.

.

Dec 20, 2011

වේගය මරු කැඳවයි - High Speed Kills


-0-

අනේ දෙවියනේ මට උන වියෝ                 යා
තිබුන එකත් අද මට නැති උනෝ                යා
ගුලි දුන් එකා අටකින් ගොඩ ගියෝ            යා
ලණු කාලා කඹ රෙන්නට උනේ                  යා

ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු     වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ       වා
කෘත් යාධියත් එක්කල වානා එව්                වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු            වා

.oO0Oo.

අළුත්ම වැඩේ, මෙතනින් බලන්න

36 comments:

  1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට නේද මාතලන්. අර කඩාගෙන් ගිහින් එහා පැත්තේ ඩිපොසිට් කලාට????

    ReplyDelete
  2. මුං වපුරපුහාම අස්වැන්න එන්නෙත් මුං වලින්.... මුං වපුරලා තලම ලැබෙන එකම එකා රනිල්...

    ReplyDelete
  3. එකක් කඩතොලු වසාගන්නට ගොසින් මට වූ කාරියා - දෙකක් කඩතොලු සදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා

    ReplyDelete
  4. කොහොම හරි රනිල් ඡන්දයක් දිනුවනේ! :D

    ReplyDelete
  5. පින්තුරෙ ඉන්නෙ කරු ජයසුරිය කියන පොරද?

    ReplyDelete
  6. රනිල් ලොක්කා ජනාධිපති වෙච්ච දවසට (2016? 2022? ,,, ) ආයුධ හෙට්ටියව එලවල මාතලන්ට මාධ්‍ය අධ්‍ය්ක්ෂ පෝස්ට් එකක් දෙනව ශුවර්

    ReplyDelete
  7. අනේ මන්දා මේ දේශපාලනේ..
    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ..

    එක නෙවෙයි අයියේ..අනිත් බ්ලොග් එකට ඇඩ් එකකුත් දාල තියෙද්දිත් අයි ඒ පැත්තට කට්ටිය ගිහින් නැත්තේ???
    එක දිරවන්නේ නැතුවද??
    O.o

    ReplyDelete
  8. කොහොමටත් කරූ ව පාවිච්චි කලෙ කරුවකට විතරනෙ .ඔතනින් ගියා මැදෑ

    ReplyDelete
  9. කරුට මරු ආවෙ පක්ෂෙ මාරු කරපු දවසෙමයි .......
    පොරට ඒක තේරුම් ගන්න බැරි වෙච්ච එක තමා මේ කෙලියට හේතු උනේ ........

    ReplyDelete
  10. 17ක් පන්නපු සාපය.. :)
    මොනව උනත් විපක්ෂය ශක්තිමත් වෙන්න ඕනේ..

    ජය ශ්‍රී මාතලන්..

    ReplyDelete
  11. අනේ දෙවියනේ මට වුනු වියෝයා
    පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
    ඔන්න කරුවට වෙච්ච වැඩේ. මේ මනුස්සයව ජේ. ආර්. ලොක්ක කාලේ ඉඳලා පක්ෂේ හිටියා. ඒත් කවුරුවත් මෑන්ව උඩටම ගෙනාවේ නැහැ. ඒ මිනිස්සුන්ට තිබ්බා ඉවක්. රනිල්ගේ වරද හැම හාල් පාරුවවම ලඟට ගන්න එක. නැත්නම් රනිල්ව නැතිම කල මේ රට විනාශ කරන්න වැඩිම වැඩක් කල මගේ අවමංගල අසල් වැසියාව තමන්ගේ පක්ෂෙට ගනීද?
    රනිල්ට මිනිස්සු තෝර ගන්න බැහැ. මිනිස්සුන්ට හොද නොහොද හොයා ගන්න බැහැ. ඔය චක්‍රය තිබෙනකම් මේ රට ගොඩ ගන්නවා බොරු.

    ReplyDelete
  12. අපේ පැත්තෙ වේගෙන මෙරු ඉගිලෙනව මේ දවස්වලට... වැසා කාලෙ නිසා වෙන්ටැ...

    වේයටට තටු එන්නෙ මෙරුව වෙන්න....

    ReplyDelete
  13. කාලෙකින් රනිල් ලොක්ක චන්දයක් දිනුවා නෙව... ඒ මදැයි

    ReplyDelete
  14. නියම කියුම් ටික ආයුබෝවං.
    කරුවේ රබර් පටි වෙලලා දුරකට විදගත්තා නොවැ.

    කැටපෝලය: http://minikavi.blogspot.com/2011/09/blog-post_12.html

    ReplyDelete
  15. You do not have permission to view this blog.

    It may contain content that is suitable only for adults.

    why is this???

    ReplyDelete
  16. @ කැන්ඩියන්
    කරූ නියෝජනය කරන්නේ මහත්මා දේශපාලනයක් නොව ග්‍රාමීය මෝඩ සහ නාගරික පාදඩ කියන පන්තීන් කියන මතයේ මම හැමදාම හිටියා ඒක ඔප්පු උනා.

    ReplyDelete
  17. @ ඉඳුනිල්
    පවු අහින්සකයා ලනු කන්න සූරයා

    ReplyDelete
  18. @ අභීත
    ඇත්තක් නැත්තෙමත් නෑ...

    ReplyDelete
  19. @ ජය ශ්‍රී
    බොරුවට නෙමෙයි නේ ඕවා කියලා තියෙන්නේ..

    ReplyDelete
  20. @ නරකයා
    කිව්වට අහන්නේ නෑනේ..

    ReplyDelete
  21. @ පූසා
    වැදගත්ම එක ඒකනේ..

    ReplyDelete
  22. @ ඔබා
    හ්ම්.. එයා තමයි..

    ReplyDelete
  23. @ බුවා
    අනිවා. එදාට ඉතින් උඹලා ගැනත් බලාගන්නම්

    ReplyDelete
  24. @ ගිනි කුරුල්ලා
    එනවා එනවා... ෆලෝ එකේ නැති උනාට හිට්ස් හෝ ගාලා

    ReplyDelete
  25. @ ලොකු ජෝන්
    ආ දා ඉඳලා නානවා..

    ReplyDelete
  26. @ පන්සල් හංදිය
    සහතික ඇත්ත

    ReplyDelete
  27. @ රනිල්
    ඕල්ඩ් ෆොක්ස් ගේ බෑනා පොඩ්ඩ නේ.. පොර බලයට ආවොත් නම් මේ රට හැදෙයි.

    ReplyDelete
  28. @ පොඩි මෑන්
    හරි කරදරේ නේ...

    ReplyDelete
  29. @ පිස්සා පලාමල්ල
    දැන් ඉතින් ඒ කතාව කියන්න බෑ නොවැ

    ReplyDelete
  30. @ ගල්මල්
    පට්ට කවිය.. මරු

    ReplyDelete
  31. @ ගෝදෝනියා
    රතු පාට බොත්තම ඔබන්න

    ReplyDelete
  32. ආවොත් කරු
    පායයිද හිරු ?????

    ReplyDelete
  33. @ ඕනයා
    අනේ කරූ
    නොදිටීය හිරූ
    කාලා ලණූ
    දුටුවේලූ තරු

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න