.

.

Jun 23, 2025

දින 12 යුද්ධය හා මානුෂික මෙහෙයුම්

 


දින 12 යුද්ධය හා

මානුෂික මෙහෙයුම්

➖➖➖➖➖💀➖


ඇමරිකාව ඉවත් වෙන්නේ....

ඔවුන්ගේ ප්‍රහාර සාර්ථක නිසා....


එයාලගෙ වැඩේ ඉවරයි...


ඔවුන්ට අවශ්‍ය වුනේ යුරේනියම් එන්‍රිච්මන්ට් ප්ලාන්ට් වලට ගේම දෙන්න...

ඒක අනෙකුත් අරාබි රටවලත් අවශ්‍යතාවයක්... 


ප්‍රහාරයට පෙර ට්‍රම්පච්චි ඊශ්‍රායලය මඟහැර.... අනෙකුත් මැදපෙරදිග රටවල් එක්ක බිස්නස් ඩීල් වලට යන්නේ මේ වැඩේටත් එක්ක.....


සව්දි ක්‍රව්න් ප්‍රින්ස් කෙලින්ම කියනවා එයාලා පරමාණු බෝම්බයක් හැදුවොත්... 

අපිත් එකක් මිළදී ගන්නවා කියලා...


මොකෝ ඉරානේ කියන්නේ මැද පෙරදිග ත්‍රස්තවාදීන්ගේ මහප්පා.... හතර වටේම ප්‍රොක්සි මිලිටන්ට්ස්ලා දාගෙන ඉන්නේ....


දැන්.....


ඊශ්‍රායලයට හා ඉරානයට තියෙන්නේ අභිමානයට කෙලවීමේ ප්‍රශ්ණයක්....


ඉරානයට කවුරුවත් යුධ ආධාර දුන්නේ නෑ...


ගිවිසුම් නැතිව එහෙම හිතවත් කම්වලට දෙන්නේ නැති බව තමා.... පුටින් වටින් කිව්වේ..... චීනෙත් පක්කොන්ට දුන්නට ඉරානේ මඟහැරියා..... මොකෝ ඇමරිකාව එක්ක තියෙන වෙළඳ ගණුදෙණු ඊට වඩා වටිනෝ....


ඒ හැර දුන්තෙල් බත් වගේ ආයුධ දන්සැල් දාන්නේ නෑ.... යූක්‍රේනයට වෙච්චි දේ දැක්කා නේ.... 


මොකෝ ඕවා අතිවිශාල ගණුදෙණු වගේම කොමිස් කේස්....


ඊශ්‍රායලයට ඇමරිකානූ සහාය තිබුනත්, ඒක නැවතුනොත් ඊශ්‍රායලයටත් බඩු බනිස්... 


මේ යුද්ධයට තාවකාලික නැවතුම් තිබුනත්, ජිහාඩිසම් හා සියොනිසම් මතවාදය අහවර වෙන්නේ නෑ..... 

ත්‍රස්තවාදය අහවර වෙන්නෙත් නෑ...

ලෝකය පවතින තුරා....


ඒක අවසන් කරන්න..... 

ලෝකයේ බලවත් කිසිම රටකට අවශ්‍යතාවයකුත් නෑ....


මොකෝ යුද්ධය හා ආයුධ කියන්නෙ හොඳ බිස්නස් එකක්....


B2 වලට ඉල්ලුමක් එයිද කියන්න බෑ... 

මොකෝ ඒ ප්‍රහාරක යානා 7 ගාඩ් එකට හා ඉන්ධන සපයන්න තවත් යානා 150 කට වඩා ගිහින් තියෙනවා....


ඔය බන්කර් බස්ටර් GBU 57 කියන බෝම්බයක් ඩො මි 20 ක්....

B2 ඇරොප්ලේන් එකක් ඩො මි 2200 යි


පෝට් සිටි එකට චීනා කරපු ආයෝජනේ ඩො මි 1500 යි...


පිච්චු නේ....


වට්ටක්කා එක්ක කරෝල කට්ටක් කන්නයි වෙන්නේ....


අර ඉරානේ හිර ගෙදර හිටපු උන් ටිකට රටින් පැනගන්න පුලුවන් උනා නම්...


