.

.

Mar 5, 2012

කොමු පිළි - # 2 ( තනපට - ( කාන්තාවන්ට පමණයි )) - Lingerie # 2


කොමු පිළි එහෙම නැත්නම් ලෑන්ෂ්‍රී කියන්නේ කාන්තාවන්ගේ යට ඇඳුම්ය. මේ පිළිබඳ කාන්තාවෝ වගේම පිරිමිත් බොහෝම උනන්දුයිය. කොච්චර උනන්දුද කියනවනම් වැලක වනල තියෙනවා දැක්කත් බලාගෙන ඉන්නවාය. නැත්නම් උස්සන් යනවාය. පළමු ළිපියට ලින්ක් දාන්න ඕන නැත්තේ තවමත් ඒකට හිට් තියෙන නිසාය මේ පෝස්ට් එක දෙපැත්තෙම ඒ පෝස්ට් එක තියෙනවාය. කැමති කෙනෙකුට බලන්න හැකිය. ඒකේ තියෙන්නේ පහලට අඳින ඒවා වගයක් ගැනය. අද ලියන්නේ උඩට අඳින ඒවා ගැනය. ඒ කියන්නේ බ්‍රැසියර් ගැනය. එහෙම කිව්වේ ඉස්සරය. දැන් ඉට්ටයිල් එකට කියන්නේ බ්‍රා කියලාය. සුද්ද හිංගලෙන් නම් තනපටය. ඉස්සර "සළුපට අහසට" කියලා සෝ එකක් ආවේය. මේ සෝ එකේ තනපට පහලට වැටෙනවාය. ඒ නිසා ඒක වැඩිහිටියන්ට විතරක්ය.

ඉසසර තිබුනේ කලු පාට ඒවා හෝ සුදෝ සුදු ඒවා විතරය. කලු ඒවා ඇන්දේ සැර පරුස කස්ටියය. මාළු අම්මලා එළවළු අම්මලා වගේ අය ඇන්දේ ඒවාය. එයාලා එවා අඳින්නේ උක්කුන්ගේ බාගයක් පේන්නය. ඒකට කියන්නේ ක්ලෙවාජ් කියාය. උක්කුන් පේන අඳින එක දැන් දැන් ඉට්ටයිල් එකය. ඉස්සර ඇන්ද ඒවා දැක්කාමත් බයය. ඒ කියන්නේ ඇඟේ වැදුනොත් තුවාල වෙයි කියා බය හිතෙනවාය. ඒ තරම් උල්ය. ඒවාට කියන්නේ වින්ටාජ් කියාය. ඕවා පොලේ විකුනන්නේ උක්කුන්ට තොප්පියක් කියලාය. නොසන්ඩාල උන් කියන්නේ වැල වරකා කොරනවා කියාය. ඉතින් ගෑණු අය පොලේදී ඕවා ගන්න ලැජ්ජයිය. මොකෝ විකුණන උන් සයිස් එක අහනවාය. ඉතින් පොලෙන් ගන්නෙ පිරිමින් විතරයිය. ඒ කාළේ තිබුන බ්‍රෑන්ඩ්වල නම් මතක නැතිය. ඒ උනාට ඒ පෙට්ටිවල අනිවාර්යයෙන් හොලිවුඩ් නිලියක් ඉන්නවාමය. 

තත්වේ ඕක උනාට අපේ මොරින් ඇන්ටිනම් පවුලේ අයට පාට පාට ඒවා මහලා දුන්නා මතකය. ආච්ච්ලත් ගෙදර මහපු ඒවා ඇන්දේය. ඒක බැසියර් එකකට වඩා අත් නැති හැට්ටයක් වගේය. අනිවාර්යයෙන් සුදුය. ඒක ඇඳලා අත් දිග ලේස් බෝරිච්චි හැට්ටේ ඇඳලා කම්බාය ඇන්දාම මහ රැජින වගේය. හරිම තේජස්ය. ලස්සනය. ඕවා ගම්පෙරලියේ, යුගාන්තයේ, මඩොල්දූවේ තියෙනවාය. එහෙම හැට්ට වගේ ඒවා එන්න ඇත්තේ පුරුතුගීසින්ගෙන්ය. මොකෝ ඊට ඉස්සර හිටියේ සීගීරියේ ඉන්නවා වාගේය. රැජිනයි ඒ වගේ අයයි සයිස් එකෙන් ලොකු කමිස වගේ ඒවා වගයක් ඇඳලා තියෙනවා කටු ගෙට ගියාම බලා ගන්න හැකිය. 

