.

.

Apr 28, 2022

බොරු කාරයන්ට වැඩ බැරිය. වැඩ කාරයන්ට බොරු බැරිය.


 

බොරු කාරයන්ට වැඩ බැරිය

වැඩ කාරයන්ට බොරු බැරිය

.

රට ආර්ථික වශයෙන් බින්දුවටම ඇද දැමුවේ ගොම්මන්පිල නම් නොම්මර එකේ අපතයා ඇමතිකමේ සිට කෙලී පිස්සු නිසාය.

ඉන්ධන හිඟයක් මවා පෝලිම් ඇතිකර රටේ ඉන්ධන අර්බුධයක් හා විදුලි අර්බුධයක් එකවර ඇති කලේ හූනියන් කාරයෝ හා එක් වූ මේ ගල් මූසලයාය. මිනිස්සු බියකර පෝලිම් නිර්මාණය කලේ ඔහුය. 

එහි වැරැද්ද උන්ගේ නොව ඝෝඨාගේමය.ඒ මේ වගේ වැඩ බැරි ටාසන්ලාට කැබිනට් ඇමතිකම් දීපු එකය.

හැබයි ඌ ගැලවිජ්ජාවට කිව්වේ අර්බුධයට හේතුව ඩොලර් නැති කමෙයි කියලාය. පුලුවන් නම් එන එකාට කරලා පෙන්නන්නෙයි කියලාය.

එයාට සුදු හුණු ගාන්න අමාත්‍යශයේ ලේකමිත් ඉදිරිපත් වුනේය.

අරූ කිව්වා වාගේම ඊළඟට ආ ගොබ්බයා ඇදගෙනම නෑවේය. ඒ මෙලෝ රහක් නැති සීනියෝ රොටි පුච්චන්න ගිහිල්ලාය. ඌත් මෙලෝ රහක් නැති කටින් බතල හිටවපු එකෙක්‍ය. කියන තරමක් කිව්වේ අමු කෙප්පය. අර්බුධය උග්‍ර වී උගේ නොව ඔක්කෝගෙම ඇමතිකම් වලටත් කෙලෙව්වේය.

රනිල්ද කිව්වේ නැව් 5 ක්කත් එක දිගට එන්නේ නැතිව තෙල් පෝලීම් නැවැත්තිලි බොරුය කියලාය.

දැණුත් ඩොලර් ප්‍රශ්ණය එසේමය.

විදෙස් සංචිත ප්‍රශ්ණටත් එසේමය..

තියෙන්නේ ඒ බවුසර් ප්‍රමාණයමය..

සේවක පිරිසත් ඔවුන්මය...

සිස්ටම් චේන්ජ් වූයේත් නැතිය..

නැව් වැඩියෙන් ආවේත් නැතිය...

වෙනස් වූයේ ඇමතියා ඉතරය....

එහෙත් දැන් තෙල් පෝලිම් ඇත්තේ නැතිය,

කෑන් බැරල් පෝලිම් ඇත්තේ නැතිය..

වරු ගනන් විදුලිය කැපෙන්නේ නැතිය..

එසේ නම් මේ පෙන්වන්නේ කුමක්ද?

අරුන් නොම්මර එකේ 1/4 කන්නින් බවත්, වැඩ බැරි ටාසන්ලා බවත් නොවේද?

මේ රටේ වැරැද්ද ඇත්තේ සිස්ටම්වල නොව කකළමණාකරනයේ බව මා නිතරම කියනා දෙයකි. 

ඒ බව රණසිංහ ප්‍රේමදාසද ඔප්පු කර පෙන්වූයේ ඔහුගේ ඇඟළුම් කර්මාන්ත රට පුරා ඉඳිකිරිමේ විප්ලවයෙනි. අදටත් මාස ගනනක් ගතවන අනුමැති ඔහු ලබා දුන්නේ සති දෙකකිනි. 

කංචන විජේසේකර කියන්නෙත් එහෙම බුලට් බඩුවක්මය.

