.

.

Apr 2, 2012

"හොඳ" කොල්ලෙක් ලබාගැනීමේ, යාඤ්ඤාව - Prayer for Dreamed Prince



කෙල්ලෝ මහ පුදුම ජාතියක්ය. ඔක්කෝම ඕනෑය. බඩුවක් ගන්න කඩේකට ගියත් එසේමය. බඩු ඔක්කෝම ඇදලා ඇදලා වෙන කඩේකින බලලා එන්නම් කියා යනවාය. ටවුමේ තියෙන ඔක්කෝම කඩවලට යනවාය. ඒතනින් නවතින්නේත් නැතිය. ලඟම තියෙන ටවුමේ කඩවලටත් යනවාය. ඊට පස්සේ නගරේ තියෙන කඩේටත් යනවාය. ඔහොම ගිහින් මොකක් හරි මළ ජරාවක් උස්සන් ඇවිත්, හොඳයි නේද අහනවාය. වර්චස් උනත් හොඳයි කියා අපි කියනවාය. ඒ එයාලාගේ හැටිය. කොල්ලෙක් ගන්න ගියත් එසේමය. එහෙම තමා කැමති කොල්ලෙක් ලබාගන්න යාඤ්ඤාවක් තියෙනවාය. නිදා ගන්න පෙර මේ යාඤ්ඤාව කියා නින්දට යෑමෙන් බලාපොරොත්ටු වන ආකාරයේ කොල්ලෙක් ලබා ගත හැකිය.

 කෙල්ලන්ගේ යාඤ්ඤාව

ස්වාමීනී,
භාග්‍යවත් වූ දේවයන් වහන්ස......!!!.
පැමිණ යහනට සුවෙන් සැතපෙන
පතමි කොල්ලෙක් කොටුව නොපනින
කඩවසම් ශක්තිමත් නුවනැති
සෙල් එකේ දිගටම ක්‍රෙඩිට් ඇති
බොහෝ වේලා සවන් දිය හැකි
මගෙන් අහලා කතා කල හැකි
මැනස් හොඳ හැටි දන්න හදුනන
මසාජ් කරමින් හිසද පීරන
දෙනු මැන කොල්ලෙක් ලව් මට බොක්කෙන්
"ලොකු පුක" කීවොත් නෙලනා කොක්කෙන්
ලව්ය ඔහු මට දිවිය ඇති තුරු
මිතුරියන් හා නොහැක හොර බොරු
යදිමි මේ ලෙස යහන මත සිට
එවනු හරකෙක් දෙව් ලොවේ සිට
ආමේන්.....!!!

දැන් ඉති මේක බලා අපිට යාඤ්ඤාවක් නැත්දැයි කොල්ලෝ අහනවාය. එයාලටත් එකක් තියෙනවාය. පහළ තියෙන්නේ ඒකය..

කොල්ලන්ගේ යාඤ්ඤාව

ස්වාමීනි...!!!
යදිමි ගොළු බිහිරි
කාමෝන්මාදයෙන් පිරි
පස්ස ලොකු ඇති
විසල් තන ඇති
නිවස අසලම
තැබෑරුම ඇති
ආමේන්....!!!

94 comments:

  1. යාඥාව වැරදුනාට වගකියන්නේ නැත කියල දැම්මනං වඩාත් හොදයි. නැත්තං කස්ටිය වරද්දගන්න ඉඩ තියනව.

    ReplyDelete
    Replies
    1. රාජ් දුර දිග හිතල.. ඇත්ත තමා කතාව..

      Delete
  2. එතකොට කෙල්ලන්ගෙ එක හෙටද ?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බන් ඒකත් මේකෙම

      Delete
    2. යකඩො හදිස්සියට දැකලා තියෙන්නෙ එකයි

      Delete
  3. Amen!
    henryblogwalker the Dude

    ReplyDelete
  4. වෙලාවට මං බුද්දාගමේ.... :D

    ReplyDelete
    Replies
    1. වැදගත් දේට ආගම් බාදාවක් කරගන්න එපා

      Delete
    2. මේක මට දැන් වැදගත් නෑ නොවැ...;)))

      Delete
    3. ඇයි දෙකටම නැද්ද?

      Delete
    4. මගේ උණුසුම් සුභ පැතුම්. ඒ කියන්නේ හරකෙක් සොයාගෙන...

      Delete
  5. දෙවියන් වහන්සේට ස්තුති වේවා !! ආමෙන්...!!!

    ReplyDelete
  6. වටී වටී....හැබැයි මේක ආමේන් නෙ...සාදු සාදු කියලා එකක් නැති වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් මුල පදෙයි අග පදෙයි වෙනස් කර ගනින්කෝ...

