අනුර කුමාර ජනාධිපති වූ විට අප ඔහු කෙරේ බලාපොරොත්තු සහගතව ධනාත්මකව බලා සිටින පිලිවෙතක් අනුගමනය කළේ.... ඕනෑම තනතුරක ප්‍රොබේසොන් පීරියඩ් එකක් තිබෙනා නිසාය.
පර්මනන්ට් කරන්නේ.... පර්ෆෝමන්ස් බලලාය. මුලදී පොඩි ප්රෝග්රෙස් එකක් පෙන්නුවත්... ඉන්නේ පරණ මරිසි කොටාම බව කළුතර ගවගාලේ රැස්සීමෙන් පස්සේ සුපිරියටම ඔප්පු වුනේය. ඔරිජිනල් සතා ඉන්නේ... ජනාධිපති ලේකම් කාර්යාලයේ පුටුව මත නොව, රැස්සීම්වල මයික් එක පිටිපස්සේය.
ජනා වෙන්න කලින් ජූලී චාන්ගේ සල්ලි වලින් කළ රැස්සීම් වල තිබූ සුපිරි ලකේ නැතත්.. පුනක්කු කන හාල්පාරුවෝ ටිකක් කොහෙන් හෝ ගෙනත්... පරණ පුරුදු හිටිවන පච සියල්ල එලෙසින්ම ඇද බෑවේ කිසිඳු හිරිකිතයක් නැතිවමය.
මේ... හන්දියක් හන්දියක් ගානේ තෙල් බේත් විකුණන උන් කියන තරමක් කියන්නේ පට්ට පල් කෙබර බවත්, ඔය තෙල් ඔක්කොම නිකන්ම නිකං පොල්තෙල් බවත් අපි දහ අතේ කිවත් ඒවා පිලිනොගත් අම්බරුවෝ අපි දැක්කාම නොදැක්කා වගේ මාරු වෙන කොට අපිට ඇඬෙන්නේ තනි ඇහැටය.
උන්ගේ එකම වෙනස එක එකාගෙන් ඉල්ලාගෙන ඇන්ද හිල් ජොක්කු වෙනුවට..... දැන් තෙල බෙදන්නේ... ටේලර් ෂොප් වලින් ඉල්ලාගෙන අදිනා අවුට් ඔෆ් ෆැෂන් ටයි කෝට් කෑලි එල්ලාගෙන වීමය. ටයි නොට් එක දැක්කාම සුද්දොත් කොර වෙනවාය.
එක පෑන් පාරින්, පැය 24 න් කරනවා කීවත්... එහෙත් ඒ මැද, පැහැදිලිවම පෙනී ගිය කරුණ වූයේ ඔවුන්ට රටේ පාලන බලය ලැබේ යැයි ඔවුන් සිහිණයකින් නොසිතු බවත්, බලය ලැබුනහොත් පාලනය ගෙන යන්නේ කෙසේද?
අදාල තනතුරු ලබා දෙන්නේ කාටද?
සිස්ටම් එක චේන්ජ් කරන්නේ කෙසේද?
අලුත් සිස්ටම් එක කුමක්ද?
යන්න පිළිබඳව කිසිඳු සැලස්මක් හා වැඩපිලිවලක් තබා පවතින සිස්ටම් එක පිලිබඳව හෝ ඔවුන්ට කිසිඳු දැණීමක් නොතිබූ බවය.
මේ රට ගොඩදැමීමට නොහැකි ප්‍රධානම හේතුව අන්ත දූෂිත රාජ්‍ය සේවය බව අප සැමදා ලියා ඇත්තෙමූ. එම මාෆියාව කුඩු කරනා තෙක් ලී කුවාන් යූ, ඩොනල්ඩ් ට්‍රම්ප් තබා පුටින් හෝ සී ජී පින් උන්නැහේ ආවත් මේ රට ගොඩ ගැනීම බොරු බවත් අප ලියා ඇත්තෙමු.
හාල්, කුඩු (පොලීසිය) හා වරාය මාෆියාව ඊට හොඳම නිදසුන්ය. අද වන තෙක් වී මිළට සහතික මිළක් දීමට නොහැකිව මහ එකාගේ සිට කෘෂිකර්ම ඇමතියාත් නියෝජ්ජ පුරුක් පණුවාත් සොයා ගැන්මට නැතිය. වී ගබඩා හෙවිල්ලත් ඉවරය. වී අලෙවි මණ්ඩලයෙන් ගැනිල්ලත් ඉවරය. ඩඩ්ලි බඩු ටික ගන්නකන් මුන් ටික සොයා ගන්න හම්බ වෙන්නේ නැතිය.
