.

.

Jun 12, 2011

බර අඩුකර ගැනිමේ නවතම ක්‍රමය - Reduce your Weight



බඩ ගෙඩිය ලොවි ගෙඩිය වගේ ආවත් දැන් කට්ටියට සෑහෙන ප්‍රශ්නයක්. මොකද දැන් ඉන්න කෙල්ලො කැමති නැහැ මහත් වෙන්න. ඒ වගේම එයාල මහත කොල්ලන්ට කැමතිත් නෑ. ඒ හින්ද ෆිට්නස් සෙන්ටර් වලට හොඳ කළ දසාවක් ලබල තියෙන්නෙ.

පොඩි පොඩි මිළ ගනන් වල ඉඳල ළොකු මිළ ගනන් වල ට්‍රෙඩ් මිල් දක්වා, එක එක උපකරණ විකිනෙන්නේ උණු පාන් වගේ.

ඒ වගේම අළුත් උපකරණ, බෙහෙත් වර්ග, කටු චිකිත්සා ක්‍රම වගේම, කෑම බීම කොන්ට්‍රෝල් කරණ ක්‍රම වගේ ක්‍රම වලටත් හොඳ මාර්කට් එකක් තියෙන්නෙ.

අපේ කාළේ නම් තිබුනේ මේකේ අනිත් පැත්ත. ඒ දවස් වල මහත් වෙන්න බෙහෙත් ජාති වල ඇඩ්ස් වලින් තමයි පත්තර පිටු පිරිල තිබුනේ.

මේ අතරේ සිත් ඇදගන්නා සුළු දැන්විමක් තිබුනලු පත්තරේ පුරුෂ පක්ෂය සඳහා ඉතා කෙටි කළකින් බර අඩු කර ගන්න පුළුවන් බවත් ඒ සඳහා කන්ටැක්ට් කරන්න අවශ්‍ය දුරකථන නොම්බරත් එක්ක.

ඉතින් මැදි වයසෙ මහත දෙහෙත පොරක් කෝල් කරාලු මේ නොම්බරේට . එහා පැත්තෙන් මිහිරි කටහඬක් ආවලු.

“මෙහෙමයි සර් අපේ ගාව තියෙන්නේ,… බර අඩු වෙන ප්‍රමාණය අනුව චාජ් කරන සිස්ටම් එකක්. හැබැයි එක දවසකින් රාත්තලක් අඩු කරන්න රුපියල් 2000 චාජ් කරණව. ඒක තමා අඩුම පැකේජ් එක….. සර් කැමතිනම් ට්‍රයි කරල බලන්න පුළුවන් ... මනී බැක් ගැරන්ටී"

පොර බැලුවලු ට්‍රයි කරන්නත් එක්ක කමක් නෑ කියල ඇග්‍රී උනාලු වැඩේට...

"එහෙනම් සර් හෙට උදේම ට්‍රැක් කිට් එකක් එහෙම ගහල ලැස්ති වෙල ඉන්න අපේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් සර් ලගේ ගෙදරටම ඒවී….”

කිව්ව වගේම උදේ පාන්දරම දොරට තට්ටු කරනවලු.. අපේ පොර දොර ඇරල බැලුවහම අවුරුදු 25 ක විතර සෙක්සි කෙල්ලෙක් ඇඟටම හිරවෙන ට්‍රැක් කිට් එකක් ගහල දොරකඩලු.. මහත්තය කරකවල අත ඇරියලු..

සර් මෙන්න මේ නෝට් එක කියවන්නකො කියල ලයාන්විත හඬින් කිව්වලු අර සෙක්සි කෙල්ල.

පොර නෝට් එක කියෙව්වලු... "මාව ඇල්ලුවොත්, මම ඔයාගේ.." හොල්මන් වෙච්ච පොර නෝට් එකෙන් ඇහ අරන්…. කෙල්ල දිහා බලන කොට කෙල්ල දුවනවලු..

පොරත් ඇරියේ නැතුව පස්සෙන්ම එලෙව්වලු... එදා හවස, බර මැනල බලන කොට රාත්තල් දෙකක්ම අඩුවෙලාලු.. ඒ ගැන සඳහන් කොරන්නේ නැතුව.. පොර ගත්තලු කෝල් එකක් කොම්පැනියට..

“ඔයාලගේ ඊළග පැකේජ් එක කීයද…..? ”

“සර්…. අපේ නෙක්ස්ට් පැකෙජ් එක රෙඩුයුසින් 2 පවුන්ඩ්ස්….. බට් ද ප්‍රයිස් ඉස් 4000.. මේක හරි ඇට්‍රෑක්ටිව් පැකෙජ් එකක් සර්. මේක තමයි ගොඩක් පොපියුලර්...” 

ඇග්‍රී වෙච්ච විදියටම ඊළඟ දවසේ උදේම දොරට තට්ටු කරනවලු.. පොර හොල්මන්ද බේරේ පොල් කොළ උනාලු අවුරුදු 18+ ගැටිස්සියෙක් කොට කලිසම් ට්‍රැක් කිට් එකකුත් ගහගෙන දොරකඩලු..


අංකල් මේ නොට් එක .... කෙල්ල කියල එවරකරන්නත් කලින් පොර ගත්තලු නොට් එක උදුරුලම..

" පුළුවන්නම් මාව අල්ලන්න..... ඇල්ලුවොත් මම ඔයාගේ...." 

එදා හවස බැලුවලු බර.... පොර ෆුල් සප්‍රයිස් උනාලු.... බර අඩුවෙලාලු 4 ක්ම රාත්තල්...

"ඔයාලගේ තියෙන හොඳම පැකේජ් එක මොකක්ද...?"

"සර්... ඒකනම් ගොඩක් එක්ස්පෙන්සිවි... බට්... රාත්තල් 5ක්ම අඩු වෙනව එක දවසකින්... ගාන රුපියල් 10,000….. හැබැයි ටිකක් අමාරු වෙයි සර්.... "

"ඒකට කමක් නෑ.. මට දෙන්න ඒ පැකේජ් එක...."

ඊළඟ දවසෙ උදේ සුපුරුදු විදියට දොරට තට්ටු කරනවලු... ඉවසීමක් නැතුව කඩාගෙන ආපු මහත්තය දොර ඇරියලු... හතර රියන් ආනොල්ඩ් සුභසිංහ වගේ පොරක් ඉන්නවලු දොරකොඩ...

"මේ මොකද මේ...? "

"ආ කියවනව මේ නොට් එක...." තල් අත්තට බොරළු වැටෙන වොයිස් එකක්..

