.

.

Jan 12, 2014

බ්ලොග් කියන්නේ මොනවද..? - What is Blogging?



මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.

බ්ලොග් කියන්නේ ඒකටය. ඕන එකෙකුට ඕන දෙයක් ලියාගන්න කියා, බලා ඉන්නා එකටය. ආන්ඩුවේ මාද්දිය වාරණ ගැන පඬි ටෝක් දෙන උන් පවා, මේ නිදහස් පුරවැසි මාධ්‍යකරණයට වාරණ දාන්න යන්නේ, උන් ආන්ඩුවටත් වඩා පවර්ෆුල් කියලා හිතලාය. ඒ පෙන්වන්නේ "පවර් ෆුල්" කම නොව, තමන්ගේ "බ්ලඩි ෆූල්" බව කියා නොදන්නා එකට, අපට කොරන්නට දෙයක් නැතිය.

බ්ලොග් කියන්නේ, ඕනෑම දෙයක් ලියන්න, කියන්න, පලකරන්න පුළුවන් තැනක්ය. නමුත්, බ්ලොග් ළොව පුරා ජනප්‍රිය වන්නේ දේශපාළණ බ්ලොග් නිසාය. ඒ කියා, හැම එකාම දේශපාළණේ ලියන්න ඕනා නැතිය. බ්ලොග් කියනා නම හැදෙන්නේ "වෙබ් ලොග්" (Weblog) යන්න කෙටි වෙලාය. වෙබ් ලොග් (Web Log) පටන් ගත්තේ, "ජෝන් බාර්ගර්"ය, "පීටර් මර්හෝල්ස්" එය "වී බ්ලොග්" (We Blog) කලේය. "ඉවාන් විලියම්ස්", එය "බ්ලොග්" (Blog) බවට නිර්මාණය කලේය.

සම හරක් බ්ලොග් ලියන්නේ එක කරුණකට අදාලවය. සමහර විට, එය කවි බ්ලොග් එකක් වෙන්න පුළුවන්ය. සමහර විට, කෙටි කතා බ්ලොග් එකක් වෙන්න පුළුවන්ය. තමාගේ එදිනෙදා දින පොත ලියනා උනුත්, ඕනෑ තරම් බ්ලොග් අඩවිවල ඇත. ඇත්තටම බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ එහෙමය. එමෙන්ම තමන්ගේ ලිංගික ජීවීතය ගැන ලියනා බ්ලොග් මෙන්ම, වීඩීයෝ හා පින්තූර සඳහා පමණක් වෙන්වු බ්ලොග් අඩවිද, අධ්‍යාපනය සඳහාම පමණක් කැපවූ "එඩියුබ්ලොග්" වශයෙන්ද බ්ලොග් අඩවි කීපාකාරයකට වර්ග කළ හැකිය.

මේ අතර, තම නිශ්පාදනය හෝ සේවාව ප්‍රචාරය කිරීම සඳහාද, මුදල් ඉපයිමේ පරම පවිත්‍ර චේතනාව පමණක්ම මුල් කොට ගත්තාවූ බ්ලොග් අඩවියන්ද, නැත්තේම නොවේය. "මයික්‍රෝ බ්ලොගින්" යනු ඉතා කෙටි කවියක් හෝ සටහනක්, තම පෝස්ටුව ලෙස ඉදිරිපත් කරනා බ්ලොග් අඩවියන්ය. ඒවා ද බොහෝ සෙයින් ජනප්‍රිය බ්ලොග් බවට පත්වෙලා අවසානය.

කටකතා හා ඕපාදූප සෙවිම මිනිසාගේ විනෝදංශයක් නිසා, එවන් බ්ලොග් ජනප්‍රියම එවා බවට පත් වෙලා අවසානය. "අනේ අපිට ඔය අනුන්ගේ වං හුං ඔනෑ නෑ කියා....." කෙප්ප කෙලින හැම එකාම, ආතල් එකේ සද්ද බදයක් නැතිව ඒවා තලු මර මරා කියවනවාය.

අනෙක් මාධ්‍යන්ට වඩා බ්ලොග් වල තියෙන වටිනාකම, කොමෙන්ට් හෙවත්, කියවන එකාගේ අදහස්, යෝජනා, චෝදනා, විවේචන, ලියන්න පුළුවන් කොටු කෑල්ලය. අහිංසක උන්, "පට්ටයි අනේ...", "කියලා වැඩක් නෑ....", "මම එක....", "ඔයා.. හෙට එක....", "ජක බක.....", "මගෙ පුක....." කියා, කොමෙන්ට් එකක් දමනවාය.

මම වාගේ බක පන්ඩිතයෝ, පොඩි විවේචනයක් එක්ක පල් හෑලී ලියනවාය. සම හරක්, හිස්ටීරීයා ලෙඩේ උත්සන්න වෙලා, "එදා තිබ්බේ මේ වගේ ඒවා නෙමෙයි...". "ඒවා නේ මේවා....". "ඒ කාලේනේ ඉන්න තිබුනේ... අයි ඩෝන්ට් නෝ වයි....?" කියා, රෝග ලක්ෂන ඔක්කෝම කොටුවේ හලලා යනවාය. ඒ අස්සේ, මැන්ටල් පොරවල් ඇවිල්ලා, ලියපු එකාගේ අම්මාට කොමෙන්ට් ලියා යනවාය. ඕන් ඊට පස්සේ වැඩේ අවුල් වෙනවාය.

පොඩියෙන් පටන් ගන්නා වලිය, අන්තීමේදි සඟිස්කුරුත දක්වාද, සමහර විට පාලි හා ග්‍රීක් දක්වාද, සමහර විට ලිංග විපර්යාසයන්ටද, නව පත්වීම් වලට ලක් කිරීම් දක්වාද, දුර දිග යනවාය. ඒ කියන්නේ, ලියන්නේ පිරිමියෙක් නම්, ඌ පොන්නයෙක් කරනවාය. කෙල්ලෙක් නම් ලියන කෙල්ලයි, කෙල්ලගෙ අම්මයි දෙන්නම, වේසියෝ කරලා දානවාය. ඊට පස්සේ සමහර උන් බොග දැමිල්ල නතර කර දානවාය.

මේකටත් බේත් තිබෙනවාය. කොමෙන්ට්ස් මොඩරේට් කොරලා දැම්මාම. මක්කා කිව්වාද කියා අනික් උන්ට හොයා ගන්න බැරි වෙනවාය. කක්කා ටික අරන් දමා, හොඳ ටික විතරක් පබිලිස් කොරලා දානවාය. සම හරක්ට එහෙම මොලයක් නැතිව කෙලින්ම වහලාම දානවාය. එතකොට නම් අර මැන්ටල් සැට් එකට පුදුම ත්‍රිල් එකක් එනවාය.

කොමෙන්ට් ඕපන් කරලා තියන්නේ හිට්ස් ඕනා නිසාය. හිට්ස් වැඩියෙන් ආවාම ගත සිත පිනා යනවාය. ඒ අපි තවම සුප්‍රබුද්ධලා නොවනා නිසාය. එහෙම හිට්ස් ඕනම නැතිනම් කරන්න තියෙන්නේ "මරුවා" වගේ කොමෙන්ට් බොමෙන්ට් ඔක්කෝම වහ දාලා, පොරි හැලෙන්න හතර අතේ වනනා එකය.


සම හරක්ට මේ මරාගැනිල්ල ඉවසන් ඉන්න බැරුව, සරොන් කරට ගන්නවාය, රෙදි උස්සා ගන්නවාය. ඔය මරා ගැනිල්ලෙත් ඉවරයක් තියෙනවාය. මරාගන්නේ බ්ලොග් කාරයෝ විතරක් නෙමෙයිය. ජාතියට පොත් දෙන "සිරිසුමන ගොඩගේ"යි, ගෑණුන්ට ලොරි ටෝක් දෙන, "ආචාර්ය සරත් විජේසුරියයි", බැල්ලිට පොරකන බල්ලෝ දෙන්නා වගේම, මරා ගත්තේය. හැබයි ඒවාට කියන්නේ සංවාද කියාය.

ඔය සංවාදෙත් බ්ලොග් වල ගියානම්, දෙන්නාගෙම පුකවල් බලාගන්නට අපිටත් වාසනාව හිමි වෙනවාමය. ඒ නිසා මම නම් කියන්නේ, ඕන දෙයක් කියන්න පුළුවන් එකේ, හති වැටෙනකන් මරාගනිල්ලා කියලාය. මමත් එහෙම මරා ගන්නවාය. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවාය. බ්ලොග් කෙරුවාව කියන්නේ ඒකටය. බලාගෙන ඉන්න බැරි නම් අහක බලාගෙන උන්නාම ඉවරය. නැත්නම් අර "මාරයා" වාගේ ඇවිලෙන් ගින්නට පිඳුරු ටිකක් දාලා, පොඩි සපි එකක් දුන්නාම අහවරය.

අද මේ බ්ලොග් කරණයේ ජනප්‍රියම සැර්විස් එක දෙන්නේ "බ්ලොගර්ය" (Blogger). "ටම්බ්ලර්" (Tumbler) හා "වර්ඩ්ප්‍රෙස්" (WordPress) කියන්නේත් ඒ වාගෙම බ්ලොග් සේවාවන් දෙකක්ය. බ්ලොගර් සතුව බ්ලොග් අඩවි මිලියන 150 ක් පමණ ඇති බවත්, වර්ඩ්ප්‍රෙස් සතුව මිලියන පණහකට අධිකවත්, ටම්බ්ලර් සතුව මිලියන 75 ක් පමණ අඩවි සතු බවත් වාර්ථාවල සඳහන් වෙනවාය.

