හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Sep 7, 2015
Sep 5, 2015
කොකා කෝලා, දෙමළා සහ බයියලා - Coca Cola, Tamils & Barbarians
හැමදාම කියනවා වාගේ, අම්මට සිරි ලංකව මහා අමුතු රටක්ය. ඉන්නෙත් අමුතුම ජාතියේ පොරවල්ය. කරන්නෙත් අමුතු ජාතියේ වැඩය. මෙහෙම රටක් තියෙනවා කියා, ඉන්දියාවේ උන් දන්නෙත් නැතිය. ඒ උනාට මේක ළෝකෙන්ම උතුම් රටය. මේ රටේ නැති දෙයක් නැතිය. ඒ උනාට ඇති දෙකුත් නැතිය. ඔක්කෝම අනුන්ගේය. ජාතියත් ඉන්දියාවේ සිංහයකුගේය. ආගමත් එහෙන්ය ධර්මාශෝකගේය. දෙයියොත් එහෙන්ය. කොටින්ම රාවණාත් වාල්මිකිගේය. වාල්මිකිත් ඉන්දියාවේය.
Sep 4, 2015
අයියෝ විමලේ....!!! - I O Wimale....!!!
අයියෝ විමලේ,
පට්ට යහපාලනේ නේද විමලේ,
දැන් ඉතින් බූරුවන්ට තප්පුලන්න බෑ නේද විමලේ,
වඳුරන්ට රිලවුන්ට පිණුම් ගහන්න බෑ නේද විමලේ,
රජා උඹට කඩුව දීලා කෙලව ගත්තා නේද විමලේ,
උබ මැස්සන්ට දෙන්න කියලා දීපූ පාරෙන් රජා මළා නේද විමලේ,
බල්ලෝ මලාම මැක්කොත් මැරෙනවලු විමලේ,
රජාගේ උන් දැන් කියන්නේ උබයි ගොනයි නැත්නම් උන් දිණුම් කියලා විමලේ,
Sep 2, 2015
හරකෙක් පාර්ලිමන්ට් ඇවිත් - Bull in a Parliament
අළුත් ආන්ඩුව
ගැල බැඳි ගොනුන්
දමා පසු පසට
ඇදෙයි ගැල ඉදිරියට
බැඳ
නැවුම් ගොන් බානක්
-x-
සිහළුන්ට පුකක් නැත
දෙන්නෙපා දෙමළුනට
විපස්සේ නායකත්වය
"හේතුව...?"
පෙන්නනවාලු
දෙමළු "පුක"
සිහළනුට.
එතකොට,
පෙන්නන්න.
පුකක් නැද්ද,
සිංහලයට...?
-x-
හරකෙක් පාර්ලිමන්ට් ඇවිත්
පිළිගැනීමේ කතාව,
නව කතා නායක,
අංකුර මන්තිරියෙක්
(අං) සහ (කුර.)
පෙඩරල්,
ගිනි අවි,
ගිනි කෙලි,
මව් බිම පව්..
උම්බෑ......
-x-
Aug 29, 2015
ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු - Don't Kill Prageeth Twice
"සූරියකන්ද" කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. "ඇඹිලිපිටිය සමූහ ඝාතනය" කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.
උන් වෙනුවෙන් දියවන්නාවේ පාර්ලිමේන්තුව අසල ඉඳිවුනු "ආරාමයද" අද නැත. අරාමයද, සහාසික ඝාතනයකට ලක්වූ අතර, අද එයි ඇත්තේ අද එහි ඇත්තේ ආතල් ගැනීමට තනා ඇති, "දියත උයනයි". එය වෙනත් ස්ථානයක ඉඳිකරනවා කියා වූ පොරොන්දුව අමතකව ගියේ, එවන් සොහොන් රාශියක් මුළු රට පුරාම ඉඳිකරන්න වෙන නිසා වෙන්නත් පුළුවන්ය.
Aug 27, 2015
හැලපයාගේ පාටිය, Smirnoff, Absolute & Vodka
හැලපයාගේ නිවසේ තිබු අටමාගේ පාටිය ගැන ලියන්න හිටපු ලියවිල්ල, ඉල ඇදෙන ඉලැක්සොන් ගේම් නිසා පස්සට ගියේය. එයිටත් වඩා පස්සට ගිය පඳුරු තැලිල්ලක් තියෙනවාය. ඒ කතන්දරේ දැන් ගොඩක් උන්ට මතකත් නැතිව ඇතිය. ඒ රොකට් රෝහිණිගේ කතාවය. ඒකට අදාලව ලංසි ගැන ලියන්න, හිතවත් "ප්‍රා"ගෙන් ලංසි ගැන පොතක් ඉල්ලාගෙන ආවද, ඒකත් තාම උන්නැහේ දුන්න කවරේ ඇතුලේ යහතින් ඉන්නවාය.
Aug 24, 2015
පිච්චු නම් කෙලින්න එපා සංඝා - Sanga, Don't be Crazy
ඒ කලේම මම දැනගත්තා ජැන්ටල්මන් කිව්වට පුල් පිස්සු බුවෙක් කියලා.