අපේ රටේ මේකේ පෙරලියක් කොරේ ට්‍රයිඋම්ප් කියන බ්‍රෑන්ඩ් එකය. දැන්නම් ළෝකේ තියෙන ඉස්තරම් වර්ගවල ඒවා වැහි වැහලාය. බලන්න ලස්සනය. දැක්කත් නිකන් ඇඟ කිලි පොලා යනවා වගේ ගතියක් එන්නේය. ඒ තරම් පියකරුය. සැක්සිය. ගෝජස්ද මොකක්ද එකය. ඒ උනාට ඩීප් කට් බ්ලව්ස් වලට සමහර ටී ෂර්ට් වලට අඳින්න ඕන එවා සම හරක් දන්නේ නැතිය. පටි එලියේය. එතකොටනම් පටි රෝල්ය. මොකෝ සමහර සුදු ඒවාවල පටි කළු පාටය. එහෙම පටි රෝල් කර ගන්න ඕන නැතිය. ඒ ඒ ඇඳුමට හරියන ඒවා දැන් තියෙනවාය. බටහිර රටවල නම් දැන් මේවා අඳින්නේ නැතිය. තදට තියෙන එක හොඳ නැතෙයි කියාය. ගැට වලට නම් එහෙම ගියාට කමක් නැතිය. ඒ උනාට වැල නම් වැඩේ අවුල්ය. ඒත් සුද්දියන්ට නම් කිසි අවුලක් නැතිය. ඔහේ වන වනා යනවාය. කස්ටියට දැනගන්න මම දන්න ඒවා මෙතන දමනවාය. පූර්ණ දායකත්වය හාමිනේගෙන්ය.

ෆුල් සපොට් බ්‍රා
එදිනෙදා පාවිච්චියට ඉතා සුදුසුය.  පියයුරු සම්පූර්ණයෙන් ආවරණය කරයි. අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ මේවාය


වින්ටාජ් බ්‍රා
මේවා මෑතක් වෙනකම්ම ඇන්දා. තවමත් සමහර අය අඳිනවා. සම්පූර්ණයෙන්ම ආවරනය කරනවා. නමුත් අහල පහලින් යන අය පරිස්සමින් යන්න ඕන.

අන්ඩර්වයර් බ්‍රා
උඩුකය ප්‍රදේෂයට ශක්තියක් ගෙන ඒමටත් සුවපසුවෙන් දරා ගැනීමටත් හැකිවන පරිදි පියයුරු යටින් හැඩයට ප්ලාස්ටික් හෝ සැහැල්ලු ලෝහ වලින් කරන ලද පටියක් තිබේ.



පැඩඩ් බ්‍රා
පියයුරු කුඩා අය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. බොහෝ විට සැටින් වලින් නිමවා පුළුන් රෙදි කැබලි හෝ ටිෂුවලින් පුරවා ඇත. 




පුෂ් අප් බ්‍රා
මෙමගින් පියයුරු ඔසවා ලංකර ක්ලෙවාජ් එක මැනවින් පෙන්නුම් කරයි. බොහෝ විට පැඩඩ් බ්‍රා මෙන්ම රබර් වලින් හෝ ජෙල් වලින් පුරවා ඇත.


තව ගොඩක් තියෙනවා... අදට ඔය මදෑ... කොමෙන්ට්ස් බලලා. කැමතිනම් විතරක් ඉතිරි ඒවා ගැනත් පෝස්ට් එකක් දාන්නම්. ඒකට රසවත් කොමෙන්ට්ස් වල තියෙන ඒවත් ඇඩ් කොරන්න බැරිය...

87 comments:

  1. හෙට දවස සඳහා අතිශය වැදගත් වේ. මන්ද හෙට දවස පිස්සලගෙ ඉස්කෝලෙ පෙරඩ් එකය.....මාතලන් අයියට පිනේ පින් වෙන්න ඕන......:)))))

    ReplyDelete
    Replies
    1. අර ලංකාවේ අතීතයේ රෙදි කැබැල්ලක් බදාගෙන හිටපු හැටිත් දමන්න තිබුනනේ , නැති වුනත් හොද ලිපියක්

      www.ceylonlanka.info

      Delete
    2. පට්ට ඉරිසියාය.... පෙරඩ් එක මග හැරෙනවාය

      Delete
    3. පිස්ස අයිය ආපු දවසක ඔය පිස්සයි මේ පිස්සයි ඔක්කොම පිස්සො ටික එකතු වෙලා යමු නියම පෙරඩ් එකක්.....

