හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Aug 19, 2020
ආන්ත්‍රාවයි….!!! මේ ඇමතිත් විදුලි මාෆියාවේ ගොඳුරක් වේයිද….?
Aug 13, 2020
ජනතාවාදී රාජ්‍ය ඇමති මණ්ඩලය
මුලින්ම කිව යුත්තේ ඇමති මණ්ඩලය මෙන්ම පත්කිරීම්ද සාම්ප්රාදයටම සිඳු වීම, ලැබි තිබූ උත්තේජනය තරමක් අඩු කලද, උසුළු විසුළු වලට ලක්ව ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයපතයන් හා එම ඇමතිවරුන්, අර උත්තේජනය තව දුරටත් රදවා පවත්වා ගැනීමට හෙතු වනු ඇත්තේය කියාය.
අවුරුදු පහක් තිස්සේ මේ රට විනාශ කල ආර්ථික උස්තාද්ලා හා තාමත් ඔවුන්ට කඹුරන අන්තේවාසික වහලුන් පයිසෙකට මායිම් නොකල යුතු වූවද, ඒ තද බල විවේචනයන් අප බාර ගත යුත්තේ ධනාත්මකවය. මන්ද එම සිඳුවීම සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යන් තුලද කතා බහට ලක්වීම ඉතා වැදගත් නිසාය.
මේ රටේ දෙශපාලකයකු නොවන පුද්ගලයකු රටේ නායකයා ලෙස පත්වන්නේ ප්‍රථම වතාවටය. එය ඉතා වැදගත් සිඳුවීමක්ය. මන්ද මෙරට සියළුම දේශපාලකයන් හුරු වී උන්නේ, රට ගොඩ ගැනීමට නොව තම හත්මුතු පරම්පරාව ගොඩ ගැනීමේ මජර අප්පිරිය සංස්කෘතියකට වීමයි. යහපාලනය පත්කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ එම සංස්කෘතියේ වෙනසක් වුවද, සිඳු වූයේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා සේ උන් සියල්ලෝද අර සිහිණයේ ජීවත් වූ කලින් උන්ටත් අන්ත පිරිසක් බවට පත්වීමය.
එහෙත් ඝෝඨාභය රාජපක්ෂ මේ මොහොත දක්වා එම මජර කාළකන්නි ක්රමයේ තව දුරටත් ගමන් කරන්නකු නොව, උඩු ඟං බලා පිහිනන්නකු බව භාවිතාවෙන්ම ඔප්පු කොට අවසානය.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් පැවති මැතිවරණ ප්‍රචාරණ විකාරයන්ද නැවතී ගියේය. ඝෝඨා එම අවස්ථාව භාවිතා කරමින් මෙතෙක් සිඳු නොවූ වෙනස් කමක් කලේය. ඔහු ස්ටේජ් උඩ නැග මයික් පීකර දමාගෙන ජනතාවට කිසි දිනෙක ඉටු කල නොහැකි පච කෙලියේ නැත. ඔහු කෙලින්ම ජනතාව අතරට ගියේය. ජනතාවගේ ජන දුකට සවන් දුන්නේය. ජනතාවගේ සමහර ප්‍රශ්ණවලට එවෙලේම විසඳුම් ලබා දුන්නේය.
එහිදී පැහැදිලි දෙයක්ද මනාව දිස් උනේය. ඒ ඔහු බොහෝ අවස්ථාවන්වලදී නිළධාරින්ට වඩා හමුදාව විශ්වාස කල බවයි. රජයේ නිළධාරින් යනු මෙලෝ රහක් නැති පිරිසක් බව ඕනෑම එකෙක් දන්නවාය. ලෝකයේ ඇති අකාර්යක්ෂතම රාජ්‍ය සේවය මේ රටේ එක බව සමීක්ෂණ නොතියාම ඕනෑ එකෙකුට බය නැතිව කියන්නට පුළුවන්ය. උන් ඉන්නේ වැඩ කරන්නට නොව, වැඩ නොකරන්නටය. එසේ වැඩ නොකර සිටීමට හේතූ කියන්නය. නැත්නම් පාරවල් වසාගෙන අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නටය. ඉල්ලීම්ම පමණය. යුතුකම් ඇත්තේම නැතිය.
