හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Jul 15, 2020
Jul 12, 2020
කොරෝනා දෙවනි රැල්ළේ පීනන්නෝ...
වගකිව යුත්තෝ ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජා උනාට කොරෝනා දෙවනි රැල්ළ ඇවිල්ලා ඉවරය. තත්වය පළවන රැල්ලට වඩා ඔඩු දුවා ඇති බවත් රහසක් නොවේය. එයාලා ජනතාවට දොස් පවරා ඇඟ බේරා ගන්නට හදනවාය. ඊයේ අනිල් ජාසිංහ උන්නැහේ කිව්වේ රාජාංගනයේ මළ ගෙදර හා දානේ ගෙදර ඔවුන් කියූ ආකාරයට සිඳු වෙලා නැතෙයි කියලාය. එතකොට තොන්ඩාගේ මළ ගෙදර තිබුනේ එයාලාගේ නිර්දේශ අනුවදැයි අපට අහන්නට හිතෙනවාමය. එයිටාමතරව රාජාංගනයේ යාය දෙක PHI ලාගෙන් තොර කලාපයක්දැයි අසන්නම වෙනවාය. මොකෝ මළගෙවල් හරියට වෙනවාදැයි බලන එක එයාලාගේ ඩියුටිය නිසාමය.
Jul 9, 2020
Jul 5, 2020
බුර්කාව හරහා එන ආර්ථික ප්‍රහාර, ගොබ්බ ආන්ඩු හා මෝඩ සිංහලයා
අපේ රටේ ජනතාවට සති දෙකෙන් සියල්ල අමතක වන් මෝඩයන් පිරිසක් බව කිව්වේ ප්රභාකරන්ය. ප්රභාකරන් කියන්න කලින් නොවේ මෙවන් මෝඩයන් ලොවේ කියා කවුරුත් දන්නවාය. විශේෂයෙන් ඒ මෙරට සිංහළ බෞද්ධ ජනතාවය. ත්‍රස්ත්වාදීන් හා සංහිදියා මාර්ගයේ යන්න 1994 පත් වූ රජයේ මංගල පින්සිරි උන්නැහේ සුදු නෙළුමක් අරගෙන දකුණේ මොකක්දෝ තොයිලයක් නැටුවේය. උන්නැහේට තිබුනේ නෙළුම බැරි නම් සැටලයිට් නෝනාත් කරේ තියාගෙන ප්රභාගේ අඩිවියේ ඒ තොයිලේ නටාගන්නා එකය.
තොයිලේ සක්සෙස්සෙක කොයි තරම් සාර්ථකද කියනවා නම්, අන්තීමේ උනේ සැටලයිට් නෝනාගෙ එක ඇහැක් කොටියාට දන් දෙන්න වූ එකය. හමුදා කඳවුරු බහුතරය කොටින්ගේ ග්‍රහණයට පත් විය. හමුදාපති වරුන් යුද්ධය විකුණාගෙන කෑවේය. අන්තිමේදී ආර්ථිකය මයිනස් වලටම ගියේය.
අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරයද එසේමය. කටුවාපිටියේ ප්‍රහාරයට ලක් වූවන් පණ අදිමින් ඉස්පිරිතාලවල ඇදන් මත සිටියදි, එහේ ඉන්න මී හරක් ගිහිල්ලා ත්රස්තවාදීන්ට උඩගෙඩි දුන්න උන්ට කතිරේ ගසා ආවේය. අපේ උන්ට ඒවා එසේ අමතක වූවාට, ඉස්ලාම් ටෙරාලා ගේම අත ඇරලා නැතිය. දැන් දැන් නියමාකාරයේ කොමිසම් වලින් හෙලිවන කරුණු, ඇඟ කිලි පොලා යන්නේය. එහෙත් ඒවාට එරෙහිව ගන්නා ක්රියාමාර්ගයන්ද කිසිවක් පෙනෙන්නට නම් ඇත්තේ නැතිය. උන්ගේ මද්රාසා පාසල් වල උගන්වන්නේ මක්කාද කියා අද බොහෝ පැහැදිලිය. ඒත් ඒවා වෙනදාටත් වඩා හොඳින් රන් වෙනවාය.