බ්ලොග් අඩවියක් පටන් ගන්නා ආකාරය, මුල ඉඳන්, කැම්පස් සින්ඩියේ දමන්නට අදහස් කරගෙන ඉන්නවාය. වෙලාවක් ලද විගස වැඩේ පටන් ගන්නවාය. හැබයි ඉතින් ඒක ලියන්නේත් මාතලන් වර්සොන් එකෙන්ය.

එතකන් කොරන්න තියෙන්නේ, මාතලන් වගෙ ආතල් එකේ ඉන්නා එකය. හිරුනිකා මැද කොළඹට දාපු නිසා, මාතලන් ඉන්නේ ෆුල් ආතල් එකේය. මාතලන්, ඡන්දේ මැද කොළඹට හදා ගත්තේ, පාරුවේ පුවක් නිසාය. සමාවෙන්න.... පූරූවේ පිනක් නිසාය. දැන් ඉතින් මගෙ මනාපේ දෙන කෙනා තීරණය කොරලා අවසානය. අනේ ලාල් කාන්තයෝ මට සමාවෙයන්ය..

අවසානයට කියන්න තියෙන්නේ මේ පහල පින්තූරේ තියෙනා ඉන්ගිරිස් කතාවය. ඒ තියෙන්නේ මක්කාද කියා කියන්න මාතලන් ඉන්ගිරිස් දන්නෙ නැතිය. බ්ලොග් කියලා තිබුන නිසා තෝරාලා දැම්මාය.

163 comments:

  1. සිරාවටම බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ අදනේ. ටැන්කු වෙවා මාතලන් අයියා

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මල්ලි.. ආතල් එකයි, පාන් භගයයි, පරිප්පු බේසමයි

      Delete
    2. දත හාරන්න ඉර‍ටු කෑල්ලයි...!

      Delete
    3. මස් කෑවේ නෑ නේ බන්..

      Delete
  2. නියමයි දන්නෙ නැති ගොඩක් දෙවල් දැන ගත්තා ...

    ReplyDelete
    Replies
    1. අපි මක්කද බන් දන්නේ. මැරෙනකන් ඉගෙන ගන්නවලු නේ..

      Delete
  3. කොමෙන්ට් ඕපන් කරලා තියන්නේ හිට්ස් ඕනා නිසාය. හිට්ස් වැඩියෙන් ආවාම ගත සිත පිනා යනවාය. ඒ අපි තවම සුප්‍රබුද්ධලා නොවනා නිසාය.///
    පට්ටයි අනේ...", "කියලා වැඩක් නෑ....", "මම එක....", "ඔයා.. හෙට එක....", "ජක බක.....", "මගෙ පුක....." කියා, කොමෙන්ට් එකක් දමනවාය./////

    ReplyDelete
  4. කැම්පස් සින්ඩියට අර කිව් එක තමා හරියන්නේ.. එළ ඒක එනකං අපි බලා සිටිමු.. සමහරක් බ්ලොග් කියා මෙලෝ මලදානයක් නොදැනම බ්ලොගින් කරති.. (මේ මම වගේ)

    ReplyDelete
    Replies
    1. ඇයි ඒවා වෙන තැන්වලට අප්ෂෙට්ද...?

      Delete
    2. නෑ එහෙම එකක් නැහැ. බ්ලොග් පටන් ගන්න උපකාරයක් උන්ටයි අවශ්‍ය..

      Delete
  5. සිංහල බ්ලොග් කියන්නෙ මොනවද කියලා වෙනම පෝස්ට් එකක් ලියමුද?...............

    මම දන්න විදිහට සිංහල බ්ලොග් කියන්නෙ...... කතන්දර කියන්න..... තමන්ගෙ අසහනේ දුරුකරගන්න.... තරුණ කාලෙ/පොඩි කාලෙ නොකරපුවගෙ ඇරියස් අල්ලන්න..... බිස්නස් එකට මාකටින් පාරක් දාගන්න..... තෙල් බේත් විකුණන්න.... මිත්‍යාව වපුරලා නූගත්තු ටිකක් බය කරලා ගාන කඩාගන්න.... කැමරා, ට්‍රයි පෝඩ්, ලැප්ටොප් ගෙන්නගන්න..... තමාට ඉස්සර වෙච්ච සමාජ අසාධාරණ නිසා රිදිච්ච හදවත අත ගාවගන්න තරුණ ගෑණුලමයි\බවලත්තු සෙට් කරගන්න...... කාව හරි මෝරා කරගන්න.... හදිසියට වතුර මාරු කරගන්න කාව හරි හොයාගන්න..... කෑම පිඟාන දාන්න..... ණය ගන්න.... බොන්න එකෙක් හොයා ගන්න..... තමන් පොර කියලා පෙන්නන්න.... පාවිච්චි කරන දෙයක්....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සුද්ද හින්ගලෙන් කිව්වේ ඕන එකෙකුට ඕන මළදානයක් ලියන්න පුළුවන් එකක් කියලා..

      Delete
    2. මම කියන්නෙ ලිවීමෙන් එහා දෙයක් මෙතන වෙනවා කියන එකයි..... මුලින් ලියන්න පටන් ගත්තට පස්සෙ එලියට එන්නෙ හිඩ්න් ඇජෙන්ඩාස්....

      Delete
    3. ඒක නේන්නම් කියන්නේ ඕන මළදානයක්ය කියලා.. එහෙම අවුලක් තියෙනවනම්. කියවලා බලලා නොදැක්කා වගේ ඉන්න. අම්මට කියන්නත් එපා. අම්මි ගහයි බැට් එකෙන්..

      Delete
    4. AnonymousJanuary 12, 2014 at 9:02 PM
      ඕනම ක්ෂේත්‍රයක මුල ඔහොම තමයි. කලින් දැකල නැති මගුලක් දැක්ක ගමන් සම හරක් රෙද්ද ගැලවිල්ලෙ ඉඳල හම්බකර ගත්ත තුට්ටු දෙක ඔය ජාතියෙ බුවාලට පුදනව. නමුත් කාලයක් යද්දි ඔය තත්වය වෙනස් වෙයි. දැන් උදාහරණයක් විදියට බ්ලොග් වලින් හඳුනාගත් උදවිය ණය දෙයි කියල හිතන්න බෑ. (අතීත සිද්ධි අනුව).

      මම දෙන්නං උදාහරණ:
      ඉස්සර සුද්දො ආවම අපේ එවුන්ට උන් කප්රුක්. පෑනෙ, සිගරට් එකේ ඉඳල ගාන කපනව. දැන් සුද්දන්ගෙන් සත පහක් ගන්න පුළුවන්ද?
      ෆෝන් වලින් කරන වංචා තිබුන ෆෝන් ආපු කාලයේ.(තාමත් තියනව නමුත් අඩුයි)

      Delete
    5. මම නම් ආස, ෆෝන් එකෙන් පෝන් බලන්න පුළුවන් එකට.. පොලීසීයේ අයත් බලනවා කියන්නේ.. බොරු වෙන්න ඇති නේ බන්..

      Delete
    6. ඒක හරියන්නැ බං . පේන්නේ හෙන පොඩියට

      Delete
    7. පොඩි ඒවට මම නම් හරි මනාපයි. "බෙස්ට් තින්ග් කම් ඉන් අ ඉස්මෝල් පැකේජස්" කියලා කතාවක් තියෙනවනේ.

      Delete
  6. ඇත්තටම හුඟක් දේවල් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හරි දැණුවත් එක මක්කත් නොදන්නවට වඩා හොඳයිනේ.

      Delete
  7. ෂැහ්....හොඳ විස්තරයක්..මාතලන් වර්සොන් එක නියමෙට බොක්කටම වදිනවා..බොගක් හදාගන්න හැටි බලමු ඉක්මනටම...

    ReplyDelete
    Replies
    1. මට ඕන බොග දාන ප්‍රමාණේ වැඩි කොර ගන්න..

      Delete
    2. කෙහෙල් බොඩ වැඩියෙන් කන්න, බොග වැඩිවෙයි.

      Delete
    3. මයියොක්කයි ඌරූ මසුත් නියමයි ඒ වැඩේට.. හැබයි රා ටිකකුත් තිබ්බා නම් වැඩේ තවත් ලේසියි..

      Delete
  8. උදේ පාන්දරම ඇඟත් එක්ක හීතල උනා හප්පේ.
    මම නම් වලියෙන් තොර සාමකාමී පොරකි.

    ඒක නෙමේ හිරුනිකා ඇන්‍ටි මැද කොළඹට එන එක ස්ථීරද??
    "දේශපාලණයේ සදාකාලික මිතුරන් සේම හතුරන්ද නැත්."

    ReplyDelete
    Replies
    1. මේ අස්තිර ළෝකේ ඒක නම් ඉස්තිරයි කොලුවෝ... ඒ වගේම තමා මගේ මනාපෙත්..

      Delete
  9. හැක්...හැකක්.. සුපිරියි මචන්.....

    ReplyDelete
    Replies
    1. දැන් සුපිරි තත්තෙටම ඇවිල්ලා තව තුනක් ආවා නම්, ඔක්ටේන් 95.