මේකත් මානුෂික මෙහෙයුමක් ආයිබන්ඩ...


#මාතලන් 


.

9 comments:

  1. මාතා 'ඇමරිකාවට එරෙහිව ඇමරිකාව' ගැන කියවෙන එහෙම නැත්නම් එක්සත් ජනපදයේ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මනාව නිරූපණය කරන සිනමා නිර්මාණ ගැන සාකච්ඡා කරමු ද?

    ඇමරිකානු රජය තමන්ට හිතු හැටියට ඩ්‍රෝන් යානා යොදාගනිමින් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන බව හැමෝම දන්නව. තවදුරටත් අවි අත දරාගෙන මිනිසුන් මුහුණට මුහුණලා සටන් කරන්නට ශක්තියක් නැතිනිසා පියා සරන නියමුවන් රහිත ස්වයංක්‍රීය ඩ්‍රෝන යානාවකින් මුදා හරින එක බ්ලැස්ටික මිසයිලයකින් සමූල ඝාතන දාමයක් සිදු කළ හැකියි. සමූල ඝාතනයෙහි ඇමරිකාව ප්‍රමුඛයා වෙති. ඩ්‍රෝන් යානා මඟින් සිවිල් වැසියන් ඝාතනය කරන්නට ඇමරිකානුවෝ රුසියෝය. නිදර්ශනයක් ලෙස වියට්නාම යුද්ධය, ඉරාක යුද්ධය, ඉරානයට එල්ල කර මිසයිල ප්‍රහාර වෙති. දැන් එම ප්‍රමුඛයන් අතර ඉරානය ද ඊශ්‍රාලය ද පෙරට පැමිණ ඇත. 'The Amateur' ඇමරිකානු චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ඇමරිකානු රජයට සේවය කරන ඉහළ පෙළේ බුද්ධි අංශ ප්‍රධානීන් විසින් අහිංසක සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීමට නියෝග දීම පිළිබඳ රහසිගත ලියවිලි (top secret Documents) මාධ්‍යය වෙත මුදාහරින බුද්ධි අංශ නිළධාරියෙකු වටායි.

    එවැනි රහසිගත ඝාතන සිදු කළේ තම මවිබිම වෙනුවෙන් බව එම නියෝග දුන් අධ්‍යක්ෂවරයන් පවසයි. සියල්ල හෙළිදරව් වී බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත වෙයි. නමුත් ඇමරිකානු රජය අත පිසදමා ගන්නේ අපි එවැනි නියෝග දීමක් පිළිබඳ හාංකවිසියක් නොදැන සිටි බවට කරන මාධ්‍ය හමු පැවැත්වීමෙනි. රවටන්නේ කවුද? රැවටෙන්නේ කාවද? යන්න සිනමාපටය නරඹන අපිට සිතෙයි. 'Tha Amateur' සිනමාපටය එක් පසෙකින් ඇමරිකාවේ කුරිරු දේශපාලනය හෙළිදරව් කරයි.

    ඝාතනයන් වසන් කිරීම වෙනුවෙන් තවත් ඝාතන වැලක් සිදු කරන මිලේච්ජසහගත නිළධාරිවාදය ඇමරිකාව වැනි රටක සේම ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක ද සිදු වූ බව අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. ඊට බොහෝ නිදර්ශන පවතී. සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සම්මානනීය නළු රමී මලෙක් විසිනි. ඔහු චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් සඳහා පණ පොවයි. එය ආකර්ෂණීය රංගනයකි. 'චාල්ස් හෙලර්' නමැති CIA නිළධාරියාගේ අසිරිමත් විවාහ ජීවිතය අවුල් ජාලාවක්බවට පත්වීමත් ඔහු ඒ අවුල් ජාලාව වෙනුවෙන් දක්වන වෛරීසහගත ප්‍රතිචාරය පිළිබඳ අපුරු රංගනයක් ඉදිරිපත් කරනවා. 'The Amateur' හොඳ චිත්‍රපටයකි. ඇමරිකාවේ නිරුවත හෙළිදරවි කරන නිර්භීත ගණයේ චිත්‍රපටයක්.