![]() | |
ලන්ඩනයේ "සෙන්ට් පෝල්ස් කැතීඩ්‍රල්" එක පුපුරුවාහරින්න එංගලන්තයේ පළමු මරාගෙන මැරෙණ බෝම්බකාරිය ඒ උත්තේජනය ලබා ගෙන ඇත්තේ ලංකාවේ පාස්කු ප්රහාරයෙන්ය. ලංකාවේ පාස්කු ප්‍රහාරය සිඳුවන කාළයේ ඇය මේ රටේ උන් බවටද වාර්ථාවන් පලවේ.
ඇය පෙරහුරු පවත්වන්නේ කෙසේද. බැග් පෑක් එකකුත් කරේ දමාගෙන ඇය පෙරහුරුවලට යන්නේ බුර්කාවෙන් සැරසීලාය. එහිදි පල්ලියේ ආරක්ෂක තත්වය ඉතා දුර්වල බව ඇය වටහා ගන්නවාය. වාසනාවකට ඇයව මාට්ටු වන්නේ අන්තවාදීන් ලෙස වෙස් වලාගත් ඔත්තු සේවයේ නිළධාරින් නිසාය.
අපේ රටේද මාමස්මි කියා පාතාල නායකයකුගේ නිල ඇඳුම වුනේ බුර්කාව බවත් මේ මොහොතේ අමතක කරන්නට හොද නැතිය. ඕවා අස්සේ ටෙරාලා කීයක් තාමත් යනවාදෝ කියා දන්නේ අල්ලා දෙවියන් වහන්සේ විතරමය.
අපේ ඔත්තු සේවයට ඒ කාළේ අත්ව තිබු ඉරණම දැන් හොඳින් ආවරණය වනවාය. නාකොටික් එකේ උන්ගේ කෙරුවාවන් ගැන අහද්දී අපට හිතෙන්නේ පොලීසියේ හා ඔත්තු සේවාවල හිටිය උන් සහරාන්ගේ සල්ලි වලට රට පාවා දුන්නාදෝ කියලාය. උන්ගේ ගණු දෙණු ගැන එලි වෙන්නේ දැන් දැන්ය. ඒවා සංසරනය වී ඇත්තේ කෝටී ගනන් වලින්.
ආන්ඩුව ආර්ථික වශයෙන් ඉන්නේ අමාරු තත්වයකය යන්න බොරුවක් නොවේ. වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක් අවුරුද්දකින් දෙකකින් ගොඩ දමන්නට පුළුවන් කියා හිතනා එකෙක් වේ නම් ඌ උපන්ගෙයි මෝඩයකු හැර වෙන එකෙක් නම් වෙන්නට බැරිය. ඒ අස්සේ කොරෝනා ලෝක වසංගතය නිසා ලෝකයේම ආර්ථිකය ඇත්තේ නන්නපෝල් වෙලාය. ෆිනෑන්ස් කොම්පැනි ගැන මිනිසුන්ගේ විශ්වාසය බිදි ඇති අවස්ථාවේ බැංකු පද්දතියටද කෙලින්න යන්නේ ත්රස්තවාදීන්මය.
ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ බෝම්බවලින්ම නොවේ. නගරාශ්‍රිත පන්සල් වල ලොකු හාමුදුරුවරුන් පවා තනි තරුවයි හඳපලුවයි මුදලාලිලාගේ ග්‍රහණයට නතුව බොහෝ කල්ය. මේව ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන ගේම්ය. සම්පත් බැංකුවේ ගේම ඇදපු එකා ගැන මීට වඩා සෙවිය යුතුය යන්න මාතලන්ගේ විශ්වාසයයි. සමහර විට පොර එම අවස්ථාවේ ආවේගයට පත් වූ සංහිදියා පොරක් විය හැකිවාක් මෙන්ම පෙනුම අනුව නම් සහරාන්ලාගේම එකෙක්ද විය හැකිය.
