මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?
➖➖➖➖➖➖➖🔸🔶🔸➖
මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙන්න අනිවාර්‍යයෙන් ඉකෝන් ඇන්ඩ් එකවුන්ට්ස් වගේම ග්ලෝබල් ට්‍රේඩීන් ඇන්ඩ් ටැක්සේසොන් දැනගෙනත් ඉන්ටම එපාය...
එතෝට සිරිවර්ධන මහත්තයා ඔය ඔක්කෝගෙම ප්‍රවීනයෙක් වෙන්ට ඇති....
ඒත් එයාගේ කාළෙම තමා ගෝටා විදෙස් ණය ගැන්ම නැවැත්තුවේ... වාහන අපනයනය නැවැත්තුවේ... රට බංකොලොත් රාජ්‍යයක් වුනේ....
ඊට පස්සේ ගෝටා විසිවෙලා රනිල් ආවමත් සිරිවර්ධන මහත්තයාමයි වුන්නේ... හැබයි රනිල් බංකොලොත් වෙච්චි රටේ imf යෝජනා අනුව ජනප්‍රිය නොවන තීන්දූ තීරණ අරගෙන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරනවා වගේම..
2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) ගෙනත් තවදුරටත් මුදල් අච්චු ගැසීම වගේම රාජ්‍ය මූල්‍ය කළමණාකරනයේ නව නීතී රීතී රෙගුලාසි විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙනවා පමනක් නොව....
(ඔය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තිබූ උත්සවයකදි මේක විශාල ජයග්‍රහණයක් බව ඔය සිරිවර්ධන මහත්තයන පිලිගත්තා... හැබයි බුවා ඊයේ ඉමෝෂනක් වෙච්චි නිසා කතාවේ ඒ කෑල්ල කඳුළු වලින් කවර් වෙන්නැති... අපේ අය මේවට ඕසෙට රැවටෙන්නේ 😁.... අනික මේ ජනපති ඉස්සරහා ඕක කියලා ... අර කිව්වා වගේ පොරට ජම්පරේ දායි කියලා බයත් හිතෙන්නැති)
76% තිබූ උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දුන් සියලුම ඉලක්ක සපුරමින්.. ජාත්‍යන්තර බැඳුම්කර පවා ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමා කරමින්.... 5% ආර්ථික වර්ධනයක්ද සමඟ කජු හා ඇල්ගීත් කමින් ඩොලර් බිලියන 6 ක විදේශ සංච්තත් ඉතුරු කරමින් ගිනි තිබ්බ ගෙදරට යනවා....
දැන් සීයා ගිහින්.... තබුත්තේගම මහේන්ද්‍ර ප්‍රසාධිනී කයිතන් උන්නැහේ ඇවිත් මාස 6 ක්... තාමත් ඊයේ වෙනකන් සිරිවර්ධන මහත්තයා ලේකම්.... හරි විදියට ඩොලර් සංචිතේ ඩොලර් බිලියන 7.5 ක් වෙන්ට ඕන... ආර්ථික වර්ධනේ 5% ට වැඩි වෙන්ට ඕන...
හැබයි එහෙම වුනේ නෑ.....
ඉතින් වැඩ්ඩා සිරිවර්ධන මහත්තයාද?
කජු කාපු සීයද?
සත්‍යයේ සටහන
බුද්ධියේ විමසුමට....
.
