.

.

Aug 23, 2012

නැව ගිලුනත් බෑන් චූන් - Band played to the last


අපේ පොඩි මෑන් ගොන්පීටරේ ගේම් එකක් ගහනවාය. එකේ තියෙන්නේ මූදේ යන නැව් ගිල්ලන එකය. පොඩි එකාට මාරම ත්‍රිල්ය. එහෙම ගිල්ලන්නේ මෝරෙක්ය. නැව් අයිති කාරයෝත් තෝරූ මෝරුය. ටයිටනික් කියලා ළොකු නැවල් හදලා ඒක හදපු උන් කිව්වේ මේක කවදාවත් ගිලෙන්නේ නෑ කියලාය. ඒ උනාට ස්ටාටින් ට්‍රිප් එකේම ගිලී ගියේය. ඒකේ පාඩුව මැරුණ උන්ට විතරය, අදටත් ටයිටැනික් කියපු ගමන් ටොපියක් උනත් විකිනෙන්නේය. ඔහොම මගීන් ගෙන යන නැව්වල බෑන්ඩ් එකක් ඉන්නවාය. එයාලා නැව ගිලෙනකම්ම බෑන්ඩ් එක ගහන්න ඕනය. ඒ කියනේ මියුසික් දෙන්න ඕනය. චාන්ස් එකක් තිබුනොත් අන්තිමටම බේරෙන්නේ කැප්ටන්ය, ඒ ඉතින් ඉස්සරය මේ ළඟදී ගොඩ බිම පෙනි පෙනි ගිලුන නැවේ කප්පිත්තයි බෑන්ඩ් එකයි ඔක්කෝටම ඉස්සෙල්ලා පැනලාය. මේ රටේ නම් අවුලක් නැතිය. ඒත් ඒ රටේ කැප්ටන් කූරූ ගනිනවාය.


මූදේ නැව් ගියාට පාර හිටින්නේ නැතයි වනචර කොල්ලෝ කියනවාය. නැව් ගැන කතා කොරන කොට හම්බන්තොට ගැන කතා කොරන්නේ නැතුවම බැරිය. ඒකට කියන්නේ නැව් එන්නේ නැති හාබර් එක කියලාය. ඕපන් කරපු දවසේ පටන් අද වෙනකන් ආපු ගාන අතේ ඇඟිලි වලින් කියන්න පුළුවන්ය. ඉඳලා හිටලා හරි නැවක් ආවොත් නයි ටී එන් එකටයි නැසොනල් ටැලිවිසන් එකටයි වෙන දෙයක් නැත්තේය. වරාය ඇමති ඇර අනික් ඔක්කෝම හම්බන්තොට යනවාය ඒ කියන්නේ නියෝජ්‍ය ඇමති, සභාපති උප සභාපති, අධ්‍යක්ෂකවරු, නිළධාරී, පියන්ලා කියන ඔක්කෝමය. හැබයි ඔය කවුරු ගියත් බඩු බාන්නේ වරාය ඇමති ගේ පුතාය. ඒවානම් මහ කැත වැඩය. නැව ආවාට කරන වියදමෙන් තව නැවක් සල්ලිවලටම ගන්න පුළුවන්ය.

ගිලිච්ච නැව් වලින් හම්බ කොරන්නේ ස්පීල්ඩ්බර්ග්ලා, කේට්ලා, ලියනාඩෝ ලා විතරක් නෙමේය. ඔය නන්දිකඩාල් පැත්තේ නැවකින් සහෝදරයෙක්ද ගොඩ ආපු බවට කතාවක් යන්නේය. එතුමා දැන් නැවක් වගේ පැලස් එකකුත් හදනවා කියලා සමහරු කියන්නේය. නැව් ගැන කප්පරක් කතා තිබුනත් කතාව පටන් ගත්තේ වෙන කෙහෙල්මලක් කියන්නටය, පානදුර පැත්තේ නැවක් ගිලෙනවාය, ගිලෙන්න පටන් ගත්ත ගමන් කට්ටියගේම පස්ස පැත්ත රත්වෙලාය. ඒ උනාට ඕක ඔතන අවුරුද්දක් විතර තිබුනේය. තනකොල ගහක් කැපුවත් කෑ ගහන පරිසරවේදීයෝයි, පරිසර සංවිධානයි මෙච්චර කල් උන්නේ කොහේද දන්නේ නැතිය. කේස් එක තෙල් ටොන් 50-60 ක්ද තියෙන එකය, නැතිනම් ඔය නැව නැතුව ළොකුම නැව ගිලුනත් අපට අවුලක් නැතිය.

