උද්දච්ඡ කුක්කුච්ඡලාගේ අමන කතා
සාධාරනීකරණය කරනා
තියොරොටිකල් ගොබ්බයෝ.
➖➖➖➖➖➖➖💀💀💀➖
සවුක්ක ඇමති ජොස්තර නහින්ඩ දනසිස්සගේ අමන කතාව දෙවැනි වන්නේ... මේ ජාතියේම උද්දච්ඡ අමනයකු වූ.... කෙහෙළියගේ මල් ශාලා කතාවට පමණමය....
ඒක සාධාරනීකරණය ගොබ්බයන්ගේ මානසිකත්වය ගැන මාතලන් අනේක වාරයක් ලියා ඇති මුත්.... නැවත නැවතත් ලියන්නේ මේවා කියවා හැදෙන හා ස්තූතී කරනා එකෙකු හෝ ඉන්නා නිසාය.....
ලෝකයේ තියෙන පිලිගත් සිස්ටම්..... 100% ඒ අයුරින්ම ක්‍රියාත්මක වන රටක් ලෝකයේ ඇත්තේ නැතිය. දියුණු වූ රාජ්‍යයන් දියුණු වී ඇත්තේ.... කුමන හෝ සිස්ටම් එකක් ඒ රටේ ජන ජීවිතය සිරිත් විරිත් හා සංස්කෘතියට අදාලව මුසුකර ගැනීමෙන්ය.
අපේ රටේ මිනිස්සු තමන්ට කන්න නැතත් අනුන්ට කන්න බොන දෙන ජාතියක්මය. 3 - 4% ක් එසේ නොවනා අමු කුහක හැතිකරයක් බවත්.. එසේ නොවනා 65 - 66% ඔවුන්ට රැවටුන බවත් අපි දන්නවාය.
අපේ රටේ ඇඩ්වර්ටයිසින් කාරයන්ට හා නිර්මාණකාරයන් සුළු පිරිසකට මේ සංස්කෘතිය හා හැදියාවන් ගැන අවබෝධයක් ඇති මුත්... මේ ගැන 100% ක අවබෝධයක් ඇති දේශපාලුවෙක් මෙතෙක් බිහි නොවීම.... අපේ රට සෑම අන්තයකින්ම දිළිඳු හා බංකොලොත් රටක් වීමට ප්‍රධානම හේතුවය.
නහින්ඩ දනහිස්ස කියන්නේ.... අවංක හෝ ඇත්ත කතාවක් කියනා උන්ගෙන් මට අසන්නට ඇත්තේ..... ඔවුන් බලයේ නැති කාළයේ ඉස්පිරිතාලවල වාට්ටු හැදුවේ, පිරිසිඳු කළේ, සමාජ සේවා වැඩ කළේ.... අමාත්‍යංශවල අනුමැතිය හෝ ජාතික ප්‍රතිපත්තියට අනුව හෝ මධ්‍යගත ප්‍රතිපත්තිවලට අදාලවද කියලාය.
රජයේ රෝහල් රටේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබුනද..... සමහර ඒවා කාර්යක්ෂම ක්‍රියාශීලී පිරිසිඳු සුහදශීලී ඉස්පිරිතාල විමටත්.... සමහරක් ඒවා රාක්ෂයන් පිරි මිහිපිට අපායන් වීමටත් හේතුව මේ අම්බරුවන්ට තේරෙන්නේ නැතිය.
දනහිස්ස හා වටපඩත්තල වොෂින් මැෂින් කියනාකාරයට... තියොරටිකල් සිස්ටම් එකට වැඩ කටයුතු කළේ නම්.... අනෙක් ඉස්පිරිතාලවලටද අත් වන්නේ අර මිහිපිට නරකාදි වලට අත් වන ඉරණමමය.
එහෙත් සමහර විට රෝහල් වලට පත්වීම් ලැබ පැමිණෙන දෙවිවරුන් වැනිරෝහල් අධ්‍යක්ෂකවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ඩී ඇම් ඕ වරුන්ගේ කැපවීමෙන් හා මහන්සියෙන්..... පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරයෙන්.... රෝහල් සේවක මණ්ඩලයේ සහායෙන්.... දිවියලෝක බවට පත්කළ රෝහල් බොහෝමයක් ඇති බව..... මෙහිදි ලියා තබනුයේ ඔවුන්ට උපහාරයක් ලෙසමය.
