.

.

Sep 5, 2011

අධ්‍යාපන නිළධාරීන් දික්වැල්ලෙ හෙළුවැල්ලේ - Rape Lessons by Officers


මේ පොස්ට් එක ළියන්නෙ හරිම ආවේගයකින්, ඒ වගේම දුකකින්. 94 බලයට ආපු චන්ද්‍රිකා බොන්න පුරුදු කරා හැමෝටම ඒක ට්‍රෙන්ඩ් එකක් උනා හැම අමාත්‍යශයේම. අසාර්ථකම ඇමති ප්‍රේමජයන්ත යටතේ අධ්‍යාපනය බල්ලටම ගියා. දැන් ඉන්නේ ඊටත් වඩා අසාර්ථක ඇමතියෙක්. ඒ කාළේත් බීපූ ගුරුවරු හිටියා. ඒත් කවදාවත් පාසළේ බිව්වේ නෑ. ප්‍රසිද්ධියේ බිව්වෙත් නෑ.
දික්වැල්ලෙ සිද්දියේදී පේන්නේ, සියළුම අංශ වල නිරුවත. මෙතන ඉඳල තියෙනව නිළධාරිත්, නිළධාරී සිකුරිටි කාරයත් එක්ක බොනව කියන්නේ, අඩුගානේ නිළධාරීවාදයවත් ඉදිරියට ගෙනියන්න බැරි පරයෝ. මෙතන ඉඳළ තියෙනව ගුරුවරුත්, පිටින් ආපු එකා රණවිරුවෙක්. දැන් උන්ට රේප් කරන්න කෙල්ලො නැති නිසා පිස්සු වැටිල ඉන්නේ. (ඉතා සුළු පිරිසක්.) ඒ ඔක්කොම අමතක කරමු. එතකොට නීතීය රකින්න ඉන්න පොලිසීය. මෙතන හිටියේ පොලිස් කාරයෝ දෙන්නෙක්ද. බල්ලො දෙන්නෙක්ද කියන්න හරියට විස්තර නෑ. ඒත් මුන් බල්ලන්ටත් නිගාවක්.

මේ කාරනයෙදි අම්මත් වග කියන්න ඕන. ඒ අම්මා විතරක් නෙමෙයි, ඔක්කොම අම්මල. ඇයි මුන් දන්නේ නැද්ද අරුන් බොනව කියල?. දරුව පේන්න නැති උනාම පොඩ්ඩක් හොයන්න බැරිද?. අද තියෙන කාළකන්නි සමාජය ගැන දන්නෙ නැද්ද?. ඇඟ දන් දීලා දරුවෝ පාසළට දානවා කියල, අහිංසක මල් කැකුළුත් පොඩි කරළ දාන්න දෙනවද?. අම්මල කී දෙනෙක් සර්ල එක්ක හුරතල් වෙනවද.?
පාසල් වල කොච්චර සල්ලි එකතු කරනවද?. පාසළ සුද්ද කරන්න කම්කරුවෝ ගන්න බැරිද?. නිවාඩූ කාළේ ළමයිත් එන්න ඕනද.? දෙමව්පියන්ට පුකේ අමාරුනම් උන්ට ඇවිල්ල සුද්ද කරළ දීල යන්න බැරිද?. මේ කාළකන්නි තාත්තලත් සර්ල එක්ක පාසැළේම බොන්නේ නැද්ද.?

මේව දරුණු නීතී ගෙනල්ල නවත්වන්න ඕන. ප්‍රථමයෙන්ම නවත්වන්න ඕන දෙමව්පියන් පාසළට එන එක. පරිපාළන කටයුතු අපේ කාළේ කලා වගේම ගුරුවරුන්ට පවරන්න ඕන. ගේට්ටුව ගාවවත් දෙමව්පියන්ට ඉන්න දෙන්න නරකයි.  ගුරු දෙගුරු රැස්වීම් වාර තුනට තුනක් හොඳටම ඇති. පාසළ සුද්ද කරන එක පටන් ගන්න දවසේ ළමයින්ටම කියල කරගන්න පුළුවන්. කොහොම හරි පාසල්වල තියෙන මේ තිරිසන් සංස්කෘතිය වහාම නවත්වන්න ඕන. මහ එවුන්ට පාසල් එන්න ඕනනම් අර ඉස්සර තිබුනා වගේ නයිට් ස්කූල් දාලා ඉගෙනගන්න බැරිනම් ඕන මගුලක් නටා ගන්න එකයි තියෙන්නේ.