නැව එතන අවුරුද්දක් තිබුනේ නැවට නඩුවක් තිබුන හින්දයි කියලා කියනවාය. ඒ නඩුව ඇහුවේ මෙහේ උසාවියේනම් පුදුම වෙන්න දෙයක් නැතිය. මොකෝ මෙහේ අහන නඩුවක් නැතිය. නඩු බලවනවාය. පුළුවන් තරම් අදිනවාය, ලෝයර්ලාගේ සාක්කු පිරෙනවාය. නඩුකාරයාටත් ගානක් යනවාය. ඕනම නඩුවක් අහන්නේ විනාඩී 5 ක් නැත්නම් 10 ක්ය. වාරකන් කාළෙට නැව පෙරලෙයි කියා විශේෂඥ අය වගේම හාල්මැස්සෝ අල්ලන 2.50 මාළු කාරයෝත් කිව්වේය. නේවි එකෙන් ගාඩ් එකත් දුන්නේය. නැතනම් ඉතින් නැව නවතින්නේ පෑලියගොඩ යකඩ බඩු කඩේය. එක අතකින් එහෙම උනානම් හොඳය. එහෙනම් උන් තෙල් ටිකත් බා ගන්නවාය. එහෙම නැත්නම් රතු සහෝට දෙන්න තිබුනේය. දැන් ඉතින් තෙල් ලීක් උනාම පට්ට ආතල්ය.

බටහිර කුමණ්ත්‍රණ කරුවෝ නැතුව පාවෙන තෙල් ටික ගොඩ දාන කොරොමයක් හොයාගන්න වෙනවාය. එකට ඉතින් විමල් මලයාත් නැතිය. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කොරනවාය, (අවංකවම, මොකෝ ඒත් ඉතින් තාත්තා කෙනෙක්නේ) පරිසර ඇමතියාගෙන ඇහුවොත් ඕක මට අයිති එකක් නෙමෙයි ධීවර හරි නාවික අමාත්‍යංශයෙන් අහන්න කියයිය. සමහර විට නාවික එකට අයිති උනත්, කට වහගෙන ඉන්න එක ෂුවර්ය. මොකෝ ඒකේ ඇමති.. ලොක්කාය. බක පන්ඩිත පලාත් සභාවේ පරිසර ඇමතිගෙන අහලාත් වැඩක් නැතිය. ඒත් ඉතින් ටැබ් එක බලාගෙන අමර පචයක් කෙලිනවාය. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයිය. අවුරුද්දක් එක තැන තිබුන නැවේ තෙල් ටික අයින් කරන්න බැරි උන එකය.

දැන් ඉතින් තියෙන්නේ බඩු ලීක් උනොත් පරිසරවේදියන්ටයි, ගොම්මන්පිලටයි, අර ඉස්සරහ දත් දෙක අතරේ ඉඩක් තියෙන එක්කෙනාටයි, පත්තරකාරයන්ටයි, රේඩියෝවටයි, ටැලිවිසොන් එකටයි පොර ටෝක් දෙන එකය. අපට තියෙන්නේ තෙල් ටික අරන් දාන එකය. ලොකුම නැවේ තත්තෙත් එච්චරම හොඳ නැතිය, සමහර මගීන්, බෝට්ටුවලට පැන ගොඩබිම් සොයා යනවාය, ඉන්න උනුත් ඉන්නේ යාන්තමටය. ඒ උනාට ඉස්ටාෆ් එකටනම් රජ මගුල්ය, මුලු ඉස්ටාප් එකම බෑන්ඩ් එකය. මගියන්ට ආතල්ම දෙනවාය. ගිලෙන නැව් වලින් මීයෝ පනිනවාය. එකම එක මීයෙක්ද් කොහෙද පැන්නේය, ඒ උනාට තව මීයෝ ගොඩවෙන්න බලාගෙන ඉන්නවාය, කැප්ටන් නම් කූල්ය. එයා නම් කියන්නේ

මූද මගේ ගොඩ බිමයි,
නැව මගෙ ගෙදරට සමයි,
සියළු සතුන් මගේ තමයි,
දොස්තර හොඳ හිත මමයි,

කියලාය. ඒ උනාට බෑන්ඩ් එකේ අයට ආතල්ම දෙන්නේ නැතිව මගීන් ගැනත් පොඩ්ඩක් බලන්න කිව්වානම් හොඳය. මොකෝ ගිලෙන්නේම නැහැයි කියපු, ටයිටැනික් එකත් ගිලුනාය, මැද පෙරදිග පැත්තේත් ළොකු නැව් වගයක් මැතකදී ගිලි ගියා වගේ මතකය, ඉතින් එච්චර ලොකු නැව් ගිලුන එකේ මෙව්වා ගිලුනොත් පුදුම වෙන්න ඕනා නැතිය....  ඒ වගත් මෙසේය.

