බොරුවෙන් හා අයියා පාට් වලින්
රට පාලනය කළ නොහැක....
➖➖➖➖➖➖➖➖⭕➖➖➖
එසේ කළ නායකයෙක්ද මේ රටේ සිටියේය. ඒ ප්‍රේමදාස මහත්තයාය. ඊටද හේතුවක් තිබුනේය. මිනිසුන් උන්නේ උතුරේ මෙන්ම දකුණේ ත්‍රස්තවාදයෙන් භීෂණයට පත් වෙලාය. මිනිසුන්ගේ ප්‍රධානම පරමාර්තය වූයේ හොඳින් හෝ නරකින් දකුණේ ජවිපේ ත්‍රස්තවාදය නිමා කිරීමය. පාරවල් අයිනේ මිනිසුන් මරා දමා තිබුනත් මිනිසුන් කම්පා නොවූයේ ඒ තරමටම ඔවුන් එපා වී තිබූ නිසාය.
මේ හේතුවෙන් පාලකයා බොහෝ සෙයින් බලවත් විය. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ප්‍රේමදාස ළඟ.... ආන්ඩුවේ නිළධාරින් පමණක් නොව, හූනියන් කාරයෝද බව්වන්ගේ තත්වයට පත් වූ බැවින්, ඔහුට පහසුවෙන් රාජ්‍ය පාලනය කරගෙන යා හැකි වුවත්, තම අභිමානයට කෙලවූ උන් සියල්ලෝම ඔහු එක්ක උන්නේ නයි වෛරයෙන්‍ය.
උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගියදා රටපුරා රතිඤ්ඤා දමමින් කිරිබත් කමින් රිලීස් කළේ... තිබුනා වූ ඒ වෛරයය.
සමාජයේ විවිධ ස්ථරයන් තුල ජීවත්වන විවිධ ජන කොටස්වල සිතුම් පැතුම් හා සංස්කෘතීන් ගැන නියම අවබෝධයක් ඇති පාලකයෙක් මේ රටේ මෙතෙක් බිහි නොවූ බවත්... ජහමනයාද සිටින්නේ ඒ මානසිකත්වයේම බවත් මා සැමදා ලියන්නේ, එවන් නායකයෙක් පැමිණෙන තුරු මේ රට ගොඩ යන්නේ නැති නිසාමය.
යම් කිසි තරමකින් ඔය තත්වයට ළඟා වුයේ.... බලයට පැමිනීමට පෙර සමාජයේ සෑම තරාතිරකම වුන් හා කා බී ආතල් එකේ වුන් මහින්ද රාජපක්ෂ පමණක් වුවද... දෙවන ධූර කාලයේදී ඔලුව ඉදිමුණ උන්නැහේටද... සියල්ල අමතක වී.... තම පවුල පමණක් ගොඩ ගියොත් ඇති යැයි සිතූ මානසිකත්වයට කෙලවූයේ මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලිලාය.
එතරම් බලයක් සහිත නායකයින්ටත් අත්වූයේ එවන් ඉරණම් නම්, බලයට පැමිණීමෙන් පසුත් පට්ට පල් කෙබරවලින් රට පාලනය කිරීමට යන මේ වැඩ බැරි ගං කබරුන්ට අත්වන ඉරණමේ තරම හිතා ගන්නටවත් නොහැකිය.
ජනාධිපතිවරයා කීවේ රජයේ වී ගබඩාවල එක වී ඇටයක් නැතෙයි කියාය.... එහෙත් දැන් රජයේ වී ගබඩාවක කීරී සම්බා තොගයක් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදීත්... අදත් වෙළඳ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ රජයේ ගබඩා වල වී ඇටයක් හෝ තිබුනේ නැතයි කියලාය.
බලය ගැන්මටත් අවිඳින බොරු කියු මුන්ට.... බොරු කියන්නට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැතිය.... කට ඇරියොත් කියන්නේ පට්ට පල් බොරුය.