මේවා ප්ලෑන් ගේම්දෝ කියා සිතෙන්නේ, සම්පූර්ණයෙන්ම බුර්කාවකින් සැරසි එන මුස්ලිම් කාන්තාව මුහුණ ආවරණය ඉවත් කර ගත් පසු බැංකුව ඇතුලට පැමිණෙන ලෙස කීප වරක්ම පවසන මුත් එය ප්‍රතික්ෂේප කරමින් ගේමම ඉල්ලමින් වීඩීයෝ ගත කරනා නිසාය. සමාජ මාධ්‍යයන්ට මුදා හරින වීඩියෝවෙහි මුල් දර්ශණ නැත. ඒත් සමගම එලියට එන්නේ මෙවන් ගේම් වල ගෝඩ් ෆාදර් වන මංගල පින්සිරි සමරවීර උන්නැහේය.
සම්පත් බැංකුවෙන් මේ පිළිබඳ නිකුත් කර ඇති නිල නිවේදනය පසෙක තබා ලිබරල් සිංහල බෞද්ධ මෝඩයෝ එල්ලෙන්නේ සභාපතිගේ පෞද්ගලික ප්රකාශයේය. එහි කිසිම වරදක් ඇත්තේ නැතිය. ෂරියා කාරයන්ගේ හා බෝනගේන් ත්‍රස්තවාදින්ගේ බැංකුවලට රට තුල ව්‍යාපාර පවත්වාගෙන යා හැකි නම් සිංහල බෞද්ධයා වෙනුවෙන් බැංකුවක් තිබුනාට ඇති වරද කුමක්ද කියා මාතලන් ඒම බූරූ තකතීරිවන්ගෙන් අසනවාය.
නෙළුම් මල් අරගෙන ගිහින් දුන්න ගේමට එහා ගේමක් දෙන්න යන බව දිනකට හෝ මුදල් ඇමති කමත් දැරූ එකෙකුට වැටහෙන්නේ නැති විය නොහැකිය. එයා එයාගේ සම්පත් බැංකුවේ ගිණුම ඉවත් කර ගන්නා බව කිව්වේ ගින්දර පත්තු වන අතරේමය. ඉන් පුක චූන් වූ ගොබ්බ ලිබරල් සිංහල මී හරක් ගන්නේ බැංකුවේ පැත්ත නොව ත්‍රස්තවාදින්ගේ පැත්තය. උන් මේ ඉටුකරන්නේ ජිහාඩ්කරනයේ වුවමනාවන බව මේ ගොන් බාස්ලාට මේ කපේදී නම් වැටහෙන්නේ නැතිය.
සංහිදියාව යනු එකකි. ගොන් කම යනු තවත් එකකි. උන්ගේ ටාගට් එක සිංහල ව්‍යාපාරිකයා බංකොලොත් කර දමනා එකය. ලංකාවේ සෑම වෙළඳ නඟරයක්ම අත්පත් කර ගන්නේ ඒ අනුවය. මේ ගැන සිහල ව්‍යාපාරිකයින් දැනුවත් වුවද ගොබ්බ ආන්ඩුවල සංහිදියා නිසා උන් ඉන්නේද අසරණයවය. අනික උන්ට අත හිත දීමට කිසිවකු නැති උවත්, අරුන්ට සල්ලි එන්නේ ඕසෙටය. නැගෙනහිර විස්ස විජ්ජාල හදන්න තරම් උදල් ආවේ එසේය.
තත්වය එසේ තිබියදි සිංහල ව්‍යාපාරිකයාට අත හිත දීමට ඇති අල්ප ආයතනයන් අතරින් එකක් වන, සම්පත් බැංකුවට එරෙහිවන සෑම සිංහලයෙක්ම, අමු ගොන් බූරුවෙක් බව නොකියා සිටිය නොහැකියය....
නැවතත් කිව යුතුව ඇත්තේ සංහිදියාව කියන්නේ ගොන් කමට නම් නොවේමය කියාය..