51 comments:

  1. ලෙසටම ලියා ඇත.. මමත් පරිසර සංගමයක සාමාජිකයෙක්මී.. හැංගෙන්න තැනක් හොයාගන්න වෙයි.. අපි ඉතින් ඔක්කෝම එක්ක වෙරලේ තෙල් එකතු කරමු..

    ReplyDelete
    Replies
    1. ඔන්න මීගමු වෙරලට ඇවිල්ලලු, සුපුරුදු පරිදි ඇමතියා කියපි මේ බෝට්ටුවල තෙල් කියලා.. මූගේ අම්මට....

      Delete
  2. පානදුරේ වෙරලේ මාළු පාවෙන්න ගත්තම මං ගිහිං එකතු කරනවා... ගොඩ ඉඳන් මාලු බාන්න හැමදාම බැහැනේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මාත් එනවා.. මාළු කෑල්ලක් කාපූ කාළයක් මතක නෑ..

      Delete
  3. අර තමුන්නැහේ කියපු පුතානම් බඩු බාන්න උපන් හපන්කම් තියෙන කෙනෙක්ලු.ඒවගේම මිනිහට කරන්න පුළුවන් එකම දේත් ඒකමලු.එත් ඉතින් අපේ බල්ලාත් සීසන් එකට ඒක යස අපුරුවට කොරල දානවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වැඩේට මනාප නිසා මක්කවත් කියන්න හිත හදා ගන්න බැරිය.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මාතලන් අයියා තාත්තලාට විතරක් ද සුවය පතන්නෙ අවංකව ඈ...හැහ් හැහ් ඔව් ඔව් මිනිහා ඒ සබ්ජෙක්ට් එකට විශේෂඥයෙක්ලු තමයි. රටේ මිනිස්සු ගැන හිතන්නෙ නැති එකේ අහවල් දේකට ද මුහුද ගැන හිතන්නෙ කියලා එතුමාට හිතෙනවද දන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම හිතෙනවා ඇතිනේ..

      Delete
  6. දැනටම මිගමු පැත්තට වෙනකන්ම තෙල් ගලලලු.ලංකාවේ ලොකුම නැවත් ගිලෙන දිනේ වැඩි ඇතක නැහැ මගේ හිතේ!!!!!!!

    ReplyDelete
    Replies
    1. මම කිව්වා වගේම බූරූ ඇමතියා කියන්නේ මේ වෙන නැවක තෙල් කියලා.. අම්මපා මුන්ට හෙනයක් වත් පාත් වෙන්නේ නෑනේ....

      Delete
  7. දොස්තර හොද හිතගේ සිංදුව දැම්මට ඔය කැප්ටන්ගේ හිත එච්චර හොද නෑ. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. කැප්ටන් ජැක් ස්පැරෝස් තමයි නියම නම. මිනිස්සුන්ට ආතල් දෙන නියම කැප්ටන්. හැබැයි මිනිහ පයිරට්ස්ලගේ කැප්ටන්. ඒ වගේම තමයි මචෝ මුහුදු මංකොල්ලකාරයෝ සුද්ද කරේ අනුන්ගේ නැව්. මේ නැවේ වෙනස තියෙන්නේ ස්ටාප් එකම තමයි පයිරට්ස්ලා වෙලා තියෙන්නේ. පයිරට්ස් මාක් එක වෙනුවට තියෙන්නේ ධර්ම චක්කරේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් කලින් පෝස්ට් එකකත් කිව්වේ. මුන් පයිරට්ස්ලා තමයි..
      මේ තියෙන්නේ බඩු...

      http://maathalan.blogspot.com/2012/02/pirates-somalia-and-sri-lanka.html

      Delete
  8. කතාව පට්ටය. මල් හතය..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතිය, වචනයක් ලිව්වත් ලොකු දෙයක්ය...