ඒවා නමස්කාරය දී පිලිගන්නා ගොබ්බ වහලුන් තවමත් සිටිනා බව බුකියෙන් පේනවාය.
වී ඇටයක් නැති ළණුව ජනාධිපතිවරයාට දුන්නේ වසන්ත ඇමතිවරයාද.... නැතිනන් නිලධාරින්ද.... එසේ නැත්නම් රටින් හාල් ගෙනැවිත් ජරාව සමසේ බෙදාගැන්ම සඳහා දේශපාලුවා හා නිළධාරීන් දෙගොල්ලොම එක්ව ඇඹරු ගුලියක්ද යන්න සොයාබැලීම අපේ වැඩක් නොව ජනධිපතිවරයාගේ වැඩකි. හේතුව වසන්ත මේ වන තෙක් රාජ්‍ය නිළධාරින්ට වචනයක් කියා නැති නිසාය. මේ අමාත්‍යාංශයට සම්බන්ධ තව තව ගේම් මේ වන විට එලියට එමින් තිබෙන්නේය.
අද බස් රථවල බොඩි පාට්ස් හා තොරම්බල් ගැලවීමත් අකුලාගෙන ඇත. ඕවා ගැලෙව්වා කියා ඇක්සිඩන්ට් අඩුවෙයි කියා සිතනා පාලකයින් මෙන්ම ජනතාවද කුර හා අං සහිත ජීවීන් මිස මිනිසුන් වීමට කිසිසේත් ඉඩ නැතිය.
ත්‍රී වීල් වල තත්වයද එසේමය.... මේවා කල්ට් පමණක් නොව කර්මාන්තයන් වී අවසානය.... බෙල්ල කපා දමනවාක් මෙන් මේවා එකවර නවතා දැමීමෙන් එයින් ජීවත් වූ මිනිසුන් ජීවත් වෙන්නේ කෙසේදැයි කියා සිහිකල්පනාවට නොඑනා උන් මිනිසුන් වීමට බැරිය.
බස් රථ සේවකයින්ගේ හා ත්‍රී රෝද රථ සේවකයින්ගේද ඒ හා බැඳුන අනෙක් සේවාවන්ගේද සමාජ තත්වය, පවුල් පසුබිම් මෙන්ම අධ්‍යාපන තත්වය මෙන්ම ඒ හා බැඳි කල්ට් එක දිරවන්නේ නැතයි කියා.. උන්ගේ ආතල් එක උන්ගේ සතුට අප අහිමි කරන්නේ නම්.... ඒ සමාජය කිසිඳු දිනෙක දියුණු සමාජයක් නොවන්නේය.
කළ යුත්තේ මේ දෙකයි පනහේ සිල්ලර වැඩ නොව.... මාර්ග අනතුරු අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැනීමය. (ඒ ගැන මම කලුන් ලීවෙමි) අලි ඉන්නා පැත්තේ යන බස් එකක ත්‍රීවිලර් හෝන් එකක් තිබිලා හරියන්නේ නැතිය.
කොහොමත් මේ ත්‍රී රෝද රථ කරුවන් සමඟ එම සේවය පටන් ගත් දා සිට සමාජයට වෛරයක් තියෙනවාය. ඒ ඔවුන් කිසිවකුටත් බරක් නොවී, හොඳින් කා බී ජීවත් වෙන නිසාය.
මාතලන් සිතනා පරිදි හදිසි අනතුරුවලදි ඔවුන්ගෙන් ඉටු වූ සේවාව පොලීසියට මෙන්ම සුවසැරියටත් වඩා වැඩි බවය. කුහකයන්ට ඒවා ගැන සිතීමට තරම් බුද්ධියක් ඇත්තේ නැතිය.
මාර්ග නීතී රීතී ක්‍රියාත්මක කිරීමට සිටිනා ට්‍රැෆික් පොලීසිය හා බස් රථවල නීතී රීතී ක්‍රියාත්මක කිරීමට ඉන්නා වුන් ජරා පප්පලාය. අධික වේගයෙන් ධාවනය කිරීමෙන් සිඳුවන මාරක රිය අනතුරු මෙන්ම... පෞද්ගලික බස් රථයේ මගියාට ටිකට් එකක් නැතිව යන්නට සිඳු වී ඇත්තේ ඒ නිසාය.