    ReplyDelete
  2. බයිඩන්ලා, සෝරොස්ලා, ඊශ්‍රායල සයොනිස්ට් රෙජිමය තම ඉදිරි Geopolitical වැඩපිළිවෙළ සඳහා ගැලපෙන ආණ්ඩුවක් තමා ගොබෙල්ස් පන්නයේ ප්‍රචාර සහ කුමණ්ත්‍රණ හරහා ලංකාවේ බලයට පත්කලේ.
    මේ අය තොග ගනනින් ලාංකිකයන්ව ඊශ්‍රායලයට පැටෙව්වා.. හැම වෙලේම කිව්වේ ලාංකිකයන්ට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
    මේ වෙනකොට ඉරාන ප්‍රහාර වලට මර බියේ යුදෙව්වන් බෝට්ටු වලින් සයිප්‍රසයට පනිනවා. බෝම්ම ප්‍රතිරෝදී බංකර වල ඉඩ නෑ. ලාංකිකයන් සිය ගනනින් මාරයාට මුහුණ දෙනවා. පලස්තීන ජනතාව අමු අමුවේ මරාදාපු ඊශ්‍රායලයට පුප දෙන්න ගීය පංකාවේ ලපයන්ට දිට්ඨි දම්ම වේදනීය කරුමය පලදදීලා.

    ReplyDelete
  3. මාතා,

    සම්ප්‍රදායික මාධ්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට ගිය තීරණාත්මක දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද. ඉරාන-ඊශ්‍රායල් ගැටුම හුදෙක් යුධමය ක්‍රියාවලියකට වඩා ගැඹුරු භූදේශපාලනික, සමාජීය සහ ආර්ථිකමය අංශ ඇතුළත් බව ඔබ මනාව පැහැදිලි කර තිබේ. මෙම විශ්ලේෂණය තවදුරටත් ගැඹුරු කරමින් සමාජ මාධ්‍ය සඳහා සටහනක් මෙලෙස සකස් කළ හැකියි.
    ඊශ්‍රායල්-ඇමරිකානු "ගේම" සහ මැදපෙරදිග අනාගතය: සත්‍යය කුමක්ද?

    මෙහෙම පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  4. මාතලන්

    මැදපෙරදිග නවතම තත්ත්වය ගැඅං බලන කොට, බොහෝ දෙනා දකින්නේ මතුපිටින් පෙනෙන සටනක් පමණයි. නමුත් ගැඹුරට විමසා බැලුවොත්, ඊශ්‍රායලයයි, ඇමරිකාවයි මේ පවුලක් වගේ හිටියත්, ඔවුන්ගේම "මාර මෙව්වා" එක තමන්ම ලිහා ගත්තා කියලා අපිට කියන්න පුළුවන්. ඉරානයේ proxy පෙරමුණු වෙච්ච
    හමාස් සහ හිස්බුල්ලා කණ්ඩායම් පෙන්න පෙන්න පලස්තීනයටයි, ගාසා තීරයටයි හිංසා කළාට, නෙතන්යාහුගේ බල උමතුව නිසාම ඔහු යුද්ධය අවුලන පුද්ගලයෙක් බව ලෝකයටම පෙන්නුවා. ඒ නිසාම ලෝකයේ අතිශයින්ම බහුතර ජනතාවට ඔහු නිර්දය මිනීමරුවෙක් සහ යුධ අපරාධ කාරයෙක් වෙලා ඉවරයි

    ඇමරිකාව තමන් සතු සුපිරිම යානා සහ විශාලතම බෝම්බ යොදාගෙන ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාර 6-12ක් "සම්පූර්ණයෙන්ම සාර්ථකයි" කියලා කිව්වා. එහෙම නම්, ආයෙත් ඉරානය න්‍යෂ්ටික අවි හදනවා කියලා කියන්න බැහැ. එහෙම කිව්වොත් ඔවුන්ගේ "operation" එකත්, බෝම්බත් "fail" කියලා ඔප්පු වෙනවා! ඇත්තටම, ඔවුන්ගේ "මාර යුධ ශක්තියෙන්" කළුගල්වත් කඩාගන්න බැරි බව ලෝකයටම පෙන්නුවා.