      Delete
  9. මොකටද බං බයවෙන්නෙ? අපි කොහොමත් කන්නෙ දකුණු අමෙරිකාවෙන් ගේන ටින් මාලුනෙ. ලංකාවෙ ධීවරයො අල්ලන මාලු කන්න කාටද බං සල්ලි තියෙන්නෙ? ඔන්න චිලී අසල මුහුදෙ ඔහොම දෙකක් වුනොත් නම් කලබොල වුනාට කමක් නෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකත් ඇත්ත තමා. එහෙනම් ඒ පැත්තේ නැවක් ගිලෙනකන් බලාන ඉමු...
      බයවෙන්න... :) :) :)

      Delete
  10. ලංකාවේ පමණනක් නොව ලෝකයේම කේන්ද්‍රය වන වූ හම්බන්තොට පැත්තේ මේ නැව ගිලුන නම් බලන්න තිබුණාය. අපේ මතු රජ වන මෝල් කුමරු මාද්‍ය සේනාවක් රැගෙන, පොන්සේකා කොටි මදින්න ගියේ කෙසේද, එලෙසෙම එහි ගොස්, කැහැපොට ගසාගෙන මුහුදට බැස, සැට් එකට මාළු කොටද්දී, සරමෙන්ම තෙල් ඉවත් කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. මගේ පෝස්ට් එක මොකක්ද කියලා හිතෙනවාය.. මෙන්න කොමෙන්ට්ස්... පට්ට..

      Delete
  11. මෙව්වා පක්ස විපක්ස හැමෝම දකිනවා නම් හොදය අපේ කරුමෙට උන් බ්ලොග් කියවන්නෙත් නෑ නේ
    ඇත්තට ඕක කලින් හොයලා බලල ප්‍රශ්නේ විසදුව නම් දැන් පුක කැඩිච්ච කඩියෝ වගේ දගලන්න ඕනේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා.. සම හරක් බ්ලොග් කියවනවා.. ඒ උනාට උන්ට ගානක් නෑ..

      Delete
    2. ඔව් ඔව් අපිට ඒවා ජෝක් උන්ට මේවා ජෝක්

      Delete
  12. නඩුවක් තියෙනවා කියලා ඇහුන ගමන් මං හිතුවා ෂුවර් එකට ඕක දිරලා ගිලාබහිනකම්ම ඔතන තියෙයි තියලා.. ලංකාවේ නඩු එහෙමනේ......

    මඩයා කිව්වා විගේ කලින් හොයලා බැලුවා නම් හොදයි තමයි... ඒත් අපේ උන්ට කොහෙද එච්චර මොළයක්.....

    ReplyDelete
    Replies
    1. නොවේ මෙවන් හරක් ළොවේ...

      Delete
  13. කොච්චර හොද උනත් නරක වෙලාවට ඕන නැවක් ගිලෙනවා.. ඒක ඉතින් ලෝක ස්භාවය..

    ReplyDelete
    Replies
    1. සාධූ.... සාධූ..... සාධූ.....

      Delete
  14. අම්මප කතාව ඇත්ත නැවක් එන එන පාරට TV එකෙන් ප්‍රචාරය දෙන එකම වරාය හම්බන්තොට වෙන්නැති.ඕක ඉතින් හම්බන්තොට වරායට විතරයි කරන්න පුළුවන් මොකෝ ලෝකේ අනික් වරායවල් වල නැවු එන එන සැරේ පෙන්නන්න ගියොත් චැනල් දෙක තුනක් ඒ වැඩේටම දාන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. එතකොට කෝමද ඒක. වෙන වැඩක් නැති වෙනවනේ.. අනිත් පුත්තුන්ටත් යන්න වෙයි බඩු බාන්න...

      Delete
  15. අද පරිසරවේදියොත් චින්තනානුගත වෙලා ඉන්නෙ.කණ්ඩලම හෝටලේ හදනකොට රෙද්ද උස්සගෙන දුවපු පරිසරවේදියෝ පහුගිය කාලේ වැවු ටික හින්දල වැවු තාවුලු වල හෝටල් හදද්දී රක්ෂිතවනාන්තරවල හෝටල්, කෙහෙල් කොරටු දාද්දි සිංහරාජේ මැද්දෙන් පාරවල් හදද්දී බර නින්දෙ චින්තනයට සමවැදිලා.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයගේ දක්ෂ කම ඒකයි.. මන්දිරේට ගෙනත් ඉනා බේත් දුන්න ගමන්, ජඩ මාදිදිය වේදීයොයි, කාටූන් කාරයෝයි, උගත්තුයි බුද්ධිමතයි, සිවිල් ක්‍රියාකාරිකයොයි කියන පුටු 20 කට සම්මන්ත්‍රණ තියන උනුයි විතරක් නෙමෙයි පරිසරවේදියන්ටත් ඉනා බේත් දීලා ඉන්නේ..