ඒ ඉදිරිපත් වූ ප්‍රශ්ණ සියල්ලම මෙරට රාජ්‍ය සේවයේ නිළධාරින් හා අමාත්‍යංශ වලින් ඉටු විය යුතු ඒවාය. අනෙක ඒවා ඉතා සුළු කරුණුය. එහෙත් වසර 72 ක් තිස්සේ පඩිය හා දීමනා නිසි ලෙස ලබා ගත්තද උන්ගේ යුතුකම් ඉටු කරලා නැත්තේය.
කෙනෙක් මේවාට දේශපාලකයින් වග කිව යුතු යැයි කිව හැකිය. එහි ඇත්තක් නැතුවාද නොවේමය. මන්ද මේ රටේ වැඩ කරනා ඇමතිවරුන් සිට ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක් වීම නිසාය. උන් කුමන පක්ෂයේ වුවද අදටත් උන් නොමියෙනා මිනිසුන්ය. වැඩ කරනා එකා මුන්ගෙන් මරාගෙන හෝ වැඩ ගත් අතර, නොකරන එකා කලේ නිළධාරීන් හා එක්ව හොරා කකා අයිස් ගහනා එකය. හොඳම උදාහරණය පසුගිය පස් වසරේ සිටි සමස්ථ අමාත්‍ය මණ්ඩලයයි.
උන් එකෙකුටවත් ආන්ඩු බලය ගත් පසු කරන්නේ කුමක්ද යන්න ගැන කිසිම වැඩපිලිවලක් තිබුනේ නැතිය. අනික 2015 දී උන් දිනයි කියා විශ්වාසයක් තිබ්බේත් නැතිය. එහෙත් ඇමති කම් ලැබුන ගමන් ඔළුව ඉදිමුනේය. අර්ථික උස්තාද්ලා කියනා උන් කාර්යාලයේ සිට සෙල්ෆි ගසා බුකියේ එල්ලුවේය. සමහර උන් උන්නේ බුකියෙ චැට් රූම් වලය. අඛිල විරාජ් වැඩ කල ආකාරය ගැන ඔහුගේම ලේඛමෙක් ලියා ඇති ලිපිය මීට කදිම උදාහරණයක්ය.
මේ උසුළු විසිළු වලට ලක්ව ඇති සියලුම විෂය පතයන් මීට කලින්ද අමාත්‍යංශ විෂයපතයට අදාල වූ දේවල්ය. ඒවා අපට නම් විහිළු නොවේ. අනික මේ සියල්ලම ඝෝඨා ජනපති ජනතාව අතරට ගිය කල ඉදිරිපත් වූ ගැටළු සහගත විෂයන්ය. නැවතත් කිව යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්ණ අපිට නම් ජෝක් නොවේ කියාමය.
මේවා ප්‍රකාශයට පත් කොට ගැසට් කරන්නේ අමාත්‍යවරු දිවුරුම් දීමටත් පෙරය. ඒ කියන්නේ මේ සියල්ල එක ස්ථානයකින් පැහැදිලි අධීක්ෂණයකට ලක්වන බවය. මෙය ලංකාවේ මුල් වරට සිඳු වූවකි.
මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමතියෙක් උන් විජ්ජාත්මක කැබිනට් මණ්ඩල වලින් කරපු දේවල් අපි පස් වසරක් තිස්සේ අගේට දැක්කේය. සමහර විෂයපතයන් හා ආයතන ගැසට් කිරීමට මාස ගනන් ගියේය. සම හරක් තමන්ගේ අමාත්‍යංශය තියෙන්නේ කොහේද කියාවත් දැනගෙන උන්නේ නැතිය. සමහර උන්ට ඉඳගන්න කාර්යාල හා පුටු තිබුනේ නැතිය. එවාත් ආන්ඩුව වගේම එකම කැඳ හැලියක්ම වූවේය. උන් සියල්ලෝම එකතුව පාස්කු ප්‍රහාරය නම් ඉතා සාර්ථකව නිම කලේය.
