.

.

Dec 11, 2011

රෑ ඉරපාන - Sun Light at Night


කිරිලියන් සිනා සෙන
කුරුළු පඬියන් පිරුණ
රේඩියෝ මළදාන
වදයක්ය දෙසවනට
එපාවී බෝ කල්ය....

කෙතරම් සුන්දරද
පෙර සිටී කිරිලියන්
රස බෙදන කුරුල්ලන්
නොමැත අද සියල්ලන්
පියඹලා දෙව් ලොවට
සිරවෙලා කැදළිවල ....

සතිය අග හිරුගෙ දින
සඳු නැගී හෝරාවකින්
ගත මෙන්ම සිත් නිවා
නැගෙති රෑ ඉරපාන
පුදුමයකි, අරුමයකි
නැහැ එහෙත් සත්‍යයකි

නෙතු කුමට දකින්නට
රූ රටා දෙසවනින්
පෙලගසයි
නිවී සැනසූ හඬින්
රස සපිරි මතකයන්
ගලා යයි හෝරා දෙකක්
මොහොතකින්
සෑහේවී මේ පිනම
පතයි නම් ඔබ නිවන....
-o0o-
ප: ලි:
කොමෙන්ට්ස් වලින් පේන්නේ මේ ගැන බොහෝ දෙනෙක් නොදන්න බවකුයි. ඇත්ත රේඩියෝ, ටී වී එපා වෙලානේ ඉන්නේ. ඒ උනාට මේක සඳරු පෝස්ට් වගේ රසවත්...
දෙසවනින්.. ඔව් ඔව්.... කන් දෙකෙන්.....

43 comments:

  1. මොන එකක් ද මන්දා ඒත් මට මේ මනුස්සයට කැමති හිතෙන්නෙ නෑ :)
    ඒත් මනුස්සයාගෙ වැඩ නම් හොඳයි.

    ReplyDelete
  2. මීට අවුරුදු විසි පහකට විතර කලින් අහපු, පාලිත පෙරේරා ඉදිරිපත් කරපු "ආරාධනා ස්වර දැහැන" ට පස්සෙ මම අහපු හොඳම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක...

    ReplyDelete
  3. වචන,කටහඩ,ශෛලිය හැමඑකක්ම ලයාන්විතව සංකලනය වෙලා සිත් පතුලට කිඳාබහිනවා...
    රෑ ඉරපාන....
    ඒකටම ගැලපෙන මාතලන්ගෙ කවි පදවැල...

    ReplyDelete
  4. http://www.fmderana.lk/index.php?route=programs/reeirapana

    ReplyDelete
  5. හැමදාම හිතන් ඉන්නවා
    …ඒත් බැරිවෙනවා
    …කොහෙද පොඩි එවුන්ගෙ
    …වැඩ අස්සෙ ඔවා අහන්නෙ ..
    …අන්න ජීවිතය ..

    ReplyDelete
  6. රේඩියෝ නැත . . . ටීවීද නැත . . . .

    ReplyDelete
  7. අනේ කවි තේරෙන්නේද නැත...:)))

    ReplyDelete
  8. "MIDNIGHT SUN" තමයි හොඳම යෙදුම...

    ඒක නෙවේ..කොහේද..මොකේද ඔය ප්‍රොග්‍රෑම් එක යන්නේ...අන්තර් ජංජාලයේ බලන්ට පුලුවන්ද???

    ReplyDelete
  9. .
    ඇසුවොත් කෙනෙක් හැමදාමත් අසනු ඇති
    දෙඩුවොත් කෙනෙක් සැමදාමත් දොඩනු ඇති
    කලා රසය පෙන්නා අප සැමට නිති
    මූණු පොතෙත් මගෙනම් ඔහු හිතවතෙකි

    ReplyDelete
  10. ලින්ක් එකට ගිහිල්ලම ආයෙමත් එන්නන්

    ReplyDelete
  11. මටද ඕනයාට මෙන් රේඩියෝ නැත. ටී.වී. ද නැත. නොඅසමි නොබලමි.

    ReplyDelete
  12. මොකක් ගැනද බං මේ කියන්නෙ. අද රෑට ඔය කිය්න ලින්ක් එකට ගොහින් බලන්නං.

    ReplyDelete
  13. එක පාරක් ඇහුවොත් සිරාවටම අයෙත් අහන්නමයි හිතෙන්නේ..
    දුර්ලභ ගනයේ වැඩසටහනක්..!!!

    ReplyDelete
  14. මම නොවරදවාම අහන පොරෝග්‍රෑම් එකක්... සුපිරියි.. පට්ටයි... උපරිමයි රෑ ඉර පාන.