    මේ සිදුවීම් නිසා, ඉරාන බහුතර ජනතාවට එපාවෙලා තිබූ ගතානුගතික ඉරාන රජයට එරෙහිව ඉරානය තුල තිබූ ජන අරගල තත්වය පවා පහත වැටුණා. අනෙක් අතට, නෙතන්යාහු තමාට තිබූ විරෝධය තවත් වැඩි කරගත්තා. IAEA (ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය) වෙතින් ඉරානය ඉවත් වූ නිසා, ඔවුන් න්‍යෂ්ටික ආයුධ හැදුවත්, නැතත්, එය සොයා ගැනීමට විදියක් නැහැ. ඉරානය දැන් වින්දිතයෙක් ලෙස පෙනෙන නිසා, ඉදිරියේදී ඔවුන් යුධ ශක්තිය වැඩි කරගත්තත්, ඒකට එරෙහිව ලෝකයේ නරක චිත්‍රයක් හදන්න බැරි තත්ත්වයක් පවා නිර්මාණය වී තිබෙනවා.

    ලංකාවේ දෙකයි පණහේ ඊශ්‍රායල් ෆෑන්ස්ලා මේකෙන් "අරූට ගැහුවා, මූ මැරුවා" කියලා "ස්වයංවින්දනය" කළාට, ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස් බව තේරුම්ගත යුතුය කියලා අපි මතක තියාගන්න ඕන.

    ReplyDelete
  5. මෙතනදී 2025 මැදපෙරදිග ඉරාන-ගල්ෆ් යුද්ධය පිළිබඳව පුළුල් විදිහට සාම්ප්‍රදායික මාධ්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට ගිහින්, සත්‍ය ජය-පරාජය මැන බැලීම සඳහා නිර්ණායක (අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ දේශපාලන තත්ත්වයේ වෙනස) අධ්‍යනය කිරීම ඉතා වැදගත්.

    2025 මැදපෙරදිග ඉරාන-ගල්ෆ් යුද්ධය: එක්සත් ජනපද ජඩමාධ්‍ය සංඛ්‍යාවලින් ඔබ්බට ගිය සත්‍යය!

    දැනට පෙනෙන ආකාරයට, 2025 මැදපෙරදිග ඉරාන-ඊශ්‍රායල් ගැටුම තාවකාලිකව හෝ අවසන් වී තිබෙනවා. නමුත් ට්‍රම්ප් සහ නෙතන්යාහු වැනි නායකයන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ පවතින ගැටලු නිසා, මේ "සාමය" කොතරම් කල් පවතීද යන්න සැක සහිතයි. ඇමරිකානු-ඊශ්‍රායල් හිතවාදී ජඩමාධ්‍ය ජාල "හුරේ" දමමින් ඉරානයට දරුණු පරාජයක් අත්වූ බවත්, රුසියාව සහ චීනය ඉරානයට උදව් නොකළ බවත් කියනවා.

    ඒත්, මේක සැබෑ සත්‍ය තත්වය නොවේ!

    යුද්ධයක ජය-පරාජය තීරණය කරන්නේ මියගිය මිනිසුන්, විනාශ වූ ආයුධ හෝ සමතලා වූ ගොඩනැගිලි ප්‍රමාණයෙන් නොවෙයි. එය තීරණය වන්නේ ප්‍රධාන සාධක දෙකකින්:

    A. අරමුණු ඉටු වූ ප්‍රමාණය
    B. යුද්ධය ආරම්භයේ දේශපාලන තත්වයට සාපේක්ෂව යුද්ධය අවසානයේ දේශපාලන තත්වය

    මේ සාධක දෙක අනුව, යුධ වැදුණු පාර්ශව දෙකේ තත්වය විශ්ලේෂණය කර බලමු.

    ඊශ්‍රායලය සහ ඇමරිකාව: අරමුණු අසාර්ථකයි

    යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලය, ඇමරිකාවේ සහයෝගය ඇතිව. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ වූයේ ඉරානයේ න්‍යෂ්ටික ආයුධ ව්‍යාපෘතිය නැවැත්වීමයි. අප්‍රකාශිත අරමුණ වූයේ ඉරාන රජය පෙරළා දැමීමයි.