      Delete
  10. පට්ටයි අනේ...කියලා වැඩක් නෑ....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ කතාව.. මේ තවත් ජාතියක කොමෙන්ටුය..

      Delete
    2. ඇයි අවුල්ද මචන් ...
      එහෙනම් මකල දාන්නම්...

      Delete
    3. ආන්න එහෙමයි හොඳ කොල්ලෝ...

      Delete
  12. ලියල තියන අදහස හරි. නමුත් පොඩි අවුලක් නැත්තෙත් නෑ. ඒ තමයි මාතලන්ගේ විවේචනයට ලක්වන පිරිසත්, ඒ කියන්නෙ උඹ ඔය සම හරක් කියල හඳුන්වලදීල තියන "එදා තිබ්බේ මේ වගේ ඒවා නෙමෙයි...". "ඒවා නේ මේවා...." "වාරණ කතා" කියන උදවියත් ඒ කරන්නෙ තමුන්ගෙ අදහස් නිදහසේ පලකිරීමක් බව.

    මට අනුව නං, මට ඕන දෙයක් ලියන්නත් පුළුවන්. අනුන්ගේ ලිවිල්ල විවේචනය කරන්නත් පුළුවන් මගේ විවේචනයට උත්තර දෙන්න ඕන කෙනෙකුට පුළුවන් ඒවට උත්තර දෙන්න මටත් පුළුවන්...... ‍ඔහොම දිගටම යන්න පුළුවන්.

    සරළව කිව්වොත් උඹයි මායි පාවිච්චි කරන්නෙ එකම මාධ්‍ය. ඒක ඇතුලෙ වාරණය ඕන කියන අය ඉන්නත් පුළුවන්. ඒ අයගෙ අදහස් වලට ඉඩ ලැබීමත් සිද්ධ වෙනව. ලස්සනම වැඩේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් උන්ට ඕන එක උන් කියනවා... මට ඕන එක මම කියනවා..

      ඒකනේ තියෙන ආතල් එක.. හැමෝම ආතල් එකේ ඉන්නවා..

      Delete
    2. අනිවා රාජ්, මම දැක්කේ නැහැ උඹ ලියලා තියන එක... මාත් කියන්න හැදුවේ ඒක... බ්ලොග් පෝස්ට් එකක ඕනෙම දෙයක් ලියන්න පුළුවන් කියන එක ටෙක්නිකලි හරි, හැබැ‍යි එහෙම නම්, ඒවාට වැටෙන සියළුම කොමෙන්ට්ස් වලටත් ඒ අයිතිය තියනවා.

      දැන් මාතලන් කුමන හෝ හේතුවකට (කුණුහරප, තෙවැනි පාර්ශවයකට අපහාස, අදාල නැති දේ) හෝ කොමෙන්ටුවක් ඉවත් කර තිබෙනවා නම්, ඒකෙන්ම කියවෙනවා බ්ලොග් වල 'ඕනෑම දෙයක්' ලිවිය හැකි උණත්, ඒවාත් ඉවත් කරන්න සිදුවෙන්නේ, යම් කිසි 'පිළිගතහැකි භාවිතාවක්' කියලා අදහසක් අපි තුල තියන නිසයි.

      Delete
    3. ඒ "පිළිගතහැකි භාවිතාව" පුද්ගලයන් පුද්ගලයට සාපේක්ෂයි නේද...? ඒ නිසා මට ඉවත් කරන්න අයිතියක් වගේම. කියන කෙනාට කියන්නත් අයිතියක් තියෙනවා. ඒකට නේ ඩිලීට් බට්න් එක තියෙන්නේ..

      Delete
  13. //බ්ලොග් කියන්නේ ඒකටය. ඕන එකෙකුට ඕන දෙයක් ලියාගන්න කියා, බලා ඉන්නා එකටය. ආන්ඩුවේ මාද්දිය වාරණ ගැන පඬි ටෝක් දෙන උන් පවා, මේ නිදහස් පුරවැසි මාධ්‍යකරණයට වාරණ දාන්න යන්නේ, උන් ආන්ඩුවටත් වඩා පවර්ෆුල් කියලා හිතලාය. ඒ පෙන්වන්නේ "පවර් ෆුල්" කම නොව, තමන්ගේ "බ්ලඩි ෆූල්" බව කියා නොදන්නා එකට, අපට කොරන්නට දෙයක් නැතිය.//

    කවුද මාතලන් මේ බ්ලොග් වලට වාරණ දාන්න එන බ්ලඩි ෆූල්ස් ලා? වාරණ කිව්වේ බ්ලොක් කිරීම්ද? එහෙම කරන්න පුළුවන් කාටද?

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම වැඩත් වෙනවා.. එහෙම කටු කාපු එකෙක් තමයි මාතලනුත්..

      Delete
  14. ආ මේ බ්ලොග් නේද !!

    සොරි පොඩි වැඩ වගයක් තියනවා !!! හැක් !

    ReplyDelete
    Replies
    1. ඉවර වෙලාම එන්නකෝ.. ඉඳගෙන..

      Delete
  15. මෙන්න මෙ විදියට පැහැදිලිව කියලා දුන්නා නම් අහවර යි නොවැ

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔය මහප්‍රාණ මට දිරවන්නෙම නෑ..

      Delete
  16. ඇත්තටම බ්ලොග් එකක් නොලිය ඉන්ද බැරිද. අර ලටපට ලියන දෙමළ නයන්නය වගේ.

    ReplyDelete
    Replies
    1. බෑනේ බන්.. අරක්කු වගේ.. මේකටත් දැන් ඇබ්බැහි වෙලා..

      Delete
    2. \\ලටපට ලියන// කොහෙද බොල ලියල තියෙන්නෙ

      Delete
    3. එ්ක තමයි බොල කියන්නෙ උෘ ලියන්නෙ නෑ කියල.

      Delete
    4. අරක්කු සහ බ්ලොග් අතර ඇත්තේ පුදුමාකාර බැදීමකි

      Delete
    5. කළාකාරයෝ කියන්නේ හිත හොඳ උන් කියා කතාවක් ඇත්තේය. අද කියන්නේ බොක්ක හොඳයි කියාය. වතුර ලේබකයාද කළාකරුවෙකි. ඔහුගේ බොක්කද හොඳ විය යුතුය. එම නිසා බොක්ක පිරිසිඳු කර ගැනීම සඳහා ඔවුන් ඇල්කොහොල් භාවිතා කොරති. එමගින් එළ බොක්කක් ලබා ගැනීමට හැකිය.

      Delete
  17. මේකට අද වැඩ නැද්ද නැත්නං ලැප් තඩියෙක් ගත්තවත්ද?? හිටු කියල උත්තර දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බන්... අද ගෙදර.. ඒකයි.. අර වැඩේට සල්ලි එකතු කරනවා මේ දවස්වල..

      Delete
    2. අර වැඩේ කිවුවෙ, නලින්ට කියල බ්ලොග් එක පත්තරේ දාගන්න එකද? :D

      Delete
    3. කෑ නොගහ හිටහන් බන්.. ඒවා මේ පොරසිද්දියේ කතා කොරනා දේවල්ය.. තුඃ නොදෝකින් මුන්..

      Delete
    4. ඕකට සල්ලි එකතු කරන්න ඕනයැ.. හැක් හැක්.. මම නං දන්නවා කරමේ...

      Delete
    5. මාතේ
      කාගිල්ස් එකෙන් ගල් බෝතලයං අරන් පලයන් !!!

      උබේ බ්ලොගේ නෙවෙයි මාතලන් සින්ඩියම පත්තරේ යයි !

      කලවං බඩු නම් ගෙනියන්න එපා මොනවා ලියයිද දන්නේ නැ !!

      Delete
    6. ගොල්ලිෆ් 1ක් මදිද බං?

      Delete
    7. ඌ ගල් වලට මනාප නැ

      Delete
    8. නලීන් කැමැති ජැක් ඩැනියෙල්ට!

      Delete
    9. මට නං ලෝකෙ තියන හොඳ අරක්කු ජාතිය ගල් !!
      ඔලුව රිදිලි අරක මේක කිසිම දෙයක් නෑ වතුර තිබහක් ඩිංගක් එනවා එච්චරමයි !

      මටත් බ්ලොගක් අටෝල දීපියව් !!!!

      පොටෝ කෑල්ලක් එක්ක පත්තරේ යන්ඩ් !!

      Delete
    10. ආන් නියම වැඩේ.. පටන් ගනින් සත්තලනේ.. ඕන සප් එකක් දෙන්නම්..

      Delete
  18. කියෙව්ව්ය.එළය. ඒ ඇයිද කීවොත් මං බ්ලොග් ලීවාට ඉතිහාසය දැන ගත්තේ අද හින්දාය කව්රු මොනා ලීවත් කොහොම ලීවත් මට නම් නැත. මට අවශ්‍ය දෙයක් ඇත්නං අනික්වා හලලා කරලා ඕන දේ විතරක් පෙරලා ගන්නවාමය. ඒ මගේ හැටියත මට දෙයක් වැඩක් නැත්තං වැඩක් නෑමය.මාතලං එළය. මට ඔන දේ තරම්ම එපා දේද ඇත. ඒත් හොදය. එකිනෙකාගේ රුචිය වෙනස් නිසාය. එක එක අයට එක එක විදිහට මේක පෙයෝජං වන්නේය.
    ඔය සමයර උන්දලා මෙලෝ හරකෙට්ට නොතේරෙන ඒවා ලියයි. ලියල අහක වෙලා මං හෙන පොර කියලා හිතයි. ඊට වඩා මේම හොදය. මොකද එතකොට කියවීමේ ආතල් එක්කුත් තියෙනවාය.
    අපි තාම අලුත්ය තාම ගැට ගගහා ලියන්න පටං ගත්තා විතරය. ඒ හින්දා මගෙ අවුල් තියෙන්නට පුළුවන. ඒවාට කමා වනු මැනව
    බ්ලා

    ReplyDelete
    Replies
    1. අළුත්ය පරණය කියා දෙයක් නැතිය.. පොරි හැලෙන්නට ලිව්වානම් ඔක්කෝම අහකය..