      Delete
  7. Replies
    1. කියලා බලන්නකෝ.. බොරුද කියලා

      Delete
  8. මාතලන් හරියටම දන්නවා යාඤ්ඤාව මොකද්ද කියල..හිකිස්‌....

    ReplyDelete
  9. උඹේ කටේ මසුරන් දාල, අත දාල ආයෙත් ගන්න හිතෙනවා බන්...:) ෆට්ට ෆට ෆට

    ReplyDelete
    Replies
    1. මසුරන් එපා. පාන් බාගයක් අරන් දියන්..

      Delete
  10. 'ගැහැණියක සතුටු කරන්නේ කෙසේද?' එකේ පාර්ට් 2.

    ReplyDelete
    Replies
    1. උඹ හරි.. ඒකෙම කයි වර්ෂන් එක...

      Delete
  11. මන්තරේ ෂුවර් නේද මාතලන් අයියා. ට්‍රයි කරලා බලන්න ඕන

    ReplyDelete
  12. ගැහැණු යාඥාව වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියන්නකෝ වස්තුවේ හරි එක අපිටත් බලාගන්න..

      Delete
  13. ඔහොම යැදල හොයාගන්න එක ආපහු යවාගන්න නැද්ද යාඥාවක් ??

    ReplyDelete
    Replies
    1. මමත් ඕකමයි අහන්න හැදුවෙ.

      Delete
    2. මේ වගේ එකක් හම්බ වෙනවනම් යවන්න ඕන නෑනේ....

      Delete
  14. අපොයි මේක කලොත් හොදට තියෙයී.

    ReplyDelete
  15. දිග වැඩී අනේ....මතක තියාගන්ට අමාරුයි. :D

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් උපරිම කොට කරලා...

      Delete
  16. ඔය දෙක කියන දෙන්නෙක්ම සෙට් වුණොත් කොහොමට තියෙයිද ?

    ReplyDelete
    Replies
    1. හතර වෙනි ළෝක යුද්ධය..

      Delete
  17. දැන් මේක හාමිනේ දැක්කේ නැද්ද..????

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ හරකෙක් ලැබිලා නේ ඉන්නේ..

      Delete
  18. සාදූ සාදූ සාදූ

    ආමෙන්

    ReplyDelete
    Replies
    1. අන්න මොළේ ඇති මිනිස්සූ

      Delete
  19. එතකොට මැද මාවතේ උන් කොහොමද කියන්නේ

    ReplyDelete
    Replies
    1. මැද මාවතේ කිව්වේ...

      Delete
    2. ලොල්ලො ගැන වෙන්ටෑ ඔය කියන්නෙ

      Delete
  20. කොහෙද ඉතින් මාතලන් අයියා මේක දාන මෙච්චර කල් හිටියනේ, දැන් ඔය යාඤාව කියනොව අපේ ගෙදර උන්දැට ඇහුනොත් ගෙදරින් කාලත් හමාරයි.

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව හිටහන්.. කන්න වෙන්න අනිවා...

      Delete
  21. ඔන්න බලමු ඒකෙත් හැටි.. අපේ යාඤ්ඤාව ශෝට් ඇන් සූවීට් එකක්නේ.. :)

    ReplyDelete
    Replies
    1. ෂොපිං ගියත් එහෙමනේ ඉතින්...

      Delete
  22. මං නිකමට අහන්නෙ........ මේ අත්දැකීමෙන් ලියපු යාඤ්ඤාවක්ද මාතලන් අයියෙ...........

    ReplyDelete
    Replies
    1. සමහරු ලියන්නේ තමන්ගේ අත්දැකීම් ඒ උනාට කියන්නේ වෙන කෙනෙක්ගේ කියලා. මාතලන් නම් එහෙම නෑ..

      Delete
  23. මේ යාඤ්ඤාවට තව ටිකක් එකතුකර ගන්න බැරීද?

    ReplyDelete
    Replies
    1. පේනවනේ කෙල්ලන්ගේ හැටි

      Delete
  24. හෆ්ෆා...මාතලන් අයියා අක්කව හොයාගත්තේ ඕක කියලද?

    ReplyDelete
    Replies
    1. නෑනේ බන්.. මමත් කළබල උනා නේ. දැන් ඉතින් හරකා සේ සිටිමු

      Delete
  25. අම්මේ ඕක කීපාරක් ජප කොරන්ට ඕනේද ?

    එකක් ලැබුනා තව ඕනේ.. !

    ReplyDelete
    Replies
    1. එහෙනම් සද්ද නැතුව සෑට සෑට කියපන්

      Delete
    2. සැට සැට 120ක් නොවැ..

