ඒ කලේම මම දැනගත්තා ජැන්ටල්මන් කිව්වට පුල් පිස්සු බුවෙක් කියලා.
උඹ ක්‍රිකට් ගහන්න ආපු කාලේ උඹට කිව්වේ, ජරාව දීලා, කළුවව කපලා, ගහන පොරක් කියලා.
හැබයි ඉතින් මොකක්දෝ චෑන්ස් එකකට පට්ට ක්‍රිකටර් කෙන්ක් උනා.
ඒ මදිවට ළෝකෙම පිලිගන්න මහත්තයෙක් උනා.
උඹ ඉස්සෙල්ලම ආවේ කඩුළු රකින්න.
උඹ කඩුල්ල ඉතරක් නෙමෙයි බං
රටේ නමත් රැක්කා.
ඒත් ඉතින් මම දන්නවා බුවා අප්සට් පොර කියලා.
එහෙම නැහ්නන් අර සුද්දගේ රට ගිහින් කියාවිය.
මම හින්ගලය මම දෙමලය, මම මුස්ලිම්ය, මම බර්ගර්ය, මම බුඩිස්ය, මම ක්‍රිස්මස්ය, මම හින්දුය, මම අල්ලය ...,අයි ඇම් ඒ සිරි ලන්කන්යැ කියලා...