      Delete
    2. ‍එකෙන්ම මටත් ඔය කෝකත් එකය ,

      Delete
  19. මා වලි රස විදිනමුත් ඒ විනොදය දනවන වලිය. Wit, irony, sarcasm, cutting remarks, double meanings පාවිච්චි වන උපහාස සහ අපහාස මිස රලු (crude) අපහාස විනොදය නොදනවයි..
    පෝස්ට් වල ඈති කරුණු වල නිවෑරදිබව ගෑන මට කීමට ඈත්තේ කිසිකෙනෙක් මේ කිසිම පොස්ට් එකක් reference ලෙස කොහේවත් පාවිචිචි කෙරීමට තරම් මන්දබුද්දික නොවන නිසා ඒවාගේ නිවෑරදිබව ගෑන වාද කලත් තරහ ගෑනීමට තරම් ඒවා වෑදගත් නොවන බවයි..

    ReplyDelete
    Replies
    1. බස් එකක යන කොට අපි කැමති එකාත් අකමැති එකාත් බස් එකට ගොඩ වෙනවාය. ටිකට් එක අරගෙන අපේ පාඩුවේ ගමන ගියාම අහකය. අකමැති එකෙක් ළඟින් ඉඳගත්තොත්, නැගිටලා ගිය හැකිය. ඒ යන අතරේ ජැක් එකක් ගහගෙන යන නොයන එක, එහෙම යන එකාගේ කැමත්තක්ය.

      Delete
  20. P.S.
    කොමෙන්ට් වාරණය, කොමෙන්ට්වල language පිරිසිදුබව රෑකගෑනීමේ උත්සාහ සහ බල කිරීම් ( :-))))) , පෝස්ට් වල ලිවිය යුතු හා නොලිවියයුතු කරුනු බ්ලොග් කරු නොවcommentators තීරනය කිරීම ගෑන ඔබේ අදහස කෙසේද?

    ReplyDelete
    Replies
    1. එහෙම තීරණය කිරීමට ඔනෑ එකෙකුට අයිතියක් ඇත්තේය. පිලි නොගැනීම හෝ පිලිගැනීම ගැනද එසේම අයිතියක් ඇත්තේය. ඩිලීට් බටන් එක තියෙන්නේ ඒ සඳහාය.

      Delete
  21. අපි පාරේ යනකොට පෙනෙනවා ගෙදර නිදන කාමරේ කොරන්න ඕනේ එක ගේට්ටුවත් ඇරලා දාගෙන ඉස්සරහ මිදුලේ කරන එවුන්. උන්ට එහෙම නිදහසක් ශිෂ්ඨසම්පන්න සමාජය තුල නැහැ කියලා තේරුම්ගන්න බැරි/තේරුම්ගන්න ඕනේ නැති/ උපතින්ම මන්ද මානසික එවුන්. අන්න ඒ ක්‍රමේට බ්ලොග් ලියන එක ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. බැඳපු අළුත් හිතෙන තැනක සෙල්ලම් කොරනවාය. එහෙම ඒවා දැක්කාම නොදැක්කා වගේ ගියාම කිසිම අවුලක් නැත්තේය. ඒවා දැකලා තම තමන්ගේ අවයව එහා මෙහා කර ගැනීම ගැන, සෙල්ලම් කරනා උන් පලි නැතිය. ඕනම නම්. අනේ මෙයා ඔහොම ඒවා කොරන්න එපා අපේ සිස්ටාචාරෙට සඟිස්කුරුතියට හරි නෑ නේ මෙයා, කියා කිව හැකිය. ඌ සෙල්ලම් කරන්නේ උගේ වත්තේ නිසා. මහත්තයා ඔහේ මේ පැත්ත බලන්නේ නැතිව ගියානම් ඉවරනේ, කිව්වොත් කිචම වෙලා යනවාය. ඒ නිසා රමණයේ යෙදෙන එකාට හැමිනියන් කියා. තමන්ගේ වැඩක් බලා ගත්තාම අහවරය.

      Delete
    2. හැම නියං කාලෙටම ගැලපෙන උත්තරයක්නේ මේක.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සමහරු බ්ලොග් පොස්ට් සහ කොමෙන්ට් අල්ට්‍රා සීරියස් ගෑනීම හාස්යයට කරුනක් වුවද මේ උත්තරයනම් reference වලට වුවද සුදුසුය :-)

      Delete
    5. තමන්ගේ වත්තේ ඕනේ දෙයක් කරනවා වගේ බ්ලොග් ලියන්නෙත් තමන්ට විතරක් බලන්නද? එහෙනම් මොකටද ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් විදිහට ප්‍රසිද්ධ කරන්නේ. හය හතර නොදන්නා එවුනුත් ඒවා බලලා මුන් තමයි ලෝකේ ඉන්න ලොකුම පණ්ඩිතයෝ මුන්ගේ වචන තමයි ඉර්ශි භාශිතේ කියලා හිතනවා නේද? අද මම බක පණ්ඩිතයෙක් වගේ ඕනෑ කුණුහරපයක් ලිව්වම මගේ දුවලා ඒවා බලලා මෙන්න අපේ තාත්තගේ වැඩ කියලා ආඩම්බර වෙනවද ලජ්ජා වෙනවද? තරුණ මදය නිසා, ලෝක ධර්මය ගැන අබමල් රේණුවක් නොදන්නා නිසා, මත් ද්‍රව්‍ය වලින්, හඩු සමාජ ආශ්‍රයෙන් වල්මත්වූ මතවාදවල එල්ලී ඉන්න නිසා අද ලොක්කෙක් යයි හිතන මට මම අම්බරුවෙක් කියා හිතෙනවා නේද මේ ලියන දේවල් තව අවුරුදු කීපයකට පස්සේ බැලුවොත්. ඇත්තටම ගෙයි මිදුලේ රමාණයේ යෙදෙන එකාට අද ලෝකයේ දියුනුම මානුෂික අයිතිවාසිකම් තියන සමාජයෙවත් පොලීසියෙන් ඉඩ දෙන්නේ නැහැනේ. තමන්ගේ අමන සිතුවිලි අමන වචන වලින් විදහා දැක්වීම කිසිම ආකාරයක දක්ෂකමක් නොවේ. හුදු අමනකමමයි. දේවදත්තලාට අනුගාමිකයන් හොයාගන්න හරි පහසුයිනේ.

      Delete
    6. ඕන් ඔතන තමයි වැරදුන තැන. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියනා එක නොදන්න කම. පොඩි උන්ට බලන්න එපා කියලා වයස හෙම සඳහන් කොරලා දාන්නේ ඒකනේ. ෆේස්බුක් එකේ පොඩි උන්ට එකවුන්ට් එකක් ඕපන් කරන්න තහනම්. ඒත් උන් බොරු උපන්දින දාලා එකවුන්ට් එකක් හදාගන්නවා. සමාජය කියන්නේ බොහෝම විවෘත තැනක්. ඔය මොන බයිලා ගැහුවත්, මේක බටහිර රටකටත් වඩා තුච්ච මිනිස්සු ඉන්න රටක්. මහ ලොකු බුද්ධාගම කිව්වට. බුදු හාමුදුරුවන්ටත් නිගා කරන රටක්. පොඩි උන්ට හරි වැරදි කියලා දෙන එක වැඩිහිටියන්ගේ යුතුකම. ඒත් තංහචි දාන් එක වැරදියි. ඒකයි අපේ රටට වෙලා තියෙන කරුමය. මේක ලැම්බෝගිනි වල නැගලා, ඇමරිකන් ඩෙනිම් ගහලා, ඉන්ගිරිස් වච්න දෙක තුනක් චුස් චුස් ගාලා විදින වේගයෙන් ගල් යුගයට යන රටක්. අළුතෙන් හිතන්න පතන්න, නවීන ළෝකයට හැඩ ගැහෙන්න බැරි ල්ළිං මැඩියෝ ඉන්න රටක්. මම කලින් පෝස්ට් එකෙත් ඊශ්‍රායලය ගැන සඳහන් කරන කොර කිව්වේ ඒකයි. රටවල් දෙකටම නිදහස හම්බ උනේ 1948. උන් ඇමරිකාවටත් වඩා දියුණුයි. අපි කඩුලු, බැරියර් දාගෙන, මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරමින්. මිනිසාගේ චින්තන ශක්තිය මොට කරමින්, නීතී රීතී දාගෙන ගල් යුගය රැක ගන්න වලි කනවා. මට දුකක් නැත්තේ නවීන පරපුරේ උන් මේවට බය නැති එක ගැනයි.