ඒවාට කළ ගුණ සලකන්න ඩඩ්ලිලා දන්නවාය. සිස්ටම් එක කියන්නේ ඒකටය. වෙනස් කරනවාට වඩා අනුගත වීම ලේසී බව දැන් අවබෝධ වී ඇති සැටියක්ය.
කන්ටේනරෙකක් දෙකක් වෙනුවට කන්ටේනර් 300 ක්ම එලියට යන්නේ සිස්ටම් එක නියමෙටම අවබෝධ වී ඇති නිසාය.
දැන් සිඳුවෙමින් පවතින්නේද එයමය. අනුර කුමාරට විධායක ජනාධිපති තනතුරෙහි කාර්යභාරය හා චරිතයට පිවිසීමට නොහැකි බව ඔහු පැහැදිලිවම පෙන්වා අවසානය. එම තනතුරෙහි ගෞරවය ඔහු බව්වා මාක් එකට දමා අවසානය. මූලිකවම ඇඳුමෙනි.
ඒ ඔහු තුල ඇති හීනමානයයි. ඔහු අනුර කුමාර කාළයේ දුන්නේ දහසක් බොරු පොරොන්දු බව අප ලිව්වේ නිකන් නොවේය. ඒ රාජ්‍ය සේවය හා සිස්ටම් එක ගැන ජෙප්පන්ට වඩා අපට අවබෝධයක් තිබූ නිසාවෙන්මය.
දැන් ඒ දුන් පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව හත්පොලේ ගා ගනිමින් සිටිද්දි... රට ගොඩගැනීම පැත්තකින් තබා තමාට හුරු පුරුදු මරිසි කොටාගේ චරිතයට පන පොවමින් නැවතත් වේදිකා නාට්ටිය පෙන්වන වැඩේ ආරම්බ කර ඇත්තේ ඒ නිසාවෙනි.
රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්මට නොහැකි හේතුව මහින්ද රාජපක්ෂ කොළඹ 7, විජේරාමේ අක්කර 1 යි රූඩ් 22 යි පර්චස් 3 ක මහා මන්දිරයක සිට වර්චස් කිරීම බව මරිසි කොටාගේ ආරක්ෂ උපදේශකයින් හා විශේෂඥයින් විසිනි ඔහුට පෙන්වා දී ඇත්තේය.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සහිත තක්සේරුවක් නොකොට... මරිසි කොටා, කාගෙවත් උපදෙස් අනවශ්‍ය හරිනි දත්, පොලිස් ඇමතියා නියෝජ්‍ය ඇමතියා හා ජවිපේ දේශපාලන බල මණ්ඩලය විසින් ගන්නා තීන්දූ තීරණ අනුව නීතිය ක්‍රියාත්මක කරනා බවට.... විරුද්ධවාදීන් විසිනි ගෙනයන චෝදනා සියල්ල බොරු බව මරිසි කොටා වේදිකාවල දෙන ටෝක්ස් වලින් ඉතා පැහැදිලි වන්නේය.
ඔවුන් විජේරාම ඉඩමේ ප්‍රමාණය, නිවසේ වර්ගඵලය, සම්පූර්ණ වටිනාකම, අළුත්වැඩියා හා නඩත්තු වියදම් පමණක් නොව.... මහින්දගේ හා ශිරන්තිගේ බෙට්ටක දිග පලල, අරය හා පරිධියද සොයා... ඒ පිළිබඳ වාර්ථාව ජූලී චන්ග් හරහා පෙන්ටනගනයට යවා.... ඇමරිකානූ රහස් ඔත්තු සේවා මගින් ලද වාර්තා අනුව.... මේ තීරණයන්ට එළඹ ඇති බව ඉතා පැහැදිලිය.
මහින්ද විජේරාමේ සිටිනා තෙක් මරිසි කොටාට විධායක ජනාධිපති ධූරයේ චරිතය රඟපෑමට නොහැකි වී ඇත්තේ එනිසාය.
මහින්ද මහත්තයා ඇත්තටම රටට ආදරේ ඇත්නම් දැන් කළ යුත්තේ..... කකුල් දෙකෙන් අල්ලා සරත් ෆොන්සේකා වගේ කුදලාගෙන ගොස් වැලිකඩ බෝඩිමේ දැමීමට පෙර..... රට ජාතිය වෙමුවෙන්... ඔතනින් චුත වෙලා යන එකය. ඒ යන්න කලින් මුන්ට කෙලවෙලාම යන්න කොඩිවිනයක් වලලලා යන නොයන එක උන්දෑගේ වැඩක්ය.