      Delete
    4. ඔය කොල්ලෝ කෙල්ලන්ට අඳින එක මානසික ලෙඩක්ය. පාසල් වලට නින්දාවක්මය. විදුහල්පතිවරුන් මේවාට ඉඩ දෙන්නේ උනුත් පොන්නයෝද දන්නේ නැතිය.

      Delete
  2. මගුලක් කතාකරන්නේ නැතිව ඉතුරු ටික දාහං ඉක්මනට~ඕකනේ මෙගා කතා සීරීස් මට අරහං! මාත් ලිව්වා ගැට ගස්ලබු ගැන!මතකනේ!

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා.. මතකයි හොඳට මතකයි තව කොටස් දෙකක් තියෙන්වා. හරි අමාරුයි පින්තූර ඔබන්න.

      Delete
  3. මේක දැනුම් සාගරයක්...

    ReplyDelete
    Replies
    1. විස්ස කෝසයක් වගේනේ... හෙහ් හෙහ්

      Delete
  4. දැනං හිටිය දේවල්වලට වඩා අමතර දැනුමක් ගන්න කියලා ආවේ..ම්හූ වැඩක් උනේ නැහැ...:D

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකක් තියෙනවා. ඊළඟ ඒවත් බලපන් නොදන්න යමක් තියේද කියලා

      Delete
  5. පරන කට්ටිය ඕවට කියන්නෙ බොඩි නේද..?

    ReplyDelete
    Replies
    1. හරියට හරි මට ඒක සම්පූර්ණයෙන් අමතක උනා. තෑන්ක්ස්

      Delete
  6. අර පෙට්ටියෙ හොලිවුඩ් නිලිය ඉන්න වින්ටේජ් බ්‍රෑන්ඩ් එක හයිමරි හරි හයිනරි හරි නම් දෙකෙන් එකක් මට මතක විදියට.

    ඔය පුෂප් බ්‍රා වලටම නේද වොන්ඩර් බ්‍රා කියන්නෙත් ??

    ඉස්කෝලෙ යද්දි පන්තියෙ කෙල්ලන්ගෙ බ්‍රා ස්ට්‍රැප් එක පිට පැත්තෙන් ඇදල අතාරින එක මගෙ හෙන ආතල් එකක් වෙලා තිබුන. වතාවක් කෙල්ලෙක්ගෙ ඔහොම ස්ට්‍රැප් එක ඇදල ඒකෙ ඉස්සරහ තියන ප්ලිස්ටික් ක්ලිප් එක කැඩුන . . . උක්කුවා නතර උනේ බුරිය හරියට කිට්ටු කරල.

    ReplyDelete
    Replies
    1. එහෙම ඇදලා බෑ අයියේ අපරාදේ සල්ලි අරන්දෙන්න උනොත් ඇයි යකෝ එක්දාස් පන්සීයටත් තියෙනවා කොයි ලෝකෙන් ගෙන්නපුවද දන්නෑ

      බ්‍රා එක පිටිපස්සෙන් සෙට්වෙන තැනට දෙපැත්තෙන් මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි තියලා ඉන්පස්සේ ඒ ඇඟිලි දෙක බ්‍රා එකත් එක්කම තදට එකතු කරලා අතෑරියාම ෆුල් අන්දොස් ඒක කඩන්නේ නැතුවම ගලවන්න පුළුවන්...

      Delete
    2. ඔය දෙකම කලා(ඒකලෙ).

      Delete
    3. ඔය තියෙන්නේ මෙමරි ප්ලස් ප්ලස් ඒවා තමයි බ්‍රෑන්ඩ්. හරි මචං වොන්ඩර් බ්‍රා කියන්නේ ඒවා තමයි. අනිත් වැඩ වලට අපි නම් නෑ. දහම් පාසල් ගිය බෞද්ධ දරුවෝ නේ..

      Delete
    4. ඔවු ඔවු . . දහම්පාසලේදි අමාරුයි . . කෙල්ලො ලමා සාරියෙ හැට්ටෙ අදින්නෙම තදට

      Delete
  7. කොමු පිළි විශේෂඥඤ මාතලන්

    ReplyDelete
    Replies
    1. ආචාර්ය පදවිය තියෙන්නේ මේකටනේ... ස්පෑම් එකේ තීලා දැනුයි දැක්කේ..

      Delete
  8. සැහෙන්න වැදගත් ලිපි සීරියස් එකක්. මෙව්වා නැත්නම් වෙන කොහෙන් දැනගන්නද ?