කෙලින්ම දිවය ලෝකයේ ගිය අපේක්ෂා රෝහලේම දොස්තර වසන්ත දිසානායක.... අම්පාර රෝහලේ දොස්තර ලංකාතිලක ජයසිංහ මෙන්ම.....
බොරැල්ල කාසල් රෝහල දිවියලෝකයක් කළ විශේෂඥ වෛද්‍ය සිරිසේන... බදුල්ල මහ රෝහලේ දන්ත වෛද්‍ය එකකය මෙන්ම බදුල්ල මහ රෝහල මෙන්ම සමස්ත රෝහල් පද්දතියේම නිල ඇඳුම්වලත් විප්ලවටක් සිඳුකොට එම රෝහලද දිවියලෝක බවට පත් කළ විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර වැනි වෛද්‍යවරුන් ඕවා කලේ....
ජොස්තර දනහිස්ස වැනි අමු කුහක හීනමාන ඉරිසියාකාර අමාත්‍යංශ නිළධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම, සහෝදර වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩල අපතයන්ගේ දහසක් කුඩුකේඩූ කම් පෙත්සම් මධ්‍යයේ.... සිස්ටම් එකට අනුගත නොවී... පටිසෝතගාමී මාර්ගයේ ගමන් ගත් සුපර් මෑන්ලා වූ නිසාවෙන්මය.
දැන් මුන් කියන්නේ මේ ගොඩනැගිලි යන්ත්රසූත්ර ලබා දුන්නාට ඒවා මේන්ටේන් කරන්නට වෙන්නේ රජයටය කියලාය.
නොමිළේ ලැබෙන ඒවාත් මේන්ටේන් කරගන්නටවත් බැරි නම් ඒවාට පිරිස් නැත්නම් ඊට වගකිව යුත්තේ පරිත්‍යාගශීලීන් නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙන මුදලටත් වඩා මුදල් වෙන් කරනවායැයි කටමැත දොඩවන කයිතන් ආන්ඩුව හා කයිතන් අමාත්‍යවරයාය.
එහෙත් මා දන්නා පරිද්දෙන් නම්... මේ පරිත්‍යාගශීලීන් සියල්ලන්ම මේවා පරිත්‍යාග කරනවා පමණක් නොව ඒවා මේන්ටේන් කිරීමද කරණු ලබනාතර ඔවුන් මියගියහොත් හෝ පාලකයින් වෙනස් වුවහොත් ඔවුන් විසින් පිහිටුවා ඇති අරමුදල් මඟින් ඒවා දිගටම නඩත්තු වන්නේය.
එසේ කළ නොහැකි නම්, මුදලුත් නැත්නම්, පිරිසුත් නැත්නම් ඒවා වසා දැම්මා කියා ඇති පාඩුවක් ඇත්තේත් නැතිය.
කව්දෝ තිරිසනෙක් ලියා තිබ්බේ සුවිසැරිය ගිලන් රථ සේවයද මෙවන් සුදු අලියෙක් කියලාය. ඒ වටපඩත්තලයාට මට කීමට ඇත්තේ මෙතෙක් එම ගිලන් රථ සේවය මගින් සැපසූ සේවය පෞද්ගලික රෝහලක සේවාවල මුදලෙන් ගනන් හදා බලනා ලෙසත්, බේරාගත් ජීවිතවල වටිනාකම ඊට එකතු කරනා ලෙසත්ය.
ජීවිතයේ අසීමිත කැපකිරීම් කර ලබා ගත් දැනුමෙන් හා කුසලතාවයෙන් නැවත ජීවය අයදිමින් සිටින සුවහසක් ලාංකීය මල් කැකුලු හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ජීවිත නගා සිටුවමින්, කරන්නා වූ අසීමිත කැප කිරීම වෙනුවෙන්....