මට තියෙන එකම සතුට මුන් සෙට් එක හිරේ ගියහම එහෙදි නියම පනිෂ්මන්ට් ටිකක් හම්බවෙනව කෂ්ටියටම ආයෙත් ජුන්ඩා කෙලින් වෙන්නේ නැති වෙන්නම. එච්චරයි. මම ජනාධිපති නම් මුන්ට පුකට වෙඩි තියල මරල දානවා. මොන නඩුද? ඔප්පු වෙලා තියෙද්දී. මම මේ දේවල් වෙන බව කලින්ම කියල තියෙනව ඕනනම් මෙතනින් බලන්න.



52 comments:

  1. මෙව්ව ගැන කතා කරල වැඩක් නෑ අයිය... ඇගේ ලේ කෝප වෙනව මෙහෙම නිවුස් ඇහෙද්දි..

    ReplyDelete
  2. @ සාතන්

    පුදුම වේදනාවක් බන් තියෙන්නේ.. මුළු ඇඟම රිදෙනවා..

    ReplyDelete
  3. සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද කියල තවම දන්නෙ නැහැ..ඒත් මාතලන්ගෙ කතාවට අනුව පාසල් වල සිදුවන දහසකුත් එකක් ගොංපාට් වලට තවත් අලුගුත්තෙරු වැඩක් එකතු වී ඇති බව නම් පැහැදිලිය..

    ReplyDelete
  4. @ Luckey

    අපි ඒව ලියන්නෙ නැති උනාට ෆිල්ම් එකක් වගේ ලියනවා ජඩ මාධ්‍යවේදියෝ ජාතික පත්තරවල. සෝමා අක්කගේ වාහිනියේ සමහර විට රඟපාලත් පෙන්වයි...

    ReplyDelete
  5. මම ඉරිද හිටියේ මාතර. මේ සිද්ධිය ටිකක් දන්නවා. මේකෙදි මේ ලමයා එක්ක තව ලමයි දෙදෙනෙක් ඉදලා තියනවා. එක ලමයෙක් තියාගෙන මේ බල්ලා අනිත් ලමයි දෙන්නවා කඩේට යවලා. ඊට පස්සේ තමයි මූ මේ මහා අපරාධය කරලා තියන්නේ. ලඟ ගෙදරක ගෑනු කෙනෙක්ට ඇහිලා තමයි ඇවිත් බලලා තියන්නේ, මේ පොඩි දරුවගේ කෑගැසීම. එතකොටත් අර මුරකාරය සද්දයක් ආවේ නැහැ කියලා. ඒත් ඒ අම්ම බලනකොට මේකා පැනලා ගිහින්. පොලීසිය ඇවිත් මුගේ ගෙදරට යනකොට මූ සුදනා වගේ සිමෙන්ති වගයක් අනනවලු. මේකෙ ඛේදජනකම දේ මූටත් ලමයි දෙන්නෙක් ඉන්නවාලු ඒ ලමයිත් එන්නේ මේ පාසලටමලු. මෙහෙමත් සත්තු මුන්ට කරන්න ඕනෙ ඔබ කියූ දේ තමයි.

    ReplyDelete
  6. මේ සිද්ධිය නම් හරිම දුක්ඛදායකයි. ඔබේ මේ ලිපියත් අර කලින් ලියලා තියන ලිපියත් එක්ක මම සියයට සීයක්ම එකඟ වෙනවා ගුරුවරියක් විදියට. තවම මම මේ විෂය සම්බන්ධයෙන් අත තිබ්බෙ නැත්තෙ ආවේගයෙන් ලියන දේවල් වලින් මගේ රස්සාව පවා නැති වෙන්න ඉඩ තියෙන නිසයි. නමුත් ආරක්ෂිත සේවා ස්ථානයකට වැඩකළ හැකි සේවා ස්ථානයකට මම එනවා ඉක්මනින්ම. එතකොට........ මම ලියනවා.