"මම උඹව ඇල්ලුවොත්..... උඹ මගේ......"

"ආහාර මාර්ගයේ ආරම්භය හා අවසානය බේරා ගැනීම සඳහා... පොර දිව්වලු... ඇඩ්‍රස් නැතිවෙන්නම....."



ප: ලි:  එදා හවස බර මැනල බැලුවම රාත්තල් 10 ක්ම අඩුවෙලාලු

Jun 10, 2011

යුධ ජය - Defeating of Terrorism



අති විශිෂ්ඨයි.. ශ්‍රේෂ්ඨයි.. වී කාන්ට් ඉමැජීන්..
සච නයිස් ජොබ් කිව්ව.. කොන්ග්‍රැට්ස්ම මහ ගොඩයි...

අහවරයි.. අහවරයි.. ටෙරාලා නොමැති කළ
තවම මන්දෝ මෙසේ… නීතියක්.. හදිසියක්..
නැගුනි පැනයක් සබෙන්.. තරු පිරුණු මුවගකින්..

එසේමයි...එසේමයි., .අහවරයි... අහවරයි...
ඒ උතුරු කරයේය.., නමුදු දැනගත යුතුයි....
දකුණූ කරයේ තවත්..... නැගෙයි තැනින් තැන නොයෙක්...
වර්ජනය... තර්ජනය.. එපමණක් නොවේමැයි..
මැදි වන්න සිඳුවෙලා.... නොවිසදෙන කාරණා..
බොහෝමයි..අනන්තයි..අප්පරා මානයි සෑර්...

අලුත් මහ කොටි හපුව..... ඇල්ලුවා බෙල්ලේන්ම..
මේ කැලේ සිට නෙවෙයි..... දුර ඈත කැලැවක..
වෙනව ඇහුවොත් හැපී.... වොන් ඔපරේසන් කේ.පී

ජහමනය අසරණ.....එළවලුම මත යැපෙන.....
කැලෑ කොල නොම කන්නේ.... කැරට් මයි ඉල්ලන්නෙ...
කළු කඩය නෑ දන්නෙ..... අපට දුක තේරෙන්නෙ...
මැකුව කළු කඩ කුජී.... කෙරුව ඔපරේසන් වෙජී.

ඬෙඟ ඩෙංගූ මදුරුවා..... නොමරයි හාල්පාරූවා...
ඒ පවත් අපේ පිට..... කුණු කාණූ හැරුවා..
නොහැක වන්නට සුනංගූ.. ඔපරේසන් ඩෙංගූ ඩෙංගූ

ඉස්සන් ඉන්නා පැත්තේ කොස්සන්..
පිස්සු කෙළින්නට කවදත් දස්සන්..
වෙඩිල්ල තියලා දනේට ඉහලින්..
ගාඩ් කරනවා උන්වත් සතුටින්..

බූරූ කතාවක් - A Smart Donky



මේ කතව ලියන්න හේතුව උනේ අපෙ කතන්දර ශූරින්ගේ බොගේ, මෙන්න මේ පොස්ට් එක... හැමදාම වගේ උන්නැහේ ඒ මගින්, ආදර්ශමත් කතාවක් සාකඡ්චාවට භාජනය කරල තිබුනා.

ඒක කියවපුවයින් පස්සෙ, මට හිතුන මම අහල තිබුන මෙන්න මේ බූරූ කතාව ලියල දාන්න.

*************

ඔන්න එකමත් එක රටක හිටිය වෙළෙන්දෙක්. මේයා කරන්නේ සතුන් වෙළඳාම. දවසක් මේ වෙළෙන්දට ආරංචියක් ලැබුන අල්ලපු නගරයෙ පල්ලියේ බූරුව විකුණනව කියල. බූරුව විකුනන්න හේතුව වෙළෙන්ද දැනගෙන හිටියේ නෑ. නමුත් අඩු මුදලකට ගන්න පුළුවන් කියළ ආරංචිය ලැබුන නිසා, මේයා ඔක්කොම වැඩ නවත්තල මේ බූරුව මිලදී ගන්න ගියා.

සුපුරුදු පරිදි හෙට්ටු කරල හෙට්ටු කරල, පූජකතුමා කියපු ගානටත් වඩා අඩුවට බූරුව මිළදී ගන්න වෙලෙන්දට පුළුවන් උනා. මේ බූරූව ඉතා හොඳට පුරුදු කරපු බූරුවෙක් බවත්, ස්වාමියා දෙන අණ ඉහලින්ම පිළිපදින බූරුවෙක් බවත්... “හාලේ ලූයියා….!!! ” කියා අණ කළ විට බූරුවා ගමන් කරන බවත්, “ආමේන්…!!! ” කියූ විට නවතින බවත්  පූජකතුමා සඳහන් කර සිටියා.

බූරූව මෙතරම් අඩු මිළකට විකිනීමේ හේතුව.., ඌ නිතරම ලවක් දෙවක් නැතුව කෑ ගහන බූරුවෙක් බව වෙළෙන්දාට තෙරුම් ගියා   . අනෙක් සියළුම සතුන්ටත් නගරයේ මිනිසුන්ටත් බූරුවාගේ කෑ ගැසීම ඉතා අප්‍රසන්නන දෙයක් මෙන්ම මහා කරදරයක් වූවත්, වෙළෙන්දාගේ ප්‍රියතම බූරූවා බවට මේ බූරූව පත්වුනා.

වෙළෙන්දා ළඟ ආරක්ෂාව සඳහා බල්ලන් සිටියත්, ඒ බල්ලන්ගේ වැඩත් කලේ මේ බූරුවා. සොර සතුරෙක් එන බව ඉවෙන් දැනී බල්ලන් බුරන විට,. බල්ලන්ගේ හඬ අභිබවා, බූරූවා කෑ ගසන බැවින් බල්ලන් සද්ද නැතූව සිටියා. තමා  සොර සතුරන්ගෙන් පාවා ආරක්ෂා කර ගන්නේ මේ බූරූව බව වෙළෙන්දා විශ්වාස කළා.

දව්සක් වෙළෙන්දා බූරූවත් සමඟ දුර ගමනක් යන්න පිටත් උනා. ඈත නගරයක සත්ව ගාලක්, ඉතා අඩු මිළට විකුනන බවට ලද ආරංචියක් අනුව ගමනට අවශ්‍ය කෑම බීම සහ සියළුම දේ බූරූවා පිට පටවාගත් වෙළෙන්දා උගේ පිටට නැගී “හාලේ ලූයියා…..!!!”  කියූ පමණින් බූරූවා ගමන ආරම්භ කළා.