දැන් මේ ඇමතිවරුන්ට සෙල්ලම් දමන්නට බැරිය. තමන්ගේ විෂය පතයන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවාය. ජනතාවත් තමන්ට අදාල එකා මොකාද කියා ඉතා පැහැදිලිව දන්නවාය. කාර්යාලය තිබෙන්නේ කොහේද කියා දන්නවාය. එමෙන්ම ඕන ඕන එකා දමාගෙන පිස්සු කෙලින්නට බැරිය. ඒවාට ලොක්කාගේ අනුමැතිය ගන්නම වෙනවාය. ඒ තියා විවේචනය කරනා උනුත් සබ්ජෙක්ටෙක කරන්නේ මොකාද කියා දන්නවාය.
කොරෝනා නිසා ලෝකයේම ආර්ථිකයට කෙලවී තිබෙන මේ මොහොතේ දේශීය සුළු කර්මාන්තයන් මහා පරිමාණ කර්මාන්ත බවට හෝ කර්මික කෘෂිකාර්මික ගම්මාන බවට පවට පත් කල යුතුව ඇත්තේය.
හැමදාම ගාමන්ට් එකේම එල්ලිලා ඉන්නට බැරිය. කිතුල් රා ලෝකයේ වෙන රටක ඇතයි කියා මා සිතන්නේ නැතිය. තැඹිලි ගෙඩියද එසේ යැයි කියා සිතමි. තැබිළි ගෙඩිය ඒ ආකාරයෙන්ම අපනයනය කරනා ආයතනයක් ගැන මම කොහේ හෝ දුටුවෙමි, ඉස්සන් වෙනුවෙන්ද ඇමතියෙක් ඉන්නවාය. මෙය ආදායම් ඉල්ලමකි.
දේශීය වෙද හෙදකම් යටතේ මඳන මෝදක ගුලිය වුවද ලෝකය පුරා මාකට් කල හැකි බෙහෙතකි. සුපිරි ගංජා තෙල් වලට ලෝකයේ ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි. ගංජා දුම සිගරට් දුම තරම් ශරීරයට අහිතකරද නැත්තේය. සිලෝන් ගංජා සිකැරට් එකක් හැදුවා නම් මාන්නාරමේ තෙල් ඕනා වෙන්නේත් නැතිය. ගංජා හේන් පිටින් ගිනි තියනා විට ගිනිගන්නේ අපේ හදවත්ය. මේවා සහ ගහනා අපරාධයන්ය. ඒ තියා ගල් කටස් හදනා උන්ද හමුදාවට බඳවා ගන්නවා නම් අප කැමතිය. ඨ්-56 ක් මෙහේ හදනා එක මහා කජ්ජක් නෙමේය. මෙවා අලී සබ්රිට අධිකරණ ඇමතිකම දෙනවා වාගේ විප්ලවීය තිරණයන්ය.
ගොඩ එනවා නම් ඕනෑ තරම් දේ මේ මහ පොලොව මත තිබෙනවාය. කරුමය කියන්නේ ඒවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් ලෙස ප්‍රචලිත කිරීමට හෝ නිමි භාන්ඩ ලෙස ලෝකයට හඳුන්වා දීමට එකෙක් උන්නේ නැති එකය. මේඩ් ඉන් සිරි ලංකා ගාම්න්ට්ස්, සුද්දෝ සුද්දියෝ අඳින්නේ ආඩම්බරයෙනි. හැම සුද්දාම තේ එකක් ඕනා වෙලාවට හොයන්නේ සිලෝන් ටී එකක්ය.
