.

.

Jun 2, 2010

එළකිරි ලොක්කා... ඔහොම යං... ඔහොම යං... - Well done MR

.
හැමදාම ආන්ඩුවට පොරි හැලෙන්න දෙන කට්ටියක් විදියටනේ බ්ලොග් ලියන කට්ටිය ගැන හිතන්නේ. අපි එහෙම නෑ හොඳ දේට හොඳයි කියන්නත් ශක්තිය තියෙනව. වාහනවල බදු 50% අඩුකිරීමත්, ජංගම දුරකථන හා තවත් භාන්ඩ කීපයක බදු අඩු කිරීමත් ඉතා හොඳ පියවරක්.

ළෝකයේ හොඳම දුරකථන සහ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් ගැජට් ඩියුටී ෆ්‍රී මිළට මල්වත්ත පාරේ, ඕල්කෝට් මාවතේ කඩවල තියෙනවනම්, අනිවාර්යයෙන්ම ඒවා විදේශිකයන්ගෙන් පිරෙනව. ඒ වගේම් එම ප්‍රදේශයේ කඩ සාප්පුවල, බ්‍රෑන්ඩඩ් ඇඳුම් සපත්තු ඩියුට් ෆ්‍රී ගානට දෙනවනම් වඩා හොඳයි. එතකොට දේශීයවත් හොඳ දේ නිෂ්පාදනය වෙනව. (අඩුම ගානේ ඩුප්ලිකේට් ඒව හරි. චීනේ, වියට්නාමයේ, කාම්බෝජයේ වගේ)

වාහන වැඩෙත් කියන්න තියෙන්නෙ, විදේශයන් සඳහා නැවත අලෙවි කිරීමේ වෙළඳ පොලක් මෙහි ලේසියෙන්ම ඇති කරන්න පුළුවන්. එය සුළු බද්දක් යටතේ විශේෂ බලපත්‍රයක් මගින් පෞද්ගලික අංශයට හෝ කෙළින්ම රජයේ ආයතනයක් ලෙස ආරම්බ කළ හැකියි. (පස්සෙ අබුද්දස්ස කාලයක් ආවොත් පෞද්ගලීකරණය කරළ කීයක් හරි හොයා ගන්නත් පුලුවන්නේ.) අප රට පසු කර ඩුබායි දක්වා යන වාහන අඩු වියදමකින් මෙහේදී බාගන්න පුළුවන්.

උතුරු නැගෙනහිර ජනතාව කවුරු මොනව කිව්වත් තද වෛරයකින් ඉන්නේ. වන්දනාවේ කියල ට්‍රිප් යන හරක් දැක්කම අපෙත් මල පනිනව. උතුරේ ජනතාවට වන අකටයුතුකම්, තද නීතී මගින් ඔබතුමාගේ මල්ලිට ලේසියෙන්ම නවත්වන්න පුළුවන්. විශේෂයෙන් නවාතැන් ලබාගැනීම සඳහා හමුදාව හා පොලීසිය කරණ බලපෑම්.

එමෙන්ම අළුතෙන් ආරම්භ කරණ කර්මාන්ත, ඒ ප්‍රදේශයේ ආරම්හ කළ යුතුයි. එමගින් ජාත්‍යන්තරව එල්ල වන බලපෑම් අඩු කල හැකියි. (පචායුධට වැඩ අඩුවෙනවනේ.)

මීටත් වඩා මගේ සිත් ගත් කාරණය වුනේ, අනුරධපුර මහමෙවුනා උයන පෙර පැවති ආකාරයට අලංකාරවත් ලෙස පවත්වාගෙන යාමට ඔබ ගත් තීරණයයි. මෙය කාලකන්නි නගර සභා වලට නොදී, එම ප්‍රදේශවල හමුදාවට බාරදිය හැකියි. කඳවුරු තුල තියෙන අලංකාරවත් බව හා පිළිවෙළ ගැන ඔබට කිව යුතු නැහැනේ.

