අස්සයා පැන ගොස් අවසානය. සියල්ලෝ ඉස්තාලය කුඩු කිරීමේ නිරතව සිටි.
ප්‍රභාකරන්ගේ විශාල ප්‍රමාණයේ පිලිරුවක් සාදා දිනපතා මල් පහන් පූජා කලත් වරදක් නැතයි සිතෙන්නේ මේ වෙලාවටය. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමේය.
අපේ උන්ට..., සති දෙකෙන් සියල්ල අමතක වෙන බව කී නිසාය. බොහෝ උන්ට එහෙම එකෙක් උන්නාද කියා මතකයක් ඇත්තේත් නැතිය. කොමිසම තියෙන නිසා සහරාන් නම් තාම මතකයේ තිබෙනවාය.
දැන් කොරෝනා පැතිරුනේ කෙසේදෝ යන්න සොයා සියල්ලෝ මාරම කට්ටක් කනවාය. මුලින්ම දිවුලපිටියේ කාන්තාව ඝාතනය කර දැම්මේය. ඉන් පසු ඇඟළුම් සේවිකාවන් සියල්ල ඝාතනය කර දැම්මේය. දැන් ඒ අයට නැවත පන ලබා දී, බ්‍රැන්ඩික්ස් ආයතනය පොලොවට සමතලා කරමින් සිටී.
මේවා මරි මෝඩ ජනතාව සමාජ මාජ්ජවල පමණක්ම කරනවා නම් ඇවුලක් නැතිය. මන්ද ඒවායේ කිසිඳු වගකීමක් ඇත්තේ නැති නිසාය. ඒ සමාජයේම කැඩපතක් වන නිසාත් එතන සියල්ලෝම නියෝජනය වන නිසාත්ය.
එහෙත් වගකීමක් සහිත ජඩමාධ්‍ය පමණක් නොව ආන්ඩුවේ වගකිව යුතු නිළධාරීන්ද හැසිරුනේ හා ප්‍රකාෂ නිකුත් කලේ ඉතා පහත් ආකරයෙන්ය. උදාහරණයක් ලෙස PHI මහතැන පෙන්වා දිය හැකිය.
ඔහු දිවුලපිටියෙ කාන්තාව ගැන අදහස් පලකලේ ඉතා පහත් ආකාරයටය. මෙවන් නිළධාරීන් ගැන ආන්ඩුව මීට වඩා දැඩිව ක්‍රියාත්මක විය යුතුය, නැතිනම් ඒවා සමාජගත් වෙන්නේ ආන්ඩුවේ මතයන් ලෙසය.
ITN පුවත නිවැරදි කලද. මේ නිළධාරියා සමාව ගැනීමක් හෝ කලේ නැත.
කොවිඩ් සවුක්ක ආරක්ෂිත ක්‍රම කිසිවක් අනුගමනය කර නැත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය පමණමය. අනෙක් සියල්ලෙම ජීවත් වූයේ නිවැරදි සවුක්ක් ප්‍රතිපත්ති අනුවය.
දැන් හැම එකාම බයවෙලා තියෙන්නේ, තම තමනුත් කෙලියේ පිස්සු නේදැයි කියා තමන්ගේ සිත දන්නා නිසාය.
රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට ආරක්ෂක ලේඛම් ආරක්ෂක රාජ්ජ ඇමති මෙන්ම සියල්ලෝම සිටියේ ඕවර් කොන්ෆිඩන්ස් එකේය. මතබේදයට තුඩු දුන් රිෂාඩ් හමුවේද, සියල්ලෝ සිටියේ ෆේස් මාස්ක් නොමැතිවය. පොලීසිය පාරේ උන්නේද එහෙමය.
පාරේ යන උන්ට බලෙන් මාස්ක් දමනා නාලිකාවල උන් තරු තරඟ පැවැත්වූයේද එසේය. ටෙලි නාට්ටි කාරයන්ට සම්මාණත් දුන්නේය. මහා පොත් ප්‍රදර්ශණද තිබ්බේය. කරන්න තියෙන හැම විගඩමම කලේය. නාඩගමම නැටුවේය.
දැන් ඒ සියල්ල අමතක කොට උඩ පැන පැන තැලීමට යකඩයක් සොයමින් සිටී.