'වැඩ්ඩා' කියල කෙටුවම සිංගිරිස්වලින්
ReplyDeleteආවේ 'වැද්දා' කියලයි එක නිමේෂෙකින්
ගොරකත් දඩ මස් කළ හැකි කතාවකින්
කියැවුණෙ කවුරු ගැනදැයි සිහි වෙනව ඉතිං
වැඩ්ඩා ද වැද්ද ද මන් දන්නේ නෑ අනුර සහෝදරයා අපේ රෙදි ටික ගලවලා දැම්මා කියල නම් කියන්න පුළුවන්, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු රට පුරා කතා බහට ලක්වූ එක් කාරණයක් තමයි, මහින්ද සිරිවර්ධන පිළිබඳ ඔහුගේ මතය සම්පූර්ණයෙන්ම U turn ගහලා වෙනස් වීම. මතකද පහුගිය ජනාධිපතිවරණය දවස්වල එදා වේදිකාවල ඔහු සද්දෙට යටි ගිරියෙන් කෑගසමින් මහින්ද සිරිවර්ධනලා වැනි රාජ්‍ය නිලධාරීන් රටේ ආර්ථිකය කෑ හැටි ගැන දෙසූ දේශනා? 'මේ ආර්ථික අපරාධකරුවන්' 'මේ රට විනාශ කරපු අය' කියල ඒ දවස්වල අනුර මහතා කියපු වචන අදටත් අපේ කන්වල දෝංකාර දෙනවා. ඒ කාලේ ජනතාව උසිගැන්වූවා, මේ නිලධාරීන් රටට කරපු අපරාධ ගැන කතා කරමින්. අපිත් ඔහුගේ කතා විස්වාස කරලා මහින්ද සිරිවර්ධන විවේචනය කරලා සමාජ මාධ්‍ය ජාල වල පෝස්ට් දාලා යාලුවෝ එක්ක බැනගත්තා
Deleteඒත් අද? අද ජනාධිපති පුටුවේ ඉඳගෙන අනුර කුමාර දිසානායක රෙදි ඇඳගෙන ද මන්ද කියනවා, මහින්ද සිරිවර්ධන කියන්නේ රටට නැතිවම බැරි, IMF සාකච්ඡා සාර්ථක කරපු, විශිෂ්ට සේවයක් කරපු රාජ්‍ය නිලධාරියෙක් කියලා! එදා වේදිකාවේ බැන වැදුණු භාෂාවයි අද පාවිච්චි කරන භාෂාවයි අතරේ තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනසක්.
ඇත්තටම, එදා අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනතාවට බොරු කිව්වද? එදා වේදිකාවල දෙසූ දේශන හුදු ඡන්ද ලබාගැනීමේ උපක්‍රමයක් විතරද? නැත්නම් බලයට ආවම හැම දේශපාලනඥයෙක්ම මෙහෙම 'වර්ණ මාරු කරන'වද?
මේකෙන් පැහැදිලි වෙන්නේ, දේශපාලකයෝ විපක්ෂයේ ඉන්නකොට එක කතාවක් කියනවා, බලයට ආවම තව කතාවක් කියනවා කියන එක විතරයි. ජනතාව හැමදාම රවටන්න පුළුවන් කියල හිතනවද? එදා බැන වැදුණු නිලධාරීන් අද ගුණගායනා කරද්දී, ජනතාවට ඇතිවෙන ප්‍රශ්නය මේකයි: එදා 'කටින්' කිව්ව දේවල් අද 'අධෝමුඛයෙන්' කියනවද? මේ සේරටම වඩා එදා අනුර කියපු දේවල් විස්වාස කරලා ඒ අදහස් වෙනුවෙන් පෙනීසිටි අපි අද අපේ යාලුවෝ ඉස්සර නිරුවස්තර වෙලා කුජීත වෙලා ගිහින් කියල සත පහකට ගණන් ගන්නේ නෑ, අපි කොහොමද ඊළඟ වතාවේ ඔහු කියන දේවල් විස්වාස කරන්නේ?
මම හිතන්නේ පක්ෂ බේද නැතුව මොන දේශපාලන පක්ෂයක වුණත්ඕනෑම දේශපාලන නායකයකුගේ
මේ වගකීම් විරහිත දේශපාලනය අපි ප්‍රතික්ෂේප කළ යුතුයි! දේශපාලන වේදිකාවේ කියන දේට වග කියන්න පුළුවන් නායකයෝ විතරයි අපිට ඕනේ!
මේවා මහ කුප්ප කමෙන්ට්. මේක තනිකරම ඩෝබි කෙනෙක්ගෙ වගකීම සහ වගවීම පාවා දීමක්. ඩෝබි කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනා තමන් චන්දය දීපු තමන්ගෙ සුවාමියා මොන අවලමක් කළත් කොන්දේසි විරහිතව ස්වුමියා වෙනුවෙන් පෙනී සිටින්න. සුවාමියා වෙනුවෙන් ඕනැම තනක ඕනැම කෙනෙක් එක්ක සටනට යන්න ඩෝබි කෙනෙක්ට පුලූවන් වෙන්න ඕනා...සුවාමියා කරණ දෙවල් ප්‍රශ්ණ කරණ එක ඩෝබිලගෙ හිතෙෂිවන්තබාවය පාවා දීමක්.. එහෙම ඩෝබිලට කරන්න ඕනා දේ පක්ශය දන්නවා...
Deleteසිරිවර්ධනගේ ගෑනි ගොඩ දැම්මා කියන්නේ රටේ ආර්ථිකේ
ReplyDelete"මහ බැංකුව" කියන්නේ ගොඩනැගිල්ල ලොකු නිසා මිස රටේ ආර්ථික කලමනාකරණය කරන නිසා නොවේ.
