.

.

Jan 28, 2012

සූරීයකන්දෙන් ගොඩ ගෙන ජපුරෙන් වළලෑම - Sooriyakanda mass grave


පිනා නිදිකල අපව
සැනසුනා සිසිලසෙන්
නෑවෙමින් කඳු මුදුන
ළෝ පත සූරියකන්ද
උඹ හොඳින් දැන උන්නා
නොවැ මගේ සුදු අම්මේ

චන්ද්‍රිකා, පවිත්‍රා 
නැන්දලා වටවෙලා
පත්තරේ අයියලා
ඇවිල්ලා හාරලා
නැගිටුවා උන් අපව
විකුණලා අම්මාව
උන් ගියා රජගෙදර

පසිඳවා යුක්තිය
මිරිකලා මැටි ගුලිය
පෙන්වලා පීඩනය
ඉඳිකලා ආරාමය
අසරණයන්ගේ

කොලොම්පුර අසිරියට
අකැපමය සොහොන් කොත්
නිදාවුන් අසරණයෝ
කුඩුකලා මාමලා
බුල්ඩෝසරෙන් ඇවිත්

උතුරේද දකුණේද
හෙටත් විකිනේවී නුඹ
නොයනු මැන රූප ගෙන
පෙරහරක සෝ බරව
විකුණන්න එපා ඔය
රත්තරන් කඳුළු කැට
දනක් දී දුගියකුට
සිනාසී සැනසෙන්න...

- 0 -

"ඇඹිලිපිටියේදී" ඝාතනය කොට "සූරියකන්දේ" වලලා එයින් ගොඩගෙන ජයවඩන පුර ගෙනවිත් "අහිංසකයන්ගේ ආරමයේ" නිදා උන් දරුවන්ට ආගිය අතක් නැත..
අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කරන ලදී...

42 comments:

  1. අහ්ංසකයො පරිණාමයෙදි අතුගෑවිල යනව. ඉතුරු වෙන්නෙ මැරයො විතරයි. අපි නෙමෙයි කිව්වෙ පරන ලොකු බුවාල.

    ReplyDelete
    Replies
    1. කවුද බන් කිව්වේ මසුරමක් කටේ දාන්න එපාය...

      Delete
    2. අපේ පැත්තෙ මැරයෙක් අතු ගෑවිලා යන්ට ආවා. අපේ රටේ ලොකු මාමා ඒ සීන් එක යට ගහල බේර ගත්ත. හරියට සිංගප්පූරු යැව්ව වගේ..

      Delete
  2. සුරිය කන්දේ ඇටකටු වුනාට වඩා ටයර් එකක පිළිස්සීම හොඳයි වගේ.අඩුම තරමේ එක එක වසලයන්ට විකුණගෙන කන්න දෙයක් වත් ඉතිරිවෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. උන්ට එතන ඉන්න දුන්න නම් ඉවරනේ. ස්මාරකේ එතන හැදුවනම් ඉවරනේ..

      Delete
  3. සහතික ඇත්ත. මට මතකයි ඔය සූරිය කන්ද හාරන්න ගිය කෙනෙක් විදියට එදා එතැන තිබුනු තත්ත්වේ. පවිත්‍ර නෝනා, කළුතර සුනේත්‍රා නෝනා (උන්හිටි තැනුත් නැහැ.) තව මොංගල්, ඇස් බී අපි මහ තොගයක්ම ගියා.ආ.. වාසිදේවත් හිටියා. නමුත් එහෙව් උන් ආන්ඩු කරන සමයකම මෙහෙව් දේ වෙනවා. මට මතකයි 94 රණවිරු ස්මාරකේ ජපුරේ හදනකොට තිබුනු තත්ත්වේ ඒකට උදව්කළ වුන්ම අද බෝම්බ ගහනවා. ඔව්වා ඔන්න ඔහොමලු....

    ReplyDelete
    Replies
    1. ඕවල රිටන් එක හරි සැරයි...