      මේන් මේ පොඩි උන් ලියන එවත් මහත්තයෝ මල බිමින් තියලා..

      https://www.facebook.com/damith.kethaka

      Delete
    7. "මේන් මේ පොඩි උන් ලියන ඒවත් කියවන්න මහත්තයෝ.. මල බිමින් තියලා.."

      ලෙස අන්තීම කොටස නිවැරදි විය යුතුය..

      Delete
    8. ගින්දර ..හැක් හැක් ...නියම කතාවක් නොවෑ මේ ..පොස්ටුවට වඩා කමෙන්ටු මාර ෆන්‍ ය .

      Delete
    9. ඒ කියන්නේ ඔබේම දරුවන් වුනත් යන තැනක ගියාවේ කියන එක නේද? එහෙනම් ඔබ මිනිස් කමට නිගාදෙන පුද්ගලයකු විනා අන්කවරකුවත් නොවේ. මේ තරම් තුච්ඡ, අධම පහත දේ බ්ලොග් ලිවීමේ නිදහස යයි ඔබ සිතන්නේනම් ඔබේ මිනිස් ආත්මභාවය ගැන ඔබ ලජ්ජා වියයුතුයි. මීටවඩා යමක් ඔබට කීමෙන් පලක් නැත.

      Delete
    10. අපි සරත් ෆොන්සේකාට අකමැති ඔය නිසාය. මේ හමුදාව නොවේ.. නිදහස් මාධ්‍යකරණයයි.. මම තව දුරටත් ඔබේ රසිකයෙක් වෙමි. පිලිනොගැනිම හෝ පිලිගැනීම ඔබ සතු කාර්යයකි. මාගේ දරුවා මටත් වඩා මනුසත් බවින් හෙබි යහපත් පුරවැසියකි. එය මා හට ආඩම්බරයකි. මා හඳුනන උන් මා කව්දැයි දන්නවා ඇත. අමන වදන් දෙඩුවේ මා නොව ඔබය. හමුදාවට චෝදනා එල්ලවීම පුදුමයට කරුණක් නොවේ.

      Delete
  22. ඕනේ එකෙක්ට ඕනේ මගුලක් ලිවිය හැකිය ..ඒකට තමයි බ්ලොග් කියන්නේ නේද ,

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා.. කපන්න කොටන්න, ඇඩිට් කොරන්න ඕන මළ මගුලක් කොරන්න පුළුවන්නේ..

      Delete
  23. හෙ හෙ ඊලග සතියේ පත්තරේට මේක දා ගන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. පඩත්තලයෝ කියන්නේ නලියට ගානක් දෙන්න වෙයි කියලා..

      Delete
    2. අඹෙන් ගන්න එකක් නැ යාළුවනේ

      Delete
  24. බ්ලොග් ගැන හරියටම දැනගත්තේ අද ...

    ReplyDelete
    Replies
    1. එකනේ කරුමේ වෙලා තියෙන්නේ..

      Delete
  25. ආට්ම ටෘප්ටියටනේ මේවා

    ReplyDelete
    Replies
    1. ආප්පා වන්චා නොකර තුරුප්තියට ලියනවනම් අවුලක් නෑ..

      Delete
  26. බ්ලොග්...බ්ලොග්....ගැන නොදන්න දේ කොච්චර තියේද කියලා දැනගත්තේ අද..?

    ReplyDelete
    Replies
    1. අපි නොනවද බන් දන්නේ.. මේකේ ඉන්න සමහර උන්ගේ ලියවිලි දැක්කාම..

      Delete
  27. ආව්... බ්ලොග්... හි හි....

    අනිත් මාධ්‍ය, ඒ කිව්වෙ පත්තර, නවකතා, කෙටි කතා, කවි කතා, හෑන්ඩ් බිල්, බිත්ති පුවත්පත් වලදිට වඩා බ්ලොග් එකක් ලියන කෙනෙක්ගේ, ලියන ‌දේවල් වලින්, ලියන විදියෙන් සහ බ්ලොග් එකේ තත්වයෙන්, එයාගෙ ගොඩක් චරිත ලක්ෂණ සහ ( සමහර විට වෙස්මූණු වලින් හංගගෙන ඉන්න චරිත ලක්ෂණත්), මානසික තත්වය එයාගේ බ්ලොග් එකෙන් අඳුරගන්න පුලුවන් කියල මට හිතෙනව... ඒ මදිවට මානසික ආතතිය නැති කරගන්නත් බ්ලොග් එකක් ලියන එක හොඳ ක්‍රමයක්... ෂර්ලොක් එකේ ඩොක්ට වොට්සන්ට, එයාගේ තෙරපිස්ට් උපදෙස් දෙන්නෙ බ්ලොග් එකක් ලියන්න කියල ඒක නිසානේ... හි හි

    The personal blog of Dr. Johk H. Watson

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලින් නෙමෙයි අනෙක් ඒවලිනුත් ලියන එකාගේ මානසික තත්වය විතරක් නෙමෙයි සමාජ තත්වය ආර්ථික තත්වය අජ්ජාපන මට්ටම් විතරක් නෙමෙයි එන්නේ මොකාටද කියලත් කියන්න පුළුවන්.. ඒක හැබෑ දස්සකමක්.. සමහර උන් නම් කියන්නේ පසේබුදුවරුන්ටය ඒ තත්වේ තියෙන්නේ කියලා..

      ඉතින් එහෙම තත්වයක් තියෙන එක ආඩම්බරයට කරුණක්..

      Delete
  28. අඩේ මම බ්ලොග් ලිවුවට ආගිය තොරතුරු දන්නෙ දැන්නේ... එල එල...

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද උඹ මෝටර් සයිකලයක් හරියට පැදගන්න බැරි එකෙක්නෙ,

      Delete
    2. සමාන්‍යයෙන් තමන් කරන දේ ගැන පොඩි දැණීමක් හරි තියෙන එක ළොකු දෙයක්..

      Delete
  29. බ්ලොග් වල මමත් කැමතිම එක තමයි කම්න්ට් බොක්ස් එක.එක නැතිනම් මේ බ්ලොග් වලින් වැඩකුත් නැහැ,අම්මපා.

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඉතින් ඩයරියේම ලියලා දානවනේ.. ඉඳගෙන..

      Delete
  30. ඔන්න ඉතින් කාලෙකට පස්සේ දැක්ක නියම පොස්ටුව
    (කොමෙන්ටු අනුග්ග්‍රහය කාකාගේ ඇනෝ )

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට උඹ හැම එකටම කියන්නේ ඔය කතාවමද කොහෙද..

      Delete
  31. මෙන්න මෙහෙම සීන එකක් තියෙනවා කොච්චර මරාගත්තත් බලන්නේ නැතිව ඉන්න බැරි බ්ලොගක් තියේනම් ඒ මාතලන්ගේ බ්ලොගේ සමහර විට මමත් අර ප්‍රබුද්ද ගනෙට වැටෙන එකෙක් නොවෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සරළ ජීවීතේ මාර රහක් තියෙන්නේ.. ප්‍රබුද්ධ වෙන්න ගියාම මාර අමාරුයි..

      Delete
  32. ස්තුතී...ඇත්තටම දන්නේ නැති දේ දැනගත්තා..

    ඒ වගේම බ්ලොග් හරහා හිකනලුන්ට කිබුල්ලු වගේ රගපාන්න පුළුවන්...

    මනුස්සයෙක්ට ඔලුව කෙලින් කරන් කතාකරන්න හයියක් නැති නිවටයින්ට ඇනෝ ඇවිත් සිංහයෝ වෙන්නත් පුළුවන් ....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උන් බලු සිංහයෝ කියලා සද්දෙන් කියන්න පුළුවන්.. උන්ගේ සද්දේ නිකන් අපේ සීයගේ පඩේ වගේ..

      Delete
  33. බොග දැනගත්තෙ අදනෙ. එල ඈ

    ReplyDelete
    Replies
    1. ඔහේ නෙමෙයි, පන්ඩිතයෝ ලෙස පෙනි ඉන්නා උනුත් මෙළෝ දෙයක් දන්නෙ නෑ..

      Delete
  34. ඈ මාතෝ.....බොගකට ගිය කල......උඹ පර්යේශනයක් කරලා බලපන් ඇයි මේ සමහරක්ට මෙච්චර පිස්සු කියලා .අපි ඔක්කොටම පිස්සු. හැබැයි සමහරක් මෝඩ පිස්සෝ. පිස්සෝත් ප්‍රභේද ඉන්නවානේ. ඒකනේ උඹට මෙහෙම එකක් ලියන්න උනේ. බොරු නොකර ඕන එකක් ලියපල්ලා. කියවන්න මිණිස්සු ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙකේ මචෝ පිස්සොත් ඉන්නවා, කොස්සොත් ඉන්නවා, මැස්සොත් ඉන්නවා, වස්සොත් ඉන්නවා, බස්සොත් ඉන්නවා, ඒ වගේම ඉස්සොත් ඉන්නවා. ඉස්සගේ ඔළුවේ මක්කද තියෙනවයි කියලා ඌ දන්නෙ නැතෙයි කියනවනේ..

      Delete
  35. ///පූරූවේ පිනක් නිසාය. දැන් ඉතින් මගෙ මනාපේ දෙන කෙනා තීරණය කොරලා අවසානය. අනේ ලාල් කාන්තයෝ මට සමාවෙයන්ය..///
    මම නදීෂා ට

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආන් නියම ඡන්ද දායකයෝ.. තමන්ගේ ඡන්දයට නියම වඉනාකමක් ලබා දෙන.