ගමන තරමක් දුර  බැවින්, වේගය වැඩි කර ගැනිම සඳහා... “හාලේ ලූයියා….!!!” කියා කීප විටක්ම ශබ්ද නගා කී විට බූරූවා වේගයෙන් දුවන්න පටන් ගත්ත.

කඳුකර  ප්‍රදේශයක තැනිතලාවක් මත වේගයෙන් දිව යන බූරූවා නවත්වා නොගතහොත්, තමාත්, බූරූවත් අව්සන් බව තෙරුන වෙළෙන්දා බූරූවාට, “නවතිනු…!!!” කියා අණ කළ නමුත් බූරූවා නැවතුනේ නෑ. කාළයක් බූරූව සමගින් ගමනක් නොගිය බැවින් වෙළෙන්දාට බූරූවා නවත්වා ගන්න ආකාරය අමතකව තිබුනා. “නවතිනු,…!!! නවතිනු..!!!” කියා අණ කළ විට බූරූව තව තවත් වේගය වැඩිකළා, “බයිබලය…”, “පාස්කුව…”, “අල්තාරය…” “පූජකතුමා…” වැනි තවත් වචන ගනනාවක් කීවත්  බූරූව නොවේ නැවතුනෙ… තවත් සුළු මොහොතකින් ස්වර්ගස්ත වන බව දැනගත් වෙළෙන්දා, දෙවියන් වහන්සේට අවසාන යාඤ්ඤාව කළා..

“අනේ දේවයන් වහන්ස මම අහිංසක වෙළෙන්දෙක් මා මාගේ වෙළදාම කළේ ඉතාමත් සාධාරන ලෙසයි. මා ගැන අනුකම්පා උපදවා... ඔබ වහන්සෙගේ නාමයෙන්... මේ බූරූවා නවත්වා දෙන සේක්වා….!!!!   “ආමේන්…..!!!!!!”

බූරූවා, මහා පාතාලයට අඩියක් මෙහායින් ඉද්ද ගැසුවාක් මෙන් නැවතුනා.

“හාලේ ලූයියා…………….!!!”

 ප්‍රීතියට පත් වෙළෙන්දා පලාතටම ඇසන ලෙස කෑ ගැහුවා......

***********

රුසියානූ ජන කතාවක් ඇසුරෙන් පරිවර්ථනය කොට, හුදී ජනතාවගේ දැනගැනිම පිණිස,
මාතලන් වන මා විසින් ලියා පොරසිද්ද කලේය…..

Jun 7, 2011

පුංචි පවුල රත්තරං - New Family Planning Method

දකුණු පත්තේ පොටෝ එකේ ඉන්නේ ළෝකේ උසම නෝනා.

මේ පොස්ට් එක ලියන්න හිතුනේ අපේ වෙද ගෙදර වෙද මහත්තයගෙ ප්‍රතීජීවක ඖෂධ නමින් පලවුනු රසවත් පොස්ට් එක දැකල. ඒ ළිපියේ කොමෙන්ට් එකක් හැටියට මේක දාන්න හදල පස්සේ හිතුන පෝස්ට් එකක්ම දානව කියල. මම මීට කළිනුත් පොස්ට් එකක් දැම්ම මේ මාතෘකාව යටතෙම ඒක මෙතනින් බලන්න පුළුවන්... 

උපත් පාලන කොපු ලංකාවට ආපු දවස්වල, ඒක ප්‍රචාරනය කොරන්න නොයෙක් නොයෙක් ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් පඩි පෙල වගේ ළමයි නිෂ්පාදනය කරන එක නවත්ව ගන්න එක මේ වැඩ සටහන් වල ප්‍රධාන මාතෘකාව උනා. මොකද අපේ දෙමව්පියන්ගෙ කාළේ ට්‍රෙන්ඩ් එක තිබුනේ ක්‍රිකට් ටීම් හදන එකයි. සමහර ගෙවල් වල රගර් ටීම් පවා හිටිය. නමුත් මේ ප්‍රචාරන වැඩ සටහන යන කාළේ වෙනකොට වොලිබොල් ටීම් තත්වෙට වගේ ඇවිල්ල හිටියේ. මේ වැඩ සටහනේ පරමාර්ථය උනේ බීචි වොලිබෝල් තත්වෙට ඒක ගේන්න.

මේ සඳහා ජනතාව දැනුවත් කරන එක සෑහෙන අමාරූ කාරණාවක් උනා. මොකෝ අදටත් අපේ සමාජයේ මේ මාතෘකාව ප්‍රසිද්දියේ කතා නොකරනව පමණක් නෙමෙයි, අඩු ගානේ විවාහක යුවලක් අතර පවා කතාවෙනව හරි අඩුයි. (හොඳ වැඩසටහනක් යනව ජනහඬට කලින් ටී ඇන් ඇල් එකේ පුළුවන්නම් බලන්න...නම -  "Adults Only")

*************

ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...

"ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ,  හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..

"ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට  දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.

'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.

"නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.." කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු..

"ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."

"ඇයි....?  මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...?  ආපු කාරනේ කිව්වනන්  ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..

ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද  මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..

"ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"

"බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'

"එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."

"අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...

"හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."

මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."

"එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"

"අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."

"එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"

"අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි.. ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල.".

"එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"

"ඒ කිව්වේ මහත්තයෝ....?"

මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...

"ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"

තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...?  ඔය මහත්තුරු අහන දේ......?"

එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.

මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"කියල වැදගත් විදියට ඇහුවලු..

"පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."

මල පැන්න මහත්තය  "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට "........." නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු...

"ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි "............" තම්යි ඒවට  යන්නෙ.."

"මොනව...!!!  එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."

"ආ.... ඒකට කොරෝමයක් අපේ ළොකු ළමය ගාව තියෙනව."

"මොකක්ද ඒ ක්‍රමේ ....? අපිටත් කියනවකො බලන්න...."

"මෙහෙමයි මහත්තයෝ...... මන් අකමැති උනත් අපි ඒ වැඩේ කොරන්නේ හිටගෙන...."

"මොනව....!!!! හිටගෙන ..?. ඒත් තමුසෙ කොටයිනේ...".

"ඔව් මහත්තයෝ..... ඒකට පනිට්ටුවත් ඕනෑ..."

"මොකක්....?  පනිට්ටුවක්..."