    ඕනයා... වෙද මහත්මයා... : ජංජාලේ ඔය දෙකටම බෙහෙත නෙව... රෑ ඉර පාන ඔන්ලයින් අහන්න පුළුවන්.

    ReplyDelete
  15. @ ගොර්දෝනියා සෙයිලනිකා
    මම ඉතින් කළාකාරයන්ට ආදරෙයි නේ...

    ReplyDelete
  16. @ සපතේරූ උන්නැහේ
    මට ගොඩාක් වෙලාවට කේ.ඩී.කේ මතක් වෙනවා. ලලිත් එස් මෛත්‍රිපාල, ආරියසිරි විතානගේ, සීලරත්න සෙනරත්, ප්‍රේමකීර්ති, ධර්ම ශ්‍රී, ඒ විතරක්ය අද කක්කා නාන හඩ්ඩා කොච්චර ලස්සන හඬවල්ද.. අද නිවේදකයෝ නෑ.. පිච්චෝ ඉන්නේ. මේත් ඉතින් නිවේදකයෙක් නොවෙයිනේ...

    ReplyDelete
  17. @ වැලිමැඩියා
    බොහෝම ස්තූතියි... අවංකවම සමහර ගීත වලම මම කැමති නෑ.. ඒත් හඬ.. භාවනාවක්මැයි...

    ReplyDelete
  18. @ ඇනෝ
    තෑන්ක්ස් ඇනෝ.. ඔන්න මම පෝස්ට් එකේම දැම්මා..

    ReplyDelete
  19. @ ළොකු ජෝන්
    නැවත විකාශනය වෙනවා සෙනසුරාදා උදේ 7 ට. එහෙම නැත්නම් ගොන් පීටර්ගෙන් අහන්න..

    ReplyDelete
  20. @ ඕනයා
    ඉතින් බන් ගොන් පීටර් ඉන්නේ. ඔන්න ලින්ක් එකත් දැම්මා. එක ප්‍රෝග්‍රෑම් එකක් අහල බලපන් මම කියනවට. අනිවා උඹ තව කොමෙන්ට් එකක් දානවාමයි...

    ReplyDelete
  21. @ පොකූ
    උබැහෙට ඉතින් කෙලින්ම කියන්න එපැයි. දෙරණ ඇෆ් එම් එකේ ඉරිදා රෑ 7 ට රෑ ඉරපාන කියල ලස්සන වැඩ සටහනක් යනවා. ඔන් ලයින් අහන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඔය මම දීපූ ලින්ක් එකෙන් අහන්න.

    ReplyDelete
  22. @ කැන්ඩියන්
    උඹගේ යෝජනාව හරි.. ඒත් කවි ගතියක් එන්නේ නෑ.. ඔන්න ලින්ක් එක දැම්මා.. අහලා තව කොමෙන්ට් එකක් දාන්න..

    ReplyDelete
  23. @ ගිම්හානී
    ඉරිදා හතට දැම්මම එෆ් එම් දෙරණ
    ගත සිත නිවයි බන්දුගේ රෑ ඉරපාන

    ReplyDelete
  24. @ ඔබා
    ලින්ක් එකට ගියොත් එනවමයි ආයේ ඒකේ දෙකක් නෑ...

    ReplyDelete
  25. @ වෙද මහත්තයා
    ඔය දෙකම ඕන නෑ. ගොන් පීටර් ඉන්නවනේ.. ඔබ තුමාගෙයි මගෙයි රසිකත්වය එකයිනේ. මම කියනවට එක ප්‍රෝග්‍රෑම් එකක් අහල බලන්න..

    ReplyDelete
  26. @ ඉන්දික උපශාන්ත
    අහල කියපන්කෝ....

    ReplyDelete
  27. @ ගිනි කුරුල්ලා
    ගිනි කුරුල්ලෙක් වගේ තමයි.. පට්ට...

    ReplyDelete
  28. @ පිස්සා පලාමල්ල
    දැන් දැන් ඇඩ් ටිකක් වැඩිවේගන එනවා වාගේ....

    ReplyDelete
  29. @ පිස්සා පලාමල්ල
    වෙළඳ දැන්වීම් ටිකක් වැඩිවෙලා වගේ. ඒක රස වින්දනයට බාදාවක්. නමුත් ඉතින් අද හැම එකම මුදල් නෙවැ...

    ReplyDelete
  30. මම අහන්නේ ගොන් පීටරෙන් බාගත්තු ක්ලිප් නෙව.. ඒවයේ ඇඩ් නෑ

    ReplyDelete
  31. අපිත් අහනෝ... හැබැයි එලවලා නොවේ... මම රේඩියෝ නොඅසමි... සෙනසුරාදා වරුව ඔෆීසියේ වැඩ කරනා විට නිකම්ම කනට ඇහෙන නිසා ආසාවෙන් අසමි... !