ඉතිරි අර්බුධයන්ද නිම කිරීමට ඔහුට සියල්ලන්ගේ ආශීර්වාදය ලැබිය යුතුමය....




14 comments:

  1. කතාව 100% ඇත්ත බන් මාතේ මම ආණ්ඩුවට විරුද්ධව චන්දෙ දීපු එකෙක්, නමුත් කාංචනයා වැඩේ මරුවට කරනවා, සමගි ජන බලවේගයේත් පසුපෙල මන්ත්‍රීවරුන්ට තනතුරු දීල බලන්න ඕනේ, ඇත්තටම වැඩකරුවන් හොයාගන්න ඕනේ එහෙමයි, පොහොට්ටුවේ උද්ධිකයටත් මොකක් හරි තනතුරක් දීල බලන්න ඕනේ මිනිහටත් උවමනාව තියෙන බව පේනවා නේද?

    ReplyDelete
  2. ලෙසටම ඇත්තය
    තිත්තත් ඇත්තය
    තේරුම් ගන්නට
    කල් ගිය පාටය

    ReplyDelete
    Replies
    1. නිදී ලංකාවේ දේශපාලනයට ආවේ නැති දක්ෂ වැදගත් බුද්ධිමත් අය ගොඩක් සමාන්‍ය මැනේන්ජ්මන්ට් තනතුරු නැත්නම් ඔසී නිව්සීලන්ඩ් වලට මෛග්‍රේට් වෙලා සමහරු මැදපෙරදිග කලාපයේ රටවල උසස් රැකියා කරනවා ඒ කට්ටිය ලන්කාවට ගෙනත් මේ වගේ තනතුරු දෙන එක ගැන මොකද හිතන්නේ?

      කොටින්ම ආචාර්ය නන්දලාලුත් ලංකාව දාල ගිහින් ඔසී වල ඉඳලා බැරිම තැන ලංකාවට ආපු කෙනෙක්නේ? නිදීලගේ ගම වන මාතර පැත්තේ කෙනෙක්, කොළඹ ඉගෙන ගෙන මැතමැටික්ස් ඩිග්‍රී එකක් කරල එකොනොමික්ස් පැත්තෙන් ආචාර්ය උපාධිය දක්වා ගිය දක්ෂයෙක්, ඔබලාගේත් දස්කම් වලින් රට හරියට වැඩ අරන් නෑ, අපිත් ලංකාවට ඇවිත් වැඩ කරන්න කැමතියි අපේ ශ්‍රමයට සරිලන ප්‍රතිලාභ, සාධාරන නීතියක් සහ පොදු පහසුකම් හොඳ තත්වයේ තියේන අධ්‍යාපනය සෞඛ්‍ය පහසුකම් හොඳට තියෙනවා නම්, එහෙම නේද?

      Delete
  3. අරක්කු බීලා කොත්තු ප්‍රයිඩ් රයිස් කාලා සීනී නැග්ගම තේරෙයි. පෙරසම පැලිලා තුවාල උනාම මුත්‍රා කරන්නත් අපහසුයි.

    බත්, පාන් වැනි පිෂ්ඨය අධික ලෙස අඩංගු අහාර වලින් වැළකෙමු.

    ReplyDelete
  4. අගමැති මහින්දගේ කාලය ඉවරයි මාතලන්, විශ්වාසභංග යෝජනාවක් මගින් ඉවත් කිරීමට පෙර ඔහු සමුගෙන අලුත් කාර්යශූර කෙනෙක් පත් කළ යුතුයි, ඩලස්ට කතා කරල කට්ටිය ශේප් කරගන්න පුළුවන්, අනික හොරෙක් නෙවෙයි. නමුත් ඔහුගේ පෆෝමන්ස් ගැන අපට සැකයි, ජනාධිපතිවරයාද නව අගමැතිවරයකු පත් කිරීම සඳහා සූදානම්, පත්වන අගමැති කවුරු වුනත් තියෙන ප්‍රධාන වගකීම් තමයි;

