන්ම මේවා පරිත්‍යාග කරනවා පමණක් නොව ඒවා මේන්ටේන් කිරීමද කරණු ලබනාතර ඔවුන් මියගියහොත් හෝ පාලකයින් වෙනස් වුවහොත් ඔවුන් විසින් පිහිටුවා ඇති අරමුදල් මඟින් ඒවා දිගටම නඩත්තු වන්නේය.


එසේ කළ නොහැකි නම්, මුදලුත් නැත්නම්, පිරිසුත් නැත්නම් ඒවා වසා දැම්මා කියා ඇති පාඩුවක් ඇත්තේත් නැතිය. 


කව්දෝ තිරිසනෙක් ලියා තිබ්බේ සුවිසැරිය ගිලන් රථ සේවයද මෙවන් සුදු අලියෙක් කියලාය. ඒ වටපඩත්තලයාට මට කීමට ඇත්තේ මෙතෙක් එම ගිලන් රථ සේවය මගින් සැපසූ සේවය පෞද්ගලික රෝහලක සේවාවල මුදලෙන් ගනන් හදා බලනා ලෙසත්, බේරාගත් ජීවිතවල වටිනාකම ඊට එකතු කරනා ලෙසත්‍ය. 


ජීවිතයේ අසීමිත කැපකිරීම් කර ලබා ගත් දැනුමෙන් හා කුසලතාවයෙන් නැවත ජීවය අයදිමින් සිටින සුවහසක් ලාංකීය මල් කැකුලු හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ජීවිත නගා සිටුවමින්, කරන්නා වූ අසීමිත කැප කිරීම වෙනුවෙන්.... 


ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එකම  ළමා ඇට මිදුලු බද්ධ කිරීම සම්බන්ද  පිලිකා රෝග විශේෂඤ්ණ වෛද්‍ය ප්‍රභානී මද්දුමආරච්චීගේ කැපවීමෙන් හා මහන්සියෙන් කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් හා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් දැයට දායාද කළ පිරිසට කිසිඳූ ස්තූතියක් සිඳු නොකට....


මිනිසුන්ට නොව සතුන්ටද ප්‍රතිකාර කළ රජවරුන්... සිටුවරුන්... දානපතියන් සිටි රටක.... තම උද්ද්ච්ඡ හීනමාන අමනකම ප්‍රදර්ශනය කළ.... ඖෂධ හිඟයක් ආවොත් මට කියන්න එපා යැයි කියනා වටපඩයන් පමණක් නොව... එවන් කතා ඔලුවේ උඩ තබාගෙන වන්දනා කරනා උන්ද... මිනිසුන් නොව තිරසනුන්ටත් එහා අපාය සහායකින්මය....


තොපි මේ කියන්නේ.... තොපේ සිහිණ සිස්ටම් ක්‍රියත්මක වෙන රටක් මේ හිඟන දුප්පත් රටේ පහළ වන තෙක්... අසරණ ජනතාව ඉස්පිරිතාලවලට නොව මල් ශාලවට යා යුතු යැයි කියූ කෙහෙළියගේ කතාවමය....


සියලු සත්වයෝ

නිදුක් වෙත්වා...

නීරෝගී වෙත්වා....

සුවපත් වෙත්වා....

සැපතට පත් වේවා..... ///


#මාතලන්

Jan 2, 2025

වැටෙනවාට බය වුවහොත්, දුවන්නට බැරිය....... (වට්ටපු උන් බලයට විත්.. උන් වැටේ යැයි කියා බියට පත් වීම)

 


වැටෙනවාට බය වුවහොත්,

දුවන්නට බැරිය.......

(වට්ටපු උන් බලයට විත්..