ReplyDeleteIMF සහ ලෝක බැංකුවට අනුව ලංකාවේ ආර්තිකය හසුරුවන්න මහ බැංකුවේ මිනිස්සුන්ට පඩි ගෙවන්න රුපියල් කෝටි ගානක් මහජන මුදල් වියදම් කරන්න ඕනද ?
අනෙක
ගිනි පොලී බැංකු පද්ධතියක් නඩත්තු කරන පිරමිඩ් කාරයෝ හුරතල් කරන, රටට කෙලවලා තමන්ගෙ EPF, ETF, දීමනා ඕන ඕන විදිහට වැඩි කරගත්ත .රට බංකලොත් කරපු මුන් වීරයෝ වෙන්නේ කොහොමද මාතලන්.
ලංකාවේ දුප්පත් ගෑනු ටික රටට ගේන ඩොලර් ටික සහ කොල්ලෝ ටික කොරියා වැනි රටවල් වල දුක් විදලා එවන ඩොලර් ටික ගැන ටයි කෝට් දාගෙන පම්පෝරි ගහන්න මොකටද බං මහ බැංකුවක්.
දුප්පත් උන්නටම බදු පිට බදු කෙලින, මහ උන්ට බොල් ණය බෙදන්න, බදු මගහරින්න මග පාදන මහ බැංකුවක් ලංකාවට ඕනද බං . මේක අපේ කරුමයක්නෙ
එහෙනම් උඹ ගිහින් හසුරුවපන්
Delete@ Ano 11.14 PM
Deleteඇත්තටම ලංකාවේ මහ බැංකුව කියන්නේ, රටේ ආර්ථිකය දියුණු කරන තැනක්ද, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) පදයට ඔහේ නටන, ජනතාව සූරා කන විකාර රූකඩයක් බවට පත්වෙලාද කියන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න වෙලාව ඇවිත්. රනිල් වික්‍රමසිංහට යහපාලන ආණ්ඩුව කාලේ ඩොලර බිලියන 12.5ක ISB ණය ගන්න බ්‍රෝකර් වැඩේ කරපු ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහබැංකුව විනාශ කරපු අර්ජුන මහේන්ද්‍රන්ලා වගේම අජිත් කබ්රාල් වගේ උනුත් මේකට වග කියන්න ඕන, යහපාලන ආණ්ඩුව කාලේ ඩොලර් බිලියන 12.5ක කෙටිකාලීනව ගිනිපොලියට ණයඅරගෙන ඒක ගෙවාගන්න බැරුව රට බංකොලොත් වෙලා, මිනිස්සු දුක් විඳිද්දී, මේ ආයතනය කරන්නේ මොනවද?
IMF පාලනය යටතේ පවතින රූකඩ පාලනයක් නිසා නැතිවන ස්වාධීනත්වය සමග
IMF එකෙන් ණය ගන්න ගියාම දුන්න ප්‍රධානම අණක් තමයි මහ බැංකුව අනිවා ස්වාධීන කරන්න කියන එක. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? IMF බරපතල කොන්දේසිවලට අනුව බදු වැඩි කරමින්, වියදම් අඩු කරමින්, රටේ ආර්ථිකයට ගැලපෙන නිර්මාණශීලී විසඳුම් හොයනවා වෙනුවට, යල් පැන ගිය විදේශීය "පොත්පත් දැනුමට" අනුව ආර්ථිකය හසුරුවන ආයතනයක් බවට මහ බැංකුව පත්වෙලා. මේක ස්වාධීනත්වයට වඩා, තනිකරම IMF න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන රූකඩයක්!
ජනතාව සූරාකන අධික බදු බර සමග මහ බැංකුව කියන්නේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන ප්‍රධාන ආයතනය. ඒත් ඔවුන්ගේ ප්‍රතිපත්තිවල අවසන් ප්‍රතිඵලය වෙලා තියෙන්නේ, IMF කොන්දේසි යටතේ ජනතාව මතට බදු පිට බදු පටවන එක. රටේ දුප්පත් මිනිස්සු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පීඩාවට පත් වෙලා, ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත්වෙලා. මේක ජනතාවගේ බෙල්ල මිරිකන බූවල්ලෙක් වගේ වැඩක් නෙවෙයිද? රටේ ආර්ථිකය දියුණු කරනවා වෙනුවට, වියදම් පියවා ගන්න ජනතාවගේ සාක්කුවටම අත දාන එකද මහ බැංකුවෙන් බලාපොරොත්තු වෙන්නේ?