Jul 2, 2020
ආර්ථිකය - පොල් රොටි හා පෝක් කරි වලින් ඔබ්බට
මෙහි පළවන කොටස කියවීමට මේ අකුරු උඩ ඔබන්න
කොරෝනාවෙන් පසු ආර්ථිකය කෙසේ විය යුතුද කියා රජයේ වග කිව යුතු නිලධරුවනට වගේ වගක් නැති වුවද, එයින් බැට කෑ වෙන්න ටොයියන් පවා අද පොල් රොටි හා පෝක් කරි හදාගෙන තම වාහනයේ තබාගෙනම ව්‍යාපාර පටන් ගැනීම අප අගය කළ යුතුය. ඔවුන් රටට බරක් නොවේ. කරුමය කියන්නේ මේ බොහෝ පිරිස් පසුගිය කාළයේ හන්දිවල ත්‍රී වීලර් තියාගෙන උන් තරුණයන්ට කින්ඩි දැමු පන්තියේ උන් වීමය.
අද උන් මේ මහත්තුරුන්ට වූ වින්නැහිය දැක හිනා වෙනවාත් ඇතිය. මාතලන් නම් එදාත් කීවේ ආන්ඩුවලට බරක් නොවී තමන්ගේ පාඩුවේ තමන්ගේ කියා මක්කා හෝ කර කීයක් හෝ ගැනීම අගය කළ යුතු දෙයක් කියලාමය. මේවා ගැන පින් පඩි ගන්නා උන් හෝ පෞද්ගලික කොම්පැනිවල මාසික පඩිය ස්ථීරවම ලැබෙන බව දන්නා උන් දන්නේ නැති උනත්, කන පැලෙන්න කටු කා ඇති මාතලන්ලා වාගේ උන් අපූරුවට දන්නවාය.
සිරිසේන කොඩිවිනේ පෝට්ටුවටත් වදියිද...?
බිත්තර ආප්පයක්ද කා රාජපක්ෂලාට පස්ස පෙන් වූ සිරිසේන උන්නැහේ හැංගිලා උන්න පොල් වත්තෙන් එලියට ඇවිල්ලා කිව්වේ, රාජපක්ෂලා මහ පාරේ ඇවිද්දනවා කියලාය. කිව්වා වගේම උන්නැහේ රාජපක්ෂලා නුවර ඉඳන් කොළඹටම ඇවිද්දුවේය. ඊයේ දිනයේ මංගල සමරවීර ස්වර්ණවාහිනියේ වැඩ සටහනකට සහභාගී වෙමින් කියා සිටියාක් මෙන් සිරිසේන ගොනාට අඳින්න පටන් ගත්තේ ජපානයේ පැවති ඝ්7 සමුළුවෙන් පස්සේය. ඒකේ නම ඝ්7 වූ නිසාමදෝ එදින ඉඳන් උන්නැහේ ඝ් හත් පොලේම ගාගෙන ඇදගෙනම නෑවේය. පොරට උනේ නිල් බාල්දියට වැටුන නරියාට වූ දේමය.
Jun 30, 2020
පොල් රොටි හා පෝක් කරි සමඟ පශ්චාත් කොරෝනා ආර්ථිකය
පෝක්දල ජයන්ත ආයේ හත්පොලේ ගාගෙන නාගෙන ඇත. මෙයාලා ඉපදිලා තියෙන්නේම ඇදගෙන නාන්නම විය යුතුය. මේ මාධ්‍ය උස්තාද්ලා කියපු වාහේලාය. අද උන් ඉල්ලගෙන කන්නේ සමාජ මාධ්‍යවල ඉන්නා, මාධ්‍ය උස්තාද්ලා විසින් දෙකයි පනහේ කොල්ලන් හා කෙල්ලන් කියා හැදින්වූ පිරිසගෙන්ය. දැන් ලියාපු ළිපි අන්තරස්දාන වෙලාය. මාධ්‍ය චන්ඩි නිකන්ම නෝන්ඩි වෙලාය. කලින් කෑවේ ෆේස්බුක් එකේ පොඩි කෙල්ලෙක් දාපූ පෝක් කරියක පොටෝ එකකට කෙලින්න ගිහිල්ලාය. මේ සැරේ කැවේ ප්‍රසිද්ධ චරිතයක් වන නිහතමානී ගායිකා උරේෂා රවිහාරිගේ පවුල් ජීවීතෙට උපදෙස් දෙන්න ගිහිල්ලාය.