      Delete
  16. තව ටික දවසකින් වාචාල ඇමැටිලාට ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කාළකන්නි, දැන් මම කිව්වා වගේම, පොර ටෝක් දෙනවා. නැව් සමාගමෙන් වන්දි ගන්නවා කියලා. ඊට ඉස්සෙල්ලා ඔය් තෙල් සුද්ද කරන්න කොච්චර වියදම් වෙනවද. මූසල හැත්ත, නැව් සමාගම නැව දාලා ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවලු. අනේ මෙහෙම හරක්..

      Delete
  17. ඇමෙරිකාවේ තෙල් ව්‍යසනයක් වුනාම සටහන් දාන ලංකාවේ කුරුළු හිතවාදියෝ මොනවා හරි ලියාවි ද?!!!!
    http://srilankabirds.blogspot.com/2010/05/americas-oil-spill-affects-birds.html

    ReplyDelete
    Replies
    1. මේවගේ දැන උඅගත්කම් ඇති අරුණි නෝනලාත් තැටිය රත් වූ වෙලේ තමන්ගේ ඇමරිකානු රොටී පුච්චා ගන්නවා නම් අර සිඟිති ඇනොවන් ගැන කවර කතාද ?

      Delete
    2. අනික් හැමෝම වගේ පරිසර වේදියොත් ස්වයං නිර්වින්දනයකට ලක්වෙලා ඉන්නේ. යූ ඇන් පී එකෙන් මේ වගේ වැඩ කලානම් රෙදි උස්සන් තමයි එන්නේ. ඒත් මේක ඇවිත් සඟ වෙද ගුරු ගොවි කම්කරු හොරු කියන බලවේගවල දේශප්‍රේමී වර්ෂන් එකනේ.

      Delete
  18. මලින්ද මාමාගේ නැව හිල් කන්දරාවක්ය. ඒත් නැව ගිලෙන්නට නොදී රකින ජනතාව උතුම්ය. ලැජ්ජ නැතිය.

    ReplyDelete
    Replies
    1. ඒ හිල් වලිනුත් ආතල් ගන්නවාය.

      Delete
  19. හැම රැල්ලටම වැඩිය දරුණුයි කියනව නොවැ ජන රැල්ල

    ReplyDelete
    Replies
    1. රැලි පිට රැලි ආවත් බැමි ශක්තිමත්...

      Delete
  20. අම්මපා පට්ටෙටම ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් .. අපි ලිව්වොත් ලිව්වා තමයි

      Delete
  21. ගිලෙන නැව් වලින් මීයොත් පනිනව කියනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ නැවට තාම මීයෝ ගොඩවෙනවනේ...

      Delete
  22. ඇමතියෝ එලිපිට නාති...විලිලැජ්ජා නැති ආණ්ඩුවක් යැයි ජනතාව පවසති... එහෙත් ඡන්දයක් ආ කල රෙදි නැති වුන් මෙන කලින් එකටම අවලං හැත්ත කතිරේ ගසති.

    ReplyDelete
    Replies
    1. කස්ටිය ආස නෑ ළොක්කගේ හිත් රිද්දන්න. පොර ජනතාවත් එක්ක නේ ඉන්නේ. ඇමතියොන්ගෙ නම් මාළු කන්න තමයි ඉල්ලන්නේ..

      Delete
  23. Replies
    1. බෑන්ඩ් එක පව් නෑ.. අපියි පවු, උන් පින් කඳන්.. ඇයි වදේ 94 ඉඳන් මෙළෝ දෙයක් නොකර, ජේශ්ඨ ඇමතිකමක් හරි අරගෙන තාම ඉන්නවනේ..

      Delete
  24. අපි නොදන්න කැට කිරිබත් කිව්වලු. එල පෝස්ට් එක මචන්

    ReplyDelete
  25. නැව් ගැන කතාවක්.

    විමර්ශන..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න