.

.

Dec 13, 2011

ග්‍රේරෝ වන්නම - Grero Wannam


දා හතකුත් ඇදගෙන කරු මැති සඳ..
ආන්ඩුවට පැන ගන්නේ........
ඊට පස්සේ එක දෙකා බැගින් අලි
හෙමිහිට පාර පනින්නේ.......
සද්ද බද්ද නෑ ජොනියා පැන්න පසු
අවුරුද්දක් ගත වෙන්නේ.....
සිරි ලක දරු පරපුර බේරන්නට
ග්‍රේරෝ ඔන්න පනින්නේ......

බබා වගේ ඇවිදින් අලි ඡන්දෙන්
දියවන්නාවට යන්නේ.....
සුනේත්‍රා දේවිට කොක්කක් ඇදගෙන
කලින් පනින්න බලන්නේ.....
බදු ගෙවලා නැති කතාවකුත් ඔය
දැන් දැන් පත්තරෙ යන්නේ.....
පූසෝ උපාසක මීයෝ... දෙක දෙක
අල්ලති බොරුද කියන්නේ......

මෙහෙම තියරියක් භෞතික විජ්ජා
පොතකයි ලියලා තියෙන්නේ.....
එවරි ඇක්ෂන්, හෑස් අ රියැක්ෂන්
කියලා ෆිසික්ස් කියන්නේ....
ෂෆල් එකෙන් පසු නිද..හස් අධ්‍යාපනේ
ටියුෂන් වලටයි යන්නේ.....
පුක උඩ දාගෙන ඡන්දේ දුන්න උන්
ග්‍රේරෝ... මෑනීට පින් ලැබදෙන්නේ....
-0-
වන්නම් තාලයට ගයා සැනසෙන්න....

37 comments:

  1. දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට නිව්ටන් ගොයියා කියා ඇත්තෙ බොරුදැයි සැක සිතේ...
    දැන් සිද්ධ වෙන රියැක්ෂන් වැඩි හරියක් වෙන්නෙ ඇක්ෂන් ගන්නවාට බයේය..හරියටම කිව්වොත් ඇක්ෂන් එකට පෙර රියැක්ෂන් ය.

    ReplyDelete
  2. මැක්සා... මට තාලේ පොඩ්ඩක් අවුල් ගියා.. පොඩි උදව්වක් කරන්න බැරිද..?

    ReplyDelete
  3. වන්නමේ නම වෙනස් කරමි. මේකට කියන්නේ කානු මීයා වන්නම කියාය. දන්නෝ දනිති.

    ReplyDelete
  4. හ්ම්ම්ම් හ්ම්ම්ම් වෙදමහත්තයා දන්නෝ දනිති...........:D

    ReplyDelete
  5. මමත් කියන්න හිටියෙ උපාසක පූසෝ …මීයන් දෙක දෙක ඇල්ලුවට මේකා නමටම ගැලපෙන මීයෙකුය.
    …හීන් සීරුවෙම රින්ගන්නට දන්න

    ReplyDelete
  6. ඌඇම්පී එක තමයි මේවගේ හාල්පාරුවෝ කරලියට ගේන්නේ... එහෙම ගෙනල්ලා අනික් පැත්තට දන් දෙනවා අර මොකක්දෝ එකක ශක්තිය වැඩිකරන්න. අනික දැන් කාලේ චන්දෙ දෙන උන්ට බැනලා වැඩක් නෑ මොකද වෙන කට්ටිය චන්දෙ තොග පිටින් එහාට මෙහාට දානවා ජිල් මාල් දානවා.

    ReplyDelete
  7. වන්නම් තාලය හොයපල්ලකෝ දැන් ඉතිං...

    ReplyDelete
  8. පැනපු එකා වගෙම එලෝන උනුත් යන තැනට වැඩ සලස්සන උනුත් ඒ ඇරුනම ජීවිතේම විපස්සෙ ඉඳල කඹුරනව මිස හම්බකිරීමක් නැතිවෙන තැනට වැඩ සලස්සන උනුත් මෙව්වට වග කියන්න ඕන!

    ReplyDelete
  9. අනේ මන්දා එක අතකට හිතෙනවා ග්‍රේෙරා වගේ පොරක් විපක්ෂේ ඉන්වාට වඩා ආණ්ඩු පක්ෂෙට යන එක හොඳයි කියලා, පොර ජනතාවට වැඩක් කරන මිනිහෙක්නෙ .......

    ReplyDelete
  10. දෙතුන් පරක්ම තාලෙට ගැයුවෙමි.

    ReplyDelete
  11. මගේ ප්‍රශ්ණය නම් ගජගා වන්නමට අනුව ගයන්නද, හනුමා වන්නමට අනුව ගයන්නද කියායි!

    ReplyDelete
  12. 'නරි වන්නම' යනුවෙන් එකක් නැද්ද?

    ReplyDelete
  13. මෙය මූසික වන්නම ලෙස නම්කල යුතුව තිබුනි . . . වෙද මහතා කියූ ආකාරයට කානු මීයා වන්නම ලෙසින්ද නම්කල හැක. මීයා තවමත් කානුවේද කියා කුමාරි නෝනාගෙන් අසාගතයුතුය.

