.

.

May 26, 2011

ගූ ගල්, ජනෙල් දෙකම කචල් , බිල් ගෙට්ස් අපායේ - Bugs in Google and Windows, Bill Gates in Hell


මාතෘකාව ඒක උනාට මේ දෙන්නම බුදුන් දැක නිවන් දකින්න ඕන.... ළෝක වාසි ජනතාවට කළ උදාර මෙහෙයට.. මගේනම් අදහස මේ උත්තමයෝ මුනිවරු.. ඇත්තමයි මල් තියල වැඳුම් පිඳුම් කරන්න ඕන මහත්වරු......

මේ දවස්වල ක්‍රෝම් එකේ එකසිය ගානට කචල්.. කොමෙන්ට් දාන්න ගියාම මල පනිනව හොඳම එකෙන්.. ගූ ගල් වල හුටපටයක්ද..? ජනෙල් වල හුට පටයක්ද..? අනේ මන්ද....? කොහොම හරි බොග් කඩෙත් වහල තිබුන මෑතක දවසක අළුත්වැඩියා කටයුතු සඳහා..

කුඩු කාරයො වගේ මේවට ඇබ්බැහි වෙලා ඉන්න අපි වගේ බොග දාන අයට ඇති වෙන සික් එක ගැන කියන්න ඕන නැහැනෙ.. මම දැක්ක කොමෙන්ට් වල "වෙද මහත්තයයි", "මාරය" යි දෙන්නත් මේ ගැන සඳහන් කොරල තිබ්බ.. ඒ උනාට දැන් නම් හරි වගේ....

මේ ජෝක් එක මම ගොඩක් කාලෙකට ඉස්සර කියෝපු එකක්.. මේ කචල් එක හින්ද ළගඳි මතක් උනා..


න්න සුපුරුදු පරිදි බිල් ගෙට්ස් ලොක්කත් ගියාලු අපායට (හොඳ මිනිස්සු යන්නෙ එහාටනේ..)

කෙලින්ම එක්කගෙන ගියාලු යම රජ්ජුරුවො ගාවට. යම රජ්ජුරුවොන්ටත් අපිට වගේ මල පැනලලු හිටියෙ එයාගේ කොම්පියුටරෙත් නිතරම කචල් දෙන නිසා..

"හහ් හා...  ඔහේ එනකම් තමයි මම බලාගෙන හිටියේ.. හොඳ වැඩත් කොරල තියෙන නිසා මම ම ඔහේව එක්ක යන්නම්කෝ දඬුවම් පෙන්නන්න" කියපු යම රජ්ජුරුවො ගේට්ස් ලොක්කත් කතා කරගෙන යනවලු අපාය වටේ..

ඉස්සෙල්ලම එක්ක ගිය කාමරේ යම පල්ලො දෙනවලු නරයොන්ට පනිෂ්මන්ට්.. කට්ටියක් රත්වෙච්ච යකඩ වලින් පුච්චනවලු, කට්ටියක් ලෝදිය පොවනවලු, කොටින්ම මුලු කාමරේම ගිනි ගොඩක්ලු....

ඊළඟට එක්ක ගිය කාමරේ ඇතුලෙ, තවත් වීදුරුවකින් කවර් කරපු කාමරේක, සියළුම සුඛෝපභෝගී කෑම ජාති බීම ජාති පුරවල තියෙනවලු, හැබයි බලන්න විතරයි පුලුවන් කන්න බැරිලු.. ඒකේ ඉන්න නරයො කෙල පෙරාගෙන බඩ ගින්දරෙන්ම පිච්චෙනවලු..

ඊළගට එක්ක ගියේ යම රජ්ජුරුවොන්ගේ බෝඩ් රූම් එකට අල්ලපු කමරේටලු.. කිං යමාම දොර ඇරල පෙන්නුවලු.. කවුරුත් නැති කාමරේක, කෑම ටින්, වයින් බෝතල් මදිවට කාමරේ කෙලවර මේසෙක ගොන්පීටර් රාජයෙකුත් ඉන්නවලු..