එහෙත් සිලෝන් ටී ලෝකයට යන්නේ රුසියාවෙන්ය. ඒ අපේ නිළධාරින්ගේ පඩත්තල වැඩ නිසාය. වික්ටෝරියා සීක්‍රට්ස් පෑන්ටි බැසියර් මහන්නේත් මෙහේය. එහෙම උන්ට කරන්න බැරි දෙයක් නැතෙයි කියනා එක මගේ මතයය.
රාජ්‍ය අමාත්‍යවරුනට ලබා දී ඇති මේ ටාගට් ටික වසර පහක් තුල ජයගත හැකි නම් ඒ සමඟම තාක්ෂණයද දියුණු වන්නේ බලාගෙන සිටියදීමය. මන්ද තාක්ෂණය, නිශ්පාදන ගුණය මෙන්ම නිශ්පානයද ඉහළ දමනා නිසාවෙන්මය. ඒ නිසා මොකා අපහාසයට ලක් කලද මේ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ජනතාවාදී අමාත්‍ය මණ්ඩලයක් බව නම් නොකියා සිටිය නොහැකිය..
ඒ වගත් මෙසේය….
Aug 11, 2020
රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව
රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය.
එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය.
රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය.
අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය.
ඔහු බියගම දමා කොළඹ හතේ කුරුඳුවත්තට එන්නේ ඒ නිසාමය. එහිදි මහජනතාව හමුවීම් ඇත්තේ නැතිය. එය ඔහුගේ අධිකාරිවාදය නිදහසේ පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූයේය. තව දුරටත් ජනතාව හා ගණුදෙණුවක් ඔහුට තිබුනේ නැතිය. ඉන් පසු ඔහුගේ ගණුදෙණුව තිබුනේ බටහිර තානාපතිවරුන් හා NGO කාරයන් සමඟ පමණි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස ඔවුන් විසින් අපූරූ ප්‍රොපගැන්ඩාවක් සමාජ ගත කලේය.
ඒ රනිල් මාර දේශපාලන බුද්ධිමතෙක්ය කියලාය. ඔහු ආසියාවේ මහා මොළය විය. මෑතක් වන තුරුම තරුණ නායකත්වයද විය. එහෙත් 2001 වර්ෂයේ අවසානයේ සිට 2004 අප්‍රේල් මාසයේ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ඔහු බලයෙන් එලවා දමන තෙක් රටට කරපු කිසිවක් ඇත්තේ නැතිය. එමෙන්ම එම වකවානුවේ දෙවරක් ජනාධිපතිකම් කල චන්ද්‍රිකා නෝනාද එම බෝට්ටුවේම තවත් පච හිලක් බවත් ලියලාම තියන්න ඕනෑය.
Aug 7, 2020
ඝෝඨා… රැල්ළක් නොව සුනාමියකි
ලැබුන ප්‍රතිඵලය සියල්ලෝම හොල්මන් කර ඇත. අප දන්නා මැතිවරණ ඉතිහාසය තුල මෙහෙම කෙලියක් සිද්ද වූයේ මතකයට ඇති පළමු මැතිවරණය වන 1977 ඉලෙක්සොන් එකේ විතරමය. කොටින්ම… අද දේශපාලනය තුල සිටිනා තෙම්පරාදුම චරිතය වන මහින්ද මහත්තයා හෝ මේ වගේ රිසාල්ට් එකක් නම් බලාපොරොත්තු නොවූ බව, එතුමා චන්දය ප්‍රකාෂ කිරීමෙන් අනතුරුව මාධ්‍යට කී දෙයින් ඉතා පැහැදිලිය. උන්නැහේ කීවේ ලැබුනේ නැති උනත්, හදා ගන්නා හැටි අපි දන්නවා කියාය. පෝට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් ලොක්කාද බලාපොරොත්තු උනේ 135 ක් පමණය.