    1. IMF සමඟ සාකච්චා කර අපට සාධාරණ කොන්දේසි ලබා ගැනීම

    2. ජාත්‍යන්තරය සමඟ සාකච්චාකර දිගු සහන කාල සහිතව අඩු පොලි ණය ලබා ගැනීම

    3. සංචාරක ව්‍යාපාරය ඉහල නැග්වීමට බටහිර සමඟ කටයුතු කිරීම (චීනය රුසියාව ආදී රටවල ප්‍රශ්න තිබෙන බැවින් බටහිර සංචාරකයින් පැමිණීම වැදගත් වේ.

    5. ඉන්දියව හා කලාපයේ රටවල් සමඟ සම්බන්ධතා කළමනාකරණ කිරීම

    4. බටහිර/ චීනය/ රුසියාව සමඟ නව වෙළඳ ගනුදෙනු ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොල නිර්මානය කිරීම

    5. සියලු ජාතින් අතර සහජීවනය සහ එකමුතු බව රැකගන ශ්‍රී ලාංකික ජාතියක් ඇතිකිරීම

    6. වසරක් ඇතුලත නැවත ඩොලරයේ අගය රුපියල් 320 – 330 සීමාවට රැගෙන එම.

    7. බොරු බිල්ලන් මවා නැති කරගත් IMF ආධාර ගිවිසුම වඩාත් විනිවිධ භාවයන් ක්‍රියාත්මක කිරීම සහ රටේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක් ඇති කිරීම (Free market economy)

    8. නව දේශපාලන සංස්කෘතියක් රට තුල ඇති කිරීම (ගරු, අතිගරු, දේශපාලන නම් පොදු ස්ථාන පාලකයිනේගේ නම් දැමීම නැවැත්වීමෙන් පසුව දේශපාලකයින් සහ දේශපාලන පක්ෂ විගනකාධිපතිගේ විගණනයට ලක් කිරීම)

    ReplyDelete
  5. LOL Bro. ගොන් ටොක්ස් දෙන්න එපා. රුපියල් 138ට තිබ්බ petrol ලීටරේ 338 කළාම ඉල්ලුම අඩුවෙනවා තමයි. කාටද එහෙම තෙල් ගහන්න පුළුවන්? දැන් තියන තෙල් බාල තත්වයේ නිසා තවත් වියදම වැඩියි. ඒ නිසා බහුතරයක් එක්කො ගෙදර, නැත්තම් කරන්න දෙයක් නැත්තම් බස් එකේ. වැඩට යනවයි, ගෙදරට ඕන බඩු ගන්න යනවයි ඇරෙන්න වෙන කොහෙවත් යන්න සල්ලිත් නෑ. කාංචනගේ පුකේ management තමයි. තව සති දෙකෙන් Indian credit line එකත් ඉවර උනාම ඔය ටිකත් නෑ.

    ReplyDelete
  6. මේ කෙටි වීඩියෝ එකේ කියන දේ වල් වල ඇත්තක් තියෙනවා නේද?

    https://m.facebook.com/A5News.lk/videos/375118267569206/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&refsrc=deprecated&ref=sharing&_rdr

    ReplyDelete
  7. මාතා ලංකාවේ තෙල් මිල පහුගිය මාස කීපයේම පෙට්‍රල් රු. 254 සහ Octane 95 නම් 289 ත් ඩීසල් (45 Cetane) රු. 176 තියෙද්දීත් විශාල් ඉන්ධන හිඟයක් තිබුණා, නමුත් දැන් දැන් තෙල් බෙදා හැරීම ක්‍රමයෙන් කාර්යක්ෂම වෙලා තියෙනවා. ඉන්පසුව 254 තෙල් Rs. 338 දක්වා සියයට 30% කින් පමණ වැසි වුණා, ඩීසල් නම් Rs. 289 දක්වා 50% කට වැඩිය වැඩි වුණා.