      Delete
  4. සූරියකන්ද ගැන සින්දු කැසට් එකක්ම කළ සෝමා මාමා මේ ගැන මොවා කියයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා දාලා තියෙන්නේ සෙට් එක ඇයො ඔය බෝල මිරිකන්න අපේ විප්ලවේ විකුනන් කාපූ නන්දා නැන්දයි සුනිල් මාමත් හිටියා.. මට ඕකුන් පේන කොට අර ලෙඩේ හැදෙනවා....
      "මයි බොඩීස් ෆිෂ් ඩාන්සින්"

      Delete
  5. දැන් අහිංසකයින්ගෙ ආරාමය එතන මල් පැල විකුනන එවුන්ගෙ වැසිකිලියක් වෙලා

    ReplyDelete
    Replies
    1. නෑ.... කුඩුකළා.. ඉවරයි...

      Delete
    2. හැ...කුඩුකළා කිව්වා. මේ ඊයේ පෙරේදාත් හොදට තිබුනනේ.දියවන්නාව වටේ හොදට හදනකොට මං හිතුවේ අහිංසකයන්ගේ ආරාමයත් ලස්සනට හදයි කියලා.හුග කාලයක් වල් වැදිලා තිබුනට එකේ මාර ලස්සනක් තිබුනා. ඔක කැඩුවානම් ඕකුන්ට හෙන ගහන්න ඕන.

      (අහිංසකයන්ගේ ආරාමය ගැන හුගදෙනෙක් දන්නේ නැහැ. මං දැනගත්තේත් අවුරුදු දෙක තුනකට කලින් පත්තරේ ගිය ආටිකල් එහෙකින්.)

      Delete
  6. ජරාජීර්ණවූ දේශපාලනයක් සහ එයින් පෝශණය වන ජරාජීර්ණවූ දේශපාලකයින් ඉන්න රටක අහිංසකයින්ගේ ආරාම තියා පැල්පතක් වත් ඉතිරිවේවිද දන්නෑ මේ යන විධියට.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරවිට..... වෙන්නත් පුළුවන්..

      Delete
  7. මේ ගැන අවබෝධයක් නැති නව පරපුරේ මා ඇතුලු අපිව දැනුවත් කරන්න මේ ගැන දන්න කෙනෙක් ගේ ලිපියක් බලාපොර්තු වෙනවා~

    ReplyDelete
    Replies
    1. අපේ රටේ දකුණේ විප්ලව දෙකක් සිඳු වුනා (විප්ලවය යන්නෙහි විරුද්ධ පදය ත්‍රස්තවාදය.) 1972 සහ 1988 මේ දෙකම අසාර්ථක උනා. භීෂනය දෙපැත්තෙන්ම සිඳුවුනා. පෞද්ගලික කෝන්තරත් පිරිමහ ගත්තා. ඔය ඇඹිලිපිටියේ සිඳුවීම ඒ වගේ දෙයක්. පාසලක සිසුන් පිරිසක් විදුහල්පති විසින් මරාදැමුවා. පසුව එලිවුනා ඔවුන් සූරියකන්දේ සමූහ මිනි වලක වලලා ඇති බව. මේ "සමූහ මිනී වලවලට" හොඳ මාකට් එකක් තියෙනවා. චන්ද්‍රිකා මෙය ලොවට පෙන්වා බලයට ඇවිත් එම සිසුන් වෙනුවෙන් බත්තරමුල්ලේ සිහිවටනයක් ඉඳිකලා (එයට මූලික වූවන් වෙද මහත්තයගේ සහ කතාගේ කොමෙන්ට් වල තියෙන්වා. අද ඒ ස්මාරකය පොලොවට සමතලා කරලා... කොළඹ නවීකරණයට. පැහැදිලිද...

      Delete
  8. මන්ද නොදනිමි කාරණා..?

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යය. ඇත්ත ඒ ප්‍රදේශය සංවර්ධනය වෙලා තියෙන ඇන්දමට ඒක එතනට ගැලපෙන්නේ නෑ. ඕක ඔතන ඉඳි කරපු දවසෙත් ඇත්තටම ඕක ඔතන හදනවට මම පෞද්ගලිකව කැමති උනේ නෑ. නමුත් ඒක වෙන තැනක ස්ථාපනය කරන්න තිබුනා. ඒත් කවුරුවත් සද්දයක් නෑ. ඒකයි දුක...