      Delete
  36. ඔන්න ඔහොමයි බොගේ විත්ති. ඇත්තෙන්ම බ්ලොග් එකක් කියන්නේ එක්තරා විදියක කෙනෙක්ගේ දින පොතක් . මෙතනදි සිද්ද වෙන්නේ අපි සමහරවිට ස්වේච්ඡාවෙන්ම ඒක අනිත් අයට බලන්නත් ඉඩ හරිනවා වගේ දෙයක්. අන්න එතනදි තමයි ලිවිය යුතු දේ, ලිවිය හැකි දේ ගැන ප්‍රශ්ණ මතු වෙන්නේ. ඇත්තෙන්ම, යම් කෙනෙක්ගේ බ්ලොග් ලිවිල්ලට තවත් කෙනෙක් අකමැතිනම් කරන්න තියෙන හොඳම දේ ඒ පැත්තේ නොගිහින් ඉන්න එකයි. බ්ලොග් අවකාශේ විනාශ කරනවා කියලා කෑ ගහන්න දෙයක් නෑ මොකද අදාල බ්ලොග් එකට බ්ලොග් අවකාෂෙන් අංශු මාත්‍රයයි වැය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕන් ඔය සරළ දේ තේරුම් ගන්න බැරි එකනේ කරුමේ. පත්තර තට්ටුවේ තියෙන ඔක්කෝම පත්තර ගෙදර උස්සගෙන එන්නේ නෑ නේ. සමහරු ගත්තත් ගන්නේ, බත් ඔතන්න, එහෙම නැත්නම් අත පිහදාන්න.

      Delete
  37. Replies
    1. බ්ලොග් යනු අනාගත මාධ්‍යකරණයයි. අනාගතයේ ජය ගනුයේ පුරවැසි මාධ්‍යකරණයයි. ඔරොත්තු නොදෙන දේ බලාපොරොත්තු නොවු අවස්තාවක පරිහරණය කිරීමට ලැබීම, මායාවක් ලෙස පෙනීම පුදුමයක් නොවේ. මුලින්ම නුවරට ගිය කෝච්චිය අපේ උන් දුටුවේද එසේමය.

      Delete
  38. අපිත් දැන් මයික්‍රො බ්ලොගින් තමා! තව ටික දවසකින් නැනෝ වෙයි! :D

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තටම අපිට මෙහෙම කරන්නේ ඇයි ඔහේ

      Delete
    2. නැනෝ ඒවාද නොමැත්තේම නොවේ. කෙසේ හෝ ඔබේ නිහඬ බව මා සිත පාරයි..

      Delete
    3. :p මක්ක කරන්නද! ඔක්කොම කාලෙකට තමයි! :D
      ඇරත් කාලයක් ලියන එක නවත්තලා දැන් ඉන්න උන් වැඩකට නෑ කියවන්න දෙයක් නෑ කියන එක ප්‍රබුද්ධ බොග් කරුවෙක්ගේ ලක්ෂනයක්. මටත් ඕන ඒම එකෙක් වෙන්ඩ :D

      Delete
  39. සමාජ ජාල තුළ විවිධ පර්යේෂන කරද්දි හොයාගන්නා දේවල් තමයි මෙව්වා. එක අතකින් නරකයිම කියන්නනත් බෑත මොදක මේව හදල දිල තියෙන්නෙ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න හැබැයි ඒකෙන් තවකෙනෙකුගේ නිදහස අහිමි කරන්න උත්සාහ ගතයුතු නෑ. එහෙම වුණාමයි ඕනැම සමාජ ජාලයක් භාවිතය එපා වෙන්නේ.

    දැනුම අත්දැකිම් අදහස් බෙදාහදාගන්න නූතනයට මේවා අත්‍යවශ්‍යයි. බ්ලොග් ලිවිල්ල එක අතකින් කොමෙන්ට් පස්සේ දුවනවාට වඩා යමෙකු සතු ලේඛණ කුසලතාවයක් අත් හදා බලන්න හොඳ ඉසව්වක්. ඒක තමන්ටම ප්‍රයෝජනයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි දයා.. මමත් මේක පටන් ගත්තේ රැකියාව අහිමිව සිටි සමයේ. ඒ කාළයේ මා ගතකල අසහනකාරි වාතාවරණය මග හැරීම සඳහා මෙය ඉමහත් පිටිවහලක් උනා. පුදුම ආත්ම තෘප්තියක් ලැබුවා. මා විවිධ නම් වලින් පුවත් පත් වලට ලිපි යොමු කළද, පළවී ඇත්තේ කිහිපයක් පමණයි. එහෙත් අද මාගේ ළිපි කිසිම සඳහනක් නොකර පලකලද, මා ඊට එරෙහි නොවන්නේ මේ තුලින් ලබන ඉමහත් තෘප්තිය නිසාම මිස වෙන කිසිවක් නිසා නොවේ.

      Delete
  40. එහෙනම් ඒකයි මේ බ්ලොග් කියන්නේ! අනේ අප්පේ ඒකෙත් හැටි!

    ReplyDelete
    Replies
    1. එකේ හැටි කස්ටිය නොදන්න එකයි කරුමේ..

      Delete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. කැමතිනම් බැලුවා... කැමතිනම් කොමෙන්ට් කලා..
    කැමති නැත්නම් නොබැලුවාට කමක් නෑ බැලුවත් කමක් නෑ.
    බ්ලොග් ලියන එකාගෙයි කියවන එකාගෙයි පැටිකිරිය හොයන්ටයි, බ්ලොග් වලයි කොමෙන්ට් වලයි ඇද කුද හොයන්ටයි, ඇත්ත නැත්ත හොයන්ට ගත්තොත් තමන්ගේ බ්ලොග් ලියන සහ කියවන සොමියටයි කෙලවෙන්නෙ. මමත් එක බ්ලොග් එකක ලියන දේවල් වල් ගැන කොමෙන්ට් එකක් එක තැනක කලා..පස්සේ මට හිතුනා මොකට කොමෙන්ට් කලාද කියලා.

    ReplyDelete
    Replies
    1. ලියන දේට කැමතිනම් කියවනවා.. ලියන එකා කෙල්ලෙක්ද, ආච්චි කෙනෙක්ද, කොල්ලෙක්ද පොන්නයෙක්ද, හොරෙක්ද මංකොල්ලකාරයෙක්ද, කතන්දරකාරයෙක්ද, නුවර කෙනෙක්ද කියන පැටිකිරිය අපට අදාල නෑ නේ.

      Delete
    2. ඒක තමයි මමත් කියන්නේ. කවුද කින්ද මන්ද පැත්තකින් තියලා ලියනදේ විතරක් එන්ජෝයි කරලා ඕන්නං ගුණාගුන කියලා පේලියක් දෙකක් ලියුවානං වැඩේ කම්මුතුයි. අම්මලාට කිඹුහුං යන කතා කියන්ට ගත්තාම තමා බ්ලොග චොර වෙන්නේ. මං හිතන්නේ සිංහල බ්ලොග් වලට තමයි ඔය ලෙඩේ බෝ වෙලා තියෙන්නේ.

      Delete
  43. ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හුවමාරු කර ගත හැකි නුතන ජනසන්නිවේදනය .මේක නිසා සම්ප්‍රදායික මාධ්‍ය රාමුව තුල හිර උන අදහස් ගල යෑමේ අවහිරතා දුරු උනා.වැඩේ තියෙන්නේ මේක වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ භාවිතා නොකර අන්තර්ජාල ආචාරධර්ම වලට ගරු කරමින් පාවිච්චි කිරීමයි.උදාහරණයක් විදිහට කෙනෙකුට වෛද්‍ය විද්‍යාව ගැන ලිපියක් තමුන්ගේ බ්ලොග් අඩවියට ලියන්න උවමනා නම් ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් ගූගල් මාර්ගයෙන් මේ ගැන කරුණු හොයල ලිපියක් ලියන්න පුළුවන්.වැඩේ තියෙන්නේ එහෙම කලාම තමුන් කරුණු හොයා ගත්තු මූලාශ්‍ර තමුන්ගේ බ්ලොග් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස දක්වන එක තමයි පිළිවෙත.එහෙම නැතුව සාමන්‍යපෙලටවත් විද්‍යාව නොකරපු එකෙක් වෙදෙක් නැත්නම් ඩොකෙක් විදිහට ප්‍රොපයිල් එකක් අටෝගෙන තමුන්ගේ කරුණු වගේ මේවා ඉදිරිපත් කලාම සමන්තබද්‍ර හමුරුවොත් රහත් වෙලා කියල පිළිගන්න ලංකාවේ ජහමනය මෙව්වා ඉස් මුදුනින් පිලි අරගන්නවා.ඒ විතරක් නම් මදැයි අර හොර වෙද ප්‍රොෆයිල් කාරයව පිළිමයක් විදිහට වන්දනා කරන්නත් පටන් ගන්නව.මේක වෙදකම ගැන නෙමෙයි සූපවේදයේ සිට තාරකා විද්‍යාව දක්වා එසේමයි.ඉතින් බ්ලොග් කරන එව්වොත් පිළිගත් ආචාර ධර්ම අනුව කටයුතු කරනවා නම් බලන එව්වොත් සිහි බුද්ධියෙන් විමසල කියෝලා ලෙඩක් හැදුනම බ්ලොග් පොස්ට් එකකින් නෙමේ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ( මෙහෙදී වෙදකම ගැන සඳහන් කලේ උදාහරණයක් ලෙස පමණි.ගෙවල් හැදීම මුදල් ආයෝජනය කිරීම ආදී ඕනෑම කරුණකදී නොදන්නා ගොඩ වෙදුන් වෙත නොගොස් දන්නා වෘත්තිකයෙක් හමු වීම සෞක්‍යසම්පන්නය.බ්ලොග් පොස්ට් යනු අදහස් මිසක විශේෂඥ දැනුම නොවන බව සිහි තබා ගැනුමෙන් සියලු රෝග නිවාරණය වේ.)