    ReplyDelete
  7. සිද්දිය දැනගත්තෙ මේ ලිපියෙනුයි කමෙන්ට්වලිනුයි... පර බල්ලො.. ඔයවගේ එවුන් හිරේ දාලවත් මාතලන් කියනව වගේ වෙඩිතියලවත් නෙවෙයි මරන්න ඕනෙ... අර හතරවෙනි තට්ටුවෙ දෙන දඩුවන්... ස්ලෝන් බටයක් දාල ඒක මැද්දෙන් කටුකම්බියක් දාල ස්ලෝන් බටේ එලියට ගන්න ඕනෙ..... පැයකට වරක් රවුමක් කරකැවුවාම හොදටම ඇති...

    ReplyDelete
  8. samawenna mama sinhala akuru nethiwa liyanwata..

    Api hemoma loku awageyen katha kalata ape awagayen wena kisima deyak neha ape pressure naginawata ara.

    Obage comment ekaka thiyena paridi owunta danduwam lebi junda kelin wenna beri wenakan bala sitima wihiluwak se henge. Mowun ta thibena sambandatha uda mema deriya weradi kaariya nowunoth itha watinawa.
    Hebai oba apa weni samaanya kenek weridi karu wonoth oba apage junda kelin weema boru we.

    Anika ranawiruwek sambannda nam meya viwechanaya kireema desha drohi kriywak nowanneda?
    Rate neethiya nethikama gena nam kawara kathada? Paksha paata, Jaathi bedhayakin thorawa awaneethiya gena minisun kawarada ekathu weda?
    Ethakan api aweegashilee nowee pressure nohedi sitiwa lesa pathami.

    Jayanath

    ReplyDelete
  9. @ වෙද මහත්තයා

    බයවෙන්න එපා හිරේදී දෙයි පනිෂ්මන්ට් එක..

    ReplyDelete
  10. @ සංජු

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද..
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..

    ReplyDelete
  11. @ පොඩි මෑන්

    බන්ධනාගාර කොමසාරිස් කමට ගන්නම්..
    මම ජනාධිපති උනාම..

    ReplyDelete
  12. @ ඇනෝ.. ජයනාත්

    කොහොම හරි කොමෙන්ට් කළාට පින්.. කටවල් වහගෙන සද්ද නැතුව හිටියනම්.. අපේ ඊ.පී.එෆ්. & ඊ.ටී.එෆ් වලටත් කෙළල ඉවරයි.. රොශේන්ල ගොඩක් අවශ්‍ය කාළයක් මේ..

    ReplyDelete
  13. දෙපාරක්ම ඔය ගැන ලියන්න අරන් අතැරල දැම්මා ,කුණු හරුපෙන් බ්ලොග් එකක් ලියන්න බැරි නිසා .අපේ රටේ සමහර උන්ට පුදුම මෝල් අමාරුවක් තියෙන්නෙ . බස් එකක යන තමන්ගේ දරුවන්ගේ වයසේ ගැණු ලමයෙකුටවත් නිදහසේ යන්න නොදෙන නාකි වලත්තයින් ඕනි තරම් ඉන්නව මං දැකල තියනව . උන් තමයි මේ වගේ අසික්කිත පාහර වැඩ කරන්නේ . මේකට ඔය වගේ සමාජ පිලිල බිහි කරන්න හේතුවුනු මඤ්ඤං සිස්ටම් එකත් වග කියන්න ඕනි

    ReplyDelete
  14. උඩ කමෙන්ට් එක ඉන්දිකගේ එකේ වාට්ටුව බ්ලොග් එකට ලිව්වා එක . දෙකම එක වගේ කතානේ . කලබලෙටයි තරහටයි මට ඒ කමෙන්ට් එක මේකට වැටුනා . . ඒ ගැන සමාවෙන්න . මාතලන් හැකිනම් එක මකල දාන්න .