උන් වැටේ යැයි කියා බියට පත් වීම)

➖➖➖➖➖➖➖⭕➖➖


පුද්ගලයකුගේ හැසිරීම් තුලින්, ශාරිරික ඉරියව් වලින්, මුහුණේ හැඟීම් වලින්, අභිනවයන්ගෙන් මෙන්ම ලිඛිත හා ප්‍රකාෂිත අදහස් තුලින් ඔහු හෝ ඇය කියවා ගැන්ම මේ පිළිබඳව භාවිතයෙන් හදාරා ඇති අයකුට අපහසු කටයුත්තක් නොවේය.


මැතිවරණ ව්‍යාපාරය තුලදී අනුර කුමාර දිසානායක හා පිරිස ඕවර් කොන්ෆිඩන්ස් ගොස් වේදිකා උඩ කෙලින්නේ හද්දා කෙබර බව අප කීවේ ලීවේ එනිසාවෙන්‍ය.

අප කියන්නේ බොරු නම්, ඔවුන්ගේ එදා කතාවන් හා අභිනයන් හොඳින් නිරීක්ෂණය කරනා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.


බලයේ වුන් රනිල් හා ඔහුගේ ගෝලබාලයෝ වේදිකාවේ කියුවේ ඇත්තය. එනම්.... රටේ දේශපාලන සමාජීය හා ආර්ථිකයේ නියම ස්වරූපයය. ඒ ඔවුන් එම ප්‍රශ්ණයේ දිග පලල පරිමාව භාවිතයෙන්ම අවබෝධ කරගෙන උන් නිසාය. අපද ලීවේ කීවේ එයය. එහෙත් ජෙප්පන් හා සජබේ උන් කියනා තරමක් කීවේ කිසි දින ඉටුකිරීමට නොහැකි ගල් පැලෙනා බොරුය. 


ඊට ජවිපෙට හෝ සජිත් ඇතුලු පිරිසට දොස් කීමෙන් පලක් ඇත්තේ නැතිය. මොකෝ... බලය ලබා ගැන්මට ඇති පහසුම කාර්‍යය නම් හොඳම බොරු තොගය මාකට් කිරීමට ඇති දක්ෂතාවය බව මෙරට සියලුම දේශපාලුවන් දන්නා නිසාත්.... එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී... ඒ සඳහාම වූ ජාත්‍යන්තර මෙන්ම දේශීය විශේෂඥ ආයතනත් බිහි වී අවසානය. ඉතිහාසයේ සිට මේ දක්වා බලය ලබාගෙන ඇත්තේ එමඟින් බවත් අද වන විට ඔප්පූ වී අවසානය.


වැරද්ද ඇත්තේ මේවා අවබෝධ කර ගැන්මේ ශක්තියක් නැති, නඟර සභාවක් තබා සමූපාකාරයක බඩු හෝ කිරා නැති පච මෝල්ලුන් පිරිසකට චන්දය දුන්... රටේ වත්මන් ආර්ථික අර්බුධය ගැන අබ මල් රේණුවක මොළේ කළඳක් නැති, අර බොරු ප්‍රචාරයන්ට රැවටුන කුර හා අං සහිත අම්බරුවන් අතේය. (රැවටුනා නෙමෙයි මහත්තයෝ... ඇත්තටම විශ්වාස කළා කියා ඊයේත් ත්‍රී විල් අයියා මා එක්ක කන් කෙඳිරි ගෑවේය) අද ඒ අම්බරුවන් නිසා අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ චන්දය දුන් උන්ටත් වඩා.... බලය ගත්තු සැට් එකය.


එහෙත් මෙහිද ඇති පට්ටම ආතල් එක නම්... උන් කිව්වේ බොරු බව අප අවබෝධ කරගෙන උන්නද.... ජෙප්පන් මේ කෙබර දෙසා බා ඇත්තේ.... ඒ ආකාරයේ වංක සිතකින් නොව අවංකවම ඒවා ඉටුකල හැකි යැයි ඔවුන් සිතූ බැවින් බව.... අද ඒවා ඉටුකර ගැන්මට ගොස්...