මේ අතරේ යහපාලනයට කඩේ ගිය වෙබ් කාරයෝ මෙන්ම NGO කාරයෝ සමීක්ෂණ පවත්වා කිව්වේ 113 ක් ගන්න එකත් අමාරු වැඩක් වෙයි කියලාය. අද උන් කොහේදෝ කියා හොයා ගන්නටත් නැතිය. උකුස්සන්ගේ ජය උන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන්නේ ඒ නිසාය. එහෙත් මෙවන් ජයක් හමුවේ උකුස්සන්ට සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නැති එකත් පරම සත්‍යයමය.
එමෙන්ම NGO පප්පලා කිව්වේ ජනපතිවරණය දින්න වෙලාවේම තිබ්බා නම් චාන්සෙකක් තිබ්බත්, ආන්ඩුව ෆේල් නිසා 100 ගන්න එකත් මාරම අමාරු ගේමක් කියාය. ඒ සියල්ල අද බයිලාම බවට පත් වී ඇත්තේය. එජාපය චක බ්ලාස් හෙවත් වයිට් වෝෂ්ය. ඒ ගැන වෙනම ලියන්න ඕනෑ කතාවක් තියෙනවාය. ජෙප්පන්ට තිබුන එවාත් නැතිය. ටැලිපෝනය ලද්දේ ජයක් නොව අන්ත පරාජයක්ය.
මේ සියල්ලට හේතුව වෙන කිසිවක් නොව මහින්ද සුළඟට පසු ආ “ඝෝඨාභය සුනාමියයි”. ඝෝඨාභය රාජපක්ෂ කෙරේ ඇති විශ්වාසයයි. ඇත්තටම ජනාධිපතිවරණයත් සමඟම මහ මැතිවරණය පැවැත්වූවා නම්, සමහර විට මේ ප්‍රතිඵලය නොලැබීමටත් ඉඩ තිබිනි. ඒ ඝෝඨා කව්දැයි ජනතාවට ඉස්ටඩී කිරීමට කාළයක් නොලැබෙන නිසාවෙනි.
රටට ලැබුනේ ඔහුගේ විරුද්ධවාදීන් බලාපොරොත්තු වූ ඝෝඨාභය කෙනෙක් නොව ජනතාවාදී නායකයෙකි. ඔහු ජනතාවට ආදරය කරනා බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ඔහු තමාට අවාසියක් වුවද වෙනත් දේශපාලුවන් කීමට බිය දේ කෙලින්ම කීවේය. එය ඔහුට අවාසියක් වී නැතිය. සත්යවාදියාට විරුද්ධවාදියා උනත් ගරු කරනවාය. ඒ කියා ඔහු සුළු ජාතින්ට වෙනස්කමක් කරලාත් නැතිය.
තමා ජනාධිපති කලේ මේ රටේ සිංහළ බෞද්ධ ජනතාව බව එතුමා නොබියව කීවේ රුවන්වැලිසෑය ඉදිරියේය. මෙයින් ඔහුට චන්දය නොදුන් සිංහළ බෞද්ධයැයි කියනා උන්ගේ රෙදි ගැලවි ගියේය. උන් මෙතෙක් උන්නේ රටට වින කරනා කාළකන්නින් බලවේගයක් සමඟ බව උන් තේරුම් ගත්තේ ඉන් පසුවය. රටේ වාසනාවට ජනතාව එය අවබෝධ කර ගත්තද, මහරාජාගේ සල්ලිවලට නටනා දීඝදන්තුවාටත් ඒවා වටහා ගැනීමේ ශක්තියක් තිබ්බේ නැතිය.
ප්‍රධානම කරුණ කොරෝනා වසංගතයෙන් රට බෙරා ගැනීමයි. ලෝකයේ හොඳම කොරන්ටයින් සිස්ටම් එක හඳුන්වා දෙමින් අද ඔහු ලෝකයම ජයගෙන අවසානය. එමෙන්ම එතුමාගේ නියෝජනයන් වන වියත් මග නියෝජනයන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දී ඇත. විරුද්ධවාදින් කුමන වැල් බයිලා ගැසුවත් ලෝකය ගැන දන්නා ජනතාව, ආන්ඩුවේ ක්‍රියාදාමය අගය කර ඇත.