    මේවට ලේ කෝප නොකර ගෙන ඉන්න අමාරුයි. මුන්ව එල්ලලා ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ක්‍රමයක් නැති හැටි. මට නම් පුදුම තරහයි. ඉස්කෝල වල තීන්ත ගාන්නයි වල් ගලවන්නයි හැම උලව්වටම ගෙවල් වලින් යන්න ඕන . දැන් ළමයෙක්ට හැදෙන්න ඉඩක් ඇත්තෙම නැහැනේ . දැන් අර ළමයට වෙන ලැජ්ජාව . අපේ මිනිස්සුත් ඉතින් ඔය ළමය නාකි වෙලා මැරෙන කම්ම ඕක හෝද හෝද මඩේ දායි. කවදාහරි කසාදයක් බඳිද්දී හොඳයි නැද්ද ඔය සිද්ධිය මතු නොවී තියේද . දැන් ඔය කාලකන්නින්ගේ ළමයින්ට මොකද වෙන්නේ . උන්ටත් මේ අපවාදය පස්සෙන් එනවා නේද .

    ReplyDelete
  15. මොනව කියන්නද කියලවත් හිතා ගන්න බැහැ.

    ReplyDelete
  16. @ buwa

    මමත් මුලින්ම ලිව්වේ කුණුහරුප ගොඩක්.. දෙසරයක් තුන්සැරයක් සංස්කරණය කරළ මේ තත්වෙට ගෙනාවේ..

    ළොක්ක දරුවන්ට සෙල් ෆෝන් ගේන එක නැවත්තුව එක සිද්දියකට. උන්නැහේට පාසැල් තුල බොන එක නවත්වන්න බැරිද දන්නේ නෑ..

    ReplyDelete
  17. @ Bindi

    මට තියෙන දුකත් ඒකයි. මල් වගේ දරුවෝ. දෙමව්පියන්ගේ වැරදි මේවා.. වැඩිපුරම. බොන්නෙ තාත්තල එක්ක. බයිට් ගේන්නේ අම්මල. බයිට් වෙන්නේ දරුවෝ..

    ReplyDelete
  18. @ ඔබ්සර්වර්

    මටන් මුලින් ඔහොම හිතුනා. පස්සෙ කවි ටිකක් ලිව්වා. තනිකර කුණුහබ්බ ටිකක් ලිය උනේ. දැන් නම් හිත ටිකක් නිමුනා. යමක් කළා නේද කියල...

    ReplyDelete
  19. ඔය වගේ උන්ව අහු උන ගමන් එලොවම යවන්න ඕනේ. නැත්තම් කවුරුහරි ලෝයර් කෙනෙක් මොකක් හරි කතාවක් හදලා වෙච්ච වැරැද්ද පැත්තක ඉන්න එකෙක් පිට දාලා වැරදි කාරයව නිදහස් කරලා ගෙදර එවයි. සල්ලි තියනවා නම් මේ රටේ මොනවද කරන්න බැරි. ලංකාව නේ

    ReplyDelete
  20. @ අම්බලම

    මම හිතන්නේ නෑ ගොයියෝ.. මොකද වැඩේ ස්ප්‍රෙඩ් උනා වැඩියි. මට අවශ්‍ය පාසල තුල බොන එක නවත්ව ගන්න..

    ReplyDelete
  21. පාසල් ඇතුලේ සිද්ධවෙන නෙහොබිනා දේවල් නතර කරන්න අවංක උවමනාව තියෙන කීයෙන් කී දෙනාද ඉන්නේ??? නිකං හරි වරදකට විරුද්ධව කතා කරපු ගුරුවරයව එලියට දාන්න රොත්ත බුරුත්තම එකතු උනාට මෙව්ව හරිගස්සන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. අපේ සමාජය කෙලින් කරන්න ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා.නමුත් සියලුම දෙනා ලස්සන වචන වලිං පොරවල් වෙලා ප්‍රධාන ප්‍රශ්නය සතියකින් අමතකයි.

    ReplyDelete
  22. මේ කාලකන්න සමාජ ක්‍රමයට හෙනම වෑදියන්!!!!!!!!
    මේ සක්කිලි ක්‍රමය ආරක්ශාකරන බල්ලන්ට හෙන හතම වෑදියන්!!!!!!!!