එබැවින් පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා කියා රෝගය කීයටවත් සුව වන්නේ නැතිය. කෙසේ හෝ මෙවන් ගොබ්බ වැඩ වලින් හා ගොබ්බ අයියා පාට් වලින් අනුර කුමාර පෞද්ගලිකව ලබා ගත් ජයග්‍රහණයට කෙලින්නේත් උන්නැහේගේ ගොබ්බ ඇමති මණ්ඩලයම බවත් නොකියා සිටිය නොහැකිය.
ඒ වගත් මෙසේය....
#මාතලන්
මාතා ක්ලීන් ලංකා දෙවන අදියර වන රාජ්‍ය ආයතන තුළ තිබෙන ආගමික සංකේත හා ප්‍රතිමා ඉවත් කිරීම නම් අනිවාර්යයෙන්ම කළ යුතු ය. රජයේ ආයතන පොදු මහජනතාවට මිස කිසියම් ආගමකට පමණක් අයත් නොවන නිසා ඒවා සැලකිය යුත්තේ ද කුණු ලෙස ය. විශේෂයෙන්ම බෞද්ධ පිලිම වන්දනා සංස්කෘතිය නම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් මොකද ඇත්තටම ඉස්ලාමය වැනි දර්ශනයන් වල ඒවා ඉතාම බරපතල හරාම් දේවල් ලෙස අර්ථ දැක්වීම පිළිබඳව සිතන විට ජාතික සමගිය වර්ධනය කිරීම පිණිස ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කී යුතුම දෙයක් රාජ්‍ය වගේම පෞද්ගලික අංශයේ ආයතන වලත්.
ReplyDeleteඑහෙත් ඒවා කුණු ලෙස සලකා ඉවත් කිරීමට මේ විපක්ෂ බලවේග සහ බහුතර ආගමික අන්තවාදය සමග ආණ්ඩුවට කළහැකි වේ ද?
අනුර පුතා වැඩ්ඩෙකි වීරයෙකි එඩිතර
ReplyDeleteකාලා උදේ ලෑතර ගමනක් යන අතර
ගූ ගියානේ රෙද්දෙම කරනු බෑ නතර
පුක මසාලා දොස්තර දැම්මා පැලැස්තර
මගේ නමින් ලියනව කවි මටත් පෙර
Deleteමතු කරවයි ' බීභත්ස්‍ය රස' නිතර
කිවිඳුනි කිමද, නාමය ඔබෙ වසං කර
අවලස්සනද නැත්තං වෙද භයංකර
//මේවා කල්ට් පමණක් නොව කර්මාන්තයන් වී අවසානය.... බෙල්ල කපා දමනවාක් මෙන් මේවා එකවර නවතා දැමීමෙන් එයින් ජීවත් වූ මිනිසුන් ජීවත් වෙන්නේ කෙසේදැයි කියා සිහිකල්පනාවට නොඑනා උන් මිනිසුන් වීමට බැරිය.//
ReplyDeleteසල්ලි ලැබෙනවයි කියලා මෙහෙම රෙදි නැතුව පු# දෙන්න එපා මනුස්සයෝ..
දියුණු රටවල ජනතාව වාහනයක ඉදිරිපස පැහදිලිව නොතැබීමේ අධි-අවදානම පිළිබඳව හොඳින්ම දැනුවත්ය. නමුත් බුද්ධිය අභිබවා හැගීම් සහ විශ්වාස ඉදිරියට ආ බහුතරයක් සිටින සමාජයක මෙවැනි මූලික ආරක්ෂණ සිද්ධාන්තයක් පවා ක්‍රියාවට නැගීමේදී විරෝධතා පැන නැගීම ස්වභාවිකය.
