.

.

Jul 17, 2025

වෙඩි වැදුන ගේට්ටුව කරාපිටිය රෝහලට

 


වෙඩි වැදුන ගේට්ටුව

කරාපිටිය රෝහලට

➖➖➖💀💀💀➖


ප්‍රදේශයේ ජනප්‍රියම නීතිඥවරයා වූ ප්‍රකාශ් මහතාගේ කළු යකඩ ගේට්ටුව ඊට සුපුරුදු ස්ථානයේ ස්ථිරව හා ආඩම්බරයෙන් සිටගෙන සිටි තවත් බරපතල සඳුදා පාන්දර ජාමයකි..... ඇත්ත වශයෙන්ම රාත්‍රී කරෝකේ සමාජ ශාලාවල කළු පැහැති ඇඳුමෙන් සැරසි මස් පිඬු ප්‍රදර්ශනය කරමින් සිටිනා බවුන්සර් කෙනෙකු මෙන්... කළු ගේට්ටුව නිතීඥවරයාගේ මන්දිරයට ඇතුළු වන දොරටුව ආරක්ෂා කළේය.


මෙය සාමාන්‍ය ගේට්ටුවක් නොවේ. එහි දැඩි, සෘජු ඉරියව්ව සහ උසාවි නියෝග යටතේ පමණක් එය හඬ නඟන ආකාරය නිසා එය අසල්වැසියන් හැඳින්වූයේ බිල් ගේට් ලෙසය.


එහෙත් එදින උදෑසනන ප්‍රදේශයේ විදුලිය විසන්දි වූ අතර.... පලාතම බියගන්වමින් බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල විය......


බිල් ගේට් ආරක්ෂා කිරීම සඳහා යොදා සිටී ආරක්ෂකයින් දෙදෙනාම උඩ ගොස් ඇහැරිනි.... ඔවුන්ගේ ආයුධ අතට ගත් ඔවුන්ද කළේ බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල කිරීමය...


නීතීඥ මහතා මන්දිරයෙන් එලියට පැමිණි අතර, බිල් ගේට් ඉතා අසරණ තත්වයක සිටිනු දුටුවේය, ඔහුගේ අවසන් හුස්ම හෙළන්නාක් මෙන් නාටකාකාර ලෙස වැටී සිටි බිල් ගේට් සරනේරුවකින් අමාරුවෙන් එල්ලී සිටියේය.... 


ඔහුව වහාම කරාපිටිය රොහලේ හදිසි අනතුරු වාට්ටුව වෙත ගෙන යන ලදී, සයිරන් හඬ නඟමින් පැමිනි ගිලන් රථයේ උන් බිල් ගේට් වහාම වාට්ටුවට ඇතුලත් කරන ලදි.


වෛද්‍යවරු එය සෘජුවම බිල් ගේට් වෙත එල්ල කරන ලද බියගුලු ප්‍රහාරයක් බව ප්‍රාදේශීය වාර්ථාකරුවන්ට ප්‍රකාෂ කළ අතර.... හදිසි වෙල්ඩින් කටයුතු මේ වන විටත් කෙරෙමින් යන බව පැවසීය.


මේ අතර, රෝහලට පැමණි ජනප්‍රිය නීතීඥ මහතා මාධ්‍යවේදීන් අමතමින්...., මෙය ඉතා නින්දිත ප්‍රහාරයක් බවත්... ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත්....  ඒ ගේට්ටුවයි අපියි එක පවුලක් වගේ..... වැනි නීතිමය වාග් මාලාවක් කියමින් කෑ ගැසූ අතර, ගේට්ටුවකට වෙඩි තැබීම අපරාධ විදි විධාන සංග්‍රහය අනුව මරණ දඬුවම හිමි වරදක් බවත් කියා සිටියේය.


පොලිසිය පැමිණ තැපැල් පෙට්ටිය සහ ජල මීටරය වැනි අනෙකුත් අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත් නමුත් කිසිවෙකු කතා කළේ නැත. ඔවුන්ගේ මානසික තත්වය බොහෝ ව්‍යාකූල තත්වයක ඇති බව පොලීසියටද අවබෝධ විය.


බිල් ගේට් සම්පූර්ණයෙන්ම සුවය ලැබීය. නමුත් එදින සිට ඔහු වෙඩි නොවදින තීන්ත කබායක් පැළඳීමට අවශ්‍ය බව කියා සිටී අතර අමුත්තන් වෙනුවෙන් දොර සීනුවක් සවිකර තිබුනේ වී නම් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල නොකරන බවත් පවසා සිටියේය. 


බිල් ගේට් වෙත එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අසල්වැසියන් තවමත් කතා කරනාතර... කෑලි කපන කළුවරේ ප්‍රහාරය එල්ල කළේ අසවල් පිරිස යැයි නිවැරදිවම කී හෙයින්... තම තමන්ගේ නිවෙස් වල සවිකර තිබූ ගේට්ටු ගලවා විසිකර දැමූ අතර... නීතීඥ මහතාගේ ගේට්ටුව සැදූ වැල්ඩින්කරු ප්‍රදේශයේ කොටිපතියකු වෙමින් සිටී.


මේ අතර ඔහු ඉදිරි පලාත් පාලන චන්දයට ඉදිරිපත් වීමේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු මේ වන විටත් ආරම්බ කර ඇත.


#මාතලන් 

.

No comments:

Post a Comment

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න