"ඔ..... ඔව්.... මේ යකඩ බාල්දියක්.."

"බාල්දියෙන් කොහොමද ඕයි..... ළමයි හම්බ වෙන එක නවත්තන්නේ....? "

"මම බාල්දියට නැගල .. දෙන්නම හිටගෙන තමයි ඒ වැඩේ කොරන්නේ... මගේ විට හැපිල්ල නතරවෙලා...... කෙඳිරි ගාන කොටම.... ළොකු ළමය කෙළිනව බාල්දියට් පයින්.....".

Jun 5, 2011

චීනයෙන්, යුරෝපයට දැඩි ප්‍රහාරයක් - China won the war against Europe


මම පොඩි කාළේ ඉඳල ක්‍රිකට් වලටත් වැඩිය ප්‍රියකරන්නේ ටෙනිස් ක්‍රීඩාව. ඒකෙත් කෙල්ලොන්ගෙ ටෙනිස්. (ජානවල ප්‍රශ්නයක් මයේ හිතේ). මම ආස කරන ටෙනිස් ගහන කෙල්ලොන්ගේ පෝස්ට් එකක් බොගට දාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නේ සෑහෙන කාළේක ඉඳල හිතට වද දුන්න ප්‍රශ්නයක. නමුත් දැන් ඒකට හොඳ මාතෘකාවක් තියෙනව.

29 හැවිරිදි ලී නා ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය ජයගත්ත එක තමයි ඒකට හේතුව. මේක ආසියාවටම ගෞරවයක්. (මම විශ්වයට අයිති ජීවියෙක් කියල හිතුනට ගෝත්‍රික ගතිත් තවම තියෙනව, පෘතග්ජන මිනිස්සුනේ.)ළෝකේ මහා ටෙනිස් තරඟ (Grand Slam) හතරක් තියෙනව. ඒවා නම්,  එංගලන්තේ විම්බල්ඩන් කප් (Wimbledon Cup), ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් කප් (Melbourne Cup) , ඇමරිකාවේ ඇමරිකන් ඕපන් (American Open), සහ ප්‍රංශයේ රෝලන්ඩ් ගරෝස් (Roland Garrottes).

ෆ්‍රැන්සෙස්කා ශිවෝනී සමග
කිම් ක්ලයිස්ටර්ස් අනුපිටපත සමග
අවසාන තරඟය පැවැත්වුනේ චීනයේ ලී නා සමඟ ඉතාලියේ ෆ්‍රැන්සෙස්කෝ ශිවෝනී අතර. ගියවර කුසලානය දිනාගත් ක්‍රීඩීකාවක් සමඟ චීනයේ ක්‍රීඩිකාවක් අතර තරඟයක් බැවින් මේ තරඟය මුළු ළෝකයේම අවධානය දිනාගත්ත. නමුත්.. ටෙනිස් ඉතිහාසයට අළුත් පිටුවක් එක් කරමින්, ලී නා තරඟ වට දෙකක් පිට පිටම ජයග්‍රහනය කරමින් කුසළානය දිනාගත්තා. මේක එක අතකින් නුදුරේදීම ළොව දේශපාලන බලවතා වන චීනය ලද ජයග්‍රහනයක් බැවින් මුලු ළෝකයේම අවධානය යලිත් වරක් චීනය දෙසට යොමු උනා.

ලී නා මේ වසර මුලදී ඔස්ට්‍රේලියානූ විවෘත තරඟාවරියේ අවසාන මහා තරගයට තෙරුනත් එහිදි කිම් ක්ලඉස්ටස් ට පරාජය වුනා. ඇයට හිමි උනේ අනු ශූරතවය. කිම් කලයිස්ටර්ස් කියන්නේ මනුස්ශ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් බඳු ඉතා නිහතමානී ක්‍රීඩිකවාක්. බෙල්ජියම් ජාතික ක්‍රීඩිකාවක් වන ඇය එක් දරු මවක්.

ෂැරපෝවාද..? සැර පොවාද..?

ලී නා ප්‍රංශ ශූරතාවයේ අවසාන තරඟයට සුදුසුකම් ලැබුවේ රුසියාවේ මරායා ෂැරපෝවා පරාජයට පත් කරමින්. ෂැරපෝවා රුසියානු ක්‍රීඩිකාවක් උනාට ජීවත්වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ. මේ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවන්ගෙන් වැඩිම මුදලක් ඉපැයු ක්‍රීඩිකාව වන්නේ ඇයයි. මන බදිනා රූ සපුවකින් හා සුන්දර මුහුණකින් හෙබි ෂැරපෝවා පිටියෙදී ඉතා තදබල චරිතයක්. සමහර විට ඒක එයාට උරුම වෙන්න ඇත්තේ එයාගේ පුහුණුකරු වන පියාගෙන් වෙන්නත් පුළුවන්.
සරාගී ඇනා කර්නීකෝවා



එයා වැඩිම මුදලක් සොයන්නේ වෙළඳ දැන්වීම් වලින් සහ එයාගෙම නමින් තියෙන සුවඳ විළවුන් නිෂ්පාදන වලින්. මෙයාට කළින්, මේ ආකාරයටම මුදල් හම්බකරපු රුසියානූ ක්‍රීඩීකාව උනේ ඇනා කර්නිකෝවා. එයත් සුන්දර මුහුණකින් හා වශීකරවන් සුළු අඟ පසඟින් හෙබි හුරුබුහුටි ක්‍රීඩිකාවක්.

සකුරා මල - අයි සුගියාමා

ලී නා ට කළින් ළෝක ටෙනිස් පිටියේ ජයකෙහෙළි නංවපු ආසියානු ක්‍රීඩීකාවෝ දෙන්නෙක් තමයි, ජපානයේ අයි සුගියාමා සහ ඉන්දියාවේ සානීයා මිර්සා, සුගියාමා නිසා ජපානයේ ටෙනිස් ක්‍රිඩාවට අලුතෙන එකතුවුනු පිරිස විශාලයි.

සානියා මිර්සා ඉන්දියාවේ ලබන්න පුලුවන් ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන පිඳුම් ලැබු ක්‍රීඩිකාවක්. ඉන්දියාවේ කොච්චර හැන්ඩියෝ හිටියත් එයා විවාහ උනේ පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සොහෙබ් මලීක් සමගයි.