ReplyDeleteවරදක් නිවැරදි කිරීම පහල සිට ඉහලට, ඉහල සිට පහලට හෝ මැද සිට දෙපැත්තට සිදුකල හැක. වැදගත් වන්නේ කොහෙන් හෝ පටන් ගැනීමයි.
මම 1983දී ඉතා අහිංසක දෙමළ සහෝදරයන් අමඅ අමුවේ මරනවා දැක්කා.
Deleteඑතනදී සිංහල මිනිස්සු 100%ක් වැරදියි.
මම ස්වීඩනේදී දැක්කා ඒ රටේ නගර මුස්ලිම් සංක්‍රමණිකයන් ආක්‍රමණය කරනවා. ඒකට ඒ රටේ සුද්දො අකමැතියි සුද්දන්ගේ විරෝධයටත් සාධාරණ හේතු තියෙනවා. මුස්ලිම් මිනිස්සු ඒ රටේ සංස්කෘතියට ගරු කල යුතුයි.
අල්මේදලා බෝල ගසති
ගෝමස්ලා පිස්සු කෙලිති.
ඉන්ගිලිස් කතා කරන සජිත් මාතියා ගේමු රට ගොඩ ගමු
ReplyDeleteමගෙ බිරිඳ ගේ මව දැනට තෙමසකට පමන පෙර මියගියේය..!!
ReplyDeleteඒ කාන්තාවක් සමග යතුරු පැදියකින් පැමිණි අවුරුදු 55ක පමන පුද්ගලයකු අතින් නිවස අසලදී සිදුවූ අනතුරකිනි...,
මව මුලින්ම ලුනාව රෝහලට රැගෙන යන විටත් ඇය හොද සිහියෙන් සිටි අතර බාහිර තුවාල වශයෙන් කකුලේ සිදු වූ සාමාන්‍ය ප්‍රමානයෙ තුවාලයක් හා නළල ඉදිමී තිබුණි..
වෙලාව උදේ 8.00 පමන..මාගෙ දුවව පාසල් ඇරලවා ඇය ගෙදර එමින් සිටියදීය...
ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා එවලේම කළුබෝව්ල ශීක්ෂන රෝහලට ගිලන් රථයක් මගින් රැගෙන යන ගිය අතර ..එහිදී කරනු ලැබූ පරීක්ෂණ වලින් ඇයගෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් වන බව ප්‍රකාශ කලා...
නමුන් එම වෙලාවේ ඇයව ශල්‍යකර්මයකට භාජනය කරන්න ට නිර්වින්ධන වෛද්‍යවරයකු සේවයේ නොසිටි අතර..ඔහු වෙනුවට රාජකාරි භාර අයෙක්ද සිටියේ ද නැත...
පසුව ඇයව කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට අවශ්‍ය වූවත්, කළුබෝවිල රෝහලෙන් යවන ස්කෑන් පරික්ශන විමසා බලා පුළුවන් නම් පමනක් ගන්නා බව ප්‍රකාශ කලා.....
මේ වන විට දහවල් දොලහත් පසුවී තිබූනි..මුලින් ඇය සාමාන්‍ය ආකාරයෙන් සිටියත් පසුව සිහි මද ගතියෙන් සිටි අතර කතා කිරීමට පවා නොහැකි විය...
අනතුරුව කෙසේ හෝ හවස තුනට පමන ඇයව කොළඹ ජාතික රෝහලට ගිළන් රථ මගින් රැගෙන ගිය අතර මමත් මගෙ බිරිදත්(ඇය ගිලන් රථයේම ගියා) ඒ සමගම කොළඹ ජාතික රෝහල වෙත ගියේය...
ඇයව හදිසි ශ්‍යල්‍ය කර්ම සිදුකරන තැනට ඇතුලත් කිරීමෙන් පසුව හොදියක් පැමින අනතුර සිදු වූ වෙලාව අසා උදේ අටට පමන කියූ විට ඔළුවෙ අත ගසා නැවත ශල්‍යා ගාරය වෙත දිව ගියාය...
පැය දෙකකට පමන පසු මව ශල්‍යාගාරයෙන් එලියට රැගෙන වාට්ටුව වෙත රැගෙන යන විට මාද බිරිඳ සමග ඒ පසුපස ගියෙමි...