    ReplyDelete
  32. @ පිස්සා පලාමල්ල
    අපිට කොහෙද බූල් බල්ලෝ...

    ReplyDelete
  33. @ චතුරංග පෙරේරා
    නියමක් මමත් එහෙමයි කිසිම දේකට ඇඩික්ට් නෑ.. මේකේ යන ගීත සමහර වෙලාවට මෙලෝ රහක් නෑ.. සමහර වෙලාවට මුලින්ම අහන්නේ එදා..

    ReplyDelete
  34. සාමාන්‍යයෙන් හොදට ලියන්න පුළුවන් අය කතා කරන්න ගියාම ඒ දක්ෂකම පෙන්නන්න බෑ. නමුත් බන්දුල ඒ අතින් ඉතා දක්ෂයි. අනික ඔහු කියන කතා ඔහුගේ අත්දැකීම්. ඒත් ඒවා අපේ අත්දැකීම් නෙවෙයිප කියලා කියන්න පුළුවන් කාටද?

    ජෝන් ලෙනන්ගේ ඉමැජීන් ගීතය ගැන ඔහු කතා කරපු විදිහට මම හරිම කැමතියි.

    සිකුරාදා රෑ 7.00 ට දෙරණේ යනවා අනන්ත ගී රස. කැළුම් ශ්‍රීමාල්, දිලීප අබේසේකර වැ‍ඩසටහන කරනවා. ඒකත් එළ.

    ReplyDelete
  35. @ තිසර
    කැලුම් ගෙයි දිලීපගෙයි වැඩසටහනත් අහනවා. කැලුම් ගේ හඬටත් මම ආසයි.. ඇයි ඊයේ රූමස්සල ගැන සඳහනේදි රාම රාවණා ගැන කියපු කතාව.. ලස්සනට කිව්වා ඒවා බොරු බව.. අපි වගේ කෙලින් නෙමෙයි.. බැලුවම වාල්මිකිටත් එහා කෙප්පයක් කේ.ඩී.කේ ඇදබාලා තියෙන්නේ..

    ReplyDelete
  36. මාතලන්- බන්දුල ශ්‍රී ල0කා ගුවන් විදුලියේ අනුමත නිවේදකයෙක්. ඔහු නිවේදකයෙක් වන්නේ ක්‍රිශාන්ත දයානන්ද , කුමාරී පෙරේරා යන නිවේදක කණ්ඩායමත් සමගයි. සමත් වු වසර-1996. ඔහු ඒ වනවිට (වානිජ බෑ0කුවක) කබුරුපිටියේ බැ0කු කලමනාකාරවරයා ව සිටි නිසා, දිගටම නිවේදන කටයුතු සදහා පැමිනියේ නැ.

    Thushara

    ReplyDelete
  37. @ තුෂාර
    දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි.. ආයෙත් එකේ අහන්න දෙයක් තියෙනවද..? කොතරම් රස හඬක්ද...... අනෙක ගඟක් සේ ගලා යන හැටි.... ලියාගෙන කියවනවද දන්නේ නෑ.... ඒත් ලියන්නෙත් ඔහුම වෙන්න ඕනනේ.... ගී තනු දිහා බැලුවහම...

    ReplyDelete
  38. රේඩියෝ අහන්නේ නෑ බොලේ අනික මේ දවස් වල නඟා ඕලෙවල් කරන නිසා රේඩියෝව තනිකරම ඉවත් කලා මම ..


    අපි ගැනත් මතක් කලාට ස්තූතියි මාතලන් .

    ReplyDelete
  39. @ සඳරූ
    එක දවසක් විනාඩී 5ක් අහලා බලපන්...

    ReplyDelete
  40. සිරා මචං . . සිරාම සිරා . . . මම මේ වැඩසටහන අහන ගමං . . අද තමයි වෙලාව ලැබුනෙ . .
    බන්දුල නානායක්කාරවසම් මහතා ලියපු ගීත රසවිඳල තිබුනට එතුමගෙ කටහඬ මම අහන පලවෙනි වතාව. වැඩසටහනේ ඉදිරිපත් කිරීම, ගීත එකතුව ආදී සියල්ලම මම හිතුවට වඩා ගොඩාක් ඉහලිං තියනව . .
    උඹට පිං මචං . . මේ ලිංක් එකට සහ පෝස්ට් එකට

    ReplyDelete
  41. අඩේ . . මම ඒක බ්ලොග් එකෙත් එල්ල ගත්ත බං . . . .

    ReplyDelete
  42. @ ඕනයා
    ටැන්කූ මචෝ ටැන්කූ.. මාතලන් කවදත් දෙන්නේ උසස් දේවල්නේ.. ලොහ් ලොහ්....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න