    ලංකාවේ ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයය්ක්, නමුත් එක්සත් ජනපදය වගේ පුද්ගලික වාහන විශාල වශයෙන් පාවිච්චි කරන රටවල තෙල් මිල 100% වැඩි වුණාම පරිභෝජනය 10% ක් දක්වා අඩු කරන්න පුළුවන් නමුත් යුරෝපය වැනි පොදු ප්‍රවාහන සේවා වැඩි රටවල මෙය 5% ක් පමණයි.

    ලංකාවත් විශාල රාජ්‍ය අංශයක් සහිත රටක් නිසා කොතරම් මිල ඉහළ දැම්මත් පරිභෝජනය අඩු වෙන්නේ යන්තමින් (Max 2%-3% Almost negligible) , 2021 වසරේ තෙල් ගේන්න ඩොලර් බිලියන 4.5 ක් ගියා නම් මේ වසරේ ඒක අදික තෙල් මිල නිසා බිලියන 6 ක් දක්වා ඉහල යන්න පුලුවන්, මුලින්ම තියෙන ප්‍රශ්නය තමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිනිසුන්ට ලබා දෙන්නේ සහන මිලකට. අපි අපේ අසල්වාසීන් වෙන රටවල් (ඉන්දියාව, බංගලාදේශය,පකිස්ථානය හා නේපාලය) එක්ක තෙල් මිල ගණන් සන්සන්ධනය කරලා බැලුවම, අපිට පෙන්නේ මේ කලාපයේ අඩුම තෙල් මිලක් නියම කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙහෙම වෙන්න හේතුව තමයි මේ තෙල් මිල ලෝක වෙළදපොලේ තියෙන තෙල් මිල හා යාවෙන්නේ නැති එකයි. ඉතින් මෙහෙම ගෙන්නන මිලට වඩා අඩු මිලකට තෙල් විකුණනකොට පාඩු ලබන එක අහන්න දෙයක් ද? ලංකාවේ තෙල් මිල නියම කිරීමේ සුත්‍රයට අනුව අපි පෙට්‍රල් ලිටරයකින් රු.18.37 පාඩු ලබනවා වගේම ඩීසල් ලීටරයකින් රු.46.80 පාඩු ලබනවා. මේක සුළු පාඩුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි තෙල් ගෙන්නනේ මෙට්‍රික් ටොන් වලින්. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර පාඩුවක්ද කියලා. ඉතින් මෙහෙම සහන මිලකට තෙල් ලබා දුන්නේ අද ඊයෙක නෙමෙයි. මේක දැන් අවුරදු ගානක ඉදන් වෙනවා. එතකොට මේ ඇතිවෙන පාඩු හැම එකක්ම දරාගන්න වෙන්නේ රජයට. 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දරන පාඩුව රු.බිලි. 61.9 ක්. හැබැයි 2021ට ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) එක ලබපු ලාභය රු.මිලි. 988. එතකොට මේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩු හැම එකක්ම දරන්න වෙන්නේ රජයේ බැංකු වලට. මුදල් අමාත්‍යංශයට අනුව 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව ගෙවිය යුතු ණය ප්‍රාමණය රු.බිලි 707 ක්.

    ලංකාවේ ගොඩ දෙනක් මේ තෙල් මිල ඉහල යන එකට විරුද්දයි. ලෝක බැංකුවෙන් දක්වලා තියෙන විදියට ලංකාවේ දිළිඳු නොවන ජනතාව තමයි ඉන්ධන සහ විදුලිය විශාලම ලෙස පාරිභෝජනය කරන්නේ. ලංකාවේ සමාජයේ ඉහළ ස්ථරයේ 30%ක් තමයි ඉන්ධනවලින් 70% ක්ම පරිභෝජනය කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඇයි ලංකාවේ රජය ණය වෙලා සල්ලි තියෙන මිනිස්සුන්ටම සහන ලබදෙන්නේ? ඇත්තටම බලාගෙන යද්දී තෙල් වල සහනදායි මිලෙන් වාසි වැඩිහරියක් ලබලා තියෙන්නේ ලංකාවේ සල්ලි තියෙන මිනිස්සු.

