.

.

Nov 4, 2011

රේඩියෝවේ "කිරුළ" - Kirula Radio


56 යේ දරුවෝ කියලා කට්ටියක් ඉන්නවාය. එයින් 56 ම ඉපදිච්ච එකෙක් මිලේනියම් පැංචෙක් අතින් මේ ලඟදි වල්පොල හන්දියෙන් අවසන් ගමනේ යියේය. මිලේනියම් පැංචා රට ගියේය. මේ පරපුරට බැනලා වැඩක් නැතිය. මේවා බිහිකෙරු එකාගේ වලට අදත් හෙන ගහනවාය. මාතලන්ට පෙන්නන්නම බැරිය. බයියෝ පාර්ලිමෙන්තු ගෙනාවේ මුන්දෑය. උන්ගෙන්ම කෑවේය. කොරේ පිටට මරේය පප්පා මදාවියොත් ගෙනාවෙය. අද එහි උච්චම අවස්ථාවට පැමිණ ඇත්තේය.

56 මතක් වූයේ එහෙම එකක් තියෙන නිසාය. හොඳ පිචැර් ආවේ 70 දීයි කියන්නේය. සින්දුත් එසේමය. ඉන්ගිරිස් සින්දු වල හොඳම කාලේ 80 (එයිටීස්ය.) ය. ඉස්කෝලවලත් එහෙම කස්ටිය ඉන්නවාය. කොයි සේස්තරත් එහෙමය. පරණ කට්ටිය කියන්නේ දැන් සින්දු හරි නැතෙයි කියාය. මට නම් එහෙම ලෙඩක් නැත්තේය. ඒ අපෙ රසිකත්වය අමුතු එකක් නිසාය. අමරෙ මෙන්ම සුනිල් අය්යාත් අහනවාය, අමරසිරි මෙන්ම පුන්සිරිත් අහනවාය. වොලි බැස්ටියන් මෙන්ම නිහාල් නෙල්සනුත් අහනවාය. රුක්මනි දේවී මෙන්ම උමාරියාත් අහනවාය, ක්ලැරන්ස්, රූකා මෙන්ම චිංකිත් අහනවාය. ජෝති මෙන්ම බාති ත් අහනවාය. බෙග් මෙන්ම කල්හාරත් අහනවාය. නාමල් මෙන්ම ෂෙහානුත් අහනවාය. ශාස්ත්‍රීය මෙන්ම බයිලාද අහනවාය, විරහ මෙන්ම රැප් ද අහනවාය. දේශීය මෙන්ම විදේශීය ද අහනවාය. ඕන මලදානයක්, රස නම් විඳිනවාය. මා මෙන්ම, මගේ මිතුරන් දෙතුන් දෙනෙක්ද ඒ වගේය. ඒ උනාට මිතුරන් වැඩි පිරිසකට අලුත් ඒවා දිරවන්නේ නැතිය. සමහර විට අපි මරාගන්නවාය. ඒ උනාට තරහ වෙන්නේ නැතිය. ඒ අපේ හැටිය. අපි 80 ජැනරේසොන් එකය. ඒ කියන්නේ 80 ගනන් වල ඉස්කෝලේ ගිහින් ඉවර උන කස්ටියය. දැන්, උන්ට හරියන රේඩියෝවක් හදලාය. කියපු හැම එකාම දැන් අහන්නේ ඒකය.