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එකම ළමා ඇට මිදුලු බද්ධ කිරීම සම්බන්ද පිලිකා රෝග විශේෂඤ්ණ වෛද්‍ය ප්‍රභානී මද්දුමආරච්චීගේ කැපවීමෙන් හා මහන්සියෙන් කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් හා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් දැයට දායාද කළ පිරිසට කිසිඳූ ස්තූතියක් සිඳු නොකට....
මිනිසුන්ට නොව සතුන්ටද ප්‍රතිකාර කළ රජවරුන්... සිටුවරුන්... දානපතියන් සිටි රටක.... තම උද්ද්ච්ඡ හීනමාන අමනකම ප්‍රදර්ශනය කළ.... ඖෂධ හිඟයක් ආවොත් මට කියන්න එපා යැයි කියනා වටපඩයන් පමණක් නොව... එවන් කතා ඔලුවේ උඩ තබාගෙන වන්දනා කරනා උන්ද... මිනිසුන් නොව තිරසනුන්ටත් එහා අපාය සහායකින්මය....
තොපි මේ කියන්නේ.... තොපේ සිහිණ සිස්ටම් ක්‍රියත්මක වෙන රටක් මේ හිඟන දුප්පත් රටේ පහළ වන තෙක්... අසරණ ජනතාව ඉස්පිරිතාලවලට නොව මල් ශාලවට යා යුතු යැයි කියූ කෙහෙළියගේ කතාවමය....
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා...
නීරෝගී වෙත්වා....
සුවපත් වෙත්වා....
සැපතට පත් වේවා..... ///
#මාතලන්
කටෙන් බතල හිටවාලා ඉවරයිලු
ReplyDeleteතව වැඩි දොහක් ඉවසන්නට වෙන්නෑලු
පාලු ගෙයි වළන් බිඳිනෙක ලේසියිලු
ජලේ මාළු කට හින්දා නැහෙනවලු!
මමත් මේ කවියට කැමැතියි. ස්තුතියි, මගේ නමින් ලියන්නාණෙනි.
Deleteමිතුර, මා ඔබේ හෘද සාක්ෂියයි...!
Deleteමුන්ට ඡන්දෙ දෙන්න එපා කියලා කට කැඩෙනකම් කිව්වා. ඇහුවෙ නෑ. දැන් පේනවනෙ..
ReplyDeleteසෞඛ්‍ය ඇමතිට නිකං හම්බෙන රෝහල නඩත්තු කර ගන්න බෑ. හැබැයි කයිය ලොවෙත් නෑ..
අනික මරු කෙළිය තමා, කොටු පැනපු උන්ව හෙළි කරපු උන්ව අල්ලන් යනව කොටු පැනපු උන් නිදැල්ලෙ. කප්පන් ගන්න ගිය එවුන්ට ගේම ඉල්ලපු උන් අල්ලන් යනවා, කප්පන් කාරයො නිදැල්ලෙ. මහිනදගෙ කාලෙ ඇමතියෙකුට ලේ එන්න නෙලලත් එකෙක්වත් අත්අඩංගුවට ගත්තෙ නෑ, මොකද ඇමතියා කළේ වැරදි වැඩේ නිසා. දැන් එහෙම බෑ. පාර්ලිමේන්තුව බුල්ඩෝසර් කරලා තියන නිසා ඉන්නෙ ඔක්කෙිම බෝ පැල. උන් වැරදි කරන්නෑ සහ කව්රු හරි එහෙම චෝදනාවක් කළොත් ඒක අපරාධමය වරදක්...ඕන්න ඕකයි සිස්ටොං චේන්ජ් කියන්නෙ...
මාතලන් අයියේ ඔයත් දැන් නිකන් JVP එක නැතනම් NPP මාලිමා වහල් බයියො හැත්ත වගේ . හැම ප්‍රශ්නෙටම ඔයා ළඟ උත්තරයක් තියෙනවා.හැබැයි කරන්න හම්බුනාම තමයි ඇත්ත තත්වෙ පේන්න ගන්නෙ, මෙලෝ හසරක් නැති අපතයෝ සේරම වැල් වටාරම් බයිලා විතරයි මෙලෝ රසක් නැති මෙලෝ වැඩක් කරන්න බැරි ගොන් පාට් ලෝකයක්!
