.

.

May 19, 2015

කෙල්ල හා බෙල්ල - My Kella My Neck



බේරා ගන්න රේඛා සහ මගෙ             අල්ල
අමාරුවෙන් දා ගත්තා මේ              කෙල්ල
බර නැති නිසා පාගා ගන්නට            වැල්ල
ආවම වනේ කන්නම හදනවා         බෙල්ල

-x-

පින්තූරේ දැක්කම හිතුන දේ...., 
ඔහේලට හිතෙන්නේ වෙන දෙයක් නම්, කවියෙන්ම ලියමුකෝ බලන්න..

May 18, 2015

සැමරුම් හා මිනීමැරුම් - Celebrations & Cremations



මේ රට ඉන්දයන් සාගරේ අමුතු ඇටේ කියන්නේ නිකන් නෙමේය. මාතලන් නම් මේකට කියන්නේ, අම්මට සිරි ලංකාව කියලාය. එහෙම කියන්නේ, අම්මට සිරි කේස් එකක් හැමදාම තියෙන නිසාය. සුද්දෝ ඇවිත් වැද්දෝ ටික ගෝත්‍රිකත්වයෙන් මුදවන්නට වෑයම් කලද, ඔට්ටේලියාවේ සුළුතර ඇබොරජනීස්ලා වෙනුවට, මෙහේ ඉන්නා අති මහත් බහුතරයම ඇබොරජිනිස්ලාය.

May 17, 2015

අභයාරාමේ මහින්දාගමනය - Mahindaagamanaya at Abhayaaraama



ළොකු හන්දුරුවනේ... ළොකු හාන්දුරුවනේ.. ගාගේන මර හඬ දීගෙන ගඳ කුටියට කඩා ගෙන වැඩ්ඩ පොඩි නමගෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නර්ස් හාන්දුරුවෝ ඇහුවේ, මොකෝ යකෝ උදේ පාන්දරම මර හඬ දීගෙන කෑ ගහන්නේ කියලාය. වැඩ්ඩ වැඩිල්ලේ තරමේ සැරට දෙතුන් සැරයක් පැඩ්ඩ පොඩි නම හති හලන ගමන් දෙසා වදාලේ, ආන් මහ සජ්ජුරුවෝ පන්සලේ තාප්පෙ උඩ සර්කස් පෙන්නනවා කියලාය.

May 13, 2015

හොරු සුරකින Law දෙවඟන..



ඇත්ත කියන්න..!
ඔයා තවමත්,
බලනවා නේද හොරෙන්...,
හීනියට...?

තාරාදිය අභයාරාමෙට 
කඩුව කටුගෙට 
මාංචූ
අත් දෙකට...!

නොදැම්මොත්
අබ සරණයි
නීතියට...!!!

-x-



May 12, 2015

සිරසත් හොරු රකිනවාද...? - Is Sirasa protecting the Suspects.?



ඊයේ තවත් ජාතික වීරයෙක් යහපාළණයේ "දඩයම" ට බිලි විය. ඔප්පු කොට නැති වුවත්, අම්මට සිරි ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ මහා නීල කාස සොර දෙටුවාය. අපි එහෙම කිව්වාට එහෙම නොවෙන්නත් පුළුවන්ය. මොකෝ එයා වැලිකඩ ගියේ, "කොහොමද යහ පාලනේ...?"  කියලා අපෙන් අහගෙනය. අපිට නම් කියන්න තියෙන්නේ, "යහ පාලනේ පට්ටයි ඕයි..." කියලාය.

May 10, 2015

ගින්දරී & රොකට් රෝහිණී - Gindaree & Rockette Rohini



කාළෙකට කලින් මාතලන් "රොකට් රෝහිණි" කියලා කතන්දරයක් ලියන්න පටන් ගත්තා නේ.. ඒකට කෙලෙ වෙලා ගියේ, මහින්ද මහත්තයා නිසා.. මොකෝ..., එයානේ අවුරුදු දෙකකට කලින් ඉලෙක්සොන් එකක් දාලා, බ්ලොග් පෝස්ට් වලට පොලිට්‍රික්ස් ගෙනාවේ..සමහර උන් ඒ තරහටමයි, හරහට පොල්ලක් බැඳ ගනින් කියාලා, මෛත්‍රීපාල උන්නැහේට ඡන්දේ දුන්නේ.

May 9, 2015

විල්පත්තුව මෙන්ම, පක්ෂයද බේරා ගත යුතුය... - It is your duty to protect the country & the party



බොරුවට ආයුෂ අඩුය. සත්‍ය කවදා හෝ ජය ගන්නේමය. එමෙන්ම චන්ඩි කමෙන්, මදාවි කමෙන්, යුද්ධයෙන්, විසඳාගත නොහැකි ගැටළු, අර්බුධ හා ව්‍යසනයන්,  මෛත්‍රියෙන්, නිහතමානීකමෙන්, සාකච්ඡාවෙන්, අවබෝධයෙන් හා එකමුතු කමින් පහසුවෙන්ම විසඳ ගත හැකි අවස්ථාවන්ද අති අමානුෂික ත්‍රස්තවාදයන් හා සිවිල් යුද්ධයන් පවතින 21 වන සියවසේදීද පවතින බව, ළොවට පෙන්වා දුන්නේ, මෛත්‍රී පාලනයයි.

