.

.

May 5, 2011

මෙන්න නියම අනාවැකි - Real Fortune Teller


මෙව්ව ගණ පිහිටවල තරු බලල නක්ශස්ත්‍ර සාත්තරේ අනුව කියපුව නෙමේ. මේ රටේ දේශපලනයේ දේවල් සිද්ධ වෙන ආකාරය බලල කියපුව. මේක මම ලිව්වේ අවුරුද්දකටත් කලින් (අනාවැකිය මෙතනින් කියවන්න.). කොහොමත් රටේ තොටේ සිඳුවීම් ගැන අනාවැකි කියන්න අමාරුයි කියල තමයි හොඳ වැඩ කාරයෙක් වෙන මගේ මාමන්ඩි මට කියල තියෙන්නෙ.

වමත් ඇතුලුව සියලුම පක්ෂ වල, නායකත්වයට ආපු එකෙක්, ඒක ලේසියෙන් වෙන කෙනෙකුට දෙන්නේ නෑ. මැරෙනකන් වෙන එකෙකුට ලැබෙන්නෙත් නෑ. එහෙම එකේ රනිල් ගොයිය එළවගන්න හැම එකාම දත කෑව. එතන තිබුනේ නායකත්ව ප්‍රශ්නයකට වඩා පන්ති ප්‍රශ්නයක්. නමුත් කොහොම හරි රනිල් ඉන්න එක ගැනනම් ඒ පන්තියට අයිති නැති උනත් මම පෞද්ගලිකව කැමතියි.

ඒ මොකද සජිත්ට අළුතෙන් කියල මර්කට් කරන්න කිසිම දෙයක් නෑ. එයා ගාව තියෙන්නෙ මහින්ද මහත්තයගෙ ප්‍රතිපත්තිමයි. ඒකට සජිත් ලොක්ක අවශ්‍ය නෑ. මහින්ද මහත්තය ඒක නියෙමට ගෙනියනව. අනික එයාට මහින්ද මහත්තය ගාවට කිට්ටු කරන්නත් බෑ.යන්නං වාලේ දෙකයි පනහෙ වැඩ කරල නායකයෙක් වෙන්න බැරි බව දැන්වත් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්. (වේදිකාවල ගීත ගායනා කිරීම වගේ). රනිල්ගෙනුයි මහින්දගෙනුයි බලලවත් නායකත්වය ගැන තව ඉගෙන ගත්තොත් හොඳයි.

ඒකෙන් මේකෙන් උනේ සජිත් වටේ හිටපු ටැලන්ට් කීපයකත් තටු කැපුන එක විතරයි. හැබයි මෝඩ චූන් වැඩ කරන (බාකිර් මාකර් හැර.) ඒ කස්ටියටත් මේක හොඳ පාඩමක්. කට්ට වේට්ට් පිත්තල කශ්ටිය රනිල් වටේ. අනිත් අයට දුන්න බැටේ.

5 comments:

  1. ඒත් බහුතරයක් ජනතාව රනිල්ට කැමති නැහැ නේද ..... අදහසක් විතරයි ...... විවාදයට නොවේ .....

    ReplyDelete
  2. @ කල්හාර දිසානායක

    හොඳ බෙහෙත් තිත්තයි කොලුවො... සත පනහේ සීනී බෝල වගේ නෙමයි....