    ReplyDelete
  9. මට හරි යන්නේ මොකක්ද බොල ?

    ReplyDelete
    Replies
    1. සූප්පුවත් ගහන් ඔයින් කැමති එකක් ඇඳගනින්

      Delete
  10. හප්පා සෑහෙන්න වැදගත්. වෙන කොහෙන් ඉගෙන ගන්ඩද ඉතිං මේවා

    ReplyDelete
    Replies
    1. වන් ඇන්ඩ් ඔන්ලි Dr. මාතලන්ගෙන්ම පමණි.

      Delete
  11. මේ හැමෝම දන්න ටික.. අනිත් ටික දාමු..... ඒත් මේවත් නොදන්න ගෑණු ළමයි ඇති ඕන තරම්....

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ මේක බලලා අපේ අක්කා කෙනෙක් අහනවා කොහෙන්ද මේවා ඉගෙනගත්තේ කියලා. එයා ඉන්ගිරිස් ප්‍රොෆෙසර් කෙනෙක්

      Delete
  12. Cleavage එක හිරු වගේ කියලනේ කියන්නේ. යන්තම් බැලුවට කමක් නැහැ. දිගටම බලාගෙන (stare) ඉන්න එක භයානකයි. මට මතකයි කතන්දරත් cleavage ගැන ලියල තිබුන කාලෙකට ඉස්සර. හැබැයි උන්නැහේ හිරුට උපමා කරලා තිබුන නම් මතක නැහැ.
    ප.ලි. see through bra ත් මේකට එකතු කලානම්.... වෙන මොනවත් නැද්ද ඔබා අයියේ...
    http://www.hollywoodbreastforms.com/popup_image.php?pID=67&osCsid=8hpt45eip61760n8asks776eh3

    ReplyDelete
    Replies
    1. බෝ පැලේ වගේ ඉන්න අහිංසක මාව මෙතෙන්ට ගෑවුනේ කොහොමද ?

      Delete
    2. ඔය දාල තිබුනේ butt cleavage එකක්. අවුවට ඇස් වහගන්නවා වගේ අතකිනුත් වහගෙන.

      Delete
    3. හෙහ්..හෙහ්..

      Delete
    4. ක්ලේවාජ් එකටද දන්නේ නෑ ලය මඩල කියන්නේ. පින්තූරේ අන්තිම කොටසෙදි දාන්නම්

      Delete
  13. හරිම අගෙයි සෑහෙන්න වටිනවා මේවගේ මිල ගනන් දැම්මනම් බ්ලොග් එක කෙල්ලන්ගෙන් බේරගන්න බැරිවෙනවා....

    තව ජාති ගොඩයි නේද මම දැකලා තියෙනවා පටි නැති එව්වත් තියලා අලවනවා වගේ කේස් අලේ මන්දා

    ReplyDelete
    Replies
    1. එව්වා ගැනත් දානවා තව කොටස් දෙකක් තියෙනවා

      Delete
  14. මෙහේ නම් ඉතින් කප් ගහලා තියෙන්නේ වික්ටෝරියා සීක්‍රට් තමයි.. ඒත් ඉතින් මෙහේ උන් අදින්නේ බොහොම කලාතුරකින් තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ෆේමස්ම බ්‍රෑන්ඩ් එක

      Delete
  15. බොඩි..........

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා ලොරි බොඩි වගේනේ

      Delete
  16. පුශ් අප් ඒව වෙන්නැති වැල වරක කොරන ඒව කියන්නෙ :-))

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ජාතියක්. ස්පොට්ස් කියන එක ඇන්දමා නෝ හෙල්ලුම්

      Delete
  17. http://upload.wikimedia.org/wikipedia/commons/2/21/Bra_Fence_Wikipedia.jpg

    ReplyDelete
  18. අනිත් ටිකකත් දාහන්කො.මම මෙ ඔෆීසියෙ කෙල්ලන්ව බ්‍රරා එක අනුව වර්ග කරමින් ඉන්නෙ...
    මමනම් ආස පුෂ් අප් බ්‍රරා එකට.ඒත් මෙහෙ අන් එකෙක්වත් ඔක අදින්නෙ නෑ නොවැ..