අනෙක් කරුණ පාට පක්ෂ දෙක නොබලා ජනතාවට ලබා දුන් රුපියල් 10,000 යි. මෙය ජනතාව කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එහෙත් එය ජනතාව ආදරයෙන් වැළඳ ගත්තේය. ඒ සල්ලිත් අරගෙන, වෙන එකෙක්ට දෙන්නේ කොහොමද ඕයි කියා හිතපු මිනිස්සු කරේ, වෙන උන්ට දී පව් පුරවා ගන්නේ නැතිව ගෙදරට වී ඉන්නා එකය. එය ප්‍රකාශිත නොවූ චන්ද ගනනින් මනාව අවබෝධ කර ගත හැක.
ස්කෝර් කල තවත් ප්‍රධානම කරුණක් වන්නේ, මහ බැංකුවේ කාළකන්නින්ට දැමූ සත්තමයි. බැනුම් අහගත්ත උන් එදා මහා රෑත් වැඩ කරපු හැටි මුළු රටම දුටුවේය. ඝෝඨා හා සෙල්ලම් නැති බව ආන්ඩුවේ පින් පඩි කන නිළධාරියෝ අවබෝධ කර ගත්තේය. ඔය නිළධාරි පැලැන්තිය දේශපාලුවන්ටත් වඩා ජනතාවට දිරවන්නේ නැති පිරිසක් බවත් ලියා තියන්නම ඕනෑය. ආන්ඩු කුඩු කරන්නේ මුන් බව කවුරුත් දන්නවාය.
කුඩු කාරයන්ට හා පාතාලේ උන්ට එරෙහිව යන ඔපරේසොන් එකද ජනතාවගේ ආදරයට පත් වී හමාරය. ඔපරේසොන් එක උන්ට සීම නොවී, නාකොටික් එකේ උන්ටද, බන්ධනාගාරේ උන්ටද, සුරාබදු එකේ උන්ටද කෙලවීමේ හේතුවෙන්, ජනතාව විඳිනා සතුට එතුමා දෑසින්ම දුටුවේය. මෙය විරුද්ධවාදින් කිසිසේත් බලාපොරොත්තු වූ ක්‍රියාදාමයක් නොවේ.
එමෙන්ම අවසාන මොහොතේ කොරෝනා අවධානමද නොතකා සමාන්‍ය ජනතාව අතරට යාමත් ඔවුන්ගේ සමහර ගැටළුවලට එවෙලේම සොලියුසොන් ලබා දීමත් ඔහු කයිවාරුකාරයකු නොවනා බව ඔප්පු කලේය. හැකි නම් මාසයකට එක දිනක් හෝ රණසිංහ ප්‍රේමදාසගේ ජනාධිපති ජංගම සේවය මෙන් මේ ක්‍රියාදාමය තව දුරටත් කරගෙන යා හැකි නම්, එය ජනතාවගේ ගෞරවාදරයට පත් වනු නොඅනුමානය. එමෙන්ම බලය ලැබුන පසු ජනතාව අමතක කලේ යැයි කියනා ප්‍රධානම චෝදනාවකින් ගැලවීමක්ද වනු ඇත්තේය.
ඇත්තටම මේ රට හදන්නට මහා දෙයක් කරන්නට ඕනෑ නැතිය. කළ යුත්තේ වැඩ කරනා එකය. නිළධාරින් කරන්නේ නැත්නම් හමුදාව එක්ක හෝ එවා ඉටු කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුවය.
