හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Oct 28, 2016
Oct 27, 2016
සිරිපාදේ, එටිසලාට් හා කන්ඩළම - Adam's Peak, Etisalat & Kandalama
![]() |
| මේ සිරීපාදය නොව මැලේසියාවේ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස්ය |
යහපාලන ගොබ්බ ආන්ඩුව ඉකොනොමි එකෙන් නාගත්තේ, ඒවන විට කෙරෙමින් තිබූ සංවර්ධණ වැඩ කටයුතු සියල්ලම නවතා දැමීමේ මරි මෝඩ තීරණය නිසාය. හේතුව වෙන කිසිවක්ම නොවේ. හොරා කෑමේ නොනිත් ආසව පමණමය. එයින් කෙලවූ කෙලවීම කෙසේද යත් ඔළුව උස්සාගැනීම සිහිණයක්ම බවට පත්ව ඇත්තේය. දැන් හොරා කන්න තියා, එදා වේලවත් කා ගන්න බැරි නිසා වැට් එක හැම එකාටම ගසා සුළු ව්‍යාපාරිකයින්ද ජන්මාන්තර වෛරක්කාරයින් කර ගැනිමේ මගඟු කාර්යයට අත ගසා ඇත.
Oct 25, 2016
තොපි ආවෙ හොරා කන්නද, රට හදන්නද..? - Our Rulers are World Best Looters..
රනිල් කපටියෙක් බව බොහෝ දෙනෙක් කියනවාය. පොඩි පොඩි කපටි කම් කලත්, ජනතාව නම් කියන්නේ ඉල්ලාගෙන කන්න ඒ වගේ කෙනෙක් නෑ කියලාය. එජාපයේ සෙල්ලම් දාගෙන බලය අල්ලාගෙන උන්නද, රටේ බලය එහෙම අල්ලාගෙන ඉන්න බෑ කියලා ඊයේ පාර්ලිමේන්තුවේදි ඔප්පු උනාය. මෙතුවක් කල් "මිස්ට් ක්ලීන්" ලෙස සිටි පුදගලයා, ඊයේ පාර්ලිමේන්තුවේදි ලංකාවේ නොම්මර එකේ "හොරා" විය. පට්ට ජෝක් එක කියන්නේ, නොම්මර එකේ හොර කල්ලියකින්ම එසේ අහන්නට වීමයි. එහෙම කිව්වත් අවුලක් නැත්තේ, සිංගප්පූරුවේ සිට ආ රනිල්ගේ මිත්‍රයා කර තිබෙනා හොරකමත් එක්ක බලුවාම අරුන් නිකන්ම නිකන් කුකුල් හොරු සයිස් එකට වටෙන නිසාය.
Oct 24, 2016
Oct 23, 2016
Oct 19, 2016
දිල්රුක්ෂි නෝනේ, රාජිත දොඩන්නේ ඇත්තෙයි....? - Who lets the dogs out...?
අපේ ගීත සාහිත්තෙත් අමුතු අමුතු කේස් තියෙනවාය. අම්මට සිරි ලංකාව ගැන කියන ගීත වලට කියන්නේ ජාතිකාභිමානි ගී කියලාය. ඒ ගී වල තියෙන අකුරු හෙවත් ගේය පද රචනාවද මක්කද එකේ තියෙන්නේ අම්මට සිරි ලංකාවේ සිරි විභූතිය ගැනය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේට ජාතික ගීයක් ඕනෑ උන වෙලාවේ මෙහෙම සින්දු සෑට් එකක් ලියවිලා තියෙනවාය. අදටත් ටිපක් එහෙම යන වෙලාවටත්, දෙකක් දාගෙන ආතල් එකක් ගන්නා වෙලාවටත්, කියන්නේ ඒ ගීතය.
Oct 17, 2016
Oct 13, 2016
යහපාලනේ අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.. - Yapalana Funeral will be notified later
ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්‍රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ.
Oct 11, 2016
කුණු වලින් නා ගන්නා පාලකයෝ - Poor Waste Management
Watch the Vedio by Derana TV
අම්මට සිරි ලංකාවේ තරම් ආත්මාර්තකාමි ජනතාවක් මේ විශ්වයේ කිසිම රටක ඉන්නවාදෝ කියා සිතෙන්නේ අප එදිනෙදා දකිනා දේ නිසාය. එය අපේ රටේදි පමණක් නොව පිටරටකදි මීටත් වඩා හොඳින් බලා ගන්නට පුළුවන. එසේ වීමට ප්‍රධානම හේතුව නම්, කිසිම හැදියාවක් නොමැති කමයි. නිදහස් අජ්ජාපනයක් කියා දෙයක් හඳුන්වා දී හැම එකාටම අජ්ජාපනයක් දුන්නද එයින් කිසිම සංවර්ධණයක් රටට ලැබුනේ නැති අතර, එයින් ඵලප්‍රයෝජන ලබා ගන්නේ වෙනත් රටවල උන්ය. මෙහේ ඉන්නා පිරිසගේ මාන්නය ඉහටත් උඩින් තිබෙනාතර, මහාචාර්යවරයාගේ සිට ගමේ රස්තියාදු ගහන එකා දක්වා, කිසිම හැදියාවක් උගන්වා නැති, කිසිම හැදියාවක් නැති, පිරිසක් මුළු රටේම සිටින්නේය.
Oct 9, 2016
පිස්සු පීකුදු විප්ලවේ, හෙලිකොප්පර් හා නයිට් ක්ලබ් කුඩු කිරීම - Funny Revolution with mobs
ජනවාරි අට වෙනස සම හරක් හඳුවන්නේ විප්ලවයක් ලෙසය. ඒ වගේ මළ මඟුලකට විප්ලවයක් කියනවා නම්, ඉතිහාසයේ සිඳු වූ අනෙකුත් විප්ලවයන්ට වෙන නමක් දාගන්නම වෙනවාය. මේ සිඳුවෙමින් පවතින්නේ අඩු වැඩි වශයෙන් කලින් තිබූ පාලනයේම දිගුවක් පමණක්මය. කරුමය කියන්නේ, එහි පැවති ජනතා විරෝධි දූෂණ අක්‍රමිකතා මෙන්ම, නාස්තිකාර වියදම් හා ගැහිලි පමණක් නොව නොම්මර එකේ ගොන් ආතල්ද ඒ ආකාරයෙන්ම තව දුරටත් සිඳුවීමය.
Oct 6, 2016
සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු - Governments depend on tobacco tax revenue
සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය. මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය.
Oct 2, 2016
සිහළුනි නැගිටිව් ඕනා. දෙමළුනි නැගිටිව් වානා - Reconciliation over racism
![]() |
| Viga with Mahinda and Sirisena |
මේ ආන්ඩුව කරන තරමක් කොරන්නේ හත් පොලේ ගාගන්න කේස්මය. වඳුරන්ට දැලිපිහි දෙනවා වාගේ ගෝත්‍රිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න ඕනා නෑ කියා මාතලන් කියන්නේ බොහෝ කලෙක පටන්ය. ඒ කියන්නේ, ජනතා විරෝධි හොර මැරකම් දූෂණ අක්‍රමිකතා කොරන්නෙයි කියා කියනා එක නෙමේය. ඔය මාද්දිය නිදහස, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස වගේ දේවල් ඕනාවට වඩා ඕනෑම නැතෙයි කියනා එකය. එහෙම එපා කියා කියුවේ ඇයි කියා අද ඔප්පු වී අහවරය.
Subscribe to:
Posts (Atom)