May 6, 2015

හොරු සමඟ සාකච්ඡා කුඩු විය - Broken Dreams



අවුරුදු 25 ක් ඉතර තිස්සේ, මේ රටේ ආන්ඩු, සාකච්ඡා තිබ්බේ, රස්තවදියෝ හෙවත් කොටිත් එක්කය. ගොඩක් ඒවා තිබුනේ, රන් වැටෙන් වට ඇටෙන් එහා දේස දේසාන්තරවලය. සම හරක් සෙට් උනේ, තිම්පු වලය. මැලේසියාවේ හා සිංගප්පූරුවෙත් තිබ්බා වගේ මතකය. අන්තිමට තිබ්බේ ජිනීවා වලද කොහෙදය. ඒවාට ආවේ බාලසිංහම්ය. සාමෙට කියා ආවට, සාකච්ඡාවෙන් පස්සේ පුක නැති වෙන්නම නෙළුවේය. 

May 5, 2015

මහා පාවාදීමක්ද...? ඉස්තරන් ඇන්දීමක්ද...? - Live Or Die Game...



අද ලාංකීය දේශපාළණයේ තීරණාත්මක දිනයක් වනු ඇත. සියළු යහපාළණ ටොයියන්ගේ අප්‍රසාදය මැද, මහ බයියා සමඟ පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳව මෛත්‍රී මහින්ද සාකච්ඡා පැවැත්වෙන්නේ අදයි. මීටීම සඳහා අට දෙනෙක් ඉදිරිපත් වෙයි. ඒ හිටපු හා වත්මන් ජනපතිවරු හා, ඔවුන්ගේ සඟයෝ 6 දෙනෙකි. මෛත්‍රී පිලට, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශණ හා සුසිල් ප්‍රේමජයන්ත ඇතුලත් වෙයි. මින් ප්‍රේමජයන්ත ප්‍රභල මහින්දවාදියෙකි. මහින්දගේ පිලේ ඩලස්, බන්දුල හා වෙල්ගම ඇතුලත් වෙයි.

සම හරක් විට මෙය අට දෙනෙකුට සීම කොට ඇත්තේ, ඊට වඩා වැඩි පිරිසක් ඇඳුම් නැතිව සාක්ච්ඡා කලහොත්, ගීනස් පොතේ නම් ගම් පවා ලියවීමට ඉඩ ඇති නිසා වෙන්නත් පුළුවන්ය.

May 1, 2015

වෙසක් පැතුම්...!!! - Happy Vesak...!!!



විසිව ගොස් දුටු ගැමුණු පාළන උදාවී ඇත නැවුම් වෙස                     ඟක්
පහළ වී මහ රජුන් වෙසතුරු එනු පෙනේ සිත් නිවුනු යුග                  යක්
ජහ මනේ පැතු පැතුම් ඉටු කොට දෙනු මැනේ දිණුමකට අග            යක්
මුලා කරමින් දනන් බොරු වෙන් නොහැක කිසි දින දකිණු නිව       නක්

Apr 29, 2015

19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle


19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.

Apr 28, 2015

මහින්දගේ ප්‍රකාශය හා සරත් වීරසේකර නම් භූමීපුත්‍රයා - Message from MR & The Only Son of Mother Lanka


ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය..

සෑර් මාර සීන් එක නේ උනේ..!

ඇයි මොකක්ද මාතේ සීන් එක...? මෙහෙටත් භූමී කම්පාවක්ද..?

භූමීය කම්පා නොවෙයිද සෑර්...?

ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ?

වෙලා තියෙන්නේ...?, ඔබ තුමා කොහෙද ඉන්නේ...? 


Apr 27, 2015

19 දිනන්නේ කව්ද...? - Who will be the Man of the Match..?

 
යහපාළනේ ඇක්ස්පයර්ය. ඒ කියන්නේ වන් හන්ඩ්‍රඩ් ඩේස් (දින 100) ඉවරය. රවි ලොක්කාගේ බජට් එකෙන් දුන්න සහන ටික ඇර, ලැබුනු ලබ්බක් නැතිය. කලටි පොල් පැත්තෙන්, හියුමන් රයිට්ස් පැත්තෙන්, ෆ්‍රීඩම් ඔප් මීඩියා පැත්තෙන් හා ඉන්ටනැසොනල් පැත්තෙන් ලද ජයග්‍රහණ තිබුනද, එවා බත් එක්ක කන්න බැරිය. පත්තරවල කියෙව්වද බඩ පිරෙන්නේත් නැතිය.