.

.

Jul 15, 2025

අජ්ජාපන ප්‍රතිසංස්කරණය ගැන අනධ්‍යන පුරවැසියකුගේ සත පා

 



මයි බීටුපුල් ඉස්මෝල් කන්ට්‍රි

අජ්ජාපන ප්‍රතිසංස්කරණය ගැන

අනධ්‍යන පුරවැසියකුගේ සත පා

➖➖➖➖➖➖➖➖😎➖➖


හරිනි සඕදරී අජ්ජාපනේ උඩුයටිකුරු කොරන්නයි යන්නේ....


ඒක ළොකු දෙයක්... මොන ප්‍රතිසංස්කරණය කලත් දැන් ඒවාට එදිරිව පාසල් දරුවොත් පාරට බස්සපු ටයිම් ඊටීන්  හිඟන කුහක හැතිකරේ බලයේ ඉන්න නිසා... ඊට විරුද්ධව එන උන් ඉන්නෙකක් නෑ...


මම දැක්කා දවසෙ තියෙන විෂයන් 8...., 7ක් කළාය කියලා... ඒකටත් නාහෙන් අඩන ගොබ්බයොත් ඉන්නවා... 


අපි ගියපු රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ... 


ඒ කාලේ නම් තිබ්බේ පීරියඩ් හයයි... ඉතිං ඒ ගුරුවරු.... විෂයන්ට අමතරව.... රට තොට විස්තර, ලෝකය ගැන, ඉතිහාසය ගැන, යුද්ධය ගැන, ත්‍රස්තවාදය ගැන, සමාජය ගැන, අධ්‍යාපනය ගැනත් උගන්වනවා... 


සමාජ අධ්‍යයනය උගන්නපු සර් කෙනෙක් හිටියා... සර්ට කියන්නේ හිට්ලර් කියලා... අපිට ලෝකේ තිබුණා යුද්ධ ගැන ඔක්කොම කියලා දුන්නා... 


එතකොට මාල් විජේරත්න සර්.... ඉගැන්නුවේ කොමර්ස්.... හැබැයි ජීවිතයට කොමර්ස් ඉගැන්නුවද කියලා මතක නෑ... ඒ පීරියඩ් එක ඒ තරම් රසවත්.... අපිව තාර්කික මිනිස්සු කරේ ඒ වගේ ගුරුවරු....


මම මේ සටහන ලිව්වේ  මනෝරම වීරසිංහ ට කමෙන්ට් එකක් විදියට.... බුවත් සෑර් කෙනෙක්.... 


මේ.... නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන...  අනධ්‍යන පුරවැසියෙක් වන.... මගේ සත පහ...


එයාගේ යෝජනා අතර... ඉංග්‍රීසිත් විෂයක් ලෙස නම්කල්ලා තිබුණා..... මේ ඒ කමෙන්ට් එක.....


➖➖➖➖⭕➖➖➖➖


ඉන්ගිරිසියෙන් ඉගැන්නුවා නම් ඉන්ගිරිසි ඕනත් නෑ... එතකොට තා සබ්ජෙක්ට් එකක් අඩුයි....


ගණිතයෙත් මූලික ගණිතය ඉගැන්නුවාම ඇති..... 

ගොඩක් දරුවන්ට ගණිතය අප්‍රිය විෂයක් වෙන්නෙත්.... ගොඩක් දරුවෝ අසමත් වන විෂයක් වෙන්නෙත්... 

වීජ ගණිතයයි ජාමිතියයි සමීකරණයි ලඝුයි අරවයි මේවයි ඔක්කොම එකේ ඔබලා තියෙන හින්දා....


ඒ කෑලි ගණිතය වැඩිදුරයි ඉගෙන ගන්න දරුවෙකුට ඉගැන්නුවට අවුලක් නෑ.... ඒ කියන්නේ ඉංජිනිරියන්.... IT  & AI වගේ ෆීල්ඩ්ස් වලින් ඉදිරියට යන්න හිතන දරුවන්ට.... ටෙක්නලෝජීයා....


හැබයි අනිවාර්‍යයෙන් නීතිය හා ආර්ථික විජ්ජාව හෝඩියේ ඉඳන් උගන්වලා.....


කැම්පස් වල මෙඩිසින් ඉන්ජිනියරින් ෆැකල්ටිවල පවා අනිවාර්‍ය විශයයක් කළ යුතුයි...