"මේක හොඳයි.. මේක හොඳයි" කියපු ගෙට්ස් මහත්තය පැනල ඒ කාමරේ සෙලෙක්ට් කොර ගත්තලු.. කිං යමා දොර වහල බෝඩ් රූම් එකට ගියාලු...

"ඒ ආවේ බිල් ගෙට්ස්.." කිං යමා ආඩම්බරෙන් කිව්වලු යම ඩිරෙක්ටස්ලට..

"අපිත් බලාගෙන හිටියේ.. කොච්චර කළත් වැඩේ එච්චර හරි නෑ නේද..??? හැමෝම කතා වෙනව එයාට කෑම බීම තියෙන සුපිරි රූම් එකක් දීපු එක ගැන... අනික කොම්පුයුටරේකුත්... ඔබ වහන්සේට අමතක උනාද....??? මේ අපාය..."

"හහ්... හහ්... හා.. ඒ ගැන තොපි කළබල වෙන්ට කාරී නෑ.. ඒ හැම ටින් එක්කම, වයින් බෝතලේකම අඩිය නෑ..."

"අවසර දේවයන් වහන්ස ..... එතකොට කොම්පියුටරේ....???.."

"ඒක වැඩ.. ඒ උනාට කී බෝඩ් එකේ කීස් තුනක්ම නෑ"

"මොකා.. කීස් තුනක්...???.."

"ඔව් යකෝ..... "කොන්ට්‍රෝල්, ඕල්ටර්, ඩිලීට් කීස් තුනම නෑ....."

18 comments:

  1. යම රජාගේ කම්පූටර් දැනුම ඉතින් ඒකෙන්ම පේනවානේ..

    කොන්ට්‍රෝල්, ඕල්ටර්, ඩිලීට් කීස් තුනම නෑති වුනාට මැනේජර්ට කතා කරන්න බැරුවයැ..

    ReplyDelete
  2. ඔය තුන ඔබන එකනේ ජනේලෙ හිරවුණාම කෝකටත් තෛලෙ. හැබැයි තුණ්ඩු ගේට්ටු මහත්තයා පවර් බටන් එකෙන් වැඩේ දෙයි ගානට... :D

    ReplyDelete
  3. @ චතුව, සහ @ hare :-)

    උඹල දැන ගනිල්ල හැකර්ස්ලයි, වයිරස් ලියන ඒවුනුත් ඉන්නෙ කිං යමාගේ ඩිරෙක්ටර් බෝඩ් එකේ විත්තිය.. එහෙත් මෙහේ වගේම පෝන් ටැප් කොරලයි තියෙන්නෙ...

    ReplyDelete
  4. අනේ මගෙන් කොමෙන්ටු දාද්දි තාම අහනවා proceed anyway කියලා.. මාත් ඉතින් ඕන මඟුලක් වෙන්න කියලා ඒක ක්ලික් කොරනවා..මොනා උනත් ගේට්ටු මහත්තයට ඔහොම වෙලා මදි!!

    ReplyDelete
  5. අනේ ඒ මුනිවරයට ගිය කල. :D

    ReplyDelete
  6. බිල් ගේට් ගොයියට හරියට XXක මහල බඩ යන්න බේත් දුන්නා වගේ දඬුවමක්නේ දීලා තියෙන්නේ . . පව් බන් ශිහ්

    ReplyDelete
  7. @ රවීන්

    බලන්නෙ නැතුව කොටල මේ ළගඳි මට තඩි වයිරස් එකකුත් ආවා.... බලාගෙන ගොයියො..

    @ නලිනි චන්දිමා
    දොස්තර නෝනල.. කොහොමත් අනුකම්පං උපාදාය කට්ටියනේ.. නෝන ගොන්පීටර් වයිරස් වලටත් බෙහෙත් දෙනවැයි.. හෙහ් හෙහ්.....