Jun 29, 2020
තනමල්විල කොල්ලා හා තනමල්විල මල්
තනමල්විල කොල්ලා ගැන යමක් ලිව්වේ නැත්නම් හිතට හරි නැතිය. එතරම් වින්දනයක් ලබා දුන් නිර්මාණයක් ගැන වචනයකින් හෝ අගයිමක් නොකරන්නේ නම් එය පට්ට කුහක කමකි. එහෙත් ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ ළිපියක් ලියන්නේ නම් එය නිමාවනු ඇත්තේ මහා පිරිවානා පොත් වහන්සේ තරම් විශාල පොතක් වෙලාය. අද කාළේ එහෙම ඒවා තබා අප ලියනා බ්ලොග් ලිපියක් වුවත් කියවන්නේ ඉතා සුළු පිරිසකි. ඒ නිසා ඉතාම කෙටියෙන් යමක් සඳහන් කිරීම මේ ලියමනේ අරමුණයි.
Jun 26, 2020
MCC,එම්බසි, UNP හා JVP
MCC ගිවිසුම හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරෙසොන් නම් පුණ්‍යාතනය මගින් අපේ රටට කෙලින්නට ගියේ ඇමරිකාවෙ ඉදන් නම් නොවේය. වැඩේ ගියේ අරලිය ගහ මන්දිරයේ සිටය. ආන්ඩුවෙන් සම්බන්ධ වෙලා උන්නේ මුදල් පිළිබඳ රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න උන්නැහේය. එයා බෝන් අගේන් පොරක් කියා බොහෝ අය කියනවාය. ඒවා මක්කා උනත් ජේප්පෝ මේ ගිවිසුම ගැන ඇත්තට හෝ බොරුවට ගේම අඳින කොට අම්බානක මල පැන පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් තප්පුලෑවේ නම් උන්නැහේ කියලා කාටත් මතක ඇතිය
Jun 23, 2020
කරුණා මූදේ නාති ගිලීලා...
ලංකාවේ තිස් වසරකට අධික කාලයක් තිස්සේ දරුණු ගරිල්ලා ත්රස්තවාදයක් සමඟ අති භයානක යුද්ධයක් තිබූ බවත් එය ජයග්‍රහණය කිරීමට පෙර, උතුරේ මෙන්ම දකුණේද ලේ ඟංගා ගැලූ බවත් අද ඉන්න පරපුර දන්නේ නැතිය. අනික් උන්ට මතක නැතිය.
උතුරේ වෙනම පාලනයක් තිබූ අතර, එම ප්‍රදේශවල පවත්වාගෙන ගිය හමුදා කඳවුරු රාශියක් කොටින්ට යටත් වූ බවත්, එහිදි හමුදාවේ පිරිස් විශාල වශයෙන් මියගිය බවත් රහස් නම් නොවේමය. මින් වඩාත් කතා බහට ලක් වූයේ චන්ද්‍රිකා පාලන සමයේ එලිෆන්ට් පාස් කඳවුරට එල්ලවූ ප්‍රහාරයයි. එහිදි මිය ගිය හමුදා සෙබලුන්ගේ ගනන අදටත් අභිරහසකි. සමහර විට කරුණා පාරම්බානවා ඇත්තේද මේ ප්‍රහාරය ගැන වෙන්න ඕනාය.
Jun 17, 2020
අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික බෑන්කර්ස්ලා නොව බ්‍රෑන්ඩ් නිව් තින්කර්ස්ලාය
ඝෝඨාභයගේ වැඩ පිලිවලේ මා ඉතා අගය කරනා දෙය නම්...
යහපාලන තොරතුරු දැන ගැනීමේ අයිතියටත් වඩා ඉදිරියට යමින්.. ජනාධිපති තුමාගේ සියළු රැස්වීම් මාධ්‍යයට විවෘත කරලා තිබෙනා එකටය....
එමගින් උන්නැහේ එතුමා එම ස්ථානයේ තැබූ ජනතාවට කරන්නේ විශාල සාධාරණයකි...
රෙන්න පුකේ ගූත් නැති විරුද්ධ පාක්ෂිකයන් මොන බයිලා ගැහුවත් එය වඩාත් ප්රජාතන්ත්රවාදී ඉදිරිගාමි පියවරක්මය...