ජනතාව ඉල්ලන්නේ මහා දේවල් නොවේ. ඒ සියල්ල ඉතා පහසුවෙන් ඉටු කල හැකි දේ බව එතුමා ක්‍රියාවෙන්ම ප්රායෝගිකවම ඔප්පු කළේය. බොහෝ දේ දේශපාලුවන්ගේ ගසාකෑම් හා කොමිස් හේතුවෙන් ඉටු නොවූ ඒවාය. JR කීවාක් මෙන් AR FR වලින් නම් ජනතාවට ඇති වැඩක් නැත්තේමය. නිළධාරින් විසින් ඕවා හදාගෙන තියෙන්නේ වැඩ කරන්නට නොව නොකර සිටින්නටටය.
මේ රටේ අමාත්‍යංශවලට වෙන් කරනා මුදල් නැවත භාන්ඩාගාරයට එවනා බව ප්‍රසිද්ධ රහසකි. ඒ කියන්නේ දෙන දේවත් කරන්නේ නැති කාළකන්නි දේශපාලුවන් හා නිළධාරීන් පිරිසක් රටේ ඉන්නා බවය.
අප ඔබ තුමාට කියන්නේ… අමාත්‍යවරු පත් කරත්, ඔවුන් අධීක්ෂණය සඳහා ඔබ තුමාට විශ්වාස කල හැකි පිරිසක් පසු විපරම සඳහා අනිවාර්යයෙන් පත් කල යුතුම බවය. මොකෝ ඔය සම හරක් උන් මහින්ද මහත්තයාත් නැති කරපු පිස්සු බුවාලා නිසාමය..
ඒ වගත් මේසේය.......
Aug 3, 2020
අවසන් චන්ද ප්‍රතිඵලය…?
Aug 2, 2020
මාර වැඩේ ජෙප්පන්ට උනේ….!!!
Jul 31, 2020
දේශපලන විජ්ජාව හා ගල් යුගයේ විස්ස විජ්ජාල
Jul 30, 2020
රට කන NGO කාක්කෝ හෙවත් සිවිල් සමාජ මාෆියාව
Jul 27, 2020
කාටුනයකටත් බය ඇත්තම වහල්ලු
ජනතා විමුක්ති පෙරමුණ යනු ප්රජාතන්ත්රවාදී පක්ෂයක් නොවේය. එයාලා කියන විදියට තාමත් එයාලා වාමාංශිකය. වාමාංශික පක්ෂවල තියෙන්නේ අධිකාරීවාදී පාලනයක්ය. එහෙව් අය බලයට පත් වූ රටවල අදටත් ඇත්තේ අධිකාරිවාදී බලයක් හා පාලනයක්ය. ඔවුන් ප්‍රශ්ණ කල නොහැකිය. විවේචනයට බඳුන් කල නොහැකිය. එහෙත් ඔවුන්ට අනෙකා මරා දැමිමේ අයිතියද ඇති අතර එය සර්ව සාධාරණ වූත් පරම සත්‍යම වූත් නීතියය.
Jul 25, 2020
Jul 23, 2020
පෝට්ටුවෝ, උකුස්සන්ගෙන් මෙන්ම වඳුරන්ගෙන්ද ප්‍රවේශම් විය යුතුය.
ජේ ආර් සමානුපාතික ක්‍රමය ගෙන ආවේ හැමදාම එජාපය බලයේ ඉඳියි කියලාය. ඇත්තටම ඩී බී විජේතුංග ලොක්කා වගේ පෙන්දෙක් බලයේ සිටීමත්, අවාසනාවන්ත ලෙස ගාමිණී දිසානායක මිය යාමත් නොවන්නට, අදටත් පාලනයේ ඉන්නේ එජාපය වෙන්නට බොහෝ ඉඩ තිබුනේය. එජාපයට වඩා සමානුපාතික ක්‍රමයෙන් ප්‍රයෝජනය ගත්තේ සිරි ලංකා නිදහස් පක්ෂයය. හරි විදියට බැලුවොත්, එදා ඉඳන් අද වෙනකන් රටේ නායකයා පත් වුනේ එම බලවේගයෙන්ය.