එසේ ගිය පසු...
වී වලට සහතික මිළක් ලැබෙනු ඇත.
වරායේ කන්ටේනර් ක්ලියර් වනු ඇත.
රිලව් පොල් කන එක නවතිනු ඇත.
ලුණු ලේවාවලින් ලුණු එනු ඇත.
හිඟුරානෙන් සීනී එනු ඇත.
වාලච්චනෙන් කරදාසි එනු ඇත.
කන්කසන්තුරෙන් සිමෙන්ති එනු ඇත.
කැළණියෙන් ටයර් එනු ඇත.
චීනෙන් සිනොපෙක් එනු ඇත.
ඉන්දියාවේ අදානි එනු ඇත.
ගස් වල මල් පිපෙනු ඇත.
කුරුල්ලන් ගී ගයනු ඇත.
ගර්භාෂ වලින් ඩිම්බ මෝචනය වනු ඇත.
වෘෂණකෝෂ වලින් ශුක්‍රාණු පිටවනු ඇත.
වීල් වල කෑලී ගැලවෙනු ඇත.
ලොරි බොඩි බස් සෙමින් යනු ඇත.
කුඩ්ඩෝ බීඩි බොනු ඇත.
පොඩි ලැසීලා රටින් යනු ඇත.
අපි මේක ගත්තේ ආයේ දෙන්න නෙමේ යකෝ කියා....
ආරක්ෂක නියෝජ්ජ ඇමතියා කියනු ඇත.
ස්වස්ති සිද්ධම්....!
#මාතලන්
.
සහතික ඇත්ත කතාව "සීයා" පෝලිම් නැතිකරා...
ReplyDelete"අප්පච්චි" යුද්දේ ඉවර කරා....
"සර් " කොරෝනා නැති කරා... මිසක්
අරක නිසා බෑ , මේක නිසා බෑ කියලා නිදහසට කරුනු කිව්ව නෑ.
ලංකාවට එන නැව් සිංගප්පුරුවට සහ ඉන්දියාවේ කෙරලයේ අලුත් වරායට යෑමේ ප්රවනතාවක් ඉස්මතුවෙලා රටට අති විශාල පාඩුවක්. නැව් එජන්තවරු
ReplyDeleteNews reports
වරායේ බලවත් අර්බූධයක් ඇතිකරවමින් පරීක්ෂණයකින් තොරව බහාළුම් නිෂ්කාශනය නවතී.රේගු වෘත්තීය සමිතිවල විරෝධය සලකා මෙම තීරණය ගත් බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසයි.
මේ නිසා ඇතිවන බඩුමිල ඉහළයාම් , අමතර තදබදය සහ අනෙකුත් අපහසුතා පිළිබඳව කණගාටුව පලකෙරෙයි...
හාල් නැති ලු පොල් කලටි ලු ප්‍රශ්න ලු එක එක
ReplyDeleteපෑන් පාර ගහගන්නට බැරි එකම නෙ දුක
රනිල්, මහියා සිරා නොදුන් ආතල් දැක දැක
සෝදමු තව සෝදමු අපි මාලිමාවේ පුක
Brilliant
DeleteWell written 👏 👌 👍
🤌🤌🤌
😅😂😂
ඉස්සර රජ වාසලේ කවටයා යි රජතුමායි දෙන්නෙක් හිටියා දැන් අනවශ්‍ය වියදම් අඩු කරන්න ඕනේ නිසා අ.කු.දි කියන මොංගල් මෝඩ මූසල පින්ගොනා රජතුමාගෙයි කවටයාගෙයි චරිත දෙකම රඟපානවා..
ReplyDelete#මාතලන්
ReplyDeleteමහා ලොකුවට කයිවාරු ගැහුවට අපේ මවුරට වුණ ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ අභිමානයක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තමුන් උපන් තැනින් අඩියක් ඉහලට තියන්න හීනෙන්වත් හිතන්නේ නැති තරම්. ඒ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට නිකම් ලැබෙන බොහෝ දේවල් නිසා කියලයි මගේ අදහස.
ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන් දෙකක් හෙවත් සෞඛ්‍යය සහ අධ්‍යාපනය කියන සේවාවන් දෙකම නොමිලේ ලැබෙන නිසා මිනිස්සු ඔහේ ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒත් මිනිස්සුන්ට ඔය සේවාවන් දෙක මුදලට ගන්න සිද්දවුනානම් අද වෙද්දී ලංකාව බොහොම සැලකියයුතු මට්ටමකට දියුණු වෙලා. එහෙම උනානම් මිනිස්සු දුප්පත්ව ඉපදුනත් දුප්පත්ව මැරෙන්නේ නැති වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි.