      Delete
  9. ඇඹිලිපිටියේ දී ඝාතනය කර සූරිය කන්දේ වල දැමූ සිසුන් තිස් එක දෙනා ජ වී පෙ ට සම්බන්ධ අය නොවෙයි. එකල ආණ්ඩුව වූ එජාපයේ බලවන්තියක් වූ කළුගම්පිටිය නෝනගේ පුතත් මේ සිසුන් අතර හිටියා. ප්‍රශ්නයට මුල පෙම් පලහිලව්වක්. පසුව දේශපාලනය ගෑවුනා. ඇඹිලිපිටිය ම.ම. වී විදුහල්පති දයානන්ද ගලප්පත්තිගේ එක පුතෙක් හිටියේ හමුදාවේ. ඔහුට තමයි මේ සමූහ ඝාතනය මෙහෙය වූවා කියල චෝදනාව ආවේ. ඔවුන්ට දඬුවම් කළා. එත් පුංචි පෙම් පලහිලව්වකට සිසුන් ජවිපෙට සම්බන්දයි කියල සිසුන් හමුදාවට පාවල දීපු මේ ජන ඝාතනයට මුලින්ම වග කියන්න ඕනි මිනිහ අද මේ ආණ්ඩුවේ ඉහලම ආයතනයක සභාපති ධූරයක් දරනවා. මහාරජ තුමාගේ ළඟම හිතවතෙක්. මිනිහත් ඒ කලේ ඉගෙන ගත්ත ඇඹිලිපිටිය පාසලේමයි.අර එක කොමෙන්ටුවක කියල තිබුන වගේ පරිණාමයේදී අහිංසකයෝ නැතිවෙනවා මැරයෝ ඉතිරි වෙනවා.පාවදෙන්නෝ, පිම්පියෝ ගේම්කරයෝ, තක්කඩියෝ උනුත් ඉතිරි වෙනවා.
    සූරිය කන්දේ ඇට කටු ගොඩ දාල වීර වරියක් වුනු පවිත්‍රා සාරියක් ඇඳගෙනද දන්නේ නැහැ මෙතනින් පාර්ලිමේන්තුවට හැරෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. පාවාදීපූ කතාව මම දන්නේ නෑ. නමුත් එම සමූල ඝාතනයෙන් බේරුන පුද්ගලයකු බවයි මම දැන ගෙන උන්නේ..

      Delete
    2. ග්‍රීස් යකාJanuary 29, 2012 at 9:59 AM

      ඔය කියන්නේ ගල් කඩන වික්‍රම බන්දු ගැනනේ.මාත් අහලා තිබුනේත් මිනිහ පත්තර වලට talks දීලා තිබුනෙත් , භීෂණයෙන් බේරුණු පොරක් විදියට .. ඔය පාවා දීපු කතාව ටිකක් විස්තර කලානම්...!!!!

      Delete
  10. ඔය ආරාමෙ කැඩුවට . . . වෙන තැනක් දෙනව කියල තිබුන නේද අලුතෙං හදන්න ????

    ReplyDelete
    Replies
    1. එහෙම හඩනවනම් ලොකු දෙයක් කාට අමතක උනත් අපි වගේ කීප දෙනෙකුට අමතක වෙන්නේ නෑ කවදාවත්. ඇත්තටම උන් අහිංසකයෝ පිරිසක්..

      Delete
  11. කඩපු විත්තිය දන්නෙ අද....ඕක හදනකොට ඒ දරුවන්ගෙ අම්මල තාත්තල අතින් ගුලිකරපු මැටිගුලි වල අච්චුවට හදපු සිහිවටන නේද ඔතන තිබුනෙ....

    ඒ දෙමාපියන්ට ඕක දැනගත්තහම තමන්ගෙ දරුවො ආයිත් මැරුව කියල හිතෙන්නෙ නැද්ද....