එහිදී මට සීටී ස්කෑන් ප්‍රතිඵල පරිඝණක මගින් පෙන්නූ වෛද්‍යවරුන් පවසා සිටියේ ශල්‍යකර්ම කිරීමෙන් කිසි ප්‍රතිඵල යක් නොමැති බවත් මොළයේ රුධිරවහනය ඉතා විශාල ලෙස පැතිරී ඇති බවයි...
මව වාට්ටුවට ඇතුලත් කල අතර, ඇය ස්පර්ශයට පමනක් ප්‍රතිචාර දැක් වූවා...
හෙදියක් පවසා සිටියේ ඇයට අප කතා කරන දේ ඇසෙන බවත් ඇස් පිය ගැසීමට හෝ මුවින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවයි...
එම වාට්ටුවෙහි කිසිවෙකුට නතර වීමට ඉඩ නොදීම නිසා අප නැවත නිවසට පැමිනීමෙන් පැයකට පමන පසුව ඇය මිය ගිය බව රෝහලෙන් කතා කර පැවසුවා.....!!
පසු දින උදයේ අපි රෝහලට ගිය අතර ඇයගෙ මෘත දේහය හදුනා ගැනීමට මම පවුලේ උදවිය හා රථ වාහන සේවයේ නියතු පොලිස් නිළදාරියෙකු සමග මෘත ශරිරාගරය වෙත ගියෙමි...!!
ආ ...එන්න ඔය කට්ටිය ඔය සේරම එන්න බෑ එක්කෙනෙක් එන්න, මටත් මොකක් හරි කරන්න ..!!?
ආ බලන්න මෙයා නේද..??
ඔවු ...!!
ආ හරි එහෙනම්..නැවතත් මටත් මොකක් හරි කරන්න ... කෝ මේ පොලිසියේ මහත්තයා ආ බලන්න මේ ඔලුව..මේක ඇදුම.. මේන් පාට.. ආ හරි මටත් මොකක් හරි කරන්න ...
මෝචරියේ රෝහල් සේවකගේ ඒ අප්‍රබ්‍රන්ස කතා විලාසයට මම පොළිස් නිළදාරියාගෙ මුහුණ දෙස බැලුවා.
(.එම පොලිස් නිළදාරි මහතා රාජකාරිය අකුරටම කල ඉතා සුහදසීලී නිළදාරියෙක් බව අනිවාර්යයෙන් කිවයුතුය..තේ උගුරක් වත් අපෙන් ලබාගත්තේ නැත.. )
ඔහුත් මාදෙස බලා ඇගිලි වලින් කීයක් හරි දෙන්න යැයි පැවසුවේ වචනයක් ගානේ මටත් මොකක් හරි කරන්න යනුවෙන් පැවසූ වදයෙන් බේරීම සදහාය...
මා රුපියල් 500ක් රෝහල් සේවකයාගෙ අතෙහි තැබූ විට ඔවු ඉතා සුහද සීලී වූ අතර අනෙකුත් අයටත් ඉන් අනතුරුව මවගේ දේහය බැලීමට ඉඩත් සලසා දුනී...!!
අනතුරුව හදිසි මරණ පරීක්ෂණය සදහා මවගේ දේහය කොළඹ පොලිස් මෘත ශාරීරාගාරයට රැගෙන ආ අතර එහිදී මෘත දේහ කපා වෛද්‍යවරයාට පෙන්නන සහයදෙන රෝහල් මෘතශරීරාගාර සේවකයන් තිදෙනෙක් මා අසලට පැමින ,....
"මල්ලි අම්මගෙ මිනිය ලස්සනට කපලා කරලා දෙන්නම් පිළිවෙලට දාලා දෙන්නම් අපි ගැන බලන්න හොදේ "
"ඔවු ඔවු මෙයාලට මොකක් හරි කරන්න මල්ලි" (ගිලන් රථයේ පැමිනි රෝහල් සේවකයා)
කිය කිය මුදල් ඉල්ලා පෙරැත්ත කලේය..