අපේ සෙට් එක කලින් ඇහුවේ ලයිට් සහ ගෝල්ඩ් ඇෆ් ඇම්ය. ලොකු කමකට නෙමේය. හැදුන හැටිය. අනික කයිය අඩුය සින්දු වැඩිය. දැන් අහන්නේ අලුත් එකය. නම 'කිරුළ" ය. ෆ්‍රීකුවන්සිය "93.6" ය. හිස් නැති හිස් සඳහාය. සෑහෙන්න හොඳය. ගොඩක් යන්නේ 70-80 සින්දුය. ඉඳ හිට ඉන්ගිරිස් හා හින්දි ඒවාද යන්නේය ඒවාද අර කාළයේම ඒවාය. අපි ආදරය කළ, සුනිල් මාමා ලියපු, නන්දා නැන්දා ගයපු, (මගේ ප්‍රියතම හඬවල් වලින් එකක්ය. චන්ද්‍රලේඛා, ඉන්ද්‍රානී පෙරේරා ඊට පස්සේය.) එයාලා එහෙම දෙයක් කලා දැයි මතකවත් නැති සින්දුත් යනවාය. කතාව අඩුය. සින්දු වැඩිය. කිංස්ලිගේ වැඩක්ය. ඌ මට පොරක්ය. අපේ කාළයේ සිරසේ වීරයෙක්ය. රේඩියෝ කනපිට හරවපු පොරය. (පිටිපස්සේන් හිටියේ ලස්සපතිආරච්චිය.) අලුතෙන් ආපු උන් රේඩියෝවත් එපා කලේය. සම හරක්ට සිංහලත් බැරිය. ඉන්ගිරිස්ද බැරිය. අමු කුණුහබ්බ කියනවාය. දෙයියන්ගේ හාල් කැවිලාද කොහෙදය. අහන උන්ට දෙය්යන්ගේම  පිහිටය. බස් වල අනන්ත වලි දාගෙන චැනල් මාරූ කොරගෙන ඇතිය.

සිරසත් තවම හොඳය. උදේ 8-10 වෙනකම් හුරතල් කෙල්ලෙක් කැකිරි පලනවාය. නම නම් මතක නැතිය. අල්ලලා මිරිකන්න හිතෙනවාය. තවත් ඒවාත් හිතෙනවාය. ඒවා මේකේ ලියන්නට බැරිය. කොහොම හරි මම එයාගේ රසිකයෙක්ය. දවසම ආතල්ය. කිංස්ලි කලොත් ඉතින් අහන්න දෙයක් නැතිය. ඕනම දේකට ඕට්ටුය. මට නම් ලංකාවේ බිහිවූ හොඳම ගුවන් විදුලි නිවේදකයාය.(ආරියසිරි විතානගේ, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රේමකීර්ති, කේ ඩී කේ ඒ කාළේ වීරයෝය) මුකරි කටක්ය. වචන නයිල් ගඟ වගේ ගලනවාය. දැණුමත් එසේමය. ඕනම සබ්ජෙක්ට් එකක් ගැන දන්නවාය. නීතිග්නයෙක්දත් කොහෙදය. කොච්චර වැඩ කාරයා උනත් දවසක් රසිකයෙක්, පොරත් ඇන්දුවේය. ඒ කතාව කවුරුත් දන්නවාය. කලුනික කතාවය.

"කිරුළෙ" ත් පොර ඉන්නවාය. උදේ 8-10 වෙනකන්ය. සුරංගිත් ඉන්නවාය. සීන්දු දාන්න පෙර ඒ ගැන අමුතුම කතා කියනවාය. ඒවා නැගලාම යනවාය. බ්ලොග් වල ලියන්න නියමම ඒවාය. එකම එක කතාවක් කියා මගේ බයිලේ නවත්තනවාය.

සුරංගි මට හිතෙනවා මේ රේඩියෝ චැනල් වල පුරුෂ පක්ෂයට අසාධාරනයක් වෙනවා කියල
හ්ම්
නැ ඉතින් අපි කියවන කොට.. කාන්තා පක්සේ කරන්නේ හ්ම් හ්ම් කියන එකයි හිනා වෙන එකයිනේ
හ්ම්
ඒ උනාට එකම පඩිය එයාලටත් හම්බ වෙනවා
හ්ම්
දැන් ඔය සින්දුවලට කතෘ භාග ගෙවනවනේ
හ්ම්
ඒත් මේ ගීතයට කතෘ භාගේ ගෙවන එක සාධාරනද කියලා බලන්නකො
හ්ම්
මොකක්ද දන්නවද ගිය සින්දුව... ටී එම් සහ ලතා ගයන.. කේමදාස සංගීතවත් කල "මාල ගිරා" ගීතය..
බලාගෙන ගියාම ඇත්ත තමයි.. ලතා එක වචනයක්වත් කියන්නෙ නෑ.. "හ්ම්..හ්ම්".. කියනවා විතරයි...