    ReplyDelete
    Replies
    1. කවියේ ඔය සියළු දේ අඩංගුයි.. උඹගේ ප්‍රශ්නෙට උත්තරේ හෙඩිමේ තියනවා..

      Delete
  12. හයියෝ සල්ලි දුකයි අප්පා... වෙලවකට හිතෙනවා අපිත් වාසියකට හෝයියා කියලා පුක දීගෙන හිටියනම් හොඳා ද කියලත්, ඔය හැමොම කරනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳා හිඟා කාලා මැරුනත්..

      Delete
  13. මෙහෙවු දෙයක් ගැන වැඩිය මීටර් නෑ සොයාබලන්ඩ ඕනෙ

    ReplyDelete
    Replies
    1. මේ කවියේ එක බලාපොරොත්තුවක් උනෙත් ඒකයි. මොකෝ සති දෙකෙන් සියල්ල අමතක වන ජාතියක්නේ,...

      Delete
  14. ස්මාරක තැනීමේ අගය
    මට දැනුයි හොඳට වැටහෙන්නේ,
    නිහඬව බොහෝ දේවල් කියන
    අපේ තාත්තල වගේ

    ReplyDelete
    Replies
    1. ස්මාරකයක, පිළිමයක, මවතක නමක ලොකු ඉතිහාස කතාවක් තියෙනවා.. ඒවා නැති කිරීමත් එක් අරමුනක වෙන්න පුළුවන්....

      Delete
  15. නියමයි. දාන්න ඕනේ කමෙන්ටුව මම උඩින් දැම්මා මචං !

    ReplyDelete
    Replies
    1. කියෙව්වා.. ඇත්ත තමයි

      Delete
  16. මම මේ දවස්වල වැඩිපුරම හිටියේ බත්තරමුල්ලේ වුනාට, අහිංසකයන්ගේ ආරාමය තිබුනේ බත්තරමුල්ල පැත්තේ කියල උඹ කියනකන්ම දැනගෙන හිටියේ නැනේ බං

    ReplyDelete
    Replies
    1. යුද්ධයක් තිබුනද කියලා මතක නැති රටක ඕක සුළු දෙයක් බන්

      Delete
  17. මෙහෙම එකක් ඔතන තියෙනවා කියලා දන්නේ ඕක කඩනවා කියලා මොකක හරි තියෙනවා දැක්කම

    අපේ සීයලාගේ ගෙදර ඉඩමේ ඉස්සරහම තියෙනවා සොහොන් කොත් වගයක් ඒවා සේරම පවුලේ උදවියගේ දැන් ඉන්න පරම්පරාවට ඒ කියන්නේ මාත් ඇතුළුව ඕවා එතනට ඕනේ නැහැ කියන අදහස තියෙනවා. මොකද වැඩක් නැති නිසා ඒත් ඒ ඉඩම් සේරම ඒ මිනිස්සු හරි හම්බ කරපුවා

    ReplyDelete
    Replies
    1. ඔය සීන් එකම අපේ ගමේ ඉඩමටත් උනා. ඒත් ඒ ප්‍රදේශය වෙන් කරලා ලස්සනට හැදුවා. රෑට ලයිට එකකුත් දාලා තියෙන්නේ. කවුරුවත් එතනින් යන්න බයත් නෑනේ...

      Delete
  18. ඔහොම එකක් බත්තරමුල්ලෙ තිබ්බ කියල දන්නෙත් දැන්. චන්ද්‍රිකා නෝනාගේ ස්සැට් එක ඔව්ව විකනගෙන චන්ද ගත්තා එලට

    ReplyDelete
    Replies
    1. "කඳුළු" විකුනන්න හරි ලේසියි
      ගොන් බූරූ ජනතාවට

      Delete
  19. Its like you read my mind! You appear to know
    so much about this, like you wrote the book in it or something.
    I think that you can do with a few pics to drive the message home a bit, but instead of that,
    this is great blog. A great read. I will certainly be back.


    My webpage ... payday loans online direct lenders
    My webpage: cash advance loans in richmond va

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න