    න්‍යෂ්ටික අරමුණේ අසාර්ථකත්වය: ඉරානයට න්‍යෂ්ටික ආයුධ ව්‍යාපෘතියක් තිබුණේ නැති නිසා, පළමු අරමුණ ඉබේම අසාර්ථකයි.

    ඇත්තටම, මේ ප්‍රහාරය නිසා ඉරානය ඉදිරියේදී න්‍යෂ්ටික අවියක් නිපදවීමට පෙළඹෙන්න පවා පුළුවන්. ප්‍රහාරයේ සාර්ථකත්වය ගැන ඔවුන් කොතරම් කීවත්, න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළත්, ඒවායේ පිරිපහදු කළ යුරේනියම් තිබුණේ නැහැ. ඉරානය ඒවා කලින්ම ආරක්ෂිත ස්ථානවලට ගෙන ගොස් තිබුණා. එපමණක් නොව, ඇමරිකාව සතු ප්‍රබලම බංකර් නාශක බෝම්බවලටවත් ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට තීරණාත්මක හානියක් කිරීමට නොහැකි බව ඔප්පු වුණා. ඔවුන්ගේ "මාර යුධ ශක්තියෙන්" කළුගල්වත් කඩාගන්න බැරි බව ලෝකයටම පෙන්නුවා.

    ඉරාන රෙජීමය මාරු කිරීමේ අසාර්ථකත්වය: ඊශ්‍රායලය සහ ඇමරිකාව සුපුරුදු විදිහට බලාපොරොත්තු වූයේ ඉරාන ජනතාව තම රජයට එරෙහිව කැරලි ගසා, ඇමරිකාවේ වෙසෙන, සයොන්වාදීන්ගේ මුදලින් නඩත්තු වන, හිටපු රජුගේ පුත්‍රයා වැනි තවත් එක් "ජෝකරයෙක්" බලයට ගෙන ඒමටයි. නමුත් ඉරාන ජනතාව (සාමාන්‍යයෙන් රජය ගැන අප්‍රසාදයෙන් පසුවූ ලිබරල්වාදීන් පවා) රජයට එරෙහිව කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඉරාන රජය විසින් ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇති කුර්දි ජාතික දේශපාලන පක්ෂයක නායිකාව පවා පැවසුවේ, ඔවුන් රජයේ වෙනසක් බලාපොරොත්තු වුවත්, එය ඊශ්‍රායල බෝම්බ හරහා කර ගැනීමට කිසිසේත් එකඟ නොවන බවයි. ඇත්තටම, මේ යුද්ධයෙන් ඉරාන රජයේ තත්වය තවත් ශක්තිමත් වූ බව සිතිය හැකියි.

    ජාත්‍යන්තර හුදකලාව: යුද්ධයට පෙර සහ පසු දේශපාලන තත්වය බැලුවොත්, 2003 ඉරාක ආක්‍රමණයේදී මෙන් නොව, ඇමරිකානු-ඊශ්‍රායල් පාර්ශවයට කිසිදු ජාත්‍යන්තර සහයක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ අරාබි මිතුරන් පවා උදව් කළේ නැහැ. ඇමරිකාව තුළින් ද යුද්ධයට එරෙහිව දැඩි විරෝධතාවක් මතුවුණා. මේ නිසා ඊශ්‍රායලය තවදුරටත් ජාත්‍යන්තරව හුදකලා වූ බව පැහැදිලියි. ට්‍රම්ප්ගේ දේශපාලන කඳවුර තුළින්ම යුද්ධයට විරෝධයක් එල්ලවීම ඔහුගේ දේශපාලන පරාජයක් ලෙස ද දැකිය හැකියි.

    නෙතන්යාහුගේ දේශපාලන තත්වය තවමත් අවිනිශ්චිතයි. යුද්ධයට පෙර ඔහුගේ ආණ්ඩුව පෙරළෙන්නට ඔන්න මෙන්න තිබුණා. පැහැදිලි ජයක් නොලැබුණු මේ යුද්ධයෙන් ඔහුගේ දේශපාලන තත්වය දියුණු වූවා යැයි සිතීම අපහසුයි.