වෙඩි වගේ සානියා මිර්සා

ටෙනිස් වලට පිස්සු හැදෙන්න ප්‍රධානම හේතුව උනේ ස්වාධීන රූපවාහිනය. (මොළේ කචල් චැනල්) විම්බල්ඩන් ශූරතාවය සජීවීව විකාශය කළා ඒ කාළේ. ඒ කාළේ ටෙනිස් ශූරිය උනේ චෙකොස්ලෝවැකියානූ ජාතික මාටිනා නවරැටිලෝවා. ඇය මහා ටෙනිස් තරඟ 18 දිනපු සුපිරි ක්‍රීඩිකාවක්. එයාට අභියෝගයක් එල්ල කලේ පසු කාලීනව මහා ටෙනිස් තරඟ 22 දිනපු ස්ටෙෆී ග්‍රාෆ්. ජර්මන් ජාතික ක්‍රීඩිකාවක් වූ ඇය ටෙනිස් ළොව පෙරලි කළ ඇමරිකානූ ජාතික අන්ද්‍රේ අගාසි සමඟ විවාහ උනා.
ජය පිට ජය නැංවූ - මාටිනා නවරැටිලෝවා
ආදරනීය - ස්ටෙෆී ග්‍රාෆ් අගාසි සමග




එක්තරා තාත්තා කෙනෙක්, මොළේ හොඳ නැති පිස්සෙක් කියල හැමෝගෙන්ම අහගෙන, දහ දුක් විඳගෙන, ආර්ථික අමාරුකම් මැද්දේ තමන්ගේ දියනියන් දෙදෙනෙකුට ටෙනිස් ඉගැන්නුව. පසු කාළීනව මේ කළු කෙල්ලො දෙන්න සුද්දියන්ට වෙන් වෙච්ච ටෙනිස් ක්‍රීඩාව කනපිට පෙරලපු විලියම් සහෝදරියෝ ලෙස මුලු ළෝකෙම ජයගත්ත. මහා ටෙනිස් තරඟ 21 දිනපු සිහින් සිරුරක් ඇති වීනස් විලියම් එක්කෙනෙක්. අනෙක් කෙනා පිටියේ චන්ඩියෙක් වූ අංග සම්පූර්ණ සිරුරකින් හෙබි වාර්ථා පිට වාර්ථා තැබූ මහා ටෙනිස් තරඟ 27 දිනපු සෙරේනා විලියම්ස්. චොකලට් වලට කැමති රසිකයින් අතර ජනප්‍රියම තරුවක් තමයි සෙරේනා.


ආඩම්බර තාත්තගෙ දූල දෙන්න - සෙරේනා හා වීනස්
සුන්දර - එමලි මුරෙස්මෝ

 තවත් මගේ ප්‍රියතම ක්‍රීඩීකාවක් තමයි එමලි මුරෙස්මෝ. මෙයත් පිටියෙදි හරිම තදයි. ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවක් වන ඇය විම්බල්ඩන් හා මෙල්බන් ශූරතා දෙකක් දිනාගත්ත.










2008 දී ප්‍රංශ ශූරතාවය දිනපු යුගෝස්ලෝවියානූ ජාතික ඇනා ඉවනොවික් තවත් ප්‍රියන්කර පෙනුමකින් හෙබි සුන්දර නිහඬ ක්‍රීඩිකාවක්. අපේ රටෙත් මේ වගේ මුහුනුවර තියෙන කෙල්ලො ඉන්න නිසාද දන්නේ නෑ එයත් මගේ ප්‍රියතම ක්‍රීඩිකාවක්.
 

ළෝක ශූරතා පහක් දිනූ ස්ලොවේකියානු ජාතික මාටිනා හින්ගිස් හුරුබුහුටි ජනප්‍රිය ක්‍රීඩීකාවක්. මෑතකදි මෙයාට තහනම් උත්තේජක ප්‍රශ්නයක් මත වසර දෙකකට තනමක් පැනවීමෙන් පසු ක්‍රිඩාවෙන් සමුගත්ත.








2009 දී ප්‍රංශ ශූරතාවය දිනාගත්, ස්වෙට්ලානා කුස්නෙට්සෝවා මම ඉතාමත් ප්‍රිය කරන කාන්තාවක්. ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියන ඇය පිටියේ පෙරලිකාර චරිතයක්. ඇයත් සුන්දර හා දක්ෂ ක්‍රිඩීකවන් රැසක් බිහිකල රුසීයානූ ක්‍රීඩිකාවක්.
 




අමුතුම සුන්දර සිනාවකින් සිටියත් සමහර විට අපන් ඇමරිකානූ ගතිය මතුවී විනිසුරුවරියන් හා නිතර පැටලෙන ජෙනිෆර් කැප්‍රියාටී මගේ සිත් ගත් තවත් සුන්දර ක්‍රීඩීකාවක්.












කොල්ල කාළේ යටලීයෙන් නිතරම පීදෙන මලක් තමයි ආර්ජන්ටීනීයනූ ජාතික ගැබ්‍රියේලා සැබාටිනී. පුදුම සුන්දර මලක් නේද.?.කොහොමත් ආජන්ටීනාව වෙනිසියුලාව බ්‍රසීලය වගේ රටවල කෙල්ලොන්ගේ අමුතුම සුන්දරත්වක් තියෙනවනේ.







අවසාන වශයෙන් මෙයා ගැන සඳහන් නොකෙරුවොත් පොස්ට් එක සම්පූර්ණ නෑ. මෙයාට මම කිව්වේ හා බෙට්ටා කියල. මොකද අර යට ඇඳුම අස්සෙ ගහගන්න, වැඩිපුර බෝලේ රඳවන්න, මෙයාගේ ස්කර්ට් එක පිටිපස්සෙ රඳවනයක් තිබුන. ඒකේ බෝලේ රැඳෙව්වම හා පැටියෙක් වගේ. සුන්දර සුරතල් සැන්චෙස් වකාරියෝ ස්පඤ්ඤ ජාතික ක්‍රීඩිකාවක්. බබා වගේ හිටියට මහා තරඟ පහක්ම දින්න.

ඒ කාළේ මෙයාලගේ පෝස්ටර් වලින් මගේ කාමරේ පිරිල තිබුන...



ප: ලි: ඔය ටෙනිස් ගහන කෙල්ලන්ගෙ පේනවයි කියන බනිස් ගැන දන්නෙම නැති අය ඉන්නවනම් මෙතනින් බලන්න.දන්න අයත්, ඕනමනම් එතනින්ම බලන්න. ඉස්තරම් සීනී බනිස් 4 ක්ම තියෙනව.

