මාතලන් ඊයේ පොඩ්ඩක් බිසි උනේය. ඒ නිසා පෝස්ට් එකක් දාගන්න බැරි උනේය. ඉස්සරහටත් බිසි වෙන ගතියක් පෙනෙන්නේය. ඒ ගැන බොහෝම කනාටු වෙනවාය. මේ වෙන පට්ට පට සීන් අනුව, දිගටම ලියන්න තියෙනවා නම්, දවසකට පෝස්ට් දෙක තුනක් උනත් ලියන්න පුළුවන්ය. සිඳු වෙමින් තියෙනා හැපනින්ග්ස් දැක්කාම, හිනා වෙලා ඉල ඇදෙනවාය. පුකෙනුත් හිනා යනවාය. දැන් හිනා වෙන්න මල් පූජා කොරන්න ඕනා නැතිය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Jan 27, 2015
Jan 25, 2015
නිර්මාල්ගේ චුයිං ගම් එක සහ බුලත් විඩ - Fear of Capitalism
මේ ආන්ඩුවට මධ්‍ය ලක්ෂයක් නොමැති බවත්, නමුත්, ලක්ෂ තුනක් වටා කැරකෙන බවත්, ඒ ලක්ෂ තුන කැරකෙන්නේ එකම විදියකට නොවන බවත්, ඒ හේතුවෙන් මේ ආන්ඩුවට වැඩිදුර යා නොහැකි බවත්, තත්වය අති දරුණු බවත්, ජාතික ආන්ඩු ගැන අපේක්ෂාව සිහිනයක් බවත්, ආන්ඩුවේ මධු සමය ඉක්මනින් අවසන් වන බවත්, දින සියයේ වැඩ සටහන චුයිං ගම් එකක් බවත්, එය හපා හපා ඉන්නට නම් හොඳ බවත්, ආන්ඩු පෙරලියකට මූලිකත්වය ගෙන ක්‍රියා කල නිර්මාල් රංජිත් දේවසිරි පවසා ඇත.
Jan 23, 2015
ළොක්කා නැති නිදහස.. (23+) - "Independence Day", For what..? (13+)
දැන් මහින්ද මහත්තයා උන්නද මලාද කියලා එකෙකුට මතක නෑ. කිසිම සජාචාරයක්, ප්‍රජාචන්ච්‍රවාදයක් නැති හැත්ත, එතුමගේ වත්තේ බතල ටික හිටං හාරගෙන කන්න හදන්නේ. නාමල් බේබිට කමිසයක් වත් නෑ.. බැනියන් කෑල්ලක් ඇඳගෙන, මමාගේ බෝර්ත් ඩේ එකට උන්නේ. මුන් කියනවා ලැම්බෝගිනි වල ගියාය, අරකෙ ගියාය මේකේ ගියාය කියලා. ඒ කියන කටවල් වලට එළු බෙටි විඳින්න ඕන ආයිබෝවන්ඩ. අපි නම් අපේ සජ්ජුරුවෝ අමතක කරන්නේ නෑ.
Jan 22, 2015
ඇදෙගන නානා ආන්ඩුවට බජට් යෝජනා - Budget Proposals for Interim Governmant
අපේ ඇදගෙන නානා ආන්ඩුවේ මුදල් ඇමති කම හම්බ උනේ, රවී කරුණානායක උන්නැහේටය. මේ ආන්ඩුව ඇදගෙන නාන බව මාතලන් කීවේ, ආන්ඩුව පත්වූ පසු ලියපු පළමු ළිපියෙන්මය. ඒ, ආන්ඩුවේ පළමු පත් කිරීමට එරෙහිවය. එහෙම ලිව්වේ මේ ආන්ඩුව ගැන අහිතකින් නොවේය. ඇති ආදරය නිසාමය. මේ ආන්ඩුවේ පළමු පත්වීමම අමුම අමු පිස්සුවක්ය. ඒ පචවාහිනියේ මුල් පුටුවය. අදත් එය පචවාහිනියක්මය. ආන්ඩුවේ පම්පෝරි ඇර, මේ රටේ වෙන කිසිම නිව්ස් එකක් ඒකට නිව්ස් නෙමේය. අපි කිව්වේ මේ වාගේ කම්බ හොරු දාගත්තොත්, නාන්න වෙනවා කියාය. කිව්වා වාගෙම, රවි කරුණානායක චෝදනා එල්ල කළ, තැප්‍රොබේන් ගිණුම කිසි අවුලක් නැති ගිණුමක් කියා, රවී කරුණානායක කිච කරලා දැම්මේය.