නොමිලේ ලැබෙන මිනිස්සු කවදාවත් උපයන්න මහන්සි වෙන්නේ නැහැ. සියල්ල මුදලට ලැබෙන රටවල මිනිස්සු තමුන්ගේ කාලය එක විනාඩියක් අපතේ යවන්නේ නැතුව සෑම තත්පරයක්ම තමුන්ගේ හෙට දවස වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා ඒ මිනිස්සු තනි තනිව අඩියෙන් අඩිය ඉහල නගිනවා. එහෙම තනි තනිව ඉහල නගින ජාතීන් තමා අද වෙද්දී ලෝකේ දියුණු රටවල් වෙලා තියෙන්නේ.
ලංකාවේ සියල්ල නොමිලේ ලබාගෙන තිබෙන දේශපාලන පක්ෂ වල අය වගේම සාමාන්‍ය ජනතාව පවා පොදුවේ මිනිස්සු තමුන්ගේ හෙට දවස වෙනුවෙන් එක තත්පරයක් වැය නොකර රජය විසින් රටවල් දියුණු කරනකම් බලන් ඉන්නවා. මොන තරම් විහිලුවක්ද ඒක?
ඒ විතරක් නම් මදැයි, උන් රට දියුණු කරන්න කියලා පාර්ලිමේන්තු යවන්නෙත් නොම්බර එකේ මී නාම්බෝ. ඉතින් කවද නැතිවෙයිද දුප්පත්කම?
මාලිමාව = කප්පරක් අතේ පැලවෙන අමු කෙබර + තඩි කයිවාරු + පොර ටෝක්ස් + අපහාස මඩ නින්දා අවලාද + අධික කුහකකම + පඩ ෂෝ + ගොන් පාට් + මොංගල් වැඩ....
ReplyDeleteඑච්චරයි නේද?
ඇත්තටම ලංකාව පාලනය කරන්නේ අනුර කුමාර නෙවේ..රට පාලනය කරන්නේ එක්සත් ජනපද විශේෂ නියෝජිත IMF කුමාර.
ReplyDeleteජනපතිවරණයේදී රනිල්ට කෙලවුනෙත් IMF කුමාර නිසා දැන් මාලිමාවට කෙලවෙමින් පවතින්නෙත් IMF කුමාර නිසා.
ඇත්තටම 225 මෙන්ම පවතින ලියාපදිංචි පක්ෂ කිසිවකටත් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවලට තබා කාටවත් රටටම කෙළවන මේ IMF ත්රස්තවාදයට එරෙහි වීමට කොන්දක් ද බලයක්ද නැත, එහෙම ලයිසන්ද නැත.
IMF පසු පස යන හෝ IMF සමග සාකච්ඡා කරන හෝ හුරතල්වන ආණ්ඩුවක් නැවත පත්කර ගැනීම අර්බූදයට විසදුමක් නොවනවා පමණක් නොව අර්බූදය තවත් ගැඹුරු කර ගැනීමක් පමණි.
මාතා
ReplyDeleteකැබිතිගොල්ලෑවේ 68 ක් කොටි විසින් මරා දාපු වෙලාවේ මහින්ද ගියා ඔවුන් බලන්න ,
මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා ,
" නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා "
මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,,
එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා,
විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි ,
" ආදරණීය රට වැසියනී ....
මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ ...
ප්රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ..... etc "
කාටද මේවා මතක ?
විවාදයක් තියාගන්න එපා ,
මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,,
ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි ,
මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,,
මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ ,
නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ ,
ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ ,
" ඇයි නැවැත්තුවේ නැත්තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? " කියලා
ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා ,
උබත් - මමත් - අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා ,
යුද්ධයට නායකත්වය දුන්
මහින්ද රාජපක්ෂ ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්
යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්
සේනාංක ප්‍රධානීන්
ශ්‍රී ලංකා පොලීසිය
සටන් බිමේ සිටි වීරෝධාර රණවිරුවන්
මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය වීරෝධාර රණවිරුවන් ,
ආබාධිත වු වීරෝධාර රණවිරුවන්,
මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,
එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකමයි,
#Respect
සිහිකරලා විතරක් මදි අපි ඔවුන්ව රැකගන්න පෙල ගැහෙන්න ඕනා. මේ දහදුරා ඩයස්පෝරා NGO ආණ්ඩුවදැන් සැරසෙන්නෙ ඔවුන්ගෙන් පළිගන්න.