දැන් කියයි ලෝකේ කොහේවත් එහෙම සිස්ටම් එකක් නෑ කියලා...


හැබයි ලෝකේ තියෙන සිස්ටම් වලින් උගන්වලා නේ..... මේ වගේ ගොබ්බ රාජ්‍ය නිළධාරීන් පිරිසක් හා ජනතාවක් බිහි වුනේ...


අපි හදන්න ඕනා අපේ රටට ගැලපෙන සිස්ටම් එකක්...


එහෙම කලා නම්..... 


මේ වගේ පට්ට හිනමාන ග්‍රාමීය ගෝත්‍රික ගොබ්බයෝ පිරිසක් සංසාරෙදි බලයට එන්නේ නෑ....


#මාතලන්

7 comments:

  1. අජිත් ධර්මJuly 16, 2025 at 12:07 AM

    පාසැල් දරුවන්ට ලිංගික දැනුම ලබා දෙන්නත් ඕනී. අනුර එක්ක තේ බොද්දි මාත් ඒක මතක් කරා

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඩෝබි අජිත් තෝ බොනිකර තරු මොංගල් කෙබර කුමාරගෙත් කටට ගන්න ගියාද? තෝ අර නාකි ටිල්වින් සක්කිලි බල්ලාගේ පූක ලෙවකාගෙන ඉද්දී ඌ මොනාද කිව්වේ? තොටත් පැලවත්තෙන් ගතමනාව හම්බ වෙනවා ඇති ගූ හෝදන හේදිල්ලට 😅

      Delete
  2. හහ් හහ් හැම දෙයක්ම ඇත්ත මහා තකතීරු මෝල්ලු රැලක් මොංගල් බදු කුමාර, BKD කෙබර කොටා මහ සක්කිලි බල්ලෙක් ඌට හෙන හතම ගහලා අකුලෝලාම පල... 😅

    ReplyDelete
  3. ඔවු ඉතින් මොන අධ්‍යාපන දැනුමක් ද බන් NGO වල වැඩ කරලා ඕපන් යුනි එකේ බයිලා ගගහා හිටපු ඔය හොල්මනට, අර 6% නිර්මාල් නාඩගමට ඇවිල්ලා බහුබූත කියෝලා හිට් වෙච්ච ආප්ප කන්ඩ කූක්කු බොන්ඩ විතරයි දන්නේ ඔය මල හොන්තුව

    ReplyDelete
  4. බැසිල් තුමා හිට් ද ප්ලේන් කියනා කොට කපුටා
    හෝන් ගහන් හිනා වෙන්න කටත් මදිලු අපිටා
    එහෙව් රැලේ හඳුන් පුතා නටනා කල ජහුටා
    එයා පවු ලු ඉත්තෑවොත් රිංගනවලු පුකටා

    ReplyDelete
  5. මාතා අධ්‍යාපනය සම්බන්ධව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කරන එකට වඩා ඇත්තටම අවශ්‍ය වෙලා තිබුනේ ඉතිහාසය විෂය තවත් පුළුල් කරලා රාජ්‍ය සේවය වගේ ක්ෂේත්‍ර වලට අනිවාර්ය සාධන මට්ටමක් නියම කරලා මේක ව්‍යාප්ත කිරීම. වේලුපිල්ලේ අනුර මේක කළේ ඊළාම් අධ්‍යාපන සති ලෝකය වටේම ක්‍රියාත්මක වෙන වෙලාවක.

    ඕනෙම ඊළාම් වාදියෙක් එක්ක විවාදයට යන්න. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මේ රටේ මේ ලිඛිත ඉතිහාසය. මහාවංශය ලෝක උරුමයක්. මේක එක්ක තර්ක කිරීම ලේසි නෑ උන්ගේ ව්‍යාජ නිජබිම් සංකල්ප අරන්. ඉතින් උන් සල්ලි දීලා ගෙනාපු මේ ආණ්ඩුව ලවා මේ කරන්නේ ඒ ඉතිහාසය මකලා දාන එක. අනික ජවිපෙටත් වාසි. මොකද ඔවුන්ගේ රාජ්‍ය විරෝධී කැරලිකාර පක්ෂයේ ලේ වැකුණු මිනීමරු ඉතිහාසය මැකෙනවා. ඔවුන්ට ඕනේ ඔවුන්ට ඕනේ තැන ඉඳන් අලුත් ඉතිහාසයක් හදන්න. සෝවියට් රුසියාවේ ස්ටාලින් කළේත් ඒක.