සටහන - ඉරිදා උදේ 7 ට "රූපවාහිනි" ය බලන්න අපි පොඩි කාළේ රසවින්ද ටයි මාමා ගේ "දොස්තර හොඳ" හිත අපෙ පොඩි උන්ට පෙන්වන්න පුළුවන්


39 comments:

  1. ha ha mayyath 80 ta kamathiya...

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ්....
    "සිරසත් තවම හොඳය. උදේ 8-10 වෙනකම් හුරතල් කෙල්ලෙක් කැකිරි පලනවාය. නම නම් මතක නැතිය. අල්ලලා මිරිකන්න හිතෙනවාය. තවත් ඒවාත් හිතෙනවාය. ඒවා මේකේ ලියන්නට බැරිය." අනේ අම්මපා උඹත්... :-)

    මේ ඒක නෙවී අරක රෑන ගිරා නෙමේ "මාල ගිරාවී, මාල පොටක් බැඳ, ගෝමර පෙති මාලේ.." වසන්තයේ දවසක් සිත්තර පටියේ ගීතයක්...

    ජයවේවා...

    ReplyDelete
  3. @ මයියා
    උඹේ බොග දැක්කේ අදයි. ඕන් සින්ඩියටත් දාගත්තා. අපේ එකෙක්නේ..

    ReplyDelete
  4. @ තිස්ස දොඩන්ගොඩ
    දස දාස් වරක් පින්. දැන්ම හදනවා..

    ReplyDelete
  5. @ ගිම්ගානී
    මාල පොටක් බැඳ....

    ReplyDelete
  6. කුතූහලයෙනි,

    එලය. පට්ටම පට්ටය.
    තොප වැනි බිය නැති පොඩි උන්ගේ අදහස් මාරෙට වටිනවාය.

    පලි - තෝ ආයෙමත් මෙවැනි දෑ ලීවොත්
    Sorry නැත නැත>>>>>

    තෝ ආයෙමත් මෙවැනි දෑ නොලීවොත් තෝ පට්ට ගසනවාය

    Lanka Net Promo ඇඩිමින් වම්හ.

    ReplyDelete
  7. @ ඇස් එම් ඇස් ලංකා

    අම්මට උඩු බයේ බැරිය.. ලියන්නේම නැතිය.. ඒක අහපන්ය.. කිං කියන ඒවට අපි ගැන දුක හිතෙනවාය..

    ReplyDelete
  8. මටත් ඕනෑම කාලයක් සිංදුවක් විඳින්නට හැක. ඒවගේම ලැන්ග්වේජ් කලවම් වූ රේඩියෝ චැනල් වලත් ආතල් බොහෝය. එක පැයක් කන දීගෙන හිටියොත් වැරදි වචන 10ක් වත් අල්ලාගන්න නම් බැරි නැත. සිංහල කියන ගමන් සිංහල තාලයටම ඉංගිරිස් කියවන්න යාමෙන් මේ විපත සිදුවේ...

    දොස්තර හොඳ හිත බලන්න ගොස් අම්මගෙන් ගිය ඉරිදාම හිත නොහොඳ වෙන්නට අසාගත්තෙමි....

    ඔය කාටුන් බලන වයසක්ද ළමයෝ....??? අනේ ඉතිං මට නම් එහෙම වයසේ පස්නයක් නැත. ලේ රත් කරගන්නේ නැතුව කාටුන් එකක් බලලා හිනා වෙන එක කොයිතරම් හොඳද...