උන් සිතූ පැතූ ආකාරයෙන් ඒවා ඉටුකර ගැන්මට නොහැකිව... හත්පොලේ ගාගෙන නාගෙන... ලබාගත් බලය ගිලිහේ යැයි බියෙන්... "අපිව වට්ටන්න හිතන්නවත් එපා" යැයි මහ එකාගේ සිට බුකි වහලා දක්වා උදේ හවා නගනා මළ අඬෝවැඩියාවය.


ඇත්තටම මෙය ෆෝබියාවකි. විජ්ජාත්මක ක්‍රමයට මෙය හඳුන්වන්නේ OCD හෙවත් obsessive-compulsive disorder කියලාය.

එනම් පාලනය තමන්ගෙන් ගිලිහෙතැයි යන බියය.


ඒ කියන්නේ.... බොහෝ අය කෙසේ කීවද.... මුන් බොරු කියා ඇත්තේ අවබෝධයකින් නොවනා බවයි... 2/3 ක බලයකුත් ලබාගත් මේ අමන රැල දැන් ඔවුන්ගේ බැරි බැරියාව වසා ගැන්මට යන්නේ රාජ්‍ය සේවයට දොස් පවරමින්‍ය. දැන් ආරම්බ කර ඇත්තේ.. ඔවුන්ට දිරවන්නේ නැති නිළධාරින් සියල්ලටම ෂොට් එක දීමේ වැඩපිලිවෙලය. සමහර විට ක්ලීන් සිරි ලංකා කිව්වේ මේකටත් වෙන්නට ඇතිය.


මුලින්ම පටන් ගත්තේ පොලීසියෙන්‍ය. ඊළඟට හමුදාවට තැබූ අත... ඉන් පසු තැබූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාටය...(එය නම් ඉක්මනින්ම එන බව, අප උසාවියේදීම කතා කළෙමු). බොහෝ විට එය....  හෙට අනිද්දා වන විට පාර්ලිමේන්තුවේ ඉහළම නිළධාරින්ටද යොමු වීමට නියමිත බවට අභ්‍යන්තර තොරතුරු වලින් දැන ගැන්මට ලැබෙන්නේය.


ඊයේ මොකක්දෝ විගඩමක් ආරම්බ කිරීමට ජනාධිපති කාර්‍යාලයට පැමිණ සිටි මහ එකාගේ සිට හැම එකාම හිටියේ තක්බීර් වෙලාය. ක්ලීන් ශ්‍රී ලංකා කියා සුභ කටයුත්තක් ආරම්බ කිරීමට පැමිණි උන් සිටියේ... මළ ගෙදරක ආපු උන් වගේ මුහුණේ කිසිඳු ප්‍රසන්න භාවයක් ඇත්තේ නැතිවය. අලුත් අවුරුද්දේ මුල්ම දවසේ කිසිම එකෙකුගේ මුහුණේ සිනහවක් හෝ ප්‍රීතියක් තිබුනේ නැතිය. ඇත්තටම උන් ඔක්කොම උන්නේ යක්කු ගහපු උන් වගේ හොල්මන් වෙලාය.


මළ යක්ෂ පාලකයෙක් වූ මහින්ද රාජපක්ෂගේ කාළයේ පවා.... මෙවන් අවස්ථාවල සියල්ලන්ම සිටියේ උත්සවශ්‍රීයෙන් ඇලලිලාය. ජැකාගේ පිටපත අනුව සැකසූ... බී ඇන් ඇස්ලාගේ සින්දුය, චන්නගේ ඩෑන්සින්‍ය, පට්ටම ආතල් සාගරයක්‍ය. රාජ්‍ය උත්සව කියන්නේ ඒවාටය. මුන්ට ඒවා නොමිළේම කරන්නට උන් ඕනා තරම් ඉන්දැද්දි... ඒ වෙනුවට තිබ්බේ දැක්කාම අධෝ මුඛේ කොක් හඬලා සිනාසෙන..... පොඩි වුන් වාගේ අම්මපා කියා දිවුරපු දිවුරිල්ලක්‍ය.