දාහක් දේවල් කීමට ඔලුවේ පුපුරු ගසමින් අමාරුවෙන් හිරකරගෙන මා ඔවුන්ට රුපියල් දාහක් දික්කලෙමි...
"අයියෝ අපි තුන් දෙනෙක් ඉන්නවා .. දාහක් මක්කරන්නද අනේ"
මා ඔවුන් ගෙ මූන දිහා බලන් දත්මිටි කාගෙන සිටියේ ඉවසීමේ උපරිමය ඔන්නමෙන්න කියා තිබියෙදී බව දුටු බිරිදගේ ඥාති අයියා කෙනෙකු විගසම තවත් රුපියල් දාහක් ඔවුන්ට දික් කර මාව රැගෙන එලියට එන විට ..
මුන්ට නම් හෙන ගහන්න ඕනේ කියා පමනක් මගෙ මුවින් පිට විය...
මුදල් ඉල්ලුවොත් මේ අංක වලට අමතන්න කියා හැමතැනම A4 කොලවල ප්‍රින්ට් කර පොලිස් හදිස්සි මරණපරික්ශන ඒකකයේ හැම තැනම ලොකුවට අලවා තිබෙනු මට මතකය...!!
අවසානයේ මෙම කතා සාරංශයේ වරද ...
යතුරු පැදි කරුවාගෙද..?
රාජකාරිය ට වාර්තා නොකර සිටි නිර්වින්ධන වෛද්‍යවරයා ගේද...??
මුදල් ඉල්ලු රෝහල් සේවකයන්ගේද...??
අවස්ථානෝචිතව කරන්නට දෙයක් නොමැති වු මාගේද ...??
කියා ....
තෙමසකට පසුත් මා තවම සිතමි...!!
තරිඳු ....✍
ජවිපෙ හෙවත් නූතන ජාතික ජන බලවේගය මාලිමාව පහුගිය වසර පණහක කාලය පුරාම රටට කරලා තියෙන්නේ ඕක තමයි ඇත්තටම පාසල් යන ගමන් ලාබාල තරුණ කාලේ සෑහෙන ගැම්මක් සහිතව ගේමක් ගහලා ගොඩ එන මානසිකත්වයෙන් කැම්පස් එක ඇතුළට ගියාට උන් එලියට එන්නේ දියව් දියව් ගාගෙන.
ReplyDeleteජවිපෙ දර්ශනය අනුව සම්පූර්ණයෙන්ම මානසිකත්වය වෙනස් කරලා රටට සමාජයට ආර්ථිකයට බරක් වෙච්චි උපාධිධාරියෙක් තමයි එළියට එන්නේ. අද වෙනකොට 60% විතර රජයේ විශ්ව විද්‍යාල වලින් එන උපාධිධාරීන් ලංකාවේ ආර්ථිකයට බරක් වෙලා ඉවරයි.
ඒකට හේතුව අන්තරය සහ ජේවීපී දේශපාලනය. ඒක තනිකරම අල්@&ක$යිඩා වගේ අන්තවාදයක්. ඔය සංවිධාන තහනම් කරලා සම්පූර්ණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංවිධානයකට ලක් කරන්න ඕනි. මම කැම්පස් කාලේ තනියම ගේමක් ගහලා හම්බකරලා ඉගෙනගෙන ගෙන ගෙවල් වල මිනිස්සුත් ජීවත් කරලා කෙල්ලටත් උගන්නගෙන මමත් ඉගෙනගෙන මහ ගෙවලුත් හදලා දීලා තාත්තවත් දඹදිව යවලා ගම්පහින් ඉඩමකුත් අරන් අවුට් උනේ. බොරු චෝදනා කරලා මගේ Part time බිස්නස් එකට ඇරලා ඒක එයාලගේ අතට ගන්න මාර ගේමක් දුන්නා ඒකාලේ ජවිපෙ අන්තවාදී අන්තරේ පාලනයේ තීබුණ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය. බැරිම තැන බිස්නස් එකෙන් කමිෂන් එකක් කඩාගත්තා. කරුමේ කියන්නේ සමාජ පරිවර්තනයක් කරන්න බලයට ආපු මිනිස්සු මේ ගැටලුවේ චූදිතයන් වීමයි.
