.

.

Aug 27, 2011

හදිසි නීතීය හදිසියෙන්... - Lifting off Emergency Law


ගෙවුණු පුර සඳට පෙර
ලොඹු කටින් කෙලපු පච
කප්පරක්, මෙච්චරක්
කියා නිම කළ හැකිද

කවුරු හෝ ලියා දෙන
කොල කෑලී අරන් එන
ගිරව් මෙන් දෙසාලන
මේත් අගමැතිවරුද


නිම කළද කොටි හටන
ඩයස්පොරා වෙතින
එල්ලවෙයි කුමන්ත්‍රණ
මෙරට මෙන් පිටරටත්

අප රටට විරුද්ධව
බටහිරින් කුමන්ත්‍රණ
ලොව මහා බලවතුන්
දිරිය දෙයි කැත සිතින්

මේ සියළු බලවේග
මසක් යන්නට කලින්
නිමකලෙමි පුදුමයක්
නොවේ කිසි ලෙසකවත්

සැබවින්ම එසේමද
ලොකු අයිය බල කලෙද
ඔබා මාමා සැරෙන්
බැන අඬා ගැසුවාද

පෙර පටන් පැවත එන
තොවිල් බලි මන්තරෙන්
වස් කවිද කොඩිවිනෙන්
දුරු කලෙමි චුත කලෙමි
මාසයක් ඇතුලතදි..
සියළු කොඩිවින, නිවාරනයි, කැපයි
ආයිබෝ වේවා.. ආවඩා...ෆුහ්......

23 comments:

  1. අනේ කාලේ වනේ වාසේ!

    ReplyDelete
  2. @ කතන්දර

    ලොහ් ලොහ්...

    ReplyDelete
  3. නීතියක් නැති කල හදිසියට වත් ගන්න
    නැති කල හදිසියෙන් කුමණ ඵලයක් වෙද්ද?

    ReplyDelete
  4. හෙහ්..හෙහ්
    හදිසිය තිබුනත් නැතත්
    තවලම නැවැත්විය හැකි කෙරුමෙක්
    සිටියි නම් ඒ .......ම පමනකි.

    තවලම = සුදු වෑන්

    ReplyDelete
  5. මේ අර ඉසුරු පුරය ගැන නේද....

    ReplyDelete
  6. මේ ලෝකෙ හැම කමකටම වඩා ලොකුයිලු ලැජ්ජා නැතිකම.

    ReplyDelete
  7. @ ඉන්දික උපශාන්ත
    නීතියට වඩා බලගතු
    ක්‍රම තියේ පෙර පටන් අප සතු

    ReplyDelete
  8. @ Luckey
    තවලම් ගැන ඒ මතකය
    අවදි කෙරුම නොව මනාය
    දිනන්න නම් මර යුද්ධය
    ඒ සේවෙත් උවමනාය

    ReplyDelete
  9. @ prasanna86k
    හ්ම්....හ්ම්....
    බකමූනෙක් අන්න අතන..
    හ්ම්... හ්ම්...

    ReplyDelete
  10. @ වෙද මහත්තයා
    මන් උන්නෙ ගොන් කොම කියාලා ආයිබෝවන්ඩ.....

    ReplyDelete
  11. අද අනුර කුමාර අයියත් ඔහොම කතාවක් කියනවා ඇහුනා ඒක ලියලා දුන්නේ කව්ද දන්නේ නැ නේ

    ReplyDelete
  12. @ අම්බලම
    ඕන් මන්නම් නෙමෙයි හොඳේ

    ReplyDelete
  13. අහක ඉන්න ඔබා මාමවත් ගාවගෙනනෙ ඒ පාර... ;)

    ReplyDelete
  14. ඇත්ත තිත්තයි බං . . .

    ප.ලි.
    ශිහ් . . . මම දැනං හිටියෙ නෑ නෙ අපේ මේ ගුඩ් ඕල්ඩ් ඔබා ඔච්චර පොරක් කියල . . . . .

    ReplyDelete
  15. @ සාතන්
    තිදෙව් ළොවට අධිපති ශක්‍ර ගාවගන්නේ නැහිව කෝමෙයි. ඕන් බ්ලේක් එනවලු තැන්කූ කාඩ් එකත් අරන්..

    ReplyDelete
  16. @ ඕනයා
    හැබෑව..හැබෑව.. උඹ කියන්නෙ කොයි ඔබා ගැනද...? ඇමරිකාවේ එකාද..? අපේ එකාද..?

    ReplyDelete
  17. ඔය මෑන්ස් ඊයේ පෙරේදා කිව්වා මිනිස්සුන්ට කෑම බීම අඩු නම් මේ හැටි ඉස්තිරි දූෂණ වෙන්නේ කොහොමද කියලා. වයසක ලොක්කනේ. මොලෙ කචල්.

    මම කැමති රිද්මයක් තියෙන නිසදැසක්. වචන වලින් තමයි මේකේ රිද්මය ඉපදෙන්නේ. කියවන චවනයක් පාසා උපහාසය මතුවෙනවා.
    මාසයකට කලින් බොරුවක් කියපු බව කියන්න යොදාගත් විදිහත් නියමයි. හදිසි නීතිය සම්බන්ධයෙන් ඉන්දියවේ හා ඇමරිකාවේ මැදිහත්වීම පිළිබද යෙදුමද අපූරැයි. අන්තිම පේළිය කියවද්දි මහරජාගේ තොවිල් පවිල්, මන්තර ගුරැකම් පිළිබද විශ්වාසය මැවිලා පේනවා. ඇත්තටම හිනා යනවා. පස්සේ ඇඩෙනවා.

    ReplyDelete
  18. පසුව ලියමි.

    කවුරු හෝ ලියා දෙන
    කොල කෑලී අරන් එන
    ගිරව් මෙන් දෙසාලන
    මේත් අගමැතිවරුද

    මෙවන් අගමැතිවරැන් පත්කරන්නට චන්දය දුන් ජහමනයාට හොද කණේ පාරකි.

    ReplyDelete
  19. මේ අපේ ලංකා ධර්මද්වීපය ගැන වෙන්ටැ ......

    ReplyDelete
  20. @ තිසර

    විචාරයට බොහොම ස්තූතියි.. ඊයෙ තව මරු කතාවක් කිව්ව.. සංවර්ධනය වෙලාලු තියෙන්නෙ. පොඩි අයට ඒක ලැබෙන්න කල් යනවලු.. පව් අපේ සීයා වගේ...

    ReplyDelete
  21. @ පන්සල් හන්දිය

    නෑ ... නෑ.. ඇයි ඒ වගෙයි පේන්නේ..

    ReplyDelete
  22. වල් තක්කඩි ඕනයා, තාම තෝ මෙහෙ සැරිසරනවද?
    වහාම පල තෝ පිටු වහලක් කල රටට.............!!!

    ReplyDelete
  23. @ Observer
    කවුද ඩෝ කෑ ගාන්නේ.. මේ කෝරලේ මාත්තය ඉස්සරා පිට...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න