මේවා මොන්ටිසෝරී වැඩය. ඝෝටා රටම ක්ලීන් කළේත්... රටේ විනයක් හැදුවේත්.... නීතිය ක්‍රියාත්මක කොට මිස මේ වාගේ මොන්ටිසෝරි කොන්සර්ට් තියලා නෙමේය.

අද උදේත් බුලත් කෙළ පාරකින් බේරුනේ පූරුවේ කළ පෙර පිනක් නිසාමය. 


අනුර කුමාර තවත් කලුවෙලාය. ඒ මදිවාට ඊයේ කතාවේදීද කීවේ.... අපේ වැඩ වලට අකුල් හෙලන්නට එන්න එපා... "අපිව වට්ටන්න එන්න එපා..." කියලාය. 


ඇත්තටම ඔහේලා වට්ටන්න දැන් එකෙක්වත් ඇත්තේ නැතිය. රටේ දියුණුවට අකුල් හෙලුවේ, වැඩ වර්ජන කළේ, උද්ඝෝෂණය කළේ, ෆැක්ටරි වසා දැම්මේ, බස් ගිනි තිබ්බේ, මෝල් ගිනි තිබ්බේ, රටම ගිනි තැබුවේ, මංකොල්ලකෑවේ, මිනී මැරුවේ ඔහේලා මිස අනෙක් පක්ෂවල උන් නොවේය.


දැන් බලයේ ඉන්නේ ඔහේලා බව ඔහේලට අමතක වූ බවක් පැහැදිලිව පෙනෙන්නේය. එමෙන්ම ඔබලාටද කිසිඳු අවබෝධයක් නොමැතිව කියූ බොරු පොරොන්දු..... ඔබලාට ඉටු කිරීමට නොහැකි බවත්, රාජ්‍ය පාලනයට තබා හාල් කිලෝ එකක් ගේන්නේ කෙසේදැයි කියාවත් අවබෝධයක් නැති බවත් ජනතාවට කියන්නට ලැජ්ජා වෙන්නට එපාය.


ඒ නිසා වැටෙනවාට බය වෙන්නට එපාය. දුවන්නට බැරි උන් දුවන්නට උගෙන ගන්නේ වැටි වැටීය. දැන් ඔබලා ළිඳේ වැටී අවසානය. දැන් ගොඩ එන්නට තිබෙන්නේද ළිං කටින්ම මිස උල්පත් දිගේ නොවේය. උල්පත් දිගේ යන්නට ගියොත් වෙන්නේ වතුරේ ගිලී මිය යන්නටය.


"බලය මිනිසා දූෂණය කරයි. අසීමිත බලය අසීමිත දූෂණයට හේතුවෙයි.” යනුවෙන් ඇති ප්‍රසිද්ධ කියමනට නව අරුතක් එක් කරමින්..... අවුන් සාන් සූකී වරක් ප්‍රකාෂ කළේ....


දූෂණයට හේතු වන්නේ බලය නොව බියයි. තමන් ලද බලය අහිමි වේයැයි ඇති බිය විසින් බලයේ සිටිනා අය දූෂිතයින් බවට පත් කරයි.... කියලාය.....


මෙය කොතරම් සත්‍යයක්දැයි යන්න... ඉතිහාසයේ මෙතෙක් බලයේ උන් දේශපාලුවන් මෙන්ම.... වත්මන් වෙළඳ ඇමති, කර්මාන්ත ඇමති, ප්‍රාඩෝ චෝදනා එල්ලවූ මන්ත්‍රීවරියන් ඇතුලු.... බිංගිරියේ කප්පම් ගැන්මට ගිය දේශපාලුවන් දෙදෙනාගේ ක්‍රියාවන් හා ප්‍රකාෂයන් තුලින් මොනවට ඔප්පු වන්නේය....


ඒ වගත් මෙසේය.......


#මාතලන්