මාතේ ඔහොම තමයි ඉතින් ජනතාවට එකවරකට ලබා දෙන සමහර සහල් වර්ග කිලො දෙක තුනකට සීමා වෙන රටක 😄
ReplyDeleteරජයට ජනතාව සහල් හිගයි කියමින් මැසිවිලි නගන රටක
රටේ වෙලද අමාත්‍යාංශයේ ජනතා බදු මුදලින් වැටුප් ලබන නිළධාරීන්ට හාල් ආනයනය කරන ටෙන්ඩරයක් 03 පාරක් ප්‍රතික්ෂේප නොවී දාන්න උගත්කම මදි වෙන රටක😄
වෙළද ඇමති සහල් රජය සහල්ගෙන්වීමෙන් ඉතා කපටි ලෙස මගහැර පෞද්ගලිකව සහල් ගෙන්වන ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් බයිලා ගහමින් සිටින රටක😄
ආන්ඩුව පාර්ලිමේන්තුවේදී විපක්ෂයට සහල්,ටෙන්ඩරයක් දාලා පෙන්වන්න කියලා හෙන හද්දා ගොන් මෝඩ තකතීරු අභියෝග කරන රටක😄🤣🤠😁
ජනතාවට පෞද්ගලික වෙළද මාෆියාවෙන් ගැලවී භාන්ඩ මිළට ගන්න හදපු සතොසට පෞද්ගලික ආනයන කරුවන් ගෙනාපු සහල් වැඩි මිලට අරන් අඩුවට විකුණන්න වෙච්ච රටක😄
තව සති දෙකක් ඉක්ම යන්නට පෙර පොහොර යෙදීම නොකරොත් කෙලවෙන වී ගොවිතැනක් තියෙන රටක පොහොර සහනාධාර මුදල් තවමත් නොලැබුනා කියා ගොවියන් මැසිවිලි නගන රටක 😄
බළය ලැබුනොත් පිටරටින් සහල් ගෙන්වනවා වෙනුවට රටේ හාල් මාෆියාව බිදිනවා කියා පුරසාරම් ගහපු අයට බළය ලැබුනාම තුන්වේලට රටින්,ගෙනැල්ලවත් හාල් ටික දෙන්න බැරි වුන රටක😄
ඊළග කන්නයේදී
රු 130කට වී කිලෝ මෙ.ටො ලක්ෂ 3කි මිළට අරං ගොවි ජනතාව රකිනවා කියන එකයි
රු 130 වී මිළට අරං රු 200 ට හාල් කිලෝවක් බත් කන ජනතාවට දෙනවා කියන එකයි
විශ්වාස කරන්න කියන එක😄
කරන්න බෑ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැ.‼️
කථාවට හොද අයට බළය දුන්නම
කථාවෙන් විතරක් රටක් කරන්න බෑ.‼️
අපි මේ මාස තුනක කාලයක් පුරා අත් විදිමින් ඉන්නේ, තුන්වේලට හාල් ටික
රට ඇතුලෙන්වත්
රටින් එළියෙන්වත්
හරියට සපයා ගන්න රාජ්‍ය යාන්ත්‍රණය නිවරදිව කළමනාකරණය කර ගන්න බැරි මිනිසුන් ටිකකගේ රාජ්‍ය පාළනයක අත් දැකීම් එක්කයි.😄😄
රටේ ජනතාවගේ හාල්,ඇටයේ සරළ ගැටළුවට උත්තරය සපයන්න බැරි කංඩායමකට මේ රට අපත IMF ටාගට් එකත් එක්කම පොහෙසෙත් රටක් කරවන්න තීන්දු ගන්න පුළුවන් කියලා හිතන එකත් විහිළුවක් ම තමයි.