උඹ ක්‍රිකට් ගහන්න ආපු කාලේ උඹට කිව්වේ, ජරාව දීලා, කළුවව කපලා, ගහන පොරක් කියලා.
හැබයි ඉතින් මොකක්දෝ චෑන්ස් එකකට පට්ට ක්‍රිකටර් කෙන්ක් උනා.
ඒ මදිවට ළෝකෙම පිලිගන්න මහත්තයෙක් උනා.
උඹ ඉස්සෙල්ලම ආවේ කඩුළු රකින්න.
උඹ කඩුල්ල ඉතරක් නෙමෙයි බං
රටේ නමත් රැක්කා.
ඒත් ඉතින් මම දන්නවා බුවා අප්සට් පොර කියලා.
එහෙම නැහ්නන් අර සුද්දගේ රට ගිහින් කියාවිය.
මම හින්ගලය මම දෙමලය, මම මුස්ලිම්ය, මම බර්ගර්ය, මම බුඩිස්ය, මම ක්‍රිස්මස්ය, මම හින්දුය, මම අල්ලය ...,අයි ඇම් ඒ සිරි ලන්කන්යැ කියලා...
Aug 22, 2015
එක ගෙයි කෑම හා ඇදගෙන නෑම - "National Govt", Will it work..?
හිතවත් චානුක වත්තේගමයන් බොහෝ කළෙකට පසූ අපූරූ සටහන් ටිකක් බුකියේ කොටලා තිබුනාය. එකකින් අසා තිබුනේ, //සිහි මඳ ගතියකින් පෙළෙමින් අර්ථ ශූන්‍ය දේවල් කියවමින් සිටි මෙම පුද්ගලයා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දින සිට ගිය තැනක් සොයා ගන්ට නොහැකි වී තිබේ. අවසාන වරට දකින විට බොර පාට ජාතික ඇඳුමක් හැඳ වර්ගපූර්ණිකාවේ ෆොටෝ කොපියක් කිහිල්ලේ ගසා ගෙන සිටියේය. ඔහු ගැන ආරංචියක් ලැබෙතොත් විදුසර කර්තෘ මණ්ඩලයට හෝ ළඟම ඇති නාථ දේවාලයට දැනුම් දෙන්න.// කියලාය. ඒ පිස්සු නාථ හෙවත්, අනාථ නාථ හෙවත්, මහා ආචාරිය නලීන් ද සිල්වා උන්නැහේ ගැනය.
Aug 19, 2015
ගීතාගේ යෝනියේ දිග පළල සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම - Geetha's Virginity, Muthuhetti & Handunneththi
ඔනෑම ඉලැක්සොන් එකක ප්‍රොතිඵලේ ආවාම, අතේ තියෙන තුට්ටු දෙක අලි ඩොං කාරයාට දීලා, පිරබාහරන් මහත්තයාගේ TNT වලටත් වඩා සද්ද, බට්ටෝ පාරේ පුපුරුවා, අතින් කයිට් කොරගෙන, ගොන් ආතල් ගන්නා එක මාතලන්ගේ සිරිත නෙමේය. කැමතිම එකා දින්නත්, පැරදුනත්, හංදියේ දැල් කඩෙන් ගල් බෝතලයක් වඩම්මාගෙන විත්, හාමිනා සමඟ කොක්කක් පටලවාගෙන රිසාල්ස් බලනා එක මාතලන්ගේ සිරිතය.
මොකා දින්නත්, අපටවත් රටටවත් මෙළෝ සෙතක් නැති උනත්, රිසාල්ට්ස් බැලුවාම, අම්මට සිරි ලංකාවේ සමාජයේ හැඟිම් දැනීම්, චින්තනය, උගත් නූගත් බව වගේම, තව හැට හුටාමාරක් දේවල් එලියට එනවාය. ඒවා අජ්ජයනය කොරනා එක තරම් තවත් ආතල් එකක් මාතලන්ට නැත්තේය.
Aug 18, 2015
අලි මෙන්ම මී ගව සම්පතද ආරක්ෂා කළ යුතුය... - Keep calm and protect our Buffaloes
පැතූ පැතුම් සියල්ල එසේම ඉටුවෙලාය. ටොයියන්ටවත්, බයියන්ටවත් ඔළු ඉදිමෙන රිසාල්ට් එකක් ඇවිල්ලා නැතිය. බොහෝ උන්ට සැකයක් තිබ්බේ, ජහ මනයා ඡන්දේ ප්‍රකාෂ කොරන්න එන එකක් නැතයි කියාය. එහෙත් වැල නොකැඩි ආපු ජහ මනයා නිසා, ගොබ්බ, ගෝත්‍රික, ජාතිවාදි, කාළකන්නි බයියන්ට රට යන්නට තිබු චෑන්ස් එකට කෙලවෙලාම ගියේය. එහෙම උනා නම් ඉතින් අපිටත් වෙන්නේ කෙහෙල් කොටන් පාරුවක හරි නැගලා, නන්දයි සුනිලුයි පැන්නා වාගේ, අඩුම ගානේ තමිල්නාඩුවටවත් පැන ගන්න එකය.
Subscribe to:
Posts (Atom)