Jan 21, 2015
ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් - General, Fuel & Alzheimer
![]() |
| පීඩනය විඳ වූයේ ජෙනරල් පමණක් නොවේ... |
මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ මීටින් වලට ගියත්, මහ රජ්ජුරුවන්ගේ උන් කින්ඩිය දැම්මේ, මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය. කොහොම හරි පචවාහිනියටයි, නයි ටී ඇන් එකටයි පින් සිද්ද වෙන්න, මහ රජ්ජුරුවන්ට දපනේ වැටිලා හිටපු උන්, දැන් දැන්, අපි කියපුවා ඇත්ත නේද යකෝ කියලාත් ඉඳ හිට අහනවාය.
Jan 20, 2015
පොලෝසියේ ළොකුම ළොකු සෑර් වෙත, - To IGP with Love
ලැටර්
එක පටන් ගන්න උන්නේ, ඔබ තුමාට අපේ ප්‍රමාණේ පිරිනමලාය. සමාවෙන්න..
ප්‍රණාමේ පිරිනමලාය. ඒත් ඉතින් ඒවා ඉල්ලන් කන වැඩ වගේ දේවල් කියලා,
සිඳුවීම් සිද්ද වෙන ආකාරයන්ගෙන් දැන් පෙනී යනවාය. මොකෝ..., අපි මැකෝට දීපු
ක්‍රෙඩිට් එකත් ආයෙත් රිටන් ගන්න වෙලාය. ඒ තියා, අපේ රුපියල් සීය හිඟා කාපු
එකත්, දන් දීපූ අපිට, රොඩියෝ කියලා කින්ඩිය දානවාය. ඔබ තුමන්ලාට ක්‍රෙඩිට්
එක දෙන්න ගියේ සහ දුන්නේ, 8 වෙනිදා රෑ රජ වාසලේ වෙන්න ගිය කුමණ්ත්‍රණයකට
එරෙහිව, මෝල් ගහ වගේ කොන්ද කෙලින් තියාගෙන මහ රජ්ජුරුවන් වහන්සේටත්,
"නීතීයට පිටින් නම් යන්න බෑ අපේ හාමුදුරුවනේ..." කිව්වයි කියා කට කතාවක්
ගිය නිසාය.
Jan 19, 2015
"ශ්‍රී ලංකා වසන්තය" ඉබේ පහළ වන්නේ නැත. - Spring Comes Late
"අරාබි වසන්තයක්" එනවෝ කියා ළෝකේ පෙරලාගෙන දුවපු උන්ට, මාතලන් කීවේ, එහෙම අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ අරාබියේ නෙමෙයි කියලාය. නමුත් "අරාබි වසන්තය" යන කොන්සෙප්ට් එක ලංකාව තුලද ජය ගත්තේය. අපේ ගොන් වහන්සේලා දැන ගෙන උන්නේ, අරාබි වසන්තේ ආවෝත් ගඩාෆි වගේ වෙඩි කාළා මැරෙන්න වෙනවා කියලාය. ඒත් අරාබි වසන්තය මුලින්ම උදා උන ටියුනීසියාවේ පවා, "බෙන් අලීලාට" නහින්න උනේ නැතිය. උන් හීන් සීරුවේ සවුදි අරාබියට පැන ගත්තේය.
Jan 17, 2015
යහ පාළණේ, වෙස්සන්තර හා නැව් බොරු - Good Governance, Vessanthara & White Lies
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම දෙනාට අපගේ ගෞරවය හිමිවිය යුත්තේය.. මාතලන් සිරි ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලිකව කැමති නැතිය. ඒත්, මහින්ද රාජපක්ෂ නම් සට කපට නායකයාට පට්ට ලයික්ය. ඊට මේන් රීසෝන් එක නම් මහින්ද මහත්තයා, රනිලත් වඩා පට්ට ලිබරල්වාදියකු වීමය. අනික එකෙක්වත් පයිසෙකට මායිම් නොකල ලීඩර් කෙනෙකු හින්දාය. මහින්ද මහත්තයා, (අර පිස්තෝල නගරංදිපති හොරයාට දී ඇති සහතිකේ ගැන කොයි කවුරුත් සිහියේ තබා ගත්තෝත් හොඳය. මොකෝ, දුමක් නැතිව ගොසිප් හැදෙන්නේත් නැති නිසාය.)