    ReplyDelete
  9. අඩේ නියමයි ඈ .....
    ටොපට ලියලා තියනවා ......
    මමත් කැමතිම පොරක් තමා කින්ස්ලි ....

    ReplyDelete
  10. මම නම් උදේට අහන්නේ "ඩිජේ අරා විත් පැස්බරා " හිහි

    අපේ _ඩු _මින්දගේ අය්යගේ චැනල් එක . මම කැමතිම ගුවන් විදුලි නාලිකාව ඒක තමයි . (දේශපාලනය ඇරුණාම ) . අතුල අධිකාරි හඳපු ආදාල නාලිකාවෙ තේමා පාට ටික ත් අනික්වාට වඩා හොඳයි

    . අපි ඉතින් අසූව දශකයේ ඉපදිච්ච ජෙනරේෂන් එක නොවැ

    ReplyDelete
  11. රේඩියෝ අහන එක කෙසේ වෙතත් ඇහෙනවාය....බෝඩිම අල්ලපු ගෙදර උදේ 6 ඉදන්ම කණ පැලෙන සද්දෙට රේඩියෝ දාගෙනය...කෙල්ලෙක් සද්දෙට ඕනෑ එකටයි එපා එකටයි දෙකටම කැකිරි පලනවාය...කතා කරලා තේරුමක් නැතියා...ඇහෙන කණ පලන්නට බැරි නිසා ඉවසනවාය...

    කිංස්ලිට මම කැමතිය...හිස් නැති හොඳ විචාර දෙන්නට සමතෙකිය..දැනුම් සම්බාරයක් මනුස්සයා සතුය.....

    අහනවානම් ඉංගිරීසි චැනලයක් අහන්න කැමතිය...

    ReplyDelete
  12. කළින් ඇසුර නමින් තිබුණු චැනල් එක තමා මම හිතන්නේ මේක. ඇසුර ත් මේ මට්ටමෙන්ම විකාශය වූ චැනලයක්. නමුත් හිටපු ගමන් ඒක නැවැත්තුවා. රෑ තිබ්බා. උදේ නෑ. එහි අධ්‍යක්ෂ චන්දන මහතාගෙන් ඒ ගැන මම අහපු වෙලාවේ ඔහු ඒ ගැන කතා කරන්න කැමති වූනේ නෑ. ඔහුත් හිටියේ කළකිරීමෙන්. ලාභය පිළිබද ගැටළුවක් බවයි පස්සේ ආරංචි වුනේ. තාම මට කිරුළ අහන්න ලැබුනේ නැහැ. ඒත් කිංස්ලි කියන්නේ දක්ෂ මනුස්සයෙක්. ඒ වගේම හොද රහක් තියෙනවා. දැනට දෙරණේ අනන්ත ගී රස, රෑ ඉර පාන හා ඉසිරේ රය යන අත අහන අතරේ බොහෝ වේලාවට අහන්නේ ගොල්ඩ්. ප්‍රයිම් එකත් අයිටීඑන් එකට ගත්තට පස්සේ තමයි ගෝල්ඩ් එකට ආයෙම මාරු වුනේ. විස්කි බ්‍රැන්ඩි වලින් පටන් ගත්තත් අන්තිමට මදි හරියට ගල් ගහන්න වෙන නිසා ක්ලැසික්, පොප්, බයිලා, රප් හිපොප් ඕන දෙයක් අහන්න කැමතියි.

    මේක වෙනමම කාරණයක්. යූඑන්පී අවුලට අතදාපු නිසා සිරසට පහුගිය කාලයේ විශාල අසන්නන් සංඛ්‍යාවක් අහිමිවෙලා තියෙනවා. සමීක්ෂණ වලින් ඒක තහවුරැ වෙලා තියෙනවා. ඒ වෙළදපොළ ඉලක්ක කරගෙන කිරැළ එළියට දැම්මා කියලත් මතයක් තියෙනවා.