    ReplyDelete
  14. මොන තාලයක‍ට කිව්වත ලංකාවේ මහා ජනතාවට තෙරෙන්නෙ නැ....

    ReplyDelete
  15. දැං මේකට නටන්න ජැන්ඩියට ඇන්දල මැණ්ඩියට ඉන්නත් ඕනෙයි ?

    ReplyDelete
  16. @ ලකී
    මේ ළඟදී මොකක්ද තියරි එකක් වෙනස් උනා නේද වේගය සම්බන්ධව..

    ReplyDelete
  17. @ නරකයා
    යූ ටියුබ් එකේ ගජගා වන්නම කියලා ගැහැව්වම බඩු එනවා. ඒ තාලෙට කියපන්.. පුලුවන්නම් ගයපන්..

    ReplyDelete
  18. අඩෝ මේ ලක්ෂ 40 ක් ළමයින් අධ්‍යාපනය වෙනුවෙන් ...සහ පුද්ගලික බස් කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් ගිය අහිංසක , උගත් බුද්ධිමත් නායකයාට පද හදන්න එපා හරිද ?

    ReplyDelete
  19. @ වෙද මහත්තයා
    මීයා කානුවේ කතාව කීප දෙනෙක්ම කිව්වේය. ෆිසික්ස් කල අය දන්න කතාවක් වෙන්ට ඕනෑය..

    ReplyDelete
  20. @ නිශ්
    අපටත් කිව්වනම් නේද වටින්නේ..

    ReplyDelete
  21. @ ලොකු ජෝන්
    ඔහෙත් මී කතාව දන්නවා වාගේය..

    ReplyDelete
  22. @ කැන්ඩියන්
    ජිල් මාල් දාන්න ඕනේද බන් මෙහෙම පාවලා දෙන ගෙම්බො ඉන්නකොට.

    ReplyDelete
  23. @ මාළු පැටියා
    මාළු කෑල්ලත් අප්ෂෙට් ගිය වෙලේ.. පොඩ්ඩක් හොයලා බැලුවොත් පාඩූ වෙන්නේ නෑ.. නුවර පෙරහැරේ හේවිසි ගහන ටියුන් එක...

    ReplyDelete
  24. @ ඉන්දික උපශාන්ත
    එතකොට උඹ කියන්නේ මේ මිනිස්සූ මෙහෙම කරන්නේ හම්බ කරන්න.. චී චී චී කැත කතා කියන්න එපා. ජාතියේ දරු පරපුර වෙනුවෙන් ගිහින් තියෙන්නේ..

    ReplyDelete
  25. @ පන්සල් හංදිය
    ඉතින් බන් විපස්සේන් ඉල්ලන්නේ නැතුව ආන්ඩු පස්සෙන්ම ඉල්ලන්න තිබුනනේ. මටනම් මොන පැත්තට පනින එකත් පෙන්නන්න බෑ. චන්දය පාවාදීමක් නේ තනිකර.. මේ බූරූ වැඩේ නීතියෙන් අනුමත කල උන්ට හෙනම ගහන්න ඕන. තිබුනේ මන්ත්‍රිකම අහෝසි කරලා දාන එකනේ. ඒක තමයි නියම ක්‍රමේ..

    ReplyDelete
  26. @ රාජ්
    එහෙම හරි ආතල් එකක් ගමු මචං

    ReplyDelete
  27. @ කශූ
    ඒ දෙකම හරියන්නේ නෑ. ගෙබි වන්නම මැඩි වන්නම් කියල වන්නම් තියෙනවද දන්නේ නෑ... හනුමා වන්නම ජොනියටනම් නියමෙට මැච් වෙනවා ගිනි තියනවා එකසිය ගානට

    ReplyDelete
  28. @ ඔබා
    නරි වන්නම වෙන්නත් බැරි නෑ. නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා...

    ReplyDelete
  29. @ ඕනයා
    උඹත් පිසික්ස් පොරක් වගේය...

    ReplyDelete
  30. @ ඉන්දික දිසානායක
    තේරෙන උන්ටත් කෙලලා නේ මුන් පනින්නේ..

    ReplyDelete
  31. @ නවම් මාවත
    මේවා නටන්න මක්කටෙයි බන් ඇඳුම් .. හෙළුවෙන්.. අමු හෙළුවෙන්..

    ReplyDelete
  32. @ බුවා
    ඒක තමයි බන් මාත් කිව්වේ. කවුද ඩෝ පද හදන්නේ.. මම ග්‍රේරෝ හරිය...

    ReplyDelete
  33. හරක් හොරු ඔක්කොම!

    ReplyDelete
  34. @ සබිත්
    සහතික ඇත්ත සබිතෝ...

    ReplyDelete
  35. නොදන්නා කමට අහන්නේ... රටේ විපස්සයක් තියෙයි දැන්

    ReplyDelete
  36. @ පිස්ස පලාමල්ල
    අපොයි තියෙනවා. ඒකත් ආන්ඩුවේ..

    ReplyDelete
  37. @මාතලන්,
    ඒ කතාවත් හරි බං, අපි ඡන්දේ දුන්නෙ අපේ ඡන්දෙත් අරං ආණ්ඩුවෙ වාඩි වෙන්න නෙමේනෙ .......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න