    ඉරානය: අභ්‍යන්තර ශක්තිමත් වීමක් සහ නව සන්ධාන අවස්ථා
    ඉරානයේ ප්‍රකාශිත අරමුණ වූයේ "ඊශ්‍රායලය විනාශ කර දැමීම"යි. අප්‍රකාශිත අරමුණු වූයේ රජය බිඳ නොවැටී, අවම හානියකින් යුද්ධය අවසන් කිරීම සහ ඊශ්‍රායලයට උපරිම හානි සිදු කිරීමයි.

    ප්‍රකාශිත අරමුණ: මිසයිල ප්‍රහාරවලින් රටක් "විනාශ කර දැමීම" කළ හැකි දෙයක් නොවේ. එය හුදෙක් දේශපාලන ප්‍රචාරක කතාවක් පමණයි.

    ඉරාන ගතානුගතික රජයේ ස්ථාවරත්වය: ඉරාන ගතානුගතික රජය බිඳ නොවැටී පවත්වා ගැනීමට ඉරානය සමත් වුණා. එය ඔවුන් ලැබූ පැහැදිලි ජයක්.

    හානි සහ සාර්ථකත්වය: ඔවුන් බලාපොරොත්තු නොවූ තරම් හානියක් ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ඉරානයට සිදු වූ බව පැහැදිලියි. එය ඉරානය ලැබූ පැහැදිලි පරාජයක්.

    නමුත්, තමන්ගේ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයට දැඩි හානි කිරීමට ඔවුන් සමත් වුණා. ඒ අතින් ඔවුන් සාර්ථකයි.

    ඉරානයේ අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වය: යුද්ධයට පෙර සහ පසු දේශපාලන තත්වය බැලුවොත්, ඉරානයේ අභ්‍යන්තර දේශපාලන තත්වය පැහැදිලිවම තිබුණට වඩා හොඳ තැනක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊළඟට අපි රුසියාව සහ චීනයේ භූමිකාව ගැන හොයල බලන්න ඕන

      රුසියාව සහ චීනය උදව් නොකර "ඇරියා" යැයි කියවුණත්, ඇත්තටම රුසියාව ඉරානය සමඟ ආරක්ෂක සහයෝගී ගිවිසුමකට එළඹීමට පසුගිය කාලයේ දිගින් දිගටම උත්සාහ කළත්, එය ප්‍රතික්ෂේප කළේ ඉරානයයි. ඊට හේතුව ලෙස කියැවුණේ රුසියාව සහ ඊශ්‍රායලය අතර ඇති සමීප සබඳතාවයි. එය ඔවුන් කරගත් වැරැද්දක් බව දැන් ඔප්පු වී තිබෙනවා. ඉදිරියේදී ඉරාන රජයේ ස්ථාවරය වෙනස් වීමට පුළුවන්. ඉරාන රජය බිඳ වැටීමෙන් රුසියාවට මධ්‍යම ආසියානු දේශසීමාව සතුරාට විවෘත වන අතර, චීනයට තම වෙළඳ මාර්ග අවහිර විය හැකියි. මේ නිසා රුසියාව සහ චීනය ඉරානය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීම හිතළුවක් පමණයි.

      ඊශ්‍රායලයේ අනාගතය: පැවැත්මේ අභියෝගය

      මේ යුද්ධයේ ප්‍රතිඵල ලෙස ඊශ්‍රායලයට හිතන්න වෙන්නේ මේ එකක් ගැනවත් නොවෙයි.

      "කොලනියක්" ලෙස ඊශ්‍රායලය: මුලින්ම වටහා ගත යුත්තේ ඊශ්‍රායලය යනු රටක් නොව "කොලනියක්" (Colony) යන බවයි. ඉරානය, ඉරාකය, සිරියාව, සෞදි අරාබිය වැනි රටවලට දහස් ගණනක් පැරණි අතීතයක් ඇතත්, ඊශ්‍රායලයට එවැනි අතීතයක් නැහැ. ඊශ්‍රායලයේ යුදෙව් ජනතාවගෙන් අති බහුතරයකට තම පරම්පරාව පස්සට බලන්න පුළුවන් උපරිම පරම්පරා දෙකක් පමණයි. එපමණක් නොව, ඊශ්‍රායලයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ද්විත්ව පුරවැසියන්.