මහබැංකුවෙ වැඩකරන උන්ගේ අහස සිඹින වැටුප් සහ වරප්‍රසාද: 2023දී විතර
රටේ මිනිස්සු කන්න නැතුව, පෝලිම්වල දුක් විඳිද්දී, රැකියා අහිමි වෙද්දී, මහ බැංකුවේ "ලොක්කන්ට" අහස සිඹින අති විශාල වැටුප් සහ දීමනා වැඩිකරගත්තා ලැජ්ජ නැතුව. දැනුත් දිගින් දිගටම මේ ආණ්ඩුව සමගත් ඩීල්දාලා ආයේ වැඩිකරගෙන
මේක සාධාරණද? රට බංකොලොත් කරන්න වගකිව යුතු ආයතනයක ප්‍රධානීන්, රටේ ජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින එකට කාටද අනුමත කරන්න පුළුවන්? මේක ලැජ්ජා නැති, බයක් නැති ක්‍රියාවක්! තමන්ට අවශ්‍ය පරිදි EPF/ETF මුදල් පවා භාවිතා කරමින්, රටේ අනාගතය අවදානමට ලක් කරද්දී, ඔවුන් වීරයන් වෙන්නේ කොහොමද?
නිර්මාණශීලීත්වයක් නැති, පරණ ක්‍රමවේද වෙනුවට
මහ බැංකුවෙන් රටට අවශ්‍ය වෙන්නේ, පවතින අර්බුදයෙන් ගොඩ එන්න නව්‍ය, නිර්මාණශීලී ආර්ථික උපාය මාර්ග. විදේශ විනිමය ගෙන එන අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ දහඩිය මහන්සියෙන් ලැබෙන ඩොලර් ටික ගැන පම්පෝරි ගහනවා වෙනුවට, රට තුළ ආයෝජන දිරිමත් කරන්න, කර්මාන්ත දියුණු කරන්න, රැකියා උත්පාදනය කරන්න ඔවුන්ට වැඩපිළිවෙළක් නැද්ද? පිරමිඩ් ක්‍රම වගේ වංචනික ක්‍රියා නවත්වන්නවත්, බැංකු පද්ධතියේ දුර්වලතා හදන්නවත්, ධනවතුන් බදු ගෙවීමෙන් මගහැරීම වළක්වන්නවත් ශක්තිමත් යාන්ත්‍රණයක් මේ ආයතනයට නැද්ද?
නිගමනය:
ශ්‍රී ලංකා මහ බැංකුව යනු රටේ ආර්ථිකයේ හදවතයි. ඒ හදවත නතර වෙලා වගේ දැනෙද්දී, ජනතාවට බරක් වෙලා වගේ දැනෙද්දී, එහි ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්න කිරීම සාධාරණයි. මේ තත්ත්වය වෙනස් නොවුණොත්, අපිට "කරුමය" කිය කියා ඉන්න තමයි වෙන්නේ. මහ බැංකුව නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් නොවී, රටේ ආර්ථිකය සැබවින්ම කළමනාකරණය කරන, ජනතාවට සෙත සලසන ආයතනයක් බවට පත් කරන්නට නම් අපිට මහබැංකුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර අරගල කරන්න සිදුවෙයි මෙහෙම යනකොට
ඇත්තටම මාතලන් පොදුවේ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීමයි.මහජනයා පත් කරන නියෝජිතයා ඔවුන් නියෝජනය කරන ආයතනය තුළ අදාල ඔෆිස් බෙයාරර්ස්ලා තෝරාගන්නට ඡන්දය පාවිච්චි කිරීමයි පැහැදිලිවම දෙකක්,
ReplyDeleteජනතාව රහස් ඡන්දයක් දුන්නාට ඒ
තමන් ඡන්දය පාවිච්චි කරලා පත් කරලා යවපු නියෝජිතයා ඒ ජනතාව ප්‍රකාශ කරපු අරමුණ වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න ජනතාව දැනගත යුතුයි.
පාර්ලිමේන්තුවේ සමහර වැදගත් ප්‍රරශ්නවලදී පක්ෂ අනුව නෙමෙයි නමින් ඡන්ද ඉල්ලනවා.ඒ මහජනයාට තියෙන අයිතිය තහවුරු කරන්න,තමන් ඡන්දය දුන් නියෝජිතයා හැසිරෙන ආකාරය මහජනයාට බලාගන්න. මේ රහස් ඡන්ද ක්‍රමය තමන්ට අවශ්‍ය වෙලාවට හොඳයි වගේ පෙනුනාට තව ටික දවසකින් ඒකේ වැරදි ප්‍රතිඵල එනකොට ඒකටත් එක්ක සූදානම්ව සිටින ලෙස අප වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවට විශේෂයෙන්ම මතක් කරන්න ඕන, කන්න හිතුනාම කබරයා තලගොයා වුණාට කබරමස් වල විස එනකොට කුම්බලා මාලු කාපු බළලාට වෙච්ච දේ පිළිබඳව සිහියේ තබාගන්න.