එවන් පියවරක් ගෙන නොතිබුනේ නම්... වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු වන්නේද උන්නැහේමය....
එහෙත් මේ රට හදන්න බැරි මක්කුන් නිසාද යන්න උන්නැහේ සමඟ රැස්විම්වලට එන ගල් ආඳෝ අද ජනතාවට පෙන්වා හමාරය....
ප්රාමානික උගත්තු හිතන්නේ උන්ගේ ප්රාමානික දැණීම සදාකාලික පරම සත්‍යයය යැයි කියාය... ස්ථිර රැකියා මෙන්ම ආයතන තුල ඇට මිරිකීමෙන් හා ඇල්ලීමෙන් මහ පුටුවලටම යන උන් කරන්නේ සෑම රජයකින්ම පත්වන ඇමතියාත් අන්දාගෙන උන්ගේ මාෆියාව දිගටම පවත්වාගෙන යාමය....
හොඳම උදාහරණය විදුලි මාෆියා නායක බටගොඩය... ඝෝඨා නොව චිචීගේ චූටී කුකු ජනාධිපති වුවද විදුලි බල මණ්ඩළය උගේය...
ඉලැක්ට්රිසිටි බෝඩ් එක පාඩු පිට දිව්වාට මාෆියාවේ බිස්නස් සුපිරි ප්‍රොෆිට් දෙන ආයතනය... ඒවා සියල්ල දුවන්නේ අර පාඩු ලබනා මණ්ඩලයෙන්ය...
මේවා මහා දවාලේ එලිපිට කෙරෙනා අමු මහා මංකොල්ලයන්මය....
2005 සිට මහ බැංකුව හොරා කන්නේ ඇතුලේ ඉන්නා උන් හොරුන්ගෙත් හොරු නිසාමය.. දේශපාලුවන්ට හොරකම කියා දෙන්නේ නිළධාරීන් මිස වෙන කිසිවකු නොවේ...හොරකම සිඳුවන්නේ උන්ගේ නෑ හිතමිත්‍රාදීන් අධ්‍යක්ෂකවරුන් වන සමාගම් හරහාමය... ඒවා ඔප්පු වෙලාද අවසානය....
බැංකු හෝ ෆිනෑන්ස් කොම්පැනිවල තැන්පත්කරුවන්ට කෙල උනාට... ඒවා අධීක්ෂණයට ඉන්නා උන්ට කිසි දින කෙලවෙන්නේ නැතිය... ඒ නිසා උන් කරනා අධීක්ෂණයකුත් නැතිය....
රට පුරා ලීගල් ෆිනෑන්ස් කොම්පැනි හා බැංකු උන්ට ඕනෑ නීතී රීතී වලට වැඩ කරන්නේත්... හිටපු ගමන් වසා දමා රටෙනුත් මාරු වෙලා යන්නේත්... උන්ගේ හොර මැරකම් වසා ගන්නට ජරාව මහා පරිමාණයෙන් කෑ නිළධාරීන්ගේ අනු දැණුම යටතේමය....
රජයට පවරාගත් ද ෆිනෑන්ස් සමාගමේ මහ බැංකුව පත්කල නිළධාරින් කළේ ආන්ඩුවේ මුදල් එතනට පොම්ප කොට කොම්පැනියේ උන් හා මහ බැංකුවේ උන් ඒ සල්ලි උන්ගේ ගිණුම් වලට දමා ගන්නා එකය...
මේ ගැන කොමිසමක් පත් කලහොත් ඔය කම්බා හොරුන් සියල්ලෝම අතේ කෝට් වෙනවාය....
කොරෝනාවෙන් කෙලවුන ලෝක ආර්ථිකය ගොඩ ගැන්මට ලෝකයේ දියුණුම රටවල් ගන්නා නවතම ආර්ථික ක්‍රම ගැන මුන් ජනාධිපතිතුමා තරමට හෝ දැණුම්වත් නැති බව ඉතා පැහැදිලිය....