    ReplyDelete
  3. comment එක දාන්න පරක්කු වැඩියි තමයි. ඒ උනාට post එක දැක්කම දාන්නම හිතුන. රනිල් කියන්නේ ඇත්තටම සුදුසුකම් අනුව ඔතනට ආපු නායකයෙක් නෙවෙයි. R . ප්‍රේමදාස , ගාමිණී දිසානායක , ලලිත් ඇතුලත්මුදලි , ඔසී අබේගුණසේකර ........ වගේ සුදුසුකම් තියෙන මිනිස්සු මැරුණු හන්දයි රනිල් ඔතන ඉන්නේ. ඔය එක්කෙනෙක්වත් ජීවත් වෙලා හිටියනම් රනිල් ඔතන නෑ. දැනුත් ඔතන නෑ UNP එකේ නායක කමත්
    චන්දෙකින් තෝරනවනම්. මිනිහගේ වටේ හිටපු තිස්ස අත්තනායක , වජිර අබේවර්ධන , සාගල රත්නායක වගේ ගොට්ට අල්ලපු එවුන්ට මොකද උනේ? වජිරයි, සාගලයි උඩින්ම පරාදයි. තිස්ස අත්තනායක පක්ෂෙ මහලේකම් ලිස්ට් එකෙන් අවේ. නැත්තම් පොරටත් ඒ සෙතේම කියල දන්න හින්ද තමයි. වජිරනම් තාම කහිනවා. ළඟදීම මොනවහරි හම්බවෙයි. රනිල්ගෙන් බලල ඉගෙනගන්න තියෙන්න විලිලජ්ජ නැතිකම තමයි. බහුතරයක් එපා කියද්දී එල්ලීගෙන ඉන්න එක තමයි. සජිත්ට වැඩියනම් මහින්ද හොඳයි. අව්ලකට තියෙන්නේ සහෝදරයෝ , ළමයි , නෑදෑයෝ , උපදේශකයෝ , වන්දිබට්ටයෝ වැඩි එක තමයි. අනිත් එක වැඩ පිළිවෙල එකම උනත් ගොන් වැඩ වෙන එක නවත්තන්න හොඳ නායකයෙක් ඉන්න ඕනේ .

    ReplyDelete
  4. @ Anonymous

    පරක්කු උනාට කමක් නෑ කොමෙන්ට් එකක් කියන්නෙ මාර කික් එකක්... තරහ වෙන්න එපා, සජිත් වගේ දරුවො තමයි දාස මුදලාලිට සුවීට් හවුස් කාරයට හිටියෙ උන් කලේ තාත්තල හම්බ කරපු දේ නැති කළ එක පමණයි. මහින්ද ළඟදි සජිත් කියන්නේ හූණූ බෙට්ටක්...

    ReplyDelete
  5. සමාවෙන්න , මම දාස , ස්වීට් හවුස් මුදලාලිලා ගැන දන්නේ නෑ. සජිත් තාත්තගේ සල්ලි නාස්ති කරද? මට මතක විදියට R .ප්‍රේමදාසගේ ආසනේ මැද කොළොඹ. හැබැයි පක්ෂෙන් සජිත්ට දුන්නේ හම්බන්තොට. හම්බන්තොටට ගිහිල්ල ඒ වෙනකොට අරන් තිබුන වැඩිම මනාප ප්‍රතිශතයත් (දැනටත් ඊට වඩා අරගෙන තියෙන්නේ (සෂින්ද්‍ර,නාමල්)රාජපක්ෂ විතරයි මට මතක විදියට. එකත් ආණ්ඩු පක්ෂේ බලයේ ඉන්දෙද්දී. ) අරගෙන පරම්පරා ගානක හම්බන්තොට දේශපාලන උරුමය තියෙන මහින්දව පරද්දල දිනුවේ ඔය හුණු බෙට්ට තමයි. අනිත් එක හුණු බෙට්ට හරි ඊට වඩා දෙයක් කිව්වා කියල හරි ඒක එහෙම වෙන්නේ නැනේ . දැන් මට මහින්දට වෙන සතෙක්ගේ බෙට්ටක් කියල කියන්න පුළුවන්. එහෙමෙ කිව්වා කියල එහෙම වෙන්නේ නෑනෙ. අනිත් ඒක ඔය නායකයෝ කවුරුවත් පට්ට ඩයල් නෙවයි. නායකයෝ කියල කියන්නේ ප්‍රතිරුප. ප්‍රතිරුප තමයි පට්ට විදියට හැදිලා තියෙන්නේ. R. ප්‍රේමදස ජනාධිපති අපේක්ෂකයා කියල නම් කරපු ගමන් J .R. ගේ බල බිදුන. මහින්ද ජනාධිපති අපේක්ෂකයා කියල නම් කරපු ගමන් චන්ද්‍රිකාගේ බල බිදුන. ඒ කාලෙ චන්ද්‍රිකාගේ බලය කොහොමද. දැන් බලුවෙලා ඉන්නේ කොහොමද? ඒ වගේ තමා කවද හරි මහින්දටත්. ඔය තනතුර නිසා සහ මාධ්‍ය හදපු ප්‍රතිරූපයක් තමයි තියෙන්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න