      යුදෙව්වන්ගේ පලා යාමේ ප්‍රවණතාව: මේ නිසා දුෂ්කර තත්ව යටතේ ඔවුන් "මරාගෙන මැරෙන්න" ඊශ්‍රායලයේ රැඳී සිටින්නේ නැහැ. මේ සත්‍යය කාටත් වඩා හොඳින් දන්නේ ඊශ්‍රායල් රජයයි. යුද්ධය අතරතුර ඊශ්‍රායල පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කළේ ඒ නිසයි. ඒ තහනම මධ්‍යයේ වුවත් විශාල පිරිසක් බෝට්ටුවලින් සයිප්‍රසයට පලා ගිය බව දැක ගත හැකි වුණා.

      ඉදිරි ආර්ථික අභියෝග: ඊශ්‍රායලයේ ආර්ථිකය විශාල වශයෙන් රඳා පැවතුණේ තාක්ෂණික පර්යේෂණ ආයතන මතයි. මේ ආයෝජන රඳවා ගැනීමට ඔවුන් සමත් වූයේ ඔවුන්ගේ "යකඩ පියස්ස" (Iron Dome, Arrow 2&3, David's Sling) මගින් ලැබෙන ආරක්ෂාවේ සහතිකය මතයි.

      නමුත් ඉරාන බැලිස්ටික් මිසයිල හමුවේ මේ "යකඩ පියස්සවල්" "පුස්සක්" බව ඔප්පු වූ පසු, ඒවායේ අනාගතය අවිනිශ්චිතයි. එය ඊශ්‍රායලයේ ආර්ථික අනාගතයට විශාල බලපෑමක් කළ හැකියි.

      මේ නිසා, ඊශ්‍රායලය තම අන්තවාදී ප්‍රතිපත්ති අතහැර සාමාන්‍ය රටක් ලෙස කටයුතු කිරීමටත්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමටත් සූදානම් නොවන්නේ නම්, ඔවුන්ගේ අනාගතය දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වෙනවා.

      මේ සියල්ලෙන් අපට කියවෙන්නේ, ලෝක දේශපාලනයේ සත්‍යය මතුපිටින් පෙනෙන දෙයට වඩා බොහෝ සංකීර්ණ බවයි. හැමදාම ප්‍රබලයා යැයි පෙන්වූවන්ගේ දුර්වලතාත්, දුර්වලයා යැයි සැලකූවන්ගේ ශක්තියත් මේ සිදුවීම් මාලාවෙන් හොඳින්ම පෙනී යනවා.

      Delete
    2. ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂන මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළත්, ඒවායේ පිරිපහදු කළ යුරේනියම් තිබුනේ නෑ. ඒවා කල් තියා ආරක්ෂිත ස්ථාන දක්වා ගෙනයාමට ඉරානය කටයුතු කරලා තිබුනා. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාව සතු ප්‍රභලම බංකර් නාශක බෝම්බ වලටවත් ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට තීරණාත්මක හානියක් කරන්න බැරි බව ඔප්පු වුනා.

