.

.

Dec 16, 2011

අම්මා - Mom

මගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක් වන
ජයසිරි සේමගේගේ මව සහ දරුවා
"අම්මා" ගැන ලියවුනු කවි,  කෙටිකතා, නවකතා, නාට්‍ය, චිත්‍රපටි, සෝප් ඔපෙරා ආදී නිර්මාණ බොහොයි. "අම්මා" කියන වචනය වගේම ප්‍රසිද්දයි මැක්සිම් ගෝර්කීගේ "අම්මා" නව කතාව. ඒකේ කියන්නේ දිරිය මාතාවක් ගැන. නිකන් නෙමෙයි.. "ගෙදර බුදුන් අම්මා" කියලයි අපේ සංස්කෘතියේ කියන්නේ. මම අපේ ගීත වලින් කැමතිම ගීතය "කරුණා සුවඳ තවරාලු" කියන නිහාල් නෙල්සන් ගේ ගීතය. ඊට පස්සේ ජෝතීගේ "මේ නොනිමෙන දිවි ගමනේ" ඊළඟට ග්‍රේෂන්ගේ "අම්මා... පෙව් කිරි කඳුලින්" කපුගේගේ "දවසක් පැල නැති හේනේ"  වගේ ගීතවලටත් කැමතියි.

ගායිකාවන්ගේ ගීත වලින් ඉන්ද්‍රානී පෙරේරාගේ "අම්මා යැයි කීමට, කෙනෙක් නොමැත සොයමී." නන්දා මාලනීගේ "අම්මාවරුනේ" වගේ ඒවටත් කැමතියි. මේ හැම ගීතයකට වඩා මම විඳින්නේ "මා ඔමෙරි මා" කියන හින්දි ගීතය..මේ හැම එකක්ම මව් ගුණ ගී ගායනා. ඒ උනාට මේ ළොකේ නරුම අම්මාවරුත් වැහි වැහැලා. මේ එහෙම අය ගැන.

-o-
ගබ්සා කලා මෙලොවට එන්නටත් පෙ                  ර
ගෙල මිරිකා කෙරුවා ජීවිතය තො                         ර
හැරදා ගියා කාණූවකට වීසී ක                               ර
මෙපින් බලෙන් නිමවේදෝ දිවි කත                     ර

කලු උනේ කොහොම සුදු මව් පිය දෙපල මැ          ද
කඹුරති වලව්වල අපමන දුකක් වි                           ඳ
නැති බරි කමද මුදලට වහ වැටුනා                          ද
දරු සෙනෙහසට වටිනාකම ලැබුනා                        ද

හඬනා කළට බඩ ගිනිවී දැමු ගඟ                           ට
නැවුම් මලෙක රොන් දී සොර සැමියා                   ට
යොමු කළ මා සළෙළුන් හා නිදියන්                     ට 
ඇහැකිද අම්මේ නිවනින් මතු සැනසෙන්              ට

මේ කල සියළු පව්කම් නම් පලදේ                        වී
සතර මහ අපාවල දොර පෑදේ                              වී
දහම් දෙසන දිනයක මා මතු බුදු                            වී
දෙවදත් ලෙසින් මා හමුවට එනු මැන                    වී
-oOo-

මේ සියළුම දේ.. මේ පින් බිමේ සිඳුවූ සත්‍ය සිඳුවීම්. වැඩිමනක් ගැහැණු දරුවන්ට. (ගබ්සා කිරීමේ සාධාරන පැත්තක්ද ඇත.) දරුවෙක් හඬනා විට දැකීමටවත්, ඇසීමටවත් ප්‍රිය නොකරන මා. මේ සෑම සිඳුවීමකින්ම සසල උනා. මේ නිර්මාණය එලි දක්වන්න මා අකමැතියි. එහෙත් මෙය ලියූ දා පටන් පළ නොකර සිටීමත් හිතට වදයක්. සිත් රිදුනා නම් සමාවන්න..

29 comments:

  1. හ්ම් සංවේදි භාවය ටිකක් වැඩියි වගේ....

    ReplyDelete
  2. ඔබ දන්නවානේ මගේ රැකියාව තියන්නේ ලමුන් සහ අම්මලා එක්ක. මම හරිම වාසනාවන්තයි ඒ අතින්. ඒත් මගේ ජීවිතේදි මම වැඩියම දුක් වෙන්නෙත් මේ රැකියාවෙන්. මේ දැණුත් මට ලැබුනා දුරකථන ඇමතුමකින් සතුටට පත් වෙලා ඉන්නැද්දි තමයි ඔබගේ ලිපිය සහ කවි ටික දැක්කේ. සංවේදී වැඩිනම් තමා.