    හැබැයි තවත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තෙල් මිල ඉහළ යන එක පොදු ප්‍රවාහන අංශයට (දුම්රිය ගාස්තු, බස් ගාස්තු), වතුර බිල් වලට වගේම light බිල් එකටත් බලපානවා කියලා. ඔව් ඒක ඇත්ත. අපි කියන්නේ ඒ ආර්ථිකමය වශයෙන් පහත් ස්ථරයේ ඉන්න ජනතාවට cash transfer system එකකට මුදල් ලබා දෙන්න. එතකොට මේකෙන් වෙන්න ඇති නැති හැමෝටම සහනාදාර දෙනවට වඩා නැති කොටසට අවධානය යොමු කරලා ඔවුන්ට සහනාධාර දෙන එකයි.

    ලංකාවේ මේ දේවල් කරන්න ලේසි නැහැ. හැබැයි අපි මේ ඉන්න තත්ත්වය උඩ මේක තමයි අපිට වැඩි ප්‍රශ්න ඇති නොවී කරන්න පුලුවන් ලේසිම දේ. අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් දීර්ග කාලීන වෙනස්කම් කරන්නම වෙනවා. තමන්ගේ පුද්ගලික වාසිය නොතකා රටක් විදියට අපි ප්‍රශ්නයට විසදුම් හොයන්න ඕනේ . මොකද මේ ප්‍රශ්න වලට තවකලික විසදුම් වැඩක් වෙන්නේ නැහැ. මේච්චර කල් කලේම මේ ප්‍රශ්න වලින් ලිස්සලා යෑම විතරයි. එකේ ප්‍රතිපල අපි දැන් අත්විදිනවා. මේ නිසා මේ තෙල් ප්‍රශ්නෙත් විසදගන්න නම් සදහන් කරපු විසදුම් වලට අකමැත්තෙන් හරි යන්නම වෙනවා.

    ReplyDelete
  8. මේ වන විට දකුණු ආසියාවේ වැඩිම පෙට්‍රල් මිල ඉන්දියාවේ, මුම්බායි වල පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රු. 120.51 ක්, අඩුම රු. 105.41 සිට 120.51 දක්වා යනවා, ගොඩක් ප්‍රධාන ස්ටේට්ස් වල 115 - 120 වගේ තමයි තියෙන්නේ, නමුත් අපි ඔය සියලුම ස්ටේට්ස් වල සාමාන්‍යය ගත්තාම ඉන්දීය රුපියල් 113.19 යනු ලංකා රුපියල් වලින් 500 කි. ඒ නිසා ඉන් දියාවේ පෙට්‍රල් මිල 500.00 එල්.එක.ආර්. ඉන්දීය රු. එකක් නිල වශයෙන් ගත්තාම දැන් ලංකාවේ රු. 4.48 ක් වෙනවා, එහෙම ගත්තාම, අපේ පෙට්‍රල් මිල තවමත් ඉන් දියාවෙ මිලට වඩා තවමත් රු 162 ක් අඩුයි. මුම්බායි වල නම් රු. 538 ක් විතර, ලංකාවට වඩා රු. 200 ක් විතර වැඩියි.

    මේ වන විට ඉන්දියාව තුළ පෙට්රල් ලීටරයක මිල ඇවරේජ් එක ඉන්දියානු රුපියල් 113.19ක් වන බව සඳහන් වන අතර නේපාලය තුළ නේපාල රුපියල් 158.76ක්ද, පාකිස්තානය තුළ පාකිස්තානු රුපියල් 152.06ක්ද, බංග්ලාදේශය තුළ බංග්ලාදේශ මුදල් ඒකකය වන බංග්ලාදේශ ටාකා 87.49ක් වන බව සඳහන් වේ. මෙසේ දකුණු ආසියාවේ අනික් හැම රටකම තෙල් මිල ඉහල අගයක පවතින මොහොතක මේ වන විට ලංකාව තුළ පෙට්රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් පමණයි.