    ReplyDelete
  13. දැන් කිංග්ස්ලි සිරසේ නැද්ද? කිරුළ කියන්නේ අළුත් චැනල් එකක්ද? (දන්නේ නැති නිසයි ඇහුවේ)
    මාතලන් ලියන විදිහ මරු :)

    ReplyDelete
  14. හොඳටම එකඟයි. හැබැයි අලුත් කොල්ලන්ගේ අලුත් සින්දු අහනවාය. ඒ වාගේම ඒවාට කැමතිය. උන් පරන උන්ගේ සින්දු කියනවාට මම නම් ආස නැතිය. නන්දා මැඩම් අපේ සංගීත මිස් නිසා ඇය ගැන මම හොන්නදට දනිමි. ඔබගේ රසිකත්වය මගේ වගේමය. මමත් බයිලාත් අහනවාය. රෑට මාතර යත්දි අහන්නේම බයිලාය. එතකොට වාහනේ ස්පීඩ් එකත් ඒ වගේමය.
    කිංස්ලිට මමත් කැමතිය. ඔබ හා එකඟ වෙමි.
    හොඳ ලිපියක්ය. කවදත් මාතලන් ලිව්වොත් ලිව්වාමය. කියවන්න ආස හිතෙනවාය.

    ReplyDelete
  15. ඉරිදා රෑ හතට fm දෙරණේ යන රෑ ඉරපාන අහන්නැතෙයි?

    ReplyDelete
  16. ඇත්තටම ඔක තමයි මමත් අහන්නෙ. හැබැයි හරියට දැනගෙන නෙමෙයි \ඇහුවෙ. ඒත් මගෙ රුචිකත්වයට සෙට් උනෙ ඔක විතරය් මෑත කාලයෙ. හැබැයි හරියටම කිරුල එෆ් එම් කියලා දැනගත්තෙ දැන්. කිංග්ස්ලිගෙ වැඩක් නං ඉතිං කියලා වැඩක් නෑ ...

    ReplyDelete
  17. ඇත්තමයි සෑර්, මට මතක් උනේ අර සිරසේ තමාලි අක්ක කළුණික තියෙන්නෙ කොහෙද කියල අහල කොල්ලෙක් ගෙන් ඇනගත්ත ඇනගැනිල්ල. ඊටපස්සෙලු අර තත්පර 6ක ඩිලේ එකක් එක්ක සිරස බ්‍රෝඩ්කාස්ට් කරා කියන්නේ.

    ReplyDelete
  18. මම අදනේ දන්නේ කිංස්ලි ලොක්කා සිරස අතෑරලා කිරුල දාගත්තා කියලා.
    සිංදුව මගේ රසයට අනුකූල නම් සිංහල, දෙමළ, හින්දි, ඉංගිරිසි, අප්‍රිකානු, ලතින්, ඕනෑම එකක් අහනවා.

    ReplyDelete
  19. @ ප්‍රසන්න86කේ
    එව්වට වයසක් නෑ බන්.. මගේ ප්‍රියතම එකක් තමයි සූර පප්පා..

    ReplyDelete
  20. @ පන්සල් හන්දිය
    තැන්කූ

    ReplyDelete
  21. @ බුවා
    අහල නෑ අහන්න ඕන බලන්න. ෆ්‍රීකුවන්සී කීයද දන්නේ නෑ. ඇයි බන් තිස් තුන් කෝටියක් තියෙනවනේ..

    ReplyDelete
  22. @ දිල්
    එහෙනම් සුවර් එකටම මගේ කෙල්ල වෙන්න ඇතිය. මමත් වඩා මනාප ඉන්ගිරිස් ඒවටය. ඒවායේ සංගීතයට ඊටත් වඩා මනාපය. මම කාලයක් බොගක් කොලාය දැන් වෙලාවක් නැතිය.