    @ දුකා

    අම්මප ඇත්ත ගොයියො... ඒකත් අපායේ පනිෂ්මන්ට් වල තියෙනවද දන්නේ නෑ.... නෑ මං කියන්නේ රෙඩි වෙලා යන්න එපැයි...

    ReplyDelete
  8. නපුරු කලට what to do කිව්වලු

    ReplyDelete
  9. මම නම් හිතන්නේ බිල් මහත්තයා තව මොනා හරි අලුතින් හොයා ගෙන තමයි නතර වෙන්නේ... ඔය වගේ අවස්ථා තමයි මිනිස්සුන්ට අලුත් දේවල් හොයන්න පාර කපන්නේ...

    මාතලන් ....කොහොම ද රථය හෙම ? බැරිද සවාරියක් යන්න , බ්ලොග්කරුවන් කාරියන් එක්ක...

    ReplyDelete
  10. @ හසිත

    වට් ටූ ඩූ.. කියන්නෙ කොක්ක ඩුඩුල් ඩූ කිව්වලු

    @ සොඳුරු සිත

    තනිකර ඇත්ත කෙල්ලෙ.. ඔය කියන්නෙ මොන රථය ගැනද...?

    ReplyDelete
  11. @ මාතලන්...
    හරිම පැණි හැලියක් වගේ නේද ?
    මම ඇහුවේ ශ්‍රකයගේ දිව්‍ය රථය ගැන. ඔයා නේද ඒකේ රථාචාර්ය.. ඔයා ඒ මාතලන් නෙමෙයි ද?

    ReplyDelete
  12. @ සොඳුරු සිත

    ආ එහෙම එන්න.. කවුද කෙල්ලෙ උඹේ හිතේ තියෙන රථය දන්නෙ...
    නෑ...නෑ.. මම ඒ මාතලන් නෙමේ... මා තලන්... මා තලන්.. හෙහ් හෙහ්

    හැම පිරිමියම පැනියො තමයි කෙල්ලෙ.. මට වැඩියේ උඹ දන්නව ඇතිනේ ඒ ගැන...

    ReplyDelete
  13. මොන එහෙකටද බිල් මහත්තයාව අපායට ඇරියෙ ....

    ReplyDelete
  14. ඒනට ලොග් වෙන්න alt+ctrl+del
    ගහන්න ඕනෙද දන්නෙ නෑනෙ..
    ඔන් ස්ක්‍රීන් කි බෝර්ඩ් එකක් දාගත්තනම් ගොඩනෙ

    ReplyDelete
  15. @ කල්හාර දිසානායක

    එහෙම තමයි අපිට මළ පැන්නම...

    @ තාරක ඩිල්ශාන්

    ෂ්..ෂ්... කට කට .. සද්ද කරන්න එපා.. එයාට ඇහෙයි...

    ReplyDelete
  16. @සොදුරු සිත,& මාතලන්:

    සක්‍රයාගේ රයැදුරා මාතලී.මාතලන් කියනනේ වෙනත් එක්කෙනෙක්.හික්ස්...

    මිනිහෙක් ගෙන් පුලුවන් තරම් ප්‍රයෝජන අරං පුංචි වැරද්දක් නිසා අපායට තල්ලුකරන එක අපේ මිනිස්සුන්ගේ සහජ ලක්ෂණයක්නේ!

    ReplyDelete
  17. @ ජය ශ්‍රී

    ඔය ශක්‍ර දේවේන්ද්‍රගේ ඩයිවර් ගේ කතාවට මමත් නිකන් හොල්මන් වෙලා හිටියෙ එහෙම නමක් අහල නැති නිසා.. තෑන්ක් ඌ ඒකට

    දැන් ලංකාවේ තියෙන්නේ කොන්ඩොම් න්‍යාය නේ ගොයියෝ.....

    ReplyDelete
  18. හැබෑට ඒ දෙන්නෙක් ද? කවුද අයියෝ ඕව දන්නෙ....

    මාතලී කිවම නිකම් මාතලන්ගේ හාමිනේ වගේ හිහි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න