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් ලිවීමේදි ඔවුන්ගේ ආචාර ධර්මයන්ද, වර්ඩ්ප්‍රෙස් ලිවීමේදි ඔවුනගේ ආචාර ධර්මයන්ට එකඟ වූවාම හොඳටෝම ඇතිය. ගෝත්‍රිකයන්ගේ ආචාර ධර්මයනට එකඟ වන්නට ගියහොත් අපට කිසිදා ඉදිරියක් නැත. පුවක් මල බෙන්ස් එකේ ගසා නොගත්තාට. කතරගම දෙවියන්ගේ බාර වාහනය තුල පුරවා ඇත. එවන් රටකට කවදා පායයිදෝ සූර්යයා. මේ කියනා ආකාරයට ආතර් සී ක්ලාක්ට කිසි දින ව්ද්‍යාව ගැන කතා කළ නොහැක.

      මා දන්නා වෙදුන් සියළු දෙනාම, වෛද්‍ය ශාස්ත්‍රයේ පමණයි නොව ජීවිතයද ජයගත් නියම මනුෂ්‍යයන්ය. මාත් මේ නිකමට වෙද මහත්තුරු ගැන කතා කොලේ. මාටින් වික්‍රමසිංහට, බුද්ධාගම ගැන කතා කළ නොහැක.

      Delete
  44. අම්මෝ බ්ලොග් ගැනනම් වැඩිය කතා කරන්න යන්නේ නෑ. හැබැයි මෙන්න මේ කෑල්ලට මගේ හිත ගියා.

    //ඒ අස්සේ, මැන්ටල් පොරවල් ඇවිල්ලා, ලියපු එකාගේ අම්මාට කොමෙන්ට් ලියා යනවාය. ඕන් ඊට පස්සේ වැඩේ අවුල් වෙනවාය.
    //

    ReplyDelete
    Replies
    1. මේවා දුටු අපේ අම්මා ඇසුවේ, පුතේ මාත් බ්ලොග් ලියන්නද කියාය.

      Delete
  45. හොඳ ලිපියක්. මොන කෙහෙල් මල කරත් බ්ලොග් සේවා සපයන්නාගේ TOS වලට එකඟ විය යුතුය. ඔබ අදහස් කරන ඕන මගුලක් ලිවිය හැකි සේ කියන හැකි නිදහස එතනින් බිදේ. මොනවා ලියුවත් ඒවාට පිළිපැදිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔවුන් මහා ළොකු කොන්දේසි පනවා නැත. අනෙක වැඩිහිටියන් සඳහා අඩවියක් නම් ඒ බව සඳහන් කරණ ලෙස දන්වා ඇත. ඒවාට අනුකූලව ලීවම හරිය. එපමණකි. නැතිව මේ ගෝත්‍රිකයන් පිරිසකගේ නීතී රීතී පද්දතින් වලට එකඟ විය යුතු නැත.

      Delete
  46. අවුරුදු 4ක් කෙටුවට මොකද බ්ලොග් කියන නම හැදුන හැටි දැන ගත්තේ අද මේකෙන් නේ..

    ReplyDelete
    Replies
    1. ඕක තමයි වෙලා තියෙන කරුමේ. මෙතරම් පැහැදිලි කරලත්, ඒක තේරෙන්නේ නැති උන් ඉන්නවා කියලා කොමෙන්ට් බැලුවම පේනවනේ..

      Delete
  47. Replies
    1. මෙවන් ප්‍රචාරණයන්ට මුදල් අයකරණු ලැබේ.

      Delete
  48. බ්ලොග් = කැලෑ පත්තර. ඕන් ඔච්චරයි මට හිතුනෙ...

    ReplyDelete
    Replies
    1. ඔයා කියවන්නේ එච්චරක් වෙන්න ඇති..

      Delete
    2. වෙන්න ඇති. එහෙම බලපුවම මේකත් කැලෑ පත්තරයක් නෙහ්...:D

      Delete
    3. ඒ නම නම් බ්ලොග් වලට ගැලපෙනම සිංහල වචනය.

      Delete
    4. මෙය කැලෑපත්තරයක් ලෙස පෙනෙනුයේ ගෝත්‍රික මතවාද කර තබා ගෙන ගමන් කරන්නන්ටය. සත්‍ය මීට වඩා බොහෝ දුරය. ඇත්ත තිත්තයි කියා කතාවක් සමාජයේ පවතින්නේ මේ නිසාය. වටිනා බ්ලොග් නොකියවන්නෝ ගැන මට ඇත්තේ කනගාටුවක්ම පමණය.

      Delete
    5. මාතලන්, මම ඔබේ බ්ලොග් එක කැලෑ පත්තරයකයැයි කොහේවත් කියා නෑ. එය ගම්‍ය වන්නේ ඔබගේ ප්‍රකාශයෙන්මයි. මම කියවන බ්ලොග් කැලෑ පත්තරනම් මම දැන් ඔබගේ බ්ලොග් එක කියවා ප්‍රතිචාර දක්වා ඇති බැවින් ඔබගේ බ්ලොග් එකද කැලෑ පත්තරයක් විය යුතුයි නේද ?

      ඔබ කියන පුරවැසි මාධ්‍යය ලක්ශණ අපිට පහසුවෙන්ම දැකිය හැකිව තිබුනේ කැලෑ පත්තර තුලයි. නිදහසේ තමන්ට කැමති දෙයක් අඥාතව ප්‍රකාශ කළ හැකිව තිබුනේ එමගින්ය. එම අදහස මට ආවේ ඔබගේ ලිපිය කියවීමෙන් පසුවයි. එතින් මා එය ප්‍රතිචාරයක් වශයෙන් සටහන් කළා. එච්චරයි. එය මේ මේ තරම් අවලාද නගන්න දෙයක් නෙමේ. ඔබ කියන පරිධි ලියන්නාට මෙන්ම කියවන්නාටත් සිය අදහස් විවෘත්තව මෙහි සටහන් කළ හැකිනම් ඒ අදහස් වලට ඇයිද මේ බලපෑම් ??

      හොඳ නොහොඳ සාපේක්ෂ දෙයකි. ඔබට හොඳ දේ මට හොඳ නොමැති විය හැකිය. ඒ ගැන ඇයි ඔබ කනගා‍ටු වන්නේ? එයින් අදහස් කෙරෙන්නේ ඔබට හොඳ දේ පමණක්ම හොඳ බවද ? එසේනම් මටත් ඔබ ගැන කණගා‍ටුයි මිත්‍රයා.

      එච්චරයි.

      Delete
    6. මට කියන්නට තිබෙන්නේත් එපමණයි මිත්‍රයා..

      Delete
    7. අදහස් නුහුරට යෑම ගැන උදහරණයක් මෙන්න... සෙන්නා අදහස් කළ දෙයක් මාතලන් නුහුරට බාර අරන් ... සෙන්නා ඊට පස්සේ තව කරුණු කීපයක් කියනවා... මාතලනුත් උත්තර දෙනවා... අන්තිමට මුල්ම සිදු වීම යට යන්නත් පුළුවන් ( මෙතන නම් එහෙම දෙයක් උනේ නැහැ )... කෙසේ උනත් අදහස් කියද්දී හරි පරිස්සමට කියන්න ඕනේ.. සමහරු දෙන්නම් වැඩේ කියලම එනවා... සමහරු හොඳ හිතින් දෙයක් කිව්වත් ඒක නුහුරට යනවා...

      Delete
    8. සාමාන්‍යයෙන් කැලෑ පත්තර කියන්නේ පුදගලයෙක් එල්ල කරගෙනා කරනා චරිත ඝතනයකි. මා එවන් පෝස්ට් කිසිදා පල කර නොමැත. පලකරන්නේද නැත. නමුත් මෙහි සඳහන් කලේ පොදුවේ ඇති පුහු මත සඳහා කරුණු දැක්වීමක් පමණි. කෙන්ජිගේ කොමෙන්ටුව ඉවත් කරන්නැයි කීවේ ඒ නිසාය. කරුණු හරි හැටි තේරුම් නොගෙන කළබලේ කොමෙන්ට් පල කලාම ඒ දේ වෙනවාය.

      Delete
  49. මාතලන්, බ්ලොග් ගැන කතාව හරි. මාත් එකඟයි. ඒත් අවුල තියෙන්නෙ කම්නෙට්ස් වල. ඒ කියන්නෙ බ්ලොග් ලියන කෙනා කමෙන්ට් හැන්ඩල් කරන විදිය.

    මම ලියන බ්ලොග් එකේ ඕන කෙනෙක් කියන ඕන දෙයක් දරා ගන්න පුලුවන් නම්, උපහාස චෝදනා විවෘත මනසින් අරගෙන අන්තගාමී නොවී, අපහාස නොකර උත්තර දෙන්න සූදානම් නම්, වැරදුන දෙයක් පෙන්නුවම ඒක ගැන විවෘතව කතා කරල අඩුපාඩු හදා ගන්න පුලුවන්නම් ඒක යහපත් දෙයක්.