    ReplyDelete
  23. මේ මිලේච්ච ක්‍රියා නතර කළ යුතුයි.බ්ලොග් අවකාශයේ අවස්ථා දෙකක මගේ පුද්ගලික අත්දැකීම් 2ක් පවසන්න ඉඩ දෙන්න.

    1.මත් පැන් පානයට විරුද්ධව කතා කලහම පිරිසක් මට වට කරගෙන පහර දුන්නා
    2."ළඳරුවෙක් මවගෙන් කිරිබොන්නේ බඩ ගින්නටම නොවේ" කියල කිව්ව මුද්ග ප්‍රකාශයක් හෙලා දැක්කම "ළමා වැඩිහිටියා" කියා අපහාසයට ලක්වුණා.

    සමාජ ක්‍රමයත් පුද්ගලයෝ තනි තනිවත් ප්‍රතිසංවිධානය කළ යුතුයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  24. මාත් මේක කියෙව්වා.
    අනේ මන්දා මේවායේ වැරදිකරුවෝ කවුද කියලා හරියටම හිතන්න බෑ. මට හිතෙන්නේ මූළු සමාජයම වැරදියි කියලා.
    අපි අද ඕක කතා වුනාට හෙට අපිට මේක මතක නෑ. අපිට පෞද්ගලිකවම මේ සිදුවීමකට මුහුනදෙන්න නොවෙන නිසා.
    ඒත් මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කාලෙ හරි.

    ReplyDelete
  25. මොනව කරන්නද? ඉස්කෝල වලින්ම තමයි අම්මලාට එන්න කියන්නෙ සුද්ද කරන්න.ඉස්කෝලෙ පටන් ගන්න කලින් දවසෙ ගිහින් සුද්ද කරන්න ඕනෙ. අපේ අම්මලගෙ ඉස්කෝලෙ නම් එන්න කියන්නෙ ළමයින්ට.හැබැයි ගුරුවරුත් යනවා. පව් ඒ පොඩි එකා.මොනවා තේරෙනවටද අප්පා...:(((

    ReplyDelete
  26. මේක නිව්ස් වල දැකපු වෙලේ ඉදන් නිවුස් බලන්නත් එපාවෙලා තියෙන්නෙ මේවගේ සිද්දි හුගක් අහල තිබුනත් මේක අහපු ගමන් පුදුම කනගාටුවක් ඇතිවෙන්නෙ මේ සිද්දිය කොහොමටවත් සිදුනොවිය යුත්තක් නිසා වෙන්න ඇති.

    පොඩි නිවැරදි කිරීමක් මේක වෙලා තියෙන්නෙ අකුරැස්සෙ විදිහලක මම දන්න විදියට

    ReplyDelete
  27. මුන්ට දෙන්න ඕන රජ කාලේ දඩුවම් මාතලන් අයියේ..වැඩක් නැහැ කතා කරලා..ගොඩක් වෙලාවට ඉතින් උපරිම දඩුවම "වැඩ තහනම් කිරීම" විතරක් වෙයිද මන්දා

    ReplyDelete
  28. ඔන්න ඔය වෙලාවට තමයි බං අරාබි නීතියෙ හොඳ මතක් වෙන්නෙ! මෙහෙ ඔහොම කලා නම් කෙලින්ම ජුන්ඩ කට්-ඉන් පබ්ලික්!

    ReplyDelete
  29. හප්පා... මම මේක ගැන දැනගත්තෙ ටිකකට කලින්. අනේමන්ද බං. හැමදාම වගේ එක තැනක් පෙන්නගෙන අපි කෑ ගැහැවට ඒකෙ ඇත්ත වරද තියෙන්නෙ එතන නෙවෙයි. බොරුවට ආගම් ඉස්සරහට දාගෙන සුචරිත වුණාට ඔහොම විකාර කාරයො ඕන තරම් ඇති. අවුරුදු සිය ගාණක් ශ්ක්ෂණය වෙලත් තවමත් හොඳ නරක වෙන් කරගන්න බැරි උන් ඉන්න එකේ වරද තියෙන්නෙ කොතනද?