ඔව් මාතලන්. ඒක කියන්නේ අපි විතරක් නෙමෙයි. ඉන්දියානු භූදේශපාලන කටයුතු පිළිබඳව විශේෂඥයකු වූ මහාචාර්ය එස්.ඩී මූනි කිව්වා America drove AKDs rise to power කියලා.
ReplyDeletehttps://slguardian.org/exclusive-us-drove-anura-dissanayakes-rise-to-power-s-d-muni/?fbclid=IwQ0xDSwKx8VtleHRuA2FlbQIxMQABHtrKwacjjA_TGl1-rXGa_cTTscyO--GJgYYO2ILtZ_iz1IrHhDlMMm0c_0JA_aem_b1zj_T0OroVF4GzSLpAhbw
දැන් ඒ අය අනුරට කැමති නැතුව නෙමෙයි. අනුරගෙන් ගන්න තියෙන වැඩ කොටස බොහෝ දුරකට අරගෙන ඉවරයි සහ තවදුරටත් ගනිමින් ඉන්නවා තමයි. නමුත් අනුරගෙන් පස්සේ ඒ න්‍යාය පත්‍රය අරගෙන ඉස්සරහට යන්නේ කවුද? බටහිර රටවල් අපි හිතනවාට වඩා අනාගතය ගැන කල්පනා කරන්නේ. ඔවුන් දන්නවා අනුරට නැවත අවුරුදු 5ක් බලය ගන්න බැරි බව. ඒ නිසා විකල්ප දෙකක් තියෙනවා. පළවෙනි විකල්පය: හමුදා කුමන්ත්‍රණයකින් ලංකාවේ බලය ගැනීම. ඒක අමාරුයි නමුත් ගන්න පුලුවන් නම් සදහටම ඔවුන්ට මේක වහල් රටක් වශයෙන් පවත්වාගන්න පුලුවන්. ඒ නිසා කරන්න පුලුවන්ද කියලා මුට්ටිය දාලා බලනවා සමාජ මාධ්‍ය හරහා. ජන මනස එතනට ගේන්න පුලුවන් වුනොත් ඒ විදිහෙන් කරනවා නැත්නම් දෙවනි විකල්පය: රාජ්‍ය ආරක්ෂාව තර්ජනයට ලක් කොට ඔවුන්ගේ ඊළඟ ඉත්තා වන නාමල් රාජපක්ෂ වගේ කෙනෙක් බලයට ගෙන ඒම. එතනටත් මිනිස්සු එකතු නොවුනොත් 2028 වෙනකොට කොහොමත් ආයෙත් ණය ගෙවන්න වෙන නිසා වැටෙන ආර්ථිකය මාකට් කරලා තුන්වෙනි විකල්පය නැවත රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම. නමුත් රනිල්ට සිංහල බෞද්ධ ප්‍රසාදය අඩුයි. රාජපක්ෂලාට තරම් නෑ. සිංහල බෞද්ධ නායකයෙක් කියලා රනිල්ව පින්තාරු කරන්න තමයි අල්ජසිරා නාට්‍යය කතා කරගෙන රඟපෑවේ රනිල්. එතනදි කාදිනල් ඇතුළු කතෝලික සභාවට බැන්නේ ඇයි? හිතන්න! සජිත් කියන්නෙත් රනිල්ම තමයි. දිලිත් කියන්නේ නාමල්ගේ ගිලිහෙන ඡන්ද රැකගන්න අටවපු කෙමනක්. සර්වජන බලයේ නියෝජ්‍ය ලේකම් පවා රාජපක්ෂ ඥාතියෙක්. පක්ෂ වෙබ් අඩවියේ ඔහු ඉන්නවා. මේ පක්ෂ දේශපාලනය තුල හොඳයි කියලා කෙනෙක් නෑ. අපි ස්වදේශීය පාලන ක්‍රමයකට යා යුතුයි. එකම විසඳුම එයයි. නමුත් එතනට යන්න ඕනේ මහජනතාවගේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව මිසක් අරගල හෝ හමුදා කුමණ්ත්‍රන තුලින් නෙමෙයි.
Sathisha ta kiyala mage payiyata chu karaganna asayi
ReplyDelete