ReplyDeleteමාතලන්, අර 10ක වාට්ටු සංකීර්ණයේ සමරු ඵලකය දැක්කද?..පිං සල්ලි වලින් හදපු එක විවෘත කරන්න රනිල් ගියේ නෑ ..කපටි රනිල් ඕකට ගියා නම් කුහක කාලකන්නි මාලිමා මීහරක් හැතිකරේ ඕකට ගහන මඩ ගැන කපටි රනිල් දන්න නිසා ගියේ නැතුව ඉන්න ඇති ..අලුතින් ඊයේ විවෘත කලේ දරුවන්න්ගෙ ඇට මිදුලු බද්ද කරන්න පුලුවන් ඒකකයක් ඒක ශල්‍යකර්මයක් කරන්න ඉන්දියාවේ නම් ලක්ෂ 75ක් යනවලු ..එතකොට හිතන්න මේවා හැදුවම රටේ ඩොලර් ටික පවා ඉතුරු වෙනව කුහක කාලකන්නි මාලිමා ගස් සුණ්ඛයෝ රටේ නැති අමුම අමු කුහක කතා කීවට මොන තරම් අගයන්න ඕන වැඩද... බලු පාහර මාලිමා කාලකන්නින්ට උන්ගේ සාක්කුවෙ දා ගන්න පක්ෂ අරමුදල කියන හොරගුහාවට දුන්න නම් කෑෂ් කෑෂ් කියලා පුකට උඩදාගෙන පැනලා අර ගනී...වාව ගන්න බැරි කුහක කම ආවම දේව ශාප වෙනව කියන්නේ මේවට තමයි ...!
ReplyDeleteඅඩෝ මාතා ඒකෙ මහ ලොකු රොකට් සයන්ස් නෑ මිනිහගෙන් කෙලිම එළියට ආවෙ කුහක කම එතනදි මහින්දගෙ නම කියවුනා ගැරඩියට භූමිතෙල් ගැහුව වගේ ඒක. හොයල බලන්න ජවිපෙන් රෝහල් වලට අධාර උපකාර කරල නැද්ද කියල. අනික බලෙන් හදල නෙවෙයි නේ අවසර අරගෙන හදල තියෙන්නෙ එතකොට ඒක භාරගන්න දවසට අදාල කාර්යය මණ්ඩලය යොදවන එක රජයෙ වගකීම. සමහර රෝහල් වල අතිරික්තයක් ඉන්නව ඉතින් ඒව කළමනාකරණය කරන්න නේද ආණ්ඩුවක් ඉන්නෙ? හිසරදයට කොට්ටෙ මාරු කරල හරියන්නෙ නෑ
ReplyDeleteඔච්චර මාලිමාවට රෙදි අපුල්ලා තටමන්න ඕනේ නෑ මාතලං බොලාගේ පක්ෂේ අතිබහුතරය වගේම නලින්දල උපතින්ම අමු කුහකයි.. දැන් බොලා උගේ කැරි කමට කරපු කුහක කතාව නිකන් ඩාවින්චිගෙ චිත්‍රයක් ගානට දාල විචාරය දෙන්න යන්නෙ දවස් දෙකකට පස්සෙ ..😃😃😃
ReplyDeleteසූරියප්පෙරුම මහතාගේ මරණය ගැන අපගේ බලවත් විරෝධය පලකර සිටිමු
ReplyDeleteමාලිමාවේ උන් සේරටම මූලික වෘත්තීය දැනුම ලබාදෙන්න ඕන නේද මාතලන් මොකද ඇත්තටම දත්ත මත පදනම්ව කිවුවට ඒක මහ පොලව ඒක්ක කොච්චර ගැලපෙනවද කියලා හරියටම දන්නෙ නැ…..හාල්,පොල් ප්‍රශ්නයේදි මං දන්න මහ පොලවේ කතා ටිකක් කෙටියෙන් කියන්නම්…හාල්,පොල් ප්රශ්නය වගේ ඒකක් පහුගිය කාලේ පොල් වලටයි තිරිගු පිටි වලටයි ආවා..