    ReplyDelete
  30. හිරේදි දඩුවම් ලැබෙනවා තමයි. ඒත් එහෙමයි කියල මේවට ඉඩදෙන්න බෑ. ලගක් වෙනකම්ම දූෂණයට ලක්වු කෙනෙකුට දීපු වන්දි මුදල රුපියල් පන්දාහක් හෝ විසිපන් දාහක්. ඒවගේම මේවගේ නිවුස් විකුණන්න බලාගෙන නං ඕනතරං කට්ටිය ඉන්නවා.

    ReplyDelete
  31. මූට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලැබේවි.

    ReplyDelete
  32. @ arunasir

    මේක එහෙම නෑ ඔන්න පාර්ලිමේන්තුවටත් ගෙනිච්චා..
    විලි ලැජ්ජාව කියන දේ තියෙනවනම් ඇමතියා ඉල්ලල අස්වෙන්න ඕන..

    ReplyDelete
  33. @ ඇනෝ 1

    වෙන මොනවා ඉල්ලන්නද මේ තිරිසනුන්ට..

    ReplyDelete
  34. @ ජය ශ්‍රී

    ඔබේ පළමු අදහසට එකඟවිය නොහැක..
    දෙවන අදහස පූර්ණ සත්‍යයක්..
    බූරූවන් සහ ළිං මැඩියන් සමග රට පෙරට..

    ReplyDelete
  35. @ Il mondo

    මේක මම බ්ලොග් එකේ දාලා නැවතුනේ නෑ. යමක් කරන්න පුළුවන් හැමෝම දැනුවත් කළා.. ප්‍රයත්නය සාර්ථකයි..

    ReplyDelete
  36. @ නිසූපා

    මම නම් මේ බූරූ ක්‍රමයට විරුද්ධව පාසැලෙත් කතා කරනවා..
    ඇත්ත කතාකරන කොට බූරූවෝ බයයි..

    ReplyDelete
  37. @ මලිත්

    මගේ තවමත් ඇඟ රිදෙනවා...

    ReplyDelete
  38. @ ChammA

    මුන්ට ගම්වල ඉන්න හම්බ වෙන්නේ නෑ..

    ReplyDelete
  39. @ ඉන්දික උපශාන්ත

    මෙහෙත් කැපුවේ නැති උනාට එළියට එන කොට අකර්මන්‍යයි..
    ඒ ගැන බය වෙන්න එපා..

    ReplyDelete
  40. @ hare :-)

    මෙතන වරද ඇවිල්ල නීතියෙන් රිංගන්න ඉඩ තියෙන එක..
    දැන් දැන් මේවට කතා කරන ලෝයර්ස්ලත් අඩුයි..

    ReplyDelete
  41. @ රාජ්

    අපිට ඉන්නේ ජන මාධ්‍යවේදියෝ නෙමෙයිනේ..
    ජඩ මාද්දිය වේදීයෝ..

    ReplyDelete
  42. අපේ අය හිතුවේ tv එකේ කොටු කොටු දැම්මම ඔක්කොම ප්‍රශ්න විසදෙයි කියලනේ... කෝ ඔය මහලොකුවට කෑ ගහන කාන්තා සංවිදාන ටික...

    ReplyDelete
  43. @ දිනූෂා

    එව්ව අපි දන්නේ නෑ. කේක් හදනවා ඇති..
    අපේ යුතුකම අපි කළා..

    ReplyDelete
  44. lanka wadi hariyak inna manasika rogiyo mama hithnna makata hayuwa manasikawa vidinna puluwan kalawakata ho nirmanath maka dekata lankawa yomu vima adui akak arthika prsna anith de oun pahasuwan vindana sadaha tora ganna math vima...

    ReplyDelete
  45. මේ කරුණ ගැන මම කියෙව්වෙම නෑ පුවත්පතකවත්. ඔබෙ පොස්ට් එක කියෙව්වෙත් නෑ...මේක් අහපු වෙලාවෙ සිතේ අතිවූ කම්පණය තාමත් එහෙමයි...