    මේ මොන විහිළුද. ඉතිහාසය අනිවාර්ය වෙන්නම ඕනේ. ද්විතීයික අධ්‍යාපනයට නෙමේ එතනින් ඉහළට. පාසල් වලින් එළියට විසිවෙන අයට නෙමේ කඩයිම් විභාග වලින් සමත් වෙලා රාජ්‍යයේ පහසුකම් විදින අයට අනිවාර්ය වෙන්න ඕනේ මේ විෂයන්.

    නමුත් ඉතින් අහෝ පුනරුදය නේ. අනික ඒ අය එක අතකින් හරි. මේ පසුගිය අවුරුදු 20ක අතීතය මතක නැති මී හරක් කොහොමද 2500ක අතීතයක් මතක තියාගන්නේ.

    මේ ඉතිහාසය මකන එක අපේ රටේ වාමාංශික ත්‍රස්තවාදීන් විතරක් නෙමේ ලෝකය වටේම වෙනවා. මොකද උන්ට ඕනේ මනෝ විකාරරූපී ලෝකය ගොඩනගන්න උන්ට තියෙන බාධාව ඉතිහාසය. ඇමරිකාවේ වමේ පිස්සෝ දඟලනවා උන්ගේ රට ගොඩ නගපු ජනාධිපතිවරු වහල් හිමියෝ කියලා defame කරලා ඉතිහාසයෙන් මකන්න. සමහර අධි වාමාංශික පාසල් එහෙම කරලාත් තියෙනවා. එංගලන්තයේත් එහෙමයි. ප්‍රංශය ජර්මනිය මේ හැම රටකම වාමාංශිකයෝ තමන්ගේ ඉතිහාසයට වෛර කරන තැනට ඇවිත් තියෙනවා. අපේ නම් එහෙම නොවුණත් චේතනාව එකයි. බලය. බලය පවත්වා ගැනීම. මොකද රටවල් ඉදිරියට යන්නේ ඉතිහාසය දන්න මිනිස්සු ඒ legacy එක වෙනුවෙන් කරන පරිත්‍යාග නිසා. එහෙම නොදැන සිටීමෙන් වෙන්නේ අර්බුධයකදි රටට ඕනේ මඟුලක් උනදෙන් මන් escape කියලා පනින එක. අපි පහුගිය සමයේ ඒක දැක්කනෙ. ඒකයි මං කිව්වේ මේක තිබ්බත් හරියට නෙමේ තිබ්බේ කියලා.

    ReplyDelete
  6. මේ දෙබස් ටික මතකද?

    "මැටි වැඩ ඉගෙන ගත්තොත් මුට්ටියක්වත් හදාගන්න පුලුවන්.
    ශාරීරික අභ්‍යාස වගේ දෙයක් ඉගෙන ගත්තොත් කොන්දක්වත් කෙලින් තියාගන්ඩ පුලුවනි.
    නමුත්,
    දැන් ඔය සාහිත්‍ය ඉගෙන ගෙන ??"

    "සාහිත්‍යයෙන්ද ?

    සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්දෙ උඩ තියන මැටි මුට්ටියට රත්තරං පුරවගන්නවද,
    අසූචි පුරවගන්නවද කියලා තෝරලා බේරලා ගන්න එක." 🍃
    ඉතිහාසයත් අන්න ඒ වගේ...

    - ගුරු තරුව වේදිකා නාට්‍ය (1996) -
    ආචාර්ය ජයලත් මනෝරත්න

    අපේ අසහාය කලාකරු, ආචාර්ය ජයලත් මනෝරත්නයන්, 1996 වසරේ "ගුරු තරුව" වේදිකා නාට්‍යයෙන් මේ ගැඹුරු ප්‍රශ්නය අප හමුවේ තැබුවේ ය. එය හුදු ප්‍රශ්නයක් නොව, අපේ අධ්‍යාපනයේ හරයත්, ජීවිතයේ අරුතත් විමසන කණ්ණාඩියක් විය. අද දවසේ, අපේ මව්බිමේ අධ්‍යාපනයේ අනාගතය පිළිබඳව අතිශය තීරණාත්මක සංවාදයක් මතුව තිබියදී, මේ වදන් වඩාත් අර්ථාන්විත වන්නේ, අපේ ජාතික ජන බලවේග රජය විසින් ඉතිහාසය විෂයය අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කිරීමට දරන උත්සාහයත් සමඟය.
    මනෝරත්නයන්ගේ රුවැති වදනටම අනුව, "සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්දෙ උඩ තියන මැටි මුට්ටියට රත්තරං පුරවගන්නවද, අසූචි පුරවගන්නවද කියලා තෝරලා බේරලා ගන්න එක." එය හුදු සාහිත්‍යයට පමණක් සීමා වූවක් නොවේ. ඉතිහාසයත් අන්න ඒ වගේමයි!