සියල්ලෝම වැරදි කරුවෝ බව දන්නා නිසා බ්‍රැන්ඩික්ස් පිට වරද් පටවා අත සෝදාගැනීම ලේසිය.
මීට දින කීපයකට පෙර රුසියාවෙන් පැමිණි පිරිසක එක් පුද්ගලයකු ආසාධිත යැයි පවසමින් මහා කලබලයක් ඇති උනේය. කොරන්ටයින් උන්නා නම් ඒ යක්කු මාතර සුපර් මාර්කට් ගියේ කෙසේදැයි අහන්නට එකෙක් උන්නේ නැතිය. සියල්ල පාලනයෙන් ගිලිහී ගොස් තිබින. ඒ අපේ ලාංකිකත්වයයි.
කොටින්ම මාස්ක් එක දාගෙන යන එකා විහිලුවට ලක් උනේය. සමහර ආයතනවල අට අනුවක් රෙගුලාසි අනුව ඇතුලට ගත්තද.., ඇතුලේ උන් උන්නේ..., නෝ මාස්ක්ය.
කොටින්ම කියනවා නම් දිවුලපිටියේ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් වී ඇත්තේ, හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙනි. ඇය ඇතුල් වූ වෙලේ ටෙස්ට් එක කලා නම් මීට දින කීපයකට පෙර හෝ ක්‍රියාමාරග ගැනීමේ ඉඩක් තිබිනි. එහෙත් ටෙස්ට් රිසාල්ට්ස් ආවේ ඇය නිවසටද යෑමෙන් පසුය.
රෝගය ගැන ප්‍රාමාණික දැනුමක් සහිත උන් ඉන්නා ආයතනයක් වන ඉස්පිරිතාලවල තත්වය එසේ නම්, ෆැක්ටරිවල තත්වය ගැන කුමන කතාද..?
ගාමන්ට් ෆැක්ටරි වල රැකියා ගැන වෙන්ම කතා කල යුතු මාතෘකාවකි. එහෙත් මාතලන් නම් දකින්නේ ඒ තත්වය ඇත්තේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රියේ පමණක්ම නොවේ කියාය. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා සියල්ලේම තත්වය එසේය.
පාඩු ලබන ආන්ඩුවේ කර්මාන්ත ශාලා වල මෙන් අයිස් ගැහිලි එවායේ වානාය. මා නම් එහි වරදක් දකින්නේ නැතිය. ඕනෑම කෙනෙකුට එතන රැකියාව කිරීමට අකමැති නම් කරන්න තිබෙන්නේ ඉවත් වෙලා ගෙදරට වෙලා ඉන්න එක හෝ ආන්ඩුවේ රස්සාවක් සොයා ගන්නා එකය.
දැන් කල යුත්තේ එකිනෙකාට චෝදනා නගමින් බෝලය පාස් කරනවාට වඩා, සැඟවුන 500 ගැන දන්නවා නම් ළඟම ඇති පොලීසියට නිව්ස් එක දෙන එකය. පිලිගැනීමට අකමැති වුවත් අකමැති වුවත්, රෝගය දීප ව්‍යාප්ත වී අවසානය.
ගම්පහ යනු ජන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කයයි. වැඩෙ ලේසි වෙන්නේ නැතිය. එක එකාට වරද පැටවූවා කියා කොරෝනා බෝවීම නවතින්නේ නැතිය. ඒ සඳහා තමන් ආරක්ෂා වන අතරේ රෝගී වූ සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල යුතුය.
වෛර කිරීමෙන් ලැබෙනා ලබ්බක් ඇත්තේ නැතිය. වෙන්නේ ලේ කෝප වී කොරෝනාවට ශරීරය තුල සෙල්ලම් කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි වීම පමණමය.
අස්සයා පැන ගොස් අවසානය. ඒකේ තරහට ඉස්තාලය කුඩු කරලා හරියන්නේ නැතිය. කල යුත්තේ ඉස්තාලය පිරිසිඳු කොට අස්සයා ආයේ ඉස්තාලයට ගෙන ඒමය.
ඒ වගත් මෙසේය.....