    ReplyDelete
  46. @ indika dissanayake

    ළමා අපචාර වෙන රටවලත් සිඳුවෙනවා. මේව දියුණු රටවලත් සිඳුවෙනවා.. මේ සිද්දියේදී පරිසරය හා පුද්ගලයින් වෙනස්වීමයි විශේෂත්වය. මුන් සියළු දෙනාම දරුවන් වෙනුවෙන් කැප උන පිරිසක්. අඩු ගානේ ඒ අවස්ථාවේ හරි..

    ReplyDelete
  47. @ Gimhani

    ඔය කම්පාව කෙල්ලේ භූමීකම්පාවකට හරවපන්.. මම මේ ප්‍රශ්නය සෑහෙන දුර ගෙනිච්චා.. ප්‍රයත්නය යම් දුරකට සාර්ථකයි.. එපමණයි සතුට..

    ReplyDelete
  48. ඕක තවත් එක සිද්දියක් විතරය් බන්.. පත්තරයක් අරන් බලපන්.. තාත්ත දුව දුෂණය කරලා... මුණුපුරා ආච්චිව දුෂණය කරලා මරල දාලා...

    හැම මාසෙම පොය නිවාඩුවක් ගන්න රටක මෙක...

    අසහනය හැම තැනම... තිරිසන් සමාජයක් වෙලා...

    එක අතකින් බැලුවම මිනිස්සුන්ගේ ආශාවල් නීති දාල හිර කරලා.. ටී වී එකේ අද නිරුවතින් නටනවා... මේවට මොනවා කරන්නද මන්ද...

    ReplyDelete
  49. මේකේ ගැන විස්තර කියවපු දවසේ ඉඳන් ඇඟේ මාලු නට නට ඉන්නේ බන් . . . .

    හැම මගුලටම දේසපාලනේට බනින්න එපා කිව්වට මේ හැම මගුලකටම කෙලවෙලා තියෙන්නේ හැම මගුලටම දේසපාල්නේ රිංගලා තියෙන නිසා.

    වැරදි කාරයොන්ට දේසපාලන සපෝර්ට් එකක් තියෙනවනම් උන්ට ආපහු ආඵු ඕන ජරා වැඩක් කරන්න පුලුවන්.

    ජේ.ආර්. ගේ කාලේ තමයි මේවා මෙහෙම වෙන්න පටන් ගත්තේ. දැන් පොරොවෙන් කපන්න වෙලා.

    අනේ මන්දා බන් . .දුකේ බෑ අපේ රට ගැන.

    ReplyDelete
  50. කියවන්නෙක් පමණිSeptember 8, 2011 at 1:39 AM

    මේ නිවුස් 1 මතක් වෙනකොට මගේ ඔලුවේ ඉදන් අත පය ඔක්කොම හිරි වැටෙනවා. ලේ පැල්ලම් දකිනකොට අර අහිංසක දැරිවිගේ රහස් ස්ථානයට මැහුම් දාන්න වුනා කියල ඇසිය නොයුත්තක් ඇසෙන විට ඇති වන හැගීම විස්තර කරන්නඩ බෑ. එතන හිටපු අයගේ රැකියා තාවකාලිකව තහනම් කියලා තමා දන්නේ. මට හිතෙන්නේ අරෑ මොනවිදිහකින් හෝ අකර්මන්‍ය කල යුතු වගේම අනෙක් අය වැරදි කරැ වුනා හෝ නොවුනාහෝ රැකියා ස්ථීරව තහනම් වියයුතුයි. වැරදිකරැ නොවේනම් සේවා කාලය ඉවත්කර මුලීක වැටුපේ සිට නැවත රැකියා දිය හැක. (මේයින් කවුරැ හෝ නීතියෙන් ගැලෙවේනම් ඒකට හෙනවැදියයුතුමය)

    ReplyDelete
  51. මුන්ට එක හෙනයක් වැදිලා මදි මරණ දඩුවම මේවට අනිවාර්ය කරන්න ඕන අවුරුදු ගානකට හිරේ දාලා තේරුමක් නෑ මේ මාස ගානකට මේ වගේ සිද්ධි කීයක් නම් ඇහුවද පුදුම තරහක් එන්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න