    ReplyDelete
  23. @ තිසර
    ඒ කතාව බොහෝ විට ඇත්තක් විය හැක. මුන් රනිල් නැති කරනවනේ. නමුත් ඒකෙන් වෙන්නේ සජිය නැති වෙන එක. කිංග්ස්ලි වැඩේ ගෙනියයි වගේ. රෑ ඉර පාන අහනවා අනිත් දෙක අහලා නෑ..

    ReplyDelete
  24. @ මාලන්
    හප්පේ කොහේ බන් වහන් උනේ. මහරාජාලගෙම තමයි.

    ReplyDelete
  25. @ වෙද මහත්තයා
    එක වල්ලේ පොල් දෙකක් නෙමේය. එක ගහේ පොල් දෙකක්ය. මට පස්සේ පොල් වල්ලක එකක්ය..

    ReplyDelete
  26. @ ඇනෝ
    අහනවා. මම හිතන්නේ ගුවන් විදුලියේ යන හොඳම වැඩ සටහන. මම පෝස්ට් එකක් දාන්න ඉන්න කොට වෙන කෙනෙක් දාලා තිබුනා. ලියපු එක තාම තියෙනවා.

    ReplyDelete
  27. @ ලොකු ජෝන්
    මම හිතන්නේ ඌට අකමැති කෙනෙක් නෑ..

    ReplyDelete
  28. @ සූස්ති ගුනේ..
    මෙහෙමයි ඊට පස්සෙ තමයි නම්බර් එක අරගෙන චැනල් එකෙන් කෝල් බැක් කරන්නේ..

    ReplyDelete
  29. @ කැන්ඩියන්
    සිරස අත ඇරලම නෙමෙයි.. සිරසටම තමයි ඔටුන්න දාගෙන තියෙන්නේ..

    ReplyDelete
  30. ලයිට් එයිටි නයින් පොයින්ට් ටූ එක සහ ගෝල්ඩ් ඇෆ් ඇම් එක මාගේද ප්‍රියතම චැනල් දෙකක් වන්නේය. ලොකුකමකට නෙමේය. කනට ගුජුස්සාවක් නැතුව සිංදු ටිකක් අහං ඉන්න හැකි නිසාය.

    ReplyDelete
  31. @ ඕනයා
    බලාගෙන ගියාම කස්ටියම එක ගහේ පොල්ය.. පෑහෙන්නේ ඒ නිසාය..

    ReplyDelete
  32. කිස්ලිලා මුතුහරින් ආපු අයය.

    ReplyDelete
  33. @ බින්දි
    අපේ කාළේ ආවේ ඒකෙන් තමයි. ඊට කලින් සිරි අයියගෙ ළමා මන්ඩපෙන් ලු නේ. සුමන නැන්ද ගේ හඳ මාමා වැඩ සටහනත් නැගලම ගියා අර පෙත්තප්පු එහෙම හිටියේ. එයා ඇවිල්ලා කේ ජයතිලකයන්ගේ නෝනා මහත්තයා.

    ReplyDelete
  34. කිංස්ලි සිරා පොරක්ය..... කිරුල ඔන්ලයින් අහන්න විදියක් තියේද... අලුත් එව්වොන්ගෙ සින්දු ඇහිල්ල අඩුම කලාය... අනික එව්වො පරණ සින්දු රැප් කිරීමට මගේ විරෝධයය.. ඒත් උන් ට ඒවයේ වගක නැත.

    රෑ ඉර පාන අහපන් අයියේ... ඒක පට්ටය...

    ReplyDelete
  35. මේ චැනල් ගැන දැනුමක් නැති නිසා කට වහගෙන ඉන්නං

    ReplyDelete
  36. @ පිස්සා පලාමල්ල
    අනිවා අසනවාය. ඇත්තය. පට්ටය. දෙරණට පින් සිද්ද වෙනවාය..

    ReplyDelete
  37. Kingsly Rathnayake, Internet Radio ekaka Name eka horakam karala kiyala danne kiyen kee denada. www.kirularadio.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න