    ReplyDelete
  3. අම්මා ගැන ලියවුනු සාහිත්‍යය පතපොත සහ ගී කවි පබදුම් අනන්තවත් ඇති....
    ඒ වගේම තවත් බිහිවෙයි

    නමුත් මක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත එයාගේ අම්මා මුලික කොටගෙන ලියවුනු පොතක් නෙමෙයි කියල තමයි මට තේරෙන්නේ
    ඒකෙ ප්‍රධාන චරිතය දිවෙන්නේ ගෝර්කිගේ ජීවිතය හරහා, පුංචි ගෝර්කිට දිරිය දෙන්නේ එයාගේ "ආච්චි අම්මා" මිසක් අම්මා නෙවෙයි
    අඩුගානේ ගෝර්කිගේ අම්මා එයාගේ දෙවෙනි ළමය "කෝල්යා" ඉපදුනාට පස්සේ වෙන මිනිහෙක් එක්ක යනවා ඒ පුංචි පොඩි එකාව මහගෙදර දාල
    හරියට කන්න නැතිකමින් ඒ පොඩි එකා ටික කාලෙකින් මැරිලා යනවා
    ඇත්තටම ඒ පොත "අම්මගේ මව්ගුණ" ගැන ලියවුනු පොතක් නෙමෙයි කියලයි මට දැනෙන්නේ
    ගෝර්කිට ආදරේ රැකවරණය, දයාව, දැනුම හැමදෙයක්ම වගේ දැනෙන්නේ "ආච්චි අම්මා" හරහා
    නමුත් ගෝර්කි මව්ගුණ කියල අදහස් කරන්නේ මේ "ආච්චි අම්මගේ" ආදරේ ගැන වෙන්න ඕනේ
    ඔහු කාන්තාවට ගොඩක් ගෞරව කළා...
    ඒකට හේතුව අර "ලිපිකරුගේ බිරින්දෑ", මර්ගෝ රැජින වගේ කාන්තාවන්...
    ඒකෙ තියෙන්නේ ගෝර්කිගේ ජිවන අරගලය සහ එයින් ඔහු පන්නරය ලබපු හැටි
    ඒ තමයි ගෝර්කිගේ සැබෑ ජීවිතය....

    (මගේ ළඟ තිබිල නැතිවෙච්ච පොත් අතරින් මම ගොඩක් ආදරේ කරපු පොතක්
    අලුත් පොතක් ගත්තට ඒකෙ තියෙන අක්ෂර දෝෂ සහ තවත් දෝෂ මට ලොකු බාධාවක් උනුනිසා මම ඒක කියෙව්වෙවත් නැහැ)

    ReplyDelete
  4. නෑ කමක් නෑ! එ්වත් කතා කරන්න ඔ්න! ඔහොම දේවලුත් වෙනව කියල මතක තියාගන්න ඔ්න.

    ReplyDelete
  5. තිත්ත ඇත්ත... සංවේදී උණත් කරන්න දෙයක් නෑ....

    ReplyDelete
  6. අම්ම ගැන ලියවුනු මම කැමත්ම ගීතය තමයි දිවුල්ගනේගෙ ගමට කලින් හිරු මුළුතැන්ගෙට කියන ගීතය.

    ReplyDelete
  7. කොච්චර ගී පද ලියවුනත් මව් ගුණ කියලා නිම කරන්න බෑ...

    මේ ලඟදී දවසක අහන්න ලැබුනු දුක හිතෙන කතාවක් කියන්නම්... අපේ මිතුරියක් වැඩකරනවා මම ඉන්න රටේ ලමයින් සම්බන්ධ ආයතනයක. එයාට පසුගිය දවසක ඉස්කෝලෙකින් පණිවිඩයක් එවලා තියනවා අවු 5ක ලමයෙකුට එයගේ දෙමව්පියෝ හිරිහැර කරනවා ඒගැන හොයලා බලන්න කියලා. ඉතින් මෙයත් වැඩේට බැහැලා බලනකොට කතාව ඇත්තලු. වෙලා තියන්නේ මේ ලමයාගේ දෙමව්පියෝ සුදු අය වුනාට ලමයා සුදු කලු මිශ්‍ර ලමයෙක් වගේලු..කොන්ඩෙත් පොකුටුයි..හමත් දුඹුරුයි. ඩී එන් ඒ චෙක් කරලා බැලුවලු එකෙනුත් කියලා තියෙන්නේ දෙමව්පියෝ ඒ දෙන්නාමයි කියලා. අන්තිමට හොයාගන යනකොට අම්මාගේ මුත්තා කලු ජාතිකයෙක්ලු. ඒ ජානමය ලක්ෂන තමයිලු මේ ලමයාට ඇවිත් තියෙන්නේ. ඒ උනත් මේ පවුලේ අය මේ ලමයාට හරියට වෙනස්කම් කරනවාලු. අන්තිමට මේ ලමයා foster care එකට යවලා. ඔන්න බලන්න අම්මලා....