    ReplyDelete
    Replies
    1. ඉවසපන් පුතේ බලාගෙන ග්‍රිස් යකෙක් ඔෆීස් ඇවිත් කියලා ස්වර්ණවාහිනියේ යයි

      Delete
  19. එළ ද බ්‍රා කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. හැම එකාම කියනවා එකෙක්වත් දන්නේ නෑ ඇයි කියලා

      Delete
  20. හාමිනෙට පිං දෙන්න ඕනෙ කට්ටියව නැගිට්ටෙව්වට

    ReplyDelete
    Replies
    1. එයා බොග් දාන්නේ නැතුව මල වදේ අරක දාන්න මේක දාන්න කියලා

      Delete
  21. වෙදනා ගේ අළුත්ම පොස්ටුව බලල කුමක් කමෙන්ට් කරම්දෝයි කියා ඔළු කොලොප්පම් වෙලා ඉන්න විටයි හරියට දෙයියො පාර පෙන්නුවා වාගේ මේක දැක්කෙ.

    අර සැමියෙක් තමන්ගෙ බිරියට බ්‍රා එකක් ගේන්න අතෙන් මිම්ම අරන් ලංගම බස් එකේ ගිය හැටි සමහර විට ඔබා දන්නව ඇති. මට හරියටම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. හප්පේ හෙණ පරණ කථාවක් ඔබා විතරක් නෙමේ ඔබීත් දන්නව

      Delete
    2. එහෙනං ඒ ගිහිල්ල තියෙන්නෙ ඔබා

      Delete
    3. I thought it was Prof Boyle. The legend says he discovered the Boyle’s law after the bus ride, sometimes referred to as the Boyle-Mariotte law, pressure is inversely proportional to the volume.

      Delete
    4. අපගේ බලවත් ඉල්ලීම අනුව ඒ කතාව ළඟදීම ඔබාගේ බොගේ

      Delete
  22. විස්තර මදි නේ...

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකක් තියෙනවා පින්තූර දාන්න මල අමාරුයි අනේ

      Delete
  23. හා හා මේ ටෙලි නාට්‍ය වගේ කෑලි කෑලි දාන්නේ නැතුව එක පාරට ඔක්කොම දාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. තව දෙකායි.. වැඩියෙ නැතෝ

      Delete
    2. තං උනත් දෙකක් තියෙන්නෙ දෙපාරට රසවිදින්න

      Delete
  24. නොදන්නා දෙයක් දැන ගන්නට ආවට මගින් නවත්තලනේ.... හැමෝම දන්න ටික නේ මේ... කෝ ඉක්මනට ඉතිරිය....

    පේමන්ට් එකේ විකුනනවා 3 නම 100 ට ඒ මොන එව්වද බන් ??

    ReplyDelete
    Replies
    1. ලෝකල් මේඩ්. බවලත් කස්ටියට.

      Delete
  25. දැන් මම ඉන්න තැනින් පොඩ්ඩක් ඉස්සි බලු විට ඔය ඔක්කොම වර්ග එක එක size එකෙන් තියෙනවාය, උඩ ඒවා විතරක් නොව යට ඒවාද ඇත. විටින් විට ඒවායේ අයිතිකරයින්ද ඒවා අල්ලා බලා වෙලිලානම් ගේ ඇතුලට අරන් යනවාය

    ReplyDelete
    Replies
    1. හොඳම කොමෙන්ට් එකය. මම බලාපොරොත්තු උනේ මේ වගේ ඒවාය. බැසියරයක් තෑගී ලැබෙනවාය. වැල බලන්න ඕන නැතිය. (වැල කෑවාට අවුලක් නැතිය.)

      Delete
  26. මේක කාන්තාවන්ට පමණයි කියා තිබුන නේද මාතලන් .

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං . . අපි ගාවත් තියනව "කාන්තාවන්ට පමනයි" එවුව

      Delete
    2. ඕනයා ayya ,

      ekenma :P

      Delete
    3. අනිත් අය කාන්තවන්ට ආදරය කරන අය

      Delete
  27. උදේ ඇවිත් බලල ගියා කාන්තාවො කිසි කෙනෙක් හිටියෙ නැති නිසා .
    …මෙව්ව ගැන හොඳ දැනීමක් තියන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් රේට් එක තියෙන්නේ මේ සබ්ජෙක්ට් වලටනේ

      Delete
  28. පුලුවන්නං බ්‍රෑන්ඩ්ස් ටිකත් දාන්න.මොකද ගිය අවුරුද්දේ මොරටුව කැම්පස් එකට වික්ටෝරිය සීක්‍රට් කියලා ගහපු ටි ෂර්ට් එකක් ඇඳගෙන කොල්ලෙක් ආවා.ඌ දන්නෙත් නැ ඒ මොකද්ද කියලවත්..