ඩොලර් අර්බුදය තියන වෙලාවේ තිරිගු පිටි සමාගම් දෙක තමන්ගෙ කිලෝ 50 පිටි මිටිය රැ 15000 ,17000 යනකන් හිටියා..ආන්ඩුව ටික දවසක් යනකන් බැලුවා වැඩේ හරියන් නැ..ඒ කාලේ තමා පාන් ගෙඩිය රැ 180 ,200 වගේ ගියේ….කොටුවේ තොග මුදලාලිලාට දුන්නා කිසිම බද්දක් නැ..ඕන කෙනෙක්ට පිටි ගෙන්න පුලුවන් තමන්ම ඩොලර් හොයන් පිටි ගෙනල්ලා බෙදා හරින්න කියලා..ඒ වෙලාවේ ඩුබායි වලින්,ඉන්දියාවෙන්,පකිස්තානයෙන්,හෝලන්ඩ් වලින්,ඊජිප්තුවෙන්,වගේ රටවල් කිපයකින් බඩු ආවා..බඩුත් හොදයි අවුලක් නැ…අන්තිමට ලංකාවේ 17000 ට විතර ගිය ඒක 8500 විතර වෙනකන් ඇවිල්ලා නතර උනා…පොල් වලත් බෑය 100ට යනකන් වගේ ගියා ඒ වෙලාවෙත් ඩෙසිකට් කපන ඒක නතර කලා,වියට්නාමයෙන් පොල් ගේනාවා…ඒතකොට ලංකාවේ මාර්කට් ඒකේ ඉහල ගිය පොල් ටික ටික අඩුවෙලා ගියා…හාල්,පොල් දෙක කියන්නෙ නරක් වෙන දේවල් නෙමෙයි..ඒ හින්දා බිස්නස් කරන උනුත් හුරැ වෙලා ඉන්නවා.බඩු හිගවෙනකොට ඒලියට දාන බඩු වැඩි ලාබයක් තියන් විකුනන්න පුලුවන් නිසා ටික ටික ඒලියට දාලා ලාබ වැඩියෙන් හොයන්න…ඒකත් ඒක කලාවක්…හැබැයි ඕය වැඩේ බිත්තර වලට කරන්න බැ…මොකද බිත්තර නරක් වෙන නිසා…ඒකයි නත්තල් වලට කලින් රැ 40 කිට්ටුව ගිය බිත්තර නත්තල් වලදි 25 වෙනකන් බැස්සා,නත්තල් වලට බිත්තර මිල වැඩිවෙන ඒක සමාන්‍ය දෙයක්,නමුත් මේ අවුරැද්දෙ ඒම උනේ නැ…කලින් බිත්තර ගනන් ගියේ බිත්තර තොග කරන අය නත්තලට ගනන් යන නිසා බඩු කූල් රැම් වල දාලා ස්ටොක් කරනවා..මොකද කේක් වලට බිත්තර ගේමක් නැතුව බාන්න පුලුවන් නිසා..නමුත් මේ පාර නත්තල් වලට කෙක් බිස්නස් නැ…බේකරි වලින් කෙක් ලොකුවට කලේ නැ…කුල් රැම් වල තිබුන බඩුත් කරන්න දෙයක් නැතිව ඒලියට දැම්මා..ආන්න ඒ නිසා බිත්තර මිල 23,25 යනකන් ආයෙත් බැස්සා…හැබැයි බඩු සතියක් විතරයි ඒ ගානට බඩු තිබුනේ…ගනන් අඩු වෙනකොට බඩු පට ගාලා යනවා….දැන් බඩු ඉවරයි…ඒ හින්දම දැන් ආයෙත් බිත්තර රැ 33 ට රැ35 විතර නැගලා තියනවා…..ඉතින් වෙලදපල කියන ඒක මට තේරේන විදියට නම් ඕන්න ඕය විදියයි…ඕක අතරමැදියට නැතිව නිශ්පාදනය කරන කෙනාටයි,පරිබොජනය කරන කෙනාටයි සධාරණ ගානකට ගන්න පුලුවන් අවස්ථාව හදලා දෙන ඒක ආන්ඩුවක වගකිම…..
ReplyDelete