    ඒ නිසා දැන් ඉන්දියාවේ මිනිස්සු පෙට්‍රල් ලීටරයක් ගහන්නෙ ඩොලර් 1.49 ට​. නමුත් ලංකාවේ මිනිස්සු තවමත් ගහන්නෙ ඩොලර් 1 ට​ අඩුවෙන්. (LKR 360 = 1 US$) ඒ නිසා මේ අර්බුධය නවතින්න නම් තවත් රු100 ක් වත් අවම වශයෙන් වැඩි කරන්න සිදුවේනවා මයි.

    ඒනිසා ඉන්දියාව කල් තියාම මිල ඉහලින් පවත්වාගෙන ඇවිත් රජයේ බදු ආදායම් අඩු නොවී තියා ගත් නිසා තමයි ඔවුන් ගේ ආර්ථිකය කෝවිඩ් හමුවේ නොවැටුනේ. ලංකාවේ ගෙම්බන්පිලයලාගේ මෝඩ ආණ්ඩුවේ ගොන් කබ්බලා විපක්‍ෂය හා උන් ගේ උද්ගොශන වලට බයේ පෙට්‍රල් අඩු වට දෙන්න ගිහින් කෙළව ගත්තා.

    මේ වන විට දැන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ නිල අගය මේ වන විට රුපියල් 358.99ක් වුණත් බ්ලැක් මාකට් එකේ රුපි. පන්සීයක් විතර වෙනවා, එහෙම බැලුවොත් ලංකාවේ තෙල් වලින් අම්බානක් පාඩුයි නේද? වෙළඳපොළ යාන්ත්‍රණය තුළ අපූරුවට ස්වයංක්‍රීයවම සිදුවන දෙයක් වඩා හොඳින් කරන්න පුළුවන්යැයි සිතමින් රජයයන් විසින් අතට ගත් විට ඔය වගේ ගැටළු පැන නගිනවා. කොහොම වුනත් ඔය විනිවිදභාවයකින් යුතුව මිල තීරණය කරන වැඩේ කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි. මම කරනවානම් කරන්නේ මේ විදිහටයි.

    1. විචල්‍ය පිරිවැය- ලෝක තෙල් මිල හා ඩොලරයේ අගය වැනි කරුණු මත රේඛීයව වෙනස් වන ශ්‍රිතයක්.

    2. ස්ථිර පිරිවැය- ඇස්තමේන්තුගත ඉල්ලුම වැඩි වෙද්දී ක්‍රමයෙන් අඩුවන ශ්‍රිතයක්.

    3. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ- දැනට තෙල් සංස්ථාව සතු වත්කම් සියල්ලේ වටිනාකම, වත්කම් ක්ෂය වන වේගය ආදිය මත තීරණය වන පොලී අනුපාතික මත වෙනස් වන ශ්‍රිතයක්.

    මෙය කරද්දී බදු ඉහළ දැමීම වෙනුවට තෙල් සංස්ථාවේ ලාභ ඉහළ දැමීමෙන් රජයේ ආදායම් වැඩි කරගැනීම ඉලක්කය කර ගත යුතුයි. ඒ වගේම, ඩීසල් මිල සුබසාධනය කරනවානම් අවශ්‍ය මුදල අයවැයෙන් රජය විසින් තෙල් සංස්ථාවට ලබා දිය යුතුයි. (ලාබ වලින් මේ මුදලත් ආවරණය විය යුතුයි.)