මෙතෙක් ලෝකයේ පැවති ෆයිනෑන්සොල් මෙතොඩ් තව දුරටත් වලංගු නැතිය... කොරෝනාවලින් පස්සේ සියල්ල උඩු යටිකුරු වී ඇති බව ඉතා පැහැදිලිය..
රණසිංහ ප්‍රේමදාස මේ රටේ ආර්ථිකය උඩු යටිකුරු කලේ සාම්ප්‍රදායික සිස්ටම් වලින් නෙමේය... උන්නැහේ රාජ්‍ය නිළධාරීන්ගේ පදේට නැටුවේ නැතිය... ප්‍රේමදාසගෙන් කෝල් එකක් එනවිට රෙද්දේ රෙවෙන සයිස්සෙකට උන්නැහේ රාජ්‍ය නිළධාරින් බල්ලා මාක් එකටම දැම්මේය....
එමෙන්ම ඒ සඳහා සුපිරි බඩුවක්ද උන්නැහේ ළඟ උන්නේය.... ඒ පාස්කරලිංගම් උන්නැහේය.... ෆයිනෑන්සොල් පැත්ත බලාගත්තේ උන්නැහේය...
ඝෝඨාටත් අවශ්‍යවන්නේ කබරාලලා අර්ජුන් මහේන්ද්‍රන්ලා වාගේ කම්බා හොරුන් නොව, පාස්කරලිංගම් වගේ වැඩ්ඩෙක්මට...
ඒ එන එකා මොකා හෝ බ්‍රෑන්ඩ් නිව් තින්කර් කෙනෙක් විය යුතුමය...
මේ රට ගොඩ ගන්නට නම්...
සාම්ප්‍රදායික බෑන්කර්ස්ලා එලවා දමා බ්‍රෑන්ඩ් නිව් තින්කර්ස්ලා පත් කර ගන්නම වෙනවාය...
එහෙම උන් වියත් මගේ නම් උන්නේය...
Jun 16, 2020
රට ගැන නොව බඩ ගැන සිතන්න..
2015 මහින්ද මහත්තයාට ගෙදර යන්නට උනේ ජහමනයාගේ බඩට වඩා පොෂ් බල්ලන්ගේ බඩ ගැන හිතන්න ගිය නිසාය...
මාතලන්ලා සිය දහස්වර උන්නැහේට මේ ගැන ලියා පෝස්ට් දැම්මත් බලයෙන් කන පැලෙන්න වැදී සිටී නිසාවෙන් ඒවා පෙනුනේ නැත... දැක්කත් ගනන් ගත්තේද නැත....
මේ රටේ ආහාර පරිභෝජන සඟිස්කෘතිය අනුව..... අපේ රටේ උන් බකිංහැම් මාලිගාවට ගියත් කන්නේ.... බත් පොල් සම්බෝල හා කරවල බැදුමක් හෝ හාල්මැස්සෝ බැදුමක්ය....
එහෙම නැහ්නන් පොල් රොටියක් හා කට්ට සම්බලක්ය....
එයිටාමතරව පරිප්පු, අල, සීනී, ළදරු කිරිපිටි, බී ළූණූ හා එළවලු අත්‍යාවශ්‍ය ආහාර අතර වේ....
පෝශ්‍යදායි ආහාර ලෙස අඩු මිළට ගත හැකි බිත්තරද අද ලක්සිරි වී ඇත... ඒවායේ ගනං ඇහුවාම කිකිලිගේ අම්මා මරාගෙන කන්න හිතිලා මිනිස්සු කුකුල් මස් කියා මාස 3 බ්‍රොයිලර් කිකිලියෝ ඇදලා ඇරලා නැති ලෙඩ හදා ගන්නවාය....
හරක් මස් කියපු ගමන් උන්ගේ නෑයෝ අප්සට් යනවාය... තියෙන කඩ ටිකත් වහලා දාන්නේ තම්බිත් සමඟ තියෙනා ඔරොප්පුවටය.... ජනතාවට අඩු මිළට ලබා දිය හැකි පෝශ්යදායිම ආහාරයකට කකුල් දෙකේ හරක් අත් කර දී තිබෙන්නේ ඒ ඉරණමය....