Jun 4, 2011

ගමෙත් කචල්, ලොක්ක මැදමුලන යයි - Fussy situation at Medamulana


පසුගිය දවස් ටිකේ සිඳුවීම නිසා ජනාධිපතිතුමා සිටියේ තරමක විඩාබර ගතියකනි. සෙනසුරාදාවක් බැවින්, උදැසනම එක්සයිස් පාරක් එහෙම දමා පැමින, කුරහන් සැන්විච් කීපයකින් සප්පායම් වී පත සයිස් එළකිරි කෝප්පයකටත් වගකිව් එතුමා හාන්සි පුටුවේ දිගාවි ලංකා පුවත් පත අතට ගත්තේය. මුල් පිටුවේ මල් කුමාරයා පොඩි එකාගේ ලියුම වගේ ලේක්-හවුස් පත්තර, දැන්වීමුත් එක්කම ටපලා ටපලා කියවන බැවින්, නිවුස් සමග පොඩි ෆන් එකකුත් ගන්නා ජනාධිපති තුමා කළක පටන් එම පත්තර කියවන්නේම නැත.

කොලුවා බේරගැනීම සඳහා උපරීම උත්සායක් ගත්තද ඉන් පලක් නොවීම ගැන කවදත් කම්කරුවන් සමග සිටි එතුමා අවංකවම කනගාටු විය. එතුමා වඩාත් කනගාටු වූයේ පොලිසීය කනපිට පෙරලු ආචාර්ය පට්ටමකුත් තිබූ කාර්යක්ෂම නිලධාරියෙකුට සේවා දිගුවක් ලබා දීමට නොහැකිවීම ගැනයි. තව දුරටත් සේවයේ සිටින්නැයි කොතරම් ඇවටිලි කලද යන්නම ඕන කියු නිසා, "ඉන්නම බැරිනම් ඉතින් ඔහේ යන්න, හැබයි ඉඳල හිටල හරි මේ පැත්තෙ ඇවිත් යන්න" යයි කියූ මොහොත, කේ.පී. රජීව් ගාන්ධිගේ ළමයි ගැන මතක් වී, කඳුළු සැලූ මොහොතටත් වඩා හැගීම් බර වූ බව මතක් වූ එතුමා. පව් අහිංසකය පිට රටකට හරි යවන්න ඕන යයි සිතා හිත හදා ගත්තේය.

ජෙප්පෝ මරාගෙන කන්න හදන පියසිරි විජේ නායකයා, උන්ට එන්.ජී.ඕ. කාරයොන්ගෙන් කන ඒවූන් කියන්නේ, ඒ ජී මූත් කා ඇතැයිද, මෙහේ ජී නැත්නම් තාමත් ඌ කන්නෙත්  ඒ ජීම නේදැයි සිතුනු විට එතුමාට සිනා ගියේය. ඒ අවස්ථාවේදීම එතනට පැමිනි ශිරන්ති නෝනා ජනාධිපති තුමා තනියම සිනාසෙනු දැක පුල් අප්සෙට්ම ගියාය.
"ඇයි අනේ ඔයා තනියෙම හිනාවෙන්නේ" කියා ඇසූ ශිරන්ති නෝනාට ජනධිපති තුමා කීවේ
"නෑ... මේ මට අර ජැකාගේ බුදුහාමුදුරුවොන්ගෙයි දුටුගැමුණුගෙයි කාතාව මතක් වුනා" කියා, උදේ පාන්දර නෝනට ජී කතවක් කියන්න වෙන එක ෂෙප් කොර ගත්තේය.

"මර්වින් සිල්වටත් ඕක ඔය කතාවම කිව්වද දන්නේ නෑ" යි නෝන කී විට,
"සමහර විට වෙන්නත් පුළුවන් මම දැක්ක ඕක ටී වී එකේ මිහින්තලේ කැලේ පිස්සෙක් වගේ දුවනව. මම හිතන්නේ ජීවකයට කියල ඉස කුඩිච්චියක් දැම්මොත් හොඳයි... නැත්නම් අපිටත් පිස්සු හැදිල තමයි නවතින්න වෙන්නෙ.." යි ජනාධිපති තුමා කීවේය.

"කරන එකක් ඒ යකාගේ ගෙදර ගිහින් කරන්නේයි කියන්න. මේ පලාතේ නම් ගේන්න එපා මට ඕක පෙන්නන්න බෑ.." යි නෝනා කියු විට ජනාධිපති තුම ඇසුවේ
"ඒ අර මක්ක වෙලයි නෝනේ .."කියලාය.
"ඇයි ඔහේගේ නෑනටත් මූ ආර්යව කිව්වෙ .." කියා නෝනා කියු විට. හ්ම් හ්ම් ගා මන්ඩලේ කචල් එකක් බව දැනගෙන තව දුරටත් ඒ ගැන නොවිමසා සද්ද බද්ද නැතුව සිටියේය.

බතික් සරමකින් හා අත් කොට කමීසයකින් සැරසී කළබලයෙන් මෙන් කඩාපාත්වුන ලලිත් ගෙන් ජනාධිපති තුමා ඇසුවේ
"මොකෝ ලලිත් මේ පාන්දර... සරමත් අතේ අරන්... ගෙදර කචල් එකක්ද" කියලාය.
"නෑ සර් මේ මගේ ගෙදර නෙමේ... සර්ලයි ගෙදර කචල් එකක්"
"පිස්සුද ලලිත් අපේ ගෙදර එහෙම වලියක් නෑ... ඔය පත්තර කාරයෝ කෙලින තරමක් කෙලින්නේ කෙප්ප නේ."
"නෑ සර් මෙහේ නෙමේ අරෙහෙ මහ ගෙදර මැදමුලනේ මැදමුලනේ"
". මොකක් එහේ කවුද වලි දාන්න එන්නෙ පුල් ගාඩ් දාලනේ තියෙන්නෙ.... අනික ලලිත් ඔහෙත් කැබිනට් එකේ මැට්ටෝ වගේ හැම ප්‍රශ්නෙම මගේ ගාවට ගේන්නද යන්නේ.?.."
"අනේ නෑ සර් මම සෙටල් කරන්න බැලුව... ඒත් උන්නාන්සේ ෆොන් එකට එන්න බෑ කියනව.... සර් පොඩි කාළේ ඉඳලම දන්න කෙනෙක් කියල... ඔබතුමාම.. ඕන්න නම් එන්න කියනවලු. එත් සිකුයුරිටි එකෙන් තවම වත්තට ඇතුල් වෙන්න දීල නෑ.. අනේ සර් ඉකමන් කලොත් හොඳයි...".
"මොකා උන්නාන්සෙ...?"
"ඔව් සර්.... හාමුදුරු නමක්.... බස් තුන හතරක මන්න, කැති, පිහි, උදළු, පොරෝකෙටි, මුල්ලු අරගෙන මාර සේනාව වගේ ලු.