    OPEC (ඔපෙක්) රටවල් විසින් 1973 දී ඇමරිකාවට සම්බාධක පැනවීමෙන් පසුව ඇමරිකාවේ තෙල් හිඟයක් ඇති වුනා. අනාගතයේදී ඇති විය හැකි මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හා ස්වභාවික ව්‍යසනයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් රජය විසින් හදිසි ආපදා තෙල් සංචිත පවත්වා ගැනීම 1975දී නීතිගත කෙරුණා. ඒ අනුව, ඇමරිකන් රජය සතුව හදිසියකදී ප්‍රයෝජනයට ගත හැකි බොර තෙල් සංචිත හා පිරිපහදු කළ සංචිත යම් ප්‍රමාණයක් තිබෙනවා. ටෙක්සාස් හා ලුවිසියානා ප්‍රාන්ත වල තිබෙන මේ සංචිත සාමාන්‍ය මට්ටමෙන් පරිභෝජනය කළොත් අවම වශයෙන් මාසයකට ප්‍රමාණවත්. නමුත්, හදිසි අවස්ථාවකදී මේ සංචිත නිදහස් කරන්නේ පාලනයක් සහිතව නිසා අවම වශයෙන් මාස තුනකට පමණවත් ප්‍රමාණවත්. මැතකදී රජයේ අයවැය හිඟය පියවා ගැනීමට මේ තෙල් සංචිත වලින් කොටසක් වෙන්දේසි කළා.

    වැඩි විස්තර (රජයේ නිල තොරතුරු):
    https://www.energy.gov/fe/services/petroleum-reserves

    ReplyDelete
  9. අද වාද්දුවේ සිට මොරොන්තුඩුව බණ්ඩාරගම හරහා හොරණට ආවා. ශෙඩ් 10 කින් 4ක් මොන තෙලක්වත් නෑ වහලා. ඉතිරි 6න් එකකවත් 95 නෑ. 4 ක් ඩිසල් නෑ. 92 ගහන්නත් තරමක පෝලිම් තිබුනා. ගාන වැඩි නිසා පාවිච්චිය අඩුවෙලා බව පැහැදිලි ව පේනවා. මේ පොස්ට් එකේ කියන්නෙ කොයි රටේ කා ගැනද කියලා පැහැදිලි නැත.

    ReplyDelete
  10. මාතලන් මචන්, ලංකාවේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල වැඩි වෙලා නේද? මීට සති කිහිපයකට කලින් බ්ලැක් මාකට් එකේ ඩොලර් එකක් රුපියල් 450 ට උඩින් තිබුණා ඒත් දැන් ඒක 412 ට අඩු වෙලා තියෙන්නෙ ඊයෙ වෙනකොට.

    බැංකු වල ඩොලර් රේට් එකත් 360 ගණන් වල ඉඳලා දැන් දැන් 350ට වැටිලා ඒත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ තවම ඩොලර් නිකුත් කරන්නේ සෑහෙන සීමාසහිතව. ඒ නිසා අත්‍යවශ්‍ය නොවන දේවල් වලට ඩොලර් හිඟය තවම තියෙනවා පහුගිය කාලේ ට්‍රෙෂරි බිල් වලට 21% පොලිය දීපු නිසා කට්ටියම තරඟයට බැංකු වලට සල්ලි දාල තියෙන්නෙ. ඊයේ භාණ්ඩාගාර බිල්පත් පොලිය 17% ට අඩු කරලා තියෙනවා වෙලාවට මම කලින් 21% ගිය බදාදා ලංකාවේ කොමර්ෂල් බැංකුවේ මෙහේ branch එකෙන් treasury billsදැම්මා 21%. රට ඉඳලා සල්ලි එවන එකත් සෑහෙන වැඩි වෙලා නිව්ස් වල කියනවා 55.6%ක් විතර දැඩි වෙලාලු මාර්තු මාසයේදී, ඒකත් අප්රේල් තවත් වැඩි වෙලා කියනවා.