ඌරාගේ නම් මිළ පෝඩ්ඩක් අඩු වෙලාය.... ඒත් මේවා මැද පන්තියේ කෑමය....
දුප්පතාගේ කෑම සාඩින්ය... මිනිස්සු සාඩින් ටින් කඩාගෙන කන්නේ මාළු ගිනි ගනන් නිසාය.... හතර වටේම මූද තිබ්බත් මාළුවල ගාන ඇහුවාම මාළු කනවාට වඩා වහ කන එක හොදය.... අනික අපිට ලාබෙට මාලු දෙනවාට වඩා වැඩි ගානකට චීනාට මාළු ටික දුන්නා කියා ජනතාවගෙත් එච්චර අවුලක් නැත්තේය... උන්, එහෙම බිස්නස් කාරයෝ මතු බුදුවරු වෙන්නෙයි කියා පාර පුරා පෝස්ටර් ගසා සැමන් ටින් එකක් පොඩි උන්ට දී... ගල් කාල් භාගයක් කටේ හලාගෙන ආතල්ලෙකේ ඉන්නවාය....
ගල් කිව්වාම ඒ ගැනත් ලියන්නම ඕනෑය... ගල් අත්‍යාවශ්‍යම භාන්ඩයක් බව ඔක්කෝටම වඩා දන්නේත් පොලිටික්කෝමය... අපරාදේ කියන්නේ මහින්ද මහත්තයා සද් චේතනාවෙන් ආරම්බ කල ගල් කැම්පේන් දැන් හැමෝම ෆලෝ කිරීම, පක්ෂ සාමාජිකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට හා අමන්දානන්දයට ලක්වී තිබෙනවාය....
ජෙප්පෝ නම් තනියෙන් බොනවා කියා.... උන්ගේ කාඩර් එක කලේ.... 5% ට තිබ්බ එක 3% කරලා තමන්ගේ අමනාපය පෙන්නීමය...
චන්ද කාළේ පිනට බිව්වත් රඟේ තේරෙන්නේ ඊට පස්සේ බොන්න යනකොටය....
ඒ නිසා මෙයත් අත්‍යාවශ්‍යම භාන්ඩයක් වී අවසානය....
බොහෝ පිරිසක් තාමත් උයන්නේ භූම්තෙල් ලිපේ හෝ දර ලිපේය... මැද පන්තිය ගෑස් ලිපේය....
ඒ නිසා භූම්තෙල් හා ගෑස්ද අත්‍යාවශ්‍යම සෙට්ටෙකට එකතු වෙනවාය..
එහෙත් මේ ආන්ඩුව පැමිනි පසු මේවා සියල්ලම වාගේ අම්බානට වැඩි වෙලාය....
මැද පන්තියත් හිඟන්නෝ වෙන සයිස්සෙකට ඇවිල්ලාය....
දේශීය නිශ්පාදන නංවන්න කියා දේශීය පාරිභෝගිකයාට නවලාම අරින එක ඊට වඩා කැතය....
හාල් මිළ හා සීනී මිළ ඊට හොදම උදාහරණයන්ය...
ඕන්න ඔය අත්‍යාවශ්‍යම භාන්ඩ ටිකට ගහන හෙන ගහන බදු ටික ඉවත්කර.... යම් කිසි සහනදායි මිළකට
ජහමනයාට ලබා දී....
අනෙකුත් ඒවාට 500% බදු ගැහුවත්.... ඒවා කන බොන පරිභෝජනය කරන උන් ඒවා පරිභෝජනය කරනවාමය....
මොකෝ උන්ට නින්ද යන්නේ වැඩියෙන් වියදම් කර වැඩියෙන් ඒ ගැන කතා කිරීමෙන්ය....
වත්මන් ජීවන වියදම් යටතේ චන්දයකට ගොස් 2/3 ක් බලාපොරොත්තු වෙනවා නම් ඒවා සුන්දර සිහිණ පමණමය....
මොකෝ මිනිස්සුන්ට රටට වඩා වටින්නේ බඩ නිසාය ....
ඒ වගත් මෙසේය.....
Subscribe to:
Posts (Atom)