මේවා අපිරිසිඳු කරණ අයට දැඩි දඬුවම් පැනවිය යුතුයි. කොහොමත් ලංකාවේ ඉන්න කාළකණ්නි තද දඬුවම් නැතුව හදන්න බෑ. කිසිම විනයක් පිරිසිඳුකමක් නැති කට්ටියනේ. බීල බෝතලේ පොළොවේ ගහන ජාතියකට මේ මුළු ලෝකෙම ඉන්නේ, උදාර සිංහළ ජාතිය විතරක් වෙන්න ඇති. (සිගරට් වලට ගෙනා නීතිය උදාහරණයකට ගන්න. දැන් සිගරට් එකක් ගෙදර බිව්වත් දෙසරයක් හිතල බොන්නෙ.)

මේව ලස්සන කරන්න මහ ලොකු වියදම් යන්නෙ නෑ. ඔය විෂය පිළිබඳ විශේෂඥයෝ ඕනතරම් ඉන්නව නොමිලේ උනත් සේවය ලබාදෙන්න. තණකොළ පිඩළි ටිකක් අල්ලන්න බෝගන්විලා ගස් ටිකක් අරලිය ගස් ටිකක් හිටවන්න මහ ලොකු ගානක් යන්නෙ නෑ. මේවා නඩත්තුව සමාගම් වලට පවරන්නත් පුළුවන්.

මීළඟ ඇමති මාරූවේදී 94 ඉඳල සැටලයිට් එක්ක රට කාපූ හාල්පාරුවන්ට ඇමතිකම් දෙන්න එපා. ඕකුන් තමයි මේ රට කෑවේ. නොදීම බැරිනම් උප ඇමතිකම තරුණ එකෙක්ට දීලා දෙන්න. (දැන් දීල තියෙන ක්‍රමේ මල් හතයි. අපිට වැඩියෙ ඔබතුමා දන්නවනේ ඕකුන්ගෙ වැඩ.) අළුත් අයට තැන දෙන්න බය නැතුව.

අපේ උන් ඔක්කොම මාත් එක්ක මරාගනිද්දී, ඔබතුමා මොන ජාතියෙන් හරි දිනන බවට මම ඔට්ටු ඇල්ලුවා (මහින්ද කවද්ද පරදින්න චන්ද තිබ්බේ) ජනතාව තවමත් ඔබට ආදරෙයි.. ඒ ආදරය දිගටම තියාගන්න ධෛර්යය ශක්තිය ලැබේවා...!!!

රජතුමාටත්, ජනතාවටත් සුභ අනාගතයක්...!!!
තෙරුවන් සරණයි...!!!

 ප: ලි:

අල් ජසීරා එකට ඇට්ටි හැලෙන්න දුන්නට අපේ ප්‍රණාමය. ඔහොම කොන්ද පණ තියෙන නායකයො කලින් හිටියන් උතුරේ ප්‍රශ්නෙ කලින්ම ඉවරයි.. පොඩ්ඩක් කේන්තී ගියත්, බොරු ඇක්ටින් නැතුව නියමෙටම දුන්න....

6 comments:

  1. මාත් බැලුවා ඊයේ රූපවාහිනියේ පෙන්නපු අල් ජසීරා එකත් එක්ක ජනාධිපතිතුමා කරපු සාකච්ඡාව, කියලා වැඩක් නැහැ.

    උපරිමයි. රාජ්‍ය නායකයෙක් වුණාම ඒ වගේ කොන්ද පණ ඇතිව කතා කරන්න ඕනේ. තමන්ගේ අදහස් නිර්භයව දක්වන්න ඕනේ :)

    ReplyDelete
  2. i thought matalan has a brain. i was terribly mistaken.

    ReplyDelete
  3. @ Hasitha

    Exactly ....


    @ Anonymous

    Something is better than NOTHING...

    ReplyDelete
  4. m m m m m m m m m m . . . .
    වැඩි විස්තර හොයලා බලලම හොඳ නරක කියන්නම් . .

    ReplyDelete
  5. ඉතාම හොද දෙයක් නමුත් කරුමෙ කියන්නෙ ෆිනැන්ස් කරලා ගත්ත අයට , පරණ අය මොනවා කියයිද දන්නෙ නැහැ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න