Jan 13, 2015
Social Media තියෙන්නේ Fun ගන්න.(ද).?
ලංකාවේ Social Media වල සිඳුවන්නේ කුමක්ද කියන දේ, සාමාන්‍ය මහජනතාවට හඳුන්වා දීමේ මූලිකත්වය ගත්තේ, චානුක වත්තේගමයන්. ඊට පස්සේ, නාලක ගුණවර්ධණ. "රාවයේ", "සිව් මංසල කොලුගැටයා" නමින් ලියන්නේ, නාලක ගුණවර්ධන. ඔහු දිගින් දිගටම Social Media ලංකාව තුල හැසිරෙන ආකාරයත්, ළෝකයේ එහි ඇති බලවත් කම ගැනත්, එමගින් කළ විප්ලව ගැනත්, දිගින් දිගටම ළිපි ලිව්වා. ඒ වගේම බ්ලොග් රචකයින්ට විශාළ ලෙස සහයෝගයක් දෙන, http://sinhala.lankanewsweb.net වෙබ් අඩවියේ "නෙළුම් යාය" සඟරාවත්, කිසි සේත්ම අමතක කරන්න බෑ. මේක ලංකාවේ අපි තාමත් බලන්නේ ප්‍රොක්සි වලින්.
Jan 12, 2015
බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ, අල්ලස් හා දූෂණ කොමිසමට.. - JVP against Corruption
හිටපු ආර්ථික සංවර්ධණ ඇමති, අති ගරු, අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන ඇමරිකාවේ ලොස් (Loss) ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇත. සම හරක් නම් පවසන්නේ, එතුමා පෙබරවාරියේ නැවත තම දූත මෙහෙවර සඳහා, අම්මට සිරිසේනගේ ලංකාවට සැපත් වන වගකි. එහෙත් මාතලන් නම් සිතන්නේ, ඒ කළ අමිල මෙහෙවරම අමුතු ඇටේට ප්‍රමාණවත් බැවින්, නැවත දූත මෙහෙවර සඳහා වෙනත් රටක් සොයා ගන්න ලෙසයි.
Jan 11, 2015
රජු මාවත බැස යනවා (23+) - (fuc)King of the Road (13+)
![]() |
| By - Awantha Atigala |
මැදමුලන හංදියේ තේ කඩේටද, උදේ පාන්දරම දේශද්‍රෝහියෝද, දේශප්‍රේමියෝද, ළිඳ ළඟ සංගම් වල මහිලා සමිති උපාසිකාවන්ද, උපාසකයින්ද, සමෘධිලාභීයෝද, ජෙප්පෝද, අලියෝද, කොටියෝද, මදාවියෝද, පන් මලු එල්ලා ගත් හිඟන්නෝද, ගංජා කාරයෝද, කසිප්පු කාරයෝද, කුඩු කාරයෝද රැස්වන්නේ උන්ගේ දේශපාළණ සංවාද සදහා විල මැද බංගලාවට යන්නට බැරි නිසාය.
Jan 10, 2015
අයියෝ සිරිසේන..! - Sirisena Having a Bath..!
![]() |
| පින්තූරය, බුකියේ එකසිය ගනනට සැරි සරයි... |
මේ, රට තවමත් ගෝත්‍රික රටක් බැවින් මෙහි භාෂා විලාශයට කමත්වා.. යහ පාළණයක් ලැබූ දින, අපද යහපත් භාෂාවකින් අපේ ළිපි ඉදිරිපත් කරමු..
අපි අපේ ජීවිතය පරදුවට තබා, යහපාළණයක් සඳහා, මෛත්‍රී පාළණයක් සඳහා, මහ පොළොවේ පය ගසනා මිනිසකු පත් කරගත්තෙමු. යහ පාළණයක් බලාපොරොත්තු උනෙමු. නමුත් සිඳුවන්නට යන්නේ කුමක්ද..?
Subscribe to:
Posts (Atom)