    ReplyDelete
  8. //මුත්තා කලු ජාතිකයෙක්ලු//
    sorry...මුත්තා කලු සුදු මිශ්‍ර කෙනෙක් ලු....

    ReplyDelete
  9. මාතලන්,
    මේ ලොක්කා ඇහුවට තරහ වෙන්න එපා ඔය පසු ලිවීම යටතේ තියන මේ කතන්දරේ නං මට අඤ්ඤකොරොස්, පොඩ්ඩක් තේරුම් කලා නං .........

    “දරුවෙක් හඬනා විට දැකීමටවත්, ඇසීමටවත් ප්‍රිය නොකරන මා“

    ReplyDelete
  10. කලාකරුවෙක්ගේ සිත සැලෙනවා සිද්ධියක සංවේදී බව හමුවේ..ඒක නිර්මාණයක් තුලින් දෝංකාර දෙනවා මෙන්න මේ වගේ ...මට හිතුනෙ එහෙමයි

    ReplyDelete
  11. කවි ටික ගැන මොකුත් නොකිය ඉන්නං . . .
    ඒත් . .
    අම්මා අම්මා මේ මට (ජිප්සීස්) ගීතයට කැමත් නැද්ද බං උඹ ???

    ReplyDelete
  12. @ පන්සල් ජන්ෂන්,
    ඒකෙන් කියන්නෙ මාතලන් දරුවො අඬනව දකින්නවත්, අහන්නවත්, අකමැතියි. වැඩිදුරටත් කිව්වොත් දරුවන්ට අකමැතියි කියල නෙමේ පොර කියන්නෙ, දරුවො අඬවන්නෙ නැතුව තියා ගන්න ඕනෙ කියන එක. [මගෙ නැණ පමණට තේරුණේ නං එහෙමයි]

    ReplyDelete
  13. සංවේදී තමයි.. ඒත් එහෙමයි කියලා ඇත්ත දැකලා ඇස් පියාගෙන ඉන්න බෑ නේ.. අපි යතාර්තයට මුහුණ දෙන්න ඕන..

    ReplyDelete
  14. @ මාළු පැටියා
    ඒ උනාට ඇත්ත..

    ReplyDelete
  15. @ වෙද මහත්තයා
    මේක ලියලා ගොඩක් කල්.. කතා ගේ කතාව දැක්ක නිසා දැම්මේ. ඒකේ තියෙන්නේත් මරු අම්මා කෙනෙක් ගැනනේ..

    ReplyDelete
  16. @ ලොකු පුතා
    බොහෝම ස්තූතියි විග්‍රහයට.. ඒකයි මම කිව්වේ ඒකේ තියෙන්නේ දිරිය කතක් ගැන කියලා..

    ReplyDelete
  17. @ තනි අලියා
    අනිවා...

    ReplyDelete
  18. @ නරකයා
    මක් කොරන්නද...?

    ReplyDelete
  19. @ රාජ්
    ඒකත් ලස්සනයි....

    ReplyDelete
  20. @ කැන්ඩියන්
    ඔය තියෙන්නේ සාක්කී....

    ReplyDelete
  21. @ පන්සල් හංදිය
    ඕන් ඔබා දීලා තියෙනවා උත්තරේ.. මම දරුවන්ට හරි ආදරේයි.. ගෑණු දරුවන්ට නෙමෙයි අනේ. පොඩි ළමයින්ට..

    ReplyDelete
  22. @ වෙනී
    ඔබ හරි.. ස්තූතියි...

    ReplyDelete
  23. @ ඕනයා
    අපොයි මගේ ප්‍රියතම කෙනෙක් සුනිල් අයියා. පැදුරු පාටි වල මම කියන්නේම අද කතා නැත්තේ මොකද උඹ ලතා.. හැබැයි බන් ඒක මව් ගුණ ගීයක් නෙමෙයි..

    ReplyDelete
  24. @ ඔබා
    තැන්කූ සෝ මච්....

    ReplyDelete
  25. @ නජාත් අක්‍රම්
    අනිවාර්යයෙන්.. කතා දෙකක් නෑ...

    ReplyDelete
  26. උඹ ලතා ගැන මතක් කල නිසා කියන්නං . . . "අද කතා නැත්තෙ මොකද උඹ ලතා" සිංදුවෙ ඔරිජිනල් ගායකය සුනිල් අයිය නෙමෙයි . . . සයිම කට් වෙලා සිංදුවටත් ඒ සංතෑසියම තමයි

    ReplyDelete
  27. @ ඔනයා
    සැන්ටිගේ නේ මචං

    ReplyDelete
  28. මේක කියවන්න ලැබුනෙ දැන් තමයි . ඔහොම ඒව්වත් ලියවෙන්න ඕනෙ. ඇඬෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න