    විශේෂයෙන් ටෙක්නිකල් ඩීටේල්ස් ගැන ලියද්දි.

    එහෙම නැතුව සීමාවක් නැතිව ලියන්න තීන නිදහස පාවිච්චි කරල "බිත්ති බඳින්න සිමෙන්ති වැලි මිශර කරන්නෙ 1;14 අනුපාතෙට කියල කවුරුහරි ලියපු ලිපියක තිබ්බොත්, ඒකට කමෙන්ට් දාන්න පහසුකම දීලත් තියෙනවනම් දන්න එකෙක්ගෙ යුතුකම තමයි "මිත්‍රය ඔබ වැරදියි ඕකෙ නිවැරදි අනුපාතය 1;6" කියල අර වැරැද්ද නිවැරදි කරන එක.

    එතකොට අර වැරදි දේ ලියපු කෙනා කියනවනම් "අනේ උඹෙ පල ඩෝ යන්න, මම මෙව්ව ඉගෙනගත්තෙ අපෙ සීයගෙන් ඌ තමයි සුද්දට බී එස් ආර් එකේ මෙව්ව ලියන්න උගැන්නුවෙත් හරිද ඩෝ පල නිකන් පීචන් නොවී,....හා දැන් බැහැපන් ගහෙන්" වගේ බජාර් එකේ බාසාවෙන් උත්තර දුන්නොත් මොකද වෙන්නෙ. අර මුලින් නිවැරදි කරන්න කිරීම දාපු එකත් බෝල්ස් ඇති එකෙනං දෙනව නේද රිටන් එක ලෙසටම.

    එකෙක් බොරු ලියනව. තව දෙතුන් දෙනෙක් ඒව බොරු කියල ලෝකෙට පෙන්නනව. කැමති අය පිළිගන්නව. බොරුකාරයගෙ මිත්‍රයො ටික "අනේ ඔයා බොරු නොකියන සත්තලන් පැටියෙක් ඔය මොකා මොනා කිව්වත්" කියල බොරුවම අහගෙන නිවන් යන්න බලනව. එච්චරයි...!

    බොරු ලියන එකාට උගෙ ලිවීමෙ අයිතිය වගේම ඒව තව එකෙකුට ඒ දේ බොරුයි කියල ලියන්නත්බ්ලොගර් අයිතිය දීල තියෙනව.

    දැන් අපි දකින සිංහල බ්ලොග් ගැටුමට හේතුව ඒකයි. ඒ කියන්නෙ ඒකත් බ්ලොග් වල ක්‍රමයෙම කොටසක්. ඒ නිසා කිසි විකෘතියක් කොහෙවත් වෙලා නෑ.

    හැබැයි කවුරුහරි කියනවනම් "ඔයා මොකටද ඉතින් එහෙ ගිහින් කමෙන්ට් දාන්නෙ" කියල, කියන්න තීන්නෙ "එයාගෙ බ්ලොග් එකේ බැනර් එකක් තිබ්බෙ නෑනෙ - කමෙන්ට් දැමීම මිතුරන්ට පමණයි" කියල. අනික එහෙම නැත්තන් එයාට තිබ්බ කමෙන්ට් මොඩරේට් කරල පිට කහන එව්ව විතරක් දාන් චූන් වෙන්න.

    ඇයි බොරුත් ලියල "මහජන අදහස්" වලට ඉඩත් දීල ඉල්ලන් කන්නෙ?

    ReplyDelete
    Replies
    1. සම්පූරණයෙන් එකඟයි ආයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර.

      Delete
  50. බ්ලොග් කාරයෙක් ඉන්නවා ඔහු බොරු ටෝක් දෙනවා. අපිට අභියෝග කරනවා අපි වාදෙට් යනවිට ඔහුට අපගේ ඕන කමෙන්ට් විතරක් පළකර. ඒවාට පිළිතුරු දුන්නා දුන්නා කියා කොහෙවත් නැති කෙබරයක් ලියා ඉන්නවා. අපි ඒවාට දෙන ප්‍රතිඋත්තර හංගනවා. විමර්ශන ශීලී නොවන ගැලරිය විසිල් ගහනවා. හු කියන ගැලරියේ කමෙන්ට් හංගනවා. මේකද පුරවැසි මාධ්‍යකරණය. වඳුරෙක් අතට කඩුවක් ගියාම කඩු භාවිතය තහනම් කරලා වැඩකුත් නැහැ. වඳුරාට කැඩුව වනන්න දෙන්න හොඳත් නැහැ. වඳුරා මරණ එකක් අයිතිවාසිකම් කැඩීමක්. ඔබ කියන්නේ දුවන එක තමයි හරි කියලාද?

    ReplyDelete
    Replies
    1. ඔය වඳුරාගේ චර්යාව ඔබ මට වඩා හොඳට දන්නවා කියා දනිමි. වඳුරා කියන්නේ ඔබට කට උත්තර නැතිවෙන්න ඔහු කථා කර ඇති නිසා ඔබ නිශ්ශබ්ද බවයි. එසේම ඔබ හොඳ මිනිසෙක් නිසා ඔහු ඔබට මොනවත් නොකියන බවයි.

      Delete
    2. ඔය කතා කරන්නේ සහන් ගැන නේ. කෙලින් කතා කරන්න බැරි කම, මම අපේ මිනිස්සුන්ගේ දකින දුර්වලතාවයක්. කෙසේ නමුත් දරුණුම අවස්ථාවලදි පවා උඹේ බස හැසිරවීම හා ලිවීමේ හැකියාව මම ඉහලින්ම අගය කරමි.

      මා අනුන්ගේ කේලාම් අසන්නේ නැත. මා හා වාද විවාද කිරීමට ඕනෑ තරම් ඉඩ මා සලසා දී ඇත. කේලාම් ඇසීම හා කීමද, අප ජාතියේ තවත් නුහුගුණයකි..

      Delete
  51. මං අවංකයි හොර බොරු නෑ ගල් නෑ වැලි නෑ බහුශෘතයි, සමාජවාදීයි, ධනවාදීයි, ඔක්කොම වාදීයි, බෞද්ධයි අබෞද්ධයි, අනාගමිකයි, ලෝක විදුයි

    ReplyDelete
    Replies
    1. එසේ කියන්නට හැකිනම් ඔහු මේ විශවයේ ජීවියෙක්ම පමණක් වන්නේය. මා සිතා සිටිනුයේද එසේමය. මගේ පඩ වලට වඩා සැර පඩ හා ගඳ පඩ මේ විශ්වයේ ඔනෑ තරම් ඇත.

      Delete
  52. නම හැදුනු හැටි දැනගත්තෙ අද තමයි.සිංහලෙන් මේවා කියලා දෙන්න කවුරුත් නැහැනෙ

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතලන්ම පමණයි ඉතින්..

      Delete
  53. කියන්නට ඕනෑ ටික එලෙසේටම තියෙනවාය... ඇනෝ ඇරලා තියෙද්දී තමයි නියම සෙල්ලම් එන්නේ මාතලන්.. අද්දැකීම් ඇති නෙව... :D

    ReplyDelete
    Replies
    1. දැන් මේකේ පයිත්තියන් වෙලා ඉන්නේ..

      Delete
  54. බොලේ කාලෙකින් නොව මාතලන් ලොක්කව දැක්කෙ...මක්කද කාරණේ...ලැපට කෙළ වෙලාද නැත්තං අධික වැඩද ? බොග් ගැන ලියා ඇති කාරණා කාරණා කදිමය....අලුතින් ලියන්න පෙල ගැහෙන එකෙක්ට යම් අදහසක් ගන්නට හැකිය. කැම්පස් සින්ඩියෙන් බොග් හදන හැටි කියන්න කලියෙන් සුදු මහත්තයා ඒ ගැන කියාදීපු හැටිත් කියවලා හිටියොත් හොදය. නිවාඩු වෙලාවක අපේ කාමරය පැත්තටත් එමු....අපිට ජය වේවා .

    http://www.sudusm.com/2013/11/how-to-become-a-real-blogger-part1.html

    ReplyDelete
    Replies
    1. කරුණු දෙකම හින්දා.. සුදු මහත්තයගේ එකත් අපූරුයි.. ඒත් වැඩේ ඉදිරියට ගිහින් නෑ වගේ.

      Delete
  55. නිදහසේ ඕනෑ දෙයක් ලියන්නත් ඔනෑනම් සීමා දාගෙන ඉන්නත් හිතෙනවානම් කියවන්නත් නැත්නම් නොකියවා ඉන්නත් ඉඩ තියන බ්ලොග් ලෝකේ ගැන මටනම් ඇත්තේ ප්‍රසාදජනක, බලාපොරෝත්තුසහගත හැගීමක්. එහෙව් බ්ලොග් ගැන තොරතුරු මහන්සියෙන් එකතුකොට කියවන්න ආසා හිතෙන විදිහට ලිව්වාට උඹට ස්තුතියි.

    ReplyDelete
  56. ඇත්තටම කොමු පිලී පෝස්ට් එක තාමත් බලනවද

    ReplyDelete
  57. ඇත්තටම කොමු පිලී පෝස්ට් එක තාමත් බලනවද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න