      එක්කෙනෙක් 2500ක් තුන් දෙනෙක් 7500ක් කිව්වොත්.. අහ් වැරදුනා ඒ අපි කෑම කන විදිහ නොවැ..

      Delete
  26. Replies
    1. මල් හතයි, බුලත් හතයි, කැවිලි හතයි, පළතුරු හතයි තියලා කිව්වනම් ප්‍රථිපල ඉක්මන්

      Delete
  27. දෙවියනේ මටත් එකක්.

    ආමේන්......!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.... පොඩ්ඩක් ඉන්න වෙයි.. රික්වෙස්ට් වැඩියි...

      Delete
  28. කොල්ලගේ යාඥාව තමයි මරු හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒක හරිනේ.. ඒකයි ඔච්චර ජොලි...

      Delete
  29. ස්වාමීනි...!!!
    යදිමි ගොළු බිහිරි
    කාමෝන්මාදයෙන් පිරි
    පස්ස ලොකු ඇති
    විසල් තන ඇති
    නිවස අසලම
    තැබෑරුම ඇති
    ආමේන්....!!!
    ස්වාමීනි...!!!
    යදිමි ගොළු බිහිරි
    කාමෝන්මාදයෙන් පිරි
    පස්ස ලොකු ඇති
    විසල් තන ඇති
    නිවස අසලම
    තැබෑරුම ඇති
    ආමේන්....!!!
    ස්වාමීනි...!!!
    යදිමි ගොළු බිහිරි
    කාමෝන්මාදයෙන් පිරි
    පස්ස ලොකු ඇති
    විසල් තන ඇති
    නිවස අසලම
    තැබෑරුම ඇති
    ආමේන්....!!!

    අද සිට දවසට තුන් වරක් යාච්ඤ කරනවා :D

    ReplyDelete
  30. හි හි ...ඔහොම එකක් ලැබුනම වෙනස් නොවී තියෙන්නත් මන්තරයක් තියේද

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් ඔහේලා ගාව තියෙනවනේ.... 64 ක්ම....

      Delete
  31. තුං සැරයක් කිවහාම ඇති නේ.

    ReplyDelete
    Replies
    1. ඇති ඇති... නැත්තන් ගොඩක් හම්බ වෙයි...

      Delete
  32. බඩුම තමයි.. මේ ටික ප්‍රින්ට් අවුට් එකක් අරං කාමරේ අලව ගත්තනම් හරි..

    ReplyDelete
  33. ඔය ගොළු බිහිරි අය ඉල්ලන්නෙ හරි හැටි නොදැන... ඕක මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන,

    ස්වාමීනි...!!!
    යදිමි මා ගොළුවෙක්
    බිහිරෙක් කොට
    ලබාදෙන මෙන්,
    කාමෝන්මාදයෙන් පිරි
    පස්ස ලොකු ඇති
    විසල් තන ඇති
    නිවස අසලම
    තැබෑරුම ඇති
    කෙල්ලෙක්
    .......
    ආමේන්....!!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් ලස්සනයි. හැබයි දික් වෙනවා

      Delete
  34. අහෝ දෙවියනේ ගැහැණු අපිටමනෙ මේ සරදම්

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ඇත්ත කිව්වත් විහිළු

      Delete
  35. කොල්ලන්ගේ යාඤ්ඤාව මුද්‍රණය කර මා නිදන කාමරයේ සිවිලිමේ අලවා ගතිමි

    ReplyDelete
    Replies
    1. බලාගෙන රෑට සිවිලිමෙන් එන කෑලී ඕක ඉරලා දායි..

      Delete
    2. සඳරු මලේ... උඹේ සඳවතී ඕක දැක්කොත් බොට ඒකත් නැතිවෙයි..

      Delete
  36. මේක නම් සුවර් එකටම වැඩ කරයි වගේ එල එල

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

      Delete
  37. මේක දැක්කේ සැහෙන්න පහුවූ පසුව බැවින් මතු පරපුර වෙත සංරක්ෂණය කරමි,.

    ReplyDelete
    Replies
    1. කටු ගෙයි නම් තියන්න එපා..

      Delete
  38. මොනව කරන්නද දැන් ප්‍රමාදයි ඊළඟ භවයට යාඥා කරනවා

    ReplyDelete
    Replies
    1. ලබන ආත්මෙටවත් ගන්න ලියලා සාක්කුවේ දාගෙන ඉන්න

      Delete
  39. මාතලනුත් ඕය යාඤ්ඤාව ඉස්සර කියලා තියනවා.
    හැබැයි හරි ගියේ නැහැයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා බන්... සවුත්තුවනේ...

      Delete
  40. පල්ලෙහා තියෙන යාඤාවනම් වටිනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න