ජනාධිපති තුමාට අසූ හාරදාහට මලේ ගොඳම එක පැන්නේය.
"ඒව කොහෙද ඩෝ මාත එක්ක... මුන්ට මේ තාප්පෙ ගාවටම වඩින්න  දුන්නම, මුන් එනව මගේ රෙද්ද අස්සටත් වඩින්න"  කියු ජනාධිපති තුමා පෙර දිනයේ අන්තර් පිස්සු බල මන්ඩලයේ චීවරධාරින් හා ගේමක් ඉල්ලා කන සාක්කුවේ දමාගෙන පිලිකන්නෙ නිදා සිටි මුතු හෙට්ටියාත් රැගෙන ලලිත් සමග වහාම ගමේ ගියේය.

පිට්ටනියේ කොප්පරක් බාන විටම ජානාධිපති තුමා බව දැනගත් එතුමාගේ මිතුරන් වන පෑලිස්, කරෝලිස්, චාලට්, විල්බට්, මහතුන්, හින්නිය යනාදි සබ්බ හැත්ත බුරුත්තම එතනට කඩා පාත්වී වෙච්ච හුට පටේ කියන්නට පටන් ගත්තේය.
"අපි හිතුව ඔහේ එයි කියල මූ මක්ක දේඩුවත් අහන්නෙ නෑ නේ සෑර්..."
"මොකක්ද බන්.... මටත් එක්ක ලැජ්ජයි නෙවැ... පොරි හැලෙන්න දානයක් දෙන්න එපැයි වළඳපු පින්ඩපාතේ මුඛෙන් වඩිනකන්.... උඹල එතකන් අහවල් කාරියද කලේ ...? කියා මොකක්ද කුනුහබ්බයකුත් ඇද බා සේනාවත් සමග පයින්ම ගිය ජනාධිපති තුමා ඇතදී දුටුවේ සිවුර වැරදියට ඇඳගත් පොරක් ගේමට නායකත්වය දෙන බවයි. ළගට ගිය ජනාධිපති  තුමා ඒ බයිලා ච්ක්‍රවර්ති වහන්සේ බව අඳුනාගත්තෙය.

ඔරොප්පුව පොඩ්ඩක් අඩු කරගත් ජනාධිපති තුමා චක්‍රවර්ති වහන්සේ ඇමතුවේය "හමුදුරුවෝ මේ මක්කයි කොරන්නෙ.? අනික මේ උදළු කැති පොරෝ මුල්ලුත් අරන් කුඹුරු කොටන්නේයි....? හාමුදුරුවො ඒවට මහන්සි වෙන්න ඔනැන්නේ නෑ.... අර උතුරෙ තියෙන දෙමල ගම් වලට සිංහල නම් දාන වැඩේ කොරගෙන, දෙන දානේ වළඳලා වෙන දානේ බලා උන්න නම් ඉවරයිනේ... මේව කොටන්න අපේ ලොකු අයිය ඉන්නව".

"එහෙම කතා කරන්න එපා සර්... මේවල තියෙන පුරා විද්‍යාත්මය වටිනාකම ඔහේලට තේරෙන්නෙ නෑ... ඔබ තුමා බුදු හාමුදුරුවොන්ගෙත් නෑය.... ඒ කාළේම තම්යි මේ ගිරිවාපත්තුවට ඇවිල්ලා තියෙන්නේ, මුල් කිරි ගල කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටන් තියෙන ගලක්.... මේ මැදමුලනේ සැගවිච්ච ඉතිහාසය ගොඩදාන්න තමයි මං මේ පුරා විද්‍යවේ මහත්තුරු,යි සේවකයොයි ඔක්කොම එක්ක ආවේ අනිත් කැනිම් ඔක්කොම නවත්තල...."

"අනේ හාමුදුරුවනේ... මන් හිතන් උන්නේ අරූට විතරයි පිස්සු කියල.. බලාගෙන ගියහම හාමුදුරුවොන්ටත් පිස්සු... ආයෙත් මහින්ද බාලසූරිය සේවයේ පිහිටවන්නේ නැතුව වඩිනවැයි ආපු අතක් බලාගෙන... මගේ යකා වඩ්ඩන්නේ නැතුව..." කියා කියු ජනාධිපති තුමා. ජැකාගේ අම්මා සහ ච්ක්‍රවර්තිගේ මෑනියන් වහන්සේලාවත් මතක් කර ලලිත් හා මුතුහෙට්ටියා සමග සියාතු ලයි අහින් දවල්ට ඇදබා කොළඹ බලා පිටත්විය......

Jun 3, 2011

මොහාන් සැලා ගොඩ ගනීද..? - To Rupavahini's New Chairman


මොහාන් සමරනායක කියන්නෙ මගේ ප්‍රියතම නිවේදකයන් කිහීපදෙනාගෙන් කෙනක්. ඒ වගේම ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීන මාධ්‍යවේදියෙක්. ඔහුව අප හඳුනන්නේ විදේශ විත්ති විචාරකයෙක් විදියට. ඉතාමත්ව සමබර විදියට එම ප්‍රවෘත්ති අපට ලබා දෙන්නෙක් විදියට. මොකද අද ඉන්න සමහර විදේශ විත්ති විචාරය කරන අය කරන්නේ, ඒක ලංකාවට ගැලපෙන විදියට හදාගෙන අමු කෙප්ප කෙලින එක. (උදා: ලලිත් ද සිල්වා.) නියම ප්‍රවෘත්තිය බැලුවහම වෙලා තියෙන්නේ වෙන එකක්.

දැන් එතුමට, කාටත් එපාවෙලා තියෙන රූපවාහිනිය බාරදිල තියෙනව. රූපවාහිනීය කියන්නෙ සාඩම්බර ඉතිහාසයක් තියෙන තැනක්. මේකේ කොච්චර වැදගත්, ලස්සන, වටිනා වැඩ සටහන් ප්‍රචාරය උනාද.? කොතරම් ප්‍රතිරූප ගොඩනැගුවද.? නමුත් පසු කාළිනව මොකද උනේ.? අන්තිමේදී ප්‍රවෘත්ති විකාශනයත් අච්චාරු ගොඩක් කරා. දැන් රූපවාහිනිය මගින් ප්‍රතිරූප ගොඩනගනව වෙනුවට, අනෙකුත් ආයතන වල ඉන්න කාලකන්නිගෙන් ඒක පුරවනව. ඇයි මෙහෙම උනේ.? විය යුත්තේ එයද.?