    තෙල් ගේන එකට මූලිකත්වය දීම සහ ගෑස් ගේන එකට IBRD ලෝක බැංකුවේ ඩොලර් මිලියන 400 න් 90 ක් විතර දීල නිසා මැයි මාසයේ අග වෙනකොට ගෑස් හිඟයත් හෙමීට ෂේප් වෙයි. දැන් අර මැයි සහ ජූලි මාසයේ අයි එස් බී බොන්ඩ් නොගෙවීමට තීරණය කිරීම නිසා ඩොලර් බිලියන දෙකකට වඩා වියදම් කරන්න මුදල් තියෙනවා අපනයන සංගම් වලිනුත් ඩොලර් ටික ටික ගෙනන ගන්න මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත් වෙලා තියෙනවා කියලා economynext එකේ කියලා තියෙනවා.

    අද තවත් ඩීසල් හා පෙට්‍රල් නැව් 2 ක් ලංකාවට ඇවිල්ල තියෙනවා කියලා කියන්නේ ඇත්ත ද?

    /// 2022 April 29 COLOMBO (NEWS1ST):

    ඊයේ රෑ ගොඩබට ඩීසල් මෙට්‍රික් ටොන් 52000ට අමතරව අද දිනයේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 43,000ක් කොලොන්නාවට ගොඩ බාමින් තිබෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති නිතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, තවත් බොර තෙල් ලීටර් 90,000ක් රැගත් නෞකාවක් අද සවස දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

    මේවාට අමතරව තවත් පෙට්‍රල් සහ ඩීසල් රැගත් නෞකා 02 ක් මෙරට මුහුදු සීමාවට ළඟා වී තිබේ.

    ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ සහයෝගය මත පවතින ඩොලර් කළමනාකරණය කරගෙන ප්‍රමුඛතාව මත එම නෞකාවල ඉන්ධන ලබා ගන්නා බවත් රටපුරා හිඟයකින් තොරව මේ වන විටත් තෙල් ලබාදීමට සියලු පියවර ගෙන ඇති බවයි.//

    මේ කතා ඇත්ත නම් ලංකාවේ ආර්ථිකය කෙමෙන් කෙමෙන් සාමාන්‍ය අතට හැරෙන බව හිතනවා නමුත් මේ මාසේ සහ ඉදිරි මාස කිහිපයම ඉතාමත්ම තීරණාත්මක කාලයක් බව තේරුම් ගෙන කල්පනාවෙන් වැඩ කරන්න ඕන.

    ReplyDelete
  11. රුපියල් 254 වෙච්ච පෙට්රෝල් 338 කිරීම නිසා දැන් පොලින් අඩුවෙලා තියනවා
    හාල් කිලෝව රුපියල් 1000 කලානම් හාල් පොලින් නෑ
    පාන් ගෙඩිය රුපියල් 800 කලානම් පාන් පොලින් නෑ
    ගෑස්‌ සිලින්ඩරය රුපියල් 10000 කලානම් ගෑස් පොලින් නෑ

    මේ විදියට සියලු භාණ්ඩ වල මිල රුපියල් දෙතුන් දාහකින් වැඩි කාලානම් කිසිම පෝලිමක් නෑ

    මේ විදියට මිල වැඩි කරලා අවුරුද්දක් විතර හිටියනම් දුප්පතුන් ඉතුරු වෙන්නේ නෑ එහෙම බැලුවහම දුප්පතුන් ගෙන් තොර ලොවක්

    අනේ තොගේ ආර්ථික විද්‍යාව

    ReplyDelete
  12. කොරෝනා නැගලා ගිය දිනවල ලෝකයේ බොරතෙල් මිල අඩුවුනා. ගොන්මන්පිල මොකක්ද කියෙව්වෙ. ඉන්ධන මිල අඩු කරන්න බැහැ. මිනිස්සු ගමන් බිමන් වැඩිකරාව.

    ReplyDelete
  13. අනේ ගොං බාස්. පව් බං උඹලා. මෝදිගේ ණය සල්ලි ටික ඉවර වෙන්න ලඟයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න