    ReplyDelete
    Replies
    1. ඔහේලා දන්න ඒවා එවන්න. අනික් අයගේ දැන ගැනීමටත් එක්ක දාන්නම්

      Delete
  29. අප්පා මේක කාන්තාවන්ට පමනයි කියලා නොදැනයි කියෙවුවේ .. අවුලක් නෑ ගොඩක් දේවල් දැකගත්තා ..ඉගෙනගත්තා . ඉගෙනගත්ත දෙයක් අපතේ යන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද... අනික ... මේ වගේ විෂයක්..

      Delete
  30. කාන්තාවන්ට පමණයි කීවට වැඩියම කමෙන්ට්ස් ඇවිත් තියෙන්නේ පිරිමින්ගෙන්. :D

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම ඔයා හොයන ජාතියේ අය. බලන්න කොච්චර උනන්දුද කියලා...

      Delete
  31. අළුත් අළුත් දෑ නොසොයන ජාතිය ලොව නොනඟී... ජාතිය කිව්වේ පිරිමි ජාතිය ඕං !

    ReplyDelete
    Replies
    1. මම දැක්කේ අළුත් අළුත් දෑ නොසොයොන අයගේ නගී වගේ..

      Delete
  32. ටික කාලෙක කලින් වෙඩි නොවදින ලෝහයක් සොයාගෙන තිබුනේ, ඒ ලෝහයේ කම්බියක් එකතු කරලා හදපු බැසියරයක ඉලක්ක්කය වැරදුනු උණ්ඩයක් වැදී නතර වීම නිසාලු. හැබැයි කම්බියේ නොවැදී පොළා පැන්නාද දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ කතාවක් මතකයි

      Delete
  33. හප්පේ දෙදොහයි මේ පැත්තෙ එන්න බැරි උනේ. දැනුම් සාගරයක්ම මිස් වෙනා නොවැ. කට්වෙච්ච සප්ජෙක්ට්ස් කවර් කරන්න රිවිෂන් එකක්වත් දාන්න බැයිද ?

    ReplyDelete
  34. අර වින්ටාජ් බ්‍රාද මොකක්ද එක දැක්කම බස් එකක යද්දි මං දැක්ක දෙයක් මතක් උනා....

    සෙනඟ පිරිලා හිටිය බස් එකක මං හිටියෙ අන්තිම සීට් එකේ වාඩිවෙලා... ඊට ඉස්සරහ සීට් එකේ ඉඳගෙන හිටියෙ පිරිමි දෙන්නෙක්.... එකපාරටම අඩි හතරක් විතර උස ගෑණු කෙනෙක් ඇවිත් අර සීට් එක ළඟින් හිටගත්තා... ඒ මනුස්සයා ඇඳලා හිටියෙත් ඔය වගේ එකක් වෙන්න ඕන, මොකද ඒවා බයිනේත්තු දෙකක් වගේ... අනේ අර මනුස්සයා සීට් දෙකේ ඇඳිවල එල්ලිලා හිටිය විදියට ඒවා වදිනවා අර වාඩිවෙලා හිටිය මිනිහගෙ කණයි, කම්මුලයි හරියෙ.... මට හිනාව නවත්තගන්න බැරි වුනා... මං හිතුවා පොර සීට් එක දීලා නැගිටියි කියලා... මොන... බෙල්ල ඇල කරගෙන හිටියා මිසක් මිනිහා නෙවෙයි හෙල්ලුනේ.... :D

    ReplyDelete
    Replies
    1. හංස රැඟුම් විඳින්න කවුද අකමැති

      Delete
  35. පට්ට පට පටය.සංකෝචනයේ සිට ඉහල් වීම දක්වා ලේ ගමන් කරනවාය තවත් මේ වගේ දෑ බලාපොරොත්තු වෙනවාය

    අංක 1 ෆෑන් කෙනෙක්ය මම

    ReplyDelete
    Replies
    1. තව ඒවා ළඟදීම එනවාය. ෆෑන් කෙනෙක් කිව්වේ පාවිච්චි කොරන කෙනෙක් වන්ට ඕනෑය.

      Delete
  36. අපේ කෙල්ලත් අදින්නේ පුෂ් අප් බ්‍රා නොවෑ ඕක දැක්කම ඉතින් මට ඒකිට කරදර කරනමයි හිතෙන්නේ ,,,,,,,,

    ReplyDelete
    Replies
    1. කෙල්ල ලස්සනට ඉන්න කොට කාටෙයි ආඩම්බර

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න