Deleteමහින්ද කියන්නෙ ජාතියේ වාසනාවට මේ යුගයේ රටට පහල වෙච්ච නායකයා. මහින්ද හින්දා අද කෝටි දෙකක් සැනසිල්ලෙ ජීවත් වෙනවා (කුහකහොත් ඇතුළුව). ඒ සැනසිල්ල ලබා දීපු මිනිහගේ ජීවිතේ අවසාන කාලෙ සැනසිල්ල නැති.කරන්න මේ දහදුරා ආණ්ඩුව උත්සහා කරොත් මුන්ට කුණු බිත්තර.ගහලා පන්නන්න ඕනා...
අඩේ, බොරු කීම, වංචා කෙරීම , අයිතිවාසිකමක් කියල හිත ගෙන ඉන්න කෙනෙක්ට, පක්ෂයකට, නායකයන්ට ඕව සුළු දේවල් මල්ලි
ReplyDeleteමාතා
ReplyDeleteමේ නිව්ස් එක බලන්න
පහුගිය 2022/23 කාලේ හැමදාම හැමතැනම සමුපකාර ඡන්ද සේරම ජාතික ජන බලවේගය මාලිමාවට සම්බන්ධ කණ්ඩායම් ජයග්‍රහණය කරා
ඒත්,දැන් 2025 වසරේ හෝමාගම තලාව දෙහිඅත්තකණ්ඩිය මහියංගණය වලල්ලාවිට වගේ ඔන්න මිල්ලනිය සමුපකාරයටත් එකම සිද්ධිය
//
NEWS Alert
මෙවර ජනවාරි 26 දින දින පැවති මිල්ලනිය මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් වර්තමාන ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දැඩිලෙස අන්ත පරාජයකට පත්ව ඇත.
මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැති මෙම නිලවරණයෙන් ජයගෙන ඇත්තේ හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමයි.
නිලවරණය සදහා සාමාජිකයන් 11,175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබින.
අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර ජාජබ මාලිමාව සහාය දුන් කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව තුන්වන ස්ථානයටත් පත්ව ඇත.//
මාතා
ReplyDeleteමේ නිව්ස් එක බලන්න
පහුගිය 2022/23 කාලේ හැමදාම හැමතැනම සමුපකාර ඡන්ද සේරම ජාතික ජන බලවේගය මාලිමාවට සම්බන්ධ කණ්ඩායම් ජයග්‍රහණය කරා
ඒත්,දැන් 2025 වසරේ හෝමාගම තලාව දෙහිඅත්තකණ්ඩිය මහියංගණය වලල්ලාවිට වගේ ඔන්න මිල්ලනිය සමුපකාරයටත් එකම සිද්ධිය
//
NEWS Alert
මෙවර ජනවාරි 26 දින දින පැවති මිල්ලනිය මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් වර්තමාන ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දැඩිලෙස අන්ත පරාජයකට පත්ව ඇත.
මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැති මෙම නිලවරණයෙන් ජයගෙන ඇත්තේ හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමයි.
නිලවරණය සදහා සාමාජිකයන් 11,175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබින.
අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර ජාජබ මාලිමාව සහාය දුන් කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව තුන්වන ස්ථානයටත් පත්ව ඇත.//
අපේ ගමන අපි යනවා
ReplyDeleteඑපමණි කීමට ඇත්තේ
බුරන බල්ලෝ බුරාපුදෙන්
හපන බල්ලෝ හපාපුදෙන්
මහජන චන්දෙන් පත් උන
මහජනයගෙ ආණ්ඩුවක්
එපමණි කීමට ඇත්තේ
තොපේ ගමන මොකක්ද ngo ඩයස්පෝරා කාරයන්ගෙ මනදොළ සපුරලා මේ රට උන්ගෙ කොළනියක් කරලා කෑල්ලක් බෙදලා දෙන එක. ඕක තමා තොපේ නායකයාඡන්දෙට කලින් ලෝකෙ වටේ ඇවිදලා ඩයස්පෝරා කාරයන්ව හම්බෙලා දීපු පොරොන්දුව. ඒකට තමා ඉතිහාසයේ කවදාවත් නැතුව උතුරෙ ඡන්ද වැටුනෙ..ඕක තමා තොපේ ගමන...
Delete