    ඉතිහාසය යනු වසර දහස් ගණනක් තිස්සේ අප ගමන් කළ මාවතයි. එය අපේ ජයග්‍රහණ, පරාජයන්, වැරදි, මහිමය, සහ පීඩනයන්ගේ සජීවී වාර්තාවයි. මැටි මුට්ටියක් සේ අපේ ශරීරය කොන්ද කෙළින් තබාගෙන සිටින විට, එයට රත්‍රන් පිරවිය යුත්තේ කෙසේදැයි පෙන්වන්නේ ඉතිහාසයේ ආලෝකයයි. අපේ මුතුන් මිත්තන් කළ වැරදි නැවත නොකිරීමට, ඔවුන්ගේ ජයග්‍රහණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට, සහ අපේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඉතිහාසය මූලික වේ. ඉතිහාසය නොදන්නා ජාතියක්, අතීතයෙන් පාඩම් නොගන්නා සමාජයක්, තමන්ගේ "මැටි මුට්ටියට" පුරවා ගන්නේ රත්‍රන් නොව, තමන්ටත් අනාගත පරපුරටත් හානිකර වන අසූචි බවට සැකයක් නැත.

    අද දවසේ, "නවීන අධ්‍යාපනයක්" සහ "ප්‍රායෝගික දැනුමක්" යන මුවාවෙන් ඉතිහාසය වැනි විෂයයන් පසෙකට දමන විට, අප කරන්නේ කුමක්ද? අප කරන්නේ අපේ දරුවන්ට ගැඹුරු චින්තනයක්, විචාර බුද්ධියක් සහ ආත්මීය හරයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම අහිමි කිරීමයි. ඔවුන්ව හුදු තාක්ෂණික ශ්‍රමිකයන් බවට පත්කිරීමට උත්සාහ කරනවා මිස, "කෙළින් කරපු කොන්දක්" ඇති, "කුමක් පිරවිය යුතුදැයි" තෝරා බේරාගත හැකි, පූර්ණ මිනිසකු ගොඩනැගීමට අප අසමත් වෙමු.

    චීනය වැනි දියුණු රටවල් තම ඉතිහාසය කිසිවිටෙක අමතක නොකරයි. ඔවුන්ගේ වේගවත් සංවර්ධනයේදී පවා, තම සංස්කෘතික මුල් සහ ඓතිහාසික පාඩම් නොසලකා හැරියේ නැත. ලෝකයේ ශ්‍රේෂ්ඨතම විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන, ඉතිහාසය, සාහිත්‍යය, දර්ශනය වැනි විෂයයන්ට ප්‍රමුඛත්වයක් දෙන්නේ, ඒවා මිනිසකුගේ මනස විවෘත කරන, ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක් ලබා දෙන විෂයයන් බැවිනි.

    එහෙයින්, වත්මන් රජය වෙත අපේ ඇරයුම වන්නේ, දරුවන්ගේ "මැටි මුට්ටියට" රත්‍රන් පුරවනවාද, අසූචි පුරවනවාද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමයි.

    ඉතිහාසය ඉවත් කිරීම යනු අතීතය මකා දැමීමයි. අතීතය මකා දැමීම යනු අනාගතය අඳුරු කිරීමයි. එසේ නොකළහොත්, අපේ අනාගත පරපුරට හිමිවන්නේ, කොන්දක් නැති, හිස් මුට්ටියක් පමණක් විය හැකිය.

    "ඉතිහාසයත් අන්න ඒ වගේ..."

    සැබැවින්ම, එය අපට ජීවිතයේ පාඩම් උගන්වන, නිවැරදි මාවත පෙන්වන, සදාතනික ගුරු තරුවකි. එය කිසිවිටෙකත් නිවා දැමිය යුතු නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න