ඉරිදා උදැසන ආයුබොවන් වැඩසටහන කොතරම් වින්දද.? ප්‍රෙමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන වැනි ප්‍රවීනයො මෙන්ම, හේම නලීන් කෙතරම් අපූරුවට ඒව ඉදිරිපත් කළාද..? සමාජය කොතරම් දැනුවත් කළාද..? සාමන්‍ය ජනතාව පවා උසස් වින්දනයක් ඇති අය බවට පත් කළාද..? අද මොනවද කරන්නේ..? පෞද්ගලික නාලිකාවලින් ගත්ත නිවේදිකාවෝ කැබරේ දානව හිපියෝ වගේ සංගීත කන්ඩායම් එක්ක. මහරැ වැඩිහිටියෝ විතරක් බලපු එළිමහන් සංගීත බයිල උදේ පාන්දර දාල පොඩි එවූන්ගේ මොළ කුනු කරනව.

සිනමාවට අභියෝගයක් වන තරමේ සාර්තක ටෙලි නාට්‍ය බිහිවුනේ මෙතනින්. ඒවල රඟපාපු නළු නිළියෝ සිනමා තරුවලටත් වඩා ජනප්‍රිය වුනා. අද මොනවද පෙන්නන්නෙ..? පෞද්ගලික නාලිකාවල තහනම් කරපු, ඉන්දියාවේ කුණු ගොඩවල් වලටත් අන්ත කෝලම්.

ඉස්සර ප්‍රචාරය වුනු සංගීත වැඩසටහන් කොච්චර විඳින්න පුලුවන්ද. කොතරම් සුන්දර සංගීත වැඩසටහන් විකාශය කලාද.? අද මොනවද කරන්නෙ. පෞද්ගලික නාලිකාවල කරනව වගේම, ගිරව් වගේ කෙල්ලො දාගෙන වැඩසටහන් කන එක නේද.? කඩේ යන කලා කාරයො ටික දාගෙනවත් නැවතත් රසාස්වාදයෙන් උසස් නිර්මාන කරන්න බැරිද.? පෞද්ගලික නාලිකාවලට ආදර්ශයක් විය යුතු රූපවාහිනිය එසේ නොකොට ඒව කොපිකරනව විතරක් නෙමෙයි. අඩුගානේ ඒකවත් හරියට කරන්න බෑ කියල ඔප්පු කරපු වැඩසටහනක් තමයි රණවිරු සුපර් ස්ටාර්. මුකුන්ද හිටියේ ඒ නිවේදක නිවේදිකාවොද. මොන්ටිසෝරි ළමයි ඊට වඩා හොඳයි.

සාර්ථක නිවේදකයෙක් කියන්නේ හරියට හිටිවන කවියෙක් වගේ. චතුර වගේ වචන ගලාගෙන එන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒවගේ අය නිශ්පාදනය කලේ මුතුහර වැඩසටහනෙන්. අද ඒක තියෙනවද දන්නෙ නෑ. නමුත් පෞද්ගලික නාලිකාවල වැඩ කාරයො වෙලා ඉන්නෙ එතනින් ආපු අය.

කෙටියෙන් කියන්නෙ පුලුවන්නම්, රූපවාහිනිය ඔය තත්වෙන් වෙනස් කරල, වැඩක් තියෙන තැනක් කරන්න. රූපවාහිනය කියන්නෙ සල්ලි නැති තැනක් නොවෙයිනේ. ප්‍රවෘත්ති විකාශයෙන් පටන් ගන්න. වැඩි මුදලක් අරන් දැන්වීම් දෙක තුනක් දැම්මම හොඳටම ඇති. හෙඩ් ලයින් කියල ඉවරවෙල, ප්‍රවෘත්ති පටන් ගන්න කලින් නිවේදන දාන්නේ ඒකේ විතරයි මගේ හිතේ. එහෙම කරන්න තරම් අහෙනියක් නෑනේ. ඓශ්චර්යය කරා යන ගමනට රූපවාහිනියේ සතියේ දිනවල උදේ වරුව යොදාගන්න, අපි වවමු වැඩ සටහන, ස්වයං රැකියා (රූපලාවන්‍ය නොවේ)වලට උපකාර කරන, සමාජය දැනුවත් කරන වැඩසටහන් ප්‍රචාරය කරන්න.

නක්ෂශ්ත්‍ර කාරයොයි. කුක්ලයි, පතොරොම් කපන එවූනුයි, මේක් අප් දාන එවුනුයි ගේන එක නවත්තන්න. හැමදාම දොස්තරල ගේන්න මුලු ලංකාවම ලෙඩවෙලා නෑ තාම. මේ වටිනා කාළය, එවැනි කාළකන්නින්ගෙන් පුරවන්නේ නැතුව. වැදගත් වැඩසටහන් ප්‍රචාරය කරන්න.

බොරු උත්සව නැතුව චාම් ලෙස වැඩ බාරගත් ඔබට,රූපවාහිනිය රටටත්, ආන්ඩුවේ වැඩපිලිවෙලටත්, සමාජයටත්, දරුවන්ටත් වැඩක් ඇති සත්‍යවාහිනියක් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවායි අවංකව ප්‍රාර්ථනා කරමි.

සුභ අනාගතයක්....!!!

Jun 2, 2011

නවතම ATM - ATM Machine


නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.

"ළඟදීම,..."
 

"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි.

"මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"
                                        "මහත්වරුන්"

1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න.

2. වාහනයේ විදුරුව පහත් කරන්න.
3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න.
4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න.
5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න.
6. වාහනයේ වීදුරුව ඔසවන්න.
7. ස්තූතියි...ඔබට පිටත්විය හැක..


                                     "නෝනාවරුන්...."
 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න
 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.
 3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.
 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න.
 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.
 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න.
 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න.
 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න.
 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 

10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න.
11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න.
12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න.
13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න.
14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 
15. මුදල් හා රිසීට් පත ලබාගන්න.
16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න.
17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න.
18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.
19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න.
20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න.
21. ඔබේ කාඩ් පත ලබාගන්න
22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න.
23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න.
24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න.
25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න.
26. සැතපුම් 2-3 වාහනය පැදයන්න.
27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න
.