      ඊශ්‍රායලය සහ ඇමරිකාව බලාපොරොත්තු වුනේ ඉරානයේ ජනතාව ඔවුන්ට දැඩි ලෙස එපාවී සිටින ආගමික අන්තවාදී රජයට එරෙහිව කැරලි ගහලා රජය පෙරළුවාට පස්සේ, ඇමරිකාවේ වාසය කරන, සයොන්වාදීන්ගේ මුදලින් නඩත්තු වන ජෝකරයෙක් වන හිටපු රජාගෙ පුතා බලයට ගෙන ඒම. ඒත් ඉරාන ජනතාව, සාමාන්‍යෙයෙන් රජය ගැන අප්‍රසාදයෙන් පසුවුන ලිබරවාදීන් ඇතුළුව, ඉරාන රජයට එරෙහිව කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඒ විතරක් නෙවෙයි, ඉරාන රජය විසින් ත්‍රස්තවාදීන් විදිට නම් කරලා තියෙන කුර්දි ජාතික දේශපාලන පක්ෂයක නායිකාව පවා කිව්වේ ඔවුන් රජයේ වෙනසක් බලාපොරොත්තු වෙන නමුත්, ඒක ඊශ්‍රායල බෝම්බ හරහා කර ගැනීමට කිසිම විදිහකින් එකඟ නොවන බව. ඇත්තෙන්ම මේ යුද්ධයෙන් ඉරාන රජයේ තත්වය තවත් ශක්තිමත් වුනා කියල හිතන්න පුළුවන්.

      යුද්ධයට පෙර සහ පසු දේශපාලන තත්වය බැළුවොත්, 2003 ඉරාක ආක්‍රමනයේදී වගේ ඇමරිකානු-ඊශ්‍රායල පාර්ශවයට කිසිම ජාත්‍යන්තර සහයක් ලැබුණේ නෑ. ඒ ඔවුන්ගේ අරාබි මිතුරන් අතිබහුතරය ඇතුළුව මේකට අකමැති බව පේන්න තිබුණා, නොකර බැරි කමට ඒ අය නිහඬව හිටිය බවයි පෙනුනේ. ඒ විතරක් නෙවෙයි ඇමරිකාව ඇතුළෙන් යුද්ධයට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල වුනා. මේ නිසා ඊශ්‍රායලය තව දුරටත් ජාත්‍යන්තරව හුදෙකලා වුන බව පැහැදිලිවම දකින්න පුළුවන් වුනා.

      ට්‍රම්ප් ගේ දේශපාලන කඳවුර තුළින්ම යුද්ධයට විරෝධයක් එල්ලවීම ට්‍රම්ප් ගේ දේශපාලන පරාජයක් විදිහට දකින්න පුළුවන්. වහාම සටන් විරාමයකට යොමු වීම හරහා ඔහු මේ තත්වය බොහෝ දුරට පාලනය කර ගත්තා.

      නෙතන්යාහු ගේ දේශපාලන තත්වය ගැන තාම ස්ථිර දෙයක් කියන්න අමාරුයි. යුද්ධයට කලින් ඔහුගේ ආණ්ඩුව පෙරළෙන්න ඔන්න-මෙන්න තිබුණේ. පැහැදිලි ජයක් නැති මේ යුද්ධයෙන් ඔහුගේ දේශපාලන තත්වය දියුණු වුනා කියලා හිතන්න අමාරුයි.

      Delete
  6. මේ වෙලාවෙ මගේ මතය තමයි මේක යම් අකාරයකට සමනය විය යුතුයි කියන එක.
    අපි පිලිගන්න කැමති උනත් අකමැති උනත් ලෝකයේ සමස්ත ජනාතවගේ සුබ අනාගතය තිරනය කරන්නේ අමෙරිකාව. ඒවා බොහොමයක් ජනප්‍රිය නොවන තිරණ ඇතැම්විට අමානුශිකයි.

    ReplyDelete
  7. අනේ බන් ළමාතන් මහා බලවතුන්ගෙ යුද්ද බොලාට බ්ලොග් වල ටෝක දීලා පේෂ්බුක් පෝස්ට් දාලා නවත්තන්න බෑ. බොලාට පෝස්‍ට් දාලා කරන්න පුලුවන් අර ලංකාවේ සිංහල විතරක් දන්න මොංගල් කෙබර කොටා වගේ මී හරකෙක් ෆෝම් කරලා ඒ හරකව රණවිරු සැමරුමට දක්කන්න, ඌගේ උවමනාවට හිරෙන් පන්නපු ලෝක හොරු පන්නපු බව මාට්ටු වුණාම ඒ වෙනුවට බන්ධනාගාර කොමාව හිරේ අරින්න, ගැසට් එකක් රිවර්ස් කරගන්න වගේ සිල්ලර වැඩ කරගන්න විතරයි ඕයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න